IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සාහිත්‍ය කලා ප්‍රබෝධය උත්සවයකට සීමා කරමුද?

ශ්‍රී ලාංකික පාඨකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවන සාහිත්‍ය මාසය එළැඹ තිබේ. සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වෙන කොළඹ මහා පොත් දැක්ම ද ආරම්භ වී ඇත. සාහිත්‍ය දිනය, සාහිත්‍ය මාසය, සාහිත්‍ය සම්මාන ආදී මෙකී නොකී යෙදුම් මගින් සිංහල සාහිත්‍ය සන්දර්භයේ විවිධ පැතිකඩ නියෝජනය කෙරේ. අද අප සාහිත්‍ය ලෙස ලඝු කොට ප්‍රකාශ කරන යෙදුමෙන් ශිල්පයක් කලාවක් මෙන්ම කර්මාන්තයක් ද නියෝජනය වන බව සැලකිය යුතුය.

අතීත කාලයේ සාහිත්‍ය කටයුතු බෙහෙවින් සිදු වූයේ ලේඛකයන්ගේ පෞද්ගලික ව්‍යවසායකත්වයෙනි. වෙනත් වචනවලින් කිවහොත් සාහිත්‍ය කෘති බිහි කිරීම හුදෙක්ම ලේඛකයාගේ පෞද්ගලික වුවමනාව හා කැපවීම මත සිදු වූවකි. සිංහල රජ කාලයේ ඇතැම් රජවරුන්ගේ අනුග්‍රහය සාහිත්‍ය කලා කටයුතුවලට ලැබුණි. එසේම අතීතයේ බොහෝ සාහිත්‍ය කෘතීන්ට නිර්මාණ දායකත්වය සැපයුවේ මහා යතිවරුන් විසිනි.

එදා පන්සල් ආශ්‍රිතව සාහිත්‍ය කේන්ද්‍රගතවීම කැපී පෙනුණු ලක්ෂණයකි. එහෙත් යටත් විජිත පාලන සමය එළැඹුණු විට සිංහල සාහිත්‍යයට නිතරම ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලයි. එකල ඉතා සීමිත මට්ටමින් පුවත්පත්, සඟරා හා ප්‍රකාශ නිකුත් වුව ද ඒවා බහුතරයක් ඉංග්‍රීසි බසින් පළවීම කැපී පෙනුණි. 1948 මෙරටට නිදහස ලැබුණ ද සාහිත්‍යයට විධිමත් රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ මාර්ටින් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළ ආකාරයට බමුණු කුලය බිඳ වැටීමත් සමගය.

1956 වසරේ බලයට පත් බණ්ඩාරනායක රජය විසින් සාහිත්‍යයේ උන්නතිය උදෙසා සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ කළ අතර සංස්කෘතික අමාත්‍යංශය ද බිහි කළේය. ලේඛකයන් බුහුමනට පාත්‍ර කරන සාහිත්‍ය උත්සව ආරම්භ කළේ ද ඒ කාලයේදීය. මෙරට ප්‍රථම සාහිත්‍ය දින උළෙල 1957 වසරේ සැප්තැම්බරයේ පැවැත්වුණේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදීය. ඉන් අනතුරුව සෑම වසරකම සැප්තැම්බරය සාහිත්‍ය මාසය ලෙස නම් කෙරුණි.

රාජ්‍ය සාහිත්‍ය උළෙල මෙහි ප්‍රධානම ඉසව්වය. එහි දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීම මගින් ලේඛකයන් දිරි ගැන්වීමට ආණ්ඩුව අනුග්‍රහය දැක්වීය. එදා සිට අද දක්වා එම රාජ්‍ය සාහිත්‍ය උත්සවය හා සම්මාන උළෙල පැවැත්වෙයි. වර්තමානයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව ස්වර්ණ පුස්තක සම්මාන උළෙලත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි සාහිත්‍ය උළෙලත් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලත් පැවැත්වෙයි. මේ සියලු‍ කටයුතු සාහිත්‍යයේ කාර්ය සාධනය සඳහා බෙහෙවින් උපනිශ්‍රය වෙයි.

මෙලෙස උත්සව සැරසිලි සම්මාන ප්‍රදාන ආදී සියල්ල සිදුවුවත් අද අපේ සාහිත්‍ය කිසියම් ඛේදජනක ඉරණමකට මුහුණ දෙන බව සඳහන් කළ යුතුය. එයට හේතුව වන්නේ මෙරට ළමා හා තරුණ පරපුර ශීඝ්‍රයෙන් සාහිත්‍යයෙන් ඈත්වීමය. වත්මන් ළමා පරපුර හා තරුණ පෙළ ඩිජිටල් සාහිත්‍යයට සහ ජංගම දුරකතන මෙවලමට ඇබ්බැහිවීමත් සමග ඔවුහු සාහිත්‍ය ඉදිරියේ දුහුනන් බවට පත් වූහ.

පාසල් අධ්‍යාපනය ලබන සමයේ හදාරණ පතපොත හැර වෙනත් පොත්පත් ආශ්‍රයට මෙම තරුණ සමාජයට ඉස්පාසුවක් නැතුවා සේය. එහෙත් බටහිර සමාජයේ ප්‍රකට එක්තරා කියමනක සඳහන් වන්නේ තාක්ෂණයට ශික්ෂණය ලැබෙන්නේ සාහිත්‍ය පරිශීලනයෙන් වගයි. එහෙත් ඊට හුරුකමක් නැති ඩිජිටල් සමාජය දැනුමින් පොහොසත් වුණත් හැඟීම් අතින් දුප්පත් බවට පත්ව තිබේ. ඒ අනුව වර්තමානයේ සාහිත්‍ය හා ග්‍රන්ථ පරිශීලනය වැඩිහිටියන්ගේ කාර්යයක් පමණක් වී ඇත.

අපේ තරුණ සමාජයේ බහුතරය අද මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, ඩබ්ලිව්.ඒ. සිල්වා, ජී.බී. සේනානායක ආදී ප්‍රකට නිර්මාණවේදීන්ගේ නම් ගම් පවා නොදනිති. එවන් පරපුරක් අත අපේ අනාගතය නැලවෙද්දී වැඩිහිටියන්ගේ තොටිල්ල පැද්දෙන්නේ සාහිත්‍ය රිද්ම රටා අනුවය. එනිසා අනාගත පරපුර ද සාහිත්‍ය කෙරේ නැඹුරු වන්නට කිසියම් වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍යය.

එහි දී පාසල්, විශ්ව විද්‍යාල මට්ටමින් මෙන්ම සමාජයක සිවුවැනි ආණ්ඩුව ලෙස සලකන ජනමාධ්‍යයට ද පුරෝගාමී මෙහෙවරක් කළ හැකිය. සැබෑ අභිවෘද්ධිය යනු හුදෙක් භෞතිකව පමණක් මිනිසා හෝ සමාජය හෝ ගොඩනැංවීම පමණක් නොවේ. ඊට සාපේක්ෂව ආධ්‍යාත්මික වටිනාකම්වලින් ද සාරධර්ම අතින් ද මිනිසා හා සමාජය ගොඩනැංවීය යුතුය. ඒ උදෙසා සාහිත්‍යයේ කාර්යභාරය මැනවින් තේරුම් ගැනීම කොතරම් දැඩි සමාජ අවශ්‍යතාවක් ද යන්න වත්මන් සමාජයේ නලියන ප්‍රශ්න ඇසුරින්ම පෙන්වා දිය හැකිය.

(***)



අදහස් (1)

සාහිත්‍ය කලා ප්‍රබෝධය උත්සවයකට සීමා කරමුද?

මම ම නොවන පුස්සෙක් Saturday, 23 September 2023 01:16 PM

එහි දී පාසල්, විශ්ව විද්‍යාල මට්ටමින් මෙන්ම සමාජයක සිවුවැනි ආණ්ඩුව ලෙස සලකන ජනමාධ්‍යයට ද පුරෝගාමී මෙහෙවරක් කළ හැකියි. සැබෑ අභිවෘද්ධිය යනු හුදෙක් භෞතිකව පමණක් මිනිසා හෝ සමාජය හෝ ගොඩනැංවීම පමණක් නොවේ. ඊට සාපේක්ෂව ආධ්‍යාත්මික වටිනාකම්වලින් ද සාරධර්ම අතින් ද මිනිසා හා සමාජය ගොඩනැංවීය යුතුයි. ඒ උදෙසා සාහිත්‍යයේ කාර්යභාරය මැනවින් තේරුම් ගැනීම කොතරම් දැඩි සමාජ අවශ්‍යතාවක් ද යන්න වත්මන් සමාජයේ නලියන ප්‍රශ්න ඇසුරින්ම පෙන්වා දිය හැකිය.'' (උපුටා ගැනීම නිමයි.) ඊට සාපේක්ෂව ආධ්‍යාත්මික වටිනාකම්වලින් ද සාරධර්ම අතින් ද මිනිසා හා සමාජය ගොඩනැංවීය යුතුයි. ඒ උදෙසා සාහිත්‍යයේ කාර්යභාරයට... "කර උර දිීම ගැන වගේ වගක් නැතිව පතෝල න්‍යායෙන් මුදා හැරීම පමණකින් අසීමිතව සෑහී, එයට තැබිය යුතු නිසි බරින් හඳුනා නොගැනීම පාඨක අහිංසකයින්ගේ අවාසනාවක් දෝ හෝ යි කියා කියන්න නම් නොදන්නේමැයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 1002 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 344 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 758 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 707 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 421 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 439 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site