දශක තුනක කාලයක් පුරා මේ රට විනාශ කරමින් පැවැති යුද්ධය 2009 දී අවසන් වීමත් සමග විශාල සංවර්ධනයක් රටපුරා ආරම්භ විය. මේ සංවර්ධනයත් සමග රටපුරා විශාල පිබිදීමක් ඇතිවූ බව පිළිගත යුතු කරුණකි. ගසාකෑම්, කොමිස් ගැසීම්, මුදල් නාස්තිය පිළිබඳව විවිධ කතාබහ චෝදනා පවතී. මේ අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡුා නොකරමි. අද පවතින තවත් අර්බුදයක් පිළිබඳ කතාබහක් පවතී. එනම් රටේ සංවර්ධන කටයුතු බොහොමයක් මුදල් නොලැබීම නිසා ඇනහිට ඇති බවයි.
සංවර්ධන කටයුතු ඇනහිටීමේ ප‍්‍රශ්නය එක එල්ලේම බලපාන්නේ මේ රටේ දුගී දුප්පත් ජනතාවටය. සංවර්ධන ව්‍යාපෘතියකදී ශ‍්‍රම දායකත්වය ලබා දෙන්නේ දුගී දුප්පත් ජනතාවය. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් නිම කිරීමට බාරගන්නා සමාගමක් එම කටයුතු සඳහා බර වාහන සපයන්නන්, ශ‍්‍රමිකයන්, ද්‍රව්‍ය සපයන්නන්, මැණුම් කටයුතු, විදුලිය සැපයීම, මාර්ග සලකුණු ආදී වශයෙන් විවිධ කටයුතු සඳහා අතිවිශාල පිරිසකගේ දායකත්වය ලබාගනී. ශ‍්‍රමදායකත්වය ලබාදෙන පිරිසගෙන් සියයට 95ක්ම දුගී දුප්පත් ජනතාවය.
මේ පිරිස ස්ථිර සේවකයෝ නොවන අතර බොහෝ විට සේවා අවශ්‍යතා මත දිනක වැටුපට හෝ මාසික වැටුපට හිමිකම් කියති. එසේම ඔවුන් කොන්ත‍්‍රාත් පදනම යටතේද සේවයට ගනී.
සංවර්ධන වැඩ කටයුතු අඩාලවීමෙන් මෙම ජනතාවට ජීවත්වීමේ මාර්ගය අහිමිවී ඇත. බර වාහන ෆිනෑන්ස් කර ලබාගත් පිරිස්වලට ෆිනෑන්ස් ගෙවා ගැනීමට නොහැකිවී ඇත. ඉදිකිරීම් සඳහා ද්‍රව්‍ය සැපයූ පිරිස්වලට නැවත භාණ්ඩ මිලදී ගැනීමට පෙර ණය ගෙවීමට නොහැකිවී ඇත. උදාහරණයක් වශයෙන් කළුගල් සපයන්නෙක් වාහනවලට පැටවීම සඳහා යොදන කුලීකරුවන්ට වැටුප් ගෙවිය යුතුවේ. එම ගල් වෙනුවෙන් ගෙවිය යුතුවේ. වාහනවලට අවශ්‍ය ඉන්ධන සැපයිය යුතුවේ. මේ සියල්ල බොහොමයක් ස්ථානවල ඇනහිට තිබෙන බව වාර්තාවේ.
රටකට වැඩිදියුණුකළ මාර්ග ජාලයක් අවශ්‍ය වන්නේ පහසු ප‍්‍රවේශයක් සඳහාය. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාය. පසුගිය රජය 2007 සිට 2017 දක්වා වූ ජාතික මාර්ග සංවර්ධන සැලැස්මක් සකස්කර තිබිණි. අද සංවර්ධන කටයුතු බොහොමයක් අතරමග නතරවී ඇති බවට චෝදනා ඇත. සංවර්ධන කටයුතු නතරවීමත් සමග අතිවිශාල පිරිසකට රැුකියා අහිමිවී ඇත. කොන්ත‍්‍රාත්කරුවන්ට හා උප කොන්ත‍්‍රාත්කරුවන්ට හිඟ මුදල් ලබා නොදීම නිසා සැපයීම් කිරීමට හා සේවා ලබාදීමට නොහැකිවී ඇත. බර වාහන හිමිකරුවන්ට ෆිනෑන්ස් මුදල ගෙවා ගැනීමට නොහැකිවී ඇත.
මාර්ග සංවර්ධනය වෙනුවෙන් ඉඩම් පවරා ගන්නා ලද බොහොමයක් දෙනාට වන්දි මුදල් ගෙවීමද ඇනහිට ඇත. තම නිවස පාරට කඩා දැමීම නිසා එම වන්දි මුදලින් වෙනත් ස්ථානයක නිවසක් මිලදී ගැනීමට සිටි ජනතාවට උන්හිටිතැන් අහිමිවී ඇත.
ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු වහාම අවසන් කරන ලෙසට ඉල්ලා බොහොමයක් ප‍්‍රදේශවල ජනතා උද්ඝෝෂණ ආරම්භ කර ඇත. පානදුර-මොරටුව පරණ පාරේ කිලෝ මීටර් 9.00ක දුර ප‍්‍රමාණයක් සංවර්ධන කටයුතු අවසන් කරන ලෙස ඉල්ලා පසුගිය දිනක ප‍්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත විය.
සංවර්ධනය සඳහා කඩාදමන ලද මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු නතරවී ඇත.
හෝමාගමxහංවැල්ල මාර්ගයේ ඉදිකිරීම් අතරමග නතරවීම පිළිබඳ විරෝධය දක්වා ප‍්‍රදේශවාසීන් මාර්ගය අවහිරකර විරෝධතාවයක යෙදී ඇත. මෙම මාර්ගය ඉදිකරනු ලබන කොන්ත‍්‍රාත්කරුට රුපියල් මිලියන 65ක මුදලක් ගෙවීම ප‍්‍රමාදවීම නිසා ඉදිකිරීම් කටයුතු ඇනහිට ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අපි දේශපාලන නියෝජිතයන් කිහිප දෙනකුගෙන් තොරතුරු විමසීමු.
අපි සංවර්ධන කටයුතු කිසිම විදියකට නතර කරන්නෙ නැහැ. ඒක අපේ රජයේ ප‍්‍රතිපත්තියයි. නමුත් අපට ව්‍යාපෘති ගණනාවක කටයුතු ප‍්‍රසම්පාදනය වී ඇති ආකාරය නැවත සලකා බැලීමට සිදුවී තිබෙනවා. ටෙන්ඩර් ලබාදී ඇති ආකාරය, ඒවායේ ගණන් හිලව් නිවැරදි ද යන්න යළි සොයා බැලීමට සිදුවී තිබෙනවා. දැනට කරමින් පවතින ව්‍යාපෘති ගණනාවක හා ඉදිරියට ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු වෙනවා.
|
එක්සත් ජාතික පක්ෂය 2001-2005 කාලයේදී බලයට ඇවිල්ලත් රටට කරපු දෙයක් නැහැ. දින 100 වැඩපිළිවෙලක් කියල ගමේ පාරක්වත් හැදුවෙ නැහැ. අඩු ගානේ ප‍්‍රාදේශීය සභාවෙන් ගමේ ලයිට් කණුවකට විදුලි බුබුලක් දාන්න තරම්වත් සල්ලි දුන්නෙ නැහැ. ලංකාවේ ජල සම්පාදන ව්‍යාපෘති සියයට 90කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට නතර වෙලා. යහ පාලනය කියලා කරපු දෙයක් නැහැ. ගමේ සංවර්ධනය නතර වෙලා. දැන් ගමට යන්න බැහැ. මිනිස්සු බනිනවා. ජනතාවට බොරු පොරොන්දු දුන්නට ඒවා ඉටු කළේ නැහැ. ගම්වල ව්‍යාපෘති වගේම අනෙකුත් ව්‍යාපෘතිවල කොන්ත‍්‍රාත්කරුවන්ට හිමි මුදල් සියයට 80ක් ලබාදීල නැහැ. ඒ මුදල් නොමැතිවීම නිසා කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් සෘජු හා වක‍්‍ර රැුකියා ලබා සිටි කළුතර දිස්ත‍්‍රික්කයේ පමණක් 10,000කට ආසන්න පිරිසකට අද රැුකියා අහිමි වෙලා. ඔවුන් මහපාරට වැටිලා. මහා පරිමාණ ව්‍යාපෘතිවල උප කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සෘජු හා වක‍්‍ර රැුකියා කළ අතිවිශාල පිරිසකට රැුකියා අහිමි වෙලා. සංවර්ධනය කියන්නෙ මේකද? මුළු රටම අක‍්‍රීය වෙලා. මිනිස්සුන්ට රැකියා අහිමිවෙලා පාරට වැටිලා. |
ගිය රජය මේ රටේ සෑම ගමකම, සෑම ආසනයකම, සෑම ග‍්‍රාම සේවා වසමකටම සංවර්ධනය සඳහා යම් මුදලක් ලබා දුන්නා. 2015 ට ආසනයකට ග‍්‍රාමසේවා වසම් අනුව රටේ සංවර්ධනයට මුදල් වෙන්කර තිබුණා. නමුත් අලූත් රජයෙන් කිසිම ගමක සංවර්ධන කටයුත්තක් සිදුවී නැහැ. මේක දිගින් දිගටම එහෙමයි. තවම කිසිම වැඩපිළිවෙළක් නැහැ. දැන් රජයට මාස 4ක් 2015 වර්ෂයට සංවර්ධනයට වැය කළ මුදල් පුනරාවර්ථන වියදමට වැඩි කරගෙන තිබෙනවා. විදේශ බැංකුවලින් දෙන ලද මුදල් පවා මේ අය අත්හිටුවා. ගාන වැඩියි කියලා පරීක්ෂා කිරීමට වැඩ නතර කළා. අද වනවිට කොළඹ වරාය නගරය ඉදිකිරීම පවා අත්හිටුවා තිබෙනවා. මා පළාත් මාර්ග ඇමැතිවරයා වශයෙන් සිටියදී 2013/2014 වර්ෂවල සෑම ගමකම කිලෝ මීටර් 25ක ප‍්‍රමාණයක් කාපට් කළා. කිලෝ මීටර් 10ක් 15ක් කොන්ක‍්‍රීට් කළා. සෑම ආසනයකම මාතෘ සායන, පොළවල්, ශරීර සුවතා වර්ධනයට මංතීරු හැදීමට අවම වශයෙන් මිලියනයක් වෙන් කළා. ප‍්‍රජාවගේ ඉල්ලීම මත මුදල් වෙන් කළා. සංවර්ධනයේදී පාලම්, බොක්කු., පාරවල්, සායන මේ සියල්ල මිලියන 1ට වඩා අඩු වියදමක් යන ව්‍යාපෘති. ගමේ ජනතාවගේ සහභාගිත්වයෙන් සිදුවුණා. ඒ ව්‍යාපෘතිවල යෙදී සිටි අයට රැුකියා අහිමිවී ගියා. ග‍්‍රාම සංවර්ධන සමිතිවලට අද වැඩ නැහැ. මේ කර්මාන්ත සංවර්ධනය වීමත් විශාල ව්‍යාපෘති නතරවීමත් නිසා ඔවුන් ළඟ සේවය කළ අයට නිකන් තියාගෙන වැටුප් ගෙවීමට නොහැකි නිසා සේවය නතර කර තිබෙනවා. බස්නාහිර පළාතේ පමණක් ලක්ෂ 1 1/2කට අධික පරිසකට මේ අවුරුද්ද කන්න බැරි වුණා. සුළු කොන්ත‍්‍රාත්කරුවන්ටත් වැඩ නැහැ. ඒවාගේ කළ වැඩවලට මුදල් ගෙවලත් නැහැ. බැංකු ණය ලබාගන්න කොන්ත‍්‍රාත් බාර ගත් අයට බැංකු ණය ගෙවා ගන්න බැරි වුණා. මුළු රටේම සංවර්ධන කටයුතු මුදල් නැතිකමින් ඇන හිටලා. ලක්ෂ 4කට අධික පිරිසකට රැුකියා අහිමි වෙලා. විශේෂයෙන් ග‍්‍රාම සංවර්ධන සමිතිවල තමන්ගෙ සාමාජිකයන්ගෙ මුදල් සංවර්ධන වැඩවලට යොදවලා පසුව පියවා ගන්නවා. ඒ සියල්ල නතර වෙලා. උප කොන්ත‍්‍රාත්කරුවන් ඉතාමත් අසීරුතාවකට පත්වෙලා. ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් ග‍්‍රාම සංවර්ධන සමිති 500කට ආසන්න ප‍්‍රමාණයක් අසීරුවට පත්වෙලා. |
පසුගිය මැතිවරණ කාලයේදී යම් ප‍්‍රමාදයන් සිදුවී තිබුණා. නැවත ඒ කටයුතු කෙරීගෙන යන පාටක් පේනවා. මේතාක් කරමින් යන වැඩ කටයුතු කෙරී ගෙන යනවා. රජයක් ආවම අලූතින් මුදල් සම්පාදනය කර සංවර්ධන කටයුතු ගෙන යාමට සාමාන්‍ය කාලයක් ගත වෙනවා. අපිට තියෙන සැකය යළි මැතිවරණයක් ආවොත් ප‍්‍රමාදය ඉදිරියටත් සිදුවේවි. කල්යෑමත් වේවි. ඒ හැර වෙනත් වෙනසක් හෝ ප‍්‍රමාදයක් මා දකින්නේ නැහැ.
|
මාර්ග සංවර්ධන කටයුතුවලට මට හිමි ටිපර් රථය කොන්ත‍්‍රාත් පදනම මත ලබා දුන්නා. වසර 4ක කාලයකට ෆිනෑන්ස් කර ලබාගත් මෙම ටිපර් රථයට මාසිකව රුපියල් 96,000ක් ගෙවිය යුතුව තිබුණා. ඊට අමතරව ඉන්ධන නඩත්තු කටයුතු හා රියදුරාට වැටුප් ගෙවීම මගේ අතින් කළ යුතුව තිබුණා.
|
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංවර්ධනේ නැවතිලාද ?
හෂාන්- මෙල්බර්න් Sunday, 17 May 2015 02:19 PM
යහපාලනයේ ප්‍රතිඵල තමයි මේ....කුම්බලා මාළු කෑවනම් දුක් විඳපන් බළලෝ.....(බ)
කුමාර Saturday, 16 May 2015 04:44 AM
ඇස් දෙක ඇරගෙන ලංකාව වටේ රවුමක් යන්න. බලන්න සංවර්ධන වැඩ වෙනවද නැද්ද කියලා. (නි)