IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට අත්කර දෙමු

මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සහල් මිල පහත බැස ඇති බව කියැවෙන පුවත නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 140 දක්වා පහත වැටීමට හේතුව, තිස්සමහාරාම හා එරාවුර් ප්‍රදේශවලින් සහල් තොග ලැබීමත්, ආධාර ක්‍රම යටතේ රතු කැකුළු සහල් ජනතාව අතර බෙදාහැරීමත් බව එම පුවතින් හැඟවේ.

උද්ධමනයෙන් පීඩාවට පත් පාරිභෝගිකයාට සහල් මිල පහත වැටීම මහත් සහනයක් වනු ඇත.

සාමාන්‍යයෙන් සහල් මිල තීරණය වන්නේ ද අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මෙන්ම වෙළෙඳපොළේ ඉල්ලු‍‍ම හා සැපයුම අනුවයි. එහෙත්, රට තුළ නිෂ්පාදනය වන වී අස්වැන්න සහල් බවට පත්කොට, ඉල්ලු‍‍මට සරිලන අයුරින් වෙළෙඳපොළට ඉදිරිපත් වන්නේ ද යන්න සැකයට භාජන වන කරුණකි. 2020 අවුරුද්දේ සහල් නිෂ්පාදනයත්, ඉල්ලු‍‍මත් ඇසුරෙන් මෙම කාරණය විමසා බැලූ විට මෙය පැහැදිලි වේ. 2020 මෙරට ජනගහණය මිලියන 21.9ක් බව ඇස්තමේන්තු කර තිබිණි.

සාමාන්‍යයෙන් මෙරට ඒක පුද්ගල වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 107ක් පමණ බව වාර්තා විය. ඒ අනුව බැලූ විට 2020 වසරේ මෙරට සහල් ඉල්ලු‍‍ම මෙට්‍රික් ටොන් මිලියන 2.4කට ආසන්න විය. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ද එම සංඛ්‍යාව නිවැරැදිය.

2019/20 මාස් කන්නයේ ලැබූ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 3.19ක් ලෙසත්, 2020 යල් කන්නයේ ලැබූ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.84ක් ලෙසත් වාර්තා විය. එවිට 2020 අවුරුද්දේ ලැබූ මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.03කි. වී සහල් කිරීමේදී ඉවත් වෙන බරත්, බිත්තර වී සඳහා වෙන් වෙන බරත් ඉවත් කළ විට ද නිෂ්පාදිත මුළු වී ප්‍රමාණය 2020 දී මෙරට සහල් ඉල්ලු‍‍ම සපුරාලන්නට සෑහෙන්නකි. 2020 අවුරුද්දේ වී නිෂ්පාදනය හොඳින් සිදු වුණ ද වෙළෙඳපොළේ ඉල්ලු‍‍මට සරිලන ප්‍රමාණයකින් සහල් සැපයීම සිදු නොවූ නිසා, සහල් මිල ඉහළ ගියේය. වෙළෙඳපොළේ පැවැතියේ සහල් හිඟයකි.

මෙම සන්තෑසිය හැම අවුරුද්දකම සිදුවන්නකි. රටේ නිෂ්පාදනය වන වී, ඉල්ලු‍‍මට සරිලන අයුරින් වෙළෙඳපොළට ඉදිරිපත් වන්නේ නැත. වී අස්වැන්නේ සෑහෙන ප්‍රමාණයක් වෙළෙඳපොළට ඉදිරිපත් නොවී සැඟවෙන බව පැහැදිලිය. වෙළෙඳපොළට සහල් ඉදිරිපත් වන්නේ, පාරිභෝගිකයාගේ ඉල්ලීමට අනුරූපව නොවේ. මෙය මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතළොස්සකගේ පාලනය අනුව සිදුවන්නකි. ඇතැම් විට ගොවියාගෙන් මිලට ගන්නා වී තොග ගොවියා ළඟම රඳවා තබා ගන්නට ඔවුහු කටයුතු යොදති.

අමතර දීමනාවක් ඒ සඳහා ගොවියාට ගෙවන බව සැලවේ. අස්වනු කපන කාලයේ ඔවුන් ගොවීන්ට ගෙවන්නේ ඉතා අඩු මිලකි. ණයගැතිභාවයේ වෙලී සිටින ගොවියෝ කරුණු කිහිපයක් නිසා මහා පරිමාණ මෝල් හිමියන්ට තම අස්වනු අලෙවි කරන්නට බැඳී සිටිති. රටේ පරිභෝජනයට ප්‍රමාණවත් වී තොග නිෂ්පාදනය වුව ද ඉහත කී ව්‍යාපාරිකයෝ අතළොස්ස වී තොග රැස්කොට, වෙළෙඳපොළේ සහල් හිඟයක් මවාපාති. එම හිඟය හේතුවෙන් සහල් මිල ඉහළ ගිය විට ක්‍රමානුකූලව ටිකෙන් ටික මිල පහත නොවැටෙන පරිදි සහල් තොග මුදාහැරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වගබලා ගනිති.

බලයට පත් සෑම ආණ්ඩුවක්ම මෙම ව්‍යාපාරිකයන්ගෙන් සහල් වෙළෙඳාම මුදා ගන්නට ගත් සෑම උත්සාහයක්ම කෙටි කලකදී ව්‍යර්ත වූයේය. මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් 200ක් පමණ ඉහත කී ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැසෙන තැනට කටයුතු යෙදුණු බව නොබෝදා වාර්තා විය.

සහල් වෙළෙඳාමේ දැනට පවතින තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වීම රජයේ කාර්යයක් නොවන බව බැලූ බැල්මට පෙනී යා හැකිය. එහෙත්, රටේ සහල් වෙළෙඳාමේ ඒකාධිකාරය බිඳ දැමීමට පරම අයිතියක් සහ යුතුකමක් රජයට ඇත්තේ, එක් අතකින්, බත මේ රටේ ප්‍රධාන ආහාරය නිසාය. අනික් අතට, රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් සහල් රටේ නිෂ්පාදනය වන නිසාය. ගිජු ලාභාපේක්ෂාවෙන් වී තොග රැස්කොට, තමන්ට අවශ්‍ය පරිදි සහල් තොග වෙළෙඳපොළට ඉදිරිපත් කරන ඒකාධිකාරිය වෙනුවට ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණය ඉටු වන පූර්ණ තරගයකින් යුතු වෙළෙඳපොළක් සහල් උදෙසා සැකසිය යුතු වේ.



අදහස් (1)

සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට අත්කර දෙමු

සිල්වා Tuesday, 11 July 2023 11:42 AM

පාරිභෝගිකයා දැනුවත් වී වෙළඳනාම වලට නොරැවටී හාල් මිලදී ගන්නේ නම් හාල් මාෆියාව මුළුමනින්ම වීනාශ කළ හැකියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 487 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 62 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 149 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 377 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 240 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 971 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site