IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සෑම ආගමකටම ගරුකිරීම ශිෂ්ටත්වයේ ලක්ෂණයක්

උපන් බිම, ජාතිකත්වය හා ආගම ඕනෑම මිනිසකු සතු මහරුම සම්පතකි. ඒවාට ගරු නොකරන්නා තුළ මනුෂ්‍යත්වයේ අංශු මාත්‍රයක්වත් තිබිය නොහැක. තමන්ගේ උපන් බිමට, ජාතිකත්වයට හා ආගමට ගරු කරන්නා සේම අනෙකාගේ උපන් බිමට, ජාතිකත්වයට හා ආගමට ගරු කිරීමේ ශිෂ්ටත්වය ද මිනිසා ප්‍රගුණ කළ යුතුය. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් අගනා මිනිසකු නිර්මාණය වන්නේ එමගිනි.

එහෙත් එවැනි පිරිපුන් දියුණු මිනිසුන් අතරම ඒ තලයට පැමිණීමට නොහැකි වූ අශිෂ්ටයන් ද සිටින බව සැබෑය. ඒ බව පසක් කරන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ බෞද්ධ කොඩිය විකෘති කර එය පාවහන් දැන්වීමක් සඳහා භාවිත කිරීමේ සිද්ධියක් අනුරාධපුර නගරයෙන් වාර්තා වූ බවය. සතියකට වැඩි කාලයක සිට අනුරාධපුර මහ වීදියේ වෙළෙඳසලක් ඉදිරිපිට බෞද්ධ කොඩිය විකෘතිකර එය පාවහන් දැන්වීමකට යොදාගෙන ඇති බව නගරවාසීන් පවසන බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. එපමණක් නොව මෙම ස්ථානයෙන් දිනකට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් අනුරාධපුර නගරයේ විහාරස්ථානවල හාමුදුරුවරුන් ගමන් කළ ද ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව නගරවාසීන් පවසන බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පොසොන් සමයේදීය. පොසොන් සමය යනු ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් අනුරාධපුර නගරය පිරී ඉතිරී යන සමයකි. එවන් සමයක් ඉලක්ක කරගෙන බෞද්ධ කොඩිය විකෘති කර පාවහන් දැන්වීමකට යොදා ගැනීම කිසි ලෙසකින් හෝ අත්වැරැද්දක් ලෙස සැලකිය නොහැකිය. එය නොදැනුවත්කමට කළ ක්‍රියාවක් ලෙස ද සිතිය නොහැක. එය හුදු විනෝදයට කළ දෙයක් ලෙසද සැලකිය නොහැක. එහෙයින් එය සරළව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි කාරණයක්ද නොවේ.

ජාතිය, ආගම යනු ඉතා සංවේදී ක්ෂේත්‍ර වේ. තම ජාතිකත්වයට, අදහන ආගමට නිගරු කිරීම කිසිවකු ඉවසන්නේ නැති බව ද ඒකාන්ත සත්‍යයකි. ආගම් මුල්කර ගනිමින් ඇවිළී ගිය මහා සටන් ලෝක ඉතිහාසයෙන් මෙන්ම අප රටේ ඉතිහාසයෙන් ද සොයාගත හැකිය. ආගමික අන්තවාදය මෙම කාසියේම අනික් පැත්තය. එහි බියකරු බව මෙන්ම ම්ලේච්ඡත්වය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සියල්ලන්ටම වටහා ගැනීමට හැකිවීය. එබඳු ශාපලත් තත්වයන් නිර්මාණය වීම වැළැක්වීම සබුද්ධික ජනයාගේ පරම වගකීම වේ.

අප රටෙහි සාතිශය බහුතරයක් ජනයා ඉතා බුද්ධිමත් වෙති. ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම තත්වයක් සරළම අංශුවට කඩා විග්‍රහ කර ගනිමින් ඇති තතු තත්වාකාරයෙන් ග්‍රහණය කර ගැනීමට ඔවුහු නුවණින් මුහුකුරා ගිය අය වෙති. අප රට සතු මහරුම සම්පත ද වත්කම ද එයමය.

කරුණු කාරණා එපරිදි වුවද වටහාගත යුතු කාරණාවක් තිබේ. එනම් කුඩා උල්පතකින් නික්මෙන දිය බිඳුවක් මහා ප්‍රවාහයක්ව මුහුදට එකතුවන බවය. කුඩා ගිනි සිළුවකින් හෝ ගිනි ජාලාවක් මැවිය හැකි බවය. නයි පැටවා සතුව ඇත්තේද නයි විෂම බවය. එහෙයින් ඇතැම් කුඩා සිදුවීම් නොසලකා හැරීම යනු මහා ඛේදවාචකයකට පාවාඩ එළීමක් වනු ඇත. වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (1)

සෑම ආගමකටම ගරුකිරීම ශිෂ්ටත්වයේ ලක්ෂණයක්

anura Friday, 05 July 2024 02:42 PM

එක එක්කෙනාට ඕන විදිහට ශිෂ්ඨත්වයට නිර්ණායක සාදාගන්න පුළුවන්. නමුත් ඒවා සෑමවිටම සාධාරණ නැහැ. ආගම කියන දෙයත් නොයෙක් ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. සමහර ආගම් හා විශ්වාස යටතේ බිලීපූජා පවත්වනවා. ඒවත් ශිෂ්ඨත්වයේ ලක්ෂණද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3965 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 472 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1087 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38965 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25530 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1041 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 370 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site