IMG-LOGO

2024 ජුනි මස 29 වන සෙනසුරාදා


සේරුවිල දෙහිවත්ත ජනපදය රටට කියන පණිවිඩය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩියෙන්ම කතා කර තිබෙන්නේ දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙනි. එහෙත් දශමයකින් හෝ කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ද එයමය. සිදුව ඇත්තේ දිනෙන් දින දුප්පත්කම ඉහළ යාම ය. රටේ සාතිශය බහුතරයක් ජනයා එම දරුණු ඉරණමේ පහසු ගොදුරු බවට පත්ව සිටිති. විසිතුරු ආටෝප සාටෝපයන්ගෙන් එය වසන්කර තිබුණ ද නොවැළැක්විය හැකි සිදුවීම්වලින් ඒ බව අනාවරණය වේ. එබඳු එක් සිද්ධියක් අප පුවත්පත ඊයේ මුල් පිටුවෙන් අනාවරණය කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිවත්ත හයේ ජනපදයේ සිරි වඩ්ඩනාරාමයට ඇතැම් දිනවල දානය නොලැබෙන හෙයින් එවැනි දිනවල බඩඉරිඟු හෝ අඹ හෝ වැළඳීමට සිදුව ඇති බව විහාරාධිපති කලවානේ කෝසල හිමියන් ප්‍රකාශ කළ බව ය.

‘පන්දහසක් කල් සස්න රක්නා රට’ යැයි උතුම් බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලද බුදුන් පහස ලද ශුද්ධ භූමියේ වැඩ සිටින ඖරස බුදු පුතුන් වහන්සේ නමකට රටක් අමතා ප්‍රකාශ කරන්නට සිදුව ඇත්තේ එබඳු දුක්මුසු කතාවකි. කුරක්කන් හේනේ කුරුල්ලන් එළවන්න නාඹර රූබර ගැමි ළලනාවන් කී කවි අසා රහත් වූ බුදු පුතුන් වැඩ සිටි බිමක දානය නොලැබුණු දිනට බඩ ඉරිඟු හා අඹ වළඳා බඩගින්දර නිවා ගැනීමට සිදු වී ඇතැයි කියන සිද්ධිය අප වටහාගත යුත්තේ කෙසේද?

භික්ෂුන් වහන්සේ නමකට දානය නොලැබෙන්නේ නම් පිණ්ඩපාතයේ වැඩම කළ හැකි ය. එහෙත් එසේ වැඩම කළ හැකිවන්නේ දායකයන්ගේ ද අත මිට සරුනම් පමණි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ රජ කළ හයවැනි ගෝඨාභය රජු දවස ඉදිකර ඇතැයි පැවසෙන මෙම ඓතිහාසික විහාරස්ථානය ආශ්‍රිතව දායක පවුල් 25ක් පමණ සිටිති. එහෙත්   විහාරාධිපති හිමියන් පවසන්නේ එම දායක පවුල්වලින් වැඩි පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බැවින් ඔවුන්ට ද යමක් කළ නොහැකි බව ය.

‘විශේෂිතය සමස්තය නොවන බව’ සත්‍යයකි. සේරුවිල දෙහිවත්ත හයේ ජනපදයේ සිරි වඩ්ඩනාරාමයේ විහාරාධිපති හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා තෙනම මුහුණ දී සිටින ඉරණම රටේ පොදු තත්වය නොවන බව සත්‍යයකි. උන්වහන්සේලා මුහුණ දී සිටින ඉරණම උන්වහන්සේලාට පමණක් උරුම වූ ඉරණමක් ද නොවේ. මෙබදු ස්ථාන, ගම්මාන අප රටේ කොතෙකුත් තිබේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශයින් ම වැදගත් ය.

ඉහත විහාරස්ථානයේ මාස තුනකට පෙර කාලයේ සිට විදුලිය විසන්ධි කර ඇති බවත් හිඟ මුදල රුපියල් ලක්ෂ 5ක් පමණ වන බවත් විහාරාධිපති හිමියෝ පවසති. සැබැවින්ම පන්සල් නඩත්තු කිරීම දායකයන්ගේ වගකීමකි. යුතුකමකි. බොහෝ දුෂ්කරතා විඳ දරා ගනිමින් වුවද උන්වහන්සේලා එම විහාරස්ථානයේ වැඩ සිටිති. එමඟින් එම දායකයන්ගේ ආගමික කටයුතුවලට පහසුවක් ලැබී තිබේ. අවම වශයෙන් මියගිය ඥාතියකුට පාංශුකූලය දීමට හෝ උන්වහන්සේලා වැඩ සිටිති. එහෙත් එම දායකයන්ට එම පන්සල නඩත්තු කළ නොහැකි ය. ඒ, ඒ සඳහා ඔවුන්ට වත්කමක් නොමැති හෙයිනි. අපට පෙනෙන ආකාරයට එම දරිද්‍රතාව ඔවුන්ගේ දරිද්‍රතාව නොව මුළු රටේ ම ඇති දරිද්‍රතාව වේ. ආර්ථිකය නගා සිටුවන වැඩසටහනේ දී මෙබඳු හුදකලා ගම්බිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.

(***)



අදහස් (0)

සේරුවිල දෙහිවත්ත ජනපදය රටට කියන පණිවිඩය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ශ්‍රී ලංකා ණය අභියෝගය
2024 ජුනි මස 29 92 0

මහජන මුදල් රුපියල් කෝටි ගණනක් මහජන මුදල් වියදම් කොට ‘‘ආරංචිය සුබයි’’ යනුවෙන් පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය කොට ඉකුත් බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිං


අධිවේගියේ වංචනිකයන්ට නීතිය දැඩිව ක්‍රියාවට නංවමු
2024 ජුනි මස 29 102 0

අධිවේගයේ අධිවේගියෙන් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වා


අපේ කරුමේ අඬෝවැඩියාවයි
2024 ජුනි මස 28 186 0

ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ලාංකේය සිනමා


දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ
2024 ජුනි මස 28 128 0

මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ ‘සුබ ආරංචියක්’ එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ‘සුබ ආරංචි’ කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන


ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 28 91 0

පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී ත


ණය බරෙන් ගොඩ එන්න අලුත් බදු
2024 ජුනි මස 27 337 0

බදු පැනවීම් සම්බන්ධ කතා බහ සමාජය තුළ නැවත සාකච්ජාවට ලක්වෙමින් තිබෙන බව පෙනේ. මේ සම්බන්ධ මූලික සාකච්ජාවකට පෙර බදු ප්‍රතිපත්තිවල ආර්ථිකමය හා දේශපාලනමය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 409 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1515 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site