IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සාහිත්‍යයට හැමදාම කුඩම්මාගේ සැලකිල්ල

ප්‍රවීණ නවකතාකරුවකු කෙටිකතාකරුවකු මෙන්ම දක්ෂ පරිවර්තකයකුද වන ටෙනිසන් පෙරේරා මහතා සම්මානලාභී නිර්මාණ රචකයෙකි. නිර්මාණ රචනය සම්බන්ධව දශක කිහිපයක අත්දැකීම් ඇති මෙම ලේඛකයා අතින් ලියැවුණු කෘති බොහොමයකි. අසිරිමත් වැඩබිම, නිදහසේ දරුවාගේ උමතුතාව, භවාන්තරය, මහගෙදර නිධානය, ඔව් නගරයෙන් නෑ නගරයට, එකොළොස් ගිනි ඉන්ද්‍රජාල කතන්දර, වෛවර්ණ ආදි කෘති ඒ අතර වෙයි. ‘කොරෝනා කාලේ අභිරහස් ජීවිත’ ඔහුගේ නවතම නවකතාවයි. මේ සංවාදය ඒ වෙනුවෙනි.


• ඔබේ නවතම කෘතියට පසුබිම් වන්නේ මෙරට කොරෝනා ව්‍යසනය හා බැඳුණු අත්දැකීම්. සාමාන්‍යයෙන් යම් අත්දැකීමක් ලියන්නට ලේඛකයෙකුට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එහෙත් ඔබ මේ තරම් ඉක්මනට කොහොමද ඒ අත්දැකීම් ලියන්නේ?
ලේඛකයාට නවකතාවක් හෝ වෙනත් ප්‍රබන්ධමය නිර්මාණයක් සඳහා අත්දැකීම් තිබිය යුතුය යන්න අප තුළ මුල් බැසගත් අදහසක්. මෙයට තවත් කරුණක් එක් කරමින් ලේඛකයාගේ අත්දැකීම් පරණවීම ඔහුගේ ව්‍යායාමය වඩාත් සාර්ථකවීමට බලපාන බව කියවෙනවා. නවකතාවක් ලියන්නට අත්දැකීම් අවශ්‍ය බව ඇත්ත. එහෙත් නවකතාවක නිර්මාණාත්මකභාවය සම්පූර්ණවීමට අත්දැකීම් පමණක් හේතු වන බව කීම අසම්පූර්ණ නිගමනයක්. එමෙන්ම අත්දැකීම් පරණවූ පමණින් නවකතාවක අන්තර්ගතය හරවත් වේය යන අදහසද තාර්කික මතයක් වේයයි සිතන්න බැහැ.

ලොව පහළවූ ඇතැම් උසස් සම්භාවනීය නවකතා හුදෙක්ම අත්දැකීම් පාදකකර ලියවී නැති බව පෙනෙනවා. මෙයට උදාහරණයක් වශයෙන් සුප්‍රකට නවකතාකරුවෙකුවූ ප්‍රාන්ස් කෆ්කාගේ නවකතා දක්වන්නට හැකියි. යුදෙව් නවකතාකරුවෙකුවූ කෆ්කාගේ කතා කුමන සමාජ පදනමක් විවරණය සඳහා ලියන ලදැයි කිව නොහැකි බව විචාරක මතයයි. එක්තරා විචාරකයෙක් කෆ්කා යුදෙව්වෙකු වුවත් ඔහුගේ ප්‍රබන්ධවල යුදෙව් චරිත නොමැති බවත් ඔවුන්ගේ චරිත රටාවන් නැති බවත් පවසනවා. මේ නිසා අත්දැකීම් තිබීමම හොඳ නවකතාවක් බිහිවීමට හේතු වන්නේ නැහැ. මේ අනුව නවකතාකරුවෙකුට ලිවීමට අත්දැකීම් තිබීම හෝ ඒවා පරණවීම මූලික සාධකයක් වන්නේ නැහැ.
 
මගේ “කොරෝනා කාලේ අබිරහස් ජීවිත” නම් නවකතාව ලිවීමට මට සම්පූර්ණයෙන් මාස දෙකක් ගතවෙන්න ඇති. ඒ වන විට කොරෝනා රෝගය සමාජගතවී මාස හතරක් පමණ වෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ මේසා කෙටි කාලීන අත්දැකීම් ප්‍රබන්ධයට නැගුවේ කෙසේද යන්නයි.  මෙහිදී මා භාවිතාවට ගත්තේ කතාකරුවෙකු වශයෙන් මා අත්කරගත් නිර්මාණ අභ්‍යාසයන් හා කොරෝනාව නම් අසිරිමත් සංසිද්ධියේ විචිත්‍රතාවයි. අපගේ ජීවිත කාලය තුළ ඉන්ද්‍රියන් විසින් විඳගත්, අත්විඳි විස්මිතය තමයි මා නවකාවේ තේමාව ලෙස ගත්තේ. මේ සුළු සිද්ධිය සමාජය තුළ ඇති කළ විපරීතය තවත් පසෙකින් මගේ පරිකල්පනයන් අවදි කිරීමට හේතුවූ බව කිව යුතුයි. අපගේ ජීවිත කාලය තුළ ලැබූ අදහාගත නොහැකි අද්භූත අත්දැකීම බලපාන්නට ඇති.   

• කොරෝනා ව්‍යසනය හේතුවෙන් විවිධ අංශවල යම් අර්බුදයක් මතු විය හැකි බව විද්වත් මතයයි. මේ අතරින් සාහිත්‍ය කලාවන්ට ඇති අවදානම හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතු ආකාරය ලේඛකයකු ලෙස හඳුනාගන්නේ කොහොමද?
වෙනත් ක්ෂේත්‍රවලට එමෙන්ම මෙය සාහිත්‍ය කලාවන්ටද ඍජුව බලපෑ බව පෙනෙනවා. පොත් හල් වසා දැමීම නිසා පොත් අලෙවිය මහත්  සේ පහතට වැටුණා. නව ප්‍රකාශන පළවීම පවා සිදුවූයේ නැහැ. පොත් සඳහා ආයෝජනයද අනෙක් ව්‍යාපාරවල මෙන් අවිනිශ්චිත තත්වයට පත් වුණා. නාට්‍ය හා චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටුවීම නිසා කලා ශිල්පීන්ගේ වෘත්තීය ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීම අසීරු තත්වයට පත්ව තිබෙනවා. පුස්තකාල පවත්වාගෙන යාම අඩපණ වීම නිසා කියවීමේ රුචිය වර්ධනයට එය දිගු කාලීනව බලපාන හේතුවක් වී තිබෙනවා. කොරෝනා වසංගතය තවමත් අවසානයක් නොපෙන්වන ව්‍යසනයක් හෙයින් සංස්කෘතික ක්ෂේත්‍රයේ ඇතිවී ඇති අහිතකර තත්වය ගැන විද්වත් කතාබහක් ඇති විය යුතුයි.

ලේඛකයන්, නාට්‍යකරුවන්, සිනමා ශිල්පීන් ආදීන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් රජයේ අනුග්‍රහය හා වෙනත් සංවිධානවල මැදිහත්වීමෙන් සිදු වීම වැදගත්. නාට්‍ය වැනි විෂයන් පාසල් විෂය මාලාවේ ඇති හෙයින් ප්‍රමිතියක් ඇති නාට්‍ය රජයේ අනුග්‍රහයෙන් පාසල්වල පෙන්වීමෙන් ශිෂ්‍යයන් තුළ කලා රසිකභාවය වර්ධනය කළ හැකි එක මගක් වෙනවා. එමෙන්ම නාට්‍ය ශිල්පීන් යම් පමණකින් දිරිමත් කිරීමක් වෙනවා. ඔවුන්ගේ ශිල්පයේ අභිමානයද වර්ධනය වෙනවා. තවද පොතපත කියවීමේ රුචිය ඇතිකිරීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශයන්ගේද සහය ඇතිව ළමා වැඩමුළු පැවැත්වීම් ආදිය කිරීමෙන් පොත් සඳහා ප්‍රචාරයක්ද ඇතිවෙනවා.        

• ලංකාවේ ලේඛකයාගේ අයිතිවාසිකම්, වෘත්තීයභාවය, ගරුත්වය, ආර්ථිකය, නිර්මාණ ප්‍රකාශනය වැනි ගැටලු රාශියක් ගැන එදා සිටම අපි තවමත් කතා කරනවා. විවිධ ලේඛක සංවිධාන ද අපේ රටේ පිහිටුවාගෙන තිබෙනවා. ඒත් මේ රටේ ලේඛකයාට ලැබී ඇති තැන ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මෙය අප කලෙක සිට කතා කරන කරුණක්. මෙය කිහිප දෙසකින් කතා කළ යුතු මැයක් ලෙස සැලකිය හැකියි. මේවා පසුවට තබා ක්ෂණිකව මතුවූ කරුණක් අවධානයට ලක්කරන්නට කැමතියි. අද ලේඛකයන්ගේ අයිතිවාසිකම් කෙසේ වෙතත් “ලේඛකයා” කියන නාමය පවා අභියෝගයට ලක්වෙමින් පවතින බව සංවේගයෙන් පැවැසිය යුතුයි. මෙරට සංස්කෘතික නිලධාරීන් මෙන්ම මැති ඇමති ආදීන් පවා “ලේඛකයා” යනු කවරෙක්ද යන්න හඳුනන්නේ නැති බව නොයෙක් අවස්ථාවලදී පෙනී ගොස් තිබෙනවා. ඔවුන් හැම දෙනෙක්ම නළුවන්, නාට්‍ය ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, රංගන ශිල්පීන්, පුවත්පත් කලාවේදීන් ආදරණීය ලෙස දන්නා මුත් මේ ලැයිස්තුවේ “ලේඛක” නමින් හඳුන්වන වෘත්තීය පිරිසක් සිටින බව දන්නේ නෑ.

මෙහෙම කියන්නේ කට කහනවට නොවෙයි. අත්දැකීම් හා සිදුවීම් ගණනාවක් පාදක කරගෙනයි. මෑතකදී කලාකරුවන් සඳහා ලබාදීමට අදහස් කළ පොලී රහිත ණය ආධාර ලැයිස්තුවේ ලේඛකයන් ඇතුළත්වී නොතිබීම නිසා ජ්‍යෙෂ්ඨ ලේඛකයන්ට පවා එම වරප්‍රසාදය ලබාගැනීමට නොහැකි වන තත්වයක් ඇති වුණා. තවද නිවාස යෝජනා ක්‍රම, වෙනත් සුබසාධක වැඩසටහන් ආදියට පවා කලාකරුවන් ඇතුළත් වුවත් ලේඛකයන් නොසලකා හැර තිබෙනු දක්නට ලැබෙනවා. මෙහිදී අප වෙසසින්ම දේශපාලන බලධාරීන්ට මෙවන් කුඩම්මාගේ සැලකිලි ලේඛකයන් උදෙසා නොකරන ලෙස තරයේ ඉල්ලා සිටි යුතු වෙනවා. මේ අරබයා පිළිගත් ලේඛක සංවිධාන රජයට කිහිප වරක් දන්වා ඇති බව  පැවසිය යුතුයි. සාහිත්‍යයට හැමදාම තිබුණේ කුඩම්මාගේ සැලකිලි

• සම්මාන උත්සව බහුලවීමත් සමග බොහෝ දෙනා සාහිත්‍යයේ දියුණුවක් අපේක්ෂා කළා. එහෙත් ඇතැම් පොත් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලවල තීන්දු තීරණ ගැන ඇතැම් අය අප්‍රසාදය පළ කළා. මේ පාඨක විචාරක අප්‍රසාදය දිගටම පැවතුණොත් එය සාහිත්‍යයට කොහොම බලපායිද?
සම්මාන උත්සවවල කෘති තේරීමේ අක්‍රමිකතා ගැන රසිකයින් නිරතුරුව විවේචන ඉදිරිපත් කළත් උත්සව සංවිධායක මණ්ඩලවල ඒ ගැන සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක්වී තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ සම්මාන කෘති තේරීම සඳහා වඩාත් සුදුස්සන් සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා යයි බොහෝ විට නිගමනය කළ හැකියි. සුදුස්සන් සෙවීම අපහසු නම් සිටින කවුරු හරි යෙදීමේ පහසු ප්‍රතිපත්තිය බැහැර කළ යුතුයි. මහත් වෑයමින් සුදුස්සන් සොයා ගත යුතුයි. අපගේ අදහස වන්නේ කෘති තේරීමේදී ප්‍රථම වටය සඳහා මැදිහත්ව සිතන, අදාළ විෂය ගැන දැනීමක් ඇති, රසිකයින් සිටිය යුතු බව අප බොහෝ විට යෝජනාකර තිබෙනවා.

ප්‍රථම වටයෙන් කෘතියක් හැලීම වගකිව යුතු, පරෙස්සමෙන් කළ යුතු කාර්යයක්. බව තේරීම් මණ්ඩලවල සාමාජිකයන් මෙන්ම, උත්සව සංවිධායකයන්ද වටහාගත යුතු කරුණක් ප්‍රථම වටයෙන් යම් කෘතියක් අත්හැරීමෙන් වන ප්‍රමාද දෝෂ ආදිය මෙයින් අවම කරගත හැකිවේය යනු අපේ හැඟීමයි. මෑතක සිට සම්මාන සඳහා කෘති උඩදැමීමේ හීන් නූලෙන් කරන ක්‍රියාදාමයන් වසර මුල සිට සිදුවෙන බවක් පෙනෙන්නට තිබෙනවා. සම්මාන මණ්ඩලවලට බලපාන ආකාරයට හිතමිතුරන්, ශාස්ත්‍රාල මිතුරන් යොදා ගනිමින් කරන මේ පොත් උඩදැමීමේ කූට ප්‍රයත්න සම්මාන උලෙළවල සංවිධායකයන්ගේ මෙන්ම විනිසුරුවන්ගේද අවධානයට යොමුවීම වැදගත්. එය සාධාරණත්වයට ගරු කිරීමක් වන්නාසේම සම්මාන කාක්කන්ගෙන් සාහිත්‍ය උලෙළවල් රැකීමක්ද වෙනවා.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (0)

සාහිත්‍යයට හැමදාම කුඩම්මාගේ සැලකිල්ල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 67 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1396 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 649 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4637 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site