IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ස්වාධීන නිදහස් චින්තනයෙන් විදුදය බැබළවූ යතිවරයාණෝ

එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයකුද වූ, ස්වාධීන නිදහස් චින්තනයෙන් මෙරට භික්ෂු පරපුරට  නව මංපෙත් සෑදූ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගේ 117 වැනි ඡන්ම දිනය පසුගිය 9 වැනිදාට යෙදී තිබිණි. මේ සටහන ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාම බුද්ධ ශ්‍රාවකයන් වුව ද උන්වහන්සේලා බෞද්ධ සමාජයේ ක්‍රියාකාරී වන විදිය හා හැසිරීම් රටාව අනුව ගිහි සමාජය හඳුනා ගනු ලබන්නේ විවිධ ස්වරූපයන්ටය ඒ අනුව ඇතැම් හාමුදුරුවරු බිස්නස් කරති. ඇතැමුන් දේශපාලකයන්ට කඩේ යති. ඇතැමුන් විහිළු කාරයෝය. ඇතැමුන් මන්තර ජප කරන්නෝ වෙති. ඇතැමුන්  නිවන ගැනම කියමින් එම මාර්ගය හොයන්නෝ වෙති. ඇතැමුන් සමාජය ධර්මයෙන් ඥානය කරන්නෝය. ඇතැමුන් සමාජ සේවකයෝය. ඇතැමුන් පූර්වාදර්ශ චරිතවලින් හෙබි දාර්ශනිකයෝය.

ශාසනික සමාජය තුළ විවිධ ගති ගුණ හුරු පුරුදු වී එකම සඟ වැලක ජීවත් වන ජාතියේ මුර දේවතා නමින් ඉතිහාසය උරුම කරදුන් භික්ෂු  චරිත අතර අපේ මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවන් අගය කළ හැක්කේ කුමන පදනමක සිට ද යන්න වටහා ගැනීම මෙම ලිපියේ අරමුණයි.

වල්පොළ රාහුල  හාමුදුරුවන් වහන්සේ උපත ලබන්නේ දකුණේය. දෙපාරක්ම පැවිදි වූ උන්වහන්සේ පළමු  නාමය වූයේ වල්පොළ පියදස්සි යන  නාමය. දෙවන වර පැවිද්දත් සමග පියදස්සි යන නාමය වෙනුවට රාහුල යන නම භාවිත විය. රාහුල හාමුදුරුවන්ගේ චින්තනය හරිම අමුතු එකක් විය. සාම්ප්‍රදායික භික්ෂුවක් විදිහට එලෙස වත් පිළිවෙත් අනුගමනය කිරීම ද සම්ප්‍රදායට ගරු නොකර නිවැරැදි චින්තනය නිවැරදි ලෙසම අනුගමනය කරන්නට යාමද උන්වහන්සේගේ චරිතයෙහි  දක්නට ලැබුණු ප්‍රමුඛ අදහසක් විය. එසේම සමූහයෙන් වෙන්ව ශාස්ත්‍රීය ලෝකය තුළ නිවැරැදිව බුදු දහම හඳුනා ගන්නටත් තමා හඳුනාගත් බුදු දහම සමාජ ගත කරන්නටත් උන්වහන්සේ උත්සුක වූහ. මිථ්‍යාවෙන් වැසී එම මිථ්‍යා අන්ධකාරයට බුදු දහම යැයි හඳුනාගෙන එය පෝෂණය කරන සමාජය දෙස උපේක්ෂාවෙන් බැලු උන්වහන්සේ  මිථ්‍යාවෙන් ධර්මය පෙරා වෙන්කර හඳුනාගන්නා ආකාරය සමාජයට ලේඛනය හරහා කියා දුන්හ.

දේශනයට වඩා ලේඛනය සමාජ සන්නිවේදනයේ ලා ප්‍රබල මාධ්‍යයක් ලෙස හඳුනාගත් උන් වහන්සේ සත්‍යෝදය නැමති පත්‍රිකා පෙළ ලියා පළ කරනු  ලැබුවේ ඒ අනුවය. පසුව සත්‍යෝදය කතා නමින් කෘතියක් ලෙස පළවිය. නිවැරැදි ලෙස දහම ද බෞද්ධ පූජා ක්‍රමද හඳුනාගත  යුත්තේ කුමන ආකාරයෙන්ද? යනුවෙන් එම කෘතියෙහි ලා උන්වහන්සේ පැහැදිලි කළහ. බෞද්ධ ආගමික චාරිත්‍ර ධර්මවල පවතින දාර්ශනික අරුත් උන්වහන්සේ පැහැදිලි කළ අතර වර්තමානයේ නිරාගාමිකයන් යයි කියා ගන්නා බෞද්ධ ආගමික විරෝධීන්ට වුවද අතිශයින් කියවා දැනුම ලබා ගත හැකිය. පූර්වාදර්ශී චරිතයකින් හෙබි දාර්ශනිකයකු  වූ අපේ මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවන් පිළිබඳ සඳහන් කරන තැනක උන්වහන්සේ ලියූ ශාස්ත්‍රීය කෘති පිළිබඳව සිහිපත් නොකරම බැරිය. උන්වහන්සේගේ චරිතය අපට වැදගත් වන්නේ අංග කිහිපයක් යටතේය. එනම්

 1 ශාස්ත්‍රීය ලේඛකයකු වශයෙන් ලියා ඇති ග්‍රන්ථවල අකාලික වටිනාකම.

  2. සිංහල සංස්කෘතික සමාජ දර්ශනයේ අනාගතය දෙස බැලු ඉසිවරයකුගේ චරිතයක් ලෙස.

 3 ශාස්ත්‍රිය විද්වත් ආයතන පරිපාලකයකු ලෙස

 4. අභීත සහ අදීන චින්තනයකින් පිරිපුන් මතවාද සන්නිවේදකයකු ලෙස ආදී වශයෙන්ය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සම්ප්‍රදායේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ පසු පැවිදි ශිෂ්‍යයා වූ වල්පොළ රාහුල හාමුදුරුවෝ පළමු භික්ෂු උපාධිධාරියා ද විය. එක් දහස් නවසිය හැට හය වර්ෂයේ උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයා වශයෙන් පත්විය. තම තනතුර රැකගෙන නව චින්තන මාවතකින් තොරව ඇමතිවරයා අසල දණින් වැටීම අද මෙන් එදා තිබූ උප කුලපති තනතුරේ ස්වාභාවයයි. රාහුල හාමුදුරුවන්ගේ පරිපාලන සහ ඉසිවර චින්තනය එම ක්‍රමයට හාත්පසින්ම වෙනස්ම එකක් විය ඒ නිසාම ස්වාධීන නිදහස් චින්තනය ගරු කළ උන්වහන්සේ ඇමතිවරයාට පොල්කට්ටෙන් වසා තැබිය හැකි උප කුලපතිවරයකු නොවීමද්‍ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ අයෝමය උප කුලපතිවරයා යන නාමය හිමියන්ට පට බැඳුණි. පසුව උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ද වූහ.

  හතළිහ දශකයේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන  හා සම්බන්ධ වීම රාහුල චරිතය රටට ද ජාතියටද, ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට ද මහඟු මෙහෙවරක් විය. පෑලියගොඩ විද්‍යාලංකාරය එවකට පිරී තිබුණේ ප්‍රඥාාව සහ මානව හිතවාදය පිරුණු කහපාට ඊතලයක් ලෙසය. එකී අභීත ජාතික මතවාදයේ පුරෝගාමියා වූයේ යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමිපාණන් වහන්සේය. මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී වැනි ශාස්ත්‍රීය නිහතමානී ප්‍රතාපවත් ප්‍රගතිශීලි භික්ෂු චරිත හා එකතුව නිදහස අධ්‍යාපන පනත වෙනුවෙන් කළ අපරිමිත චින්තන සටන අතර මග නතර කර දැමීමට එවකට ප්‍රභූ දේශපාලන නායකත්වයටත් නොහැකි විය.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ඇතුළු විද්‍යාලංකාර යති සම්ප්‍රදායේ දේශපාලන අදහස වූයේ පරෝපකාරී දාර්ශනික චින්තනයෙන් පිරිපුන් දේශපාලනය කරා පාලකයන් මෙහෙය වීමය. ඡන්දය නොයිල්ලීම දේශපාලන තනතුරු ලබා නොගැනීම පාර්ලිමේන්තු නොයාම යන මතවාදයේ සිට භික්ෂුව දේශපාලනයට දායක විය යුතුය යන්නයි.

මහාචාර්ය වල්පොළ රාහුල හිමිපාණන් වහන්සේගේ චරිතය වර්තමාන ශාසනික නිකායයන්හි මහානායක සහ කාරක සංඝ සභිකයන්ට ද විද්වත් සහ එසේ නොවන සියලුම භික්ෂු පරපුරට ද ශ්‍රී ලාංකේය බව හඳුනන සහ නොහඳුන සියලුම සංඝයා වහන්සේලාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති, පක්ෂ නායක ජනාධිපති යන සියලුම තනතුරු දරන දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට ද රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සිටින සියලුම නිලධාරීන්ට ද ආගමික හා ජාතිකත්වයෙන් යුතු සහ නොයුතු සියලුම මානව ප්‍රජාවට ද කියා දෙන පණිවිඩ බොහෝය. මහාචාර්ය වල්පොළ රාහුල චරිතය නැවත නැවත ද කියවිය යුතු වන්නේ එම නිසාය. ‘‘මේ රටේ නිදහස් චින්තනයක් සභිත විශිෂ්ට දර්ශනයක් තිබුණත් මේ රටේ නිදහස් නිවහල් මිනිස්සු නෑ’’ යනුවෙන් උන්වහන්සේ කළ ප්‍රකාශය සිංහල රටට නිගාව පිණිස කියු කාරණයක් නොවේ. නැවත නැවතද හිතන්න සිංහල මනස යොමු කරවීම සඳහා කරනු ලැබූ ප්‍රකාශයකි.

 

(***)
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි



අදහස් (2)

ස්වාධීන නිදහස් චින්තනයෙන් විදුදය බැබළවූ යතිවරයාණෝ

sumanasiri Friday, 17 May 2024 10:30 AM

රටේ අවාසනාවකට මෙවන් යතිවරුන් බිහිවුණේ අල්පමාත්‍රයෙනි ,මුන් වහන්සේ ගැන ලංකාව තුළ දන්නා මිනිසුන්ද අල්පය හේතුව ,සත්‍යට අවිධ්‍යාවෙන් අන්ධ වුණු මිනිසුන් අකමැතිය

:       1       2

නෙළුම් Friday, 17 May 2024 02:15 PM

ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධයන් කරන විකාර දුටුවිට ඇති වන්නේ කමිපාවකි. ඔවුන් ප්‍රතිපත්ති ගරුක නැත. වර්තමානයේ බහුතර භික්ෂූන් වහන්සේ ද කරන්නෙ දේශනා කිරීම මිස ප්‍රතිපත්ති ගරුක නැත. දායකකයා පිනට දහමට යොමු කරනවා වෙනුවට ආරාම වැඩි දියුණුව කර ගනිමින් වැඩ වාසය කරති . වල්පොල රාහුල මහා යතිවරයාාණන් වහන්සේ වැනි උත්තම සංඝ පීීතෘන් වහන්සේලා වඩාත් වැදගත් වන්නේ අදටයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 74 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 249 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 85 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 85 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 249 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 479 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site