IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිටපු ජනපතියි මායි අතර වෙච්ච සාකච්ඡා නම් බෙලල් කැපුවත් හෙළිකරන්නෙ නෑ

SLMA-16.qxd

 

ආන්දෝලනාත්මක ප‍්‍රකාශ හා කි‍්‍රයාකාරකම් හරහා ජනතා අවධානය නිරතුරුවම දිනාගත් ඔහු අද නිහඬය. ඒ ඇයි? තටු කපලද? අපි ඒ ගැන ඔහුගෙන්ම විමසුවෙමු. ඒ ඔහු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතාය. මේ ඒ කතාබහය.

 


ප‍්‍රශ්නය : මේ දවස්වල කිසි ශබ්දයක් නෑ. තටු කැපිලද?
පිළිතුර :
නිශ්ශබ්ද නම් නෑ. දැනුත් ඔබතුමාට පේනවනේ මම මේ කැලණිය දේවාලයේ විෂ්ණු දෙවියන්ගේ මහා පෙරහැර 11 වැනිදා තියෙනවා. ඒක ගැන සාකච්ඡා කරමින් ඉන්නකොට තමයි ඔබතුමා මේ ආවේ. ඉතින් මේකට ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නේ නෑ. මම මේක පුළුවන් විදිහට කරනවා. මං මේ සම්බන්ධව කතා කළා රවි කරුණානායක මුදල් ඇමතිතුමාට. එතුමා මගේ මිත‍්‍රයානේ. කරු ජයසූරිය ඇමතිතුමාටත් කතා කරනවා. තව මේ... රාජිත සේනාරත්න ඇමතිතුමාටත් කතා කරනවා. මේක මගේ මිත‍්‍රයන් එක්ක කරන වැඬේ.

 


ප‍්‍රශ්නය : ඔය නම් කියපු අය විතරද ඔබට මිත‍්‍රයන් වශයෙන් දැන් ඉතිරිවෙලා ඉන්නේ?
පිළිතුර :
නෑ. මේකයි. මුළු දේශපාලනයෙම ඉන්නේ මගේ මිත‍්‍රයෝ. මගේ මොන වාද විවාද තිබුණත් ඒවා ඒ වෙලාවට විතරයි. එළියට ආවට පස්සේ ඒවා මුකුත් නෑ. මගේ එහෙම හතුරෝ නැහැ. හැබැයි අපි කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු පක්‍ෂයේමයි හිටියේ. ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අපහාස කරන්න ආවොත් ඒකට විරුද්ධව මම කෙළින් නැගී හිටියා. නමුත් අවසාන කාලේ මම එතැනින් අයින් වුණා. මම එහෙම අයින් වෙලා ජනතාව වෙනුවෙන්ම කැප වුණා දිගටම. මම මගේ ජොබ් එක කළා ඒ කාලේ. බොහොම තද විදිහටම ඒක කළා. ඒ විදිහට රාජ්‍ය නායකයා වෙනුවෙන් වගේම පක්‍ෂ නායකයා වෙනුවෙන් මම පෙනී හිටියා. යූඑන්පියේ ඉන්න කාලේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙනී හිටියා. චන්ද්‍රිකා මැතිනිය වෙනුවෙන් පෙනී හිටියා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී හිටියා. නමුත් මම අන්තිම කාලේ අයින් වුණා.

 


ප‍්‍රශ්නය :- මහින්ද රාජපක්‍ෂ ඔබට කරපු වැරැුද්ද මොකද්ද?
පිළිතුර :-
එතුමාගේ සහෝදරවරු දෙන්නා ගෝඨාභය හා බැසිල් මගේ බෙල්ලට තොණ්ඩුව දාලා දෙපැත්තට අදින කොට මගේ බෙල්ල හිර කරගන්න මම කැමතිද? හොඳ වෙලාවට ඒක ඒ අයට කරගන්න බැරි වුණා. මගේ පුතාගේ බෙල්ල හිර කරන්නත් බැරි වුණා. පුතානම් හිරේ විලංගුවේ වැටුණා. මටත් නොයෙක් විදිහේ කරදර කළා. ඒවා ඒ දෙන්නගේ වුවමනාව පිට කරනකොට හිටපු ජනාධිපතිතුමා ඒවා නොදැක්කා දෝ... නොදන්නවාදෝ කියලා සැකයක් මට ඇති වුණා. එතුමාට මම කීප විටක්ම කිව්වා. නමුත් මට කිසිම පිළිසරණක් වුණේ නෑ. මගේ කීර්ති නාමයට හානි කරන්න. මන් දන්නා බෙලිඅත්තේ ඉඳල ආපු මගෙත් එක්ක තියෙන මේ වෛරය මොකද්ද කියලා.

 


ප‍්‍රශ්නය : මහින්ද රාජපක්‍ෂ ඊයේ පෙරේදා කිව්වා ”මම කරපු එක වැරැුද්දක් තමයි වැරදිකාරයන් ආරක්‍ෂා කරපු එක” කියලා?
පිළිතුර :
ඒකට මගේ තියෙන සම්බන්ධය මොකද්ද?

 


ප‍්‍රශ්නය : අපිට ඔබතුමාව මතක් වුණා.
පිළිතුර :
මම කරපු වැරැද්දක් තියෙනවානම් මට කෙළින් කියන්න. මම කෙළින් උත්තර දෙන්නම්.

 


ප‍්‍රශ්නය : රාජපක්‍ෂ පාලනය අප‍්‍රසාදයට පත් වෙන්න ඔබත් එක් හේතුවක්?
පිළිතුර :
මට එකක් කියන්න. මම රාජද්‍රෝහී වැඩක් කළාද? දේශද්‍රෝහී වැඩක් කළාද? සමාජ ද්‍රෝහී වැඩක් කළාද කියලා කියන්න. කියන්න. කියන්න.

 

SLMA-16.qxd

 


ප‍්‍රශ්නය : ලාල් ඔබේ සමීපතමයෙක්. ඔබ රූපවාහිණියට කඩා පැන්නේ කුඩු නුවන් එක්ක. ඒ අනුව කුඩු මාෆියාවේ දේශපාලන රැකවලා බවට ඔබට චෝදනා තියෙනවා.

පිළිතුර :  ඕනෑම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒ වූ පමණින් ඒවා සත්‍ය වෙන්නේ නැහැ. ලාල් නම් මගේ මිත‍්‍රයෙක්. ඒක මම නිර්භීතව කියනවා. එතුමාට කොහේද කුඩු චෝදනා තියෙන්නේ? නුවන් කියන පුද්ගලයා මගෙත් එක්ක රූපවාහිනියට ආවා. ඒක ඇත්ත.

 


ප‍්‍රශ්නය : මේ සම්බන්ධතා ඉබේ හටගන්න බෑ?
පිළිතුර :
මම කොළඹ මන්ත‍්‍රීවරයා හැටියට ඉන්නකොට නොයෙක් විදිහේ අය මාව ආශ‍්‍රය කරනවා. මාව හම්බවෙන්න එනවා. මන්ත‍්‍රීවරයෙක්, ඇමතිවරයෙක් වුණාම මිනිස්සු එනවා මාව හම්බවෙන්න. එහෙම එනකොට මට කියන්න පුළුවන්ද ගමේ පංසලෙන් සහතිකයක් ගේන්න. ගුරුවරයාගෙන් සහතිකයක් ගේන්න. හිරේ ගියේ නෑ කියලා සහතිකයක් ගේන්න. නඩු තියෙනවද නැද්ද කියලා සහතිකයක් ගේන්න. මට එහෙම කියන්න පුළුවන්ද? මම එහෙම කළානම් මට දවසකට දහ දෙනෙක්වත් හමුවෙන්න බෑ. අපි ඡන්දෙ ඉල්ලන්න යනකොට අපි කියනවද රිමාන්ඞ් එකේ හිටපු අයගේ ඡන්දෙ මට එපා කියලා. මට එහෙම වර්ග කරන්න බැහැ. ඒ නිසා මම මේ අයව ආශ‍්‍රය කළා. ආශ‍්‍රය කළා කියන්නේ ගෙදර කෑම මේස දාගෙන ආශ‍්‍රය කළේ නැහැ. ඒ අය ඇවිත් මට කතා කරනවා. මම කැමති අයත් ඉන්නවා. අකමැති අයත් ඉන්නවා. ඒ නිසා මගේ ළඟට ආපු අයට මම ප‍්‍රශ්න පත‍්‍රයක් දුන්නෙත් නැහැ. උත්තර පත‍්‍රයක් දුන්නෙත් නැහැ. ඒක කරන්න බෑ. ලාල් කියන මගේ මිත‍්‍රයාට කුඩු චෝදනාවක් තියෙනවානම් මේ මොහොතේ හරි මම ලෑස්තියි මගේ මිත‍්‍රයාගෙන් අහලා මම ඉල්ලා අස්වෙන්න.

 


ප‍්‍රශ්නය : පොලිසියෙන් හොයනකොට කුඩු ලාල්ට රටින් පනින්න ආරක්‍ෂා සහිතව එයාර් පෝට් එක්කරගෙන යන්නෙත් ඔබ?
පිළිතුර :
මේ තරම් දක්‍ෂ පොලිසියක් තියෙද්දි. කවදාවත් පොලිසිය නැවෙන්නේ නැහැ කාටවත්. එහෙම සැක සහිත පුද්ගලයෙක් අල්ලන්න තිබුණා. එහෙම සැකයක් නැති නිසානේ යන්න ඇත්තේ.

 


ප‍්‍රශ්නය : ආරක්‍ෂාවට ඔබ හිටියනේ?
පිළිතුර :
නෑ. ඒ යන දවසේ මට කතා කළා මිසක් එයාර් පෝට් එකට මම ගියේ නැහැ.

 


ප‍්‍රශ්නය : කුඩු මාෆියාවට ඔබ රැකවරණ දුන්නා කියන චෝදනාවට ඔබ උත්තර දුන්නේ නැහැ?
පිළිතුර :
සමහර වෙලාවට ඔබට අහන්න අමතක වෙන්න ඇති... මේ මං වගේ තව ළමයි ඉන්නවද කියලා. ඒකත් ප‍්‍රශ්නයකට තුඩු දෙනවනේ. ඒ වගේ ප‍්‍රශ්නනේ මිනිසුන්ට එන්නේ. ඒ වගේ ලෝකෙක මට මේවා ප‍්‍රශ්න නොවෙයි. මට මේවා උත්තරත් නොවෙයි.

 


ප‍්‍රශ්නය : ඔබේ හෘදය සාක්‍ෂියට රිදුම් දෙන කිසිවක් ඔබ අතින් වුණේම නැද්ද?
පිළිතුර :
නෑ... කිසිසේත්ම නෑ. එහෙම දෙයක් වෙලා තියෙනවානම් මම මේ මනුස්ස ලෝකයෙන් සමුගන්නවා. ඒ මම සමුගන්නේ මම පවු කරලා නැති නිසා. මම යන්නේ හොඳ තැනකට. ඔයා මුලින් ඇහුවනේ මහින්ද රාජපක්‍ෂ අප‍්‍රසාදයට පත් වෙන්න මම හේතුවක් වුණා කියලා. කියන්න මට හේතුව. මම රටපුරා තිබිච්ච මහා දාගැබ්වල කොත් කැරැුල්ලේ රන් ආලේප කළ එකද? මිහින්තලේට චූඩා මාණික්‍යයක් දැම්ම එකද? ලංකාවේ පන්සල්, පල්ලි, කෝවිල්වලට... පූජනීය ස්ථානවලට මගේ අමාත්‍යාංශයේ මුදල් දීලා ඒවා දියුණු කිරීමද? මම නියෝජ්‍ය ඇමති කාලේ පාරවල් හැදීමද? සෝමාවතිය පාර හොරුන්ට බාර දීලා තිබුණ වෙලාවේ ඒවා ප‍්‍රතිසංස්කරණය කරන්න හොඳ කණ්ඩායමකට බාර දීමද? කැලණිය ආසනය දියුණු කිරීමද? ශ්‍රී මහා බෝධීන් වහන්සේට තිසා වැවේ වතුර ප‍්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවේ සත්‍යග‍්‍රහයක් කරනකොට ඒක නවත්වලා දවසකට වතුර ගැලූම් 2500 ක් වගේ ප‍්‍රමාණයක් ශ්‍රී මහා බෝධිය නෑවීමට දීපු එකද? අටමස්ථානෙට කාර් පාක් එකක් දීමද මම කරපු වැරැුද්ද? රුවන්වැලි සෑයේ ප‍්‍රවේශ මාර්ගය හදපු එකද මම කරපු වැරැුද්ද? මං මාවත් හදපු එකද මම කරපු වැරැුද්ද? සමාජයට සේවය කිරීමද මම කරපු වැරැුද්ද? බෞද්ධාගම හරියට අදහපු එකද මම කරපු වැරැුද්ද? කැලණියේ මහා විෂ්ණු දේවාලය හදපු එකද මම කරපු වැරැුද්ද? ඉතින් මම නරකනම් කැලණියේ මහා නායක හාමුදුරුවෝ ඇතුළු අස්ගිරි - මල්වතු මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහානායක හිමිවරුන්ගෙන් අහන්න... මහ මැතිවරණයේදි විද්වතුන් එකසිය ගානක් මාව  ඕනැයි කියලා අත්සන් කරපු එකද මම කරපු වැරැුද්ද? බුදු හාමුදුරුවන් දිහාත් වෛරයෙන් බලන කොටසක් හිටියා. විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට පවා හිටියා. ඉතින් මට එහෙම නොවී තියෙයිද? හරි! මම නිසා එතුමා පැරදුණානම් මේ පාර මම එතුමාට වැඩ කළේ නෑ. එහෙමනම් එතුමා දිනන්න එපැයි. මම කැලණියේදී ප‍්‍රසිද්ධියේ කිව්වනේ මම එතුමාට වැඩ කරන්නේ නැහැ. එතකොට මගේ කීමනේ කැලණියේ ජනතාව ඇහුවේ. මං මොකද්ද? මම ගෑනු රේප් කරලා තියෙනවද? මම කුඩු වෙළඳාම් කරලා තියෙනවද? මට බාර් තියෙනවද?

 


ප‍්‍රශ්නය : ඔබේ ගෝල බාලයන් කප්පම් ගත්තා?
පිළිතුර :
මට එක ගෝලයෙක් පෙන්වන්න. එයාට විරුද්ධව පොලිසියේ පැමිණිලි තියෙනවද? උසාවි ගිහින් තියෙනවද? අනේ කියන්න. මාධ්‍ය කරන්න  ඕනෑ ඒ වගේ දේවල් තමයි. ගොරවනවා කිව්වට වහින්නේ නැත්නම් වී පැදුර ගෙට ගන්න  ඕන් නැහැනේ.

 


ප‍්‍රශ්නය : කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ඔබට එරෙහිවූ මන්ත‍්‍රීවරුන් වෙඩි කාලා මැරුණා.
පිළිතුර :
ඒක උසාවියෙ තියෙන එකක්නේ. උසාවියට නීතිඥයො දාලා ඒක ඔය ගොල්ලෝ හොයාගන්න. ඒක මට අදාළ නැහැනේ.

 


ප‍්‍රශ්නය : ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගන්න ඔබට සීඅයිඞී එකෙන් කැඳවීමක් තියෙනවා?
පිළිතුර :
ඔව්! මම එදාට ගිහින් කට උත්තරයක් දෙනවා.

 


ප‍්‍රශ්නය : ඇයි ඒ සිද්ධියට ඔබේ නම ඈඳෙන්නෙ?
පිළිතුර :
මම සී.අයි.ඞී. එකට කිව්වනේ ඒ ගැන මගෙන් අහන්න කියලා. ඇත්ත කියන්න බය වෙන්න  ඕන නැහැ.

 


ප‍්‍රශ්නය : ලසන්ත ඝාතනය ගැන ඔබ මොනවද දන්නේ?
පිළිතුර :
ඒක සී.අයි.ඞී. එකත් එක්ක මම කරන කතාවක් මිසක් ඔයත් එක්ක කියන්න පුළුවන් කතාවක් නෙවෙයිනේ. දන්න ටික මම සී.අයි.ඩියට කියනවා.

 


ප‍්‍රශ්නය : ඔබ මීට කලින් සුදු වෑන් ගැනත් පැමිණිල්ලක් කළා?
පිළිතුර :
ලංකාවේ එකම එක කෙනා තමයි මම... අර මාදුරුඔය ජලාශයේ දොරවල් ඇරියා වගේ බැසිල් රාජපක්‍ෂ. ගෝඨාභය රාජපක්‍ෂ කියන සහෝදරවරුන්ට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නීතිඥතුමෙක් එක්ක ගිහින් පැමිණිලි කළේ මමයි.

 


ප‍්‍රශ්නය : ඔබ කළේ වාසි අතට හෝයියා කීමක්?
පිළිතුර :
නෑ. මම ඇයි එහෙම කළේ? මම එහෙම කළේ ජනතා සුවසෙත සඳහායි. දැන් මට මගේ ජීවිතය ගැනත් විශ්වාසයක් නෑ. මගේ දරු පවුලගේ ජීවිත ගැනත් විශ්වාසයක් නෑ. සත්‍ය එළිකරන්න මිනිස්සු අකමැති නොවෙයි බයයි. මිනිස්සු කැමතියි. ඒත් බයයි. අද මේ සත්‍ය කතා කරන අය කී දෙනාද මේ දේශපාලනඥයන් අතර ඉන්නේ. ඒ අතින් ජනතා විමුක්ති පෙරමුණේ නායකය අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු පිරිස මංගල සමරවීර මැතිතුමා, රවී කරුණානායක මැතිතුමා, රාජිත සේනාරත්න මැතිතුමා, රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා වගේ කීප දෙනෙක් විතරයි රාජපක්‍ෂවරුන්ට එරෙහිව බය නැතිව කතා කරන්නේ. හැබැයි ඔය දොරවල් ටික ඉස්සෙල්ලාම ඇරියේ මම. තවත් යම් දේවල් රටට අවශ්‍යනම් ආණ්ඩුවට අවශ්‍යනම් පොලිසියට අවශ්‍යනම් දෙන්න මම ලෑස්තියි.

 


ප‍්‍රශ්නය :  ඕක පාවාදීමකින් වෙනස් වෙන්නේ කොහොමද?
පිළිතුර :
නෑ. මේක පාවාදීමක් නෙවෙයි. ජනතාවට අහිතකර දේවල් වෙලා තියෙනවා නම් මම ඒවා කියනවා. හැබැයි කවදාවත් හිටපු ජනාධිපතිතුමයි මායි අතර වෙච්ච සාකච්ඡුා නම් බෙල්ල කැපුවත් මම පාවලා දෙන්නේ නැහැ.

 


ප‍්‍රශ්නය : ඔබ කළ පැමිණිල්ලට අදාළ පරීක්‍ෂණවල ප‍්‍රගතිය?
පිළිතුර :
ඒවා රහස් පොලිසිය හොඳට පරීක්‍ෂා කරගෙන යනවා.

 


ප‍්‍රශ්නය : ඔබේ පුත් මාලක ද සිල්වාට ගහපු එක ගැන.
පිළිතුර :
ඒක ගැනත් මම විශේෂයෙන්ම කිව්වා. කුරුඳුවත්ත පොලිසියට ආරංචියක් ආවා. ඒක රජ ගෙදර වාහනයක් කියලා. තිස්ස කියන මිනිහා තමයි ඇවිත් තියෙන්නේ. පුතාව පැහැරගෙන යන්න හැදුවේ මරන්න. මේවා ගැන කතා කරන්න එන්න කියන්න. සුදු වෑන් ගැන කතා කරන්න එන්න කියන්න. මිනීමැරුම් ගැන කතා කරන්න එන්න කියන්න. ¥ෂණ ගැන කතා කරන්න එන්න කියන්න. කිඹුලා ඉන්දැද්දි නිකම් ගෙම්බො අල්ලලා වැඩක් නැහැ.

 


ප‍්‍රශ්නය : ඔබ මහින්ද රාජපක්‍ෂගේ කැබිනට් එකේ ඉඳගෙනම ඔහුට විරුද්ධව වැඩ කිරීම ගැන දැන් පසුතැවිල්ලක් තියෙනවද?
පිළිතුර :
නෑ. එතුමත් එක්ක පණවගේ ඉන්නකම් රටට සේවය කරනකම් එතුමට මම කරපු සේවය එතුමා දන්නවා. රටම දන්නවා. ඒත් මම එතුමට විරුද්ධ වුණේ නැහැනේ. එතුමාට මං ගැන කිව්වේ නැහැ. මම වැඩ කළා. සල්ලි පාස් කරගත්තේ බොහොම අමාරුවෙන්. ශත පහක වංචාවක් කළේ නැහැ.

 


ප‍්‍රශ්නය : ඔබ එහෙම කිව්වත් ඔබට විරුද්ධවත් පරීක්‍ෂණයක් ආරම්භ වුණා.
පිළිතුර :
ඒ. ඒ කාලෙනේ. කප්පම් ගත්තා කියලනේ. ප‍්‍රාදේශීය සභාව නොමග යැව්වේ බැසිල් රාජපක්‍ෂ මගේ විතරක් නොවෙයි. ප‍්‍රාදේශීය සභා කිහිපයක්ම නොමග යැව්වා. නැගී එන දේශපාලනඥයන්ගේ ඔළුවට මිටියෙන් ගැහුවා. විරසක කළා. කැලණියේ මන්තී‍්‍රවරු මට විරුද්ධව පෙත්සම් ගැහුවා. අල්ලස් එකට ගැහුවා. සී.අයි.ඞී. එකට ගැහුවා. විශාල පරීක්‍ෂණයක් කළා අවුරුදු දෙකහමාරක්. මගෙනුත් කට උත්තර ගත්තා. මට ආරංචි විදිහට පෙත්සම් ගහපු අය වැරදි කාරයෝ වෙන තත්ත්වයක් තියෙන්නේ. මම වැරදිනම් මාව හිර බාරයට ගන්න එපැයි.

 


ප‍්‍රශ්නය : ඇමති බලතල, ඇමති වරප‍්‍රසාද එක්ක ජීවත් වෙච්ච ඔබට දැන් අමුත්තතක් දැනෙනවද?
පිළිතුර :
බුදු දහම දන්න මම එදා ජීවත් වුණෙත් හැමදාම ජීවත් වෙච්ච විදිහටමයි. මම ගෙදරින් කෑවේ. පි‍්‍රය සම්භාෂණවලට වැඩිය ගියේ නෑ. නමුත් මම ප‍්‍රභාකරන්ට තදබල ලෙස පහර දුන් නිසා පහර ගහන නිසා මට තර්ජනයක් තිබුණා. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමාත් ගෝඨාභය මැතිතුමාත් මට විශේෂ ආරක්‍ෂාවක් දුන්නා. මම හිටියේ පැදුරේ නිසා බිමට වැටෙන්න දෙයක් නෑ. හැබැයි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම. තනතුරු තියෙනකොට අර මලට බඹරු එනවා වගේ නෙවෙයි අසුචිවලට නිල මැස්සෝ වහනවා වගේ ඵල ප‍්‍රයෝජන ගන්න ඒ පුද්ගලයා වර්ණනා කරන්න, ඒ පුද්ගලයගේ බඩ කට පුරවන්න, ස්ක්‍රෝත‍්‍ර කියන්න පිරිස් ඉන්නවා. මට සතුටුයි ඒ පිරිස දැන් මගෙන් නික්ම ගිහිල්ලා. ඒ අය දැන් නිල මැස්සෝ වගේ වෙනත් තැන්වල වහනවා කියලා මට ආරංචියි. ඒ නිසා මම කියනවා ඒ අයගෙන් පරිස්සම් වෙන්න කියලා.

 


ප‍්‍රශ්නය : ඔබත් එක්ක කැබිනට් එකේ හිටපු කීප දෙනෙක්ම දැන් ඉන්නේ බන්ධනාගාරයේ. දුක නැද්ද?
පිළිතුර :
අතිශයින්ම දුකයි. මට රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න වෙනවා. බන්ධනාගාරගත කරන්න ප‍්‍රථම ඒ අයට තියෙන චෝදනා උසාවියට ඉදිරිපත් කරලා ඒ චෝදනා මත ඇපයක් තියලා නඩු අහලා හිරබාරයට ගන්නවානම් ඒක මිනිස්කමට ගැලපෙනවයි කියලයි මම හිතන්නේ.

 


ප‍්‍රශ්නය : ඔය කතාව ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද?
පිළිතුර :
පොදුවේ කතා කළා. පෞද්ගලිකව කතා කළේ නෑ.

 


ප‍්‍රශ්නය : ඇයි යහපාලන ආණ්ඩුවෙන් ඇමතිකමක් ලැබුණේ නැත්තේ?
පිළිතුර :
ඔයා තව ටික වේලාවක් හිටියොත් මගෙන් අහයි ඇයි මේ ලෝකෙට බිහි වෙනකොට සිද්ධාර්ථ වගේ ඇඳුමක් අඳින්න බැරි වුණේ ඇයි කියලා. එහෙමත් අහයි ඔයා.

 


ප‍්‍රශ්නය : මම ඇහුවේ ඇයි ඇමතිකමක් නොලැබුණේ කියලනේ?
පිළිතුර :
ඇමතිකම් දෙන එක රාජ්‍ය නායකයාගේ වැඩක්. ගන්න එක ගන්න පුද්ගලයාගේ වැඩක්. සමාජයේ වැඩ කරන්න තනතුරු  ඕනෑම නැහැ. මට මේ කතාව කියන්නම වෙනවා. උගතෙක් යැයි කියාගන්න කෙනෙක් මම දැක්කා කියනවා ග‍්‍රාමසේවක කෙනෙක් ගස් බැඳීම ගැන පරීක්‍ෂණයක් කරන්න කියලා. මම අහන්නේ එතුමාගෙන් මීට වඩා යහපත් දෙයක් හිතන්නම නැද්ද? ඒක මේ කල් ඉකුත් වූ ලේබලයක්නේ? පැමිණිල්ලක් නැහැ. මොකක්වත් නෑ. මට පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කළා. මාව නිදොස් කොට නිදහස් කළා. තව මොනවද?

 


ප‍්‍රශ්නය : මහින්ද රැුල්ලක් රටේ තියෙනවා. පිළිගන්නවද නැද්ද?
පිළිතුර :
එතුමා ඔළුව පාත් කරන්නේ නැතිව අවුරුදු 30ක යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කළා. නමුත් එතුමා මිනිසුන්ගේ හදවත්තවල තිබූ රෝග සුව කළේ නැහැ. අසමගිය තුරන් කළේ නෑ. බඩට දුන්නෙත් නෑ. ඔළුවට දුන්නෙත් නෑ. මෙතුමා දෙපාරක් දිනලා තුන් වැනි පාර පැරදුනා. එහෙම පැරදුනාම රටට ප‍්‍රකාශයක් කළා නම් දිනුවේ තමන්ගේ පක්‍ෂයේ ලේකම්තුමා. අතට අත දීලා  ඕනෑම සහයෝගයක් දෙන්නම් කියලා මැදමුලනට ගියා නම් අද මහින්ද රාජපක්‍ෂ අගමැති කරන සටනේ මුලින්ම යන්නේ ජනාධිපතිතුමයි. එතුමා තමයි එහෙනම් ආරාධනා කරන්නේ. මග හොඳට තිබේනම් මේ බැඳිවල යන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.

m



අදහස් (0)

හිටපු ජනපතියි මායි අතර වෙච්ච සාකච්ඡා නම් බෙලල් කැපුවත් හෙළිකරන්නෙ නෑ

රොහාන් Monday, 01 June 2015 04:20 PM

ලංකාදීපයෙන් හොද ප්‍රශ්න ටිකක් කෙලින් අහල තියෙනවා (කේ)

:       0       0

සංජීව Tuesday, 02 June 2015 01:52 PM

යහපාල අහලා නැද්ද කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම අවශ්‍ය වෙනවා කියලා? (නි)

:       0       0

ජයසිරි Thursday, 09 July 2015 02:48 PM

ඵහෙනම් ගස් බැන්දොත් කියනවද? (බ)

:       0       0

රවීන්ද්‍රසිවා Thursday, 04 June 2015 05:31 AM

විලි ලැජ්ජවක් නැතිකම තමා කතාවෙන් පෙනෙන්නේ. (ස)

:       0       0

ගොඩගේ Monday, 01 June 2015 10:08 AM

රුපියල් දෙකක් වටින්නේ නැති පොරවල් දැන් කියන කතා අපි ඕව කියුවේ ළදරු පාසල් යන කාලේ.(ම)

:       0       0

චන්න බුවනක Thursday, 04 June 2015 02:36 PM

අපිට් ඕව මොකුත් අහන්න ඕනි නැහැ. (ර)

:       0       0

චතුර Monday, 01 June 2015 05:51 PM

මෙයාගේ කතා ඇහුවහම වමනෙට එනවා (නි)

:       0       0

හෙසා Monday, 01 June 2015 10:51 AM

කරන්න පිළිවන් සේරම නොහොබිනා වැඩ කරලා ,සුදනා වගේ කතාව. මෛත්‍රීපාල ජනාධිපතිතුමනි, ගන්න නම් එපා ලඟට (ම)

:       0       0

ලසිත් Monday, 01 June 2015 08:28 PM

මහින්දට වැරදුනේ මෙයාලා නිසා තමයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 08:38 AM

ප්‍රසන්න සංජීව තෙන්නකෝන් කියන්නේ යකාටවත් බය නැති මාධ්‍යය වේදියෙක්. අහල තියෙන ප්‍රශ්න වලින් ම ඒක පැහැදිලි වෙනවා. කිතුල් ගහට රා බොන්න ගිය එකාට උත්තර තිබුනානම් අර ජාතියේ බඩු විකුනපු මිනිහෙකුගේ දිවේ කටු හැදෙයිද දිව නවන්න බැරිවෙන්න? යුද්ධය දිනන්න තුන් වතාවක් මිහිතලයට ලේ මුසු කල හමුදා වීරයාවූ සරත් ෆොන්සේකා මහත්මයාට ගෝඨාව සනසන්න කියල කරපු අපහාස වලට නියම වන්දිය තවම ගෙවන්න උනේ නැහැ. බැසිල් ගේ සාධු චරිතය ගැන කියමින් ගම්පහ දිස්ත්රි්ක්කය කැලඹු කාඩ් බෝඩ් වීරයා පුතා හිරේ නොගියා නම් අදත් දුෂිතයින්ගේ පශ්චාත් බාගය දෝවනය කරමින් ඉන්නවා. හතරවරම් දෙවිවරුනේ! මේ අවස්තාවාදියා මැදමුලනට දැමු බෝම්බය පුලතිසි පුරයට නම් දාන්න දෙන්න එපා.(නදී)

:       0       0

යටවත්ත Monday, 01 June 2015 12:11 PM

අනේ ඇත්තට මෙහෙමත් කෙනෙක්? (නි)

:       0       0

ලාල් Tuesday, 02 June 2015 01:02 AM

මොකද ඒවා කියන්න බැරි තරමට අප්‍රසන්න ඇති නේද? මෙවැනි අය කල්ඉකුත්වු භාණ්ඩ වගේ අපිට නම්. බුද්ධිමත් තරුණ පරපුර මෙවැන්නන් ප්‍රතික්ෂේප කරනු ඇත. (නි)

:       0       0

නිශාන්ති Monday, 01 June 2015 12:34 PM

නියම කතාව! (නි)

:       0       0

ටිෂාන් Tuesday, 02 June 2015 01:38 AM

මොහු නම් පුදුමාකාර පුද්ගලයෙක් (නි)

:       0       0

හේමන්ත Wednesday, 03 June 2015 08:59 AM

දේශපාලන අඳ බාලයෝ අර මනුස්සයව නැතිකරලා වාචාලකම් දොඩවනවා. ඔහුටත් ඔහොම වෙලා මදි මෙවැනි නොහොබිනා අසීලාචාර වන්ධිබට්ටයෝ ලංකරගෙන සිටියට. (නදී)

:       0       0

පියල් Wednesday, 03 June 2015 07:28 PM

මෙයා ආයෙත් පනින්නද යන්නේ? (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 02 June 2015 08:52 AM

අපිනම් අහන්නේ කෝ මර්වින් සිල්වාට පහුගිය කාලේ කරපු චෝදනා කියලා. යහපාලානේ නිතිය හැමට සමාන නම් මුල්‍ය අපරාද ඒකකය දේශපාලන පලිගැනීමක් නෙමෙයි නම් මේ වගේ අය කොහොමද කිසිම චෝදනාවක් නැතුව මේ විදියේ ප්‍රකාශන කර කර යහතින් එළියේ ඉන්නේ.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 09:45 PM

බෙල්ල කැපුවත් ඒ දෙන්නා අතර රහස් හෙළිකරන්නේ නැහැ කියලා කියන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

ශසී Wednesday, 03 June 2015 10:19 AM

හිටපු ජනාදිපතිතුමා අරලියගහ මන්දීරයට එන්න කියල කාමරයකට එක්කන් ගිහින් ගැහැව්වා කියල දවසක් කිව්වා නේද? (නදී)

:       0       0

ටිකිරි Monday, 01 June 2015 02:46 PM

අනේ අප්පේ! (නි)

:       0       0

සජිත් Monday, 01 June 2015 03:27 PM

කුණු පිළිණු දේවල් අනේ මේවා (බ)

:       0       0

අජිත් ප්‍රනාන්දු Wednesday, 03 June 2015 04:30 AM

මෙයාව කුණුබක්කියට දාලා මුඩිය හොඳට තද කරලා තියෙන්නේ. නැතිනම් පළාතම ගදගස්සවනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4352 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 538 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1140 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 99 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 186 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site