(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
([email protected],[email protected])
පන්ති වර්ජන, පන්ති තහනම, නවක වදය ආදී වචන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන කතා කරද්දී නිරන්තරයෙන් කතාබහට ලක්වන්නකි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පිඨ සිසුන් ආරම්භ කර ඇති පන්ති වර්ජනයට දැන් මාස අටකි. එම පන්ති වර්ජන අස්සේ මේ මාසය ආරම්භ වෙද්දීම ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයයේ කළමනාකරණ වීඨය දින නියමයක් නැතිව වසා දැමිණි.
අග්නිදිග විශ්ව විද්‍යාලයයේ දිනෙන් දිනම වැඩි වෙන ප‍්‍රශ්න ගැන මෙවර අපි කතා කරන්නේ විශ්ව විද්‍යාලවලට අඳී ඇති නවක වදය සංස්කෘතිය අමතක කර දමා නොවේ. බොහෝ විශ්ව විද්‍යාලවල හිටි හැටියේ ප‍්‍රශ්න ඇති වෙන්නේ, පන්ති තහනම් කරන්නේ නවකවද සිදුවීම් මුල්කරගෙනය.
කොළඹින් පිට එක් විශ්ව විද්‍යාලයක නවක සිසුන්ට සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට පහළ මාලයටත්, යළි ඉහළම මාලයටත් දණගාමින් නඟින්නට සලස්වා තිබිණි.
එමෙන්ම කායික වශයෙන් සහ ලිංගික වශයෙන් සිදු කරන නවක වදය ඉවසා ගත නොහැකිව මිට වසර දෙක තුනකට පෙර සිසුවෙක් මානසික රෝගියෙක් බවට පත් විය. අග්නිදිග සරසවියේ ගැටලූව පැන නැගී ඇත්තේ නවකවද සිදුවීම් නිසා නොවේ.
අග්නිදිග විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඔළුවිල් ප‍්‍රදේශයේය. 1995දී විශ්ව විද්‍යාල පාසලක් ලෙස ආරම්භ කර ඇති එය 1996දී විශ්ව විද්‍යාලයක් බවට පත් විය. ව්‍යවහාරික විද්‍යා පීඨය, කළමනාකරණ හා වාණිජ පීඨය, කලා හා සංස්කෘතික පීඨය, ඉස්ලාම් අධ්‍යයන හා අරාබි භාෂා පීඨය , ඉංජිනේරු පීඨය සහ සමාජ විද්‍යා පීඨය යන පීඨ පහෙන් ඔළුවිල්හි අග්නිදිග විශ්ව විද්‍යාලය සමන්විතය. විශ්ව විද්‍යාලයට එක්වූ අලූත්ම පීඨය තාක්ෂණ පීඨයයි. ඒ ගිය වසරේදීය.
මහාචාර්ය එම් එම් එම් නජීම් මහතා විශ්ව විද්‍යාලයයේ උපකුලපතිවරයාය. කලා අංශයේ පීඨාධිපති එම් එල් ෆවුසුල් අමීර් මහතාය. කළමනාකරණ පීඨයේ පීඨාධිපති ලෙස ආචාර්ය එස් ගුණපාලන් මහතා කටයුතු කරන අතර ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආචාර්ය යූ එල් සයිනුදීන් මහතා කටයුතු කරයි.
මුස්ලිම් අධ්‍ය්‍යන පීඨයේ පීඨාධිපති ලෙස එස් එම් එම් මාසාහිර් මහතා ද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ලෙස එස් එම් ජුනයිදීන් මහතා ද, තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස ආචාර්ය මොහොමඞ් තාරික් මහතා ද කටයුතු කරයි.
අග්නිදිග සරසවියේ කළමනාකරණ පීඨය සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අතර කාලයක පටන් යම් මතබේදාත්මක බවක් තිබුණු අතර එය උත්සන්න වූයේ පසුගිය වසරේදීය.
අලූතින් ඇරැඹි තාක්ෂණික පීඨයේ නවක සිසු සිසුවියන් බඳවා ගැනීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මුල් සතියේදිය. ඒ වෙනුවෙන් කළමනාකරණ පීඨය මූලිකත්වය ගෙන සියලූ පීඨවල සහයෝගයෙන් තොරණක් ඉදි කිරීමට තීරණය විය. මහා ශිෂ්‍ය සංගමය තොරණ ඉදි කිරීමට තොරා ගනු ලැබුවේ විශ්ව විද්‍යාලයට ඇතුළු වන ස්ථානයකි.
කතිකා කර ගත් පරිදි සිසුහු තොරණ ඉදි කිරීම ආරම්භ කළහ. එවිට එම ස්ථානයට පැමිණි ආරක්ෂකයකු පවසා ඇත්තේ එම ස්ථානයේ තොරණ ඉදි නොකරන ලෙසයි. එතැන තොරණ ඉදි කළහොත් ගම් වැසියන් පහර දෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය. ටික වේලාවකින් තාක්ෂණික පීඨයට අලූතින් පත්වීම් ලැබූ දේශකයකු පැමිණ තොරණ එම ස්ථානයේ ඉදි නොකරන ලෙස දැනුම් දුන්නේය.
දේශකවරයාගේ කීමට හිස නමමින් එය පිළිගත් සිසුහු තොරණ ඉදි නොකර රැගෙන ගියහ. එම සිදුවීමන් පසු එදින රාත‍්‍රියේදී සිසුහු එක්ව විශ්ව විද්‍යාල භූමියේ වෙනත් තැනක නවක සිසුන් පිළිගැනීමේ තොරණ ඉදිකළහ.
එදින අලූයම වන විට කිසිදු හේතුවක් නැතිව එම තොරණ කඩා බිඳ දමා පරිපාලන අවුල සිසුන් 500කට විභාග අහිමි කළ අග්නිදිග සරසවියේ තිබිණි.
ඒ සිදුවීම සිදුවූයේ 2016 දෙසැම්බර් 04 වැනි දා ය. ඊට පසු දින එනම් දෙසැම්බර් 05 වැනි දා තවත් සිදුවීමක් වාර්තා විය.
කළමනාකරණ පීඨයේ ශිෂ්‍යාවෝ පිරිසක් දේශන අවසන් වී නැවත නේවාසිකාගාරයට පැමිණෙමින් සියහ. නේවාසිකාගාරයට යන තරප්පුපේලිය අසල පුටු පේලියක් දමා අහුරා තිබිණි.
සිසුවියන් ඒ ගැන ආරක්ෂක නිලධාරිනියකගෙන් විමසද්දි කියා ඇත්තේ අලූත්වැඩියා කටයුත්තක් සිදු කරන බැවින් එම ස්ථානය වසා දමා ඇති බවයි. ස්නායු ආබාධයකින්සහිත ශිෂ්‍යාවකද සිටින බැවින් යළිත් වෙනත් තැනකට යෑම අපහසු නිසා එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියද අවස්ථාව ලැබී නැත.
එම අවස්ථාවේ වෙනත් නේවාසිකාගාරයක පාලිකාවක් පැමිණ කියා ඇත්තේ විශ්ව විද්‍යාල උපකුලපතිගේ උපදෙස් පරිදි මාර්ගය අවහිර කළ බවයි. තවත් නේවාසිකාගාර පාලිකාවක එතනට පැමිණ කියා ඇත්තේ නේවාසිකාගාරය පිරිසුදු කරන කම්කරුවන් පැමිණ නැති බැවින් පුටු ඉවත් කිරීමට හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් ඉන් පසු සිසුවියන් පුටු ඉවත් කරගෙන තම කාමරවලට ගොස් ඇත.
ප‍්‍රශ්නය ඇරුඹෙන්නේ එතැන් සිටය. එදිනම රාත‍්‍රී ස්නායු ආබාධ සහිත සිසුවිය සොයා ගිය නේවාසිකාගාර පාලිකාව ඇතුළු පිරිසක් සිසුවියගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ පුටු ඉවත්කරගෙන යෑම ගැනය. පසුදින එනම් දෙසැම්බර් හය වැනි දා දහවල් 12.30ට පමණ ප‍්‍රධාන විනය භාර නිලධාරියා ද ශිෂ්‍යාවන් 10 දෙනකු ගෙන්වා පෙරදින සිදුවීම ගැන ප‍්‍රශ්න කර තිබේ. එපමණක් නොව සීසීටීවී දර්ශන පටිගතවන කාමරයට කැ`දවාගෙන ගොස් පෙරදින සිදුවීමේ සීසීටීවී දර්ශන පෙන්වා තිබේ.
පෙරදින සිදුවීම වූයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයේය. ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයේ සීසීටීවී කොහෙන්ද? ඔබට ප‍්‍රශ්නයක් මතුවීමට පුළුවන.
මෙම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය සීසීටීවී සවිකර තිබේ. ශිෂ්‍යාවන්ගේ පෞද්ගලිකත්වය ගැන ප‍්‍රශ්න එන නිසා ඊට මුල සිටම සිසුවියන් විරුද්ධ වුවත් පාලනාධිකාරිය එය ගණනකටවත් ගෙන නැත.
කෙසේ වෙතත් පුටු කිහිපයක් ඉවත් කරගෙන යෑම ගැන ශිෂ්‍යාවන්ගෙන් ඔය හැටි ප‍්‍රශ්න කිරීම ගැටළුවක් බැවින් කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගම් සාමාජිකයන් කිහිප දෙනකු ගොස් විනය භාර නිලධාරියා හමුවී සිද්ධිය ගැන සාකච්ඡා කර ඇත.
සිසුන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට ගොස් ඇත්තේ ඒ විනය භාර නිලධාරියා වීම නිසාය. නමුත් සිදුවී ඇත්තේ අනෙකකි. සිසුන් තර්ජනය කළ බව කියමින් ඔහු සිසුන්ට එරෙහිව කටයුතු කරන බව දන්වා තිබේ.
තරප්පු පේලිය අසල පුටු ඉවත් කළ සිසුවියන් අතරින් හතර දෙනකුට අනතුරු ඇඟවීමේ ලිපි ලබා දී තිබේ. එමෙන්ම විනය භාර නිලධාරියා සමඟ සාකච්ඡා කිරීමට ගිය සිසුන් හත් දෙනකුට විශ්ව විද්‍යාල භූමිය තහනම් කර තිබේ.
ප‍්‍රශ්න එලෙස දිගින් දිගටම ඇදි ඇදී ගියේය. සිසුන් සෑහෙන පිරිසක් වරින් වර පන්ති තහනම් කිරීම්වලට ලක්වූහ. සිසුන් කෙතරම් සාකච්ඡා කළත්, කෙතරම් ඇවිටිලි කළත් සහනයක් නොලැබිණි. අවසානයේ සිසුන්ට විභාග තහනම් වන තරමටම වැඩ සිදු විය.
සිසුන්ගෙන් පළිගැනීම තීව්ර වූයේ විභාග කාලයේදීය. ඒ පසුගිය ජුනි සහ ජූලිමාසවලදීය. දේශනවලට සහභාගී වීම සියයට 80ක් නැතැයි කියමින් සිසුන් අති විශාල ගණනකගේ විභාග තහනම් කිරීමට පරිපාලනය පියවර ගත්තේ පසුගිය ජුනි ජූලි මාසවලදීය. උසස් පෙළ විභාගයට ද සියයට 80ක පැමිණීම අනිවාර්ය වේ.
හිතවත් සිසුන්ට සියයට 80ට අඩුවෙන් තිබුණත් විභාගය ලිවීමට දීම සහ අමනාප සිසුන්ට සියයට 80ට වඩා එකක් අඩුවුවත් විභාගයට ඉඩ නොදීම සමහර පාසල්වල පසුගිය කාලයේ වාර්තා විය. ගම්පහ ප‍්‍රදේශයේ පාසලක එවැනි සිදුවීමක් ගැන මේ වන විටත් මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි විභාග වේ.
අග්නිදිග සරසවියේද එසේමය. විභාගයට ඉඩ දීම සඳහා ගණනය කරනු ලබන්නේ මාස තුනක අධ්‍යයන කාලයක් පමණි. දින දෙකක් දේශනවලට සහභාගී නොවුවහොත් මේ විශ්ව විද්‍යාලයේ අරුම පුදුම ලෙස සියයට 80 නැතිවී යයි.
පෙර සඳහන් කළ මුල් ගැටළුවෙන් පසු එතැන් සිට විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ දීම බොහෝ සෙයින් ප‍්‍රමාද වන නිසා ඇතැම් සිසුහු අමතර රැකියා කිරීමට පෙළෙඹී සිටිති. එම සිසුන් දින තුනක් පමණ සහභාගී නොවුවහොත් ඔවුන්ට විභාග ලිවීමේ අවස්ථාව අහිමිවී යයි.
කළමනාකරණ පීඨයේ සමහර සිසුන් වෘත්තීය අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා කොළඹට පැමිණෙති.
දුරබැහැර කම නිසා කොළඹ සිට නැගෙනහිරට යෑමේ ප‍්‍රායෝගික ගැටළු සමඟ දේශන දින දෙකක් තුනක් මඟහැරුණහොත් එම සිසුනටද සියයට අසූව අහිමිවනු ඇත. පවුලේ ඥාතියකුට හෝ තමාට හෝ අසනීපයක් සෑදී දින දෙක තුනක් නොපැමිණියහොත් ඒ සිසුන්ට ද සියයට අසූව අහිමිවෙයි.
හොඳම කාරණය එය නොවේ. සියයට අසූව අහිමි සිසුන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළහොත් එය පිළිගෙන අනිත් විශ්ව විද්‍යාලවල විභාග වරම් දුන්නද මෙම විශ්ව විද්‍යාලයේ එසේ සිදුවූයේ නැත. විභාග වරම් අහිමි වූ සිසුහු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළහ. මෙම විශ්ව විද්‍යාලයේ සිසුන් ලබා දුන් වෛද්‍ය වාර්තා පරිපාලනය පිළිගත්තේද නැත. විශ්ව විද්‍යාල පරිපාලනය සිදු කළ යුතුව තිබුණේ සිසුනගේ අධ්‍යාපනය සුරක්ෂිත කර දීමය.
එහෙත් මෙම විශ්ව විද්‍යාලයේ එසේ සිදුවූයේ නැත. අවසානයේ සිසුන් 500කට අධික ගණනකට විභාග කප්පාදු කරනු ලැබූහ. කොතරම් ඉල්ලීම් කළත් පාලනාධිකාරියෙන් සහනයක් නොලැබුණු තැන සහෝදර සිසුන් ගැන සලකා කළමනාකරණ පීඨයේ සිසුහු සියලූ දෙනාම පාහේ විභාග වර්ජනය කළහ. එම ගණන සංඛ්‍යාත්මකව 1500ක් පමණ වෙති.
ඒ හේතුව නිසා පසුගිය තුන් වැනි දා සිට කළමනාකරණ පීඨය වසා දමා තිබේ. සිසුහු දිගින් දිගටම විරෝධතා පවත්වති. නමුත් තවමත් විසදුමක් නැත. අත්තනෝමතික ලෙස සිසුන් අති විශාල ගණනකගේ විභාග කප්පාදු කළ පරිපාලනය ගැන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තවමත් අනුගමනය කරන්නේ නිහඩ පිළිවෙතකි. පාලනාධිකාරියේ ක‍්‍රියා නිසා අවසානයේ සිදුවූයේ සිසුන් අති බහුතරයකගේ ජීවිතය වසරකින් පසුපසට යෑම පමණි.
පෙරදින සිදුවීම වූයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයේය. ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයේ සීසීටීවී කොහෙන්ද? ඔබට ප‍්‍රශ්නයක් මතුවීමට පුළුවන. මෙම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය සීසීටීවී සවිකර තිබේ. ශිෂ්‍යාවන්ගේ පෞද්ගලිකත්වය ගැන ප‍්‍රශ්න එන නිසා ඊට මුල සිටම සිසුවියන් විරුද්ධවුවත් පාලනාධිකාරිය එය ගණනකටවත් ගෙන නැත. |
ශිෂ්‍ය මර්දනයට එරෙහි පෙත්සමට අත්සන් තබන ශිෂ්‍ය භික්ෂුවක් විභාග වර්ජනය සිසුන් හිතා මතා කළ දෙයක් උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්. නාජිම් අග්නිදිග විශ්ව විද්‍යාලයේ මතුව ඇති වියවුල සම්බන්ධයෙන් කරුණු විමසීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා හා උපසභාපති මහාචාර්ය පී.එස්.එම් ගුණරත්න මහතාට අවස්ථා කීපයකදීම ඇමතුව ද ඔවුන් සාකච්ඡාවක නිරතව සිටින බව සභාපතිවරයාගේ පෞද්ගලික සහායිකාව සඳහන් කළාය. අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්. නාජිම් මහතාගෙන් විමසූ විට ඔහු දුන් පිළිතුරු මෙසේය.
80% මනින ක‍්‍රමවේදය අවිද්‍යාත්මක බවට නැගෙන චෝදනාවට ඔබ එකඟ ද?
අපේ තිබෙන පීඨ හයටම ක‍්‍රියාත්මක කරන්නේ එකම නීතිය නම් කළමනාකරණ පීඨ සිසුන්ට පමණක් 80% මනින ක‍්‍රමවේදය නොගැලපෙන්න බෑ. රෝගී වූ විට වෛද්‍ය සහතික ඉදිරිපත් කළ හැකියි. හැබැයි ඒකට ක‍්‍රමවේදයක් තිබෙනවා. නවක සිසුන් හැටියට ඔවුන් ලියාපදිංචි වෙද්දීම සෑම සිසුවකුටම මේ පටිපාටි කියාදුන්නා. ඔවුන් ඒවා නොදන්නවා නෙවෙයි. ගිය සෙමෙස්තරයේදී සිසුන් මේ 80% පැමිණීම මැනීමට සහාය දෙන බවට ලිඛිතවම පොරොන්දු වුණා.
කෙහොම නමුත් මේ ක‍්‍රමවේදය නිසා පීඨයේ බහුතරයකට විභාගයට පෙනීසිටිය නොහැකි තත්ත්වයක් උද්ගත වුණාද?
කළමනාකරණ පීඨයේ 80% නැතිකම නිසා විභාග ලියන්නට නොහැකිව තිබෙන්නේ ඉතාම ස්වල්ප දෙනෙකුට පමණයි. 95% කට විභාග ලියන්න පුළුවන්. ඒත් බහුතරයක් ළමයි විභාග වර්ජනය කළා. කළමනාකරණ පීඨයට වඩා විභාගයට පෙනීසිටීමේ අවස්ථාව අහිමි වූ වෙනත් පීඨ තිබෙනවා.
උදාහරණයකට ඉස්ලාමීය අධ්‍යාපන හා අරාබි භාෂා පීඨයේ සිසුන් 250 කට පමණ අඩුම තරමින් එක විෂයක් හෝ ලිවීමේ අවස්ථාව අහිමිව තිබෙනවා. හැබැයි ඒ ළමයි වර්ජනය කළේ නෑ. කළමනාකරණ සිසුන් විභාග වර්ජනය කළේ හිතාමතාමයි. පසුගියදා ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුවේ සභාපති නමැති සිසුවෙක් සයිටම් විරෝධී සටනට සහභාගී වූ බවත් ඊට සියලූම සිසුවියන් සහභාගී වන බවත් මාධ්‍යට පවසා තිබුණා. ඒ අනුව පහුගියදා කොළඹ විරෝධතාවලට ඔවුන් ආවාම ඒ අයට පැමිණීමේ ලකුණු ලැබේවිද?
මේ තරම් විශාල පිරිසක් විභාගයට පෙනී නොසිටීම අවුල්සහගත නැද්ද?
මේකට දිය යුතු විසඳුම මට තනිව ගන්න බෑ. මොන විසඳුමක් ගත්තත් සියලූ පීඨවලට පොදු විසඳුමක් ගත යුතුයි. විභාගයක් ලිව්වෙ නැත්නම් එයා ඇබ්සන්ට්. ඊටපස්සේ ලියන්න වෙන්නේ ඊළඟ අවුරුද්දෙ. මේ සැරේ බැරි නම් ලබන සැරේ තමයි.
ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයේ සීසීටීවී කැමරා සවිකර ඇති බවට නැගෙන චෝදනාව පිළිගන්නවද?
ඔය නේවාසිකාගාරය කලින් විවෘතව තිබුණේ. කලින් තිබුණා. අපි ඒවා ගැලෙව්වා. දැන් එළියෙ තිබෙනවා. දැන් තාප්ප බඳින නිසා ඒවාත් ගලවනවා. හැබැයි ළමයි කියන විදියට කොරිඩෝවලටයි කාමරවලටයි දාලා නෑ.
(සත්‍ය ගවේෂණ ඇසුරෙනි)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුන් 500කට විභාග අහිමි කළ අග්නිදිග සරසවියේ පරිපාලන අවුල
himal Wednesday, 23 August 2017 05:40 PM
කරුණු තව සොයා බැලුවා නම් ඇත්ත හොයා ගන්න තිබ්බා. පුටු ඉවත් කරන සිද්ධියේදි එතන ගැටුමක් වුනේ නැද්ද? ඔය සාකච්ඡා කළා කියන ඒවා මොන වචනවලින් කොයි විදිහටද වුනේ? ඇත්තටම 80% නැත්තේ හරියට දේශන එන අයටද නැත්නම් අන්තරේට කඩේ යන කට්ටියටද? විශ්ව විද්‍යාලයේ නේවාසික පහසුකම් දෙන්නේ ඒක පූර්ණ කාලීන අධ්‍යාපනයක් නිසා වෙද්දි ඒ පහසුකම් ගනිමින් එළියේ රැකියා කරන්න නම් කැම්පස් එන්න ඕනෑ නෑ.