කොළඹ කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාස සංකීර්ණයක දෙස් විදෙස් කතුන් යොදාගෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් විඳින ජිනා මැඩම් මේ වන විට රඳවා සිටින්නේ කළුතර බන්ධනාගාරයේය.
හැට හැවිරිදි වියේ පමණ පසු වන ජිනා මැඩම් කළුතර බන්ධනාගාරයට මාරු කර එවීමට පෙර රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාලයේ ජිනා මැඩම් සැකකාරියක් පමණකි. ඇයට සිර දඬුවම් නියම කර තිබුණේ නැත.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ජිනා මැඩම් කළුතර බන්ධනාගාරයට මාරු කර යවා ඇත්තේ එහි සුඛෝපභෝගී කාමරයක සුර සැප විඳිමින් සිටිය දී බන්ධනාගාරයේ උසස් නිලධාරියකුට අසුවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මහ අරගලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා ගිය උසස් බන්ධනාගාර නිලධාරියකුගේ නෙත එහි සුර සැප විඳින ජිනා මැඩම්ගේ සුඛෝපභෝගී කාමරය ගැටී ඇත.
ජිනා මැඩම් එදිනම කළුතර බන්ධනාගාරය වෙත මාරු කර ඇත්තේ උසස් බන්ධනාගාර නිලධාරියාගේ නියෝගයකිනි.
වැලිකඩ බන්ධනාගාරයේ සැප කාමරයක ගත කළ ජිනා මැඩම්ට විසි කිරීමට ඕනෑ තරම් සල්ලි ඇති තැනැත්තියකි.
අධිකරණයෙන් ඇයට සිර දඬුවම් නියම කර ඇත්තේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදීය.
ඇයට බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර කෑමට තරම් පිරියාවක් නැත්තේය. තරු පහේ හෝටවල්වලින් සුපිරි ආහාර ගෙන ඇති ඇයට බන්ධනාගාරයේ කල්දේරම් බත් කෑම ඇත්තටම පිරියාවක් නැත.
සල්ලි ඇත්නම් ඕනෑම දෙයක් කළ හැකි බව ජිනා මැඩම් දන්නා කරුණකි. සල්ලි යහමින් වියදම් කළහොත් තරු පහේ හෝටල්වලින් කෑම ගෙන්වා ගෙන කෑ හැකි බව දැනගත් ජිනා මැඩම් ඒ සඳහා කළුතර බන්ධනාගාරයට පැමිණ වැඩි කාලයක් යන්නට මත්තෙන් අවශ්‍ය වටපිටාව සකස් කර ගත්තාය.
බන්ධනාගාරයේ කල්දේරම් බත් කෑමට නොහැකි නිසා ජිනා මැඩම් සුපිරි බත් වේලක රස බැලීමට සිතා ඇත්තේ ඇඟිලි ගනිමින්ය.
දඬුවම් නියම වීමට කලින් කළුතර බන්ධනාගාරයේ සැකකාරියක් ලෙස ජිනා මැඩම් සිටි කාලයේ ඇයව බැලීමට පවුලේ සමීපතමයන් දිනපතාම පැමිණ ඇත.
සැකකාරියක් හෝ සැකකරුවකු වශයෙන් බන්ධනාගාරගතව සිටින විට දී පවුලේ අය හෝ හිතවතුන් බැලීමට පැමිණෙන විට එම කෑම බීම වතුර සැකකරුට හෝ සැකකාරියට ගෙනවිත් දීමට හැකියාව තිබේ.
ජිනා මැඩම් සැකකාරියක්ව කළුතර බන්ධනාගාරයේ සිටිය දී ඇයට දිනපතාම වාගේ කෑ සුපිරි කෑමවලට අමතරව සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති විශාල ප්‍රමාණයේ වතුර බෝතල් 10ක් පමණ ගෙනවිත් දෙන බව පැවසුවේ බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකි.
ගණිකා ජවාරමේ නිරතව සිටිමින් යහමින් මුදල් හරිහම්බ කර සුපිරි ජීවිතයක් ගත කර ඇති ජිනා මැඩම් කෑමට බීමට පමණක් නොව නෑමට වැසිකිළි යාමට පවා යොදා ගත්තේ සුපිරි වෙළෙඳසල්වලින් ගෙනා මෙම වතුර බෝතල්වල වතුර යැයි පැවසුවේ මේ උසස් බන්ධනාගාර නිලධාරියාය.
වසර තුනක සිර දඬුවමක් අධිකරණය මගින් ජිනා මැඩම්ට නියම කිරීමෙන් පසු පිටතින් කිසිම දෙයක් ගෙනවිත් දීමට ඔවුන්ගේ පවුල්වල අයට නොහැකි විය. ඒ බන්ධනාගාර නීති රෙගුලාසි අනුවය. පිටතින් කෑම කා සිරකරුවකුට හෝ සිරකාරියකට අසනීප වූවත් හෝ මිය ගිය හොත් එහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ බන්ධනාගාර අධිකාරිවරයාටය. මේ නිසා සිරකරුවකුට හෝ සිරකාරියකට පිටතින් ගෙන එන කෑම ලබා දීම සපුරා තහනම්ය.
බන්ධනාගාරයේ සැකකාරියක්ව සිටිය දී රස නහර පිනා යන සුපිරි කෑම වේලක රස බැලූ සුපිරි වතුර පානයට නෑමට පමණක් නොව ශරීර කෘත්‍ය ඉටු කිරීමෙන් පසු පිරිසිදු වීමට පවා යොදාගත් ජිනා මැඩම්ට වැඬේ වැරදුනේ ඇයට වසර තුනක සිර දඬුවමක් අධිකරණය මගින් නියම කිරීමෙන් පසුවය.
ඒ බන්ධනාගාර නීති රෙගුලාසි අනුව පිටතින් ගේන කෑම බීම ඇතුළු කිසිවක් ගෙන ඒමට නොහැකි නිසාය.
ඉස්තරම් කෑම වේලක රස බැලීමට ඇය යොදාගෙන ඇත්තේ අපූරු ක්රමවේදයකි.
කළුතර බන්ධනාගාරයේ සිටින කාන්තා සැකකාරියන් ගණනාවකට ඇය නොමසුරුව විය පැහැදම් කර ඇත.
ජිනා මැඩම් ඇයට පෞද්ගලික ආකාරයේම සුපිරි කෑම ඒ සැකකාරියන්ට ද ලබා දීම නිසා ඇයට රැඳවියන් සලකා ඇත්තේ රජ බිසවක මෙනි.
ඇතැම් සැකකාරියන්ගේ පවුල්වලට ද ජිනා මැඩම්ගේ උපදෙස් මත එම සැකකාරියන්ගේ පවුල්වලට ද ආධාර උපකාර කර ඇතැයි කියති.
ජිනා මැඩම් අත දිග හැර කරන උදව් උපකාර නිසා ඇයගෙන් සැලකුම් ලැබූ සැකකාරියන් පණ වූවත් දෙන්නට සූදානම්ව සිට ඇත.
ජිනා මැඩම් සම්බාහනය කිරීම, ඇය නැහැවීමට වැසිකිළියට යන විට සුපිරි වතුර බෝතල් ඔසවාගෙන යාම පවා ඇයගෙන් සැලකුම් ලබන සැකකාරියන් ඉටු කර තිබේ.
සැලකුම් ලබන තවත් සැකකාරියන් නිදිවර්ජිතව මැඩම්ගේ ඇෙඟ් වසන මදුරුවන් පවා මරා දමන බව කියන්නේ රාත්‍රිය නිදිවර්ජිතව සිටිමිනි.
ඒ ජිනා මැඩම්ට සුව බර නින්දක් ගත කිරීම සඳහායි.
සුවපහසු ඇඳන්වල මදුරු දැල් දමාගෙන වායුසමනය කර ඇති කාමරවල නිදාගෙන පුරුදු ජිනා මැඩම්ට සිපිරිගෙය යනු මිහිපිට අපායකි.
ජිනා මැඩම්ගෙන් ඉහළ සැලකුම් ලැබූ සැකකාරියන් ඇය (ජිනා මැඩම්) සිරගත වූ පසු ඇයට ප්‍රතිඋපකාර කිරීමට ඉදිරිපත් වී ඇතැයි කියන්නේ පොරකමිනි.
රැඳවුම්කාරියන්ට නිවෙස්වලින් ගෙනෙන ආහාරපාන ගෙන ඒමට හැකියාව තිබෙන නිසා ඔවුන්ගේ (සැකකාරියන්ගේ) ඔවුන් බැලීමට එන විට සුපිරි ආහාරපාන ගෙනවිත් දීමෙන් පසු ඒවා බාර කරන්නේ ජිනා මැඩම්ටය.
සුපිරි ආහාරපානවලට විය පැහැදම් කරන්නේ වෙන කවුරුවත් නොව ජිනා මැඩම්ය.
සුපිරි කෑම ගෙන එන්නේ ජිනා මැඩම්ට පමණක් නොව ඇයට සාත්තු සප්පායම් කරන සැකකාරියන්ට ද සමගය. සැකකාර කාන්තාවන් මේ වැඬේ දිගටම කරගෙන එන්නේ දිනකට දෙතුන් දෙනා වශයෙන් එකතු වීමෙනි.
දිනකට කෑම වේල් සඳහ ජිනා මැඩම් වියදම් කරන මුදල රුපියල් 10,000ක් පමණ වන බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.පී. කොඩිප්පිලි මහතාට මේ සිද්ධිය දැන ගැනීමට ලැබුණු වහාම මේ ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
රිමාන්ඞ් සැකකාරියකට හෝ සැකකරුවකුට දිනපතා පිටතින් ආහාරපාන ලබා ගැනීමට පුළුවන. ඒ මුවාවෙන් මෙවැනි සිර දඬුවම් විඳින තැනැත්තියකට ආහාර පාන ලබාදී තිබේනම් එය බරපතළ වරදක් බවත් බන්ධනාගාර කොමසාරිවරයා කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.පී. කොඩිප්පිලි මහතාගෙන් ද මේ නිසා මම කරුණු විමසුවෙමි.
කොමසාරිස් ජනරාල්වරයා මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.
ජිනා කියන කාන්තාවක් වසර තුනක සිර දඬුවම් විඳිනවා. ඇය මෙම සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කාන්තාව කළුතර බන්ධනාගාරයේ රඳවා තිබෙන සැකකාරියනට ලැබෙන ආහාරපාන ලබා ගන්නා බවට මට දැන ගැනීමට ලැබුණු පසු ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා. මේ කථාව ඇත්තක් බව පරීක්ෂණවල දී හෙළි වුණා. මේ වැඬේට බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුගේ ද සහාය ලැබී ඇති බව පෙනී ගියා. ඒ ගැනත් මම වාර්තාවක් ඉල්ලා තිබෙනවා.
වෙනත් සැකකාරියන්ගේ නමින් එන ආහාරපාන ජිනා නමැති කාන්තාවට ලැබීම මේ වන විටත් සම්පූර්ණයෙන් නවත්වා දමා තිබෙනවා. ඇයට දැන් ලැබෙන්නේ බන්ධනාගාරය මගින් සපයන ආහාරපාන පමණයි යැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි මහතා පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි මහතාට ජිනා මැඩම්ට පමණක් සුපිරි ආහාරපාන ලැබෙන බවට ලැබුණු තොරතුරු ඔස්සේ කරන ලද කඩිනම් පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් එය නවත්වා දැමීමට හැකි විය.
කොමසාරිස් ජනරාවල්වරයාගේ ක්‍රියා පිළිවෙත අවංකව රාජකාරි කරන බහුතරයක් බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රසාදයට හේතු වී ඇති බව බන්ධනාගාරයෙන්ම දැන ගැනීමට ලැබිණි.
රස නහර පිනා යන ආහාර වේලක රස බැලූ ජිනා මැඩම් ආයෙත් කන්නේ කල්දේරම් බත්ය.
කොල්ලූපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට මුලින්ම තොරතුරු ලැබුණේ එවකට හිටපු පොලිස්පති ආචාර්ය සී. මහින්ද බාලසූරිය මහතාටය.
මහින්ද බාලසූරිය මහතාට මේ ගැන සොයා බලා වැටලීමට උපදෙස් දෙනු ලැබුවේ එවකට මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි මහේෂ් සමරදිවාකර මහතාටයි.
ඔහු මේ වන විට විශ්‍රාම ලබා ඇත.
පානදුර වලාන කොට්ඨාස දුෂණ මර්දන බළකායේ එවකට අධ්යක්ෂවරයාව සිටි පොලිස් අධිකාරි ඞී.එස්. කරවිට මහතාගේ උපදෙස් මත මෙම සුපිරි ගණිකා නිවාසය වටලනු ලැබුවේ එම බළකායේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 38 දෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් විසිනි.
මෙම වැටලීම සිදු කරනු ලැබුවේ 2010 වසරේ දෙසැම්බර් මස මුල් සතියේ දිනකය.
දුෂණ මර්දන බළකායේ පොලිස් කණ්ඩායම මෙම වැටලීම කරද්දී ගණිකා ව්‍යාපාරය මෙහෙයවූ ජිනා මැඩම් ඇයගේ ආරක්ෂකයන් පලා ගියේ ගණිකා වෘත්තියේ යෙදී සිටි දෙස් විදෙස් කතුන් රැුසක් ද සමග රහසිගත මාර්ග ඔස්සේය.
පලා යාමට නොහැකි වූ උස්බෙකිස්තාන් කතුන් දෙදෙනකු, ශ්‍රී ලාංකික කතුන් තිදෙනෙකු ද සුපිරි ගණිකා නිවාසයේ සිටිය දී පොලිසියට කොටු වී තිබිණි.
පරිගණක ඉංජිනේරුවරයකු සහ විදේශ බැංකුවක ඉහළ තනතුරක් දරන අයෙක් ද මෙම වැටලීමේ දී පොලිසියට කොටු වූ අතර පසුව ඔවුන් මුදා හරිනු ලැබුවේ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුවය.
ගණිකා නිවාසය පවත්වාගෙන ගිය එක් කාමරයකින් රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක්, ඇමෙරිකන් ඩොලර් නෝට්ටු 104 සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,48,000ක පමණ මුදලක් ද මෙම වැටලීමේ දී පොලිසිය සොයාගෙන තිබිණි.
ගණිකා නිවාසය වටලද්දී පලා ගිය ජිනා මැඩම් 2011 වසරේ ජනවාරි මාසයේ දිනක ජිනා බොහොම රහසිගතව කොළඹ වෝඞ් පෙදෙසේ රූපලාවන්‍යාගාරයකට පැමිණ ඇත්තේ කොණ්ඩය වර්ණ ගන්වා ස්වරූපය වෙනස් කර ගැනීමටය.
ස්වරූපය වෙනස් කර ගෙන යාමට ජිනා මැඩම් පැමිණ ඇත්තේ ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයන නිසා රටින් පලා යාමටය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වෝඞ් පෙදෙසේ පිහිටි රූපලාවන්‍යාගාරය වටලා ජිනා මැඩම් අල්ලා ගත්තේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට මහතාගේ මෙහෙයවීම යටතේ ගිය පොලිස් කණ්ඩායමක් විසිනි.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ජිනා මැඩම්ගේ මෙම සුපිරි ගණිකා නිවාසය මීට පෙර වතාවක වටලා ඇය අල්ලාගෙන තිබුණේ ගණිකා වෘත්තියේ නිතරව සිටි කතුන් ද සමගය.
ඇප ලබා දීමෙන් පසු අධිකරණය මග හැර සිටීම නිසා විවෘත වරෙන්තු ඒ වන විටත් ජිනා මැඩම්ට නිකුත් කර තිබූ අතර ඇයට වසර තුනක සිට දඬුවමක් නියම වූයේ ඒ වෙනුවෙනි.
පානදුර වලාන දුෂණ මර්දන බළකාය මගින් ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවස වැටලීමට අදාළව තොරතුරු ඇතුළත් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත්තේ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය.
ජිනා මැඩම්ගේ ස්ථානය පොලිසියෙන් වැටලූ දා... |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිර ගෙදර සුපිරි සිරකාරියගේ සුපිරි වැඩ
ඩයස් Sunday, 27 January 2013 03:29 PM
මා හට ජිනා මැඩම් මුණගැසීමට සිතේ පුදුම ආශාවක් තිබේ. කවුරුන් හෝ ඊට මා හට මාර්ගයක් පාදා දෙන්නේ නම් ඉතාම කෘතඥ වෙමි. (නි)
ගයාන් Sunday, 27 January 2013 03:31 PM
සමාජය පිරිහිලා (දී)
මාලක Monday, 28 January 2013 11:27 AM
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)
ප්‍රනාන්දු Sunday, 27 January 2013 03:41 AM
පුරගන, මනුතාපය වගේ පොත් ටිකකුත් කියවලා ප්‍රතිචාර දාන්න මෙයාලා. (නි)
චිත්‍රා Thursday, 24 January 2013 01:37 PM
වරදට නිසි දඩුවම් ලබා දි අනාගත පරපුර ආරක්ෂා කළයුත්තේ මෙවැනි අයගෙනි. ඇග පුරාම පාට ගාගෙන ඇත්තේ තමන්ගේ නියම ස්වරෑපය වහගන්න වෙන්න ඇති. (ස)
ඩයස් Sunday, 27 January 2013 04:24 AM
ආ.... සුජිත් මහතානෙණි, ජීනා තනියම එයාගේ මාංශය විකුණාගෙන කෑවා නම් කමක් නැහැ . එයා ගම්වල දුප්පත් අහිංසක කෙල්ලන්ව එයාගෙ මස් මඩුවට දාලා ඒ මස් විකුණපු එකයි වරද. එයාට නගර ශෝභිනියක් වෙන්නෙ කොහොමද? දැන් 60ත් පැනලා. හෑබැයි සංස්කෘත කෑල්ලක් දාලා ජීනා අන්තඃපුරය කියල දෑම්මා නම් ඔබතුමා කියන විදියට වෙනස් වෙන්න තිබුනා. (නි)
උද්ධික Sunday, 27 January 2013 06:47 AM
මේ අයටත් මැඩම් කියනවද? අනික මිනිස්සු යන නිසානේ ඔහොම දේවල් වැඩිවෙන්නේ. (නි)
කිත්සිරි Tuesday, 22 January 2013 06:41 PM
මා දන්නා සුදු කාන්තාවක් මැඩම් කියනවාට කැමති නැහැ. හේතුව මැඩම් කියන්නේ ගණිකා නිවාස පාලිකාවටලු. ඒ නිසා වෙන්න ඇති මෙතනදිත් මැඩම් කියන්නේ. (නි)
දයානන්ද එස්.ජෙ. Wednesday, 23 January 2013 12:15 PM
අයියෝ සල්ලි........බලය, මත්පැන්, කාමය නැත්තම් සෘන්ගාරය (ස)
නිත්‍යා Saturday, 02 February 2013 03:29 PM
හිරේට ගිහිල්ලවත් ඒ විදියට ඉන්න බැරි හැටියක් (ස)
පිටිගල මිලානෝ Wednesday, 23 January 2013 05:18 AM
ලංකාවට නිවාඩුවට ගියාම අපිව බලාගන්නේ කවුද දැං..!(නු)
කිරා Sunday, 27 January 2013 04:33 PM
අනේ මන්දා කාගේ වරදද කියලා (දී)
ගාමිණි Monday, 21 January 2013 10:25 PM
වැඩිදුර පරීක්ෂණ පොලිසියේ වගකිවයුත්තන්ට භාරයි. (නි)
ගාමිණි Monday, 21 January 2013 10:38 PM
මෙහෙම වැඩකරන පිරිමින් පාතාලයෝ? ගැහැණුන් මැඩම්ලා? (නි)
තරිදු Saturday, 26 January 2013 03:21 AM
මෙන්න නියම වැඩ (දී)
ප්‍රනාන්දු Saturday, 26 January 2013 03:21 AM
ඇයි, අනෙක් සිරකරුවන්ට කේන්ති යන එක වරදක්ද (දී)
රොහාන් Wednesday, 23 January 2013 08:13 AM
විදුහල්පතිලටත් මේවගේ තැනක් පෙන්නුවෙත් මොකද?(නු)
රොහාන් Wednesday, 23 January 2013 08:11 AM
අනේ මෙයාට ගිය කලක්..!(නු)
මුතුකුඩ Tuesday, 22 January 2013 02:00 PM
ලාංකීය සමහරක් කාන්තාවන් මෙවැනි විලි ලැජ්ජා නැති ගණිකා වෘත්තියේ යෙදී මුදල් උපයනවාට වඩා කොතරම් හොදද විදේශ රටකට ගොස් තම ශ්‍රමය යොදා තමාගේම උත්සාහයෙන් රැකියාවක නිරත වීම? මෙවැනි ඇත්තන්ට දියයුතු නිසි දඩුවම් ක්‍රමයක් ලංකාවේ නීතිය තුළ නොමැති නිසා මෙවැන්නන්ට සුදුසුම දඩුවම වන්නේ අරාබියේ පවතින නීති ක්රමවේදයයි. (නි)
ගාමිණි Tuesday, 22 January 2013 01:48 AM
ලැජ්ජාව නිසා වෙන්න ඇති ජීනා මැඩම් මුහුණ වහගෙන ඉන්නේ. අයියෝ පවු! (නි)
පෙරේරා Monday, 28 January 2013 03:56 AM
ඔවු. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. (නි)
ලාර්ක් Tuesday, 22 January 2013 05:35 AM
ගොනා පසුපස එන කරත්තය මෙන් කර්මය තමන් පසුපස හඹා ඒ. (නි)
ලාල් Monday, 21 January 2013 03:57 PM
අති දක්ෂ පොලිස් නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය (ස)
චරිත් Tuesday, 22 January 2013 03:03 PM
ගාමිණී, මෙහෙම අයට මැඩම් කියන්න එපා (ස)
ඇන්ඩි Thursday, 24 January 2013 09:40 PM
ගොඩක් අය අදහස් දාන්නේ මුකුත්ම නොදන්න තොත්ත බබාලා වගෙයි. (නි)
නිසාර් කුවේට් Friday, 25 January 2013 06:34 PM
මැඩම් කෑල්ල අයින් කරලා දාන්න..!(නු)
සනත්123 Sunday, 27 January 2013 07:31 PM
ආචාර්ය සුජිත්, ජිනා කියන්නෙ ඔබතුමා හිතාගෙන ඉන්නා නගර ශෝභිණියක් නොවේ. ඇය කාමාතුරයන්ට තරුණියන් බිලිදුන් ගණිකා නිවාස පාලිකාවකි. ගනුදෙනුකාර උගත් වැදගත් පෝසත් භවතුන් හට අවශ්‍ය කන්‍යාවගේ සිට සියළුම වර්ගයේ පහසුකම් ඇය සතුවිය. ගනු දෙනු සරු බැවින් ඇය පොහොසත් ද විය. බන්ධනාගාරයේ,සිරමැදුරේ සමහර පාලකයින්ගේ සිට සිරකාරියන්ද සිරකාරියන්ගේ නිවෙස්වල අයද සල්ලි වලට ගත්තේ එනිසාය. ප්‍රමාද වී හෝ පවුකාරියකට සුදුසු සැළකීම් ලබාදුන් නිලධාරීන්ට අපගේ උපහාරය හිමි විය යුතුය. ඉතුරු දඬුවම් දිට්ඨ ධම්ම වේදනීය කර්මයට අනුව දෛවය විසින් ලබාදෙනු නියතය. (නි)
මහේෂ් Thursday, 24 January 2013 10:18 PM
ගණිකා නිවාස පවත්වන පිරිමි, ගැහැණු දෙපක්ෂයම බන්ධනාගාර වල සදාකල් සිරකර තැබිය යුතුයි. (නි)
දිනේෂ් Wednesday, 23 January 2013 03:14 PM
මොකද මේ වගේ අයට මැඩම් කියන්නේ (ස)
සුජිත් Sunday, 27 January 2013 01:56 PM
මේ වැඩ වලට ඉඩ දිය යුතු නැහැ (දී)
ගයාන් Monday, 21 January 2013 06:56 PM
ඇයි මෙහෙම අයට මැඩම් කියන්නේ? (නි)
සිල්වා Friday, 25 January 2013 02:19 PM
කොහොමද එයාට විතරක් සැප පහසු කම් (දී)
බණ්ඩාර Friday, 25 January 2013 10:25 PM
කොහොමද එහෙම වෙන්නේ (දී)
බණ්ඩාර Friday, 25 January 2013 10:29 PM
මේ වගේ වැඩස වහාම නවත්වන්න ඕනේ (දී)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 January 2013 11:37 PM
ගණිකා වෘත්තියේ යෙදීම පාපී ක්‍රියාවකි. සමාජ සම්මතය අනුවද එය සදාචාර විරෝධී බව පිළිගැනේ. එසේම ගණිකා වෘත්තිය නීතියෙන් පිලිගෙන නොමැති රටක එහි නිරතවීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. මේ ආගමික, සදාචාරාත්මක හා නෛතික දෘෂ්ටිකෝණයෙන් විචාර පූර්වකව ගණිකා වෘත්තිය ලෙස බැලූ විටය. සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලූ විට ගණිකා වෘත්තිය පුරාණ භාරතීය සමාජයේ වැදගත් උසස් කුලීන ස්ත්‍රීන් යෙදුනු රැකියාවක් ලෙස පිළිගැනී පැවතින. එකල එය හැඳින්වූයේ පුරඟන, නරශෝභිනිය යන නාමයෙනි. මම නගරශෝභනී තනතුර රාජකීය වරප්‍රසාද සහිත උසස් ප්රභූවරු රාජ්‍ය මහා අමාත්‍යවරු ඇසුරු කිරීමට වරම් හිමි වන උසස් වෘත්තියක් ලෙස එකල පිලිගෙන තිබුණු බව අම්බපාලි වැනි බුදුරදුන් ඉතා සමීපව ඇසුරු කළ රාජකීය කාන්තාවන් හා සබැඳි පුවත් අනුව පැහැදිලි වේ. නමුත් බුදුරදුන් සමීපව ඇසුරු කළ පමණින් එය බුදුරදුන්ද අනුමත කළා යැයි අදහසක් ඇතිකරගත යුතු නැත. එකල පැවති සමාජ වාතාවරණය පැහැදිලි කර දීමට අවශ්‍ය බැවින් එය සඳහන් කළා පමණකි. නමුත් ඊට මෑත භාගයෙහි ගණිකාව සමාජ සම්මතයෙන් පහළට ඇඳ දැමුණු බොහෝම පහත් වෘත්තියක් බවට ක්‍රමානූකූලව පත්විය. ඉන් පෙර නගරශෝභිනියක් වීම සඳහා උසස් අධ්‍යාපනයක් තිබීම අත්‍යවශ්‍ය සාධකයක් විය. නමුත් නගරශොභී තනතුර ගණිකාව දක්වා පහළට බැසීමට සාපේක්ෂකව කිසිදු දැන උගත්කමක් සමාජ තත්වයක් නැති පහළම මට්ටමේ නූගත් ස්ත්‍රීන්හට යෙදිය හැකි පහසුතම වෘත්තියක් ලෙස මෙය ලේබල් ගතවිය. පසුකාලීනව ශාරීරික ශ්‍රමය වගුරවා කටයුතු කරන වෘත්තීන්ට අවශ්‍ය ලිංගික ශ්‍රමය ඉතා පහසු මිලකට සැපයීම අරභයා මේ ගණිකාව සමාජගතවිය. සමාජ රෝග, නෛතික ගැටළු, විවිධ අපචාර වැනි දේ ගණිකා වෘත්තියේ සමාජ මම්ටම පහත බැසීම සමඟ ඒ වෘත්තිය සමඟ සම්බන්ධවිය. නමුත් ජීනා මැඩම් වැනි සුපරි සමාජ මට්ටමක් ඇති ස්ත්‍රීන් අයත්වන්නේ ගණිකාව යන නමින් හැඳින්වෙන සමාජ මට්ටමට නොවන බව සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණය අනුව දැක්විය හැකිය. එකල තිබූ නගරශෝභිනක හා සමානව ඉසුරුබර දිවි පෙවෙතක් මෙහි සඳහන් වන ජිනා මැඩම් ගතකර ඇතිබව මෙහි සඳහන් වන ප්‍රවෘත්තිය අනුව පැහැදිලි වන බැවිනි. නමුදු ඇගේ අවාසනාවට අද ගණිකාවට හිමිව ඇති පහළ සමාජ මට්ටමට අනුරූප වන පරිද්දෙන් සමාජයේ ඇතැමෙකු ඇය දෙස බැලීමට යොමුවී තිබේ. එය ඇය පෙර ගතකළ ඉහළ සමාජ මට්ටමට කිසිසේත් සැසඳෙන්නේ නොවේ. ඇය පිලිබඳ සමාජයේ ඇතැමෙකු ඇය ගණිකාවගේ පහළ සමාජ මට්ටමට ඇඳ දමා කල්පනා කිරීමට පෙළඹෙන බැවින් අය ගත කරන ඉසුරුමත් දිවි පෙවෙත පිළිබඳ ප්රශ්නාකාරී බව පෙනීයයි. නමුත් මෙසේ ඇය සිදුකරනුයේ ඇගේ සමාජ මට්ටම රැක ගැනීම ඇගේ වෘත්තිමය අවශ්යතාවයේම එක් කොටසක් ලෙස ඇය විසින් කල්පනා කරන බැවින් යැයි සිතිය හැකිය.(නු)
සංක විජේසිංහ Sunday, 27 January 2013 12:36 AM
ජීනා ලා නැතිඋනාට පිටකොටුවෙ ඔය වගේ තැන් ඕන තරම් තියෙනවා.. කොල්ලුපිටියෙත් කී තැනක තියෙනවාද? ජීනාගේ කතාව පරණ එකක්.. අළුත් ඒවා ඕන තරම් තියෙනවා ඒවත් ලියන්න ...(නු)
සෙනරත් Monday, 21 January 2013 07:33 PM
ජීනා කොතැන හිටියත් ඉන්නේ සැපෙන්, සනීපෙන්... (නි)