ගල් ළිඳහේන චූටි මරා දැම්මේ කවුද? එතැන ගිනි අවි තිබුණේ බාලයාට හා ජගත්ට පමණි. එසේ නම් චූටිට වෙඩි තැබිය යුත්තේ බාලයා හෝ ජගත්ය. චූටිට වෙඩි තිබ්බාද? නොඑසේනම් වෙඩි වැදුණාද? පාතලයන් ගේ මරණ සම්බන්ධයෙන් නිශ්චිත හේතු ඉදිරිපත් කළ නොහැකිය. වැපූරු අස්වැන්න නෙළා ගැනීම හැර අන් යමකට ඉඩක් නැත. එහෙත් චූටි මරා දැමෙන්නේ තමාගේ ප‍්‍රාණය මිතුරන් දෙදෙනා අත පමණක් අවි තිබූ මොහොතකය. බාලයාට හෝ ජගත්ට ඉලක්කයක් වැරදීමට ඉඩක් නැත. යුද හමුදාවේ සිටි අති දක්‍ෂ වෙඩික්කරුවන් දෙදෙනකු වූ බාලයාට හා ජගත්ට එතෙක් ඉලක්කයක් වැරැුදී තිබුණේ නැත. කරුණු කාරණා එසේ වන විට බැසිය හැකි නිගමනය වන්නේ බාලයා හෝ ජගත් සිතාමතාම චූටි මරා දැමූ බවය. එයට හේතුවකි. ගිනි අවියෙන් හරඹ පෑමේ උණෙන් පාතාලයට පිවිසි ගල්ළිඳහේන චූටි මිනි මැරීම තම රස්සාව බවට පත් කැර ගත්තේය. ඔහු කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මිනී මැරුවේය. ලැබුණ ඕනෑම කොන්ත‍්‍රාත්තුවක් සොයා බැලීමකින් තොරව බාර ගත්තේය. ඒ කොන්ත‍්‍රාත් ඉටු කිරීමට ඔහු ගියේ බාලයා සමගය. පල්ලත්තර ජගත් සමගය. පියාට අරියාදුකම් කළ වුන් සම්බන්ධයෙන් වෛරයකින් පසු වූ බාලයාටත් මවට කළ අරියාදුකම් හේතුවෙන් වෛරයෙන් පසු වූ ජගත්ටත් ගල්ළිඳහේන චූටිගේ කොන්ත‍්‍රාත් දිරුවේ නැත. එහෙත් එකම මගක යන මිතුරෙකු නිසා ඔවුහුු ඉවසූහ. මාතර රෝහලට පැන බටුමහත්මයා ගේ සොහොයුරු සුනිල් වෙඩි තබා ඝාතනය කරන විට චූටි සම්බන්ධයෙන් බාලයාගේත් ජගත්ගේත් ඉවසීමේ රතු කට්ට පැන තිබිණි. ප‍්‍රතිඵලය වූයේ සුනිල්ටත් ඔහුගේ ආවතේවයට සිටි තරුණයන් දෙදෙනාටත් වෙඩි තබා ඝාතනය කළ ගිනි අවියෙන්ම චූටි ද මරා දැමීමය. ඒ ගිනි අවියේ හිමිකරු වූයේ පල්ලත්තර ජගත්ය. මේ කාලය වන විට රත්නවීර සොහොයුරෝ බොහෝ බලවත්ව සිටියහ. ඔවුන්ගේ බල පරාක‍්‍රමය විහිද පැතිර තිබුණේ සූරියවැව ප‍්‍රදේශය මුල්කරගෙනය. බටු මහත්තයලාගේ නොනවතින ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකිව සූරියවැවට හිස් අතින් පලාගිය රත්නවීරලා එහි තිබූ හිස් ඉඩම් අල්ලා ගත්හ. ඒවා කම්බි ගසා තමන්ගේ කරගත්හ. හොර ඔප්පු හදා ඒවා විකිණීමේ ජාවාරමක් ද ජයටම කරගෙන ගියහ. එමගින් ඔවුහු ඉතා කෙටි කලකින් ධනවත්හු බවට පත් වූහ. ඒ ධනයෙන් ඔවුහු සූරියවැව නගරයේ විවිධ ව්‍යාපාර ආරම්භ කළහ. තමන්ට තර්ජනයක් විය හැකි ව්‍යාපාරිකයන්ට තර්ජනය කළහ. ඒ එම ව්‍යාපාර නතර කරන ලෙසය. උඩුගල්මොටේ ගම්මානය පදනම් කරගනිමින් බාලයා හා ජගත් නිර්මාණය කරගෙන සිටි පාතාලයේ උණුසුම සූරියවැවටත් දැනෙමින් තිබිණි. ඒ පාතාලයේ උරුමය තමන්ට යැයි රත්නවීර සොහොයුරෝ සූරියවැව දී ප‍්‍රසිද්ධියේ කීහ. ඒ පාතාල සබඳතාවට බිය වූ ඇතැම් නාගරිකයෙක් සිය ව්‍යාපාර අත්හැර දැමුවේය. ප‍්‍රදේශයෙන් ද ගියේය. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයෙක් නොබියව නැගී සිටියේය. ‘උඹලා කියන විදියට නටන්න අපි සූදානම් නෑ’ ඔවුහු කීහ. එහෙත් රත්නවීර සොහොයුරෝ පසුපසට නොගියහ. ඔවුහු ඒ ව්‍යාපාරිකයන්ට බෝම්බයෙන් කඩුවෙන්, කිනිස්සෙන් උත්තර දීමට පටන් ගත්හ. ඒ ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකි වූ ව්‍යාපාරිකයෝ එක්කෝ පලාතෙන් ගියහ. නැතිනම් රත්නවීරලාට අවනත වූහ. රණවීරලාගේ බල පරාක‍්‍රමයේ රැස් විහිදුනේ එසේය. දේශපාලනඥයෝ කිහිප දෙනෙක් දිනක් සූරියවැවට පැමිණියහ. ඒ ඡන්ද රැස්වීමක් ඇමතීමටය. එම දේශපාලන රැස්වීම සංවිධානය කරනු ලැබුවේ ප‍්‍රදේශයේ කා අතරත් ජනපි‍්‍රයත්වයක් අත්පත් කරගෙන සිටි විදුහල්පතිවරයෙකි. දේශපාලන සබඳතා වර්ධනය කර ගැනීමේ උණෙන් පෙළෙන රත්නවීරලා එම දේශපාලනඥයන්ට සිය නිවසේ රාත‍්‍රි භෝජන සංග‍්‍රයක් සංවිධාන කළහ. දේශපාලනඥයන් ගමට ආවේ එම්.කේ. රංජිත් සමගය. එම්.කේ. රංජිත් ඒ වන විට පළාත් සභා ඇමැතිවරයෙකි. ඔහු දේශපාලන හිණිමගේ වේගයෙන් උසට යමින් සිටියේය. ඔහුට බලගතු පරිවාර සේනාවක් සිටියේය. ඒ පරිවාර සේනාව ඔහු නිර්මාණ කර ගත්තේ එම ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙමිනි. නිලධාරින් සමග ගැටෙමින් හැප්පෙමින් ඔහු පොදු වැඩ කළේය. ගමට විදුලිය ලබා දිය නොහැකි යැයි නිලධාරින් පැවසුවහොත් එම්.කේ. රංජිත් ගේ පිළිතුර වන්නේ ‘‘දින දෙකකින් ඒ ගමට විදුලිය දිය යුතු’’ බවය. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ තම ඉලක්ක සපුරා ගැනීමට ඔහු සමත් වූ හෙයින්ම ඔහු හැඳින් වුණේ ‘චණ්ඩි මල්ලි’ ලෙසය. ඒ නම දකුණට කිසිසේත්ම නුහුරු එකක් නොවීය. චණ්ඩි මල්ලිගේ ළඟම හිතවතෙකු වූ බටු මහත්තයාව බාලයා හා ජගත් එල්ල කළ ප‍්‍රහාරය හමුවේ බටු මහත්තයලාගේ ආරක්‍ෂකයා බවට පත් වූයේ චණ්ඩි මල්ලිය. අණක් ගුණක් නැති පාතාලයන්ට එරෙහිව එල්ලවන ප‍්‍රහාරය හමුවේ අසරණ භාවයට පත් ගැමියන්ගේ ආරක්‍ෂකයා බවට පත් චණ්ඩි මල්ලි එනිසාම බාලයාගේත් ජගත්ගේත් වෛරයට පාත‍්‍ර විය. ඒ වෛරයේ කොටසක් බාලයා හා ජගත්ගේ නායකයා වන සුනිල් රත්නවීර ඇතුළු රත්නවීර සොහොයුරන් ට ද තිබිණි. චණ්ඩි මල්ලි සූරියවැවට ආවේ ඒ වෛරය එසේ තිබියදීය. රාත‍්‍රි භෝජන සංග‍්‍රහය රත්නවීර සොහොයුරන්ගේ නිවෙසේ සංවිධාන කර තිබූ බව දැනගත් විගසම චණ්ඩ මල්ලි කලබල විය. ඔහු වහාම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය අවලංගු කරවීය. සුනිල් රත්නවීර මහත් ලජ්ජාවට පත්විය. ඔහු පලිගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. ඒ අනුව එදිනම රාත‍්‍රියේ දී රැස්වීම සංවිධාන කළ විදුහල්පති වරයා මරා දැමිණි. ‘චණ්ඩි මල්ලි උඹට යහතින් ඉන්න දෙන්නේ නෑ’ සූරියවැව නගරය දෙවනත් කරමින් සුනිල් රත්නවීර ගුගුළේය. ලේ, ගින්දර හා මරණය මැදින් ගමන් කළ රත්නවීර චණ්ඩි මල්ලි වෛරය නව වටයකින් පණ ගසා ඇරැඹුණේ එසේය. දේශපාලන බලපරාක‍්‍රමයෙන් අනූන චණ්ඩි මල්ලි සමග හැපෙන රත්නවීරලාට ඒ නිසාම බොහෝ දෙනෙක් බියට පත් වූහ. රත්නවීරලාට එරෙහිව ක‍්‍රියාත්මක විය නොහැකි හෙයින් ඔවුහු ඔවුන්ට අවනත වූහ. එහෙත් රත්නවීරලාගේ මදාවිකම් ඉවසා සිටිය යුතු නැතැයි සිතූ ව්‍යාපාරිකයෝ විසි තුන් දෙනෙක් රහසිගතව සංවිධාන වූහ. ඔවුන් මුලින් කළේ රත්නවීරලාගේ නොසණ්ඩාලකම් සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු අංශ දැනුම්වත් කිරීමය. එකල ජනාධිපති වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. සංවිධාන වූ ව්‍යාපාරිකයෝ ඉතා රහසිගතව සකස් කළ ලියැවිල්ලක් ජනාධිපතිනිය ආරක්‍ෂක අමාත්‍යාංශය පොලිස්පති ඇතුළු බොහෝ ස්ථානවලට යොමු කළහ. ඒ සාධාරණත්වය අපේක්‍ෂාවෙනි. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි. බොහෝ ස්ථානවලට යවන ලද ලියැවිල්ලේ පිටපතක් කිසියම් මාර්ගයකින් සුනිල් රත්නවීරට ලැබී තිබිණි. ඒ ලියැවිල්ලේ අත්සන් කළ පිරිසගේ ලිපිනය හා දුරකථන අංක ද තිබිණි. යක්‍ෂාවේෂ වී සුනිල් රත්නවීර නැගී සිටියේය. ‘‘මම එකෙකුටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ’’ සුනිල් රත්නවීර ගුගුළේය. ඒ ගිගුරුමෙහි ප‍්‍රතිඵල එදා රාත‍්‍රියේදීම දැක ගත හැකි විය. සුනිල් රත්නවීර ඇතුළු රත්නවීර සොහොයුරන්ට එරෙහිව සකස් කළ ලියැවිල්ලේ මුලින්ම අත්සන් කළ ව්‍යාපාරිකයාගේ නිවෙසට ගිය සුනිල් රත්නවීර ඔහු කළ වරදේ බරපතළකම කෑගසා කීවේය. වරදක් නම් එයට දඬුවමක් ද හිමිවන බව ඔහු කීවේය. නිරායුධ ව්‍යාපාරික තරුණයාට සිදු වූයේ යක්‍ෂාවේෂ වී සිටින සුනිල් රත්නවීරගෙන් සමාව අයැදීම පමණෙකි. එහෙත් සියල්ල කලින් සැලසුම් කරගෙන සිටි සුනිල් රත්නවීර තරුණ ව්‍යාපාරිකයාගේ පළල් නළල් තලය පසාරු කර දැම්මේය. ඒ වෙඩි උණ්ඩයෙනි. ඒ මළ සිරුර මහ පාරට ඇදගෙන ආ සුනිල් රත්නවීර යන්න ගියේය. පළිගැනීම නතර වූයේ නැත. දෙවැනියට අත්සන් කර තිබූ ව්‍යාපාරිකයා සොයා රත්නවීර ගියේ ඊට පසු දින දහවලේය. සිය ගණනක් ගම්මු බලා සිටියදීම සුනිල් රත්නවීර ඒ ව්‍යාපාරිකයාටද වෙඩි තිබ්බේය. නගරයම භ‍්‍රාන්ත විය. තෙවැනි ව්‍යාපාරිකයාට අත් වූයේත් පෙර ඉරණමය. එහි ප‍්‍රතිඵල ඉක්මණින්ම සුනිල් රත්නවීරට ලැබිණි. එනම් සුනිල් රත්නවීරට එරෙහිව අත්සන් තැබූ සෙසු සියලූම ව්‍යාපාරිකයන් සූරියවැවෙන් පළා යාමය. සටනේ ජයග‍්‍රහණය රත්නවීරලාට හිමි විය. ඉතිරිය ලබන සතියට....
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූරියවැව ගිනියම් කළ රත්නවීර - චණ්ඩි මල්ලි වෛරය
සරත් Wednesday, 01 August 2012 06:15 PM
අපේ රටේ පාලකයින්ගේ සහ ආරක්ෂක අංශ වල දුර්වලතා අපට මින් පෙනෙනවා. (නි)
සංජය Wednesday, 01 August 2012 07:13 PM
රටට ආදරේ නම් මෙහෙම දේවල් ලියන්න නරකයි. තේරුණාද? (නි)
පෙරේරා Wednesday, 01 August 2012 07:13 PM
නිවටකම සහ බඩගෝස්තරවාදය.............. (නි)
තිලක් Wednesday, 01 August 2012 08:09 AM
වැපිරූ අස්වැන්න නෙළා ගත හැකිය. (නි)
කුරුවිට Thursday, 02 August 2012 02:55 PM
බොරු වුණත්,ඇත්ත වුණත් රසවත්ව ලියලා නම් තියෙනවා. (නි)
දම්මික Tuesday, 14 August 2012 11:16 AM
කවුරු උනත් කමක් නැහැ චන්ඩි ඔක්කොම ඉවරයක් කරන්න (දී)
ප්‍රවීන් Monday, 30 July 2012 09:09 AM
මේවා මෙහෙම ලිවුවහම මේවා කියවන අයටත් මේ වගේ වෙන්න හිතෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ලියන්න එපා. (නි)