IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සරදියෙල් ගැවසුණු අඩවිය සොයා ගිය ගමන

 

09-Rasa-p3-2
 

උතුවන්කන්දේ සුරසරදියෙල් වීරවරයෙක්ද? අපරාධකරුවෙක්ද? යන්නට ඉක්මන් පිළිතුරක් ලබාදීම අසීරුය. ඔහු අපරාධකරුවකු බවට හංවඩු ගසන ලද්දේ ඉංග‍්‍රීසි පාලකයන් බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලාංකික ජනසමාජයේ ඔහු සදාකාලික වීරයකු බවද සත්‍යයකි. මේ නිසා සරදියෙල් චරිතය ගැඹුරින් විග‍්‍රහ කර බැලීම මගින් ඉහත පැනයට පිළිතුරක් ලබා ගැනීමට හැකිය.

ඒ නිසා සරදියෙල් පිළිබඳ කථාව ඔබට කියන්නට අපි උතුවන්කන්දට ගියෙමු. උතුවන්කන්ද පමණක් නොව සරදියෙල්ගේ ඇසුර ලැබූ තවත් බොහෝ තැන්වලට ද ගියෙමු. සරදියෙල් චරිතය පිළිබඳව ලියැවුණු ලේඛන ගත කරුණුවලින් පමණක් ඔහුගේ වතගොත සෙවීම සාධාරණ නැති නිසා අපි පිළිබඳව එම පළාත්වල ඇති සමාජ මතවාදය ද සැළකිල්ලට ගනිමු. සරදියෙල් ආ ගිය තැන් සමග සහ සම්බන්ධ වී සරදියෙල් චරිතය ‘‘සුර සරදියෙල්’’ බවට පත්වූයේ කෙසේදැයි විමසීම අපගේ උත්සාහයය.

09-Rasa-p3-4

1815 දී කන්ද උඩරට රාජ්‍යය ද යටත් කරගත් ඉංග‍්‍රීසීන් මුළු රටම තම ආධිපත්‍යයට යටත් කර ගත්තේය. ඉන්පසුව ඉංග‍්‍රීසීන්ට එරෙහි පළමු කැරැුල්ල වාර්තාවන්නේ 1818 දීය. ඒ කැප්පෙටිපොළ අදිකාරම් හා මඩුගල්ලේ නිලමේතුමාගේ මූලිකත්වයෙනි. පසුව ඉංග‍්‍රීසින් ඔවුන් දෙදෙනාගේ හිස ගසා මරාදමන ලදි. අනතුරුව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නේ ගොංගාලේගොඩ බණ්ඩා හා වීරපුරන් අප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ වීරයන් දෙදෙනා ද වෙඩි තබා ඝාතනය කරන්නේය.

අනතුරුව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව යුද ප‍්‍රකාශ කළ අයකු සිටියේ නම් ඒ සරදියෙල්ය. මහ ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගීසිටියේ තනි පුද්ගලයෙක් වශයෙනි. ඔහුට ජනසමාජයේ සහාය තිබිණි. අසාධාරණයට එරෙහිවත්, තම ජන සමාජය තළාපෙළා දමන විදේශ බලවේගවලට එරෙහිවත් ඔහු නැගී සිටියේය. ඉංග‍්‍රීසීන්ට එරෙහිව වචනයක් හෝ කථා නොකරන සමයක සරදියෙල් තම තුවක්කුව ඉංග‍්‍රීසීන්ට එරෙහිව පත්තු කළේය. වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩාට පසුව ඉංග‍්‍රීසිහු ඝාතනය කරන ලද සරදියෙල් ද ඔවුන් මෙන් ජාතික වීරවරයකු බවට පත් නොවන්නේ කුමන හේතුවකටදැයි සැක සිතෙන තරම්ය.
 
සරදියෙල් උපත ලැබුවේ 1832 මාර්තු 25 වැනි දින යැයි පැවසේ. සරදියෙල්ගේ පියා හලාවත - හාල්දඬුවන ගමේ පදිංචිකාරයකු වූ ආදාසි අප්පුය. උතුවන්කන්ද - මොලගොඩ පදිංචි පිචෝහාමි ඔහුගේ මවය. ආදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්ත බැදීමත් කරත්තයේ ගොස් කළ දුම්කොළ වෙළෙඳාමත්ය.

ජංගම වෙළෙඳාමේ කරත්තයෙන් ගොස් ආදාසි අප්පු නතර වූ තැනක් තිබුණි. ඒ පිචෝහාමිගේ කෝපි කඩයයි. එහිදී කෝපි කෝප්පයකින් සප්පායම් වූවාට අමතරව ආදාසි අප්පු පිචෝ හාමිගේ කඩයේ නවාතැන් ද ගත්තේය. මේ ඇයි හොඳයි බව දුරදිග ගොස් පසුව ආදාසි අප්පු පිචෝහාමි සහේට ගත්තේය.

මේ යුවළට දාව පළමුව උපන් දරුවා වූයේ සරදියෙල්ය. තවත් දරුවන් හතර දෙනකු පසුව උපන්නේය. කතෝලිකයකු වූ ආදාසි අප්පු තමන්ගේ බාලදරුවන් හතර දෙනා හලාවතට රැගෙන ගොස් පල්ලියේ දී බෞතිස්ම කළ අතර වැඩිමලා වූ සරදියෙල් අධ්‍යාපනය ලබන්නට ගමේ පංසලට බාර කළේය. ආදාසි අප්පුත්, පිචෝහාමිත් ගොස් සරදියෙල් පළමුව බාරදුන්නේ බෙලිගම්මන පන්සලටය. එහෙත් එකල දැනඋගත් හිමිනමක් වාසය කළේ මාවනැල්ල ඉලූක්ගොඩ පිහිටි ශෛලමස්ථාරාමයේය. මේ නිසා බෙලිගම්මන පන්සලේ සිට ඉලූක්ගොඩ පන්සලට සරදියෙල් අධ්‍යාපනය ලබන්නට පැමිණියේය.

ඉලූක්ගොඩ ගුණරත්න හා පළමුගෙදර ගුණරතන යන හිමිවරු ඒ වන විටත් විහාරස්ථානයේ පිරිවෙනක් පවත්වාගෙන ගියහ. ඒ මගින් අධ්‍යාපනය ලද්දේ කෝරාළවරුන්, රටේ රාළ, ගම්මුලා දැනීන් වැනි ප‍්‍රධානීන්ගේ දරුවන්ටය. ධනපති පන්තියේ දරුවන් සමග සරදියෙල් එකට වාඩි වී වැල්ලේ අකුරු ලිවීමත්, බණ මඩුවේ පැදුරුවල වාඩි වී පොත් කියවීමත් රටේ රාළලාට මෙන්ම ගම්මුලාදැනීන්ටත්, ඉවසුම් නොදුන්නේය. ඔවුහු ඒ සඳහා විරෝධය පෑහ. ඉන් පසුව බොහෝ විට අනෙක් දරුවන්ගේ ආවතේව කටයුතු හා බැලමෙහෙවරකම් කරන්නට ද සරදියෙල්ට සිදුවිය.

එපමණක් නොව ධනපති පන්තියේ දරුවන්ගේ නොයෙක් අවලාද හා ඇනුම් පදවලට ලක්වීමටද සරදියෙල්ට සිදුවිය. මේ නිසා එතැන එපාවන තැනක් බවට පත්විය. ඒ වන විටත් පාලි භාෂාව තරමක් දුරට ඉගෙනගෙන තිබුණු සරදියෙල් වැලිපිල්ලේ අකුරු ලියා වචන රැසක්ම ලියන්නට පුරුදුව සිටියේය. එහෙත් පන්ති භේදය මුල්තැනට දමා අනෙක් ශිෂ්‍ය පිරිසගේ රුදුරු ක‍්‍රියාකලාපය ඉවසාගත නොහැකිව දිනක් ආරච්චිල කෙනකුගේ පුත‍්‍රයාට හා තවත් කීප දෙනකුට දරුණු ලෙස පහර දුන්නේය.

මේ සිද්ධියෙන් ගම්මුලාදැනීහු රටේ රාළලා සහ කෝරාළවරු මහත් කළබලයට පත්වූහ. තම පන්තියට නොගැළපෙන මේ කොල්ලාට එරෙහිව ඔවුහු අමුතුම චෝදනාවක් ගෙනාහ. පන්සලේ පිහිටි පන්තියේ දී ගම්මුලාදෑනියකුගේ පුත‍්‍රයකුට අයත් වටිනා හවඩියක් සරදියෙල් විසින් සොරකම්කරන ලදැයි එම චෝදනාව විය. මේ අභූත චෝදනාව මත සරදියෙල් පොලිස් අත්අඩංගුවට පත්විය.

ගෝන්දිවෙල ආරච්චිල විසින් පොලිසිය කරන ලද මේ ව්‍යාජ පැමිණිල්ල නිසා සරදියෙල්ට දින ගණනාවක්ම පොලිස් කුඩුවේ ලගින්නට සිදුවිය.

පොලිසියෙන් නිදහස් වූ පසු සරදියෙල් කොලූ ගැටයා උතුවන්කන්දේ සිට කොළඹ බලා යන කරත්තයක ගෝනි පඩංගුවක සැඟවී කොළඹට ගියේය. තම මවගේ කෝපි කඩයේ හැදීවැඞී ඇති හුරුව නිසා සරදියෙල් කොළඹ පිහිටි තේ කඩයක සේවය කළේය. අනතුරුව ඔහු යුද හමුදා බැරැක්කයක සේවය කළ හමුදා නිළධාරීයකු ළඟ සේවයට එක්විය. පසුව ඔහු කාලයක්ම බැරැක්කයේ සේවය කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16 - 17 ක් පමණ විය.

මේ හමුදා බැරැක්කය පිහිටියේ කොළඹ කොටුවේය. සිවිල් කම්කරුවකු ලෙස එහි සේවය කරද්දී ඔහුට ඉංග‍්‍රීසි පාලනයේ ඇති රළු බව හා ඒ මගින් රටේ ජනතාව පෙළන පාලනය පිළිබඳවත්. ඒ පිළිබඳව සකස් කෙරෙන සැලසුම්, කථාබහ සහ ක‍්‍රියාකාරකම් ද දක්නට, ආසන්නට ලැබිණි. එංගලන්තයෙන් පැමිණි සුදු ජාතික නිළධාරීන්ට කත් අදින අපේම රටේ දීන පිරිස් ගැන සරදියෙල්ගේ ලේ කකියන්නට පටන් ගත්තේය.

එංගලන්තයේ සුද්දන්ගේ විස්කි සහ වයින් බෝතලයටත්, විවිධ වරප‍්‍රසාදවලටත් යට වෙමින් ඇතැම් සිංහල, මුස්ලිම් හා දමිලයන් රට පාවා දෙමින් සිටින බවට සරදියෙල් තේරුම්ගෙන සිටියේය. ඔවුන්ට යස පාඩමක් උගැන්වීමත්, ඔවුන්ගෙන් රට බේරා ගන්නටත් අධිෂ්ඨාන කරගත් සරදියෙල් හමුදා බැරක්කයෙන් පැනයාමට තීරණය කළේය.

හමුදා බැරැක්කයේ සාදයක් පැවැති අවස්ථාවක සරදියෙල් කළේ එහි ආයුධ ගබඩාවට පැන තුවක්කු කිහිපයක්, පිස්තෝලයක් සහ පතොරම් තොගයක්ද රැගෙන එම ස්ථානයෙන් පලායාමයි. පසුදින හමුදා නිළධාරීන් විසින් ආයුධ සමග සරදියෙල් අතුරුදන්වීම ගැන රජයේ ඉහළ තැන්වලට දැන්වීය.
ජනතා සහය නොඅඩුව තිබුණත් සරදියෙල් බොහෝවිට සිටියේ හුදකලාවය. කොළඹින් පැනවිත් උතුවන්කන්ද තම වාසස්ථානය කරගත් ඔහු තම දෑසට පෙනෙනතෙක් මානයේම තම අණසක පැතිරෙව්වේය. කොළඹ - නුවරපාරේ සිට සැතපුම් 04 ක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1410 ක් පමණ උසැති උතුවන් කන්ද දිස්වෙයි. එහි මුදුනත ඇති ගල්කුල සරදියෙල් ගලය. උතුවන්කන්දට වම්පසින් පිහිටියේ ඌරාගල කන්දයි. ඊට එහායින් දෙවනගල කඳු පන්තිය පිහිටා ඇත. මෙරට පළමුවරට තේ වගා කළ බව පැවැසෙන ලූල්කඳවල වත්ත ද පිහිටියේ මීට ආසන්නවය.

උතුවන්කන්ද පිහිටි ගම්මානය ‘‘උතුවන’’ ය. අවට ගම්මානවන්නේ මුවපිටිය, මොළගොඩ, මොළගම, කිරිවන්දෙණිය හා තොටගමයි. මේ ගම්මාන අවට වනරොදින් ගහණය. වනපෙත මැදින් උතුවන්කන්ද තරණය කරන අයකුට ඒ සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදුවේ. කඳු මුදුනට ආසන්නවීමට පෙර ඇති ගල්තලාව මත පිහිිටි ගල් ගුහාව සරදියෙල්ගේ වාසස්ථානය ලෙස සැලකේ. ගල්තලාව මත කිහිප දෙනෙකුට සිටිය හැකි නමුත් ඒ අසලින් ගල අභ්‍යන්තරයට විහිදෙන ගල් ගුහාව තුළට රිංගාගත හැක්කේ බඩගාගෙන ගොස්ය. අඩි 30 ක් පමණ ඇතුළට මෙම මාර්ගය පිහිටා ඇතැයි කියනු ලැබේ. සරදියෙල් මෙම මාර්ගය ඔස්සේ ගොස් ක්‍ෂණිකව ගල් ගුහාවට රිංගා ගැනීමට සමතෙකු බව පැවැසෙයි. වෙනත් අයෙකුට ඊට රිංගා ගැනීම දැඩි අසීරු කාර්යයකි.

කඳු මුදුනට නැගගත් පසුව කෑගල්ල ප‍්‍රදේශය පවා හොඳින් දර්ශනය වෙයි. සැතපුම් ගණනාවක් ඈතට හතර දිශාවම හොඳින් දර්ශනය වීම නිසා සරදියෙල්ට හොර රහසේ කන්ද මුදුනට ළඟාවීමට කිසිවකුට හෝ නොහැකි විය.

09-Rasa-p3-3

හුදකලාව සිටි සරදියෙල්ට, පසුව ඔහුගේ හොඳම මිතුරා බවට පත්වන මම්මලේ මරික්කාර් හමුවෙයි. ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේද අහඹු ආකාරයටය. රාපොළකදී සප්පායම් වෙමින් සිටි මම්මලේට දක්නට ලැබුණේ තුවක්කු බටයක් අතින් ගත් තම වයසේම වූ තරුණයෙකි. තුවක්කුව අත දරා සිටියේ සරදියෙල්ය. ‘‘මේ තුවක්කුවෙන් මොනවද කරන්න පුළුවන්.  ඕකේ මුනිස්සම එළියට එනකොට එතන ඉන්න එකාට පැනල දුවන්නත් කාලය ඇති යැයි’’ මම්මලේ මරික්කාර් සරදියෙල්ට සරදමක් කළේය.

‘‘උඹට මොනවද කරල පෙන්වන්න  ඕනේ මේ තුවක්කුවෙන්’’ සරදියෙල් අභියෝගයක් කළේය.

‘‘හොඳයි උඹ කොකා ගස්සපන්, මම මේ ඇඟිල්ල මුනිස්සම එළියට එන්න කලිං අහකට ගන්නවා’’ මම්මලේ අභියෝගයට පිළිතුරු දුන්නේය.
තුවක්කුව බෙහෙත් කොටන එකක් බව සිතා මම්මලේ මරික්කාර් තුවක්කු බටයට ඇඟිල්ල තබාගත්තේය. සරදියෙල් කොකා ගැස්සුවේය. මම්මලේ මරික්කාර්ගේ ඇගිල්ලක් වෙන් කරමින් උණ්ඩය පිටවිය. මම්මලේගේ වෙරිමත සිදී ගියේය. වේදනාවෙන් කෑගැසුවේය. සරදියෙල් අත තිබුණේ හමුදා බැරැක්කයෙන් සොරාගත් තුවක්කුවක් බව පසුව මම්මලේ දැන ගත්තේය.

මේ සිදුවීමෙන් පසුව මම්මලේ මරික්කාර් සරදියෙල් සුසංයෝගය ඇතිවිය. සිංහල - මුස්ලිම් වශයෙන් ජාතින් දෙකකට අයත් වුවද මේ දෙදෙනා එදා ඇතිකරගත් මිතුදම පසුකාලීනව ඉංග‍්‍රීසි පාලකයන්ට මහා හිසරදයක් බවට පත්විණි. මම්මලේගේ සහෝදරියක වන තංගම්මා සමග සරදියෙල් පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත් බවත්, මේනකා වශයෙන් හඳුන්වන්නේ ද ඇයම බවත් පැවැසේ. මම්මලේට අමතරව සරදියෙල්ගේ යහළුවන් වූයේ සිරිමලා, හවඩියා, උක්කිඳා සහ කිරි හොඳාය.

saradiyel


කෑගල්ල ප‍්‍රදේශයේ සුදු ජාතිකයකුට අයත් තේ වත්තක් තිබිණි. එහි සේවකයෝ සියයක් පමණ සේවය කළහ. වත්තේ කංකානම ලෙස සේවය කළ සුදු ජාතිකයන්ට ගැතිකම් කරන කංකානම කළේ වත්තේ වැඩකළ සේවකයන්ට මත්පැන් හා සූදුවට පුරුදු කිරීමය. මාසික පඩියදාට මත්පැන් බොන්නටත්, සුදු කෙළින්නටත් කංකානම සියලූ පහසුකම් යොදා තිබුණි. ඇතැම් කම්කරුවෝ මාසය පුරා වැඩකර අතට ගත් වැටුප සූදු පළට පූජා කළහ. කංකානම මේ මගින් විශාල මුදලක් සොයා ගත්තේය. මේ සුදුපොළ පිළිබඳව ආරංචි වූ සරදියෙල් දිනක් මුදල් ද රැගෙන සූදුපලට පැමිණියේය. සරදියෙල් ද සූදුපළට ඒ මුදල් පැරදිණි. පසුව කංකානම සතු වූ මුදල් පොදිය ද කොල්ල කා සරදියෙල් පැන ගියේය.

පසුවදා උදෑසන එම මුදල් සියල්ල සරදියෙල් විසින් දුප්පතුන් අතර බෙදා දෙන ලද බව ද කියැවේ. තම දියණියගේ දෑවැද්ද සඳහා වසර ගණනක් තිස්සේ දුක්මහන්සි වී වැඩකරන රිදීකාසි 500ක් සොයාගත් මිනිසකු ඒ මුදලද රැගෙන කැලය මැදින් යනවිට සරදියෙල් එතැනට කඩා වැදුනේය ‘‘උඹ ළඟ මුදල් කීයක් තිබේදැයි’’ සරදියෙල් විමසුවේය.

මා ළඟ රිදීකාසි 500 ක් තියෙනවා. මම මේවා වතුවල වැඩකරලා අමාරුවෙන් හොයාගත් මුදල්. මගේ දුවගේ විවාහයට තමයි මේ මුදල් රැගෙන යන්නේ. අනේ පුතේ මේක නම් ගන්න එපා’’ යැයි අසරණ ගැමියා සරදියෙල් ගෙන් ඉල්ලා සිටියේය.

‘‘මට ඔය සල්ලි ටික දීපන්, හවසට මෙතනටම වරෙන්. මම උඹට සල්ලි ටික දෙන්නම්’’ කියමින් සරදියෙල් මුදල් මල්ලත් රැුගෙන ගිය පසුව ගැමියා විලාප තබමින් එම ස්ථානයේම රැුදී සිට තිබේ. නියමිත ලෙස හවස් කාලයේදී එතැනට පැමිණි සරදියෙල් ගැමියාට රිදීකාසි 500 ආපසු දී සරදියෙල්ගේ අතින්ද තවත් මුදලක් ලබාදුන් බව පැවැසෙන්නේ’’දුවගේ මඟුල හොඳට ගනින්’’ යනුවෙන් පවසමිනි.

පසුව හෙළිවූයේ කංකානම ගේ සුදුපළට ගොස් රිදීකාසි 500 පැරදීමෙන් පසුව එයින් පැහැරගත් මුදලින් ගැමියාට මුදල් ලබාදුන් බවය. උතුවන්කන්දට වී සිටින සරදියෙල්ට ආරක්ෂාව සපයන ලද්දේ ඔහුගේ මිතුරන් විසිනි. මම්මලේ මරික්කාර් ඒ අතර ප‍්‍රධාන විය.

කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා බර කරත්ත පිළිබඳව ඔහු කඳු මුදුනේ සිට මහත් අවධානයෙන් සිටියේය. මුදල් යහමින් ඇති මුස්ලිම් වෙළෙඳුන් හා කෝපිවතු පාලනය කළ සුද්දන්ගේ කරත්ත සරදියෙල්ගේ කොල්ලයට හසුවිය. ඔවුන්ගේ දේපල, මුදල්වලට අමතරව සරදියෙල් ඔවුන් සතුව තිබුණු තුවක්කුද පැහැර ගත්තේය.

කෑගල්ල ඉංග‍්‍රීසි දිසාපතිවරයා වූ සෝන්ඩර්ස්ට සරදියෙල් ගැන දිනපතා එන පැමිණිලි වැඩිවන්නට විය. කෑගල්ල දිසාවේ තම අණසකට වඩා වැඩි වේගයෙන් සරදියෙල්ගේ අණ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව දැනගත් දිසාපතිවරයා මේ සඳහා රහස් සැලසුමක් දියත් කළේය.


09-Rasa-P12


(ලබන සතියේ - සරදියෙල් වෙස්වලාගෙන මොරටුවට යයි )

 

ajith-madurapperuma



අදහස් (26)

සරදියෙල් ගැවසුණු අඩවිය සොයා ගිය ගමන

සුජීව Sunday, 17 August 2014 11:10 AM

මෙවන් කතා පලකරනවාට එසනට ස්තුතියි (දී)

:       0       0

ධම්ම Sunday, 17 August 2014 11:17 AM

මාවනැල්ලේ ස්මාරකයේ ලියා තිබෙන්නේ "සරදියල් නමැති චෞරයා අල්ලා ගත් සහාන් නමැති පොලිස් භටයා සිහිවීම පිණිසයි" කියලා. හැම අවුරුද්දෙම පොලිස් දිනයට අපේ පොලීසිය එතෙන්ට ගිහිල්ලා තවම ආචාර කරනවා. ඉතින් සරදියල් වීරයෙක් කියන අය රාජ්‍ය විරෝධීන් නොවේද? (දී)

:       0       1

චතු Thursday, 14 August 2014 10:03 AM

ගොඩක් හොද ළිපියක් කියවන්න ආසයි (දී)

:       0       0

අචිර Friday, 22 August 2014 12:14 PM

සරදියල් විතරද වීරයා? එතකොට මම්මලේ? (නි)

:       1       2

කුලේන්ද්‍ර Wednesday, 13 August 2014 06:41 AM

සූර සරදියෙල් මුළු ලංකාවටම ජාතික වීරයෙකි. කිසිදා නොමියෙන ඔහු ලාංකික වීරවරයෙකි (නි)

:       0       1

යොහාන් Tuesday, 12 August 2014 07:45 PM

ඉති හොඳ ලිපියක් (නි)

:       0       1

ලාල් Wednesday, 13 August 2014 07:06 AM

ගෙරිසුද්දාට එක ප්‍රහාරයක් හෝ එල්ලකළ ඔහු ජාතික වීරයින් අතරිනුත් ජාතික වීරයෙකි (නි)

:       0       1

වසන්ත Sunday, 24 August 2014 09:09 AM

අපේ වීරයෝ අපිට අපේ පණට වඩා වටිනවා (දිල්)

:       0       0

සුලක්ෂි Wednesday, 13 August 2014 12:58 AM

හරිම සුන්දර ලිපියක් (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 13 August 2014 12:57 AM

පිචෝහාමිගේ කොපි කඩේ තිබුණු තැන හරියටම කවුරු හරි දන්නවාද? (නි)

:       0       0

සාලිය Wednesday, 27 August 2014 12:01 PM

ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්ට වීරයෙක් වුනාට නීති ගරුක මිනිසුන්ට එසේ නොවේ (අ)

:       0       0

රුවන් Monday, 18 August 2014 08:15 AM

අපේ රටේ එදා මිනිස්සු සුද්දන්ට ගැතිකම් කළා මදිවාට අපේම අය සුද්දන්ට පාවා දුන්නා. ඒ තමන්ගේ බඩ වඩාගන්න. අදත් අපේ සමහර මිනිස්සුට තිබෙන්නේ රට ජාතියට හෙණ ගැහුනත් කමක් නැහැ, තමන්ගේ බඩ වඩාගන්න තියෙනවා නම් කියන ආකල්පය (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 12 August 2014 12:47 PM

වැලලීයන අපේ අතීතයේ රසවත් කතා එළිදැක්වීම ගැන ලංකාදීපයට ස්තූතී. (අ)

:       0       0

චින්තන Friday, 15 August 2014 04:35 AM

ඉතා වටිනා ලිපියක්. සරදියෙල් ගැන ගොඩක් තොරතුරු දැනගත්තා. (නදී)

:       0       0

කලන Wednesday, 20 August 2014 07:47 AM

මම උතුවන්කන්ද අවට ගමක පදිංචි කරුවෙක් සරදියෙල් වීරයෙක් බව එච් ආර් ජෝතිපාල මහතා විතරයි කියන්නේ කියා හිතුවේ. ඒත් රටට ආදරය කළ මිනිසුන් ගැන ලියන අය තවමත් මේ රටේ ඉන්නවා (නදී) h.r. jotipala mahatha witarai kiyala nana hithuwe eth tawama ratata ආදරය kala weera charita gena lipi palakaranna taram රටජටියට ආදරය කරන ඔබවෙන්නන්ට මගේ අදර ගෞරවය පුදකරමි මම අට්ටනගොඩ කලන nawarathna

:       0       0

අජිත් සේනාරත්න Saturday, 08 November 2014 05:26 AM

ලංකාවේ පළමු වෙන්ම පොලිස් නිලධාරියෙකු ඝාතනය කරන ලද්දේ සරදියෙල් විසිනි . රසවත් ලිපියකි (අ)

:       0       0

අචිර Wednesday, 13 August 2014 06:14 PM

ගමේ මිනිසුන්ම ඔහුව පසුකලෙක පොලිසියට පාවා දුන්නා නේද? (නි)

:       0       1

කිංස්ලි Wednesday, 13 August 2014 07:53 PM

ඉතා හොඳ ලිපියක්. ඉතිරි කොටසත් දාන්න (නි)

:       0       0

රණවීර Wednesday, 13 August 2014 08:18 PM

තමන්ගේ පාලනයට එරෙහි වන අය සතුරෝය, දුෂ්ටයෝය, සොරුය. මෙසේ චෝදනා කිරීම පහසු වනුයේ සුද්දාට ගැතිකම් කළ, ඉහළ පන්තියේ උදවු සරදියෙල්ට නොලැබුණ නිසයි. ඔහු උන්ගේ එකකු නොවුණ නිසයි. එය එදත්, අදත්, හෙටත් එසේමය. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 13 August 2014 11:37 AM

සූර සරදියෙල් ජාතික වීරවරයෙක් (නි)

:       0       0

චානක Thursday, 14 August 2014 09:23 AM

හොද / වටිනා ලිපියක් (දී)

:       0       0

අජිත් Monday, 18 August 2014 02:17 PM

අද කාලෙට වටිනාම ලිපියක්. සැබවින්ම ඔහු වීරයෙක්. (නි)

:       0       0

සමන් Tuesday, 19 August 2014 07:15 AM

කවුරු මොනවා කිව්වත් සරදියෙල් වීරවරයෙක්. (නදී)

:       0       0

රේණුක Wednesday, 13 August 2014 05:57 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 12 August 2014 05:54 PM

ඉතා හොඳයි. අපේ ඉතිහාසය ඉගෙනගන්න අයට මේක හුඟක් වටිනවා (නි)

:       0       0

එස්.ලියනගේ Friday, 16 December 2022 12:59 PM

අද අපේ තරුණ පරපුර සරදියෙල් ගැන පමණක් නොව අපේ සිංහල ජාතියේ ඉතිහාසය පවා අමු අමුවේ විකෘති කරමින් සැහැල්ලුවට ලක්කරන සංකර ජාතියක් බවට පත්වෙමින් සිටිති. අප අතර පරදේශක්කාර ඉංග්‍රීසින්ට විරුද්ධව තනිව ගිනි අවියක් එසවීමට තරම් වීරයින් සිටි බව හෙලිකරන්නට ගෙන ඇති මෙම උත්සාහය බෙහෙවින් අගයකරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site