IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සහජීවනය අරුත්ගන්වන නත්තල

නත්තල යනුවෙන් සාමන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහිකරන අසිරිමත් දිනයයි. ජන වන්දනා පිළිවෙත් හා ක්‍රිස්තු සභාවේ නිර්දේශ අනුව එම දිනය යෙදී තිබෙන්නේ දෙසැම්බර් 25 වැනිදාටය. නත්තල සම්බන්ධ සියලු සැමරීම් සිදු කිරීමට ලාංකීය ජනයා පුරුදු වී සිටින්නේ එදිනටය. නත්තල සිහිකරන සිදුවීම් පිටුපස සිද්ධාන්ත තුනක් අපට හඳුනා ගැනීමට හැකිවේ. පළමුවැන්න ජේසුස් වහන්සේගේ උපත සිදුවූ ආකාරය හා එයින් අපට ඉගෙන ගත හැකි පාඩම්ය. දෙවැන්න  වන්නේ උන්වහන්සේගේ පැවැත්මේ අභියෝගය සහ එයින්  අපට එල්ලවන අභියෝය. තුන්වැන්න වන්නේ නත්තලට  වාණිජ වටිනාකමක් ලබාදෙන උත්සාහයේ දී  නත්තලේ සැබෑ අර්ථය යටපත් වනවාද යන්නයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මහා බලගතු පවුලක නොඉපදී බෙත්ලෙහෙමේ දුෂ්කර පවුලක උප්පත්තිය ලැබීම හරහා කිතුනුවන් ලෙස අපට ලැබෙන පණිවුඩය අප වටහා ගත යුතුය. නත්තල් සැමරුමට එයත් අදාළ වේ. නත්තල හරහා අපට ලැබෙන වගකීම අප වටහා ගෙන  සිටිය යුතුය.

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ සැමරුමේ අවාසනයේ දී උන්වහන්සේ කුරුස පත් වූහ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඉන්පසු ප්‍රකාශ කළේ දවස් තුනකින් උන්වහන්සේ උත්ථාන වන බවයි.  මරණයේ ස්වරූපයකින් පරාජය කළ නොහැකි මට්ටමට ජීවමාන වූ බව ශුද්ධ වූ බයි බලයේ සඳහන් වන කාරණාවකි. ජේසුස් වහන්සේගේ පළමු  ශ්‍රාවක පිරිස මේ ආකාරයට තම විශ්වාසය ලෝකය හමුවේ තැබූහ. ජේසුස් වහන්සේගේ ජීවිතයේ විවිධ මතක සටහන් පදනම් කරගෙන ශතවර්ෂයක්  ඉක්ම යෑමට පෙර ශත වර්ෂක නමින් ග්‍රන්ථ රචනා කළ අය සම්ප්‍රදායේ තිබෙන උන්වහන්සේගේ කතා පහ උන් වහන්සේ ළඟින් ඇසුරු කළ අයගේ අත්දැකීම් පදනම් කර ගනිමින්  ග්‍රන්ථ 04ක් රචනා කර ඇත. ඒ අතරින් පොත් දෙකක ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය සම්බන්ධ තොරතුරු සඳහන් කර ඇත. මෙම තොරතුරු එම රචකයන් අතට පත් වූයේ මරිය තුමිය ජීවතුන් අතර සිටි නිසාය. ඇයගේ මතක සටහන් අනුව ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්ති කතාව ලෝකයට හෙළිදරව් විය. ඇගේ අදහස් අනුව මෙම කෘත්‍රිවල සටහන් වන කාරණා වන්නේ ජේසුස් වහන්සේගේ දෙමාව්පියන් බෙත්ලෙහෙමට පිටත්ව ගිය බවය. ඒ කිලෝ මීටර 70ක් පමණ දුර ගෙවා ගෙනය.

ඒ කාලයේ මහා මාර්ග දුම්රිය මාර්ග නොතිබුණු නිසා මරියතුමිය කොටළුවකු පිට ගමන් කළ බව කියැවේ.

ඒ දුෂ්කරතාව අනුව දින ගණනක් ඒ සඳහා ගත වන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැකිය. විඩාව කොතරම් දැනුණත් පීපර් අධිරාජයාගේ  නියෝගය ඉෂ්ඨ කිරීම සඳහා තම ග්‍රෝත්‍රයට අයිති බෙත්ලෙහෙමට ගිය බව සඳහන් කර ඇත. එම ගිය ගමනේදී බෙත්ලෙහෙමේ සිටින විට මෙම පින්වත් දරුවා ඉපදීමට පරිසරය සකස් වී ඇත. ඒ අවස්ථාවේ  උන්වහන්සේට ඉපදීමට සුදුසු නිවසක් සොයා ගැනීමට නොහැකි වූ නිසා යම් කෙනකුගේ පිහිටෙන් අතහැර දමා තිබූ ගවලෙනක් ජේසු කුමරුගේ මවුපියෝ සිය නිවහන බවට පත්කර ගත්හ.

  ජේසුස් වහන්සේ සම්බන්ධ විශේෂිත දින කීපයක් තිබුණත් ඒ අතරිනුත් නත්තල අපට වැදගත් වන්නේ උන්වහන්සේගේ උප්පත්තිය සිදු වූ දිනය නිසාය. සෑම කෙනකුටම තමන් ඉපදුණු දිනය ජීවිතයේ වැදගත්ම දිනයකි. ක්‍රිස්තුන් වහන්ස්ගේ ජීවිතයේ සියලු වැදගත් සිදුවීම් පෙළ ගැසුණේ උප්පත්තිය පදනම් කරගෙනය. නත්තල කියන උපත සිහිකරන ඒ දිනය පිළිබඳ යම් ගැටලුවක් තිබේ. එනම් දෙසැම්බර් මස 25 වැනිදාම ජේසු උපත සිදුවුවාද යන්නයි. එය අපට ස්ථිරව පැවසිය නොහැකි මුත් එය සටහන් වන්නේ පැරැණි රෝම මංගල්‍යයක් වන නටාලිප් හෙවත් සූර්ය මංගල්‍යය හරහා මෙම දිනය ජේසුස්  උත්පත්තිය සමරන දිනය වශයෙන් සලකන්නට වූ බවයි.

මේ හා සම්බන්ධ තවත් කරුණු කීපයක් තිබේ. එනම් මෙම උපත සිදුවූයේ සීතල රැයක වීමයි. එනම් ග්‍රීස්ම කාලයක මෙම උපත සිදුවන්නට නොහැකි බව උපකල්පනය කර ඇත. ඊශ්‍රායලයේ සෘතු 04ට තිබේ.  කාල වකවානු ගවේශනය කළ විට දෙසැම්බර් සිදු වූ උපතක් ලෙස මෙය සලකනු ලබයි. මේ සියල්ල එකතු කර දෙසැම්බර් 25 සිදුවූ උපතක් ලෙස මෙය සලකනු ලබයි.

ආගමික සහජීවනය යන කාරණාව සාකච්ඡා කිරීමේදී ද නත්තල සුවිශේෂි අවස්ථාවකි. නත්තල කිතුනුවන්ටම පමණක් තිබෙන අවස්ථාවක් නොවේ. සමහර අවස්ථාවල සිංහල අලුත් අවුරුද්දත් කිතුනුවෝ සමරති. එසේම වෙසක් පොසොන් පවා කිතුනුවෝ සමරති. ඒ සියල්ල සිදුකරනුයේ බෞද්ධයන් සමග ඒකාබද්ධ වීමෙනි. එවැනි සංස්කෘතියකට හුරුවී තිබෙන අපට ආගම් ලෙස බෙදීමට අවශ්‍ය නැත. ඇණ කොටා ගැනීම් අවශ්‍ය නැත. කිතුනුවන් ලෙස අප විශ්වාස කරනුයේ  සෑම ආගමකින්ම දේශනා කරනුයේ යහපත් දෙයක් බවයි. අපට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය උතුම් කිරීමට මාර්ගය පෙන්නීමයි. ඒ නිසා ආගම් සම්බන්ධව කාත් සමඟ හෝ අරගලයකට යෑමට අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එකිනෙකා සහයෝගයෙන් තම තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් එය හොඳ දෙයක් ලෙස මම විශ්වාස කරමි.

 පසුගිය වර මෙන්ම මෙරවර ද අපට නත්තල් උත්සවය බොරු ආටෝප කරමින් උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකිය. මන්ද අපේ රටේ ජනතාව දැන් ගෙවනුයේ ආර්ථික බරින් මිරිකී ගත් සමාජ වටපිටාවකය. මෙය රටේ බහුතරයකට බලපා ඇත. තමන්  උපයන චේතනයෙන් මාසයේ වියදම් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ නිසා කතෝලික ජනතාව ඇතුළු සමස්ත ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ ආටෝප වලින් තොරව අනවශ්‍ය ප්‍රීතියකට නොයා ආර්ථික  ප්‍රශ්නයෙන් බැටකන පිරිසට පීඩා නොකරන ලෙසය. ඒ අයගේ සිත් සතන්වලට අභියෝගයක් නොවන ලෙස ජීවත්වීමට කිතුනුවන් ලෙස අප දැනගත යුතුය. මෙවර නත්තල  තුළින් ප්‍රීතිවූවාට විනෝද වූවාට ප්‍රශ්නයක් නැතිවුවත් අධ්‍යාත්මක පැත්තට වැඩිපුර නැඹුරු විය යුතුය. මේ නත්තලේ දී ඔබට වඩා ආදායම් අඩු කෙනකුට පිහිට විය හැකි නම් අප බලාපොරොත්තු වන සැබෑ නත්තල එයයි. මර්සලින් ජයකොඩි පියතුමා මීට කාලයකට පෙර සඳහන් කළ මගේ නත්තල දුගියා බත්කන දාටය යන සංකල්පය අදට ද අපට වලංගු කර ගත හැකිය.

අප හැකි තරම් නත්තල් දිනයේත් ඉන් පසුවත් අහිංසක අසරණ  දිළිඳුකමට වැටී සිටින කෑම බීම දීමටවත් නොහැකි පවුල්වල දරුවන් සිටීනම් ඔවුන්ට ඇප උපස්ථාන උදව් කළ යුතුය. එය අප කළ යුත්තේ ගෞරවයෙනි. නැති අය හිඟන්නන් ලෙස නොසැලකිය යුතුය. ඇති හැකි අය නැති අය සමඟ එකට එකතුව නත්තලේ ප්‍රීතිය බෙදා ගත යුතුය.

24 වැනිදා මධ්‍යම  රාත්‍රියේ සුපුරුදු පරිදි නත්තල් දේව මෙහෙය පවත්වනු ලබයි. ලංකාවේ සෑම දේවස්ථානයකම නිල වශයෙන් ගවලෙන විවෘත  කරනුයේ එදිනය. ඉන්පසු බිළිඳු ජේසුතුමාගේ ප්‍රතිමාවක් ගවලෙන තුළ තැන්පත් කරයි. ඉන්පසු දේව මෙහෙය අවසාන කිරීමෙන් පසු කැරොල් ගීත ගායනය ඇරැඹේ. ඉන් පසු මොහොතක් එකිනෙකා හමුවීමෙන් පසු නිවාසවලට යෑම සිදුවේ. නිවෙස්වලට ගිය පසු ඒ නිවෙස්වල තත්ත්වය අනුව ඒ ඒ ආකාරයට කටයුතු සිදුවේ.

නත්තල හා බැදුණු තවත් වචනයක් වන්නේ කැරොල් ගීතය, නත්තල කිට්ටු වන විට කැරොල් ගීත ගායනා  අපට  ඇසෙන්නට ගනී. රටේ විවිධ දෙපාර්තමේන්තුවල සංස්ථාවල රාජ්‍ය මට්ටමින් පාසල්වල සේවකයන්ට තෑගි බෝග ලබාදීම් උත්සවශ්‍රීයෙන් සිදුවේ. ඒවා විවිධ මට්ටමින් සිදුවන විට එවැනි අවස්ථාවල ගායක කණ්ඩායම් එකට එකතු වී කැරොල් ගායනයේ යෙදේ. විවිධාකරයේ කැරොල් සංස්කෘතියක් අපට  ඇත. කැරොල් සාහිත්‍ය දුර්වල වී නැති මුත් සැමදාම එකම තැටිය වාදනය කිරීම ද කළ නොහැකිය. අප අලුත් නිර්මාණවලට ද අවස්ථාව දිය යුතුය.

රටේ ආගමික සංස්ථාවට රට ඉදිරියට ගෙන යාම සඳහා විශාල කාර්ය භාරයක් පැවරී ඇත. මේ නත්තල් දිනයේ එය ද සිහිපත් කිරීම වැදගත් කාරණාවකි. බුදුන් මෙන්ම ක්‍රිස්තුන් වහන්සේ ද සිය දේශනාවලින් පැහැදිලි කළේ රටට හිතකර දේය. ඒවා ඉදිරියට ගෙන යන්නේ ආගමික නායකයන්ය. ලංකාව වැනි රටවල් ඉතාම හොඳ මට්ටමකට ගෙන ආ හැකි රටවල්ය. එහෙත් අවාසනාවට දේශපාලන අධිකාරිය විසින් අප බෙදනු ලැබ ඇත. එකාට එකා  කොටවා ඇත. මේ නිසාම අප රට විශාල ලෙස පසු පසට ගොස් තිබේ. ඒ නිසා අප රටක් ලෙස ඉදිරියට යන්න නම් ආගමික නායකත්වය තුළින් වටිනා කම් සහිත සමාජයක් ගොඩ නැගීමට මහන්සි විය යුතුය. එසේ නැතිව ආත්මාර්ථකාමීත්වයට ඉඩ දුනහොත් බලලෝභී කණ්ඩායම්වලට ආගම පාවිච්චි කිරීමට ඉඩ දුනහොත් අප කරනුයේ අපේම  …ලෝගුව, සිවුර පාවා දීමකි. ශාස්තෘවරුන්ගේ නාමයෙන් පෙනි සිටින අපි ඒ සඳහා පළමු පෙළේ නායකත්වයක් දිය යුතුය.

මෙවන් කාලයක ආගමික නායකයන් එකිනෙකා සමඟ උරණ නොවී දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී ශාස්තෘවරුන් විසින් උගන්වන ලද ධර්මය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එකට එකතු විය යුතුය. සියලුම ආගමික නායකයන් එකට එකතු වීමට යෝජනා කළ හැකි වටපිටාවක් මේ නත්තලේදී හෝ අප ඇති කර ගත යුතුය. මේ රට අප හැඳිය යුත්තේ අපට දේශපාලනය කිරීමට නොවේ. රට පාලනය කරන අය හරි මර්ගයේ රට ගෙන යා යුතුය. එසේ නැතිවුවහොත් සිදුවන්නේ මේ රට තවත්  විනාශය කරා ඇදී යාමයි.

 ලෝකය ගත්තත් තුන්වැනි ලෝක යුද්ධයකට අර අදිමින් තිබෙන තත්ත්වයක් ඇතිවී තිබේ. අපට ලෝකයට නත්තල සමරන්නට වී තිබෙන්නේ ඊශ්‍රායල්-පලස්තීනය මෙන්ම රුසියාව- යුක්රේනය අතර දරුණු යුද්ධ ඇතිවෙමින් තිබෙන වට පිටාවකය. ලෝකයට සාමය අවශ්‍ය වී තිබෙන මොහොතක අප සැවොම එකතු වී යුද්ධය ප්‍රතික්ෂේප කළ යුතුය.

ආගමේ නාමයෙන් හෝ දේශපාලනයේ නාමයෙන් කිසියම් ජාතියක් යටපත් කිරීමට හදනවා නම් එය ප්‍රතික්ෂේප කළ යුතුය.

එළැඹෙන අවුරුද්ද පිළිබඳ විශාල  බලාපොරොත්තු නැත. අප රටේ දැන් පැවැතීගෙන යන තත්ත්වය  තුළ හිඟන්නන්ගේ තුවාලය මට්ටමට අපි පත්වී සිටින්නෙමු. රට ස්වයං පෝෂිත කිරීමට කිසිම නායකයකුට කිසිම උත්සාහයක් නැත. රටේ ගොවිතැන, කඩා  වැටී ඇත. ධීවර කේෂ්ත්‍රය පණ ගැන්වීමක් නැත. පොල්, රබර්, තේ විෂය කේෂ්ත්‍ර කඩා වැටී ඇත. කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනාම අභාවයට යමින් ඇත. පාලකයන්ගේ එකම අභිප්‍රාය පිටරට ආයෝජකයන් මෙරට කැඳවමින් මෙරට සම්පත් විකිණීමයි. ණය ගෙවමින් තවත් ණය ගනිමින් රටේ දුප්පත් කම වැඩි කිරීමට පාර කැපීමය. එහෙත් එකම එක බලාපොරොත්තුවක් තිබේ. එනම් රට  හරි මාර්ගයට ගැනීමට අපගේ ඡන්දය හරි ආකාරයට භාවිත කිරීමයි. මෙපමණ කාලයක් අප අතින් වරදක් සිදුවුණා ද එසේ නම් එය නිවරැදි කළ හැක්කේ ද අපටමය. එය මෙම නත්තල් දිනයේ  අප තරයේ සිතට ගත යුතුය.

(*** සටහන - අමිල චින්තක ගමගේ)



අදහස් (1)

සහජීවනය අරුත්ගන්වන නත්තල

sam Tuesday, 26 December 2023 09:09 PM

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහිකරන අසිරිමත් නත්තල් පණිවිඩ මගින් ලබාදුන් පණිවිඩය වූයේ ලංකාවේ වර්තමාන දේශපාලනයේ වෙනසක් අවශ්‍ය බව පමණක් නොව එම සිදුවිය යුතු වෙනස යුගයේ අවශ්‍යතාවයක් බවකි...!

:       21       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 427 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 59 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 136 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 318 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 946 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 537 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site