IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සිසුවිය පසුපස ආ භූතයන් හතරදෙනා මට්ටු කළ හැටි...

  dfh 

 

භූතාත්මයක් නිසා වසර 4ක පමණ කාලයක් තිස්සේ 15 හැවිරිදි පාසල් සිසුවියක් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්ව සිටින්නීය.
මේ භූතාත්ම තුන වරින් වර නොයෙකුත් කරදර හිරිහැර කරන නිසා සිසුවියගේ අධ්‍යාපන කටයුතුද අඩාලව ඇත. ඒ නිසා ඇයගේ මව්පියෝද අසරණව සිටිති.
ඇයට බොහෝ දවස්වලට පාසල් යාමටද නොහැකි වී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව ? එළිවෙනකම් භූතාත්ම කරන බලපෑම හා නොයෙකුත් කරදර හිරිහැර විඳීමට සිදුව ඇති නිසාය.
පාඩම් කරන පොත්පත් පවා උදුරා මේ භූතයන් විසිකර දමන බව සිසුවිය පවසන්නීය.

 


පසුගිය වසර 4ක පමණ කාලයක් පුරා භූත කරදරවලින් බේරීම සඳහා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කර ඇතත් ඒ සියල්ල ගඟට කැපූ ඉනිමෙන් වී ඇත.
මීට අවුරුදු 5කට පමණ පෙර මිය ගිය සිසුවියගේ අත්තා, ඒ කියන්නේ ඇයගේ අම්මාගේ තාත්තාගේ භූතාත්මයද මීට වසර 17කට පමණ පෙර මිය ගිය අසල්වැසි පුද්ගලයකුගේ භූතාත්මයද, මුළු ඇඟ පුරාම ලෝම වලින් පිරී ඇති කටමහත පුද්ගලයකුගේද භූතාත්මයද ඇයට කරදර හිරිහැර කරන බව මව්පියෝ පවසති.


මහව ප‍්‍රදේශයේ පදිංචිව සිටින මේ මව්පියන් දෙදෙනා පසුගිය 10 වැනිදා දියණියත් කැටිව මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා සොයාගෙන ආවේ බැරිම තැනය.

13-page1-S2-1
ඔවුන් වෛද්‍යවරයා ගැන දැනගෙන තිබුණේ ඉරිදා ලංකාදීපයේ භූත කතාන්දර ගැන පළවන ලිපිපෙළ මාර්ගයෙනි.


‘‘මහත්තයෝ අපි හරිම අසරණ මිනිස්සු. කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. මේ අපට ඉන්න එකම දරුවා. අපි එයාව ඇසක් වගේ රැකබලා ගන්නේ. හොඳට ඉගෙන ගන්නත් පුළුවනි. මේ භූත කරදරය හින්දා ඉස්කෝලේ වැඩත් කරගන්න බැරිව ගිහින් තියෙන්නේ. භූතයන් තුන්දෙනා පන්නා ගන්න ගුරුකම් කරලාම අපි නැත්තටම නැතිවෙලා ඉන්නේ. කොහොම හරි මේ භූත කරදරයෙන්  දුව බේරා දෙන්න’’ යැයි දැරියගේ මව්පියෝ දෙන්නා වෛද්‍යවරයා හමුවේ පැවසුවේ බැගෑපත්වෙමිනි.


මව්පියන් දෙපළ සමඟ කතාබහ කර විස්තර විමසා දැනගත් වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඊළගට කතා බහ කළේ භූතාත්ම තුන නිසා කරදර හිරිහැර වන බව කියන 15 හැවිරිදි දැරිය සමගය.


‘‘මම තනියම ඉන්න වෙලාවට තමා භූතයන් තුන් දෙනා ඇවිත් මට හිරිහැර කරන්නේ. කට්ටිය එක්ක ඉද්දී භූතයන් මට කරදර කරන්න එන්නේ නැහැ’’ යැයි පවසමින් දැරිය වෛද්‍යවරයා සමඟ කතාව කීමට පටන්ගත්තාය.


මගේ අත්තා මීට අවුරුදු 4කට විතර කළින් මියගියා. අත්තා මිය ගිහින් මාස තුනක්වත් ගියේ නැහැ. අත්තා මාව හොයාගෙන එන්න පටන් ගත්තා. මම ? කාමරයේ තනියම ඉද්දී තමා මාව හොයාගෙන එන්නේ. මගේ බෙල්ල මිරිකන්න හදනවා. මම පොත්පත් පාඩම් කර කර ඉද්දී පොත්පත් ඇදලා අරන් විසිකරනවා. පාඩම් කරන්නවත් දෙන්නේ නැහැ. ?ට විතරක් නොවේ දවල්ටත් අත්තාගේ භූතාත්මය මාව සොයාගෙන එනවා. මගේ දිහා බලාගෙන ඉන්නවා. එතකොට මම බය වෙලා කෑගහහනවා. එතකොට අත්තාගේ භූතාත්මය  එයා ඉන්න ලෝකයට යන්න කතා කරනවා. මම බැහැ කියා කෑ ගසනවා. එතකොට අත්තාට හරියට තරහ යනවා. බෙල්ල මිරිකන්නේ තරහ ගියාමයි.’’


‘‘අත්තා වැරහැලි ඇඳගෙන තමා මා ඉස්සරහ පිටට එන්නේ. හරිම අපිරිසිදු විදිහට තමා ඉන්නේ. කොණ්ඩය වත් හරියට පීරලා නැහැ. මුහුණ දිහෑ බලන්න බෑ බයයි. අත්තා ජීවතුන් අතර ඉද්දී හරිම පිළිවෙළට ඇඳුම් ඇන්දා. කොණ්ඩය එහෙම පිළිවෙළකට පීරලා පිරිසිදුව හිටියා. හැමදමා වගේ නෑවා. එහෙම පිරිසිදුව පිළිවෙළකට හිටිය අත්තා මිය


ගියාට පස්සේ මේ විදිහට ඉන්නේ මොකද කියා මම නිතරම කල්පනා කළා’’ යැයි දැරිය එක දිගටම වෛද්‍යවරයා හමුවේ කියාගෙන ගියාය.


වෛද්‍යවරයා:- අත්තා මේ විදිහට අපිරිසිදුව ඉන්න හේතුව මොකද කියාද හිතුනේ?
සිසුවිය:- අත්තා මැරුණාට පස්සේ පෙරේත ආත්මයක ඉපදිලා කියා තමා මේ විදිහට ඉන්නේ කියා මට හිතුණා. පෙරේත ආත්මයක ඉපදිලා ඉන්න නිසා අත්තාට හරියට අඳින්න නැතිව ඇතිකියාත් මම හිතුවා.


ජීවත්ව ඉද්දී අත්තා (අම්මාගේ තාත්තා) මට හරියට ආදරෙයි. ඉස්කෝලේ යන්න පොත්පත් පවා අරන් දෙනවා. නිතරම කියන්නේ දුවේ හොඳට පාඩම් කරලා ඉගෙන ගෙන දොස්තර නෝනා කෙනෙක් වෙයං කියලයි. මට පුංචි කාලේ කනාත්නර එහෙම කියා දෙනවා. මට ආදරයෙන් හිටිය අත්තා දැන් මියගියාට පස්සේ භූතාත්මයක් වෙලා ඇවිත් මේ විදිහට කරදර කරන්නේ එයා පෙරේත ආත්මයක ඉපදිලා ඉන්න නිසා බවත් මට තේරුම් ගියා.

 


වෛද්‍යවරයා:-  දුවට කරදර හිරිහැර කරන අනෙක් භූතාත්ම දෙක ගැන විස්තර කියන්නකෝ.
සිසුවිය:- එක්කෙනෙක් අපේ ගෙවල් ළඟ හිටිය සීයා කෙනෙක් ඒ සීයා මැරෙද්දී මම ඉපදිලාවත් නැහැ. ඒ සීයා මැරිලා තියෙන්නේ මීට අවුරුදු 17කට විතර කලින්. සීයා ගැන මම අහලා තියනවා. ඒ වගේම සීයාගේ ෆොටෝ එහෙම දැකලා තියනවා. සීයාගේ භූතාත්මය මාව හොයාගෙන නිතරම මම ඉන්න කාමරයට එනවා. සීයා ඇඳගෙන ඉන්නේ සුදුපාට සරමක් හා සුදුපාට කමිසයක්. අත්තා වාගේම සීයාත් මම පාඩම් කර කර ඉද්දී පොත් වලින් ඇදලා විසිකරනවා පාඩම් කරන්න දෙන්නෙම නැහැ. මට පාඩම් කරලා ඉගෙන ගන්න හරිම ආසයි. අත්තාගේ හා සීයාගේ භූතාත්ම නිසා මට පාඩම් කරන්න විදිහක් ඇත්තේම නැහැ.


මට කරදර කරන අනිත් භූතාත්මය
කාගේද කියන්න මම දන්නේ නැහැ. මා ඉදිරියෙ පෙනී ඉන්න ඒ භූතාත්මයේ මුළු ඇගේම රෝම පිරිලා තියනවා. කළුම කළු පාටයි. දත් විලිස්සාගෙන ඉන්නේ. වරින් වර මා ඉස්සරහට ඇවිත් එක පාරටම නොපෙනී යනවා. රෑට තමා මේ භූතයා පෙනෙන්නේ. අත්තාගෙයි සීයාගෙයි භූතාත්ම නම් දවල්ටත් පේනවා.


‘‘කොයිවෙලාවක හෝ අත්තාගේ භූතාත්මය තමාව අත්තා ඉන්න ලෝකයට අරන් යයි කියා ලොකු බයක් හිතේ තිබෙන බවද’’ ඇය වෛද්‍යවරයා එක්ක වැඩිදුරටත් කියා සිටියාය.


අවුරුදු හතරක් තිස්සේ සිසුවියට කරදරකරන බිය පත් කරන ඇයට ඔවුන්ගේ ලෝකයට කැඳවාගෙන යාමට උත්සාහකරන භූතයින් තිදෙනා එලවා දැමීමට තොයිලයක් කිරීමට වෛද්‍ය ජනක ජයසූරිය මහතා සූදානම් විය.


හැබැයි ඒ තොවිලය අපේ රටේ ඉන්නා කට්ටඩින් කරන විදිහේ තොවිලයක් නම් නොවීය. එය භූතයන් පන්නා දැමීමේ විද්‍යාත්මක තොවිලයක් විය. ඒ තොවිලය කළ හැටි වෛද්‍යවරයාගේ කතාවේදී ඔබට කියවිය හැකිය.

f

g

 

මේ දැරිය තුළින් අපට දරුණු මානසික රෝග ලක්‍ෂණ කිසිවක් දකින්නට ලැබුණේ නැහැ. මෙය ඉතා සුළු මානසික ව්‍යාකූලතාවක් බව කිව යුතුයි.

13--Janaka-Jayasuriya
මිය ගිය කෙනකු හොල්මන් අවතාර භූතාත්ම ආදී විවිධ (මනඃකල්පිත) ස්වරූපයන්ගෙන් යළි පැමිණිය හැකිය යන්න අනාදිමත් කාලයක පටන් සමාජය තුළ පවතින මිථ්‍යා මතයක්. මිථ්‍යා මතයක් බව ඔප්පු කරන්නට  ඕනෑවටත් වඩා සාක්‍ෂි තිබියදී හොල්මන් අවතාර දෙවිවරු මෙන්ම දිව්‍යලෝක හා අපාය ගැනද තරයේ විශ්වාස කරන උගතුන් පවා සිටීම


කනගාටුවට කරුණක්. හොල්මන් අවතාර ආදිය මිනිසාගේ මනඃකල්පිත නිර්මාණයන් මිස සැබෑවටම ඇති දේවල් නොවේය යන පණිවිඩය වඩ වඩාත් සමාජගත වන්නේ නම් සාමාන්‍ය ජනයා තුළ මේ පිළිබඳව ඇති අනියත බිය දුරු කරන්නට එය මහඟු පිටුවහලක් වේවි.


ඉතා කෙටි වශීකරණයකින් මා මේ දැරියගේ හිතේ තිබුණු ඒ ගැටලූව නිරාකරණය කර දුන්නා. එතෙක් කල් ඇයට කරදර කරන්නට ආ බව කියන තිදෙනා යළි කිසිදිනෙක ඇයට කරදර කරන්නට එන්නේ නැති බවට ඇයට ප‍්‍රතිඥාවක් ද ලබා දුන්නා.


ඇගේ අධ්‍යාපන කටයුතු පෙර පරිදි කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඇයට දැන් අවස්ථාව තිබෙනවා. එසේ යන්ත‍්‍රමන්ත‍්‍ර ගුරුකම් ආදිය සඳහා වැය වුණ මුදල් ද ඒ දුප්පත් මාපියන්ට ඉතිරි කරන්නට පුළුවන් වෙනවා. ලක්‍ෂ ගණනක් වැයවන තොවිලයක් වෙනුවට විනාඩි කිහිපයකින් සුවය ලබන්නට ඇයට හැකිවේවි. ප‍්‍රධාන විභාගයක් ළඟාවන විට (සාමාන්‍ය පෙළ, උසස් පෙළ) දරුවන් තුළ ඇතිවන මානසික පීඩනය අධිකයි. මේ දැරිය තුළත් එවැනි ලක්‍ෂණ කිහිපයක් දක්නට ලැබුණා. (හිසරදය, නින්ද නොයාම ආදිය)


විභාගයක් යනු ජීවිතයේ එක් අංගයක් පමණක් බවත් විභාග හොඳින් සමත් වෙන සියලූ දෙනාම ජීවිතය සාර්ථක කරගන්නේ නැති බවත්, විභාග අසමත් වී වුවත් ජීවිතය ඉතා සාර්ථක කරගන්නා මිනිසුන්  ඕනෑ තරම් ලොව සිටිනා බවත් මා ඇයට මතක් කර දුන්නා.


කෙනකුගේ ඉරණම තීරණය කරන්නේ ඒ තැනැත්තා හෝ ඒ තැනැත්තියම බවත් දෙවියන්, යකුන්, භූතයන්, හොල්මන් ආදී මේ මනඃකල්පිත නිර්මාණයන් කිසිවකටත් තව කෙනකුගේ ඉරණම තීරණය කළ නොහැකි බවටත් මා ඇයට පැහැදිලි කළා.


දෙවියන්, භූතයන්, යකුන් හා ගනුදෙනු කරන්නේ කපටින් හෝ මානසික රෝගීන්ය. බොහෝ විට මේ මනඃකල්පිත නිර්මාණයන්ගෙන් පීඩා විඳින්නේ මානසික ව්‍යාකූලතාවන්ට ලක්වූ අහිංසක මිනිසුන්ය. මෑතකදී හත් අට දෙනකුම එක්වී කයිට්ස් හිදී ද්‍රවිඩ පාසල් දැරියක්ව දූෂණය කර මරා දමන තුරු නිහඬව සිටි මේ නා නා විධ දෙවිවරුන් ගැන තවදුරටත් විශ්වාසය තැබීම කොතෙක් නම් සාධාරණ දැයි මට නම් නොතේරේ. මේ බලවේග විශ්වාස කිරීමේ මූලික හේතුව මිනිසාගේ තර්කානුකූල බුද්ධිය හීනවීම යයි මට සිතේ.


වෛද්‍ය ජනක ජයසූරිය
ශික්‍ෂණ රෝහල මහනුවර

 


ඡායාරූප- ගලගෙදර චමෝද් විජේසූරිය.

m

 



අදහස් (0)

සිසුවිය පසුපස ආ භූතයන් හතරදෙනා මට්ටු කළ හැටි...

සමන් Tuesday, 23 June 2015 11:30 AM

දොස්තර මහත්තයාගේ උපකාර හොඳයි. මෙය මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් විය හැකියි. හොල්මන් අවතාර හිටියත්, නොහිටියත්, ඒවා ගැන හිත හිත ලත වෙන එකත්, හොරුන්ට අහුවී නැති නාස්ති වෙන එකත් එක්තරා විදියක ලෙඩක් තමයි. එත් මතක යුතු කාරණයක් තමයි තමන්ට වඩා උගත් , බුද්ධිමත් මිනිස්සු, දාර්ශනිකයෝ සහ වියතුන් ඔය ගැන පර්යේෂණ සහ නිරීක්ෂන් කළා කියන දේ. එක්කෙනෙක් තමයි බුදුන් වහන්සේ. උන් වහන්සේ කළ පර්යේෂණ ගැන " අරිය පරියේෂණ" සුත්‍රයේ දක්වා තියෙනවා. සෑම දෙයක්ම මේ භෞතික ලෝකය තුල පැවතිය යුතුම නෑ. එහෙම නම් විදුලිය, තරංග, විකිරණ සහ ශබ්ද තරංග, රුප තරංග අපට පියවි ඇසින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. හොල්මන් සහ අවතාර සංකල්ප බය නිසා ඇතිවෙන්න පුළුවන්. ඒවගෙන් වැඩක් නැ තමයි. එ්ත් තමන්ගේ නොදන්නා කම තමයි තමයි හැමදේම දන්නවා කියන දේ තේරුම වෙන්නේ. ලෝකය කියන්නේ මේ බඹයක් පමණ ශරීරය තුලින් දකින දේ. ලෝකය දකිනවා කියන්නේ පළමුව තමන් ගැන දැකීම. (බ)

:       1       1

චතුර Friday, 26 June 2015 08:48 AM

කෙතරම් හේතුවාදී හරබර කතාවක්ද? (අ)

:       0       0

ඉන්දික Friday, 19 June 2015 12:04 PM

තමන් යම් විෂයක උපාධියක් ලබාගත් පළියට ඒ මත පිහිටා මෙවැනි ඇසට නොපෙනෙන බලවේග නැතැයි ප්‍රකාශ කිරීම මම නම් පිළිගන්නෙ නැහැ.තමාගේ ඇසට අසුනොවන අනන්ත අප්‍රමාණ දේවල් මෙලොව තිබිය හැකියි. මානසික ගැටළු නිසා ඔවැනි විකාර කරන අය ඕනෑතරම් සිටිය හැකියි .ඔවුන්ට උපදේශන අවශ්‍යයි.ධවල මන්දිරයේ පවා අමනුෂ්‍ය බලවේග අතීතයේ සිට වාර්තාවෙන බව කවුරුත් දන්නා දෙයක් (නි)

:       0       0

ජයා ඉලුක්කුඹුර Saturday, 20 June 2015 02:57 PM

ලෙඩ සුව කරන්න ඒවා බොරු කීවාට කමක් නෑ ඕවා ඕන තරම් කැමරාවල දැන් තියෙන්නේ. කොහොමත් ලංකාවේ ඩොක්ටර්ලා ඕවා පිළිගන්නේ නෑ. (බ)

:       0       0

සංජිව Saturday, 20 June 2015 03:09 AM

මෙය මානසික ගැටළුවක් වියහැකියි (නි)

:       0       0

ටෙන්සිල් Saturday, 20 June 2015 03:36 AM

මමත් පිළිගන්නවා අදෘෂ්‍යමාන බලවේග තිබෙනවා කියලා (නි)

:       0       0

අශෝක Saturday, 20 June 2015 04:18 PM

කවුරු මොනවා කිවුවත් ඇත්ත මේකයි. "මිනිසුන් දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩිය. ඒ වගේම "මේ ලෝකේ පෙනෙනදේට වඩා නොපෙනෙන දේ වැඩිය" නවීන තාක්ෂණයට හසුනොවන මොනතරම් දේ තියනවද? (නි)

:       0       0

විජේතුංග Saturday, 20 June 2015 03:43 AM

මේවාට මම නම් ඔන්න මොකුත් කියන්නෙ නැහැ (නි)

:       0       0

වජිරා Sunday, 21 June 2015 10:52 PM

මේ සිතේ ස්වාබවයයි (නදී).

:       0       0

ඩොන් රංජන් Thursday, 25 June 2015 12:42 PM

අනේ දෙවි කෙනෙක් දැකපු කව්රු හරි ඉන්නවද ? (ර)

:       1       0

මාලන් ද සිල්වා Friday, 19 June 2015 02:52 PM

සත්‍ය නම් දෙවියෙක් ඉන්නවා. හැම ආගමකම දෙවියන් යකුන් ගැන කියවෙනවා. ඒත් එක්කෙනෙක්වත් දැකලා නෑ (බ)

:       0       0

ගයාන් Friday, 19 June 2015 03:48 PM

මේකේ ප්‍රතිචාර දාන අයගෙන් සමහරුත් භූතාත්ම විශ්වාස කරන බව පෙනේ. (නි)

:       0       0

සුකිරි Saturday, 20 June 2015 08:03 AM

මට සුමනදාස මාම මතක් වුණා (බ)

:       0       0

ගුණවර්ධන Friday, 19 June 2015 06:39 PM

මේ අදහස් දමන අය දොස්තරටත් වඩා දන්නා අය කියලා පෙන්වන්න හදනවා. (නි)

:       0       0

සම්පත් විජේරත්න Monday, 22 June 2015 04:41 AM

මේ වැනි දේ නැති හෝ ඇති යි කීම ප්‍ර වේශමෙන් කළ යුතුයි මන්ද ඔබට ඔබේ සිත සේම මට මගේ සිත ද මරෙනින් මතු රැදෙන්නේ කොහෙද යි කීමට අපහසු බැවිනි එහෙත් භූ තයන් හට අන් දේ කිරීමට වෙලාවක් ඇති කීම හෝ ශක්තියක් ඇති යි කීම විහිළුවක් විය හැක (ම)

:       0       0

සුනිල් Friday, 19 June 2015 07:42 PM

ඉන්දික කියනවා වගේ ඇසට නොපෙනෙන නොයෙකුත් දේවල් තිබෙනවා. මේ ලෝකේ ඈත පිටරටක ජීවත්වන මා එක් සුදු ජාතික මානසික උපදේශිකාවක් ඇයට අහම්බෙන් දකින්න ලැබුණු යම් බලවේගයක් මට පැවසුවේ ලැජ්ජාවකින් තොරවය.නමුත් ඇයට ඇති මානසික ලෙඩක් නැත!! (නි)

:       0       0

නිමල් Friday, 19 June 2015 07:59 PM

වෛද්‍ය විද්‍යාව උගත් සමහර අයගේ තත්වය නම් මෙයින් පැහැදිලියි.ඒ සමහරු හිතන්නෙ ලොකයේ හැමදෙයක්ම වැටහෙනවා කියලයි.බටහිර රටවල වෛද්‍ය විද්‍යාව වැනි වෘත්තීය පුහුණු ඔවුන්ගේ නියම විද්‍යාවන් ලෙස පිළිගන්නෙ නැත.භෞතික විද්‍යාවයි ඔවුන් පිළිගන්න විද්‍යව. ඒත් ලංකාවේ දොස්තරලා හිතන්නේ ඔවුන් තරම් දන්න අය ලොවෙත් නැහැ කියලයි. (නි)

:       0       3

දමයන්ති Friday, 19 June 2015 08:47 AM

ගොඩක් හොඳ සත්ක්‍රියාවක් (නදී)

:       0       0

අරුණ Friday, 19 June 2015 09:16 AM

එතකොට බුදුරජානන් වහන්සේ දේශනා කල සතර අපාය, දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ඇත්තටම නැද්ද? මිනිසුන් කුසල් හෝ අකුසල් කර ඉපදෙන සුගතියක් හෝ දුගතියක් නැද්ද? දැන් ඉතින් අපිට නීතියෙන් ගැලවුනොත් හරි නැවත ඉපදීමක් නැති නිසා. ඔබටත් මටත් ඉන්නකල් හොඳට ඉන්න ලැබේවා(නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4067 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 489 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1103 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site