IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සියවසක් ආයු ඇති කිඹුලා අකලට මරාදමන "දඩයක්කාරයෝ"

වනපෙත දවාහළු කරන්නට මෙන් ඉර මුදුන්වන කාලයේදී තද රත් පැහැ සළුවක් ඇතුරූ කලෙකසේ  මුළු වනාන්තරයම තද හිරු රැසින් නැහැවෙයි. නිලට නිලේ ඔප වැටුණු ගහ කොළ පවා ඒ තද හිරු රැසින් අවර්ණව ගොස් ප‍්‍රාණය සිඳී ගිය ලකුණු දරන මුහුණුවරක් ගන්නට ගතවන්නේ ඉතාමත් කෙටි කාලයකි. යාල උද්‍යානයේ මැණික් ගඟ යාල නැගෙනහිර උද්‍යානයේ කුඹුක්කන් ඔය, විල්පත්තු උද්‍යානයේ මෝදර ගං ආරු කලාඔය ගංගා දෙසට සංක‍්‍රමණය වන කුළු හරක් එම ගංගාවල ජලය සම්පූර්ණයෙන්ම වියළී ගිය කල පිපාසයෙන්  මිය ගොස් ඇති අවස්ථා කොතෙකුත් එඞ්මන් විල්සන් මහතා දැක තිබේ. මී හරකුන්ට ඉතා ඈතට සංක‍්‍රමණය වීමේ පුරුද්දක් නැත. මරණය වරෙක ඉතා ඛේදනීය ලෙස උන්ගේ ජීවිත ගිලගනියි. යාල උද්‍යානයේ වැව් පත්ලේ ඉදිකළ කොන්ක‍්‍රීට් ටැංකි වලට නියං සමයේදී බව්සරයෙන් ජලය සැපයූ ඇතැම් දිනෙක පිපාසයෙන් පෙළෙමින් සිටි කුළු හරකුන් පමණ ඉක්මවා දිය බීම නිසා මරණයට පත්වූ අවස්ථා එඞ්මන් විල්සන් මහතා දැක ඇත. පිපාසයෙන් පෙළෙන කුළු මී හරක් යාල වන උද්‍යානයේ සුලභව පවතින  ගල් කෙමි වලින් ජලය බීමට මහත් රුචිකත්වයක් දක්වති. දිනක් යාල වනෝද්‍යානයේ පඩි කෙමට දිය බොන්නට පැමිණි විශාල කුළු හරක් මදයකු එම ගල් පොකුණට වැටී ගොඩ ඒමට නොහැකිව සිටියේය. ඒ අවස්ථාවේදී එම විශාල කුළු හරකා ගොඩට ගෙන මුදා හැරියේ එඞ්මන් විල්සන් ප‍්‍රමුඛ වනජීවි නිලධාරී පිරිසකි. එකල එඞ්මින් විල්සන් විසින් ලබාදී තිබුණු නියෝගයක් වූයේ නියං සමයේදී සියලූම වනජීවි සේවකයන් නිවාසවල පදිංචිව නොසිට වනාන්තරයේ ජලය ඉතිරිව  පවතින ස්ථාන සොයා ඒ තැන්වල කූඩාරම් ඉදිකරගෙන වැසි ආරම්භ වන තුරු ඒවායේ පදිංචිව සිට අවට ප‍්‍රදේශවල මුර සංචාරය කරන ලෙසය. එම නිසා නියං කාලයේ දඩයක්කරුවන්ගේ හොර දඩයම් වළක්වාලීමටත් ස්වාභාවික ගල් පොකුණුවලින් ජල පිපාසය නිවා ගැනීමට පැමිණෙන කුළු මී හරකුන් සහ වන අලින් ඒවා තුළට වැටී ගොඩඒමට නොහැකි අවස්ථාවල උන් බේරා ගැනීමටත් හැකියාව ලැබුණි. කිඹුලන් ගැන කතා කරන අතරවාරයේදී ශ්‍රීෂ්ම සමයේදී මහ වනාන්තරයේදී සත්වයන්ට සිදුවන නොයෙක් ආකාරයේ අකරතැබ්බ ගැනත් සිහිවූයේ දැඩි ග‍්‍රීෂ්මය කිඹුලන්ගේ ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් වන හෙයිනි. බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ-පහළ යන විට කිඹුලන්ට ක්‍ෂීරපායින්ට මෙන් ශරීර උෂ්ණත්වය පාලනය කරගත නොහැක. එබැවින් නියං සමයේ පරිසරයේ  උෂ්ණත්වය ඉහළ යන කාලයේදී කිඹුලන් ගංගා අසබඩ ගොඩගැසී ඇති වියළී ගිය කොළ රොඩු යට රිංගාගෙන එක් තැනකට වී වැසි එළැඹෙන තුරු කාලය ගත කරති.  නැතහොත් වැවේ පතුලේ මඩෙහි සැඟවී සිටිති. එකල කිඹුල් දඩයම් කරුවෝ වියළි සමයේ වැව් සිඳී ගිය පසු කිඹුලන්ට වෙඩි තැබීමට එවැනි ස්ථානවලට යාමට පෙළඹී සිටියහ. රට තුළ පිහිටා ඇති වැව් හා ජලාශවල මිරිදිය මත්ස්‍යයන් අල්ලා ගැනීමට ධීවරයෝ සවස් යාමයේ දියෙහි දැල් එලා පසුදින හිමිදිරි පාන්දර ඔරුවලින් ගොස් මසුන් සහ දැල් එකතුකර ගනිති. දියෙහි පිහිනා යන කිඹුලන් මෙම දැල්වල පැටලී හුස්ම හිරවී මිය යන අවස්ථාද තිබේ. ආශ්වාස ප‍්‍රශ්වාස කරන්නට වරින්වර දිය මතුපිටටම පැමිණීම උගේ පුරුද්දය. ඒ 1973 වසරයි. එවකට එඞ්මන් විල්සන් මහතා ඉඟිනියාගල වන සත්ව අඩවි ආරක්‍ෂක ලෙස සේවය කරමින් සිටියේය. දිනක් සේනානායක සමුද්‍රයේ ධීවර වාඩි පරීක්‍ෂා කළ දිනෙක කිඹුල් කරවල සඟවා තිබී අල්ලා ගන්නට හැකිවිය. මත්ස්‍ය දැල්වල පැටලී මිය යන සතුන් මරා එසේ වේලීම ඇතැම් ධීවරයන්ගේ හොර ජාවාරමක් බවට පත්ව තිබුණි. ඒවා විකිණීමෙන් ඇතැම් ධීවරයන් හොඳ ආදායමක්ද උපයා ගනු ලැබිණි. මෙවැනි අවාසනාවන්ත මරණවලටද ඇතැම් විට ගොදුරු වන කිඹුලාට වසර සියයක් තරම් ආයුෂ තිබේයැයි විශ්වාස කෙරේ. කිඹුලන්ගේ ගහනය අඩුවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ උන්ගේ සම ලබා ගැනීමට ඌ වෙඩිතබා මැරීමයි. කිඹුලකු මරණ හෝ අල්ලා ගනු ලබන වරදට අධිකරණයකදී වරදකරුට නියම කරනු ලබන දඩ මුදල රු. 20000 සිට රු. 100000ක් දක්වා වෙයි. නැතහොත් වසර 2-5ක උපරිම සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කළහැකිය. ඉබ්බන් වර්ග තුනකි. එනම් ගොඩබිම වෙසෙන ගල් ඉබ්බා, මාවර ඉබ්බා සහ ජලාශවල වෙසෙන කිරි ඉබ්බාය. ලොව සාගරයේ වෙසෙන කැස්බෑවුන් විශේෂ හයකි. ඉන් විශේෂ පහක්ම ලංකාවේ මුහුදු තීරයට පැමිණෙති. උන්ගෙන් ඉතා විෂ සහිත වූ දාර කැස්බෑවා හැරෙන්නට අනිකුත් කැස්බෑ වර්ග හතරම මිනිසා තම පරිභෝජනය පිණිස (මරා මස් කෑම බිත්තර එකතු කිරීම) යොදා ගැනීම නිසා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිති. වනයේ සුන්දරත්වය සේම වන සතුනගේ හැසිරීම්, උන්ගේ ජීවන රටා ගැන මෙන්ම උන් මුහුණ දෙන අවාසනාවන්ත සිදුවීම් ගැනත් අප කතා කළ යුතු යැයි සිතේ. ඒ තොරතුරු  මෙන්ම ඉබ්බන් - කැස්බෑවන් ගැන සටහන්ද සමඟ අපි ඉදිරි සතියකදීත් හමුවෙමු.



අදහස් (0)

සියවසක් ආයු ඇති කිඹුලා අකලට මරාදමන "දඩයක්කාරයෝ"

ඩී.එම් කසුන් දිසානායක Thursday, 13 October 2011 04:49 PM

කිඹුලා යනු ඉතා දුර්ලබ සතෙකි.ඒ සතා අප විසින් රැක ගත යුතුය.අප සියළු දෙනාම එම සතුන් රැක ගැනීම වැදගත් කටයුත්තක් සේ සලකා එවුන්ව රැක ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1097 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4568 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 413 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site