IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සාර්ථකත්වයට නිවැරදි නායකත්වයක්

සිංගප්පූරුවෙන් පාඩමක්

සිංගප්පූරුවේ සාර්ථකත්වය හා පැවැත්ම රඳාපවතින්නේ නිවැරැදි නායකත්වය මත බැවින්, නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දෝෂයකට ඉඩ තැබීමේ අවකාශයක් සිංගප්පූරුවට නැතැයි සිංගප්පූරු අගමැති ලී සෙයින් ලුන්ග් ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ අගෝස්තු 21 වැනිදා පැවැති එරට ජාතික දින රැස්වීම අමතමිනි.

සිංගප්පූරුව නිදහස ලබන්නේ 1965 අගෝස්තු 9 වැනිදාය. එය සිංගප්පූරුව ඉල්ලා සිටි නිදහසකට වඩා ෆෙඩරල් රාජ්‍ය සමූහයෙන් පන්නා දැමීමකි. එවකට මැලේසියානු අගමැති තුන්ක් අබ්දුල් රහමන් විසින් සිංගප්පූරුව මලයානු සමූහ රාජ්‍යයෙන් පන්නා දැමීම නිසා සිංගප්පූරුවට නිදහස ලැබිණි. එසේ 1965 නිල වශයෙන් සිංගප්පූරුවට නිදහස ලැබීමට දේශපාලන, ආර්ථික හා වර්ගවාදී වෙනස්කම් රාශියක් බලපෑවේය. 

ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 280ක් වූ සිංගප්පූරු දූපතට තනිව පැවැත්මක් තිබේදෝයි එවකට බොහෝ දේශපාලන විචාරකයෝ සැක පළ කළහ. අවුරුදු 144ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සිංගප්පූරුව, II වැනි ලෝක සංග්‍රාමයේදී ජපනුන් අතට පත්විය.

1945 දී එම දූපත ජපනුන් විසින් නැවත බ්‍රිතාන්‍යයට භාර දෙනු ලැබීය. 1959 ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයෙන් පූර්ණ නිදහස ලැබූ සිංගප්පූරුව 1963 මැලේසියාව පිහිටුවීමේ ප්‍රාරම්භක සාමාජිකයකු විය. 1965 සිංගප්පූරුවට තනි වෙන්නට බලකොට මැලේසියාවෙන් සිංගප්පූරුව නෙරපා හරිනු ලැබුවේය.

ඉන් අනතුරුව අගමැති ලීක්වාන් යූ ගේ නායකත්වය ඔස්සේ සිංගප්පූරුව සාර්ථකත්වය කරා මෙහෙයවන ලදී. ලී සෙයින් ලුන්ග් එරට තුන්වැනි අග්‍රාමාත්‍යවරයාය. ලීක්වාන් යූ ගෙන් පසුව නායකත්වයට පැමිණි ගොන් චොක් ටොන්ග් 1990 සිට 2004 කාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේය.

ලී මහතා ප්‍රකාශ කළ පරිදි සිංගප්පූරුව වසර පනස් හතක කාලය පුරාම නායකත්වය විශේෂ කොට සැලකූ රටකි. සිංගප්පූරුවේ සාර්ථකත්වයට බලපෑ නායකත්වය මේ වනවිට ලෝකයේ සමහර දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල පර් යේෂණ පත්‍රිකාවල ජනප්‍රිය මාතෘකාවක් බවටද පත්ව තිබේ.

රටේ මතු නායකත්වය පිළිබඳ ලීක්වාන් යූ කෙතරම් උනන්දු වූයේද යන්නද ඒවායේ සඳහන්වේ. ලීක්වාන් යූ නායකත්වය උදෙසා දක්ෂයන් සොයමින් පසු වූයේ 1960 පටන්ය. එවකට ඔහුගේ වයස අවුරුදු හතළිහකි. එම වසරේ පටන් ඔහු සීමිත පුද්ගලයන් සංඛ්‍යාවකගෙන් දක්ෂයන් සෙවීම ආරම්භ කළේය.

1980 දී තරුණ නායකයන් හඳුනාගත් ඔහු ඔවුන් (Peoples Action Party) PAP පක්ෂය වෙත බඳවා ගත්තේය. ඔවුන් දෙවැනි පරම්පරාවේ න්‍යෂ්ඨිය ලෙස ප්‍රසිද්ධියේ හැඳින්වූ ලීක්වාන් යූ ඔවුන්ට දුෂ්කර කාර්ය පැවැරුවේය. 1985 දී ගොන් චොක් ටොන්ග් පළමු නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ඔහු නම් කරන්නේ ඒ අනුවය. ගොන් චොක් ටොන්ග් 1990 අග්‍රාමාත්‍ය ධුරය ලබන්නේ ඒ හේතුවෙනි.

සිංගප්පූරු ආර්ථිකය අද ලෝකයේ ස්ථාවර ආර්ථික ස්වල්පයෙන් එකකි. සිංගප්පූරුව විදේශයන්ට කිසිදු ණයක් ගෙවීමට නැත. රාජ්‍ය ආදායම අතිශය ඉහළය. ධනාත්මක අතිරික්තයක් රාජ්‍ය ආදායම් තුළ නිරන්තරයෙන් පවත්වාගෙන තිබේ. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 20-25ක් ලබන්නේ නිෂ්පාදන අංශයෙනි. නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර, සිංගප්පූරුවේ අපනයනවල වැඩි දායකත්වයක් දරයි.

මූල්‍ය සේවා, සංචාරක ව්‍යාපාරයෙන් එරටට විශාල ලෙස විදේශ විනිමය ලැබේ. ලෝකයේ හොඳම නැව් භාණ්ඩ හුවමාරු වරාය පවත්වාගෙන යන්නේ සිංගප්පූරුවේය. 2020 වසරේ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 86480කි.(සිංගප්පූරුව පළවා හළ මැලේසියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 27370කි)

සිංගප්පූරුවේ සාර්ථකත්වයට හේතුවූ කාරණා ලීක්වාන් යූ ද ප්‍රකාශයට පත් කර තිබේ. 2018 දී ජෝන් S.T. Qush පළකළ පර් යේෂණ පත්‍රිකාවට අනුව සිංගප්පූරුවේ සාර්ථකත්වයට බලපෑ මූලික හේතු 5කි

• ලීක්වාන් යූ සහ ඔහුගෙන් පසුව පැමිණි නායකයන්ගේ ප්‍රායෝගික ප්‍රතිවිපාක මුල්කොට ගත් නායකත්ව ගුණාංග
• ප්‍රබල රාජ්‍ය නිල බල ක්‍රමය
• දූෂණය පාලනය කර ගැනීම 
• හොඳම දක්ෂයාට තැන දීම පිළිබඳ විශ්වාසය. (මේ සඳහා අධ්‍යාපනය උදෙසා ආයෝජනය සහ තරගකාරිත්වයට මුල්තැන දීමෙන් පුරවැසියන් තෝරා ගැනීම)

• අනෙක් රටවලින් නිවැරැදි දේ ඉගෙන ගැනීම

මෙහි සියලු කරුණු රටක් ලෙස අපට වැදගත් වන අතර පස්වැනි කාරණයත් පළමු කාරණයත් කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම උදෙසා පසුගිය අගෝ 21 වැනිදා එරට අගමැති ලී සෙයින් ලුන්ග් කළ කතාව පිළිබඳව සිතා බැලීම අප විසින් කළ යුත්තකි.

අස්ථාවර ආණ්ඩු හා දේශපාලන මතභේදවල පැටලී සිටින රටවල් පෙන්වමින් ලී මහතා කියා සිටියේ නායකත්වය සම්බන්ධයෙන් කිසිම ආකාරයෙන් එම මතය වෙනස් කිරීමකට එකඟ නොවන බවයි.

‘‘කටයුතු නිසියාකාරව සිදු නොවන විට නායකයන් මහජනතාව විසින් බලයෙන් පහ කෙරෙනවා නැතහොත් ඔවුන්ට ඉල්ලා අස්වීමට බල කෙරෙනවා.’ යනුවෙන් ඔහු කියා සිටියේ එවැනි අවස්ථාවල ප්‍රතිපත්ති හා නීති, දේශපාලන මතභේදවලින් හෝ ඊළඟ ආණ්ඩු ඒවා වෙනස් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල උදාකරගත නොහැකි බවයි.

නිතරම ඒ නිසා බලාපොරොත්තු සුන්වී යන්නේ දේශපාලකයන්ගේ පමණක් නොවේ. සමස්ත ක්‍රමයම ඒ නිසා අසාර්ථක වෙනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ විනාශකාරී ලෙස විශ්වාසය ගිලිහී යාමයි. එසේ වන්නේ තනි තනි දේශපාලකයන් තුළ සහ පක්ෂවල නොවෙයි. සමස්ත දේශපාලන ක්‍රමය තුළ සහ දේශපාලන පන්තිය තුළය. එතැනින් පසු කිසිම ඉදිරියට යාමක් සිදු වන්නේ නෑ.

‘සිංගප්පූරුව වැනි කුඩා රටකට දෝෂ සඳහා ඉඩ තැබීමේ අවකාශයක් නෑ. සිංගප්පූරුවේ සාර්ථකත්වයේ පැවැත්ම පමණක් නොව අපගේ පැවැත්මත් රඳා පවතින්නේ නිවැරැදි නායකත්වයක් හිමිවීම තුළයි’ යයි ඔහු කීවේය.

රටේ නායකයන්ගේ එකමුතුභාවය, කැපවීම, දක්ෂතාව සහ දැඩි විශ්වාසය, විකල්ප ඇති විට නිවැරැදි තීරණ ගැනීම, නිවැරැදි දේ කිරීමේ ගුණාංගය ඔවුන් තුළ තිබිය යුතුයි. ඒ අනුව එහිදී තමන්ගේ ඡන්දය අහිමිව ගියත් ඔවුන් එසේ නිවැරැදි දේ කළ යුතුයි.

පනස් හත් වසරක් පුරා සිටි පරම්පරා තුනකට ස්තුතිවන්නට සිංගප්පූරුවේ විශ්වාසයත්, ආත්ම විශ්වාසයත් ගොඩනගාගෙන එය පවත්වාගෙන ආ නායකයන් අපට ලැබී තිබෙනවා. ඔවුන් ප්‍රබල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනතාවට සමීපව වැඩ කළා. අපගේ ජීවිත ඔවුන් ප්‍රගතිය කරා ගෙන ගියා.’ යයි අගමැතිවරයා කීවේය.

‘මෙම විශ්වාසය හෝ දක්ෂතාව ඉබේ පිරිනැමුණු එකක් ලෙස කිසිවිට සලකන්නට එපා’ 

නිවැරැදි නායකයන් හිමිවීම තහවුරු කර ගැනීම හැරුණු කොට එකමුතු වන ලෙසත්, තමන් අතරත්, දේශපාලකයන් වෙතත් විශ්වාසය රඳවා ගන්නා ලෙස ලී මහතා තවදුරටත් කියා සිටියේය.

‘රටේ නිර්මාණාත්මක හැකියාව සහ පහසුවෙන් ප්‍රකෘති භාවයට පත්වීමේ හැකියාවත්, වසරින් වසර රට තුළ හා බාහිර අභියෝග හමුවේ පවත්වා ගැනීම එහිදී වැදගත් වූවා.’

‘අපට හොඳම යෝජනා ක්‍රම ඇතුවා වෙන්නට පුළුවන්. එම මූලික කාරණා තුන නොමැති විට ඒ සියල්ලම පුස්සක් බවට පත්වෙනවා’ නායකත්වය නැවත සාර්ථකත්වයට පැමිණි බව කී ලී මහතා, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් 4G කණ්ඩායමේ නායකත්වයට පත්කොට ඇති බව දැනුම් දුන්නේය.

4G කණ්ඩායම යනු සිව්වැනි පරම්පරාවේ කණ්ඩායමයි. ඊළඟට අගමැතිවරයා බවට පත්ව සිංගප්පූරුවට නායකත්වය දෙනු ලබන්නේ හතරවැනි පරම්පරාවේ කණ්ඩායම් නායකයාය. ඒ ලෝරන්ස් වොන්ග් ය.

සිංගප්පූරු අගමැතිවරයා එරට ජාතික දින රැස්වීම අමතමින් කළ කතාව ඇසුරෙන් සකස් කළේ - සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (5)

සාර්ථකත්වයට නිවැරදි නායකත්වයක්

Gamunu Thursday, 15 September 2022 05:18 PM

අදිකරණයෙන් වරද කරුවන් බවට චෝදනා ලද සිරගත වූ පුදගලයන් / දේශපාලකයන් නිදොස් කර නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සහ මිනීමැරුම් හෝ වෙනත් අධිකරණ හෝ දුෂණ චෝදනා ලද පුද්ගලයන්ට නොමිනේෂන් ලබාදීම මේ ශ්‍රී ලංකාවේ සිදුවුවත් singapore වල සිදුවන්නේ නැත. ශ්‍රී ලංකාව වෙනස් කිරීමට නම්, වර්තමාන දේශපාලන ක්‍රමය වෙනස්ව සහ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනවු පිරිස පිලිබදව ජනතව මැතිවරණයකදී තීන්දු කලයුතුවේ. ප්‍රජත්නටවාදී රටක වගකිවයුතු සහ වගවන ප්‍රජතන්ත්‍රවාදී නායකයන් යනු ලෝකයේ සිටිනා සක්තිමත්ම පාලකයන් වේ. එම පාලකයා කිසිවිටක නීතියට පිටින් කිසිවක් සිදු නොකරන අතර වරදකරුවා ආරක්ෂා කරන්නේද නැත. සියලු ආයතන සුවධිනව කටයුතු කිරීමට අවස්ථව ලබාදී ඒවායේ ක්‍රියාකාරකම් පිලිබදව සොයාබැලීම සහ අවධානයෙන් සිටි.

:       5       8

Bamunu Friday, 16 September 2022 07:54 PM

පහුගිය කාලේ අපේ රටිනුත් බිහිවුණා ලීක්වාන් යූ වගේ නායකයෙක්... අපේ නායකයාව ඒ විදියට හැඳින්වූවේ, ඉස්සර තුන්මුල්ල පැත්තේ පදිංචිවෙලා හිටපු හාදයෙක්. අපේ ලීක්වාන් යූ පසුගිය දවස්වල නන්නත්තාර වෙලා සිංගප්පූරුවටත් ආවා. අර තුන්මුල්ල පැත්තේ හිටපු හාදයා, එයත් ළඟදීම නන්නත්තාර වෙනවා.

:       3       6

kumara Saturday, 17 September 2022 11:35 AM

අහන්න තියෙන්නේ මෙච්චරයි.., සිංගප්පූරුවේ උද්ඝෝෂණ කීයක් අවුරුදු දහයකටවත් තියෙනවාද? උද්ඝෝෂණය කරන අයට මොකද වෙන්නේ? අපේ රට සිංගප්පූරුවට සාපේක්ෂව සුර පුරයක් . මානව හිමිකම් තඹයකට මායිම් නොකරන සල්ලිකාර රටවල් එක්ක මගේ දුප්පත් මව් රට සසඳන්න එපා කරුණාකරලා... බොරුවට ආයුෂ නැහැ. ලී ක්වාන් යූ තමන්ගේ විරුද්ධවාදීන්ට කරපු දේවල් හොයලා බලන්න.

:       6       14

chandimaThursday, 22 September 2022 12:18 AM

අපේ රනිලුත් ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න නේ දඟලන්නේ. ඒකනේ විරුද්ධවාදීන් එකා එකා අල්ලා කූඩු කරන්නේ.

:       1       2

රොහාන් ද සිල්වා Tuesday, 20 September 2022 11:22 AM

සිංගප්පූරුව හැදුවේ චීන ජාතිකයින්. ඔවුන් සීතල දේශගුණයක පරිණාමනය වුණු අපිට වඩා හුඟක් වෙනස් ජාතියක්... ඉතින් ඒ වගේ රටවල් ලංකාව එක්ක සංසන්දනය කරන එක විකාරයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1617 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10154 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 495 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 473 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site