IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සී.අයි.ඩී යේ කීර්තිනාමය පළුදු වූවාද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය බරපතල ලෙස පළුදු වී තිබේ. මෙම තත්ත්වය විශේෂයෙන්ම දක්නට ඇත්තේ බටහිර රටවල් අතරය. පසුගිය වසර කිහිපයේ දී, පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්ම අංශය යැයි සලකනු ලැබිණ.  

එහෙත් මෙම ආයතනය කෙතරම් දුරකට දේශපාලනීකරණය වී ඇතිද යත්, එතෙක් තබාගෙන සිටි විශ්වාසනීයත්වය සහ ගරුත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අහිමි කරගත්තේය. පසුගිය වසර හතර හමාරක කාලය පුරාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටියේ මුල් පෙළ යැයි සදහන් වූ විමර්ශන කිහිපයක කටයුතු මෙහෙයවමිනි. නමුත් යතාර්ථය නම් එම විමර්ශන කි‍්‍රයාත්මක වූයේ පාලක පක්ෂයේ එදිරිවාදීන්ට එරෙහිව වීම විය.

ඉහළම පෙලේ යැයි සදහන් වූ මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක කැරුණු අතර, තවත් ඒවා දැන් විසිරුවා හැර තිබෙන මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ කි‍්‍රයාත්මක විය. අනතුරුව පැමිණියේ අපේ‍්‍රල් මස 21 වැනිදා පාස්කු ඉරිදා සංහාරයයි. 

එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පැහැදිලි ලෙස චෝදනා ගොනු කැරෙන බවක් දැකගත හැකිවූයේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ මෙම ප‍්‍රහාරය හා අයිඑස් ත‍්‍රස්ත සංවිධානයේ කිසිදු සබදතාවයක් නොමැති බවය. නමුත් පැහැදිලිව වාර්තා කර තිබූ කාරණය වූයේ පාස්කු ඉරිදා සංහාරය හා අයිඑස් සංවිධානය එකිනෙක බැදී තිබෙන බවය. කොටින්ම, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි එහිලා දැරුවේ එකම අදහසය. 

අයිඑස් සහාය ලබන ත‍්‍රස්ත කටයුතු සහ වෙනත් කණ්ඩායම් මර්දනය කිරීම සදහා ඩොලර් ලක්ෂ 500 ක මුදල් ප‍්‍රමාණයක් වෙන් කිරීමට ඉන්දියාව පියවර ගත්තේ ද මේ නිසාමය.

ඇතිකරගත් එකගතාවයක් අනුව හෝ වෙනත් කාරණයක් නිසා හෝ පවසා සිටින්නට ඇති වුව ද, ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය කර තිබෙන ප‍්‍රකාශයන් දෙක, එකක් ඇයගේ තානාපතිවරයා හමුවේ සහ අනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ, අදාළ වන්නේ සිදුව ඇතැයි කියන පැහැරගැනීමට පමණකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සිටින්නේ මෙම පැහැරගත් බව කියන සිදුවීම අරබයාය. 
ශී‍්‍ර ලංකා පුරවැසියෙකු වන බැවින් ඇයට තානාපති විනිර්මුක්තිය හිමි නැත. එනිසා පොලිස් විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවක ප‍්‍රකාශයක් ලබාදීමේ දී වෙනත් සාමාන්‍ය පුරවැසියන් හා සමානව අවසානයේ එම ප‍්‍රකාශය සත්‍ය බවට අත්සන යොදා සහතික කළ යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් පවතින්නේ උහතෝකෝටිකයකි.

කුමන හෝ ආකාරයකින් අනුබල දී තිබෙන්නට ඇති නිසා හෝ ඇතැම් විට තවදුරටත් චෝදනාවලට ලක්වීමේ නොවුවමනාව නිසා හෝ, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ශී‍්‍ර ලංකාව අතහැර ස්විට්ටර්ලන්තය බලා ගිය සිදුවීම ග‍්‍රානියර් බැනිස්ටර්ගෙන් ප‍්‍රධාන ප‍්‍රශ්න කිරීම්වල දී ඉස්මතු නොකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂකයින් කටයුතු කර තිබෙන බවක් පෙනේ. ඔවුන් එසේ කළේ නම්, පිළිතුරු නොමැති ගැටළු කිහිපයකටම පිළිතුරු සොයාගන්නට හැකිව තිබුණි. 

කෙසේවුවත් ප‍්‍රශ්න කිරීම්වල දී, ඇය සහයෝගයක් නොදක්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කළේය. නිශාන්ත ද සිල්වා සම්බන්ධයෙන් ඇයගෙන් ප‍්‍රශ්න කළේ නම්, ස්විස් රැකවරණය ලබාගැනීමට ඔහු කළ ඉල්ලීම කොපමණ නම් කාලයක් සැළකිල්ලට ගැනෙමින් තිබුණේ ද, ඔහුට උපකාර කළ පාර්ශවයන් කවරේ ද, සහ ඔහු හා සබදතා පැවැත්වූ අයවලූන්ගේ දුරකතන අංක ආදී තොරතුරු අනාවරණය කරගන්නට හැකිව තිබිණ. සිය ජංගම දුරකතනය ස්විස් තානාපති කාර්යාලයේ තිබෙන බව ග‍්‍රානියර් විමර්ෂකයින් හමුවේ පවසා තිබේ. 

සේවිකාවක් ලෙස ඇය සිය සේවා යෝජකයින්ට ලබා දී තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමේ පොරොන්දුව කඩකළ යුතු බවක් මෙයින් කිසිදු ලෙසකින්වත් අදහස් නොකෙරේ. මෙම කාරණා විමර්ෂකයින්ට ඔවුන් හමුවේ තිබෙන ගැටය ලිහාගැනීම සදහා මහත් සහයකි.

ඇත්තෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් වත්මන් රජයට ද, ගැටළුකාරී සහ වියවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කර දී තිබෙන්නේ මෙම කාරණයමය. පසුගිය රජය සමයේ බලයේ සිටියවුන් ඔවුන්ගේ බලය මේ යැයි පෙන්වීම සදහා භාවිතා කළේ මෙම දෙපාර්තමේන්තුවයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිම කෙනෙක් දැනගන්නේ නැතිව ප‍්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා ශී‍්‍ර ලංකාව අතහැර ගියේ කොහොම ද? නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් විමසුවේ ය. 

ඔහු මෙම අදහස් දැක්වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස පත්කිරීමට සුදුසු උසස් පොලිස් නිලධාරියෙක් රජය සොයමින් සිටින පසුබිමකය. 

වර්තමානයේ එහි ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඔහුට ලැබුණු වසරක සේවා දිගුවක් ද අවසානයේ මෙම මස විශ‍්‍රාම යෑමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස ඔහුව පත් කෙරුණේ පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේදීය. ඒ බැංකොක් හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියෙක් ලෙස ඔහු ආන්දෝලනයට තුඩුදුන් කාර්යයක් අවසන් කළායින් පසුවය.

බර්න් නුවර සහ කොළඹ අතර ගැටුම් ඇවිලීමට තුඩු දී තිබෙන ප‍්‍රධාන කාරණයක් වන්නේ ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමිකාවයි. එය විශේෂයෙන්ම ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස තානාපති කාර්යාල නිලධාරිනියට බල කැරුණු අවස්ථාවලය. 

මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා වලින් පසුව එම ප‍්‍රකාශය කරන අවස්ථාවේ තානාපති කාර්යාලයේ නිලධාරිනිය අසළ ඇය නියෝජනය කරන නීතිඥවරයෙක්ට රැදී සිටීමට අවස්ථාව සළසා දීමට සහ ප‍්‍රකාශය කරන ඇයට මදක් දුරින් තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුට අසුන්ගෙන සිටීමට අවස්ථාව සළසා දීමට එකඟතාවය පළවිය. තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනාට අසුන් පැනවෙනු ලැබුණේ ඇයගේ ප‍්‍රකාශයට සටහන් කරගන්නා බව පෙනෙන, නමුත් ඇය පවසන්නේ කුමක්දැයි නොඇසෙන, දුරකිනි. 

ප‍්‍රකාශය සටහන් කරගැනීමෙහි ලා කිසිදු විනිවිදභාවයක් නොතිබුණේ යැයි සහ අවිධිමත් ආකාරයට එම කටයුතු සිදුවුනේයැයි නැගිමට ඉඩ තිබූ චෝදනාවලට තිත තැබීම අරමුණු කරගනිමින් ශී‍්‍ර ලංකා රජය මෙම කි‍්‍රයාමාර්ගවලට එකග විය.

දෙසැම්බර් මස 16 වැනිදා වන විට මෙම පැහැරගැනීමට අදාළ කාරණා සමථයකට පත්කරන ලෙස කළ ඉල්ලීම ඒ අනුව පිළිනොගැනීම නිසා බර්න් නුවර සිටියේ අතිශය කෝපයට පත්වය. එදිනම ඔවුහු දැඩි ප‍්‍රකාශයක් නිකුත් කළහ. පැහැරගැනීමක් සිදුව තිබෙන බව කියන මෙම සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු ශී‍්‍ර ලංකා රජය මෙහෙයවමින් සිටින ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට විශ්වාසයක් නැති බව එයින් පැහැදිලිව අගවා තිබිණ.

ස්විට්සර්ලන්ත ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය මෙසේය.

සාවද්‍ය ප‍්‍රකාශයන් කළේ යැයි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාරණය ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතුවල දී අපගේ සේවිකාවගේ පෞද්ගලික අයිතීන්, ශී‍්‍ර ලංකාවේ නීතිය සහ අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන්ට යටත්ව වඩා හොදින් තහවුරු කරන ලෙස ශී‍්‍ර ලංකාවේ නීති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව සහ කොළඹ ස්විස් තානාපති කාර්යාලය සේවා යෝජකයෙක් ලෙස ඉදිරියටත් මෙම කාර්යමණ්ඩල සාමාජිකාව වෙනුවෙන් වන වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට කටයුතු කරනු ඇත.

තානාපති කාර්යාලයට අදාළ තොරතුරු බලහත්කාරයෙන් ලබාගැනීම සදහා තමාව 2019 නොවැම්බර් මස 25 වැනිදා කොළඹ දී පැහැරගත් බවට ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශී‍්‍ර ලංකා කාර්යමණ්ඩලයට අයටත් මෙම සේවිකාව වාර්තා කර තිබේ. අනතුරුව එළැඹි කි‍්‍රයාවලීන්වල දී වින්දිතයා මෙන්ම ස්විස් තානාපති කාර්යාලය ද ශී‍්‍ර ලංකා බලධාරීන් සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කළේය. නිසි කි‍්‍රයාමාර්ගයන් අනුගමනය කරන ලෙස ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නැවත නැවතත් ඉල්ලා සිටියේය. 

විශේෂයෙන්ම, අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව නොසළකා දින 3 ක් පුරා පැය 30කට ආසන්න කාලයක් මුලූල්ලේ මෙම සේවිකාවගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සහ විමර්ශන අවසන්වීමටත් පෙරම ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇයගේ ප‍්‍රකාශය ගැන ප‍්‍රශ්න කිරීම, ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව විසින් දැඩිව විවේචනය කර ඇත.

මෙම සේවිකාව අත්අඩංගුවට ගෙන තිබෙන බැවින්, ඇයගේ අයිතීන් වඩා හොදින් සුරක්ෂිත කැරෙන බව සහිත කිරීම සදහා රටේ නීතිය සහ අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් ප‍්‍රකාරව අදාළ බලධාරීන් කටයුතු කරනු ඇති බවට ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. සේවායෝජකයා ලෙස, ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව, මෙම සේවිකාවගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සළකා ඇය සම්බන්ධයෙන් පවත්නා අදාළ නීති යටතේ කටයුතු කිරීමට සහ අදාළ සැළකිල්ල ලබාදීමට කටයුතු කරන ලෙස ශී‍්‍ර ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 

මුල් තැන ලා සැළකිය හැකි සිදුවීමක් වන මෙය හමුවේ නීතිය රක්ෂා කරන රටක් ලෙස ශී‍්‍ර ලංකාවට තිබෙන ගෞරවය අනතුරේ තිබෙන බව පෙන්වාදීමට ස්විට්සර්ලන්තය කැමැතිය. හැකි උපරිම මට්ටමකට මෙම සේවිකාව වෙනුවෙන් සහාය ලබාදීමට කොළඹ ස්විස් තානාපති කාර්යාලය සහ ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

මෙම ගැටලූව විසදාගැනීමට පොදු සහ විධිමත් ක‍්‍රමයක භාවිතය අපේක්ෂා කරන බව ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශී‍්‍ර ලංකා බලධාරීන් වෙත නැවත නැවතත් දැනුම් දී තිබේ. 2019 දෙසැම්බර් මස 16 වැනිදා ශී‍්‍ර ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ සමග මුහුණට මුහුණ පැවැති හමුවක දී, ස්විස් තානාපතිවරයා මේ බව විශේෂයෙන්ම සදහන් කළේ ය.

ප‍්‍රකාශයේ ඇති විවාදාත්මක කාරණා

මෙම ප‍්‍රකාශයේ විවාදාත්මක මෙන්ම එකග විය හැකි කාරණා ඇත. 

විශේෂයෙන්ම, අදාළ සේවිකාව ප‍්‍රශ්න කර තිබෙන ආකාරය ගැන ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව කර තිබෙන සදහන, පැය 30කට ආසන්න කාලයක් දින 3ක් පුරා. ආදී ලෙස, අතිශයින්ම විවාදාත්මකය. 

තවත් වචනවලින් මෙය පැහැදිලි කළහොත්, කොළඹ සිට කිලෝමීටර 8114.31 ක දුරින් පිහිටි බර්න් නුවරට ශී‍්‍ර ලංකා රජය පවසා සිටින දේ පිළිබදව විශ්වාසයක් නැත. ග‍්‍රානියර් බැනිස්ටර් ප‍්‍රශ්න කිරීම් සදහා සුදුසු තත්ත්වයක පසුවන බවට නිර්දේශ කළේ සුදුසුකම් ලත් ශී‍්‍ර ලංකා වෛද්‍යවරුන්, මානසික වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතනයන්ය. ඒ, රටේ පවතින නීතිවලට යටත්වය. අන්තර්ජාතික නීති සැළකීමේ දී දශක ගණනාවක් පුරාම අනුගමනය කෙරෙන්නේ මෙම පිළිවෙතය. එනිසාම, මෙම පරිච්ඡේදය මත පමණක් නීතිය රක්ෂා කරන රටක් ලෙස ශී‍්‍ර ලංකාවට තිබෙන ගෞරවය අනතුරේ පවතින්නේ කෙසේ ද? විශේෂයෙන්ම මෙම ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සළකන විට?

අනෙක් අතට, විමර්ශන අවසන්වීමටත් පෙරම නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අවසන් නිගමනයන් ඉදිරිපත් කරමින් සිටීම සම්බන්ධයෙන් බර්න් නුවර පවසා තිබෙන දෙය නිවැරදිය. අන් කිසිවෙකට වඩා, එවන් කටයුතුවලින් සිදුවන්නේ රටේ නම කැතවීම පමණකි. දුර නොපෙනන ඇතැම් දේශපාලඥයින් අනුගමනය කරමින් සිටින්නේ ද, මෙම පිළිවෙතමය.

”මුල් පෙළ විමර්ශනයක් ආරම්භ වුනු පසු, වැදගත් පුද්ගලයින් එම විමර්ෂණය ගැන කියන්නේ කුමක් ද යන්න අප දැනගන්නේ පුවත්පත්වලින්. ඔවුන්ගේ ප‍්‍රකාශයන්වලින් අපි පිළිතුරු සොයාගන්නවා” යයි නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි බටහිර රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් පැවසුවේය. ගොඩක් වෙලාවට ඔබටම ළග, ඔබේම අය දැනුවත් කළ යුතු කාරණා ගැන, මේ වගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ සිදුකෙරෙන්නේ නැහැ, එම රාජ්‍ය තාන්ති‍්‍රකයා වැඩිදුරටත් කීවේය. 

ඉහත කාරණය සැළකීමේ දී, බර්න් නුවර වටහාගෙන ඇත්තේ අදාළ නිලධාරියා විමර්ශන කටයුතු කි‍්‍රයාත්මක කරන අතරම ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දැක්වීමක් ද, සිදුකර තිබෙන බව යැයි ඔහු පැහැදිලි කළේ ය.

තානාපති හෑන්ස් පීටර් මොක් පසුගිය සදුදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. එළැඹි දිනයේ දී පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ ජනපතිවරයා ඔවුන් හමුවේ, පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සිදුකර තිබෙන පැමිණිල්ල සාවද්‍ය පැමිණිල්ලක් බව තමා ස්විස් තානාපතිවරයාට දැනුම්දුන්නේ යැයි පැවසුවේය. 

විමර්ශන කටයුතුවල දී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලයට ස්තූති කළ බව ද, විමර්ශන කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් සහ එවැනි සිදුවීමක් කිසිදු ලෙසකින්වත් සිදුව නොමැති බවට තාක්ෂණික සාක්කිවලින් තහවුරු වී තිබෙන ආකාරය යනාදිය සම්බන්ධයෙන්ද තමා ස්විස් තානාපතිවරයා දැනුම්වත් කළ බව ජනපති ගෝඨාභය මහතා කීවේය. නීතිය රක්ෂා කරන රටක් ලෙස ශී‍්‍ර ලංකාවට තිබෙන ගෞරවය අනතුරේ පවතින බව දන්වා සිටීම සදහා තානාපති මොක් පසුගිය අගහරුවාදා නීතිපති දප්පුල ද ලිවේරා මහතාද, හමුවිය.

මේ සම්බන්ධයෙන් නිල මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කළ ජනපති ලේකම් කාර්යාලය එහි මෙසේ සදහන් කළේ ය.

දෙරටේම අභිවෘද්ධිය වෙනුවෙන් එක්ව වැඩකටයුතු කිරීමට අපි අපේක්ෂා කරමු. එපමණක් නොව දෙරට අතර පවත්නා මෙම නොසන්සුන්කාරී වාතාවරණය පිටුදැකීමට සහ ඇතිව තිබෙන සියලූම අනවබෝධයන් ඉවත් කිරීමටද අපට අවැසි බව ස්විස් තානාපතිවරයා සදහන් කළේ ය.

තානාපතිවරයාට පිළිතුරු දෙමින් ජනපති රාජපක්ෂ මහතා දියත් කර තිබෙන විමර්ශන දැනට අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය. 
”පැහැරගැනීමක් සිදුවූ බවට නැගී තිබෙන චෝදනාව සම්පූර්ණයෙන්ම ගොතන ලද්දක් බව දැන් පැහැදිලි ලෙසම සනාථව තිබේ. ඌ බර් සේවයෙන් ලබාගත් වාර්තා, දුරකතන සංවාදවලින් ලබාගත් වාර්තා සහ සීසීටීවී කැමරාවලින් ලබාගත් දර්ශන යනාදී සාක්කිවලින් මෙය සම්පූර්ණයෙන් තහවුරු කර ඇත. මා සහ මාගේ රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක වූ වෙනත් පාර්ශවයක බලපෑමට ඇතැම් විට මෙම තානාපති කාර්යාල නිලධාරිනිය නතුවන්නට ඇත” යයි ජනාධිපතිවරයා කීවේය. 

වින්දිතයන් බව පවසන පුද්ගලයින් මෙවන් ආකාරයකට කටයුතු කර තිබෙන්නේ ඇයි ද, යන්න පැහැදිලි නැති බව ජනපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ. මෙම කාරණය සම්බන්ධයෙන් පළමුවර දැනගත් අවස්ථාවේ දී ස්විස් තානාපති කාර්යාලය කටයුතු කළ ආකාරය පිළිබදව කිසිදු වරදක් තමා නොදකින බවද ජනපතිවරයා පැවසුවේ ය.

”ඒක සාධාරණයි. ඔවුන්ගේ කාර්යමණ්ඩලයේ සාමාජිකයෙක් අනතුරකට ලක්වෙලා සිටින අවස්ථාවක, තානාපති කාර්යාලය ඒ සදහා මැදිහත් විය යුතුමයි” 

ශී‍්‍ර ලංකා රජය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද, ජනපති ගෝඨාභය මහතා ස්විස් තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

දෙරටේම අභිවෘද්ධිය වෙනුවෙන් එක්ව වැඩකටයුතු කිරීමට අපි අපේක්ෂා කරමු. එපමණක් නොව, දෙරට අතර පවත්නා මෙම නොසන්සුන්කාරී වාතාවරණය පිටුදැකීමට සහ ඇතිව තිබෙන සියලූම අනවබෝධයන් ඉවත් කිරීමට ද, අපට අවැසි බව ස්විස් තානාපතිවරයා සදහන් කළේ යැයි, ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.

මෙම පසුබිම යටතේ විපක්ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙක් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද යන්න දැනගැනීම සදහා ස්විස් තානාපතිවරයා හා සම්බන්ධ විය. කොටින්ම, විපක්ෂයේ ප‍්‍රබල චරිත කිහිපයක්ම පසුගිය දිනවල මෙම සිදුවීම මුල්කර ගනිමින් රජයට එරෙහිව අදහස් දක්වමින් සිටියේ ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙක් හා කිසිදු අදහස් දැක්වීමක නොයෙදෙන ලෙස ස්විස් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් තමාට දැඩි උපදෙස් ලබා දී තිබෙන බව ස්විස් තානාපතිවරයා එම දේශපාලඥයාට පිළිතුරු ලෙස කීවේ ය.

මෙම සිදුවීමට පසුව ගොඩනැගෙමින් තිබෙන වාතාවරණය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් විශ්වාස කරන්නේ උද්ගතව තිබෙන තත්ත්වය සමනය කරගැනීමට ස්විස් බලධාරීන් කටයුතු කරමින් සිටින බවය. නමුත් මේ අරබයා අවධානයට ගතයුතුව තිබෙන බරපතල කාරණා කිහිපයකි. 

පසුගිය බදාදා පස්වරු 8.00 ට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු හා සමාන බලතල හොබවන, ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලර්වරයා වන ඉග්නේෂියෝ කැසිස් සමග අදහස් අදහස් හුවමාරුවක නිරත විය. එහිදී, සෑම ශී‍්‍ර ලංකා පුරවැසියෙක්ම රටේ කි‍්‍රයාත්මකවන නීති පිළිපැදිය යුතුව තිබෙන බව ගුණවර්ධන මහතා පැහැදිලි කළේය. ප‍්‍රකාශය සටහන් කරගැනීම සදහා අනුගමනය කැරුණු ක‍්‍රමවේදය මනා විනිවිදභාවයෙන් යුතු වූ බව ඔහු පෙන්වා දුන්නේය. 

දෙසැම්බර් මස 30 වැනිදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට තවත් කරුණු ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුවනු ඇත. නීතිය කි‍්‍රයාත්මක වීමට ඉඩ සළසා දෙනවා හැරෙන්නට අන් කළ හැකි කිසිවක් රජයට නොමැති බව ගුණවර්ධන මහතා කැසිස් සමග පැවසුවේය. තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගැනීම සම්බන්ධයෙන් පළවෙමින් තිබෙන මාධ්‍ය වාර්තා බර්න් නුවර අවධානය යොමුකළ අනෙක් කාරණය විය. එයට පිළිතුරු දුන් ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා, ලොව  ඕනෑම ස්ථානයක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයේ සිටින විට, එයට වුවමනා පරිදි මාධ්‍ය හැසිරවීම සදහා ඒ මත සීමා පැනවීමට හැකියාවක් නොමැති බවද පැහැදිලි කළේ ය.

නත්තල් දිනට ප‍්‍රථමයෙන් මෙම ගැටලූව විසදාගැනීමේ වුවනාවෙන් පසුවන චාන්සලර් කැසිස්, හිටපු තානාපතිවරයෙක් වන ජෝර්ග් ෆි‍්‍රයෙඩන් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇති බව ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය. අත්දැකීම් බහුල මෙම රාජ්‍යතාන්ති‍්‍රකයා යටතේ පැහැරගැනීමක් සිදුව ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් වඩා හොද පැහැදිලි කරගැනීමක් සිදුකරගැනීමට අවස්ථා ඇත, යැයි මේ සම්බන්ධයෙන් ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් විය. පසුගිය බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ෆි‍්‍රයෙඩන් සහ තානාපති මොක් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූහ. උපදෙස් ලබාගැනීම සදහා බර්න් නුවර බලා යාමට සිදුව තිබූ හෙයින් තානාපති මොක් වෙනුවට ෆි‍්‍රයෙඩන් කැටුව කොළඹ බලා පැමිණියේ ස්විස් තානාපති කාර්යාලයේ වෙනත් නිලධාරියෙක්ය.

ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මෙසේ සදහන් විය.

මෙම සිදුවීම ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශී‍්‍ර ලංකා කාර්යමණ්ඩලයට අයත් මෙකී සේවිකාවගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි ලෙසම බලපා තිබේ. සේවායෝජකයා ලෙස, ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සියලූම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ප‍්‍රමුඛත්වයෙහි ලා සළකයි. මෙය සැළකිල්ලට ගත් කැසිස් මහතා, ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයේ, මෙකී තානාපති කාර්යාල නිලධාරිනිය ද ඇතුළත්, සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව සහතික කෙරෙන බවට වගකීම ශී‍්‍ර ලංකා බලධාරීන් අත පවතින බව පෙන්වා දුන්නේ ය.

නඩුව විභාගයට ගැනෙන අතරවාරයේ, මෙකී සේවිකාව පූර්ව ර`දවා තබා ගැනීමකට අවස්ථාව සළසාදෙමින් මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කර තිබෙන නියෝගය සම්බන්ධයෙන් කැසිස් සිය කණගාටුව ප‍්‍රකාශ කළේය. එසේ කළේ එවැනි පියවරක් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් යහපත් නොවන බැවිනි. එනිසාවෙන්ම ඔහු, මානවවාදී පදනමක් මත, ඇය වඩා සුදුසු තැනකට - රෝහලක් වැනි, මාරු කරන ලෙස ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ ය.

අත්අඩංගුවට ගැනීමට පෙර බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවට ලක්විය. ඇයගෙන් ප‍්‍රශ්න කෙරෙන අතරවාරයේ බැනිස්ටර්ගේ නීතිඥවරයා ද, ඇය අසළම සිටියේ ය. 

තානාපති කාර්යාලයේ නිලධාරීහු දෙදෙනෙක් ඊට මදක් දුරින් අසුන්ගෙන සිටියහ. මහේස්ත‍්‍රාත්වරිය නිකුත් කර තිබෙන පූර්ව රඳවාතබා ගැනීමේ නියෝගය සැළකීමේ දී එය සම්පූර්ණයෙන්ම අධිකරණය අත තිබෙන දෙයකි. තානාපති කාර්යාලය සේවය කරන අයවලූන් සම්බන්ධයෙන් විශේෂ සැළකීමක් සිදුකළ යුතු බවට හෝ ඔවුන්ට මහේස්ත‍්‍රාත්වරයෙකු හෝ විනිසුරුවරයකුගේ නියෝගය යටතේ රැකවරණය සළසා දිය යුතු බවට හෝ කිසිදු නීතියක් ශී‍්‍ර ලංකාවේ නොමැත. 

රටේ අධිකරණ පද්ධතියට සාධාරණයක් වෙමින්, විමර්ශන කටයුතු සම්බන්ධයෙන් වන ඇතැම් කාරණා -අවසන් නිගමනය ගැන සදහන් කිරීමකින් තොරව, ගෙනහැර දක්වා ප‍්‍රකාශයක් නිකුත් කරන්නට රජයට හැකිව තිබූ අතර, එය ප‍්‍රඥාවන්ත පියවරක් වන්නට තිබිණ. නමුත් එය එසේ සිදුනොවිණ. එපමණක් නොව දෙපාර්ශවය එකිනෙකාට වාග් ප‍්‍රහාර එල්ල කරගන්නා තත්ත්වයකට තල්ලූ වනු ඇතැයි යන්න සැළකිල්ලට ගෙන ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයන්ට ද, රජය ප‍්‍රතිචාර නොදැක්වීය. මේ හමුවේ ඇතැම්හු නොසතුටට පත්වූහ. නැඟෙමින් තිබෙන පීඩනය හමුවේ ශී‍්‍ර ලංකාව දැඩි පිළිවෙතකින් මෘදු පිළිවෙතකට මාරු වෙමින් සිටින බව ඔවුන්ගේ අදහස විය.

කොළඹ සිය ස්ථාවරය වෙනස් නොකරයි

ස්විස් රජය නිකුත් කළ විවිධ ප‍්‍රකාශයන් හමුවේ වුව ද, කොළඹ මේ දක්වාම සිය ස්ථාවරය වෙනස් කරගෙන නොමැත. ඒ අනුව ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය නිසැක ලෙසම අධිකරණය හමුවට ඉදිරිපත් කැරෙනු ඇත. 

ඇයට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන ප‍්‍රධාන චෝදනා දෙකකි. එකක්, රජය කෙරෙහි අපකීර්තියක් ඇතිවන අයුරින් කටයුතු කිරීමය. අනෙක සාවද්‍ය සාක්ෂි නිර්මානය කිරීමය. දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ පවතින මෙම චෝදනා දඩුවම් ලබාදිය හැකි වැරදි වේ. මෙම චෝදනාවලට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව ග‍්‍රානියර් ෆ‍්‍රැන්සිස්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ප‍්‍රඥප්තිය (අයිසීසීපීආර්) යටතේ ද, චෝදනා ගොනු කිරීමට ඉඩ ඇත.

පෙර අවස්ථාවක මෙම තීරුවෙන් වාර්තා කළ ආකාරයට, ස්විස් විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශකවරයෙක් ද වන තානාපති මොක් පසුගිය වසරේ ඔක්තෝබර් අර්බුද සමයේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ, මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් එකිනෙකා හමුවෙමින් ඔවුන් අතර පණිවුඩ හුවමාරුවේ යෙදෙමින්, අතරමැදියෙක් ලෙස කටයුතු කළේය.

එසේ සාම දූතයෙක් ලෙස කටයුතු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙන්නේ හිටපු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බව සන්ඬේ ටයිම්ස් හට අද අනාවරණය කළ හැකිය. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර ඒ වෙනුවට රටේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ වරද ඔහු වටහාගෙන ඇත. පසුව මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එය පැහැදිලි ලෙසම ව්‍යවස්ථා විරෝධී බව ප‍්‍රකාශයට පත් කළේය. 

ඔක්තෝබර් ව්‍යසන සමයේ දී ජනපති සිරිසේන උදව්  ඉල්ලා සිටි දෙවන රාජ්‍ය තාන්ති‍්‍රකයා වන්නේ තානාපති මොක්ය. පළමුවැන්නා මෙම තත්ත්වය විසදා දීම සදහා මැදිහත්වන ලෙස ජනපතිවරයා කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම එයට හේතුවයි.

ඉදිරියට හෝ පසුපසට යා ගත නොහැකිව සිරව සිටින්නේ වුව ද, ශී‍්‍ර ලංකා රජය ස්විස් නාටකය වහාම විසදා දෙරට අතර සබදතා නැවතත් සාමාන්‍ය අතට හැරෙන බව සහතික කිරීමට කටයුතු කළ යුතුමය. බර්න් නුවර සහ කොළඹ මේ වන විට නිකුත් කර තිබෙන ප‍්‍රකාශයන්වලින් ඔවුන් අනුගමනය කරමින් සිටිනා ස්ථාවරයන් පැහැදිළිය.දෙරටක් අතර සබදතා නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි මට්ටමකට පලූදුවීමට මෙරට කාර්යමණ්ඩලයට අයත් සේවිකාවක් සම්බන්ධයෙන් වන මෙවන් සිදුවීමකට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය.

(ද සන්ඬේ ටයිම්ස් අනුග‍්‍රහයෙනි-පරිවර්තනය -කෝවිද ගුණසේකර )



අදහස් (3)

සී.අයි.ඩී යේ කීර්තිනාමය පළුදු වූවාද ?

CHANDA Saturday, 28 December 2019 05:09 AM

ලංකාවේ යුක්තිය පසිඳලන අධිකරණ ක්‍රියාවලින් තාම ක්‍රියාත්මක වෙන්නේ මූලධර්මවාදී කල්ලියකින්...

:       25       137

Janaka Saturday, 28 December 2019 11:56 AM

ඔක්කෝටම ඉස්සෙල්ලා ශ්‍රී ලංකා පොලිසිය සුද්ද කරලා ඉන්න ඕනේ. විශේෂයෙන්ම බොරැල්ලේ වංචා විමර්ශන කාර්යාංශය. පසුගිය කාලයේම නොයෙකුත් අසරණන මිනිසුන් බොරු චෝදනා දමා බන්ධනාගාර ගත කළා. අනේ අපොයි රටට ගිය කලක්

:       102       24

Kumar Saturday, 28 December 2019 04:18 PM

දැන් පොලිස් ලොක්කෝ දේශ පාලකයින්ගේ අතකොලු බවට පත්වෙලා.

:       0       154

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 32 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 44 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 100 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 39 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1527 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 699 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site