IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන

ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආරම්භ වූයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාවීමෙන් අනතුරුව ය.

ප්‍රභූන්ට ලබා දී තිබූ සුඛෝපභෝගී මෝටර් වාහන තැනින් තැන දමා යාමත් සමග සමාජය තුළ ඒ පිළිබඳව දැඩි කතා බහක් ඇතිවිය. මෙතරම් වාහන සංඛ්‍යාවක් මැති ඇමැතිවරන්ට සහ ප්‍රභූවරුන්ට මෙසේ ලබාදී තිබීම බොහෝ දෙනා​ෙග් උදහසට කරුණක්ද විය.

විවිධ දේශපාලන පක්ෂ එය රථවාහන සංදර්ශනයක් බවට මාධ්‍ය හමුවේ හඳුන්වා දුන් අතර මේ වනවිටත් විවිධ ප්‍රදේශවලින් මෝටර් වාහන මතුවීම කාගේත් අවධානයට ලක්වී තිබේ.

මැති ඇමැතීන්ට සහ ප්‍රභූවරුන්ට ලබාදී තිබූ තවත් වාහන කීපයක් අතරමග දමා ගොස් තිබියදී පසුගියදා පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.

ඒ අනුව තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා විසින් බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ බවට සැකකරනු ලබන ව්‍යාජ අංක තහඩු සවිකළ සුඛෝපභෝගී මෝටර් රථයක් තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබීය.

එම මෝටර් රථය පිළිබඳව සිදු කළ විමර්ශනවලදී එම ජීප් රථයට යොදා තිබූ ව්‍යාජ අංක තහඩුව අයත් ලියාපදිංචි මෝටර් රථය පිළිබඳව විමර්ශන නිලධාරීන් සොයා බැලීමේදී එම මෝටර් රථය පුද්ගලයන් දෙදෙනකුට විකුණා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරිමට ඇති බවත් පොලිසිය පවසයි.

මෙම ජීප් රථයට ව්‍යාජ අංක තහඩු යොදා කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තා දැයි සොයා බැලීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.

එමෙන්ම බෙලිඅත්ත පොලිසියට ලද තොරතුරක් මත බෙලිඅත්ත ගැටමාන්න, කොස්ලන්ද ප්‍රදේශයේ නිවෙසක නතර කර තිබූ කළු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබුණි.

එම ප්‍රාඩෝ රථය චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් මෝටර් රථයක් බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර කුමන හේතුවක් මත එම මෝටර් රථය මග දමා යන්නට ඇද්දැයි පොලිසිය විමර්ශන කරයි.

ගලපිටමඩ, කඩිගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී එම ස්ථානයට පැමිණි කැබ් රථය රියැදුරුට රියැදුරු බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් ඔහු පොලිසියට රැගෙන ගොස් සිදු කළ විමර්ශනවලදී සැක කටයුතු හැඳුනුම්පතක් හමුවී ඇත.

පසුව පොලිසිය ඒ පිළිබඳව කළ විමර්ශනවලදී එම කැබ් රථය පසුගිය වසරේ ගලපිටමඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ වෙඩික්කරු යතුරුපැදියකින් ප්‍රවාහන කළ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් එම කැබ් රථයේ රියැදුරු පවසා ඇත්තේ එම කැබ් රථය සමගි ජනබලවේගය දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතාගේ වරකාපොළ කාර්යාලයේ රාජකාරී කටයුතු සඳහා යොදාගෙන තිබුණු බවය.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සමගි ජනබලවේගය දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතා පවසා සිටියේ මැතිවරණ කටයුතු සඳහා විවිධ ස්ථානවලින් වාහන කුලියට ලබාගත් බවත් එම වාහනය අයිති පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ වෙන්දේසියකින් එම වාහනය මිලදී ගෙන තිබුණු බවත්ය.

තමා කිසි දිනෙක රජයේ දේපළ අවභාවිත කර නොමැති බවත් බොරු චෝදනා සම්බන්ධයෙන් අකැමැත්තෙන් හෝ නීතිමය පියවර ගන්නා බවත් වසන්ත සේනානායක මහතා කියා සිටියේය.

තවත් සුඛෝපභෝගී වාහනයක් කොළඹ ප්‍රධාන පෙළේ වාහන අංගනයක සැක කටයුතු ලෙස නවතා තිබූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර කොල්ල විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී එම හෝටලයේ දීර්ඝ කාලයක් රැදී සිටි පුද්ගලයකු පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එම මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබුණි.

හෝටලයේ නැවතී සිටි පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා ඇත්තේ එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මෝටර් රථයක් බවයැයි පොලිසිය කියයි.

මෝටර් රථය පසුව රැගෙන යන බව පවසා ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා රියැදුරකු අත එම මෝටර් රථය හෝටලය වෙත එවා ඇති බවත් පසුව එම හෝටලයේ ආපනශාලා කළමනාකරු හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ දැනුම්දීමකට අනුව රථයේ යතුර විමර්ශන නිලධාරීන් විසින් ගෙන්වා ගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුව විමර්ශන නිලධාරීන් මෝටර් රථය සෝදිසි කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ලියකියවිලි රැසක් එහි තිබූ හමුවූ බවත් එහෙත් මෝටර් රථය ලියාපදිංචියට සම්බන්ධ කිසිදු ලියවිල්ලක් නොතිබුණු බවත් විමර්ශන නිලධාරීහු පැවැසූහ.

අනතුරුව මෝටර් රථයේ ගරාජ් අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි හිමිකාරිත්වය නාවල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් බවට අනාවරණය වී ඇති අතර පසුව එම සමාගමේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ එම මෝටර් රථය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් එම මෝටර් රථය මුදල් ගෙවා ලබාගත්ත ද තමන්ට අයත් පෞද්ගලික ගුවන්විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තකු එහි අංක තහඩුව සොරාගෙන තිබූ බවත්ය.

පසුව එම මෝටර් රථයේ චැසි අංකය ශ්‍රී ලංකා රේගුව හරහා පරීක්ෂා කිරීමේදී එම මෝටර් රථය නීත්‍යනුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී ඇත. පසුව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවය.

එමෙන්ම නුවරඑළිය හැඩින්හිල් ප්‍රදේශයේ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භූමියක තිබී දිරාපත් වූ ජීප් රථයක් නුවරඑළිය පොලිසිය සොයාගෙන ඇත. එම ජීප් රථයට එවකට නුවරඑළිය හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකුට අයත් මෝටර් රථයක් බවට අනාවරණය වී ඇත.

එම ජීප් රථයට අමතරව තවත් මෝටර් රථයක් එම අමාත්‍යවරයා එම පෞද්ගලික ලේකම්වරයාට ලබා දී තිබූ බවට තොරතුරු අනාවරණයවී ඇති අතර එම මෝටර් රථය පිළිබඳව නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි.

 

(***)

ගයාන් සූරියආරච්චි



අදහස් (0)

සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන
2024 ඔක්තෝබර් මස 16 2272 0

ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආර


ආර්ථිකයට ලෝක බැංකු පණිවිඩය
2024 ඔක්තෝබර් මස 16 813 1

ශ්‍රී ලංකාව සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ලෝක බැංකුව විසින් මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා සංවර්ධනයේ නව තත්වය 2024 අනාගතය දක්වා විවෘත කිර


පවුරු බිඳ දැමූ අගමැති නිල නිවස
2024 ඔක්තෝබර් මස 15 2991 2

2005 වසරේ සිට, වසර 19 ක් තිස්සේ, වසා දමා තිබුණු අරලියගහ මන්දිරයට යාබද කොල්ලු‍පිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන මාර්ගය, මීට දින කීපයකට


තහනම්ද පෙම් කරන්නට තුම්මුල්ල හන්දියේ
2024 ඔක්තෝබර් මස 15 10809 0

සරසවි ප්‍රේමය පිළිබදව නිර්මාණ රචනයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන්ට නිතරම මතක්වන්නේ පේරාදෙණියයි. එහි පවත්නා පාරිසරික සෞන්දර්යය ඊට ප්‍රමුඛ හේතුවක් වෙයි. ප


දිළිඳුකම පිටුදැකීමේ ක්‍රමවේදයක්
2024 ඔක්තෝබර් මස 15 720 0

පසුගිය කාලයේදී කතා බහට ලක්වූ මාතෘකා නැවතත් කරළියට පැමිණ ඇත. මැතිවරණ සමයක දක්නට ඇති පාවෙන ඡන්ද මෙන් සහල් සහ බිත්තර මිල සැමට දැනෙන අයුරින් පාවෙන්නට පටන්


රථ වාහන ලොව දිග්විජය කළ මානව හිතවාදියා
2024 ඔක්තෝබර් මස 14 1249 0

රතන් ටාටා මානව ගුණාංගවලින් පරිපූර්ණ අද්විතීය මිනිසෙකි. ඔහු අසීමිත ලෙස ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරේ කළ අයෙකි. ඉන්දියාව ද ඔහුට පෙරළා ආදරය කළේය. රතන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 624 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site