IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සහරාන්ලා හැදුණු වැඩුණු රහස් කතාව

පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු වැඩිම කතාබහට ලක්වූ චරිතයක් වූයේ සහරාන් හෂීම්ය. දැනට තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වූයේ ඔහු බව වාර්තා විය. සහරාන් හදිසියේ මතුවූ චරිතයක් ලෙස සමහරු කියද්දී සහරාන් යනු කාලයක සිට මේ ගමන පැමිණි චරිතයක් බව තවත් සමහරු කියති. ‘සහරාන්’ මතු වූයේ පාස්කු ප්‍රහාරයත් සමඟද? මේ ඒ ගැන කරන සොයා බැලීමකි. 

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වැසියෝ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. සියා මුස්ලිම්වරු සියයට එකක් පමණත් සුන්නි මුස්ලිම්වරු සියයට 99ක් පමණත් ලංකාවේ ජීවත් වෙති. සුන්නි මුස්ලිම්වරු ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. 

1) තබ්ලික් ජමාත් , 2) සුන්නතු වල් ජමාත්  3) තවුහිත් ජමාත්  4) ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමී එම කොටස් හතරයි.
තව්හිත් ජමාත් තවත් ප්‍රධාන කොටස් කිහිපයකයට බෙදා දැක්විය හැකිය.

1) ජාතික තව්හිත් ජමාත් (කාත්තන්කුඩි කේන්ද්‍ර කරගෙන)
2) ශ්‍රී ලංකා තවුහිත් ජමාත් (ලංකාවේම) 
3) සිලෝන් තවුහිත් ජමාත් (ලංකාවේම)
4) අන්සාර් සුන්නතුල් මොහොමදියා ( වයඹ එක්තරා ප්‍රදේශයක් කේන්ද්‍රකරගෙන)
5) සමස්ත ලංකා තවුහිත් ජමාත් 
6) ජමාතේ මිලාතේ ඊබ්‍රහිම්
7) විලායත් අල් සෙයිලානි
8) දාරුල් අදර්

ජාතික තවුහිත් ජමාත් යනු සහරාන් නායකත්වය දැරූ සංවිධානයයි. දවටගහ පල්ලිය වැනි ආදි මුස්ලිම් නායකයන්ගේ සොහොන් වන්දනාමාන කරන පාර්ශ්වය සුන්නතු වල් ජමාත් ලෙස හැඳින්වෙයි. තව්හිත් ජමාත්ලා එම පල්ලි හඳුන්වනුයේ ‘කුබ්බු පල්ලි’ ලෙසය. සුන්නතු වල් ජමාත් පාර්ශ්වයට තව්හිත් ජමාත්ලා විරෝධය පලකරති.

කුරාණය හා නබිතුමා හැර වෙනත් කිසිවකු ඇදහිය යුතු නැති බව කියන පිරිස තවුහිත් ජමාත් වේ. තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වූ  සහරාන් හෂීම් උපත ලැබුවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේදීය. කාත්තන්කුඩි අල් අමීන් විදුහලේ පහ ශ්‍රේණිය දක්වා ඔහු ඉගෙනුම ලැබීය. ඉන් අනතුරුව ඉස්ලාම් ආගම හැදැරීම සඳහා ඔහු කාත්තන්කුඩියේ ටාමි උල් ෆලාර් මද්‍රසා පාසලට ගියේය.

නවුෆර් නම් මවුලවිවරයා සහරාන්ගේ මුල් ගුරුවරයෙකි. නවුෆර් මවුලවි විවාහ වී සිටියේ කුරුණෑගල කාන්තාවක සමඟය. ඒ සම්බන්ධය උඩ සහාරන් කුරුණෑගල ප්‍රදේශයේ මද්‍රසා පාසලකද ඉගෙනුම ලැබීය. 

ඉන් අනතුරුව කාත්තන්කුඩියේ ඇති ඉස්ලාමීය මධ්‍යස්ථානයේ මවුලවිවරයකු ලෙස ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ සහාරන් හෂීම් දැඩි අන්තවාදීව දේශන පැවැත්වීම නිසා එම මධ්‍යස්ථානයේ අනිත් මවුලවිවරු සහරාන්ට විරෝධය පළ කර ඔහු එළවා දැමූහ.

ඉන් පසු සහරාන්, ඔහුගේ ගුරුවරයා වූ නවුෆර් මවුලවි සහ සහරාන්ගේ ගෝලයෝ පිරිසක් එක්ව ‘දාලුර් අදර්’ නම් 
සංවිධානයක්  පිහිටුවාගත්හ.  

2012 වසරේ දී පමණ  සහරාන් දාලුර් අදර් සංවිධානයෙන් ඉවත් වූ අතර 2012 දී සහරාන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික තවුහිත් ජමාත් සංවිධානය පිහිටුවාගනු ලැබීය. එහි සාමාජිකයන් වූයේ සහරාන්ගේ ඥාති පිරිසකි. කාත්තන්කුඩිය කේන්ද්‍රකරගමින් එම සංවිධානය ක්‍රියාත්මක විය.

මොහොමඞ් කාසි මොහොමඞ් සයිනි   සහ මොහොමඞ් කාසි මොහොමඞ් රිල්වාන් යන දෙදෙනා සහරාන්ගේ සහෝදරයෝ වූහ. එම සහෝදරයන් දෙදෙනා සහ වයස අවුරුදු 15ත් 25ත් අතර තරුණයන් පිරිසක් එම සංවිධානයේ සාමාජිකත්වය මුලින්ම ලබා ගත්හ. ඉන් පසු ඔහු දේශන පවත්වමින් තම වැඩපිළිවෙළ දියත් කළහ. 2015 වසරේ පමණ සිට ඔහුගේ දේශනවලින් අන්තවාදය වපුරුවන්නට පටන් ගත් බව කාත්තන්කුඩියේ කිහිප දෙනෙක්ම කීහ. ඉඳ හිට සුලු සුලු ගැටුම් ඇති විය. එහි කූටප්‍රාප්තිය පැමිණියේ 2017 වසරේදීය.   

2017 වසරේ මාර්තු මස 10 වැනි දා සුන්නතු වල් ජමාත් සංවිධානයේ රාවුෆ් මවුලවි ඇතුළු පිරිසක් කාත්තන්කුඩි අලියාර් හංදියේ වේදිකාවක් සකසා දේශනයක් සංවිධානය කළහ. ඊට එරෙහිවූ සහරාන් සහ ඔහුගේ ගෝලබාලයෝ පිරිසක් ‘ජාතික තවුහිත් ජමාත් සංවිධානය’ යනුවෙන් සඳහන් කහ පැහැති කමිවලින් සැරසී එම ස්ථානයට පැමිණ එය නවත්වන ලෙස දැනුම් දුන්හ. ඒ වන විට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 60ක ආසන්න විය. අනතුරුව සහරාන්ලාගේ පිරිස කඩු  සහ පොලු රැගෙනවිත් එතැන සිටි පිරිසට පහර දෙන්නට වූහ.

මෙම පහරදීමෙන් දෙදෙනක් කැපුම් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. එම ස්ද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම 10 දෙනෙකු පළමු දින දෙකේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. එම ගැටුමෙන් පසු සහරාන්ට එරෙහි මුස්ලිම් විරෝධය ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය. 

ඊට දින තුනකට පමණ පසු සහරාන් ඇතුලු කණ්ඩායමට විරෝධය පළකරමින් කාත්තන්කුඩි මුස්ලිම් වැසියෝ උද්ඝෝෂණයක් සිදු කළහ. ඔවුන්ගේ විරෝධතා පුවරුවල සහරාන් යනු ලංකාවේ අයිඑස් නියෝජිතයා බව සඳහන් කර තිබිණි. සහරාන්ගේ සංවිධානය තහනම් කරන ලෙස ද එම පුවරුවල සඳහන් කර තිබිණි. ඒ සමඟම මුස්ලිම් වැසියන් ෆේස්බුක් හරහා සහරාන්ට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළත් ඒ සියල්ල දමිල භාෂාවෙන් සඳහන් වූ නිසා සිංහලයන් අතරට ගියේ නැත.  

සහරාන්ට එරෙහිව මුස්ලිම් වැසියන්ගෙන් පොලිසි වලට පැමිණිලි කිහිපයක්ම ලැබී තිබිණි. පොදුවේ ගත්කල කාත්තන්කුඩි සහ කල්මුණේ මුස්ලිම් ජනතාවගේ අදහස සහරාන්ට එරෙහි පැමිණිලිවලට සාධාරණ විමර්ශනයක් සිදු 
නොවූ බවයි. 2017 මාර්තු සිද්ධියෙන් පසු සහරාන් කාත්තන්කුඩිය මගහැර සිටි බව සමහරු කීවද ඔහු විටින් විට කාත්තන්කුඩියට පැමිණි බව කාත්තන්කුඩි වැසියෝ කිහිප දෙනෙක් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයෝ කිහිප දෙනෙක්ම කීහ.  සහරාන් ධනවතකු වන්නට පටන් ගත්තේ මේ කාලය අතරතුරේදී බව කියති. 

2018 වසරේ පෙබරවාරි මාසයේදී දිගන මුස්ලිම් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් පසු මාවනැල්ලේ පිරිසක් ද සහරාන්ලාගේ කණ්ඩායමට එක්වූහ. ඒ අතර පෙරමුණ ගත්තේ මාවනැල්ලේ මොහොමඞ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඞ් ඊබ්‍රහිම් සාහිඞ් අබ්දුල් හක් යන සහෝදරයෝ දෙදෙනාය. 

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සිටි පිරිසක් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් නම් අලුතින් සංවිධානයක් හදාගෙන ඊට එක්වූහ. ඔවුන් ද සහරාන්ලා සමඟ එක්ව කටයුතු කටයුතු කිරීම ආරම්භ කළහ.  මාවනැල්ලෙන් සහරාන්ලාගේ කණ්ඩායමට එක්වූ පිරිස ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් නම් සංවිධානය සමඟ එක්ව තිබිණි. මෙම සංවිධානවලට සම්බන්ධ පිරිසක් 2018 දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ලේ දී පුදුපිළිම කිහිපයකට හානි කර ඇති අතර කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිව සිටි පාලිත සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු විය. එම විමර්ශනයේ දී අනාවරණය වී තිබුණේ මෙය හුදකලා සිද්ධියක් නොවන බවයි. පෙර කී සාදික් සහ සාහිඞ් සහෝදරයන් දෙදෙනා මේ පිටුපස සිටින බව අනාවරණය කර ගත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබිණි. ඒ අතරතුර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විමර්ශනය කරන සහකාර පොලිස් අධිකාරීට ඇමතුමක් ගෙන ආණ්ඩුකාර අසාද් සාලි අමැතුමක් දෙන බව කියා සිටියේය. අසාද් සාලි ප්‍රකාශ කර තිබුණේ එම සහෝදරයන් දෙදෙනා බාර දෙන බව මවුලවිවරයකු කී බවයි. පොලිසිය සාලි විශ්වාස කර ඔවුන් දෙදෙනා බාරදෙනතුරු සිටිය ද එය සේ වූයේ නැත. 

ඔවුන් ඇතුළු  තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගේ උපදෙස් පරිදි මෙහෙයුම් දියත් කර තිබිණි.  ඒ අතර පොලිස්පතිවරයා විසින් එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන කළ විමර්ශනයකින් පසු 2019 ජනවාරි 17 වැනි දා වනාතවිල්ලුවේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් සොයා ගත්තේය. ඩෙටනේටර් 100ක්, නයිටේ්‍රට් ඇසිඞ් ලීටර 120ක්, පතුරොම් තුවක්කුවක් සහ පතුරම් තොගයක් ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් ද සොයා ගත් රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් දෙදෙනක් සිසුන් වන අතර ඔවුන් මෙයට සම්බන්ධ නැතැයි හෙළිවීමෙන් පසු මුදා හැර තිබිණි.

එම සිද්ධි ධාමයෙන් පසු බුද්ධි අංශ තහවුරු කරගෙන තිබුණේ මෙම සහරාන්ලාගේ කණ්ඩායම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇති බවයි. ඒ ගැන බුද්ධි අංශ අදාල පාර්ශ්වවලට වාර්තා කළ බව කියති. මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකු ද සහරාන්ලාගේ අන්තවාදය ගැන පසුගිය මාර්තු මාසයේදී අදාළ අංශවලට තොරතුරු ලබා දී තිබිණි. 

සහරාන්ලාන්ලාගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළේ සහරාන්ගේ ගුරුවරයකු වූ නවුෆර් මවුලවිවරයාය. සහරාන් තම ඥාතීන්ට විශේෂත්වයක් සලකන බව කියමින් නවුෆර් මවුලවි ඇතුලු පිරිසක් 2019 පෙබරවාරි මාසයේ දී විරෝධතාව පළ කළහ. ඒ අනුව ජාතික කවුහිත් ජමාත් සංවිධානය කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රියා කරන්නට පටන් ගත්හ. 

මේ අතරතුර සහරාන් තම ගෝලයන්ට අන්තවාදය ගැන දේශන පවත්වමින් සිටියේය. ඒ සඳහා නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රධාන ස්ථාන දෙකක් තෝරා ගත්තේය.  රට තුළ යම් ප්‍රහාරයක් සිදු කිරීමට යෝජනා වූ පසු නවුෆර් මවුලවි ඇතුළු පිරිසගේ ස්ථාවරය වූයේ  එකම දිනක එකම වේලාවේ රටේ පළාත් නමයේ ස්ථාන නවයක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ යුතු බව යැයි පොලිසිය කියයි. සහරාන්ගේ කණ්ඩායම ඊට කැමැත්තක් නොදැක්වූහ.

ජාතික තවුහිත් ජමාත් 

සංවිධානයේ සන්නද්ධ අංශය භාරව කටයුතු කළ එච් එම් අහමඞ් මිල්ලාන් නවුෆර් මවුලවිගේ පැත්ත ගත්තේය. 2018 වසරේ දී වව්නතිව්හි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කර යුද පැහැර ගැනීම මෙහෙයවා ඇත්තේ මොහු බව පොලිසිය කියයි. (ඔහු සවුදියේදී අත්අඩංගුවට ගෙන ජුනි 14 වැනි දා ලංකාවට ගෙන එනු ලැබීය.

නායකත්වය නවුෆර් මවුලවි සහ මිල්ලාන් ඇතුළු පිරිසට යතියි බියවූ සහරාන්ලාගේ කණ්ඩායම ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානය සමඟ සම්බන්ධ වී ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළේය.  සහරාන්ලා නුවරඑළියේ සහ හම්බන්තොට පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල පුහුණුවෙන් පසු  තමා සම්බන්ධ වීමට කැමති මරාගෙන මැරෙන කණ්ඩායමටද එසේ නැති නම් සන්නද්ධ කණ්ඩායමටදැයි ප්‍රශ්න කර දිවුරුමක් ගෙන ඇති බව පොලිසිය කියයි. ගිනි අවි පුහුණුව, පිහි පුහුණුව ආදිය ලබා දීමෙන් පසු පෙර කී දිවුරුම ලබාගෙන ඇති අතර එය ලබා දුන් පසු ‘අබු’ නම් කොටසක් සමඟ වෙනම නමක් ලබා දෙයි. මීට අමතරව සහරාන්ලාගේ ආරක්ෂිත නිවාස කිහිපයක් පානදුර, මීගමුව, මල්වාන, කල්මුණේ ඇතුළු ප්‍රදේශවල තිබිණි. 

ප්‍රහාරය සැලසුම් කළ පසුගිය අප්‍රේල් මාසයේ දී සහරාන්ගේ බිරිඳ ඇතුලු පවුලේ පිරිස ද, ප්‍රහාරයට සම්බන්ධ කිහිප දෙනකුගේම පවුල්වල උදවිය ද කොල්ලුපිටියේ මහල් නිවාස සංකීරණයක නිවාස කිහිපයක් කුලියට ගෙන පදිංචි වී සිටියහ. 

21 ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයක් සඳහා නායකත්වය ගැනීමට සහරාන් තම සහෝදරයකු වන රිල්වාන් පත් කර තිබිණි. දේශන ආදිය පවත්වාගෙන යෑමට සහරාන්ගේ අනිත් සහෝදරයා සයිනි පත් කර තිබිණි. දෙවැනි ප්‍රහාරය සඳහා අම්පාර ඇතුළු ප්‍රදේශවලින් ආරක්ෂිත නිවාස ලබා ගන්නා ලෙස බාර කර තිබුණේ මොහොම්මදු නියාස් නම් පුද්ගලයකුටය. අම්පාර ප්‍රදේශය භාර නායකයා ලෙස සාවුල් හමිදු හමීස් මොහොම්මදු හෙවත් කල්මුණේ සියාම් පත් කළේය. 

අප්‍රේල් මාසයේ මුලදී නියාස් කල්මුණ සියාම් සමඟ එක්ව නැගෙනහිර පළාතේ ආරක්ෂිත නිවාස 5ක්  කුලියට ලබා ගත්තේය. ඒ සයින්දමුරුදු වලින් නිවාස දෙකක්, නින්දවූර්වලින් නිවාස දෙකක් සහ අඞ්ඩාලච්චේනෙන් නිවාසයක් වශයෙනි.  පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා සමන්තුරෙන් ගබඩාවක් කුලියට ගත්තේය.  අඞ්ඩාලච්චානෙන් නිවාසයක් මුදල්දී ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටි අතර මූලික අත්තිවාරම ලෙස රුපියල් ලක්ෂයක් ගෙවා ඉතිරි ලක්ෂ 17 පසුව ගෙවීමට නියමිත විය. 

මීගමුවේදී සහ පානදුරේදී අප්‍රේල් 21 ප්‍රහාරය සඳහා බෝම්බ සකස් කළ පසු ඉතිරි පුපුරණ ද්‍රව්‍ය මීගමුවේ සිට සමන්තුරේ ගබඩාවට සහ නින්දවූරුවලට යවන ලද්දේ අප්‍රේල් 11 වැනිදාය.  බඩු තොගයක් කටුවාපිටිය දේවස්ථානයේ සිට කල්මුණ ප්‍රදේශයට ගෙන යෑමට ඇතිහෙයින් ලොරියක් ලබා දෙන ලෙස කුලී වාහන සේවාවකින් ඉල්ලා තිබුණු අතර ඒ අනුව ලොරිය සමඟ නිට්ටඹුවේ පුද්ගලයෙකු අප්‍රේල් 10 වැනිදා රාත්‍රී කටුවාපිටිය පල්ලිය ළඟට ගෙන්වාගෙන තිබිණි. පල්ලිය අසල සිට මීගමුවට ලොරිය කැඳවාගෙන යෑමට යතුරුපැදියකින් පුද්ගලයෙක් පැමිණ සිටියේය.  ඔහු කටුවාටිපිය පල්ලියේ ප්‍රහාරය එල්ල කළ අච්චි මොහොම්මදු හස්තුන් බවට සැක කරයි. 

ඔවුන් ලොරි රියදුරුට දැනුම් දෙන්නේ කල්මුණේ රත්තරන් බඩු නිශ්පාදන ආයතනයකට අවශ්‍ය බඩු මුට්ටු තොගයක් ගෙන යන බවකි. පෙට්ටිවල අසුරා ඇති බඩු තොගය ලොරි රථයට පටවාගෙන කල්මුණේට පිටත්ව ගොස් ඉන් පසු අදාළ ස්ථානයේ බාද්දි රියදුරාගේ අතට රසායන ද්‍රව්‍ය ඉතාම ස්වල්පයක් වැටී පිච්චීමක් සිදු විය. බඩු ගෙන ආ උදවිය කීවේ එය රත්‍රන් නිශ්පාදනයේදී යොදා ගන්නා ද්‍රාවණයක් බවයි. 

ඉතිරි කොටස ඊළඟ ලිපියෙන්........

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

[email protected], [email protected] 

 

 



අදහස් (0)

සහරාන්ලා හැදුණු වැඩුණු රහස් කතාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 522 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1031 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 962 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 174 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 115 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1003 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18454 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site