IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සිංහල "පොප්" සංගීතයට වසර පනහයි

 

නොයෙල් (මැද) ප‍්‍රමුඛ සංගීත කණ්ඩායම

 

ඉන්දීය පෙරදිග සංගීතයේ ආභාෂයෙන් බිහිවුණු ලාංකීය සංගීත කලාවේ එදා මෙදා තුර ගෙවුණු කාලයේ දී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ දිනට හරියටම වසර පනහකි. නව ආකාරයේ සිංහල සංගීත රටාවක් මෙරට ජනහද ආමන්ත‍්‍රණය කිරීමට තරම් එම හැරවුම් ලක්ෂය පසුපස සිටින්නේ වෙන අන් කවරෙකුවත් නොව ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායමයි. බටහිර පොප් සංගීතයේ මිහිරියාව ලාංකික අනන්‍යතාවයකට අනුගත කරමින් මෙරට සියලූ සංගීත රසිකයන්ට නවමු අත්දැකීමක් වූ ‘‘සිංහල කැලිප්සෝ’’ සංගීත කලාවේ නිර්මාතෘ හා මගපෙන්වන්නා වූ නොයෙල් බ‍්‍රයන් රණසිංහ ප‍්‍රමුඛ ‘‘ලා සිලොනියන්ස්’’ සංගීත කණ්ඩායම ඉකුත් මැයි මස 09 වැනිදා සැමරුවේ සිය ගමන් මගේ පනස්් වැනි වසර ය.

මේ ගමනේ ප‍්‍රධාන කතානායක නොයෙල් බ‍්‍රයන් රණසිංහ නම් සංගීතඥයාට ඇත්තේ අමතක කළ නොහැකි අමරණීය සිහිවටනයන්ය. සිය අතීත මතක සැමරුම් ඔහු ආවර්ජනය කරන්නේ මේ ආකාරයටය. සිංහල පොප් සංගීතය කැලිප්සෝ සංගීතය හරහා ප‍්‍රචලිත කිරීමට මීට වසර පනහකට (50* පෙර පිඹුරුපත් කළ බ‍්‍රයන් අද වන විට ගෙවන්නේ සිය ජීවන ගමන් මගේ 72 වැනි සැතපුම් කණුවයි. 300කට අධික ඉංග‍්‍රීසි ගී පද රචනාවන් හා ඒවා සංගීතවත්  කළ නිර්මාපක වන මොහු සතු කලා දක්ෂතාවන් බොහෝය. නුගේගොඩ, පාගොඩ පාරේ සිය සාමකාමී නිවසේ සිට මතක සැමරුමෙහි නිරතව සිටිමින් ‘‘ලා සිලෝනියස්’’ ගැන ආඩම්බරකාර වචන මාලාවක් මෙසේ මුදාහරිනු ලැබුවේය.

තමන්ටම ආවේණික වූ ඇඳුම් පැළඳුම්වලින් යුතු අමුතුම ආකාරයේ විලාසිතා රටාවන්ගෙන් සැරසී, බොක්ස් ගිටාරය, බැන්ජෝ ගිටාරය ඇතුළු නවතම සංගීත භාණ්ඩ කිහිපයක් පමණක් රැගෙන නොයෙල් කරන්නට යන මේ පෙරළිය ඇතැමුන් සමච්චලයට ලක් කළේය.

බතික් කමිසයක් හා සරමක් ඇඳගෙන හිසට පන්කොළ තොප්පි දමා පයට කිසිවක් නොපැළඳගෙන කරන්නට යන සංගීත පෙරැුළියට නොයෙල් ප‍්‍රමුඛ පිරිස දුන් නාමය වූයේ කැලිප්සෝ සංගීතයයි. බතික් කමිස හා සරොම් ඇඳගෙන ඔවුන් කරන්නට යන දෑ ඇතැමුන් හැඳින්වූයේ ටැක්සිකාරයෝ, රස්තියාදුකාරයෝ, මාලූකාරයෝ කරනා දෙයක් ලෙස යැයි ‘‘ලා සිලෝනියන්ස්’’ හි නිර්මාතෘ නොයෙල් සිහිපත් කරයි.

නොයෙල් ගේ නායකත්වයෙන් හා මග පෙන්වීමෙන් යුතු ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් වූයේ රනිල් ෆර්ඩිනාන්ඩු, කිත්සිරි  ප‍්‍රනාන්දු සහ අනුර ලියනගේ ය. ඔවුන් ද අද වන විට සිය සැඳෑසමයට ළංව සිටින අතර ඔවුන් දකුණු පළාත ආශ‍්‍රිත තරුපන්තියේ හෝටල්වල හෝ තනි තනිව සිය නිර්මාණකරන කටයුතුවල නිරතව සිටින බව ද හෙතෙම කියා සිටී. ‘‘ලා සිලෝනියන්ස්’’ සිය පනස් වන වසර ස්මරණය කරන මොහොතේ ඔවුන් තමා අවට නොසිටීම පිළිබඳව ද නොයෙල්ගේ සිත තුළ ඇත්තේ දොම්නසකි.

‘‘ලා සිලෝනියන්ස්’’ සිය නව ආරක සංගීත රටාව ලාංකීය සමාජයේ කිඳා බැස්සවීමට උත්සාහ කරන අවධියේ තවත් සංගීත විශේෂයක් වන ‘‘ලා බම්බාස්’’ සංගීතය ප‍්‍රචලිත කරවීමට උත්සාහ කළ අයෙකු ද විය. ඒ ප‍්‍රවීණ සිංගීතඥ ප‍්‍රියා පීරිස් ය. ලා බම්බාස් සංගීතය වරෙක  ‘‘ලා සිලෝනියන්ස්’’ කණ්ඩායමේ ගමනට සොඳුරු බාධකයක් වූ බැව් පැවසේ. නමුත් අවසානයේ ජයගන්තේ නොයෙල් ප‍්‍රමුඛ ‘‘ලා සිලෝනියන්ස්’’ ලාය.

නමුත් ඒ වන විට ප‍්‍රියා ප‍්‍රමුඛ ‘‘ද ලා බම්බාස්’’ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කළ ‘‘නුවර මැණිකෙලා’’ ගීතය ජනප‍්‍රිය විය. ප‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රියා ප‍්‍රමුඛ ‘‘ද ලා බම්බාස් ’’ සංගීත කණ්ඩායම සහ නොයෙල් ප‍්‍රමුඛ ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායම විසින් කළ මේ විචිත‍්‍රවත් පෙරැළිය කොළඹ 07 පදිංචි සුපිරි ඉහළ පැළැන්තියේ උදවිය අමුම අමු ගොඬේ ක‍්‍රියාවක් යැයි පවසා සමච්චලයට ලක්කළ බව ‘‘ද ලා බම්බාස්’’ ප‍්‍රියා කියා සිටී. එදා අපි සරොම් ඇඳගෙන පයට සපත්තු නොදා කළ දේ විප්ලවකාරී එකක් බව ‘‘ලා බම්බාස්’’ හි ප‍්‍රියා සතුටින් ආවර්ජනය කර සිටී.

 

එතෙර සංචාරයකට සහභාගිවූ නොයෙල්

 

ලා සිලෝනියන්ස් සංගීත කණ්ඩායම අදින් වසර හනහකට පෙර ලාංකීය සංගීතයේ පෙරැුළි කරනා විට සිංහල පොප් සංගීතයක් විනා විශේෂ ආකාරයේ ලාංකීය සංගීතයක් නොතිබූ බව ඔවුහු කියා සිටිති.

එදා ‘‘ලා සිලෝනියන්ස්ලාගේ’’ උත්සාහය මාලූකාරයකුගේ ස්වරූපයෙන් සමච්චලයට ලක් කළ අයට අපූරු පාඩමක් කියා දෙමින් සිය ප‍්‍රථම නිර්මාණය ‘‘හෝඩි හෙලෙයි හෙලෙයියා’’ ලෙස නම් කෙරිණි. එය එකල මෙන්ම අදටත් මෙරට සංගීත කලාවේ ජනප‍්‍රියව පැවති පසු කාලීනව නොයෙල් ප‍්‍රමුඛ පිරිස ජනප‍්‍රිය බි‍්‍රතාන්‍ය ගායකයකු වූ ක්ලිෆ් රිචර්ඞ්ස්ගේ යන්ග් වන්ස් (Young one's) ගීතයට සිංහල අනුවාදනයක් ලෙසින් සැකසූ ‘‘තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්’’ ගීතය මෙරට සමාජය තුළ (එවකට) අතිශය ජනප‍්‍රියත්වයට පත්විය. එය අදටත් වලංගුව පවතින බව මෙහිදී සඳහන් කළ යුතුමය.

නොයෙල් සතුව අපූරු දක්ෂතාවයන් රැසක් පැවතියේය. සුමිහිරි ගීත ගායනයට අමතරව, ගීතයක් සංගීතවත් කිරීමට ඔහුට අපූරු දක්ෂතාවක් තිබිණි. ඉංග‍්‍රීසි බසින් ගීත 300කට අධික සංඛ්‍යාවක් රචනා කළ සංගීතවත් කළ නොයෙල්ට සිංහල වාක්‍යවලින් ගීත ලිවීමට නොහැකි වූ බව ඔහුම කියා සිටී.

තමාම ඉංග‍්‍රීසි බසින් ලියූ එම ගීත යහළු යෙහෙළියන් ලවා සිංහල බසට පරිවර්ථනය කරගත් නොයෙල් නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි සිය නිවසේ දී ඒවා සංගීතවත් ලෙසින් නිර්මාණය කළේය. එම කාර්යන් තමන් විවේකී සුවයෙන් සිටිනා විටදී කළ ඒවා බව ද නොයෙල් කියා සිටී. බැන්ජො ගිටාරය, බොක්ස් ගිටාරය, කොංගො බෙරය සහ මුංඇට හා මදටිය ඇට ටින් භාජනයක් තුළට දමා අපූරු ලෙස සැකසූ වාද්‍ය භාණ්ඩ මේ සා විශාල නිර්මාණ පසුපස නිතැතින්ම සිටි බව නොයෙල් ආවර්ජනය කරන්නේ මහත් භක්තියෙනි.

‘‘මාලී..... රුවන් මාලී’’ සහ ‘‘දහදුක් විඳලා’’ යන ගීත ද්විත්වය ද ලා සිලෝනියන්ස් විසින් සැකසූ තවත් අතිශය ජනප‍්‍රියත්වයට පත් වූ ගීතයන්ය. ගීත ගායනය හා ගිටාර් වාදනය එකවර සිදු කිරීම මෙසේ වසර කිහිපයක් තිස්සේ කළ නොයෙල්ට සිය සංගීත දිවියේ සුවිශේෂී මතක සටහන් කිහිපයක්ම පවතී.

එකල මෙරට සන් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වූ හා අදටත් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලූවී බෙනඩික් මහතා ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායම පිළිබඳ අපූරු දෙයක් හෙළි කළේය. ඒ ‘‘ලා සිලෝනියන්ස්’’ කණ්ඩායම හෝටල් සංගීත කලාවට එක් වූ ආකාරය පිළිබඳවයි. ඔහු සිය අත්දැකීම්වලින් කියා සිටියේ එවකට මවුන්ට් ලැවීනියා හයාට් (වත්මන් ගල්කිස්ස මහ හෝටලය* හෝටලයේ සාමාන්‍යාධිකාරිවරයා වූ රොබර්ට් මැක්ෆේචන් මහතාට හෝටලය තුළ මේසෙන් මේසෙට ගොස් ගීත ගයමින් වාදනය කිරීමට ත‍්‍රිපුද්ගල සංගීත කණ්ඩායම ඇති කර ගැනීමේ අවශ්‍යතාවය තිබූ බවය. ඊට කදිමට සුදුසුකම් ලැබුවේ බතික් කමිස හා සරොම් ඇඳගෙන හිසට පන් තොප්පි දමා, පයට කිසිවක්  නොදා සංගීතයෙන් රටම පිනවූ ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායම බවයි. එය ලාංකීය කැලිප්සෝ සංගීත කලාවේ පැවැත්ම ඇරඹූ දවස බව ලූවී බෙනඩික් මහතා කියා සිටී.
එසේ දශක පහකට ආසන්න කාලයක් ගෙවුුණු ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායමේ අතිශය වැදගත් සංධිස්ථානය බවට පත් වූයේ 1976 දී ටෝකියෝ නුවර පැවැත්වූ ලෝක සංගීත උත්සවයේ රටවල් 57ක් නියෝජනය කරමින් පැමිණි කණ්ඩායම් 1780ක් අතුරෙන් එම උත්සවයේ අවසන් තරගකාරී සංගීත කණ්ඩායම් 23 දෙනා අතරට පැමිණීමට හැකිවීමයි. සරොම් හැඳ, පයට සපත්තු නොමැතිව සංගීත පෙරැළි කළ ‘‘ලා සිලෝනියන්ස්’’ සංගීත කණ්ඩායම මෙවන් හපන්කමක් සිදුකරන්නට සමත් වේ යැයි එදා ඔවුන්ට සමච්චල් කළ පිරිස මෙම ජයග‍්‍රහණයත් සමග සිතන්නට ඇත.

සිය සංගීත නිර්මාණකරණය තවත් සුවිශේෂී අවස්ථාවක් බවට ලා සිලෝනියන්ස් හි නොයෙල් ආවර්ජනය කර සිටියේ එවකට එයාර් ලංකා ගුවන්යානයක් තුළ ගුවනේ දී මගීන්ට සිය සංගීතය රසවිඳීමට දුන් අවස්ථාවක් පිළිබඳව ය. එවකට එයාර් ලංකා ගුවන් සේවයේ සභාපති කපිතාන් රඛිත වික‍්‍රමනායක මහතාගේ මගපෙන්වීමෙන් සිදුකෙරුණු එකක් බව නොයෙල් මහතා ගෞරවපූර්වකව පවසා සිටියේය.

එක දිගට නොනවත්වා සංගීත කලාව තුළ රැඳී උන් ‘‘ලා සිලෝනියන්ස්’’හි නොයෙල් තවත් කලා ශිල්පීන්ට ද අතහිත දීමට අමතක නොකළේය. ඒ අතරින් ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, මිල්ටන් මල්ලවආරච්චි සුවිශේෂි වේ. නොයෙල් ප‍්‍රමුඛ ලා සිලෝනියන්ස් සංගීත කණ්ඩායම අතහිත දුන් තවත් කලා ශිල්පීන් බොහෝය.

ලාංකීය සංගීත කලාවට මේසා විශාල මෙහෙයක් කළ නොයෙල් අද වන විට එම කලාවට සමුදී සිටින්නේ හදිසියේම ඇතිවූ ආඝාත රෝග තත්ත්වය නිසාවෙනි. එසේ වුවත් ඔහුගේ හිත ඇත්තේ ‘‘ලා සිලෝනියන්ස්’’ තුළය. ඔහුගේ මතක ආවර්ජනයේ අවසන් වචන පෙළ වූයේ මෙයයි.
‘‘අද තියෙන සංගීත කණ්ඩායම් විද්‍යුත් නාදයන්ට පේවුණු වහලූන් හා සමානයි. කිසිම දක්ෂතාවක් හා නිර්මාණාත්මක බවක් නැතැයි නොයෙල් කියා සිටියේය.


සන්ඬේ ටයිම්ස් පුවත්පත සඳහා ෆයිසාල් සමාත් ලියූ "Song and Sarons: The Birth of Lankan Calypso"ලිපිය ඇසුරෙනි.

 

 

සිංහලයට සකස් කළේ -  තිළිණි ද සිල්වා

 



අදහස් (0)

සිංහල "පොප්" සංගීතයට වසර පනහයි

රෝහණ Thursday, 27 June 2013 08:07 AM

පොප් නම් අනිවාර්යෙන්ම එහි නිර්මාතෘවරයා මා සිතන පරිදි නම් ක්ලැරන්ස් විජේවර්දන පමණකි (නි)

:       1       0

ලියා Tuesday, 25 June 2013 02:44 PM

නොයෙල් කියන්නේ අපේ භාෂාවෙන් කියනවනම් සුපිරිම සුපිරි සංගීතවේදියෙක් (නි)

:       0       0

චින්තක Tuesday, 25 June 2013 09:11 PM

ඔබ තුමා ශ්‍රේෂ්ට කලාකරුවෙකි.(නදී)

:       0       0

අරුණ-දෝහා Monday, 24 June 2013 08:00 PM

කෙතරම් මිහිරි සවනට වදයක් නොවී රසවිඳිය හැකි කලාවක්ද? අනිදු කැලැරන්ස් ,අනිල් වැන්නන් බිහි වීම මොනතරම් ආශ්වාදජනකද ? නොයෙල් මැතිදුනි ඔබ කල අනුපමේය මෙහෙවරට අප සැවොම ණයගැති ඔබට තිර ජීවනය ලැබේවා!(නදී)

:       0       0

සතිස් Wednesday, 26 June 2013 09:25 AM

නොයෙල් මැතිදුනි, ඔබ කල මෙහෙය ඉතා අගනේය. ඔබට ඉක්මන් සුව සහ දීර්ගායුෂ පතමි. (නි)

:       0       0

රංජන් Tuesday, 25 June 2013 10:54 PM

මගේ ලඟම ඉන්න අසල්වැසියා පාගොඩ පාරේ ඔය විවේකිව කියන සින්දු සෑහෙන්ඩ මම අහලා තියෙනවා. මම දීර්ග ඉතිහාසයක් දන්නා හින්දා කියන්නේ මෙවැනි කලා කරුවන් ඉතා දුලබයි ජයවේවා.(නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 227 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 92 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 183 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 873 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site