IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


“සෙල්ෆි” ගන්න ගිහින් වැනසෙන ජීවිත

 15-page7-S2-2    

 

රුවිනි ඩෙලිසර හේරත් සමරවීර සහ සයිනබි දඟකාර වයසේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකි. පසුගිය සතියේ සිය පවුලේ ඥාතීන් සමග ඔවුහු ගුවන්ගත වූයේ සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමටය. උගත්කම, දේපළ, රූපය යන සියලු දේ අත්පත් කර ගත් සිසුවියෝ ජාති, කුල, ආගම් පසෙකලා එකට වැටී සතුටින් චාරිකාව වින්දනය කළහ.


ඔවුන්ගේ ඉල්ලීම අනුව චාරිකාව යොමු වූයේ ඕමානයේ එන් ගාර්සිස් දිය උල්පත දෙසටය. පසෙකින් ඇති කඳුවැටියත්, නීල ජලයෙන් පිරුණු ජල උල්පතත් ආකර්ෂණීය විය. ඒ සොබා සෞන්දර්යයෙන් ආකර්ෂණයට පත් එක් බාලිකාවක් ජංගම දුරකථනයත් රැගෙන දිය උල්පත නැරඹිමට ඇති නැරඹුම් ස්ථානය අන්තයටම ගියේ එහි ඇති අනතුරුදායක බව ගැන නොසිතාය. ඇය පසුපසම ගොස් ජංගම දුරකථනයේ කැමරාව තමා දෙසට හරවා ගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කෙරුවාය.


සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. සෙල්ෆියට හිත යොමු කර සිටි බාලිකාවට ස්ථානයේ ඇති අනතුර නොපෙනුණාය. ඇය ලිස්සා වැටෙන්නට වූවාය. ඇගේ යෙහෙළිය ඇය අසල වූවාය. ඇය ලිස්සා වැටෙන යෙහෙළිය බේරා ගැනීමට දිව ගියාය. එහෙත් ඇගේ උත්සාහය ව්‍යර්ථ විය. යෙහෙළිය සේම ඇයද ලෙස්සා දිය උල්පතට වැටුණාය. වැඩිහිටියෝ උදව් ඉල්ලා කෑ ගැසූහ. ඒ බාලිකාවෝ දිය යට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූහ.


උදව්කරුවෝ පැමිණ ඔවුන්ව ජල පහරින් මුදා ගත්හ. වහාම රෝහල වෙත ගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළහ. එහෙත් ඔවුනගේ උත්සාහය නිශ්ඵල විය. මෙලොව විකසිත කිරීමට සිටි මල් කැකුළු දෙක සදහටම දෙනෙත් පියාගෙනය. ඔවුනගේ නොසැලකිල්ල, වැඩිහිටි අනවධානය, අනාරක්ෂාකාරී බව යන බොහෝ සාධක ඒ අකල් මරණ පිටුපස විය. විනෝදවීමට ගිය මව්පියන්ට අවසානයේ උරුම වූයේ කඳුළු බිංදු පමණකි.


සෙල්ෆි ගැනීමට ගොස් සිදු වූ එකම ඛේදවාචකය මෙය නොවන්නේය. පසුගිය දිනක මෙරට දී ද එවැනිම ඛේදවාචකයක් සිදුවූයේය. ඊට බඳුන් වූයේ වයස අවුරුදු 25ක චීන තරුණියකි.


මීට දින ගණනාවකට පෙර යෙහෙළියක් සමග චීන දේශයේ සිට ඇය පැමිණියාය. පළමු දින කීපය ගාලු පුරවරයේ නැවතී එහි සිරි නැරඹූ තරුණියෝ කොළඹට ඒමට කතිකා කර ගත්හ. සිය ඇඳුම් කැඩුම් ටික බෑගයට ඔබා ගත් ඔවුහු ඔක්තෝබර් නවවැනි දින පෙරවරුවේ ගාල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැමිණියහ. ගාලු පුරවරයේ සිරි නරඹමින් පැමිණි තරුණියට ක්ෂණිකව දැඩි ආශාක් ඇති වූවාය. ඒ වේගයෙන් ගමන් ගන්නා දුම්රියේ පාපුවරුවේ සිට සෙල්ෆියක් ගැනීමය. සිය බෑගය පසෙකින් තැබූ ඇය දුරකථනයත් රැගෙන පාපුවරුවට පැමිණියාය. දුම්රිය වේගයෙන් අම්බලන්ගොඩ මාදම්පාගම දක්වා ඇදී යන්නට විය. සෙල්ෆිය පිළිබඳව අවධානයෙන් සිටි යුවතියට ඉදිරියේ මාදම්පාගම දුම්රිය ස්ථානයේ වේදිකාව ඇති බව නොපෙනුනාය.


සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. වේගයෙන් ආ දුම්රිය නොනැවතිණි. සෙල්ෆියේ සිහියෙන් සිටි තරුණිය වේදිකාවේ වැදුණාය. ඇයට ඇයව පාලනය කර ගත නොහැකි විය. දුම්රියේ පාපුවරුවෙන් බිමට විසි වූ ඇය රේල් පීලි අතර අවසන් සුසුම් හෙළුවාය. පිටරටක සිට විනෝදය සහ දැනුම ලබා ගැනීම සඳහා මෙරටට පැමිණි යෞවනියගේ ජීවිතය අවසන් වූයේ එසේය.

 

15-page7-S2-3_p

 


මෙවැනි ඛේදවාචක බොහෝමයක් සමාජය තුළ පසුගිය කාලයේ ඇති විය. තාවකාලික විනෝදය තකා ජීවිතය අභියෝගයට ලක් කරමින් කරන සෙල්ලම්වලින් අකාලයේ විනාශ වී යන්නේ වටිනා මිනිස් ජීවිතය. මව්පියන් දහසක් දුක්විඳ ලොකු මහත් කළ දරුවන් අකලට විනාශ වී යාම යනු පොළොව නුහුලන අපරාධයකි. කුඩා කලලයක් කුස තුළ හටගත් දා සිට තරුණ වයසට එනතුරු රජය ඔහු හෝ ඇය වෙනුවෙන් දරනා වියදමට කරන අපරාධයකි. අනාගතයට ඵලදායී ශ්‍රමිකයකු බිහි වීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අපරාධයකි.


තමා තමාගේ සුන්දර ජීවිතය අකලට විනාශ වීමට ඉඩ හැරීමේ අපරාධයකි. මේ නිසාම අයාලේ යන තාරුණ්‍යයට සෙල්ෆි කලාවේ අනතුර පිළිබඳ කියාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා සම්බන්ධ කර ගත්තෙමු.


වෙළෙඳ ආර්ථිකයේ යථාර්ථය තාරුණ්‍යය තේරුම් ගත යුතුයි


● ටෙලිෆෝන් සමාගම්වල උපක්‍රමවලට තරුණ පරම්පරාව අහුවෙලා
මහාචාර්ය දයා අමරසේකර, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඕනෑම සමාජයක වෙළෙඳ ආර්ථිකයක පාරිභෝගිකයෙක් යම් නිෂ්පාදන භාණ්ඩයකට කොටු කර ගන්න කුමක් හෝ උපක්‍රමයක් හදනවා. ඒ උපක්‍රමය සෑම වෙළෙඳ භාණ්ඩයක් තුළින්ම අපිට අඳුරගන්න පුළුවන්. සමාජයක ජීවත් වන මිනිසකුගේ ආශාව කවදාවත් නොසන්සිඳෙන දෙයක්. මේ අවසානයක් නැති ආශාවට ආමන්ත්‍රණය කරන එකත් බොහොම පහසු දෙයක්. 


දෙදාහ දශකය මුලදී අපිට ජංගම දුරකථනය හම්බ වෙනවා. ඒ කාලයේ ඉන් සිදු කළේ පණිවිඩ හුවමාරුව විතරයි. ඒත් කාලයත් සමග ඒ සමාගම් මෙම උපකරණය තව තවත් මිනිසුන් අතර ජනප්‍රිය කරවන්න අලුත් අලුත් දේවල් එකතු කළා. එස්.එම්.එස්. කියලා පණිවිඩ යවන ක්‍රමවේදය, සී.අයි.ඒ. කියලා කතා කරද්දි අංකය වැටෙන ක්‍රමවේදය, පින්තූර ගැනීම හා පින්තූර යැවීම ඊට පසු ආ දේවල්. ඊට පස්සේ මෙය අන්තර්ජාලයට සම්බන්ධ කළා. දැන් තමාගේම පින්තූර තමාටම ගන්න පුළුවන් තත්ත්වයට ජංගම දුරකථනය පත් කරලා තිබෙනවා. 


මේ ඔක්කොම සිදුවීම් සියුම්ව විග්‍රහ කරන කොට පේන්න තියෙන දෙයක් තමයි -ෆෝන්” හදන සමාගම් බිස්නස් වැඩි කර ගන්න කරන උපක්‍රම මේවා. ඒ වගේම සාමාන්‍ය පින්තූරයකට වඩා සෙල්ෆි ෆොටෝ එකක් වැදගත් යන ජන මතය ඒ සමාගම් විසින්ම හදපු දෙයක්. මේ ජනමතයෙන් පස්සේ පාරිභෝගිකයෝ කළේ පරණ ෆෝන් පැත්තකට දාලා අලුත් ෆෝන්වලට මාරු වුණ එක.


මෙයින් දුරකතන සමාගම්වලට විශාල ලාභයක් ලැබෙනවා. එය අපි පසුගිය කාලයේ සංඛ්‍යා ලේඛනවල සටහන් වෙලා තිබෙනවා දැක්කා. එම ලාභය සියයට පන්සීයක් ලෙසයි පෙන්නුම් කළේ. සමාගමේ ලාභය ඉහළ යන්න යන්න සමාජීය වශයෙන් විවිධ ඛේදවාචක සිදුවෙන්න ගත්තා.


-යම් සමාගමක් සියයට තුන්සීය ඉක්මවා ලාභ ලබයි නම් ඔවුන් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ඝාතකයන් බව කිව හැකියි කියලා කාල් මාක්ස් පවසලා තිබෙනවා. මේ කතාව අද සමාජය තුළින්ම ඔප්පු වෙලා තිබෙනවා. මිනිස්සු සෙල්ෆි ගහන්න ගිහිල්ලා මිය යනවා. මේ දේවල් ඇතුළේ එක ධර්මතාවක් තිබෙනවා. ඒ තමයි මිනිසුන්ගේ නිමා නොවන ආශාව වෙළෙඳ ඥානය තුළින් මුවහත් කරලා ඉදිරියට ගැනීම.


දෙවැනුව මේ කාරණය සමාජ විද්‍යාත්මකව මේ විදියට අර්ථ ගන්වන්න පුළුවන්. තමා කේන්ද්‍ර කරගෙන හිතන්න දිරි දෙන සමාජ පසුබිමක් තමයි අද නිර්මාණය වෙලා තිබෙන්නේ. 

SLD_20161016_B007
මීට දශක හතරකට විතර ඉස්සෙල්ලා මිනිස්සු පොදු යහපත ගැන හිතුවා. රටට ගමට මොනවද වෙන්නේ කියලා හිතුවා. ඒත් අද මිනිස්සු තමා කේන්ද්‍ර කරගෙන හිතනව. තමා කේන්ද්‍ර කරගත්ත ආකල්ප රටාව නිරූපණය කරන එක් පැතිකඩක් තමයි සෙල්ෆි කියන්නේ. තමා විසින් තමාගේ පින්තූරය ගන්නවා. ඊට පස්සේ තමා විසින්ම තමාට ප්‍රචාරණය ලබා දෙනවා. ඒ ලබා දෙන ප්‍රචාරණය හොඳ ද නරකද කියන විවේක බුද්ධිය මිනිසා තුළ නෑ. තමා කේන්ද්‍ර කර ගත් සමාජයක ආශ්චර්ය පදනම් කරගත් එක් මෙවලමක් ලෙසයි සෙල්ෆි හඳුන්වන්නේ.


මීළඟට සෙල්ෆි ගැසීම නිසා තවත් සමාජ උපසංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ලිංගික වෙළෙඳපොළ ඉන් ප්‍රධානයි. විශේෂයෙන්ම ගණිකා වෘත්තිය, සමලිංගික සේවය, විකෘති ලිංගාස්වාද සපයන සේවා ඊට උදාහරණ. මේවා බොහොම රහසේ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම තමන්ගේ පින්තූර ගත්ත සැණින්ම එම පින්තූර (ෆේස්බුක්) මුහුණු පොතට මුදා හැරීමටත් මේ පිරිස් කටයුතු කරනවා. ඊට අවශ්‍ය පහසුකම් මෙම ආයතන හදලා දීලා තිබෙනවා.


මින් පෙනී යන්නේ කාම වෙළෙඳපොළට හොඳ ප්‍රචාරණයක් සෙල්ෆි මගින් ලබා දෙන බව. ඒ වගේම මේ පිළිබඳව විවිධ පරීක්ෂණ සිදු කරලා තිබෙනවා.
මත්පැන් පානය කරන කෙනෙකුගේ අහිමිවෙලා යන ස්මෘති ශක්තියට වඩා වැඩි ගුණයක් සෙල්ෆිවලට අනුගත වෙච්ච කෙනෙක්ගෙ අහිමි වන බව එම පරීක්ෂණවලින් ඔප්පු වෙලා තිබෙනවා.

 

6

 


මේ දිනවල කතා වෙන අනතුරුවලට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. බ්‍රසීලයේ එක් තරුණයෙක් කෝච්චියක් එනවා බලා කෝච්චිය ඉදිරිපස සිට සෙල්ෆියක් ගහන්න ගිහින් කෝච්චියට යට වී මිය ගියා. ඔහුට සෙල්ෆියට තිබුණ අවධානය කොතෙක්ද කියනවා නම් හඬනගමින් වේගයෙන් එන දුම්රිය පිළිබඳවවත් අවධානයක් තිබුණේ නෑ. මෙවැනිම ඛේදවාචකයක් කැලිෆෝනියාවේදීත් සිදු වුණා. ඒ තට්ටු 13ක් උස මහල් නිවාසයක බැල්කනියේ සිට ඉර මතුවෙද්දි සෙල්ෆියක් ගන්න ගිහින් තට්ටු 13ක් පහළට වැටී මිය යාමේ සිද්ධියක්. මේවා ප්‍රබල ඛේදවාචක.


මින් පෙනී යන්නේ මිනිසා තුළ ඇති නොනවතින ආශාව. එක් පැත්තකින් තමා ප්‍රසිද්ධ වෙන්න හදනවා. කිසිදු පැකිළීමක් නැතිව තමන්ගේ අනන්‍යතාව සමාජයට හෙළිදරව් කරනවා. 


අනික් පැත්තෙන් ලිංගික වෙළෙඳපළට අත වනනවා. එහිදී ලිංගික උපසංස්කෘතියට ඇතුළු වූ අය තමාගේ නිරුවත් ඡායාරූප කිසිදු චකිතයකින් තොරව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණයට භාවිත කරනවා. ඉන් මිනිසාගේ ඇති ලැජ්ජා භය පසෙකලා ලිංගික වෙළෙඳපොළට අන්තර්ග්‍රහණය වීමට බලපෑමක් සිදු වී තිබෙනවා.


මේ සියලු දේ තුළින් පෙනීයන්නේ දුරකථන සමාගම් විවිධ වෙළෙඳ උපක්‍රම මගින් පාරිභෝගිකයා වසඟයට ගෙන ඇති ආකාරයත් රැල්ලට යන පාරිභෝගිකයා යහපත් අයහපත් දේ තෝරා බේරා ගැනීමකින් තොරව ඊට අන්ධානුකරණයෙන් යොමු වී ඇති ආකාරයත් පමණයි. අකාලයේ විනාශ වෙන ජීවිත දෙස බලලා හරි තාරුණ්‍ය මේ වෙළෙඳ ආර්ථිකයේ සැබෑ යථාර්ථය තේරුම් ගත යුතුයි.


 

 

විපතට මුල ස්මාර්ට් ෆෝන්ද?

 

හස්ත සංඥා ශබ්ද සංඥා වලින් ආදීම මානවයා සන්නිවේදනය කළා. මානව පරිණාමයත් සමඟ එම සන්නිවේදන ක්‍රමවේදයනුත් පරිවර්තනයට ලක්වුණා. “හූ” කීමෙන් ආරම්භ කළ සන්නිවේදනය මුද්‍රිත මාධ්‍ය දක්වා වර්ධනය වුණා.


ඊට නව අර්ථකථනයක් සපයමින් 1877 වසරේදී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනය සොයා ගත්තා.


ඒ ශබ්දය ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස ජලය හා වාතය තුළින් ගමන් කරන බව සොයාගෙන. එම පදනම මත මිනිස් කටහඬ ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට පත් කර තඹ කම්බියක් මගින් වෙනත් ස්ථානයකට යැවිය හැකි දුරකථනය නිර්මාණය කළා.

56
 ටිකෙන් ටික වැඩිදියුණු කළ දුරකථනය පළමුව රාජ්‍ය ආයතනවල හා ඉන්පසු ව්‍යාපාරික ආයතනවල භාවිතයට ගත්තා. ඉන්පසු රැහැන් සහිත දුරකථන ක්‍රමවේදය ටික ටික ප්‍රචලිත වූ අතර ගමක් වැනි කුඩා භූමි ප්‍රදේශයක පණිවිඩ හුවමාරු මාධ්‍ය බවට පත්වුණා. එය කාලයක් යනතුරුම පැවැති අතර ගමක සිට ඈත පළාතකට හෝ වෙනත් රටකට සන්නිවේදනයෙන් සම්බන්ධ වීමේදී ආයතන ගණනාවක් හරහා සම්බන්ධිකරණය කිරීමට සිදුවූවා.


 මාර්කෝනි ගුවන් විදුලිය සොයා ගැනීමත් සමඟ රැහැන් රහිත සන්නිවේදනය පිළිබඳ අවධානය යොමුවුණා. 1940 වසර වන විට දුරකථන සන්නිවේදනය දියුණු තත්ත්වයකට පත්වුණා.


දුරකථනය ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය ලෙස පැවැති යුගයක ජංගම දුරකථනය පිළිබඳව කතාවකුත් එකතුවුණා. ඒ 1973 වසරෙදි. දොස්තර මාටින් කූපර් විසින් ගඩොල් භාගයක් තරම් ලොකු (^Motorola Dyna TAC) ජංගම දුරකථනය නිර්මාණය කළා. එය කිලෝ එකකටත් වඩා බරින් වැඩියි. එම අවදියේ ජංගම දුරකථනයක මිල ලක්ෂ හතරක් පමණ වුණා.


 එම ගඩොල් භාග ජංගම දුරකථනය අපේ රටට එන්නේ 1989 වසරේදී.


අනූව දශකයේ මුල් භාගය වන විට කෝල්ලින්ක් කියාල දෙවැනි ජංගම දුරකථනයකුත් ලංකාවට ආවා. ඒ වනවිට ජංගම දුරකථනය යම් පරිවර්තනයකට ලක්වෙලා. එය ප්‍රමාණයෙන් කුඩා වූ අතර වැඩි කතා කාලයකුත් හිමිවුණා.


 1993 වසරෙදි තමයි තුන්වැනි ජංගම දුරකථන වර්ගය පැමිණෙන්නේ. එය එතරම් වේගයකින් ග්‍රාහකයන් අතරට ගියේ නෑ.


1998 වසරෙදි ලංකාවේ පළමුවෙනි ජංගම දුරකථන නෙට්වර්ක් එක පටන් ගත්තේ. එය ඉක්මනින්ම ග්‍රාහකයා අතර ජනප්‍රිය වුණා. ඒකට හේතු රාශියක් තිබෙනවා. පළමුවෙනි හේතුව කෙටි පණිවිඩ සේවාව. දෙවැන්න එහි සම්බන්ධතාවය කුඩා සිම්පතක තිබීම. ඒ වන විට ලෝකයේ සිම් කාඞ්පත් ක්‍රමවේදය දියුණු වෙමින් තිබුණා. එහි ප්‍රතිඵලය වුණේ දුරකථනය ප්‍රමාණයෙන් කුඩා වීම, බර අඩු වීම.


1999 වන විට ලංකාවේ ජංගම දුරකථන සමාගම් අතර ලොකු තරගයක් ඇතිවුණා. ඒ තරගකාරිත්වය නිසා විවිධ පැකේජ ග්‍රාහකයන්ට හඳුන්වා දුන්නා.
 2004 වසරෙදි සමාගමක් තවත් ආන්දෝලනයක් ඇතිකළා. ජී.එස්.එම්. (G.S.M.) සිම්පතට නොමිලේ කෝල් ගැනීමේ සේවාව ලබා දීමෙන්. මෙයත් සමඟම නව දුරකථන සේවා ජාලයක් ආරම්භ වුණා.


මේ විදියට ජංගම දුරකථන විවිධ රටවල විවිධ සමාගම් හඳුන්වා දුන්නා. ඔවුන් තමන්ගේ දුරකථන සේවාව ජනප්‍රිය කරවීම සඳහා විවිධ සේවාවන්ද හඳුන්වා දුන්නා. ඒ අතර වර්තමානයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ ඡායාරූපකරණය හා ජංගම දුරකථනය විශේෂ මාතෘකාවක් බවට පත්වුණා.


කැමරාවක් සහිත ජංගම දුරකථනයක් පිළිබඳ මුල්ම අදහස ගෙන ආවේ ඩැනියෙල් ඒ. හැන්ඩර්සන්, ඔහු නිර්මාණය කළ පළමු දුරකථනය ඇමෙරිකානු ඉතිහාසය පිළිබඳව කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා.


 පින්තූර බෙදා හැරීම සඳහා නිපදවූ ජංගම දුරකථනයේ ගෞරවය හිමිවන්නේ පිලිප් කාන්ට. ඔහු තමන්ගේම දරුවාගේ උපතේ පින්තූර ගෙන 2000 කට අධික පිරිසකට බෙදා හැරියා.


ඒ 1997 වසරේ ජූලි 11 වැනිදා. ඔහුගේ අදහස ක්‍රියාත්මක කරමින් ජපානයේ ෂාර්ප් (Sharp) සමාගම ජේ-ෆෝන් (J-Phone) නමින් වෙළෙඳපොළට ප්‍රථම වෙළෙඳ දුරකථනය හඳුන්වා දුන්නා. ග්රෑම් 74 ක් බර වූ එම දුරකථනයට වර්ණ තිරයක්ද ඇතුළත් වුණා. එම දුරකථනය හරහා අන්තර්ජාලයට සම්බන්ධවීමත් ඒ හරහා පින්තූර බෙදා ගැනීමේ හැකියාවත් ලබා දුන්නා.


2006 වන විට දුරකථන නිමවන සමාගම් රැසක් කැමරා සහිත ජංගම දුරකථන වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කළා.


 අදවන විට නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳගත් ජංගම දුරකථනය බාල, තරුණ, මහළු සියලු දෙනාට නැතුවම බැරි මෙවලමක් වෙලා.


 ජංගම දුරකථනයත් සමගම සෙල්ෆි කලාව සමාජගත වන්නේ ඒ වෙළඳ ආර්ථිකයේ එක් වෙළඳ උපක්‍රමයක් විදියට. ප්‍රමාණයෙන් කුඩා බරින් අඩු, වැඩ රාශියක් කරගත හැකි ජංගම දුරකථනය පරිණාමය වූයේ ඒ ආකාරයටයි.


තාක්ෂණික උපකරණ අපරික්ෂාකාරීව පාවිච්චිය එපා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත
මිනිසුන්ගේ සන්නිවේදන ක්‍රියාවලිය පහසුකිරීමට ජංගම දුරකථනය පාරිභෝගික සමාජයට හඳුන්වා දීලා තිබෙනවා. එවන් දේවල් අපි භාවිත කළ යුත්තේ මිතුරන්, ඥාතීන් හා රාජකාරි කටයුතුවල සන්නිවේදන කාර්ය පහසුකර ගැනීමට පමණයි.


ඒ නිසා අපි කල්පනා කරන්න ඕනෑ මේ සන්නිවේදන මාධ්‍ය පාවිච්චි කිරීමේදී ඒවා ආරක්ෂිතව භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන. අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන යටතේ ඇති නවීන අංගෝපාංග භාවිත කර ඡායාරූප ගැනීම වීඩියෝපට ගැනීම බොහෝ දෙනෙක් සිදුකරනවා. අපි ඒ හැම අවස්ථාවේදීම ඊට ඇබ්බැහි නොවී අපිට අවශ්‍ය දේ පමණක් තෝරා බේරාගෙන කිරීමට වගබලා ගන්න ඕනෑ.


සාමාන්‍යයෙන් අපි නිතරම කියන දෙයක් තමයි වාහනය පදවන විට ජංගම දුරකථනයෙන් කතා කරන්න එපා කියන එක. ඒ වගේම අනාරක්ෂිත ස්ථානවල ජංගම දුරකථන භාවිතය තහනම් කරලා තියෙන්නේ පුද්ගල ආරක්ෂාවට. අද බොහෝ දෙනෙක් ජංගම දුරකථන වලින් සෙල්ෆි ලබා ගැනීම සිදුකරනවා. එයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය පුද්ගලයන් සමඟ ඡායාරූප ලබා ගැනීමයි කළ යුත්තේ. ඒ තමාගේ ආරක්ෂාව සලසාගෙන.


අපිට පසුගිය කාලය පුරාම යම් යම් ඛේදවාචක අහන්න ලැබුණා. හේතුව අපරික්ෂාකාරීව තාක්ෂණික උපකරණ භාවිතයට ගැනීම. ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරනවා නම් අකල් මරණවලට හෝ අවාසනාවන්ත සිදුවීම් වලට ගොදුරු නොවේවි.

m

 



අදහස් (0)

“සෙල්ෆි” ගන්න ගිහින් වැනසෙන ජීවිත

සොපි Tuesday, 18 October 2016 12:06 PM

"තමා කේන්ද්‍ර කරගත් ආකල්ප රටාව නිරූපණය කරන එක් පැතිකඩක් තමයි සෙල්ෆි කියන්නේ " මහාචාර්ය තුමාගේ ඒ කතාව මසුරන් වටිනවා. (ර)

:       0       0

රුවන් Tuesday, 18 October 2016 06:17 AM

ස්මාර්ට් ෆෝන් නෙමෙයි ඕකට හේතුව හෑම ගෑහෑනියක්ම හිතන්නේ උන්දෑලා ලස්සනයි කියලා හතර වටේ ෆොටෝ ගහනවා තෑනක් නොතෑනක් නොබලා මොකද මම පාවිච්චි කරන්නෙත් හොඳ වර්ගයේ ෆෝන් එකක් ජීවිතේට සෙල්ෆි ගහලා නෑහෑ උවමනාවක් නෑති නිසා. (ර)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 19 October 2016 01:50 AM

සෙල්ෆි ගැනීම යනු ඛේදවාචකයක් නොව, වෙනස්වන තාක්ෂණික ලෝකයේ පාරිභෝජන හැසිරීම් රටාවට එක්වන තවත් එක් හැසිරීමකි. මෝටර් රථ මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ ඒවයින් රේස් දුවන්න නොව පුද්ගල ප්‍රවාහනය සඳහායි. මේ හා සංසන්දනය කරනවිට සෙල්ෆි ගැටලුව සමාජ විද්‍යාත්මකව හදාරන්න තරම් ගැඹුරු ප්‍රශ්නයක් නොවේ. ශ්‍රී ලංකාව වැනි අර්ධ දියුණු රටක සමාජ විද්‍යාත්මකව හැදෑරිය යුතු ප්‍රශ්න දහසක් තිබියදී අපි නොගැඹුරු දියක දන්ඩින් සහ තිත්තයින් ගැන කතා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 584 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 104 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1032 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 131 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 225 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 444 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 721 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site