IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සහරාන්ගේ 2015 මැතිවරණ යෝජනා පිළිගත්තත් අත්සන් කළේ නෑ


සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සියලු දේශපාලන පක්ෂ එකතු කර 2015 මහමැතිවරණයේදී යෝජනා මාලාවක් ඉදිරිපත් කර ගිවිසුමකට අත්සන් තැබීමට සාකච්ඡා කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස අපි ඔවුන්ගේ ඇතැම් යෝජනා පිළිගත්තත් ගිවිසුමට අත්සන් කළේ නැහැ යැයි මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් මහතා ඊයේ (07) පැවසීය.

මෙම සාකච්ඡාවට හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ නියෝජිතයෙක්, මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රාවුෆ් හකිම් මහතා හා මමත්, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මොහොමඩ් ෂියාඩ් ඇතුලු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සම්බන්ධ වුණා යැයිද ඔහු පැවසීය.

 ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
එහිදි රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් ඔහු මෙසේද පැවසීය.

ප්‍රශ්නය - ඔබ අධ්‍යාපනය ලැබුවාට පස්සේ කුමක් හෝ රස්සාවක් කළාද?
පිළිතුර - මම සිවිල් ඉංජිනියර් කෙනෙක් ලෙස උපාධි අවසන් කළා. ඉන්පසු කටාර් වලට ගිහින් වසර කීපයක් සේවය කළා. 2004 සුනාමියෙන් පස්සේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක් සමග එක්ව නිවාස ව්‍යාපෘතිවල කටයුතු කළා. 2007න් පස්සේ පෞද්ගලික ආයතනයක සිවිල් ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළා.

ප්‍රශ්නය - ඔබ දේශපාලනයට පිවිසුණේ කොයි කාලයේද?
පිළිතුර - මම දේශපාලනය කරන්න කිසිසේත්ම හිතුවේ නැහැ. නමුත් ලැබුණ ආරාධනාවක් පරිදි 2012දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තරග කළා.  

ප්‍රශ්නය - ඊට පස්සේ ඔබ දිගටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද හිටියේ.
පිළිතුර - නැහැ. මම මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙක් බවට පත්වෙලා 2015 ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් කටයුතු කළා. 2015 මහමැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණා.

ප්‍රශ්නය - 2015දී ඔබ පාර්ලිමේන්තුවට පත්වුණාද?
පිළිතුර - නැහැ. මම 2017 දක්වා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසම කටයුතු කළා. ඉන්පසු 2018දී මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයෙන් ගොඩනැගූ මුස්ලිම් ජාතික සන්ධානය යටතේ පළාත් පාලන මැතිවරණයෙන් කාත්තන්කුඩි ප්‍රාදේශීය සභාවට තරග කර ජයගත්තා.

ප්‍රශ්නය - දැනටත් එහි මන්ත්‍රීවරයෙක්ද?
පිළිතුර - නැහැ. අපි ඉදිරිපත් වු අපේක්ෂකයින් සියලු දෙනාටම මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාව ලබාදීමට එකඟ වී තිබුණ නිසා අපේ පත්වු මන්ත්‍රීවරු තුන්දෙනා වරින් වර ඉල්ලා අස්වී අනෙක් අයට අවස්ථාව දුන්නා. ඒ අනුව මමත් 2019 ජුනි හෝ ජුලි වලදී ඉල්ලා අස්වුණා.

ප්‍රශ්නය - 2015 මහමැතිවරණයෙන් පස්සේ  එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබීමේ ජයසැමරීමේදි යම් ගැටුමක් ඇති වුණාද?
පිළිතුර - ඔව්. ඔහුගේ ආධාරකරුවන් අපේ ආධාරකරුවන්ට හා වෙනත් පක්ෂවල ආධාරකරුවන්ට හා හෝටලයකට පහරදී තිබුණා.

ප්‍රශ්නය - මොකක්ද මේ හෝටලය?
පිළිතුර - එය යහපාලනය සඳහා ජාතික ව්‍යාපාරයට ආධාර කළ පුද්ගලයෙකුට අයත් හෝටලයක්.

ප්‍රශ්නය - ඔවුන් තවත් කොහේටද පහර දී තිබුණේ?
පිළිතුර - ස්ථාන ලෙස වෙනත් කිසිම තැනකට පහරදුන් බවක් මා දන්නේ නැහැ. නමුත් පුද්ගලයින් හතර දෙනෙකුට ගෙවල්වලදී හා විවිධ ස්ථානවලදි පහරදී තිබුණා.

ප්‍රශ්නය - කවද්ද මේ දේ සිදුවුණේ?
පිළිතුර - 2015 අගෝස්තු 21 වැනිදා සවස.

ප්‍රශ්නය - තුවාල ලැබූ අයගේ නම් කියන්න පුලුවන්ද?
පිළිතුර - එම්. සි. එම්. රිල්වාන්, ෆයිරූස්, සාජාන්ගේ බිරිඳ. ඇය ගර්භනී කාන්තාවක්. ඇය මගේ ආධාරකරුවෙකුගේ බිරිඳ.

ප්‍රශ්නය - ඔබ ඇයි හිස්බුල්ලා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය දෙනවාට විරුද්ධ?
පිළිතුර - ඔහු ජනාධිපතිවරණයේදී කටයුතු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්. අපි වැඩකළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට. එසේ තිබියදි ජනාධිපතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඔහුට දීම ගැන පාක්ෂිකයෝ පමණක් නෙවෙයි ඡන්ද දායකයොත් විරෝධය දැක්වුවා.

ප්‍රශ්නය - යහපාලනය සඳහා ජාතික ව්‍යාපාරය කියන්නේ කුමක්ද?
පිළිතුර - එය දේශපාලන ව්‍යාපාරයක්. 2015 ජනාධිපතිවරණයේදී අප සමග කටයුතු කළා. එහි සභාපති ලෙස එකල අබ්දුල් රහුමාන් නමැති අයෙක් කටයුතු කළා. දැන් කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔය අබ්දුල් රහුමාන් කියන්නේ බීකාස් කැම්පස් එකේ හිමිකරුද?
පිළිතුර - ඔව්

ප්‍රශ්නය - මොහොමඩ් අබ්දුල් මොහොමඩ් ෂියාඩ් ඔබ අඳුනනවාද?
පිළිතුර - ඔව්. ඔහු යහපාලනය සඳහා වු ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෙක්.

ප්‍රශ්නය - ඔබ හිස්බුල්ලා පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රහාරය ගැන ෂියාඩ් සමග දුරකථනයෙන් කතා කළාද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය - ඔබ ප්‍රහාරයෙන් පසු පහරදුන් ස්ථානවලට හා පහරකෑමට ලක්වූ අය බලන්න ගියාද? ඔබ මොනවද කළේ?
පිළිතුර - ඒ වෙලාවේ හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් විශාල පිරිසක් පාරවල්වල හිටියා. ඒ නිසා මම ඒ වෙලාවේ පාරට බහින එක ආරක්ෂිත වුණේ නැහැ. ඒ නිසා පොලිසියට කතා කරලා විස්තර සොයා බැලුවා.

ප්‍රශ්නය - ඔබ පහරකෑමට ලක්වූවන් බලන්න ගියේ කොයි වෙලාවෙද?
පිළිතුර - පසුදින ඒ කියන්නේ 2015 අගෝස්තු 22 වැනිදා උදේ තමයි මම ගියේ.

ප්‍රශ්නය - ෂියාඩ්ව ඔබට මේ ප්‍රහාරයෙන් පසු හමුවුණාද?
පිළිතුර - ඔව්. ප්‍රහාරයෙන් පසුව මම ප්‍රහාරයට ලක්වු හෝටලයට ගියා. එහිදි ෂියාඩ්ව හමුවුණා. ඉන්පසු එන්ටීජේ පල්ලියට ගිය වෙලාවෙත් ඔහු හමුවුණා.

ප්‍රශ්නය - එන්ටීජේ පල්ලිය කියන්නේ සහරාන්ලාගේ පල්ලියක් නේද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - ඇයි ඔබ එහි ගියේ?
එම ප්‍රශ්නයට ඔහු කිසිදු පිළිතුරක් දුන්නේ නැත.

ප්‍රශ්නය - ඔබ මේ සිදුවීමට පෙරත් මේ පල්ලියට ගිහින් තිබෙනවාද?
පිළිතුර - ඔව් අවස්ථා කීපයකදි ගිහින් තිබෙනවා.

ප්‍රශ්නය - කාත්තන්කුඩිවල මුස්ලිම් පල්ලි විසිහතක් පමණ තිබෙනවා. ඔබ ඒ හැම පල්ලියකටම ගිහින් තිබෙනවාද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය - ඔබ, පහරකෑමට ලක්වූ ඔබේ ආධාරකරුවෙකුගේ බිරිඳ බලන්න ගියේ නැද්ද?
පිළිතුර - ගියා. 22 වැනිදා උදේ ගෙදර යනකොට ඇය රෝහල්ගත කර තිබුණා. ඒත් එදා සාම්පුර්වල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් බෙදාදීමේ උත්සවයට යන්න තිබුණ නිසා රෝහලට ඒ වෙලාවේ ගියේ නැහැ.

ප්‍රශ්නය - උත්සවයේදි ඔබට කවුද හමුවුණේ?
පිළිතුර - රාවුෆ් හකීම් ඇමතිතුමා හමුවුණා.

ප්‍රශ්නය - ඔහුට පෙරදින සිදුවු දේවල් ගැන ඔබ කිව්වාද?
පිළිතුර - ඔව්. මම ඒ ගැන විස්තර කළා. කාත්තන්කුඩිවලට ඇවිත් මේ ගැන සොයා බලන්න නැත්නම් හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් නැවත පහර දෙන්න පුලුවන් කියලා මම කිව්වා. උත්සවයෙන් පසු ඔහු මාත් සමග කාත්තන්කුඩිවලට ආවා.

ප්‍රශ්නය - ඔහු ඔබ සමග ප්‍රහාරයට ලක්වූ ස්ථානවලට ගියාද?
පිළිතුර - ඔව්. හෝටලයට ගියා. ඉන්පසු රෝහලට ගියා.
ඉන්පසු ඡායාරූපයක් හා වීඩියෝ පටයක් සාක්ෂිකරුට පෙන්වනු ලැබිණ.

ප්‍රශ්නය - මෙහි ඔබ හකීම් මහතා සමග කොහේ ඉන්න බවක්ද පෙන්වන්නේ?
පිළිතුර - කාත්තන්කුඩි රෝහලේ.

ප්‍රශ්නය - කවුද මේ තුවාලකරු?
පිළිතුර - රිල්වාන්.

ප්‍රශ්නය - රිල්වාන් ඔබේ ආධාරකරුවෙක්ද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය - එහෙම නම් ඇයි ඔබ මුලින්ම රිල්වාන් බලන්න ගියේ?
පිළිතුර - රිල්වාන් බලන්න ගියා නෙවෙයි, තුවාලකරුවන් බලන්න පිරිමි වාට්ටුවටයි ගියේ. එහි සිටි එක් අයෙක් රිල්වාන්. ඔහු බලන්න මුලින්ම ගියාද නැද්ද යන්න මට මතක නැහැ. මේ වාට්ටුවේ අය බැලුවට පස්සේ කාන්තා වාට්ටුවට ගිහින් පහරකෑමට ලක්වූ ගැබිනි කත බැලුවා.

ප්‍රශ්නය - රිල්වාන්ව ඔබ කලින් දැන සිටියාද?
පිළිතුර - ඇතැම් අවස්ථාවල හමුවී තිබුණා. 2012 දේශපාලනයට ආවට පස්සේ මම දේශපාලකයෙක් ලෙස බොහෝ දෙනා අඳුන ගත්තා. රිල්වානුත් ඒ අතර කෙනෙක්.

ප්‍රශ්නය - සහරාන්ව හමුවි තිබුණාද?
පිළිතුර - ඔව්. ඔහු ප්‍රදේශයේ ජීවත්වුණ කෙනෙක්. ප්‍රසිද්ධියේ දේශන පවත්වනවා. ඒ නිසා ඔහුව දන්නවා.

ප්‍රශ්නය - රිල්වාන් සහරාන්ගේ සහෝදරයා කියලා දැනගෙන හිටියාද?
පිළිතුර - නැහැ.. ඒ බව දැන ගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ.

ප්‍රශ්නය - රෝහලෙන් පසු ඔබ කොහේද ගියේ?
පිළිතුර - තවුහිද් ජමාත් පල්ලියට.

ප්‍රශ්නය - ඇයි ඒ?
පිළිතුර - එයද ප්‍රහාරයට ලක්වුණා.

ප්‍රශ්නය - ඔබ කලින් කිව්වා ප්‍රහාරයට ලක්වුණේ හෝටලයක් පමණයි කියලා.
පිළිතුර - ඔව්. මම මේ පල්ලියට පහරදී ඇති බව දැන ගත්තේ පහුවදා හෝටලයට ගිය පසුවයි.
කොමිසම විසින් සාක්ෂිකරුට නැවත ඡායාරූපයක් පෙන්වනු ලැබිණ.

ප්‍රශ්නය - මෙහි සහරාන් සිටිනවාද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - රවුෆ් හකීම් මහතාත් සිටිනවාද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - ඔබත් සිටිනවාද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - මොකක්ද මෙතන සිදුවන්නේ?
පිළිතුර - මේක තවුහිද් ජමාත් පල්ලියේ තිබුණ සාකච්ඡාවක්. සහරාන්ලා 2015 මහමැතිවරණයේදී නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එයටයි අපි ගියේ.

ප්‍රශ්නය - එහිදි ගිවිසුමකට අත්සන් තැබුවාද?
පිළිතුර - ඔවුන් ගිවිසුමක් ඉදිරිපත් කළා. එහෙත් අපි එයට අත්සන් කළේ නැහැ.

ප්‍රශ්නය - ඔබ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට එකඟත්වය පළ කළේ නැද්ද?
පිළිතුර - යම් කරුණුවලට එකඟ වුණා. නමුත් ගිවිසුම්වලට අත්සන් තැබුවේ නැහැ.

ප්‍රශ්නය - 2017 අලියාර් හන්දියේ ගැටුම ගැන ඔබ දැන සිටියාද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - එම ගැටුමට සහරාන්ලා සම්බන්ධ බව ඔබ දැන සිටියාද?
පිළිතුර - ඔව්. ගැටුමෙන් පසු දැන ගත්තා.

කොමිසමේ සභාපති - එයින් පසුව වත් ඔබ දැන සිටියේ නැද්ද රිල්වාන් සහරාන්ගේ සහෝදරයෙක් බව.
පිළිතුර - ඒ සිදුවීමට පෙර මා එය දැන සිටියා.

සභාපති - එහෙම නම් ඇයි ඔබ කලින් කිව්වේ පාස්කුඉරුදින ප්‍රහාරයෙන් පසුවයි එය දැනගත්තේ කියලා? ඔබ බොරුවක් කිව් බව පිළිගන්නවාද?
පිළිතුර - ඔව්. මගේ අතින් අතපසුවීමක් සිදුවුණා.

රජයේ නීතිඥ - 2015 මහමැතිවරණයෙන් පසුව සහරාන්ලා ඔබ සමග ගනුදෙනු කළේ නැද්ද?
පිළිතුර - සහරාන් නෙවෙයි තවුහිද් ජමාත් පල්ලියෙන් නොයෙක් ඉල්ලිම් කළා. ඒ අයට මුද්‍රණ යන්ත්‍රයක්, ඡායාපිටපත් යන්ත්‍රයක් වැනි දේවල් ලබාදෙන්න කියලා. එහෙත් ඔවුන් ජමෙයිතුල් උලමා සංවිධානයේ ලියාපදිංචිවී නොසිටි නිසා අපි ඒවා ලබාදුන්නේ නැහැ.

ප්‍රශ්නය - 2015 මහමැතිවරණයේදී ඔබට ආරක්ෂාව ඉල්ලලා අදාල අංශවලට ලිපි යොමු කළාද?
පිළිතුර - ඔව්. ජනාධිපතිවරණයෙන් පස්සේ මගේ ගෙදරටත් බෝම්බ ගැහුවා. ඒ නිසා මම ආරක්ෂාව ඉල්ලුවා. මැතිවරණය අවසන් වන තෙක් පොලිස් ආක්ෂාවක් මට ලැබුණා.

ප්‍රශ්නය - ඒ හැර ඔබ පෞද්ගලික ආරක්ෂකයින් තබාගත්තාද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය- ඔබ 2015 මොහිදින් නමැති අයෙක් අඳුනනවාද?
ඔව්. ඔහු 2015 ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් අප සමග කටයුතු කළා.

කොමිසමේ සභාපති - මොහුටමද ආමි මොහිදින් කියන්නේ?
පිළිතුර - ඔව්.

රජයේ නීතිඥ - මොනවද ඔහු ඔබලා සමග කළේ?
පිළිතුර - කැන්වසින් ගියා. රැස්වීම් සංවිධානය කළා. පෝස්ටර් ගැහුවා. ටික කලක් මගේ රියදුරු නැති වු නිසා ඔහු රියදුරු ලෙසත් කටයුතු කළා.

ප්‍රශ්නය - රියදුරු ලෙස කටයුතු කරන්න නම් ඔබට ඔහු විශ්වාසවන්ත වෙන්න ඕන නේද?
පිළිතුර - ඔව්. ඔහුව ජනාධිපතිවරණයේ සිටම අඳුනගෙන සිටියා. ඒ වගේම අපේ පක්ෂයේ ආධාරකරුවෙකුත් වුණා.

ප්‍රශ්නය- ඇයි ඔබ යන හැම තැනකම ඔහු ඔබේ පිටුපසින් සිටින්නේ?
පිළිතුර - මම දන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබේ පිටුපසින් සිටිය යුත්තේ ඔබේ ආරක්ෂකයින් නේද?
පිළිතුර - ඔව්. ඔවුන් එහි නොසිටින්නේ ඇයිද කියලා මම දන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔහු ඔබේ පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස කටයුතු කළේ නැද්ද?
පිළිතුර - නැහැ.

කොමිසමේ සභාපති - ඔහු ඔබගේ රියදුරු නම් ඔබ වාහනයෙන් බැස ගිය පසු වාහනය රථගාලේ ගාල්කර ඔබ සමග ගමන් කරන්න තරම් වේගවත්ව කටයුතු කළ හැකි ඉතා දක්ෂයෙක් වෙන්න ඇති නේද?
පිළිතුර - මම කුරානයේ අත තබා දිව්රා කොමිසම හමුවේ බොරු කියන්නේ නැහැ.

සභාපති - ඔබ කලින් සහරාන්ගේ සහෝදරයෙක් ලෙස රිල්වාන් අඳුනගෙන සිටියේ නැහැ කියලාත් බොරුවක් කිව්වා.
පිළිතුර - එහෙම අතපසුවිමක් වුණා.

ප්‍රශ්නය - තවත් අතපසුවීම් වෙයිද?
ඉන්පසු තවත් ඡායාරූපයක් සාක්ෂිකරුට පෙන්වා

ප්‍රශ්නය - මෙහි සිටින්නේ කවුද?
පිළිතුර - මම ඉන්නවා. මොහිදින් ඉන්නවා.

ප්‍රශ්නය - මේ දරුවා කවුද?
පිළිතුර - මම දන්නේ නැහැ.

එසේ පවසා ටික වෙලාවක් නිහඬව සිටි ඔහු නැවත මෙසේ පැවසීය.
මම මොහිදින්ගේ ගෙදර ගිහින් නැහැ. එයාගේ දරුවා අඳුරන්නේ නැහැ.

කොමිසමේ සියලු දෙනාට සිනහ නැගුණ අතර කවුද දැන් එහෙම කතාවක් කිව්වේ යැයි කොමිසමේ සභාපතිවරයා ඔහුගෙන් විමසුවේය.
පිළිතුර - නැහැ. එහෙම කතා කියන නිසා මට කියවුණා.

ප්‍රශ්නය - අපි එහෙම දෙයක් ඇහුවේ නැහැනේ. අපි ඇහුවේ මේ ළමයා අඳුනනවාද කියලා විතරයි. ඔබේ විශ්වාසවන්තයෙක් වුණ මොහිදින් පදිංචිව සිටි නිවසට ඔබ ගිහින් නැද්ද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය - ඉන්නේ කොහෙද කියලා දන්නවාද?
පිළිතුර - පාලමුනෙයිවල කියලා දැන සිටියාට තැන හරියටම දැන සිටියේ නැහැ.

ප්‍රශ්නය - පාස්කු ඉරුදින ප්‍රහාරය ආසන්නයේ දිනක පාලමුනෙයිවල යතුරුපැදියක් පුපුරුවා හැරීම ගැන දැන සිටියාද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය - අලියාර් හන්දියේ ගැටුමෙන් පසු මොහිදීන් හමුවුණේ නැද්ද?
පිළිතුර - නැහැ. ඔහුට අධිකරණයෙන් වරෙන්තු කළා. ඉන්පසු ඔහු අතුරුදන් වුණා.

ප්‍රශ්නය - දැන් මොහිදීන් ඉන්නේ කොහෙද?
පිළිතුර - රිමාන්ඩ් භාරයේ.

(***)



අදහස් (4)

සහරාන්ගේ 2015 මැතිවරණ යෝජනා පිළිගත්තත් අත්සන් කළේ නෑ

Bamunuarachchi Tuesday, 08 September 2020 06:56 AM

දැන් සහරාන් කන්‍යාවන් 72 සමග මෙහෙ වෙන්නේ මොනවද කියා බලාගෙන ඉන්නවා ඇති. එයාගේ වයිෆ්ට ස්වර්ගෙය ගියාම මේ වගේම 72ක් අනික් වර්ගයෙන් ලැබෙනවා ඇති.

:       0       18

Charith Tuesday, 08 September 2020 07:05 AM

හොඳම එක "මේ දරුවා කවුද?" -"මම දන්නේ නෑ". මම මොහිදින්ගේ ගෙදර ගිහින් නෑ. එයාගේ දරුවා අඳුරන්නේ නෑ.

:       0       10

sharm warn Tuesday, 08 September 2020 07:48 AM

බොරු කීම සහ අතපසු වීම කියන්නේ දෙකක්.

:       0       11

jonana Wednesday, 09 September 2020 07:11 AM

මේක පේන්නේ නිකන් නාටකයක දෙබසක් වගේ අර එක්කෙනෙක්ව ඉන්දියාවට පිටුවහල් කලේ මොකෝ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site