IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සරසවි ඇදුරු පා ගමන

බාලාංශයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ ශ්‍රේෂ්ඨතම යෝජනාව සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර ශ්‍රීමතානන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා සැසි වාරයට ඉදිරිපත් කරනු ලැබුවේ 1944 ජුනි මස 16 වැනි දිනය. ඉතිහාසයේ රනින් ලියැවුණ එම සිදු වීම නිදහස් අධ්‍යාපනයේ පියාණන් ඉදිරිපත් කරනු ලැබුවේ මුතු ඇටයක් තැන්පත් කළ කරඬුවක් පූජනීයත්වයෙන් ගෞරවයෙන් සලකනවාක් මෙන් උදාරත්වයෙනි. නමුත් ඒ ඉතිහාසය වළපල්ලට ගොස් හමාරය. වසර හැට අටක ගෙවුණු ඉතිහාසය තුළ අධ්‍යාපනයට ලැබිය යුතු ගෞරවය ඒ අයුන්ම ලැබුණේ ද, ඒ සඳහා වූ ගෞරවය පැවතියේ කොපමණ කාලයක් ද? අද වන විට ‘අධ්‍යාපනය’ යන මාතෘකාව යටතේ දින දින පැන නගින ගැටලූ කොපමණ ද යන්න පාඨක ඔබට අමුතුවෙන්ම කියා දිය යුතු වන්නේ නැත. නිදහස් ශ්‍රී ලංකාවේ අප ලද මනහරම උරුමය වූ නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාද කප්පාදු වන ආශ්චාර්යවත් රට තුළ, ඉතාම කෙටි කලකින් දළුලා වැඩුණු ප‍්‍රධානම ගැටලූව වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදයයි. සරසවි ආචාර්යවරුන් හා ආණ්ඩුව අතර අර්බුදයක් ආරම්භ වූයේ වෘත්තීය කි‍්‍රයා මාර්ගයක් ලෙසටය. නමුත් අද වන විට එහි ස්වරූපයන් වෙනස් වී ගොස්ය. ජනවාරි මාසයේ සිට පවතින වැටුප් විෂමතා සහ සියයට විසිපහක වැටුප් වැඩි කරගැනීමේ සාකච්ඡුාවලට විසඳුම් නොලැබීමෙන් පෙබරවාරි 29 වැනි දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වීමයි. ඒ අවස්ථාවේ දී බලධාරීන් යම් යම් එකඟතාවකට පැමිණුනත් ජුනි මස වන තෙක්ම ගැටලූවට නිසි විසඳුම් ලබා දෙන්න පාලකයන්ට හැකියාවක් වූයේ නැත. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ 2012 ගෙවුනු ජූලි මස 04 වැනි දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ආවරණය වන පරිදි අඛණ්ඩවම වැඩ වර්ජනයක නිරත වීමය. සරළවම සටහන් තැබුව හොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පැහැදිලි කරන කරුණ වනුයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු බවය. නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටිනුයේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයෙන් සියයට 6ක් වෙන් කළ නොහැකි බවය. නමුත් ඇතැම් පිරිස් පෙන්වා දෙනු ලැබුවේ ආණ්ඩුව කරන අනෙකුත් වියදම් හා නාස්තිවලට සාපේක්‍ෂව එය කළ නොහැකි දෙයක් නොවන බවය. 2008 කෝප් වාර්තාවට අනුව 2007 අධ්‍යාපනයට වෙන් කරනු ලැබුවේ 2.5ක් වැනි ප‍්‍රතිශතයකි. එම වාර්තාවේම තවත් කොටසක සඳහන් වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9ක් වංචා දුෂණ නිසා රටට අහිමි වී ඇති බවය. එහි වටිනාකම රුපියල් කෝටි 35,000ක් පමණ බවය. කෙසේ නමුත් මේ සියල්ලම සිදු වනුයේ මහජන පාලනයට සීමාව ඉක්මවා බලධාරීන් සිටින රටක බව ද මතක තබා ගත යුතු කරුණකි. ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් හැටියට සියයට 14කි. රාජ්‍ය වියදම සියයට 24කි. ආදායමට වඩා වියදම වැඩිය. සියයට 14ක ආදායමක් ඇති රට තුළ අධ්‍යාපනයට වෙන් වන්නේ සියයට 1.86කි. අප අසල්වාසී රට ඉන්දියාව රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 12කි. ඉන්දියාවේ වියදම සියයට 17ත් 18ත් පමණ වේ. එහෙත් ඉන්දියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් අධ්‍යාපනයට වෙන් කෙරෙන බව ගැටලූවේ දී විද්වතුන් පෙන්වා දෙනු ලැබූ කරුණකි. ”රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’’ යන තේමා පාඨය යටතේ දියත් කෙරෙන වැඩ වර්ජනයේ අවසානය බාලගිරි දෝෂය මෙන් දිග්ගැස්සුනි. මතකය අවදි කිරීමේ දී විශ්වවිද්‍යාල හතරක් සහ වෛද්‍ය පීඨ හැර සෙසු විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමීමට රජය පියවර ගනු ලැබුවේ ගෙවුණු අගෝස්තු මස 21 දිනය. මේ අනුව කොළඹ, පේරාදෙණිය, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව, රුහුණ, යාපනය, නැගෙනහිර, රජරට, සබරගමුව, වයඹ ශ්‍රී ලංකා විවෘත හා සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාල වසා දැමුණි. මීට අමතරව දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක විද්‍යායතන, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය, තාක්‍ෂණ විද්‍යායතනය, ශ්‍රීපාලි මණ්ඩපය, ති‍්‍රකුණාමලය මණ්ඩපය සහ වව්නියා මණ්ඩපය ද වර්ජනය හේතුවෙන් අගෝස්තු 21 වැනි දින වසා දැමුණි. විශ්වවිද්‍යාල වසා දැමීම පිළිබඳව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කරුණු දක්වමින් කියා සිටියේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සම්බන්ධව සේවයේ යෙදී සිටින ආචාර්යවරුන් සහ උපකුලපතිවරුන් මෙන්ම ආයතන අධ්‍යක්‍ෂවරුන් සමග සාකච්ඡා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසට විශ්වවිද්‍යාල වසා දැමූ බවය. ඒ අවස්ථාවේ දී විශ්වවිද්‍යාල වසා දැමීමෙන් හෝ ආචාර්යවරුන්ගේ විරෝධතා මැඩ පැවැත්වීමෙන් හෝ විශ්වවිද්‍යාලවල පවතින සැබෑ ප‍්‍රශ්නයට විසඳුමක් නොවන බව ආරම්භයේ සිටම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුණ පුණාම කියා සිටියේය. තව දුරටත් ඒ අවදියේ දී ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයකට ඇද දැමුවේ මේ රටේ පාලක පක්‍ෂය බවය. එවැනි තත්ත්වයක් රට තුළ ආරම්භ කළ පාලක පක්‍ෂය වැඩ වර්ජනයේ නිරත සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන බව පැවසීම ද උසස් අධ්‍යාපන ඇමැතිවරයාට කිසිදු අයිතිවාසිකමක් නැති බවය. දේශපාලන අනාචාරයේ යනු උසස් අධ්‍යාපන ඇමැතිවරයා රටේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිදු තැකීමක් නොකර විශ්වවිද්‍යාල වසා දැමීම රටේ කි‍්‍රයාත්මක කැලෑ නීතියේ තරම පෙන්වන්නක් බව විශ්වවිද්‍යාල සමිති සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින් මෙන්ඩිස් මහතා එදවස ප‍්‍රකාශ කර සිටියේය. නමුත් විෂය බාර උසස් අධ්‍යාපන ඇමැතිතුමා දිගු ගමනක ආරම්භයේ දී ආවේගශීලීව ප‍්‍රකාශ කර සිටියේ, විශ්වවිද්‍යාල අර්බුදය ඔස්සේ රටේ දේශපාලන හා සමාජ ගැටලූවක් නිර්මාණය කරමින් සැඟවුණු දේශපාලන කුමන්ත‍්‍රණය හා අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අහිංසක සිසුන්ගේ ජීවිත හා අනාගත අපේක්‍ෂාවන් බිල්ලට දීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙළඹී ඇති බවය. ඔවුන්ගේ වුවමනාව රටේ කැලඹිලි තත්ත්වයත්, දේශපාලන අස්ථාවර තත්ත්වයත් ඇති කිරීමට සියලූ ප‍්‍රයත්න දරණ බවත් දිසානායක ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. දැනටමත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සියයට 36 සිට සියයට 83 දක්වා විවිධ දීමනා වැඩි කිරීම හරහා වැඩි කර ඇති අතර එය තව දුරටත් වැඩි කළ නොහැකි බවත් එසේ කිරීමෙන් වැටුප් ව්‍යුහය ව්‍යාකූල තත්ත්වයකට පත් විය හැකි බවත්ය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැඩ වර්ජනයට සම්බන්ධ වූයේ මූලිකම ඉල්ලීම් හයක් මුල් කොටගෙනය. ඒ ඉල්ලීම් හය වූයේ, 1. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මූලික වැටුප් තව දුරටත් සියයට විස්සකින් ඉහළ නැංවීම, 2. ජාතික ආදායමෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බව. එය පවතින මට්ටමේ සිට වසරින් වසර ඉලක්කගතව වැඩි කළ යුතු බව, 3. විශ්වවිද්‍යාල අධ්‍යාපන සේවා වෙනමම සේවයක් ලෙස පිළිගැනීම සහ ඒ සඳහා විධිමත් සාකච්ඡා හා ක‍්‍රියා මාර්ගයන් වෙත යොමු වීම, 4. විශ්වවිද්‍යාල නිර්දේශ පාලනීකරණය සහ එහි ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම, 5. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි වෙනස්කම් සිදු කිරීමේ දී ආචාර්යවරුන් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් එම වෙනස්කම් හඳුන්වා දීම, 6. ආර්ථික සංවර්ධන කි‍්‍රයා මාර්ගයේ දී හැකි තාක් විශ්වවිද්‍යාල ප‍්‍රජාවගේ අධ්‍යාපනය අනුව ලබා ගැනීම හා එයට වාතාවරණය සකස් කිරීම යන්නය. අඛණ්ඩව වැඩ වර්ජන, සංකේත වැඩ වර්ජන, පා ගමන්, ජනාධිපතිට ලිපි බාර දීම, උසස් අධ්‍යාපන ඇමැති සමග සාකච්ඡා කිරීම, පාලන අයිතිය ඇති දේශපාලන පක්‍ෂ සමගත් විපක්‍ෂ සමග සාකච්ඡා කිරීමේ දිගුවක උච්චතම අවස්ථාවක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පැමිණ ඇත්තේය. එහි කඩඉමක් ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමන ආරම්භ විය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පා ගමන සැප්තැම්බර් 24 වැනි දින ගාල්ලෙන් ආරම්භ වූයේය. පා ගමන ආරම්භ කිරීමට මූලිකම හේතුව විශ්වවිද්‍යාල ආචාර්ය ගැටලූව පිළිබඳ උසස් අධ්‍යාපන ඇමැතිවරයා, ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකුම සමග විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සාකච්ඡුා වට කිහිපයක් පවත්වා ඒවා විසඳුමකින් තොරව අවසන් වීම නිසාවෙනි. රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම හා දේශීය ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙසට රජයට බල කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සංවිධානය දැවැන්ත පා ගමනක් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 24 වැනි දින පෙරවරුවේ දී ගාල්ලෙනි. මහ වැසි මධ්‍යයේ ආරම්භ කළ පා ගමන ගාල්ල සිට කහව දක්වා ගමන් කෙරුණේ කරුණු ගණනාවක් මුල් කොට ගෙනය. ආරම්භයේ සිට කහව දක්වාත් 25 වැනිදා අම්බලන්ගොඩ දක්වාත් 26 වැනි දින අළුත්ගම දක්වාත් 27 වැනි දින කළුතර දක්වාත්, පා ගමන් පවත්වා සෑම දිනකම පා ගමන අවසානයේ විරෝධතා රැලියක් පවත්වා ජනතාවට කරුණු දැක්වීම සිදු විය. 28 වැනි දින මොරටුවෙන් අවසන් කිරීමට නියමිත පා ගමන එදින සවස හයිඞ් පිටිය දක්වා පැමිණ පා ගමන අවසන් කෙරිණි. පා ගමනට විශාල ප‍්‍රතිචාරයක් විශාල පිරිසකගෙන් ලැබුණ ද මෙම දැවැන්ත පා ගමනට ආචාර්යවරුන්ට සහය දැක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන ලංකා සමසමාජ පක්‍ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළාත් සභා මන්තීි‍්‍රවරුන් එක් වීම විශේෂත්වයක් විය. ආරම්භක පා ගමනට එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා යන මහත්වරුන් ද ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාරිලිමේන්තු මන්ත‍්‍රීන් පිරිසක් ද සහභාගි වී සිටියහ. මීට අමතරව ගුරු සංගම් රැසක් ද අන්තර් විශ්වවිද්‍යාලීය  ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද බහුජන සංවිධාන රැසක නියෝජිතයෝ ද ආචාර්යවරුන් සමග එක්ව සිටියහ.

සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූප  - ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

සරසවි ඇදුරු පා ගමන

හේවාපතිරණ Sunday, 30 September 2012 01:07 PM

මේ තේරුමක් නැති වැඩ නිසා රට විනාශ වෙනවා. (නි)

:       0       0

බුද්ධි Saturday, 06 October 2012 11:57 AM

නිදහස් අධ්‍යාපන ඉතිහාසයේ මෙය නොමැකෙන අයුරින් රන් අකුරින් ලියැවෙනු ඇත. නිදහස් අධ්‍යාපන සටනට ජය වේවා!

:       0       0

ගුණරත්න Monday, 01 October 2012 02:18 PM

මම මෙය සම්පූර්ණයෙන්ම අනුමත කරනවා (නි)

:       0       0

අසින්ත Friday, 05 October 2012 12:23 PM

අචිනි , මෙයාලා මේ උද්ඝෝෂණ කරන්නේ දුප්පත් දරුවන් වෙනුවෙන් කියලා හිතන්න එපා. මේවායින් වෙන්නේ අපේ දුප්පත් දරුවන්ගේ අනාගතය අදුරු වෙන එකයි. (නි)

:       0       0

ජීව Sunday, 07 October 2012 04:46 PM

මෙතන ඡායාරුපයේ තියෙන්නෙ සියයට හයයි කියලා ගහලා. ඇයි සියයට විස්සයි කියලා ගැහුවෙ නැත්තෙ? (නි)

:       0       0

රත්නායක Tuesday, 02 October 2012 01:06 PM

අධ්‍යාපනය වෙනුවෙන් නිසි දැක්මක් අවශ්‍යයි (නි)

:       0       0

සත්‍යා Thursday, 04 October 2012 12:15 PM

විශ්ව විද්‍යාල වලින් පිටවෙන උපාධිධාරීන් පිළිබඳවත් රැකියා අවස්ථාවන්ට ගැලපෙන පාඨමාලා ඇතිකිරීම පිළිබදවත් ඉල්ලීමක් තිබුණානම් වඩාත් වැදගත්. (ස)

:       0       0

අචිනි Tuesday, 02 October 2012 07:25 PM

දුප්පත් දරුවන් වෙනුවෙන් කරන මේ සටනට ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 149 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 511 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 144 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 142 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 321 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 625 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site