ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සිටින රටකි. ඒ නිසා ඈත අතීතයේ පටන් සහලින් රට ස්වයංපෝෂිත කරගැනීමට රජවරුන් වෙහෙස දැරූ අතර, 1960 දශකයේදී රටේ සහල් අවශ්‍යතාවෙන් සියයට 40ක් මෙරට නිපදවිය.
සියයට 60ක් විදේශ රටවලින් ගෙන්වන ලදී. එහෙත්, හැටේ දශකයේ අගභාගයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අප්‍රතිහත ධෛර්යය නිසා ක්‍රමයෙන් අලුත් වී ප්‍රභේද මගින් අස්වැන්න ඉහළ දැමීම ආරම්භ වීමත් සමඟ, රටේ සහල් අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට හැකි වූවා පමණක් නොව, රට සහලින් ස්වයංපෝෂිත කිරීමට අඩිතාලම දැමීමට හැකි විය. වී වර්ග 3000කින් පොහොසත් වූ ශ්‍රී ලංකාවේ විවිධ කාලවලට, විවිධ දේශගුණික ප්‍රදේශවලට, විවිධ පාංශු තත්වවලට ඔරොත්තු දෙන වී ප්‍රභේද තිබූ අතර, ඒවා වගා කරන ලදී.
හරිත විප්ලවයත් සමග පිලිපීනයේ අන්තර්ජාතික වී පර්යේෂණ ආයතනයක් සමඟ එක් වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, කෙටිකාලීන ඉහළ අස්වැන්නක් ලබා දෙන වී ප්‍රභේද බිහි කිරීමට සමත් විය. ඒවා රසායනික පොහොරවලට පාත්‍ර වූ අතර, ඉහළ අස්වැන්නක් ලබා දෙන ලදී. විශේෂයෙන් බතලගොඩ බීජ ප්‍රභේද, අම්බලන්තොට ප්‍රභේද, බෝඹුවල ප්‍රභේද, ලබුදූව ප්‍රභේද සකස් කොට විවිධ දේශගුණික කලාප හා පාංශු තත්වවලට ගැළපෙන ප්‍රභේද මගින් යහපත් අස්වැන්නක් ලබා ගැනීමට පියවර ගත්තේය. මෙම නිපදවීම්වල ඉහළින් තැබිය හැකි වී ප්‍රභේදය වන්නේ කීරි සම්බා වර්ගයයි. එය ප්‍රභේදයක් ලෙස ගත් කල බීජී 360 ලෙස නම් කර ඇත. තව ද, බීජී 362 නම් වූ ජනප්‍රිය සම්බා වර්ග බාස්මතී ප්‍රභේද ද, රතු බාස්මතී වර්ග නිපදවීමට ශ්‍රී ලංකා විද්‍යාඥයන්ට හැකි වූ අතර, මෙහි ගෞරවය හිමි වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටය. කීරි සම්බා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ එහි රසය, සුමට බව සහ ගුණාත්මක බව නිසාය. මෙම වර්ග ලොව වෙනත් කිසිදු රටක නිපදවන්නේ නැත.
අප රටට ආවේණික වූ අපේ රටේ ප්‍රභේදයකි. උත්සව සමයට නැතිවම බැරි කීරි සම්බා අද වෙළෙඳපොළේ රුපියල් 320ක් වැනි මුදලකට අලෙවි කෙරේ. එහෙත්, පාලන මිල වන්නේ රුපියල් 260කි. මෙවැනි තත්වයක් ඇති වී ඇත්තේ පසුගිය කන්නයේ සියයට 12ක ප්‍රතිශතයක් කීරි සම්බා වගා කළ හෙයිනි. සියයට 80ක පමණ ප්‍රමාණයක් වගා කර ඇත්තේ නාඩු වර්ගය. මේ නිසා වෙළෙඳපොළට ලැබෙන කීරි සම්බා පාලනය කිරීමට මෝල් හිමියෝ කටයුතු කරති. එවිට මිල ඉහළ යයි. කීරි සම්බාවලට සම කළ හැකි වෙනත් විකල්පයක් නැති බව ද, ඒ සඳහා ආදේශකයක් පිටරටින් ගෙන්විය නොහැකි බව ද හොඳාකාරවම මෝල් හිමියන් හා වෙළෙන්දොා් දනිති. මේ නිසා කීරි සම්බා හිඟයක් මවාපා මිල ඉහළ දැමීම මෝල් හිමියන්ට කළ හැක. මෙය නෝතේරෙන එකම කණ්ඩායම අයත් වන්නේ රජයටය. පසුගිය කාලයේ එක්තරා ඇමැතිවරුන් දෙදෙනෙකු වහසිබස් දෙඩුවේ කීරි සම්බා හිඟයට ඒවා පිටරටින් ආනයනය කරන බවය. ඒ ඇමැතිවරු කීරි සම්බා දේශීය නිෂ්පාදනයක් පමණක් බව හෝ එයට ආදේශක නොමැති බව නොදනිති. ඔවුන්ට සිටි අමන උපදේශකයන් හෝ කේවට්ටයෝ ද ඒ බව නොදනිති. වත්මන් රජයට ද කිව යුත්තේ එයමය.
සහල් අර්බුදය විසඳනවා තියා වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කළ කිසිදු වැඩක් සාර්ථක නොවීය. පළමුව, රිළා නාඩගමක් පටන්ගත් අතර, එකදු රිළවකු කැලයට පන්නා දමා නැත. දෙවනුව, 2024-25 මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3ක් වී අලෙවි මණ්ඩලය මිලට ගන්නවා යැයි පැවැසීය. එහෙත්, ලබාගත හැකි වූයේ මෙට්‍රික් ටොන් 55කි. එය මිලට ගන්නවා කියූ ප්‍රමාණයෙන් සියයට 0.1ක්වත් නැත. දශම එකක්වත් වී මිලට ගැනීමට නොහැකි ආයතන පවත්වාගෙන යන්නේ කුමකට ද? ජනාධිපතිවරයා ආයතන 167ක් වසා දැමීමට සුදුසු බවත්, ඒවා වසා දමන බවත් පැවැසුව ද, එකදු ආයතනයක්වත් මේ වන තෙක් වසා දමා නැත. ඒ, ඔවුනට බලයට පත් කිරීමට කැප වූ සුදුසුකම් නොමැති අයට තනතුරු ලබා දීම නිසාය. තුන්වනුව, පෙබරවාරි 15 දින වගා සංග්‍රාමයක් පටන්ගත්තේය. ඒ සඳහා ජනාධිපති, අගමැති හෝ අඩු තරමින් කැබිනට් ඇමැතිවරයාවත් සහභාගි නොවීය. පෝස්ටර් සහ පත්‍ර දැන්වීම් සඳහා වියදම් කළ මුදල අපතේය. කිසිදු ඵලක් ලැබුණේ නැත. ගොවීන් හෝ නිලධාරින්වත් මෙම වගා සංග්‍රාමය හරි හැටි නොදනී. පොදු මහජනතාව ද මේ ගැන නොදනිති. මේ වගා සංග්‍රාමය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි.
ඊළඟ නාඩගම වූයේ, රිළා සංගණනයයි. මෙම රිළා සංගණනය ජනතාවගේ පිට පටවා ඔවුන් මගින් සමීක්‍ෂණය ඉටු කිරීමට උත්සාහ කළේය. ලෝකයේ සම්මත ක්‍රමය වන්නේ, මෙවැනි සංගණන නිලධාරින් පුහුණු කොට, රිළවුන්ගේ හැසිරීම් රටාව උගන්වා, විශ්වාසවන්ත නිලධාරින් කණ්ඩායමක් යොදවා ගණනය කිරීමයි. මෙයට කාල රාමුවක් අවශ්‍ය වේ. මම සංගණනය සඳහා ලබා දුන් පෝරම පාරේ විසි කර දමා තිබෙනවා සියැසින් දුටුවෙමි. සමහරු ආණ්ඩුවට දොස් දෙවොල් තියන්නටත් පටන්ගත්තෝය. රිළා ප්‍රශ්නය නොව බඩු මිල ඉහළ යාම සහ බඩු මිල අඩු නොවීම නිසා ජනතාව කෝපයෙන් සිටිති. එසේම, මෙම තොරතුරු රජයට විරුද්ධ පිරිස් මෙන්ම රජය කෙරෙහි කෝපය බුර බුරා නැගෙන ඔවුන්ට ඡන්දය භාවිත කළ මිනිසුන්ගෙන් පවා ලැබෙන්නේ ද්වේශ සහගත සංඛ්‍යා තොරතුරුය. එබැවින්, මේ ලැබෙන දත්ත කිසිසේත් පිළිගත නොහැක. මෙම රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු සංගණනය දිනයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, නිලධාරින් මෙය හරි හැටි ඉටු නොකළ බවත්, ඒ නිසා අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට පැමිණිලි කරන බවත්ය. එයින්ම පැහැදිලි වන්නේ, මෙම සංගණනයේ තොරතුරු නිවැරැදි නොවන බවට රජයේ දේශපාලකයන්ම පිළිගැනීමයි. එබැවින්, රිළා සංගණන දත්ත කිසිසේත් පිළිගත නොහැක. කෘෂිකර්ම අමාත්‍යාංශය රටට විහිළු සපයන අමාත්‍යාංශයක් බවට පත් වී තිබීම කනගාටුවට කරුණකි. එම නිසා, ඒ වන විට සහල් අර්බුදයක් හටගෙන ඇති බව ද හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි.
පාසල් ළමයින්ගෙන් ලක්‍ෂ 14ක් අද මන්දපෝෂණයෙන් පෙළෙති. මේ රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 4 දෙනකුගෙන් යුතු පවුලකට මසකට කෑමට පමණක් රුපියල් 120,000ක මුදලක් අවශ්‍ය කෙරේ. බෙහෙත්, බිල්, අධ්‍යාපන, සෞඛ්‍ය, අනෙකුත් එදිනෙදා කටයුතු සඳහා මසකට අවම වශයෙන් රුපියල් 50,000ක් අවශ්‍ය කෙරේ. මෙතරම් මුදලක් පවුලක් මසකට උපයන්නේ කෙසේ ද? දහසක් බලාපොරොත්තු ඇති කරගෙන වත්මන් රජය පත් කළේ ජනතාවට සෙතක් ශාන්තියක් උදා කරයි යන බලාපොරොත්තුවෙනි. සෙතක් ශාන්තියක් පෙනෙන මානයකවත් නැත. ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව වූ ආහාර සඳහා යන වියදම අඩු කිරීම, කුසගින්න නිවීම රජයක පරම වගකීමකි. ඒ සඳහා රජයකට පැහැදිලි ඉලක්කගත වැඩපිළිවෙළක් තිබිය යුතුය.
පසුගිය දා ඇති වූ සහල් අර්බුදයේදී මෙම රජයේ පළමු කැබිනට් රැස්වීමේදී සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගෙන්වීමට තීරණය කෙරිණි. නව රජයට අත දීමක් ලෙස ඉන්දියා රජයෙන් ‘ස්වර්ණ නාඩු’ මෙට්‍රික් ටොන් 70,000ක් නොමිලේ ලබා දීමට පොරොන්දු විය. එහෙත්, එය ප්‍රතික්ෂේප කරමින් කොන්දේසි විරහිතව සහල් ආනයනය කිරීමට අවසර දෙන ලදී. මෙය කවර හේතුවක් නිසා කළා දැයි නොදනී. හොරකම් නොකරනවා යැයි කියූ රජයක් කෙරෙහි ජනතාවගේ සැකය ඇති වන්නේ මෙවැනි ක්‍රියාමාර්ගවලින්ය. සහල් මාෆියාව ක්‍රියාත්මක වන්නේ නම්, ඉන්දියාවෙන් ගෙන්වා සහල් කිලෝව රුපියල් 135ට ලබා දෙනවා යැයි වහසිබස් දෙඩූ ජනාධිපතිවරයා, තුන් වරක් සහල් මෝල්කරවැන් කැඳවා සාකච්ඡා කළ ද, ඔවුන් එයට අවනත වූ බව පෙන්වුවත් ක්‍රියා කළේ නැත. අවසානයේ රුපියල් 220ට තිබූ සහල් පාලන මිල රුපියල් 230 දක්වා රුපියල් 10කින් කිසිදු විමසීමකින් තොරව ඉහළ දමන ලදී. අවසානයේ රුපියල් 65ක් සහල් කිලෝ එකකට බදු ගැසූ රජය, රුපියල් බිලියන 10ක් පමණ බදු ආදායමක් උපයා ගන්නා ලදී. ඒ අනුව, ජනතාව කෙරෙහි අනුකම්පාවක් හෝ ජනතාවට සහන සැලසීමට රජයේ අරමුණක් නොමැති බව පැහැදිලි වේ. කොන්දේසි විරහිතව ආනයනය කළ සහල් අතර ‘බාස්මතී’ සහල් ද වේ. එයින් ඉහළ ලාභයක් ආනයනකරුවන් උපයා ගන්නා ලදී. රජය මේ ඉඩ හැරියේ කවුරුන් ධනවතුන් කිරීමට ද? මෙය රජයේ ප්‍රතිපත්තිය ද? මේවාගේ ගැටලුවලදී කෘෂිකර්ම අමාත්‍යාංශය මූලික වී ගැටලු නිරාකරණය කළා වුව ද, කෘෂිකර්ම අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රශ්නාර්ථයක් බව ගුණරත්න මහතා පෙන්වා දෙයි.
ලෝකයේ රටවල් 90ක් වී නිෂ්පාදනය කර තම රටේ ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීමට කටයුතු කරයි. වසරකට වී මෙට්‍රික් ටොන් මිලියන 700ක් නිපදවයි. මෙයින් වැඩිම නිපදවන්නේ ඉන්දියාවයි. ලෝකයේ ජනගහනය ඉහළ රටවල් වන ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල් පවා තම රටේ සහල් අවශ්‍යතාව තමන් විසින්ම නිපදවා ගනී. එම රටවල්වල සමහර වී ප්‍රභේදවලින් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8-9ක අස්වැන්නක් ලබාගනී. එසේම, සමහර රටවල වසරකට තුන් වතාවක් අස්වැන්න නෙළිය හැකි වී ප්‍රභේද දක්නට ලැබේ. එකම ගොයම් පඳුරුවලින් තුන් වරක් වසරකට අස්වැන්න නෙළාගත හැක. අප රටේ හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 5-5.5ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට හැකියාව ලැබී තිබීම ප්‍රශංසනීය වේ. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට එම ප්‍රමාණය ප්‍රමාණවත් වන නමුත්, රජයේ හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හරි සැලසුමක් නොමැති වීමෙන් මේවායේ ප්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි වී තිබේ යැයි ගුණරත්න මහතා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් කන්නය ආරම්භ කිරීමට ප්‍රථම කන්න රැස්වීම පැවැත්වීම සම්ප්‍රදායයි. මෙයට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු, ලේකම්වරු, කෘෂිකර්මයට අදාළ සියලු ආයතන ප්‍රධානින්, නිලධාරින්, ගොවි නායකයන් සහභාගි වී කන්නයේ වගා කරන වී ප්‍රභේද, වෙනත් ක්‍ෂේත්‍ර භෝග, පලතුරු, එළවළු, ප්‍රමාණය, වර්ගය තීරණය කරයි. ජලය නිකුත් කරන දින වකවානු ද නියම කරගනී. රටේ අවශ්‍යතාව මත මෙහිදී ඉතා වැදගත් තීරණ රැසක් කන්නයට පෙර ගනු ලබන අතර, එය විධිමත් ක්‍රමයයි. එහෙත්, 2017න් පසුව මේ දක්වා විධිමත්, ක්‍රමික මුළු දිවයිනම ආවරණය වන කන්න රැස්වීමක් පවත්වා නැති බවට වාර්තා වේ. එසේ නම්, මෙම සහල් අර්බුදයට නිසි පිළියම් යෙදීමට හැකියාව තිබිණි. 2024-25 මහ කන්නයේ බහුතර ප්‍රමාණයක් සියයට 80ක් පමණ නාඩු වගා කර ඇති අතර, ඉතිරි ප්‍රමාණය කීරි සම්බා සහ සම්බා වගා කර ඇත. මහ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු උදා වන්නේ බක් මාසයයි. බක් මාසය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයයි. එසේ නම්, කීරි සම්බා අවශ්‍යතාව ගණනය කර වගා කිරීමට උපදෙස් දෙන්නට බලධාරින්ට ඥානයක් නැද්ද? මෙය රටේ අවාසනාවයි. පාරිභෝගික ජනතාව මෙන්ම ගොවි ජනතාව ද මෙයින් බැට කයි. සාමාන්‍යයෙන් අප රටේ සහල් පරිභෝජනය කරන රටාවක් පවතී. දකුණේ ජනතාව රතු සහල් ද, මැදරට ජනතාව නාඩු සහ සම්බා ද, උතුරේ ජනතාව නාඩු සහල් ද පාරිභෝජනය කරති. මේ රටාව නිසා සම්බා වර්ග සඳහා ඉල්ලුමට වඩා නාඩු සඳහා ඉල්ලුම වැඩිය. එහෙත්, සම්බා සහල් වර්ග සඳහා ඇති ඉල්ලුම පෙරට වඩා වැඩි වෙමින් පවතින්නේ හෝටල් සහ ආපණ ශාලාවල බත් සඳහා මෙම සහල් භාවිත කිරීම ඉහළ ගොස් ඇති නිසාය.
විශේෂයෙන්ම කීරි සම්බා සඳහා වැඩි ඉල්ලුමක් පවතී. කීරි සම්බා මේ දිනවල මෝල් හිමියන් කඩ හිමියන්ට ලබා දෙන්නේ රුපියල් 315ක් හෝ 318ක් වැනි මුදලකටය. වෙළෙන්දා එය 320ට විකුණයි. එහෙත්, පාලන මිල වන්නේ රුපියල් 260කි. කිසියම් වෙළෙන්දකු පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් නිසා වැඩි මිලට විකිණුවොත් නිසා රුපියල් ලක්‍ෂයක දඩයකට යටත් වේ. ඒ නිසා වෙළෙන්දෝ කීරි සම්බා විකිණීමට මැළිකමක් දක්වති. මාගේ මතය වන්නේ, තුනෙන් දෙකක බලයක් ඇති රජයක් විසින් මෙම දඩය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීමට නීති පැනවිය යුතුය. එවිට කවරදාකවත් වෙළෙන්දන් වැඩි මිලට සහල් විකුණන්නේ නැත. වෙළෙන්දා සහල් ගැනීම ප්‍රතික්ෂේප කරන විට මෝල් හිමියන්ට එම සහල් විකුණා ගැනීමට නොහැක. ඔවුන් පාලන මිලට වෙළෙඳපොළ සහල් නිකුත් කිරීමට ඉබේ පෙළඹෙන්නේය. “අඬුව තියෙද්දී අත පුච්චවා ගන්නේ ඇයි?” මෙයට ඍජු ක්‍රියාමාර්ගයක් රජයට පැහැදිලිව ගත හැක. රජය එවැනි ක්‍රියාමාර්ගයකට නොයන්නේ ජනතාව හෝ අප නොදන්නා රහසක් මෙය පිටුපස ඇති නිසා දැයි ගුණරත්න මහතා පෙන්වා දෙයි.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
saman Saturday, 05 April 2025 09:37 AM
අනුර ජනාධිපති වුණා නම් සුටුස් ගාලා හාල් මිල බස්සනවා...