කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන් වහන්සේ අද (26) 88 වැනි වියට එළඹෙති. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ශ්‍රී ලාංකික ශාසන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එකතු කරමින් ලාංකික සඟ පරපුරට පුනර්ජීවනයක් උදා වූයේ වර්ෂ 1803 දී බෝධිසත්ව ගුණෝපේත මහා ධම්ම රාජාධිරාජගුරු වැලිතර ශ්‍රී ඥානවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුරුම රටෙහි දී උපසම්පදාව ලබා ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට ශ්‍රී ලංකා අමරපුර නිකාය ස්ථාපිත කිරීමෙනි.
උන්වහන්සේගෙන් ආරම්භ වූ අමරපුර නිකාය පසුව සඟ පරපුර පහක් ඔස්සේ ඉතා ශීඝ්‍රයෙන් ලක්දිව පුරා විහිදී පැතිරී ගියේය. එම සඟපරපුර පසුව නිකායන් 22 ක් දක්වා සංවිධාන ගත වූයේ ඒ ඒ නිකායන්ට අයත් මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදය ඇතිව තම අනන්‍යතාවන් ආරක්ෂා කරමිනි.
වර්ෂ 1952 දී නිකායන් 15ක එකඟතාව මත සමස්ත අමරපුර මහා සංඝ සභාව පිහිටුවා ගත් අතර එහි ප්‍රථම සභාපතිධුරය දැරුවේ බේරුවල සිරිනිවාස මහා නායක මාහිමිපාණන් වහන්සේය. පසුව මාපලානේ පඤ්ඤාලංකාර, උදම්මිට ධම්මරක්ඛිත, බලංගොඩ ආනන්ද මෛත්‍රී, මඩිහේ පඤ්ඤාසීහ යන මහ නායක යතිවරයන් වහන්සේලා සභාපතිත්වය හෙබවූහ.
වර්ෂ 1962 දී පාර්ශ්ව 22 ම ඒකාබද්ධව ඉතා ශක්ති සම්පන්න ලෙස විධිමත් ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවාගන්නා ලද අතර, එහි සභාපති ධුරයට පත් වූයේ අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක මාහිමිපාණන් වහන්සේය.
ඉන්පසු කොස්ගොඩ ධම්මවංශ, මඩිහේ පඤ්ඤාසීහ, අහුන්ගල්ලේ විමලනන්දි, කන්දෙගෙදර සුමනවංශ, බෝයගම විමලසිරි, කොටුගොඩ ධම්මාවාස, දොඩම්පහළ චන්ද්‍රසිරි යන මහා නායක මාහිමිපාණන් වහන්සේලා පිළිවෙළින් සභාපති ධුරය හෙබවූහ.
මේ වන විට එම සභාපතිධුරය හොබවනු ලබනුයේ සාහිත්‍යශූරී ගන්තුනේ අස්සජි මහ නායක මාහිමිපාණන් වහන්සේ විසිනි.
1992 දී සම්මත කර ගන්නා ලද ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සඳහා උත්තරීතර මහා නායක ධුරයක් ස්ථාපිත වූ අතර ප්‍රථම උත්තරීතර මහා නායක ධුරයට පත්වූයේ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේය. ඉන්පසු එම ධුරයට දවුල්දෙණ ඤාණිස්සර මහා නායක මාහිමිපාණන් වහන්සේ පත් වූ අතර උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු එම උත්තරීතර ධුරය හොබවනු ලබනුයේ අද 88 වැනි වියට පා තබන අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක මාහිමිපාණන් වහන්සේ විසිනි.
1933 ජනවාරි 26 වැනිදා උපත ලද මෙම කුමරා දෙමව්පියන්ගේ අවසරය පරිදි පැවිදි බිමට පත්වූයේ 1948 අගෝස්තු 17 වැනිදාය. උපසම්පදා ශීලය ලදුයේ 1954 ජුලි 10 වැනිදා කළුතර උදකුක්ඛේප සීමාමාලකයේදීය.
තම ගුරුදේවයන් වහන්සේලා වෙතින් මූලික බණ දහම් උගෙන පසුව අධ්‍යාපනය ලැබීමට රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනට ඇතුළත් වූ පසුව භාෂාත්‍රයෙන්ම උසස් අධ්‍යාපනය ලැබුවේ බද්දේගම පියරතන මහා පඬිවරුනේ සෙවනේ මාලිකාන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙනි.
තම ගුරු දේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත්වන අපේ ධම්මාවාස හාමුදුරුවෝ මේ වනවිට ගුවන් විදුලියේත්, නිවෙස් හා පන්සල්වලත් ධර්ම දේශනා පවත්වමින් පුවත්පත්, සඟරා ආදියට ද දහම් ලිපි හා කාලීන ලිපි ලියා පළ කිරීමෙනුත් සෑහෙන ජනප්‍රියතාවයට පත්ව සිටිති.
විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ළමා සමාජ, තරුණ සමිති පිහිටුවා ප්‍රදේශයේ සමාජ සුබසාධන කටයුතුවල ද නිරත වෙති.
එදා ලක්දිව වැඩසිටි ඉතාමත් ජනප්‍රිය ධර්ම දේශකයන් වහන්සේලා වූ වජිරාරාමාධිපති නාරද, හීනටියන ධම්මාලෝක, කොටිකාවත්තේ සද්ධාතිස්ස, පිටකෝට්ටේ සෝමානන්ද, කළුකොඳයාවේ පඤ්ඤාසේකර වැනි මාහිමිපාණන් වහන්සේලාගෙන් පසු විචිත්‍ර ධර්ම දේශකයකු ලෙස ඒ තැන හිමිකර ගත් ස්වාමින් වහන්සේලා අතර ප්‍රමුඛත්වයට පත්වූයේ කොටුගොඩ හාමුදුරුවන් වහන්සේය.
ක්‍රමයෙන් අමරපුර පාර්ශ්වයේ තනතුරු සඳහා පත් වූ නාහිමිපාණෝ 1970 දී කාරක සංඝ සභික ධුරයට හා සම්මාන නායක ධුරයකට ද, 1981 දී ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට හා 1990 දී එම පාර්ශ්වයේ අනුනායක ධුරයට පත් වූහ. ඒ සමගම ස්ව පාර්ශ්වයේ ලේඛකාධිකාරී ලෙස ද තෝරා පත්කර ගනු ලැබුවේ උන් වහන්සේගේ ක්‍රියාශීලීත්වය නිසාවෙනි. කොටුගොඩ අනුනාහිමිපාණන් එම පාර්ශ්වයේ මහා නායක ධුරයට පත්වූයේ 2016 දෙසැම්බර් 17 වන දින එවකට එම ධුරය දැරූ අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේගේම යෝජනාවකට අනුවය.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සමගිය හා අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ 1980 දී එහි සම ලේඛකාධිකාරී ලෙසද, 1992 දී මහා ලේඛකාධිකාරී ලෙස ද පත් වූ අතර, ඒ සේවා කාලය තුළ එනම් වසර පහළොවක පමණ කාලයක් තුළ අමරපුර සංඝ සභාව යාවත්කාලීන කිරීම, අමරපුර මහා නිකායට කතිකාවතක් හා සංඝාධිකරණ පනතක් සකසා සම්මත කර ගැනීම, ශක්ති සම්පන්න හා විධිමත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ සුවිශේෂී ශාසනික මෙහෙයන් ලෙස හඳුන්වා දීම වටී.
2008 ඔක්තෝබර් 03 වැනිදා සභාපති ධුරයට පත්වන කොටුගොඩ මහා නායක හාමුදුරුවන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රේෂ්ඨතම පදවිය වූ උත්තරීතර මහා නායක ධුරයට පත්කරගනු ලබන්නේ 2017 මැයි මස 26 වැනිදාය.
මේ වන විට ආසියාවේ හා යුරෝපයේ බොහෝ රටවල ධර්ම දේශනා හා සම්මේලනවලට වැඩම කොට ජාත්‍යන්තරව ද කීර්තියක් අත්කර ගත් අතර මියන්මාරයේ ශ්‍රී ලංකාරාමයේ හා නේපාලයේ චාරුමතී විහාරස්ථානයේ විහාරාධිපති ලෙස ද කටයුතු කරති.
රටේ ජාතික හා ආගමික ප්‍රශ්නවලදී ඉතා වැදගත්ව, සන්සුන්ව අදහස් ප්‍රකාශ කරන අපේ උත්තරීතර මහා නායක මාහිමිපාණන් වහන්සේ, සෙසු නිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ හා පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන්ගේත්, බුද්ධිමතුන්ගේත් ගෞරවාදරයට පත් වී ඇත්තේ ඒ වැදගත් හා ප්‍රසන්න දේශනා විලාසය නිසාවෙනි.
බුරුම රාජ්‍ය මගින් අග්ගමහාපණ්ඩිත ගෞරව නාමය හා තවත් දේශීය විදේශීය රටවලින් හා ආයතනවලින් ලැබුණ ගෞරව සම්මාන අපමණ වුවත් උන්වහන්සේගේ නිහතමානී ගුණය නිසා ඒවා භාවිතයට නොගනිති. අපේ කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නාහිමිපාණන් මීට පෙර අරලියගහ මන්දිරයේදී පැවැති ධර්ම දේශනාවෙන් අනතුරුව එදා ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා විසින් පූජා කරන ලද පර්චස් 14 ක පමණ වැල්ලවත්තේ ඉඩමෙහි අද අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය තෙමහලකින් සමන්විතව අංගසම්පූර්ණ ලෙස සාදා 2020 වසරේ අගෝස්තු 15 වැනිදා උන්වහන්සේට උපහාර පිණිස පූජා කරන්න ලැබීම අපට මහත් සතුටකි.
දැනට ගිලන්ව වැඩ සිටින අපේ උත්තරීතර මහා නායක මාහිමිපාණන් වහන්සේගේ දුක සැප බලමින්, සියලු අවශ්‍යතා ඉටුකරන ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට අප පින් දෙනුයේ උන්වහන්සේ කළ ජාතික, ආගමික සේවාව ඇගයීමට ලක් කරමින් සිදුකරන්නා වූ අපරිමිත ගෞරවය නිසාවෙනි.
එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාහිමිපාණන්ගේ පහසුව තකා විදුලි සෝපානයක් පූජා කිරීම ද කෘතවේදීව සිහිපත් කරමි. උන්වහන්සේ දිවියේ 88 වසරට එළඹෙන අද (26) දායක සභාව හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එක්ව සාංඝික දානමය පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එසේම අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සංවිධානයෙන් ඉකුත් 21 වැනිදා රාත්‍රි 07.00 ට ඓතිහාසික කළුතර බෝසමිඳුන් අභියස දී බෝධි පූජාමය පින්කමක් හා සෙත් පිරිත් සජ්ඣායනාවක් පවත්වා අපේ උත්තරීතර මහා නාහිමිපාණන්ට ආශිර්වාද කරනු ලැබීය.
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමු.
(***)
(ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි
දායක සභාවේ සභාපති දේශමාන්‍ය
අජිත ද සොයිසා)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සසුන’ඹරට පහන් ටැඹක්වන් කොටුගොඩ ධම්මාවාස මහ නා හිමිපාණෝ