IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


සෝලා පාරාදීසය සිහිනයක්ද?

1990 ගණන්වල පැවැත්වූ සම්මන්ත්‍රණයකදී (එවකට විශාල තම සූර්ය බලශක්ති සමාගම්වලින් එකක් වූ) සෝලාරෙක්ස් හි සභාපති වූත්, සූර්ය බල ශක්තිය පිළිබඳ ඉදිරි දැක්මක් සතු වූත් ආචාර්ය භාර්වේ ෆොරස්ට්, සෝලා හෙවත් (සෝලා දෙව්ලොව) නම්වූ ස්ලයිඩයක් (විනිවිදකයක්) ප්‍රදර්ශනය කළේය.

 

වසර කිහිපයක් ඇතුළත වාර්ෂික සෝලා බලශක්ති ඒකක ස්ථාපිත කිරීම් මෙගාවොට් (GW)01 ක් දක්වා නැතහොත් මෙගා වොට් (MW) 1000ක් දක්වා ඉහළ යන බව හෙතෙම පුරෝකථනය කළේය. එය ඔහු  (Solar Heaven) සෝලා හෙවන් යනුවෙන් නම් කළේය. එම ධාරිතාවේදී සිලිකන් නිෂ්පාදනය උදෙසා කරන ආයෝජන ඉහළම ශාක්‍යතාවකින් සිදුවන බව ඔහු කියා සිටියේය. ඒ ඔස්සේ සූර්ය බල ශක්තිය අර්ධ සන්නායක කර්මාන්තය මත රඳා පැවැත්මෙන් නිදහස් වනුයේ එහි ප්‍රධාන අමුද්‍රව්‍ය සිලිකන් බැවිනි. මේ ඔස්සේ පිරිවැය පහළ වැටෙනු ඇත. ඉල්ලීම උත්තේජනය වෙමින් ආයෝජන වැඩි වැඩියෙන් සිදුවන චක්‍රීය රටාවකට අනුගත වී තව තවත් ආයෝජන වැඩි වෙමින් පිරිවැය අඩු වී ඒ හේතුවෙන් නැවත ආයෝජන වැඩි වී පිරිවැය අඩු වනු ඇත. එහිදී ගෝලීය පරිමාණයෙන් නිදහසේ වර්ධනය වන කර්මාන්තයක් බවට මුළුමනින් එය පරිවර්තනය වනු ඇතැයි ඔහු කියා සිටියේය.

ඔහු නිවැරදිය. ඔහුටත් සිතාගත නොහැකි අයුරින් සූර්ය බලශක්ති භාවිතයේ විභවතාව ඉක්මවායන වර්ධනයක් දක්නට ලැබිණි. සමස්ත ගෝලීය සූර්ය බල ශක්ති ස්ථාපිත කිරීමේ 2024දී ගිගා වොට් (GW)2000 ඉක්මවා යතැයි බලාපොරොත්තු වූයේ 2023 වසරේදී පමණක් ගිගා වොට් (GW) 447ක ස්ථාපිත කිරීම් සිදුවීමත් සමගය. අද වනවිට අවම පිරිවැයෙන් යුක්ත නව බල ශක්ති සංස්ථාපන මූලාශ්‍රය සූර්ය බලශක්තිය (සෝලා) බවට පත්ව තිබේ.

මෙම දැවැන්ත සංක්‍රාන්තිය ඔස්සේ සෝලාරෙක්ස් සමාගමද අතු ගෑවී ගියේ එයද අනෙකුත් සියලු පුරෝගාමී සෝලා සමාගම් මෙන් ඛනිජ තෙල් කර්මාන්ත හිමි සමාගමක් වූ බැවිනි. ඒ ඔස්සේ සෝලා උදෙසාම කැපවූ ප්‍රවේගවත් සෝලා කොම්පැණිවලට මග එළිපෙහෙළි වූයේය. එවායින් වැඩි හරියක් චීන සමාගම් විය. මුල් කාලීන වර්ධන කටයුතු බොහොමයක් ඉටු කළේ තෙල් කොම්පැණිවලින් වුවද ගෝලීය වශයෙන් දැවැන්ත මට්ටමකට ඒවා ළඟා වුවද එම කර්මාන්තය දිශාගත වී තිබුණේ කුමන දිශාවටද යන්න වටහාගැනීමට ඔවුහු අසමත් වූහ. පාලනය කිරීම කැණීම, පිරිපහදුව හා සීමිත සම්පත් බෙදා හැරීම යන අංශ වලින් සමන්විත ඔවුන්ගේ ව්‍යාපාර මොඩලය, සැමදෙනා හට හැම තැනට නොමිලේ, අසීමිතව තිබූ සූර්ය බලශක්තිය සමග ගැළපුණේ නැත.

ශ්‍රී ලංකාවේ මෙම කර්මාන්තයේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ සමාගම් දෙකක් විසිනි. එකක් විශාල සමූහ සමාගමක (ගෲප් එකක) එක් කොටසකි. අනෙක තරුණ ව්‍යවසායකයන්  තිදෙනකු විසින් අලුතෙන් ආරම්භ කළ සමාගමක් විය. මම එම තිදෙනාගෙන් එක් අයෙක් වූයෙමි.

පළමු වරට මිලියන භාගයක් ජනයාට විදුලිබලය ලැබිණි.

මෙම කොම්පැණි දෙක අනුගමනය කළේ එකිනෙකට වෙනස් උපාය මාර්ගයි. එකක් විශාල මූල්‍යාධාරව්‍යාපෘති මත ක්‍රියාත්මක වූ අතර අනෙක් පාරිභෝගික සිල්ලර වෙළෙඳපොළේ ක්‍රියාත්මක විය. මුල් දිනවල මුල්‍යාධාර ව්‍යාපෘති කිහිපයක් සිදු කළ අතර රජය සහයෝගය දුන් ණය යෝජනා ක්‍රමයක් ඔස්සේ සිල්ලර වෙළෙඳ පොළ විස්තාරණය වූයේය. පළමු වරට මිලියන භාගයක් ජනයා හට විදුලි බල පහසුකම් ලබා දෙමින් නිවාස 150,000කට සූර්ය බල ශක්තිය භාවිතයට ඉඩ ලැබිණි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පළ දැරුවේ ලෝ පුරා ඒ හා සමාන ව්‍යාපෘතිවල නවීකරණය සහ හොඳම පිළිවෙත් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර මොඩල වර්ධනය කර ගැනීමෙනි.

ක්‍රියාකාරීත්වයෙන් සමන්විත කුඩා කණ්ඩායමක් විසින් යෝධ බල ශක්ති උපයෝගිතාවට එරෙහිව භාණ්ඩාගාර නිලධාරින් එක්ව කටයුතු කරමින් සෝලා නිල මිනුම් (Solar net Metering) හඳුන්වා දුන් අවස්ථාවේ මෙම කර්මාන්තයේ අති විශාල වෙනසක් සිදුවිය. ශ්‍රී ලංකා රජයේ අයවැය හරහා ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ ඔස්සේ ලංවිම, මෙන්ම LECO සමාගමද තම විදුලිබල ජාල පද්ධතියට පියසි මත සූර්ය බල ශක්තිය එක් කර ගැනීමට යොමු වූයේය. මේ ඔස්සේ පරිභෝජනය ඉහළින් සිදුකරන පාරිභෝගිකයන් පරිභෝජනය සිදු කරමින් නිෂ්පාදනයද සිදු කරන්නවුන් බවට පත් කරනු ලැබීය. තමන්ගේ පියසි මත ඉදිකරන සූර්ය බල පද්ධතියකට ඔවුන් කරන ආයෝජන වියදම වසර හතරකින් පියවා ගැනීමට හැකි අයට මේ සඳහා දොරටු විවර විය. Net accounting සහ net plusයන ක්‍රම හඳුන්වාදීමත් සමඟ මෙම කර්මාන්තය තවදුරටත් හඳුන්වා දීමත් සමග මෙම කර්මාන්තය තව දුරටත් වැඩි දියුණු විය. ඒ ඔස්සේ නිවෙස් හිමියන්ට ඔවුන්ගේ පියසි මතවූ සෝලා පැනල මගින් මුදල් උපයා ගැනීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය.

අද වනවිට ශ්‍රී ලංකාවේ පියසිමත සූර්ය බලශක්ති ස්ථාපනය මෙගා වොට් 1200 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒවායින් වාර්ෂිකව ගිගාවෝට් Gwh 1600ක් උත්පාදනය වේ. වික්ටෝරියා වැනි දැවැන්ත ජල විදුලි බලාගාරයකින් උත්පාදනය වන GWH 600හා සසඳා බැලූ විට මෙය සැලකිය යුතු තරම් බල ශක්ති උත්පාදනයකි. මෙම කර්මාන්තයේ සමාගම් 300ක් පමණ පවතින අතර එම ශ්‍රම බළකාය 20,000කි. එවායේ පාරිභෝගික පදනම 40,000කගෙන් පමණ සමන්විත වන අතර මූල්‍ය ආයතන සෝලා (සූර්ය ශක්තිය සඳහා) ණය නිකුත් කිරීමට දැන් හුරු පුරුදු වී සිටී. අපි දැන් වර්ධනය වන කර්මාන්තයට අවතීර්ණය වී සිටිමු.

අප සිටින්නේ සෝලා දෙවි ලොවකද?

තවම එසේ සිදුවී නැත. මෙම කර්මාන්තය ජාල සම්බන්ධතා උදෙසා අනුමත කිරීමේ ක්‍රියා පිළිවෙළේ මන්දගාමී බව, නිසා සීමාකරණයන්ට ලක්ව ඇත්තේ පාරිභෝගිකයන් හා ඒවා ස්ථාපිත කරන්නන් සිත් තැවුලට පත් කරමිනි. සමහර ප්‍රදේශවල සූර්ය බල ශක්තියේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවී ඉහළ වෝල්ටීයතාවකින් යුතු බල ශක්ති ජනනයක් සිදු වන අතර මෙකී අතිරික්ත බලශක්ති අවශෝෂණය කර ගැනීමට ජාලය අසමත්වී තිබේ. මෙම තත්වයට පත්වූ විට දැනට තිබෙන සූර්ය බලශක්ති උත්පාදක තාවකාලිකව නිවා දමා පොදු භාවිතාව සඳහා වූ නව සූර්ය ශක්ති සම්බන්ධතා විසන්ධි කර දමා, විශාල සූර්ය බලශක්ති ඒකකද තාවකාලිකව නිවා දමන ලෙස දන්වනු ලැබේ. මෙම තත්වය වර්තමානයේ මෙරට ඇතැම් ප්‍රදේශවල උද්ගතවී තිබේ. කෙසේ වුවද මෙම තත්වයට විසඳුමක් ගෙනදුනහොත් එය මෙම කර්මාන්තයේ වර්ධනයට බෑරෑරුම්ව අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ.

දී ඇති වගුවේ අපගේ වර්තමාන උත්පාදන ධාර්තාවේ සාරාංශයක් ඉදිරිපත් කර ඇත.

උත්පාදනය සඳහා ඉහළම පිරිවැය වැය වන්නේ දැවුම් තෙල්වලින් ලබා ගැනීමේදී වන අතර කිවොපැ /kwh එකකට ඒ සඳහා යන වියදම රු. 57.30කි. අපි වාර්ෂිකව ඒ සඳහා රුපියල් බිලියන 143ක් පමණ වැය කරමින් සිටිමු. (2500 Gwh x 57.30) පියසි මත සූර්ය බල ශක්ති උත්පාදනය ඔස්සේ ගිගා වොට් Gw 1.7ක් ධාරිතාවක් එක් කළහොත් අපට මුළුමනින්ම දැවි තෙල් භාවිතය ඉවත්කොට ඒ සඳහා සූර්ය බල ශක්තිය යොදා ගත හැකිය. ඒ ඔස්සේ අපට වාර්ෂිකව රුපියල් බිලියන 32.5ක් ඉතිරි කර ගත හැකිය. කෙසේ වුවද අප මේ ධාරිතාව එක් කරන සෝලා බලශක්ති යන්ත්‍ර සහ සුළං බලශක්ති මිශ්‍ර කරගතහොත් වාර්ෂිකව ඉතිරිවන මුදල රු. බිලියන 100කි. (143 - 2500 x 18.40) එවැනි ඉතිරි කිරීමක් කළහොත් වර්තමානයේ පවතින විදුලි බලශක්තියේ මිල, රු 34/ kwhසිට රු- 26/ kwh දක්වා අඩුකර ගත හැකිය. එවිට ආසියාවේ අවම විදුලි මිල වන්නේ මෙරට මිලයි. මෙම තත්වය අපගේ සියළු කර්මාන්ත උදෙසා ධනාත්මක ලෙස බලපාන අතර එය අපගේ සියලු ක්‍රියාකාරකම් උදෙසා සිදුකරන සියලු ආයෝජන වලට මහත් දිරිමත් කිරීමක්වෙයි.

එම කාර්ය කිරීම සඳහා ඊට අදාළ බලධාරීන් තමන්ගේ චින්තනයේ මූලික වෙනසක් සිදුකළ යුතුවේ. තමන් මෙහෙයුම් කරන ක්‍රමයේ මූලික වෙනසක් සිදුවූ බව ඔවුන් වටහාගත යුතු අතර, ඒ ඔස්සේ ශීඝ්‍ර වේගයකින් වෙනස්විම අඛන්ඩවම සිදුවනු ඇත. කුඩා සූර්ය බල ශක්ති උත්පාදක දහස් ගණනක් මධ්‍යම ප්‍රමාණයේ සූර්ය බලශක්ති උත්පාදක සිය ගණනකින් නව සුළං හා ජලවිදුලි බල උත්පාදක විශාල බලශක්ති ඒකක කිහිපයක්ද රටපුරා විසිර පවතිද්දී රට පුරා ස්ථාවර බලශක්ති සැපයුමක් සිදුවේ.

එය බලශක්ති පද්ධතියේ නම්‍යතාව ඉල්ලා සිටීමකි. අපගේ බලශක්ති බලධාරීන් ප්‍රතික්ෂේප කරන්නේද එයමය. සැලසුම් කිරීම අසමත් වීමම අසමත් වීමට කරන සැලසුමකි.

බලශක්ති පද්ධතියේ නම්‍යතාව යනුවෙන් අදහස් කෙරෙන්නේ, එකිනෙකට වෙනස් පැතිරී ගිය බොහෝ අන්තර් මූලාශ්‍ර වෙතින් විදුලි බලය අවශෝෂණය කරගෙන එම බලශක්තිය බෙදා හැරීම හා ගබඩා කර ගැනීම කළහැකි විදුලිබල ජාල රටාවක් ගොඩනැගීමය. මෙම විදුලිබල උත්පාදනය ඒකක ඉදිකිරන ආයෝජකයන් දිරි ගන්වන අනුමතකිරීමේ ක්‍රමවේදයක් විධිමත්ව සැකසීම යන්නද එයින් අදහස් වේ.

මේ වනවිට විශාල බලශක්ති ජනන කම්හල් සඳහා අනුමැතිය දීමට අවුරුදු ගණන් කල්ගතවන අතර පියසි මත සෝලා ඒකක සඳහා අනුමැතිය දීමටද මාස ගණන් කල් ගතවීමට ඉඩ තිබේ. පියසි මත සෝලා උත්පාදක ස්ථාපනය කිරීමට දෙන අනුමැතිය ක්ෂණිකව ලැබිය යුත්තකි. කිවො 2 සිට 4 දක්වා වූ උත්පාන පද්ධතියක් අනුමත කරවා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ඔබේ නිවසේ වායු සමනය යන්ත්‍රයක් සවි කර ගැනීමට බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා සිටීම තරම්ම වූ විහිලුවකි. මෙම ක්‍රියාදාම කෙටි ඒවා බවට පත් කොට සූර්ය බල පද්ධති ස්ථාපනය කිරීමට දෙන අනුමැතිය කඩිනම් දීමට බලධාරීන් උත්සුක විය යුතුය.

බැටරි තුළ ගබඩා කර ගැනීම

බැටරිවල සූර්ය බලය ගබඩාකර ගැනීමද දැන් කළ හැකිවන අතර පාරිභෝගිකයන්ට දිවා කාලයේ සූර්ය ශක්තිය බැටරිවල ගබඩා කර ගෙන රාත්‍රියේ භාවිතා කළ හැකිවේ. ඒ මාසේ අපට අමතර ගිගාවොට් 1.7ක් අවශ්‍යයි සැලකුවහොත් බැටරි තුළ මො.වො. පැය /Mwh 700ක් කබඩා කර ගැනීමට අවශ්‍ය වේ. එම ගබඩා කරණය උදෙසා කි.වො. පැයකට අමතර රු. 200ක් වැයවේ. එහිදී දැනට පවතින 18.36සිට රු. 20.45 දක්වා පිරිවැය වැඩි වුණද එහිදීද දැවිතෙල් දහනයෙන් උත්පාදනය වන බල ශක්තියට යන වියදමට වඩා එම වියදම අඩුය. අනාගතයේදී දැඩි ආතති විදුලි මාර්ග හේතුවෙන් ඉතිරිවන වියදම් නිසා මෙහිදී වැයවෙන අමතර ආයෝජනය සාධාරණීකරණය කළ හැකිවේ.

සුර්ය බල ශක්තිය සමග සංයෝග වූ වාරිමාර්ග, නිවාස ආදි නවීකරන ව්‍යාපෘති ඔස්සේ නව මුල්‍ය කරන බොඩලයන් ගොඩනැගීමට අවකාශ සැලසේ. එහි සූර්ය බලශක්ති සඳහා ආයෝජන සිදු කිරීමට සමුපකාර සහා ප්‍රජා ජාල රටා දිරිමත් කෙරේ. තරගකාරී ලංසු වලින් ගොඩ නැගෙන ව්‍යාපෘති වලට වඩා නොඉල්ලූ යෝජනා යනුවෙන් හැඳින්වෙන ව්‍යාපෘති බොහෝ සෙයින් වියදම් කාරි විය හැකිය. අපගේ දැවිතෙල් වලින් බල ශක්තිය උත්පාදනය කරන බලාගාරයක් වඩාත් වියදම් කාරි වන අතර දිනපතා එවාට රුපියල් මිලියන 400 බැගින් වැයවේ. Gw 1-7ක සුර්ය ශක්තිය කඩිනමින් එක් කරන ව්‍යාපෘතියක් අපට රු. මිලියන 260ක් පමණ දිනකට එයින් ඉතිරි කරගත හැකිවේ.

 

(***)
2024 ඔක්. 15 Daily FTපළවූ
One thousand megawatts of rooff tops Solar heaven?
ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

සෝලා පාරාදීසය සිහිනයක්ද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෝලා පාරාදීසය සිහිනයක්ද?
2024 ඔක්තෝබර් මස 23 1037 0

1990 ගණන්වල පැවැත්වූ සම්මන්ත්‍රණයකදී (එවකට විශාල තම සූර්ය බලශක්ති සමාගම්වලින් එකක් වූ) සෝලාරෙක්ස් හි සභාපති වූත්, සූර්ය බල ශක්තිය පිළිබඳ ඉදිරි දැක්මක් ස


වෙළෙඳපොළ ගසාකන මාෆියාව
2024 ඔක්තෝබර් මස 23 306 0

මේ දිනවල සමහර පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වෙනස් වන ආකාරය ‌බොහෝ දෙනකුගේ විමතියට හේතුවී ඇති බව පෙනේ. රජය පත්වූ වහාම බිත්තරවල මිල ගණන් අසාමාන්‍ය ලෙස පහත වැ


වනජීවී තෙවැනි ඇසෙන් අංක එකට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයෙක්
2024 ඔක්තෝබර් මස 23 1855 0

නර්තනය සංගීතය චිත්‍ර කලාව නිර්මාණාත්මක හැකියාවන්ගෙන් සපිරි නිර්මාණකරුවන් මේ පුංචි ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනෙන්නට ඉස්මතු වේ . ලන්ඩනයේ පැවැති ඡායාර


ලංකාවේ ණය අර්බුදයේ හෙට දවස
2024 ඔක්තෝබර් මස 22 653 2

වර්තමානයේදී යළිත් වරක් රජයේ ණය ගැනීම් පිළිබඳ කතාබහක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම මෑතකදී බලයට පත්වූ ආණ්ඩුව පසුගිය දෙසතිය තුළ දේශීය වෙළෙඳපො


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 997 2

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඊශ්‍රායල උණ්ඩයෙන් එලොව ගිය හමාස් නායකයා
2024 ඔක්තෝබර් මස 19 1702 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට සමත් විය. එය හමාස් සටන්කාමීන්ට එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site