IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සිරිලකට සිරිකත කැන්දූ බණ්ඩාරනායක මැතිනිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සැමරුම හෙටට (10) යෙදී ඇත.  මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව, 1916 වර්ෂයේ අප්‍රේල් 17 වැනිදා පවුලේ වැඩිමහල් දියණිය ලෙස මෙලොව එළිය දුටු සිරිමාවෝ රත්වත්තේ දැරිය, බලංගොඩ විදුහලේ පහළ බාලාංශයෙන් මූලික අධ්‍යාපනය ලැබ, රත්නපුරයේ පර්ගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පිවිස සිය අධ්‍යාපනය ලබා ගත්තාය. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය තුළ බාදක්ෂිකාවක් ලෙස කටයුතු කළ අතර, පාසල තුළ කැපීපෙනෙන සිසුවියක් වූවාය.

මහවලතැන්නේ වලව්වේ පිපි රෝස කුසුම වූ සිරිමා යෞවණිය, සිය  බලංගොඩ වලව්වට අහම්බයෙන් මෙන් පැමිණි සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ඇසගැටීම, ශ්‍රී ලාංකික මෙන්ම ලෝක දේශපාලනයේ වෙනසක් සිදු කිරීමට සමත් වූ සිදුවීමක් වූ අතර, අහම්බෙන් සිදුවූ එම හමුවීම අවසානයේ 1940 වර්ෂයේ ඔක්තෝබර් 03වැනිදා විවාහයකින් කෙළවර විය.

සිය විවාහය සිදුවී කෙටි කාලයක් ඇතුළත සමාජ සේවයට පිවිසි බණ්ඩාරනායක මැතිණිය, වර්ෂ 1941දී ‘‘ලංකා මහිලා සමිතියේ’’ සාමාජිකත්වය ලබාගත්තාය. දිළිඳු භාවය අවම කිරීම හා ග්‍රාමීය සංවර්ධනය පදනම් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම බොහෝ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කළ ඇය, එකී ප්‍රදේශවල වෙසෙන ජනතාව හා මුසු වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා ගනිමින්, ලංකා මහිලා සමිතිය හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කළාය.

වෛද්‍ය මේරි රත්නම් මහත්මිය විසින් ආරම්භ කරන ලද ලංකා මහිලා සමිතියේ සාමාජිකාවක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කළ ඇය, වසර අටක් එහි භාණ්ඩාගාරික ලෙස ද, දෙවසරක් උප සභාපතිනිය ලෙස ද කටයුතු කළ අතර, අග්‍රාමාත්‍ය ධුරය ලැබීමෙන් අනතුරුව ඉල්ලා අස් වන තුරු එහි සභාපතිනිය ලෙස සිය ධුරය මෙහෙය වූවාය.

විවාහයෙන් දස වසරක් තුළ සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක, චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක හා අනුර ප්‍රියදර්ශ සොලමන් ඩයස් බණ්ඩාරනායක නමින් දරුවන් තිදෙනෙකුට දෙමව්පියන් වූ බණ්ඩාරනායක යුවළගේ එවකට නිවස්නය වූයේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ ටින්ටජෙල් නිවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ බණ්ඩාරනායක මහතා, දේශපාලන වශයෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කළ අතර, එක්ව ආ ජීවන ගමනේ සෑම දිනම ඔහු පසෙකින් හිඳ ශක්තියක් වන්නට සිරිමාවෝ මැතිනියට හැකි විය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තෙවසරක් ගෙවී යන්නට මත්තෙන් විවාහයට දශක දෙකක් සම්පූර්ණ වීමට ද පෙර, චීවරධාරියකුගේ වෙඩි පහරකට ලක්ව අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා 1959 වර්ෂයේ සැප්තැම්බර් 26 වැනිදා මෙලොවින් සමුගැනීමත් සමග සිරිමාවෝ මැතිනියට තම දරුවන් තිදෙනා පිළිබඳව මෙන්ම, සැමියා විසින් බිහි කළ පක්ෂය සම්බන්ධයෙන්ද තිබූ වගකීම් වැඩි විය.
බණ්ඩාරනායක මහතාගේ අභාවයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජ්‍ය නායකත්වය පිළිබඳව අර්බුද මතු වූ අතර, ඒ සියල්ල විසඳා ගැනීමට සුදුසුම ක්‍රමය ලෙස පක්ෂයේ ප්‍රධානීන් විසින් සිරිමාවෝ මැතිනියට දේශපාලනය වෙත ආරාධනා කරන්නට යෙදිණි.

අකමැත්තෙන් නමුත් සිය සැමියා විසින් බිහි කළ පක්ෂය විනාශ වීමට ඉඩ දිය නොහැකි බැවින්, සිරිමාවෝ මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාරගැනීමට එකඟ වූවාය.

ඇගේ ආගමනයත් සමග 1960 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය, ලෝක දේශපාලනය වෙනස් කළ ජයග්‍රහණයක් බවට පත්කරමින් වර්ෂ 1960 ජූලි මස 21 වැනිදා එවකට මෙරට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ඇය අග්‍රාමාත්‍යවරිය ලෙසට පත් වුවද, එකී තනතුර රඳා පවත්වා ගැනීමට නම් තවත් අභියෝගයක් ජය ගත යුතු වූ අතර, වැඩ භාර ගැනීමෙන් තුන් මසක් යාමට මත්තෙන් සෙනෙට් සභාවේ අසුනක් ලබා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනුව ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකු ලෙස සෙනෙට් සභාවට පත්වීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය.

දේශපාලනයට ඇය අලුත් වුවද ඇය සතු වූ පරිණත දැක්ම හුදෙක් අත්දැකීම් සහිත දේශපාලනඥයන් පවා අබිබවා ගිය අතර, ඇගේ පළමු ධුර කාලය තුළදීම ඇය විරුද්ධ පක්ෂයට අභියෝගයක් විය. ඒ අනුව 1962 ජනවාරි 27 වැනිදා ඇය පාලනයෙන් පහකොට රාජ්‍ය බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු කල් ඇතිව ලැබීම හේතුවෙන් එකී කුමන්ත්‍රණ ව්‍යර්ථකොට එය සැලසුම් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අභියෝග රාශියක් මැද ජනතා සේවයට කැප වූ මැතිනිය, සිය පළමු ධුර කාලය තුළ සිදු කළ පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගි වීම තවත් ඓතිහාසික අවස්ථාවක් වූ අතර, 1961 මාර්තු 17 වැනිදා පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ 11 වන සම්මේලනයට ඇයගේ සහභාගිත්වය, රාජ්‍ය නායිකාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය.

පෙර සඳහන් කළ පරිදිම මැතිනියගේ පළමු ධුර කාලය තුළ ඇයට අභියෝග රාශියක් එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1964 දෙසැම්බර් මාසයේදී පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී පරාජයට පත්වන්නට සිදු විය. ඒ අනුව 1964 දෙසැම්බර් 17 පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැඳවන්නට යෙදිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව 1965 මාර්තු 22 වැනිදා පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 61ක් දිනාගනිද්දී, අත්තනගල්ල ආසනයෙන් ඉදිරිපත් වූ මැතිණිය, වැඩි ඡන්ද ප්‍රමාණයකින් සිය ආසනය ජය ගත්තාය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 41ක ජයග්‍රහණයක් ලැබී තිබූ අතර, බණ්ඩාරනායක මැතිණිය නායකත්වය දැරූ සමගි සන්ධානයට ආසන 55ක් ලැබුණි. ඒ අනුව ඇය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්වූවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පකෂය එක්ව එක්සත් පෙරමුණ පිහිටුවා ගනිමින් එහි නායකත්වයට පත්වූ මැතිනිය, 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක්, ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් වශයෙන් හිමි කර ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවාය.

මෙරටට නාමිකව ලැබී තිබුණු නිදහස යථාර්ථයක් බවට පත් කරන්නට කටයුතු කළ මැතිනිය, වර්ෂ 1972 මැයි 22 වැනිදා මෙරට ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමිනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන්ම නිදහස් රටක් බවට පත් කිරීම වෙනුවෙන් සදාකාලික බහුමානයට පාත්‍ර වන්නීය.

කෙසේ වෙතත් මෙම කාලය තුළදීත් ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීම වැනි අභියෝග රාශියකට මුහුණ දුන් මැතිනිය ඒ සියල්ල ජය ගන්නට සමත් වූවාය. 1977 මැයි මාසයේදී ප්‍රථම ජාතික රාජ්‍ය සභාව විසුවා හැරි අතර, අනතුරුව 1977 ජූනි 21 පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්විය.

1977දී ලැබූ පරාජය සමග ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින් අග්‍රාමාත්‍ය හැටියට සේවය කළ කාලයේදී බණ්ඩාරනායක මැතිනිය බලය අවභාවිත කළ බව තීන්දු කරමින්, ඇගේ ප්‍රජා අයිතිය අහිමි කළාය.

ඒ සමගම නැවත 1986 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ආඥාවක් නිකුත් කරමින් ඇගේ ප්‍රජා අයිතිය ප්‍රතිෂ්ඨාපනය කරන තුරු ඇයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට නොහැකි විය.
ප්‍රජා අයිතිය ප්‍රතිෂ්ඨාපනය වීමෙන් අනතුරුව යළිත් වරක් විපක්ෂ නායිකාව ලෙස පාර්ලිමේන්තුවට පත්වූ මැතිනිය, 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කාර්ය නියමයක් නොමැති අමාත්‍ය ධුරයකට පත්විය.

කෙසේ වෙතත් 1994 වර්ෂයේදීම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මැතිනිය, 2000 අගෝස්තු 10 වන දින සෟඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වනතුරු එම ධුරයේ කටයුතු කළාය.

2000 වර්ෂයේ ඔක්තෝබර් 10 දින පැවති මැතිවරණයේදී නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කළ මැතිනිය, පුරවැසියෙක් ලෙස තම අවසන් සේවය ඉටු කිරීමෙන් අනතුරුව කොළඹ එන අතරමග දෑස් පියාගෙන තිබුණේ, මෙරට දේශපාලනයේ ස්වර්ණමය සලකුණක මතක සටහන් ඉතිරිකරමිනි.


(***)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
නීතිඥ දයාසිරි ජයසේකර.

 



අදහස් (15)

සිරිලකට සිරිකත කැන්දූ බණ්ඩාරනායක මැතිනිය

Raveendra Saturday, 09 October 2021 11:02 AM

සිරිමාවෝ මැතිනිය පිළිබඳව රසවත් ලිපියක්, මැය වචනයේ අර්ථයෙන්ම රට ආදරය කළ දුරදක්නා ඥාණයෙන් කටයුතු කළ ලොවම පිළිගත් නායිකාවකි. කිසිවෙකුට එය බැහැර කිරීමට නොහැකිය. අවාසනාව නම් "ඇය වටා වැඩිපුරම හිටියේ වැඩකටම නැති අපතයන් වීම" නිසා ඇයටද දේශපාලන මඩගොහොරේ ලැගීමට සිදුවිණි. ඇයගේ පාලන සමයේ රටේ අනාගතය වෙනුවෙන් ඇයගත් සමහර තීරණ දෙස බලපෙරේතකම නිසා අවඥාණයෙන් රට අරාජිත කළ එකඳු දේශපාලුවෙන් අද ජීවතුන් අතර නැත. තවද අද එම පක්ෂයේ සිටින්නේ දේශපාලඥයින් නොව "දේශපාලුවන්ය..." එසේම අනිකුත් පක්ෂවල සිටින්නේත් දේශපාලුවන් වීම කණගාටුවකි.

:       8       14

gamunuSunday, 10 October 2021 04:09 AM

සිරිලකට සිරිකත කැන්දූ බණ්ඩාරනායක මැතිනිය 1976 අගෝස්තු 16 සිට 19 දක්වා රටවල් 86ක සහබාගිත්වයෙන් 5වන නොබැදි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නායකත්වය ලබා දුන් බව දේශපාලන ඉතිහාසයේ සදහන් වේ.

:       0       6

kamal Saturday, 09 October 2021 12:37 PM

අපි පාන් පෝලිම් වල රස්තියාදු වෙනකොට ඒ කාලේ සිංගප්පුරුවේ අගමැති ලි ක්වාන් යූ මහතා කල හරිය කියවා ඉගෙනා ගන්න .මෙග් ජීවිතේ ලංකාවේ අඳුරුම දවස් වලින් එකක්

:       17       12

දාසSunday, 10 October 2021 06:30 AM

දෙයිය , ඒ පොලින්වල අපි ලැග්ගෙ අද පාලකයො වගේ රට හුරන් කාපු අය හිටිය නිසාවත්, ඩොලර් වලින් අද ඉන්න කාපාලුවො වගේ රට රටවල් වල ගිහිල්ල සැප ගත්ත නිසාවත් නෙමෙයි, ඔවුන්ට අවශ්‍ය වුනා මේ රටේ දේශිය ආර්තිකය ශක්තිමත් කරන්න. නැතිව අද වගේ කොමිස් කන්න නෙමෙයි.

:       2       10

kamalTuesday, 12 October 2021 04:08 PM

ඉතින් දේශීය ආර්ථිකය ශක්තිමත් කළාද? මේ වලව් කාරයින් රටේ සාමාන්‍ය මිනිස්සුන්ව හඳෙන් හාල් දීලා ගොනාට අන්දපු හැටි අමතකද?

:       0       2

Lal Saturday, 09 October 2021 03:20 PM

ඇත්තටම මෙතුමියගේ ප්‍රතිපත්තිය සීයට සීයක් නිවැරදියි. අපේ දේශීය දේ රැකගෙන යම්කිසි දෙයක් කරන්න මෙතුමිය උත්සාහ කළා. නමුත් මෙතුමියගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් ගැන හුඟක් අඩුපාඩුකම් තිබුණා. විශේෂයෙන්ම ආහාර රෙදිපිළි ආදී ජනතාවට අත්‍යාවශ්‍යම දේවල් ආනයනය කිරිම හදිස්සියේම නැවැත්තුවා. රටේ විශාල වශයෙන් නිෂ්පාදන අතිරික්තයක් නොතිබී මොහොතක ආනයනය නතර කිරීමෙන් ජනතාවට සිදුවුණේ හැමදේටම පෝලිම්වල ළගින්නයි. එමෙන්ම ආහාර ද්‍රව්‍යවල යම් යම් සීමා කිරීම් නිසා ජනතාව කලකිරීමකට, අපහසුතාවයකට පත්වුණා. ජනතාවගේ කලකිරීමේ අවසන් ප්‍රතිඵලය වශයෙන් සිදුවුණේ ජේ.ආර්. ජයවර්ධනව සුපිරි බලයක් සහිතව බලයට පත් කර ගැනීමයි. එදා ජනතාව ලබාදුන් ඒ සුපිරි බලය නිසා අපේ රට දිනෙන් දින වලපල්ලටම ගියා නොවේද?

:       5       19

asanka Saturday, 09 October 2021 07:22 PM

අද මෙතුමියගේ පාලන සමය ඉහළින් වර්ණනා කරන බොහෝ උදවිය, එදා එය සැබවින් අත් දැකපු උදවිය නොවේ. මා පාසල් ගොස් පැමිණි පසු පාන් සහ හාල් පෝලිමේ සිටි කෙනෙකි. මීට අමතරව පරිප්පු, කරවල (බොම්බිලි), රෙදි, බස් සඳහා වෙනම පෝලිම් තිබිණි. මිනිසුන්ගේ අඟ හිඟකම් මැද කළු කඩය හොඳින් පැවතුණි. එදත් අද මෙන්, ඔය පෝළිම් වල දුක් වින්දේ සාමාන්‍ය මිනිසුන් වන අතර, "මහජන නියෝජිතයින්" යයි කියා ගන්න උදවිය කිසිවිටෙක ඔය පෝළිම් වල රස්තියාදු වෙනවා මා දුටුවේ නැහැ...

:       11       16

bandara Saturday, 09 October 2021 10:35 PM

මෙම ලිපියට 1970 සිට 1977 දක්වා දේශීය ආර්ථිකය ගොඩනැංවූ ආකාරය විස්තර වූවානම් මීට වඩා හරවත් වන්නට තිබුණි. එම යුගයේ අපි ඇන්දේ ලංකාවේ වියනලද, මහනලද ඇඳුම්... කෑවේ මේ රටේ වවපු ආහාර. රට ණය කරන්නේ නැතිව රටේ අරමුදල් ශක්තිමත් කළා. මේ රටේ හිටපු හොඳම මුදල් ඇමැති ආචාර්ය එන්. එම්. පෙරේරා. කෘෂි සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ට දෙන සේවා ශක්තිමත් කළා. සූදුව, රේස් ඔට්ටු ඇල්ලීම සම්පූර්ණයෙන් තහනම් කළා. මුදලට ඉගැන්වීම තහනම් කළා. තව කොයි තරම් කිවයුතු දේ තියෙනවාද?

:       3       13

Lion Sunday, 10 October 2021 06:09 AM

බන්ඩාරනායක මැතිනිය දේශපාලනයෙන් කෙදිනකවත් ධනය රැස් කරගැනීමට කටයුතු කලේනැහැ. ඇය ගෙනා ඉඩම් ප්‍රතිසංස්කරන පනත හරහා ඇයගෙ පවුලට අයත් ඉඩම් අක්කර දහස් ගනනක් ඔවුන්ට අහිමුවුනා. එම පනත අනුව කෙනෙකුට තම සන්තකයෙ තියාගන්න පුලුවන් වුනේ ඉඩම් අක්කර 50 යි. දේශපාලනයට පැමිනිමෙන් ඔවුන්ගේ බොහෝ දේවල් නැතිවුනා. ඒ අතර තම සැමියාගේ ජිවිතයද නැතිවුනා. ඔබ තුමියට නිවන් සැප ලැබේවා.!

:       2       10

Prabhath Senavirathne Sunday, 10 October 2021 02:36 PM

දේශපාලකයින් විසින් රාජ්‍ය නිලධාරින් දේශපාලන අතකොලු බවට පත් කිරීම අාරම්භ කිරීම..., පුද්ගලික ආයතන ජනතාකරණය නමින් එම ආයතන විනාශ කිරීම, කැළණිවැලි දුම්රිය මාර්ගය ගැලවීම, බලය ලබාගැනීමට පොරොන්දු දේශපාලනය අාරම්භ කිරීම (හඳෙන් හාල් ගෙනත් දීම), කුස්සි කැබිනට් ක්‍රමය හඳුන්වා දීම (පවුල් දේශපාලනය), රටේ අනාගතය පිළිබඳ දැක්මක් නොමැතිව්‍ම, 77 දී UNP යට 5/6 බලයක් ලබාදීමට පාර කැපීම. එමගින් ඇතිවූ මනාප ඡන්ද ක්‍රමය මගින් රටේ බුද්ධිමත් දේශපාලනය නැතිකිරීම හා එය නිවැරදි නොකිරීමෙන්ම මේ බව සිතාගත හැකිය ..

:       7       7

සමිත සේනක අලුත්ගමගේ. Monday, 11 October 2021 08:11 AM

වගා සංග්‍රාමය එකවර ක්‍රියාත්මක කිරීම නිසා දැඩි ආහාර අහේනියක් ඇතිවුණා. මිනිසුන් මයියොක්කා කොළ, ලාවලු පිට්ටු කෑවා. පාන් පෝලිම්, රෙදි පෝලිමේ තිබුණා. හාල් සේරු දෙකකට වඩා ගෙනයෑම තහනම්. හාල් සේරූ දෙකක් ගෙනගිය අහිංසක ගැමියෙකු වෙඩිකෑවා. සාරි පෝලිම් තිබුණා. දේශපාලන හෙංචයියන් සමුපකාරයේ බඩු කළු කඩයට දී ගසා කෑවා. කිරිපිටි රටේ ජනතාවට නොතිබුණත් , ඇමැතිවරුන්ගේ කුකුල් කොටු වල කුකුලන්ට කෑමට දමා තිබුණා. මයිසූර් පරිප්පු, සැමන් ආදී දේ ජනතාවට නැති උනත්, දේශපාලකයන් සඳහා පමණක් ආනයනය කළා. රෙදි නොමැතිව ජනතාව හරියට දුක් වින්දා. මාධ්‍ය ආයතන රජයට පවරා ගත්තා. හත් අවුරුදු සාපය කියා විශාල ප්‍රචාරයක් ගියා. සිරිලකට කෙසේ වෙතත්, ශ්‍රීලනිපයේ බලවත් අයට නම්, සිරිකත කැන්දූ යුගයක් තිබූ බව නම් ඉතා පැහැදිලියි.

:       6       11

ලුම්බිණි Tuesday, 12 October 2021 09:19 AM

1970 සිට 1977 දක්වා කාලය ඉතාමත් වැරදි ප්‍රතිපතියක් අනුගමනය කල කාලයක්.

:       4       6

දිරිල් Tuesday, 12 October 2021 09:57 AM

හොඳ ලිපියක්

:       1       2

රසික Tuesday, 12 October 2021 06:57 PM

ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය වලපල්ලට යෑමේ පූර්ණ වගකීම නම් බාරගත යුතුයි.

:       3       1

Viparama Thursday, 14 October 2021 04:26 AM

1970-1977 කන්න නැතුව කුණු බක්කි පවා අවුස්සලා කෑවා .සිරිලකට සිරිකත කැන්දූ පවුලේ උදවිය නම් රස බොජුන් වළඳන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 439 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 211 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 70 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4111 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12562 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 663 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site