යලි අගමැති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහත්මා, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත්මා සමඟ කරන ලද දිගු සාකච්ඡාවකින් පසුව, ජාතිය හමුවේ දුන් පණිවිඩය කියවීම අපට මහත් දිරියකි.
අද, පොරොන්දු දෙන නොව පොරොන්දු ඉටුකරන යුගයක් වශයෙන් තමා විශ්වාස කරන බවටත්, යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය - සමාජ සාධාරණත්වය - සමානතාවය සහ වගකීම යන වටිනාකම් පහ මත පදනම් වූ වඩාත් යහපත් නව ශ්‍රී ලංකාවක් ඉදිරි මාස හැට (60) තුල ගොඩනැගීමට කැපවෙන බවටත්, ඔබ දෙපල ම එකඟව පොරොන්දු වී ඇත.
කායික, දෘෂ්‍ය සහ ශ්‍රව්‍ය හැකියාවන් සීමාවු පුරවැසියන් ගෙන් සමන්විත, ජනගහනයෙන් 20% තරමේ වන ශ්‍රී ලංකාවේ විශාලතම සුලුතරය නියෝජනය කරමින් මෙම ලිපිය ලියන අපි, ඔබතුමන්ගේ මෙම දැක්ම ප්‍රශංසා කරමු.
දෙන ලද මේ පොරොන්දුව පරිදි "සමානත්වය සහ සමාජ සාධාරණතාවය" මත පදනම් වූ වඩාත් යහපත් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම පිණිස, ඔබතුමන් ට සහාය වීම සඳහා අපට උපකාර කරන ලෙස, ඔබ සැමගෙන් අපි ආයාචනා කර සිටිමු.
සියලු දෙනා ඇතුලත් සමාන සමාජයක් කරා .......
අප දරන තනතුරු සහ අප සතුව පවතින දේ කුමක් වුවද, ‘හැකියාව’ යනු අප සියල්ලන්ට ම තාවකාලිකව ලැබී තිබෙන වත්කමක් පමනි.
තම හැකියාව දිගින් දිගටම එකම මට්ටමේ පවත්වාගෙන යාමට කිසිවෙකුටත් නොහැකිය.
ඒ නිසා ‘හැකියාව සීමිත වීම’ යන්නෙන් අදහස් කරන දෙය පිලිබඳව ලෝක මතය සහ අවබෝධය සීග්‍රයෙන් වෙනස් වී ඇත.
සියලු ජනතාවගේ ම ජීවන තත්වය සමාන ලෙස දියුණුකිරීම කෙරෙහි අද වැඩි අවධානය යොමුවී තිබේ.
එදිනෙදා කටයුතු ඉටුකිරීම අසීරු නොවන, සියලුදෙනා ඇතුලත් සහ සැමට පහසුවෙන් ජීවත් විය හැකි අයුරින් ප්‍රජාව සහ සමාජය පත් කිරීම ‘සදාචාරාත්මක සහ ආර්ථික යුතුකමක් සහ වගකීමක්’ ලෙස, අද ලෝක ප්‍රජාව පිලිගනී.
හෙට දින, ආකල්පමය - භෞතික සහ ගෘහනිර්මාන ශිල්පී අවහිර තුලින් පුරවැසියන් කොන් නොවිය යුතු බව ලොව පුරා දැන් දැන් වැඩියෙන් අවධාරනය කෙරේ.
රටේ වැඩිතම පුරවැසි සුලුතරය
වසර 30ක සන්නද්ධ ගැටුම්, අනතුරු, වියපත්වීම්, නානාවිධ බෙලහීන කරන රෝගී තත්ව සහ සැත්කම් හෝ අසනීප වලින් සුව ලැබීම හේතුවෙන් ඇවිදීම, දැතේ ග්‍රහණය, දැසේ පෙනීම, දෙකනේ ඇසිම, මොළයේ ක්‍රියාකාරිත්වය ඇතුලු තමා සතු හැකියාව, කෙටිකාලීනව හෝ ජීවිත කාලීනව ගිලිහී ගිය බොහෝ පිරිස් වේ.
එදිනෙදා කටයුතු කරගැනීම සඳහා මෙම බාල, තරුණ, වැඩිහිටි බොහෝ පිරිස් අසීරු නිහඬ සටනක යෙදී සිටිති.
ඊට හේතුව, ඔවුන් හට ඇති හැකියා ඌනතා නොව, අදූරදර්ශීව සමාජ පරිසර සැකසීමය.
මැතිතුමෙනී, ඒ හෙයින් මෙම අහිතකර ප්‍රවනතාවය, ප්‍රතිවර්තනය කල හැකිය.
2009 සහ 2011 වර්ෂ වලදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරනු ලැබූයේ ‘මෙම තත්වයට මුහුණ දෙන 20%ක් තරමේ පුරවැසියන්, මෙරටේ වැඩිතම සුලුතරය’ වන බවය.
නීති තිබුනත් බිඳුනු පොරොන්දු
2006 ඔක්තෝබර් මස ගැසට් ගත කොට 2007 මාර්තු 20 දින පාර්ලිමේන්තුවෙන් ඒකමතිකව සම්මත කල නීති-රෙගුලාසි ද, 2011 අප්‍රේල් මස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද නියෝගයන් ද, ‘සැමට ප්‍රවේශ පහසුකම්’ ස්ථාපිත කිරීමේ හොඳම අඩිතාලම යි.
අතරින් පතර මෙම අනපනත් ක්‍රියාත්මක වී තිබුනද, නිසි පරිදි ඒවා සමාජය තුල ස්ථාපිත වී නැත. ඒ හෙයින් බොහෝ පිරිස් සමජයෙන් නිරතුරුවම කොන් වේ.
එදිනෙදා කටයුතු බොහොමයක් සඳහා ඇති අයිතීන් භුක්ති විඳිමේ හැකියාව, ප්‍රවේශ පහසුකම් නිසි ලෙස භුක්ති විඳිම් මත බෙහෙවින් ම රඳා පවතී.
අපගේ මූලික අවශ්‍යතා විසදීම සඳහා 2010 දී සැකසුනු ‘අයිතිවාසිකම් පිලිබඳව වන පනත් කෙටුම්පත’ සහ සමාජ-ආර්ථික ප්‍රධාන ධාරවට අප ඇතුලු කරන අවස්ථා සහ අවශ්‍යතා පැහැදිලි කරන ‘ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය (2004)’ තවමත් හමස් පෙට්ටියේ ය.
හැකියාව සීමා වු ජනතාව සතු මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය සහ අභිසංවර්ධනය සඳහා 2007 වසරේ අප අත්සනට පමනක් සීමා කල ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්‍යප්තිය’ බංග්ලාදේශය, මොංගෝලියාව, වියට්නාමය ඇතුලුව රටවල් 152ක් එය බලගැන්වීම් ක්‍රියාත්මක කලද, ශ්‍රි ලංකාව මේ පිලිබඳව නිහඬය.
අප සුහදව ඇසුරු කල විවිධ දේශපාලන පක්ෂ වලින් පාර්ලිමේන්තුවට පත් වී ආ මහජන නියෝජිතජින්, අපේ ජීවන තත්වය නැංවීම සඳහා පිලිවෙත් බල ගන්වනු ඇතැයි අපි බෙහෙවින් ම බලාපොරොත්තු වුනෙමු.
එහෙත් .... වසර 20ක් ගෙවුන ද, සැලකිය යුතු කිසිම ම සුගතියක් අපගේ ජීවන තත්වයන් නැංවීම සඳහා සිදුවී නැත.
එතෙක් මෙතෙක් ඒ කිසිම ම දේශපාලනඥයෙකු මේසා විශාල පුරවැසියන් ප්‍රමුඛතා පිලිබඳව හඬක් හෝ පාර්ලිමේන්තුවේ දී අවදි කර නැත.
අපට අහිතකර ව බලපාන ප්‍රධාන සාධක සඳහා ඇති මූලික හේතු නිසිලෙස වටහා ගැනීමටවත් ඔව්හූ කිසිසේත්ම උනන්දු වී ද නැත.
අප තරයේම විශ්වාස කරනුයේ ඒ සඳහා අත්‍යාවශ්‍ය විෂයය පිලිබඳව නිවැරදි වැටහීම, දනුම, අත්දකීම මෙන්ම සංවේදනය, පෙර සිටි පාර්ලිමේන්තු නියෝජිතයන් තුල නොමැති බවය.
සමාජයට ඉන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල
1. එදිනෙදා ජීවිතයේදී හැකියාව සීමාවූ බොහෝ පිරිස්, තවමත්, ඵලදායී රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍යය, විනෝද කටයුතු, සාප්පු යෑම්, ගමන් බිමන් මෙන්ම තොරතුරු සහ සංනිවේධනය යනාදියේදී සමාන අවස්ථා අහිමිව සමාජයෙන් කොන්වී සිටී.
ඊට උදාහරණ කිහිපයක් මෙන්න.
(අ) කායික හැකියාව සීමාවූ ළමයිනට, අනුමත සැලසුම් අවශ්‍යතා වලට පටහැනි ඉදිකිරීම් හේතුවෙන් පාසැල්, සරසවි මෙන්ම ATM යන්ත්‍ර වෙත ද, සුරක්ෂිතව ප්‍රවේශය සහ පරිහරණය අසීරුවේ.
(ආ) පූර්ව සාවද්‍ය ආකල්ප සහිත සේවා දායකයන් සහ නීතියට අනුකූල වූ ප්‍රවේශ පහසුකම් නොමැති සේවා ස්ථාන හේතුවෙන් එවැනි අය රැකියා අවස්ථාවන්ගෙන් පවා කොන් වේ. එදිනට ඔව්හූ පවුලේ අයටද, සමාජයටද, අනවශ්‍ය බරක් ලෙස යැපීමට සිදුවේ.
(ඇ) රටේ ප්‍රකට කිසිම රෝහලක එකම වාට්ටුවක වත්, රෝද පුටු පරිහරණය කරන්නන් සඳහා, නිසි ප්‍රවේශ පහසුකම් සහිත වැසිකිලියක් හෝ ස්නාන පහසුකමක් වත් නැත.
(ඈ) නීති තිබුනද, අසීරුවෙන් ඇවිදීමට හැකි අය ද පවා, රජයේ සහ පෞද්ගලික ආපනශාලා, බැංකු, ක්‍රීඩාංගන, සිනමා ශාලා, කලාගාර, පාසැල්, හෝටල පරිහරනයේ දී - විශේෂයෙන් ම වැසිකිලි සහ ස්නාන පහසුකම් වෙතින් - අවාසි සහගතව කොන් වේ; අනතුරු වලට ලක්වේ.
(ඉ) අවශ්‍ය යටිතල පහසුකම් නිසිලෙස නොමැති බැවින් ‘සැමට සංචාරක ශ්‍රී ලංකාවක්’ තවමත් සිහිනයකි. ලාභදායක අංශයක් වන 15% තරමේ වන ලෝක වැඩිහිටි සංචාරක ජනගහනය කෙරේ මිත්‍රශීලී බවක් ශ්‍රී ලංකාව නොදක්වයි.
(ඊ) ඇසීමේ හැකියාව සීමාවූ පුද්ගලයින් අදහස් හුවමාරුව සහ තොරතුරු ලබාගැනීම පිණිස ඇති එකම මාධ්‍යය 'සංඥා භාෂාව' යි. එය ප්‍රවර්ධනයට සහ නීති ගත කිරීමට යොමුවී නැත.
(උ) පෙනීමේ හැකියාව අහිමි වූ අයගේ ජීවන තත්වය නැංවීම සඳහා නූතන ලොව ඇති තාක්ෂණ උපාංඟ අපට විරල ය. රටේ පවතින බුද්ධිමය දේපල නීතිය වැනි සමහර නීති තුලින් පවා අවාසි සහගතව කොන් වේ.
(ඌ) වසර 30ක අවි ගැටුමෙන් හැකියාව සීමා වූ වින්දිතයන් ද, විශ්‍රාම ගිය රණවිරුවන් ද, සිවිල් සමාජයේ ජීවත් වීමේදී මුහුණ පානා අළුත් ප්‍රශ්න හඳුනාගෙන නිසි විසදුම් ලබාදීම සඳහා විධිමත් පසු විපරම් ක්‍රම වේදයක් තවම නැත.
2. ව්‍යවස්ථා රැකවරණය තවමත් අපට අහිමිය.
එහි (12.3) ඡේදය සඳහා සරළ සංශෝධනයක් ඉදිරිපත් කල ද, එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීම සඳහා කිසිවෙකුත් අපට නොවීය.
3. ගරුත්වයෙන් යුතුව සමාන පුරවැසියන් ලෙස ජීවත්වීම සඳහා ඇති අයිතිය භුක්තිවිඳිම ගිලිහී ඇත.
තිරසාර ජාතික ආර්ථිකයක් සඳහා පූර්ව අවශ්‍යතා දෙකකි.
(අ) සංවර්ධනය සඳහා ඇති මානව හැකියාවේ නාස්තිය නවතා ඒ වෙනුවට මෙම අමිල වත්කම ඵලදායක ජාතික ක්‍රියාවලියන් සඳහා දායක කර ගැනීම.(ආ). වැඩි ඵලදායක අවස්ථා සඳහා දොරටු විවෘත කොට අනුන් මත අනවශ්‍ය යැපීම් අවම කිරීම.
(ආ). අප සතු ආවේණික හැකියවන් සංවර්ධන ක්‍රියාවලි වෙත යොමු කිරීමේ ක්‍රම වේදය දේශපාලන පක්ෂ සුලුකොට සලකනු ලැබේ.
(ඇ). රැකියාව සහ අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවට, අවශ්‍ය සීමාව ඉක්මවා පුණ්‍යාධාර සහ සමාජ සුභ සාධන මත අනවශ්‍ය ලෙස යැපෙන අය බවට තල්ලු කොට ඇත.
(ඈ). රටේ මානව හිමිකම් ප්‍රතිරූපය නංවන පරිදි, හැකියාව සීමිත වූ සැමට හිතවත් ශ්‍රී ලංකාවක් ලෙස රට පරිවර්තනය කිරීම, අඩු වියදමකින් ප්‍රායෝගිකව කල හැකිය. එයද ඉටු නොවුනු දේශපාලන පොරොන්දුවක් පමනි.
පාර්ලිමේන්තුව තුල නියෝජනයකට යොමුවීම
අප සතු අයිතිවාසිකම් භුක්ති විඳීම පිලිබඳව පෙර සිටි පාර්ලිමේන්තු නියෝජිතයන් උනන්දු නොවීම නිසා, ‘පාර්ලිමේන්තුව තුල හඬක් නැති රටේ ලොකුම සුලුතරය සඳහා හඬක් නැංවීමේ අවශ්‍යතාවය’ අපි අවබෝධ කර සිටිමු.
නාම යෝජනා බාර ගැනීම අවසන් වීමට පැය 48කට පෙර දක්වාම, හැකි සියලු උත්සාහ ගත්ත ද, මුදල් හැර අනිත් හැමතින්ම සුදුසුකම් එමට තිබුන ද, තම ජාතික ලැයිස්තුවල ස්ථානයක් හෝ අපට පිරිනැමීමට ප්‍රධාන ධාරවේ කිසිදු දේශපාලන පක්ෂයකට උවමනාවක් නොවීය.
මෙසේ ලද ඉතා කෙටි දැනුම් දීමකින් පසු, අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයන් ලෙස වෘත්තිකයන් කණ්ඩායමක් වශයෙන්, කොලඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙන් තරඟ කිරීමට අවසානයෙදී අපි තීරනය කලෙමු.
දේශපාලන තරඟයේදි අප මුහුන දුන් අභියෝග
(i). ඡන්දයට ඉදිරිපත් වු අප සියල්ලන් ම, මීට පෙර කිසිමම මැතිවරණයකට තරඟ නොකල, අත් දැකීම් කිසිත් නැති අය වීය.
(ii). තවද, අප සියලු ම දෙනා, එහා මෙහා යාම, පෙනීම, ඇසීම පිලිබඳව හැකියා බොහෝ ලෙස සීමා වූ අය ය. ඒ හෙයින් ආකල්ප සහ පාරිසරක අවහිරතා තුලින් ද, මැතිවරණ කටයුතු වල යෙදීමේ දී බොහෝ සේ අපි අවාසි සහගතව කොන් වීමු.
(iii). අපේ සියලුම මැතිවරණ කටයුතු සඳහා අපට තිබුනේ දින 31ක ඉතා සුලු කාලයක් පමනි.
(iv). අපගේ මාධ්‍ය සම්මන්ත්‍රණ සහ පනිවිඩ ප්‍රචාරණය සඳහා ගුවන් කාලය ලබා දිය හැකි වන්නේ ‘මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය කල අයට පමනක්’ යයි ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ අපට පවසා තිබින.
ඊට අවශ්‍ය මිලියන ගනනක් රුපියල් සෙවීම අපට නො හැකිවිය.
එයට තිබූ එකම ම විකල්පය වු මැතිවරණ කොමසාරිස් තුමාගේ සාධාරන මැදිහත්වීම තුලින් යම් සාධාරන අවස්ථාවක් ලබා ගැනීම වත්, අපට අහිමි විය.
අන් ක ණ්ඩායම් හා සැසඳිමේදී ඡන්දයට අපට වියදම් කල හැකිවූ මුදල සොච්චමක් වූ නිසා විද්‍යුත් නාලිකා සහාය නොලැබී කොන්වී ය. ඒ හේතුවෙන්ම ම, 70% තරමේ ඡන්ද දායකයන් වෙත පිවිසීම අපට නො ලැබිනි..
මැතිවරණ කාර්යසාධණය
මෙම සියළු සීමා කිරීම් හමුවේ වුවද, කොලඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන කන්ඩායම් 15ක් අතුරින් 2වන ස්ථානය අප දිනා ගත් අතර, තරඟකරුවන් 36 දෙනා අතරින් 22ක් අභිභවා 14වන තැනට තේරී පත්විය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාධීන කන්ඩායම් 16ක් අතුරින් 1වන ස්ථානය ම අපට හිමිවූ අතර තරඟකරුවන් 28 දෙනා අතරින් 21ක් අභිභවා 7වන තැන දිනා ගැනිම අප ලද සුවිශේෂී ජයකි.
මෙම කරුනු තුලින් පැහැදිලි වන්නේ මෙරට ලොකුමම සුලුතර පුරවැසි පිරිස සඳහා හඬක් සමඟම, අප ඉදිරිපත් කරන "සමාජ සාධාරනය සහ සමානතාව තුලින් ප්‍රජාතන්ත්‍රවාදය" මහජනතාව අනුමත කරනා බවය.
ඔබතුමන් සැමගෙන් අපේ උදක්ම ඉල්ලිම
(1). සීමිත හැකියාව සහිත මිලියන 4 ක් තරම් වන අප පුරවැසියන් සඳහා ‘සමාජ සාධාරනය සහ සමානතාවය භුක්තිවිඳීම පිනිස’, ඔබතුමන් සමග උචිතව කටයුතු කිරීම සඳහා, අප සතු දිගුකාලීන පුලුල් අත්දැකීම් සමඟ ඇති විශේෂඥ ප්‍රායෝගික දැනුම, අපි ඔබතුමන් වෙත නො මසුරුව ලබාදෙමු.
සමාජ සාධාරණත්වය වෙත යන ගමනේදි ඔබතුමන්ට උපකාර කිරීමට අපට සහාය වන්න.
(2). ඔබතුමන් පොරොන්දු දී ඇති පරිදි, ‘නීතියේ පාලනය’ යලි ශක්තිමත් කිරීම සඳහා, අප ඉහත සඳහන් කරන ලද දැනට අක්‍රියව ඇති නීති, ප්‍රමුඛථාවයෙන් යුතුව බලාත්මක කිරීම සහ සමාජය තුල අනුගමනය කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරනු මැනවි.
ඔබ නව රජයේ අනිකුත් බොහෝ ප්‍රමුඛතා තිබෙනා බව හොදින් ම අපි දනිමු.
එහෙත්, සමාජ සාධාරනය සමානව ක්‍රියාත්මක වන ‘සැමදෙනාම ඇතුලත් නව ශ්‍රීලංකාවක්’ උදෙසා ම, මෙම කරුණු දෙක, ‘ප්‍රායෝගිකව’ සහ ‘වැඩි කල් නොයවාම ඉටුකල හැකි ඒවා ය’ යන්න අපි තරයේ ම විශ්වාස කරමු.
මෙහිදී, එකල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ව සිටි ආචාර්ය්‍ය ලී ජොන්ක්-වූක් පල කල බුද්ධිමත් කියමනක් මා මතකයට නැඟේ.
“රටක තම හැකියාව සීමිත වු ජනතාවට සළකන අයුරු සහ අයිතිවාසිකම් භුක්ති විඳිමට හැකි පූර්ණ පුරවැසිය වශයෙන් ඔවුනට කෙතරම් දුරට අවංකවම සැබෑ ලෙසට ගරු කරනා අන්දම, එම රටේ යහ-පාලනය පිලිබඳව හොඳ මිම්මක් වන අතර ම, එහි මානව හිමිකම් ප්‍රතිරූපය ද පිලිඹිමු කරයි. එය, රටේ දළ දේශීය නිෂ්පාදිතයටත් වඩා සමාජ සංවර්ධනය පිලිබඳව සැබෑම පරීක්ෂාව ද වේ.”
සමාජ සාධාරණය බලගන්වා ක්‍රියාත්මක කිරීම, ප්‍රජතන්ත්‍රිකරණය ස්ථාපිත කිරීම සඳහා අත්‍යාවශ්‍ය පියවරකි.
යහ පාලනය, සමාජ සාධාරණය සහ පිවිතුරු හෙටක් පිලිබඳව වරින් වර අවධාරනය කරනා ඔබතුමන් සැමදෙනාම, මිලියන හතරක් තරමේ රටේ වැඩිතම සුලුතරයේ මෙම ඉල්ලීම් දෙකටම, දැන්වත් නිසි ලෙස ඇහුම්කන් දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
එය හුදෙක් පුණ්‍ය ක්‍රියාවක් නොව යුක්තිය ඉටුකිරීමක් වන අතර, යුක්තිය අප සැමටම මහත් ප්‍රතිලාභ සලසයි.
කර්තෘගෙන් එකතුවක්:
ආචාර්ය අජිත් සී. එස්. පෙරේරා සිටි ජේෂ්ඨ විධායක කළමනාකාර වරයෙකි; අකලට අහිමි වූ ටෙස්ට්-ක්‍රිකට්-විනිසුරුවරයෙකි. පසුගිය අගෝස්තු මස තව තිදෙනෙකු ද සමග, පළමුවරට රෝදපුටු භාවිතයෙක් ලෙසට මෙරට පාර්ලිමේන්තු ඡන්දයකට තරඟ කරන ලද පලමුවැන්නද වේ. 1992 දි මහ මඟ ගසක් වැටීම හේතුවෙන් නිමේෂයකින්, ජීවිත කාලීනව බලපාන සුසුම්නා අනතුරකට ලක්විය. ඉන් පසුව තම සීමිත කාලයද, අධ්‍යාපනය සහ අත්දකීම් සියල්ල ද, යටි අරමුණු රහිතව, තම හැකියාව සීමාවූ හඬක් නැති ජනතාව ට හඬක් වීම සඳහා කැපකොට, එතෙරින් පවා ඇගයීමට ලක් ව සිටී. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://goo.gl/3FWyW
ආචාර්ය අජිත් සී. එස්. පෙරේරා
(හඬක් නැති මෙරට විශාලතම පුරවැසි සුලුතරය වෙනුවෙන් හඬක්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැකියා සීමාවූ පුරවැසියෝ ජනපතිට අගමැතිට ලියති
රිද්මල් රසන්ජන Saturday, 05 September 2015 07:00 AM
ඔබගේ මෙම ලිපිය ගැන මම මගේ ස්තුතිය පළකරමි.මමත් ආබාධිත පුද්ගලයෙකි.දැනට උසස්පෙළ හදාරමි රට දියුණු වනවිට ආබාධිත පුද්ගලයින් සඳහා මෙවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක විය යුතුය. ඔබගේ මෙම වැඩපිළිවෙලට මමත් සහයෝගය ලබාදීමට කැමැත්තෙන් සිටිමි. (නි)
දිමුත් Monday, 07 September 2015 09:35 AM
මම කියන්නේ වමත්කරුවන්ටත් සමාන පහසුකම් ලැබිය යුතුයි. දකුණත්කරුවන්ට පමණක් සීමා වූ පහසුකම් තවමත් තිබෙනවා.(ම)
උදාර Monday, 07 September 2015 05:59 AM
තුවාලයේ වේදනාව දන්නේ තුවාලය තිබෙන පුද්ගලයා පමණි. (නි)