නාගදීපය වන්දනා කරන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීප නාම පුවරුවේ නාගදීප චෛත්‍යය වැසෙන පරිදි කිසියම් පිරිසක් රතු තීන්න අාලේප කර ඇතැයි කයිට්ස් පොලිසිය ප්‍රකාශ කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ ‘‘නාගදීපය’’ යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍යය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත ආලේපනය කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
‘‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’’ යන්න වාක්‍යයක් පමණක් නොව ඒකාන්ත සත්‍ය්‍යකි. පීඩාවට පත් කිරීම නොව එවැනි පීඩාවක් ඇතැයි සිතීම පවා ලේ කුහර හදන්නක් බව අපේ රටේ ලේ ගලන ආසන්න මෑත ඉතිහාසය වුවද කදිම නිදසුනකි.
තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පරාජය හා විනාශය අත්කර දෙමිනි. ප්‍රභාකරන්ගේ වෙඩි වැදුණු නිසල සිරුර වෙල්ලමුල්ලිවයික්කාල්හි වගුරු බිමක් අද්දර තිබී හමුවීම ප්‍රකාශිත යුද්ධයේ අවසානය ලකුණු කළේය.
එහෙත් බෙදුම්වාදී මතවාදය එලෙසින්ම වළ නොදැමිණි. ඒ අපේක්ෂාවෙන් පිරීගත් අහම්බයෙන් දිවි ගලවා ගත්තෝද තම පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ජාතිවාදය පාවිච්චි කරන්නෝ ද සිටිති.
යුද, ගුවන්, නාවික හා පොලිසිය යන සෑම ආකාරයකින්ම ත්‍රස්තබලය වර්ධනය කර ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මරාගෙන මැරෙන මිනිස් බෝම්බ ලෝකයටම හඳුන්වා දුන්නේය. එවන් ත්‍රස්ත බලයක් ගොඩ නඟාගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භක ස්වරූපය වර්තමානයෙන් ප්‍රදර්ශනය වන්නේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
1956 සංස්කෘතික විප්ලවයත් සමඟ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ අතර එයට එරෙහිව උතුරේත්, නැගෙනහිරේත් ඇවිළී ගිය ජාතිවාදය ප්‍රකාශයට පත් වූයේ නාගදීපයේ නාම පුවරුවේ මෙන්ම සිංහල වචන මත තාර ඇතිරීමෙනි. වාහනවල සිංහල ශ්‍රී අකුර වෙනුවට දෙමළ ශ්‍රී අකුර සටහන් කිරීමෙනි. එයින් ඇවිස්සී ගිය උමතු ජාතිවාදය ත්‍රස්ත ක්‍රියා සඳහා පරිවර්තනය වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. පා මුර සංචාරයේ යෙදුණ පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් ආරම්භ කළ ත්‍රස්තවාදය පුනරින්, මුලතිව් හා ඓතිහාසික අලිමංකඩ, හමුදා කඳවුරු බිමට සමතලා කෙරුණ මහා ත්‍රස්ත කාලයක් දක්වා වර්ධනය විය.
මඩකලපුව, වව්නියාව පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීමේ සිද්ධියත් නාගදීප නාම පුවරුවේ තීන්න ආලේපන කිරීමත් හඳුනා ගත යුතුව තිබෙන්නේ ඉහත අතීතයට සාපේක්ෂවය. මළවුන් සමරන අසිරිමත් මිනිස්කම පළිහක් කර ගනිමින් මෙන්ම දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියමින් විසකුරු ජාතිවාදී අදහස් පතුරන ඊළඟ මැතිවරණය ඉලක්ක කර ගත් බාල දේශපාලනඥයෝ එදත් සිටියහ. අද සිටින එබඳු දේශපාලනඥයන් තේරුම් ගත යුතු වඩාත් වැදගත් කාරණය වන්නේ එම දේශපාලනඥයන්ගේ ජාතිවාදී අදහස්වලින් මෝහනයට පත් එම තරුණයන්ගේ අවි වලින්ම එම දේශපාලනඥයන්ගේ දිවි ගමන නිමා වූ බවය.
වෙර වෑයම් කළ යුත්තේ ඒ අඳුරු භීම සමය යළිත් බිහිවීම වැළැක්වීමය. එයට කදිම ආදර්ශයක් ඉකුත්දා දකුණෙන් වාර්තා විය. අපවත්වී වදාළ අලුත්ගම කළුවාමෝදර ඓතිහාසික කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී ප්‍රදේශයේ මුස්ලිම් ජනයා අපමණ සංවේගයෙන් ඒ අවස්ථාවට එක් වූහ. උන්වහන්සේගේ දේහය ආදාහන පූජෝත්සවය සඳහා රැගෙන යාමේදී මුස්ලිම් ජනයා ද එයට එක් වූහ. එම අවස්ථාව අප පුවත් පතේ ඡායාරූපයක් සමඟින් වාර්තා කෙරිණි. උස් මහත් කළ යුත්තේ එබඳු බලගතු ආදර්ශයන්ය. රටට ජයග්‍රහණ නිර්මාණය වන්නේ ජාතිකත්වයත් අතර ගොඩ නැඟෙන එබඳු ඇත්ත සංහිඳියාවකින් පමණි.
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංහිඳියාවට කෙනෙහිලි ඇයි