ඒ 2007 වසරේ එක්තරා දිනයකි. හැත්තෑ අට හැවිරිදි ඇනා කොස්ලොව් නිවෙසින් පිටතට පැමිණ අවට බැලුවාය. ඉරමුදුන් වන්නට පෙර කඩමණ්ඩියට ගොස් ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒම ඇගේ අරමුණ විය. හිරු රැසින් ආවරණය වනු පිණිස ලොකු ලේන්සුවක් හිස වටා බැඳගත් ඇය නිවෙසේ ඉදිරිපස fදාර වසා දමා සෙමෙන් සෙමෙන් මාවත දෙසට ගමන් කළාය. නිවෙස ඉදිරිපස මාවතේ මෝටර් රථයක් නවතනු පෙනුණද නිතර වාහන පැමිණෙන හෙයින් ඇයට එහි විශේෂත්වයක් නොවීය.
මෝටර් රථයෙන් කිසියම් පුද්ගලයකු බසිනු ඇයට පෙනිණි. අමුත්තා නළල රැලි ගන්වමින් තම නිවෙස දෙස බලා සිටිනු ඇය දුටුවාය. එක්වරම තම හදවත නැවතුණු සෙයක් ඇයට හැඟිණි. අමුත්තාගේ වියපත් මුහුණ හඳුනාගන්නට ඇයට අසීරු නොවීය. අමුත්තා ද කඩිනමින් ඇය වෙත පිය නැගුවේය. “ඇනා මම ඔයාව කොච්චර කාලයක් හෙව්වද?” කියමින් ඔහු ඇය වැලඳගත්තේය. “බොරිස්, බොරිස් අනේ දෙයියනේ” ඇනාට කෑගැසිණි. කිසිවක් නොfදාඩා බොහෝ වේලාවක් ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන කඳු`ඵ සලන්නට වූහ. දේශපාලනයේ කුරිරු හස්තය විසින් වසර හැටකට පෙර වෙන්කෙරුණු අඹු සැමි යුවළක් යළි හමුවූයේ ඒ අයුරිනි.1940 දශකයේ සෝවියට් සමූහාණ්ඩුවේ පාලකයා වූයේ ජෝසෆ් ස්ටාලින් ය. එවක විසි හැවිරිදි බොරිස් අඩියෙ රතු හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු තරුණ කොමියුනිස්ට් සංගමයේ ප්‍රුාදේශික ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ ඔහු ගමින් ගමට යමින් තරුණ තරුණියන්හට දේශන පවත්වමින් ඔවුන් දැනුම්වත් කිරීමේ කාර්යයේ නිරත විය. සුරූපී ඇනා කොස්ලොව් වාසය කළ බොරොව්ලන්කා ගම්මානයට ද ඔහු පැමිණියේ දේශනයක් පැවැත්වීම සඳහාය. ඔහුගේ දේශනයට සවන් දීම සඳහා තරුණ තරුණියෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. එහි සිටි යුවතියන් අතරින් සුරූපී ඇනාගේ රුව බොරිස්ගේ සිතෙහි ඇඳී ගියේය. දේශනය අතරතුර වරින්වර දෙදෙනාගේ නෙත් එකිනෙක හමුවිය. මේ කඩවසම් තරුණයාගේ මුහුණින් තම දෙනෙත් ඉවතට ගන්නට ඇනාට ද අසීරු විය. දේශනය අවසන් වූ පසු ඔහු ඇනා වෙත පැමිණ ඇය පිළිබඳ විමසීය. විවිධ තොරතුරු කතා බහ කිරීමෙන් පසු ඔහු ඇයගෙන් සමුගත්තේ යළි දකින්නට එන බව පවසමිනි. සති ගණනකට පසු බොරිස් ඇනා දැකීමට ඇගේ නිවෙස වෙත යළි පැමිණියේය. තම සිතැඟි ඇනාට පැවසූ විට ඇනාගේ මව තමන් පත්ව ඇති ඉරණම පිළිබඳව බොරිස්ට පැවසුවාය. දෙවැනි ලෝක යුද්ධයට පෙර සෝවියට් වැසියන්ට දුරබැහැර පිහිටි සමූහ ගොවිපළවල සේවය කිරීමට යා යුතු බවට ස්ටාලින් පාලනය නියෝග කර තිබිණි. එහෙත් ඇනාගේ පියා තම පවුල හැර දමා ඈත පිහිටි ගොවිපළක සේවය කිරීමට යෑම ප්‍රතික්ෂේප කළේය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු “සමාජ විරෝධියකු” ලෙස නම් කොට සැතපුම් දහස් ගණනක් ඈත පිහිටි සයිබීරියාවට පිටුවහල් කිරීමට ස්ටාලින් පාලනය පියවර ගැනීමය. තම දරු පවුලෙන් සදහටම ඈත් කෙරුණු ඇනාගේ පියා සයිබීරියාවේ අන්ත දුක්ඛිත ජීවිතයකට මුහුණ පෑවේය. රජය තම පවුල සමාජ ද්‍රෝහීන් ලෙස සලකන හෙයින් ඇනා රතු හමුදාවේ නිලධාරියකු හා විවාහ වීමෙන් ඔහුට ද ප්‍රශ්න රැසකට මුහුණපෑමට සිදුවනු ඇතැයි ඇනාගේ මව බොරිස්හට කියා සිටියාය.
එහෙත් ඇනාට හදපත්ලෙන්ම ප්‍රේම කළ බොරිස්ට ඇය අත්හැරීමට නොහැකි විය. වරින් වර ඇනා බැලීමට ගිය ඔහු, සිදුවන ඕනෑම ගැටලුවකට මුහුණ දීමට තමන් සූදානම් හෙයින් ඇනා හා විවාහ වීමට අවසර දෙන ලෙස මවගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ බලවත් ඉල්ලීම මත විවාහයට අවසර ලැබුණු අතර 1946දී ඔවුහු විවාහ වූහ. එය දෙවැනි ලෝක යුද්ධයේ අවසන් සමය වූ හෙයින් රට පුරා දැඩි උද්ධමනයක් පැවතිණි. එහෙයින් ඥාති හිතමිතුරන් සු`ඵ පිරිසකගේ සහභාගිත්වයෙන් දෙදෙනාගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වීමට ඔවුනට සිදු විය.
බොරිස්ට හා ඇනාට මධුසමය ගත කිරීමට අවසර ලැබුණේ දින තුනක් පමණි. හදිසි රාජකාරියක් සඳහා ඔහු සේවය කළ සේනාංකයෙන් බොරිස් මොස්කව් නුවරට කැඳවනු ලැබීය. තම බිරිය තනිකොට දමා යෑමට නොහැකි වුවද රාජකාරිය පැහැර හැරිය නොහැකි වූයෙන් මහත් වේදනාවෙන් යුතුව ඔහු ඇනාගෙන් සමුගත්තේ රාජකාරිය නිම වූ විගස යළි පැමිණෙන බව දන්වමිනි. එකිනෙකාගෙන් වෙන්වන මොහොතේ ඔවුනොවුන් යළි හමුවන්නේ වසර හැටකට පසුව යැයි යුවළ කිසිදා නොසිතන්නට ඇත.
සමාජ විරෝධීන් ලෙසින් නම් කළ පවුලකින් රතු හමුදා නිලධාරියකු වූ බොරිස් විවාහයක් කරගෙන ඇතැයි සෝවියට් බලධාරීන්හට අනාවරණ වී තිබිණි. බොරිස් නැවත සේනාංකය වෙත කැඳවූ ඔවුහු කිසිවක් නොහඟවා ඇනා සහ ඇයගේ මව ද පියා මෙන් සමාජ විරෝධීන් ලෙසින් නම්කොට සයිබීරියාවේ වෙනත් පෙදෙසකට පිටුවහල් කිරීමට පියවර ගත්හ. තමන්ට සයිබීරියාවට යෑමට නොහැකි බවත්, එසේ රැගෙන යන්නේ නම් තමන් දිවි තොර කර ගන්නා බවටත් ඇනා කියා සිටියාය. එහෙත් බලධාරීහු නොඇසූ කන් ඇතිව තම රාජකාරිය ඉටු කිරීමට සැදී පැහැදී සිටියහ. ඇනාට තම සැමියාට ලිපියක් ලිවීමට හෝ අවසර නොදුන් බලධාරීහු නිවෙසේ වූ භාණ්ඩ කිහිපයක් හා ඇඳුම් පැළඳුම් ටිකක් පමණක් රැගෙන පැය ගණනක් ඇතුළත පිටවන ලෙසට අණ කළහ. ඇනා හා මව හමුදා ට්‍රක්රථයක නංවාගෙන ගොස් සයිබීරියාව බලා යන දුම්රියට නැංවීමට ඔවුහු පියවර ගත්හ. ඇයගේ ජීවිතයේ දුක්බරම කාලපරිච්ඡේදය ඇරඹුණේ එතැන් සිටය. ඔවුනට සිදු වූයේ කුමක්දැයි අසල්වැසියෝ නොදත්හ. දැන සිටියේ හමුදා ට්‍රක් රථයක නංවාගෙන ඔවුන් රැගෙන ගිය බව පමණි.
දෙමසකට පමණ පසු ලද නිවාඩුවේ දී බොරිස් යළි නිවෙස කරා පැමිණියේය. වෙනදා තමා පිළිගැනීමට ඉදිරියට දිව එන ඇනා එදින පෙරමගට නොපැමිණීම පිළිබඳ ඔහුගේ සිතට සියුම් වේදනාවක් දැනිණි. නිවෙසේ fදාර වසා තිබූ අතර කලකින් එහි කිසිවකු නොසිටි බවට හැඟවෙන ලකුණු පෙනෙන්නට තිබිණි. ඔහු නිවෙස වටා යමින් ඇනා ඇමතීය. පිළිතුරක් නොලද හෙයින් අසල්වැසියන්ගෙන් විමසුව ද ඔවුනට කුමක් සිදුවීද, කොතැනක රැගෙන ගියේද යන්න කිසිවකු දැන සිටියේ නැත. බොරිස් සිහි විකල් වූවකු මෙන් දින ගණනාවක් පුරා ඇනා සෙවීය. එහෙත් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ඔහුට දැනගත නොහැකි විය. රජයේ බලධාරීන් හමුවී ඇනාට වූයේ කුමක්දැයි ඔහු විමසා සිටිය ද කිසිදු තොරතුරක් ලබාදීම බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. අවසානයේ ඇය සයිබීරියාවට පිටුවහල් කර ඇතැයි යන ආරංචිය මිතුරකුගෙන් ලැබිණි. එහෙත් ඔවුන් සිටින්නේ කුමන ඉසව්වකදැයි යන්න ඔහු දැන සිටියේ නැත. සයිබීරියාව සෝවියට් දේශයේ ඉතා විශාල භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු ප්‍රදේශයක් විය. එහි කිසිවකු සෙවීම පිදුරු ගොඩකට වැටුණු ඉදිකටුවක් සෙවීමටත් වඩා අසීරු විය. බොරිස් තවත් බොහෝ කලක් ඇනා සෙව්වේය. එහෙත් ඔහුට ඇය හමුවූයේ නැත. සමාජවාදයේ යකඩ හස්තය විසින් ඔවුහු දෙදෙනා වෙන් කොට තිබුණාහ.
බොරිස් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමේ මගක් ඇනාට නොවීය. ලිපි ලිවීමට හා නැවත තම නිවෙසට යෑම රජය විසින් තහනම් කර තිබූ හෙයින් ඔහු හමුවීමට යෑමට ද නොහැකිය. බොරිස් යළි හමුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඇනා බොහෝ කලක් බලා සිටියාය. තම දියණියගේ යොවුන් විය අකාලයේ විනාශ වනු දැකීමෙන් ඇනාගේ මව කම්පාවට පත් වූවාය. ඇනා යළි විවාහ විය යුතු යැයි ඇය බල කළේ එහෙයිනි. තමා බොරිස් වෙනුවෙන් සදහටම තනිකඩව සිටින්නේ යැයි ඇනා තරයේ කියා සිටියාය. තමන් පෙම් කළ අවධියේ බොරිස් විසින් එවන ලද පෙම්හසුන්, ඡායාරූප, කවි ආදිය යළි යළිත් කියවමින් ඇනා හුදෙකලා දිවියක් ගත කළාය.
ඇනාට සයිබීරියාවේ දැව කම්හලක රැකියාවක් ලැබිණි. දිනක් ඇය සේවයට ගිය විටෙක මව ඇනා සුරැකිව තබාගෙන සිටි බොරිස්ගේ පෙම්පත් හා ඡායාරූප සියල්ල ගිනිබත් කළාය. ඒ අතර ඔවුන්ගේ ප්‍රේමයේ සංකේතය වූ විවාහ මංගල ඡායාරූපය ද විය. ඒ බව දැනගත් ඇනා දින ගණනක් හැඬූ කඳුළින් ගත කළාය. ඇනාගේ මව ඇයට තරුණයකු යෝජනා කළේ මේ අතර ය. තමන් දන්නා තරුණයකු සිටින බවත් ඔහු හා විවාහ විය යුතු බවටත් මව ඇයට පැවසුවාය. ඉන් කෝපයටත් ශෝකයටත් පත් ඇනා වත්ත කෙළවරට ගොස් මහ හඬින් හඬා වැලපුණාය. තවදුරටත් ජීවත් වීමෙන් පළක් නොමැති යැයි සිතූ ඇය රෙදි වේලීම සඳහා ගැටගසා තිබූ ලණුවක් ගෙන ගෙල වැලලා ගන්නට ගියාය. මවගේ පැමිණීම හේතුවෙන් ඇගේ දිවි ගැලවිණි. ඇයට පහර කිහිපයක් ගැසූ මව යළි එවැනි මෝඩ ක්‍රියා නොකරන ලෙස ද බැණ වැදුණාය. කාලය තවත් වසර කිහිපයක් ඉදිරියට ගලා ගියේය. තමන් යෝජනා කළ තරුණයා හා විවාහ වන මෙන් මව යළිත් වරක් ඇනාගෙන් ඉල්ලා සිටියාය. අවසානයේ ඔහු හා විවාහ වන්නට ඇනා හිත හදා ගත්තාය.
ඇනා සොයමින් බොහෝ කලක් ගත කළ බොරිස්ද යළි විවාහ වූයේය. රතු හමුදාවෙන් ඉවත්ව සිටි ඔහු පූර්ණකාලීන ලේඛකයකු ලෙසින් ජීවිතය ගෙන ගියේය. ඔහු තම ප්‍රථම කෘතිය කැප කරනු ලැබුවේ ‘දින තුනකට පමණක් සීමා වූ විවාහයේ තම බිරිය වූ ඇනාට’ය.
කාලය ගෙවී ගියේය. ස්ටාලින් පාලනය නිම විය. තවත් කලකට පසු සෝවියට් දේශය ද කැබලිවලට කැඩී ගියේය. ස්ටාලින් රජය මගින් සයිබීරියාවට පිටුවහල් කරනු ලැබ සිටි ඇනා එම තහංචියෙන් ගැලවිණි. තම සැමියා මියගොස් සිටි හෙයින් ඇය යළි තම පැරණි නිවෙස කරා ගියාය. මේ වන විට බොරිස්ගේ බිරිය ද මියගොස් සිටි හෙයින් ඔහුද තනිකඩයකු විය.
තම මව මිහිදන් කර තිබූ සුසානයට ගොස් ඇයට ගෞරව දැක්වීමට බොරිස්ට අවශ්‍ය විය. බොහෝ කලකින් එහි නොගිය හෙයින් සුසානයේ සැතපෙන මව ඇතු`ඵ සියලු ඥාතීන් සිහිපත් කිරීම සඳහා ඔහු සැතපුම් ගණනක් දුර ගෙවා එහි යමින් සිටියේය. සුසානය පිහිටියේ ඇනා සමග ඔහු ජීවත් වූ ගම්මානයට ඔබ්බෙන් වූ හෙයින් ඇනා ජීවත් වූ පැරණි නිවෙස අසල මෝටර් රථය මොහොතක් නවත්වන්නට ඔහු සිතුවේය. කිසියම් මහලු රුවක් ඇගේ නිවෙසින් පිටතට එනු ඔහුට පෙනිණි. ඔහුට තම දෙනෙත් අදහා ගත නොහැකි විය. නිවෙසින් එළියට පැමිණියේ ඇනාය. හැට වසරකට පසු වුවද එදා ඔහු ප්‍රේම කළ ඇයගේ වත හඳුනා ගන්නට ඔහුට අපහසු නොවීය. ඒ ඇනාමය.
ඒ වන විට බොරිස් 80 හැවිරිදි මහල්ලෙක් විය. ඔහු වහ වහා ඇනා වෙත ඇවිද ගියේය. දෙනෙතින් ගැලූ කඳු`ඵ මුහුණ පුරා රූරා වැටිණි. ඔවුහු හැට වසරකට පසු යළි හමුවූහ. දින කිහිපයක් ඇනා සමග එම නිවෙසේ ගත කළ බොරිස් යළි තමා විවාහ වන්නැයි ඇගෙන් ඉල්ලා සිටියේය. “මේ මහලු වියේ මොන විවාහයක්දැ”යි ඇනා ඔහුගෙන් ඇසුවාය.
’‘අපි දැන් මහලු තමයි. දැන් මට කිසිවකු නැහැ, ඔයාටත් කවුරුත් නැහැ. අපි එකිනෙකාට ගොඩාක් ආදරේ කළා. ඒත් දෛවය අනුව අපිට වෙන් වෙන්න සිදු වුණා. අපි ආයෙත් මේ විදියට හමුවුණේ දෛවය අනුවයි. ඉතින් මැරෙන තෙක් අපි දෙන්නා එකට ඉමු.” බොරිස් ඇයට කීවේය. ඇනා ඔහුගේ ඉල්ලීමට එකඟ වූවාය. ඔවුන් දෙදෙනා යළි විවාහ වූහ. “මේ මහලු වයසේ ආයෙත් වවාහ වෙන්න ලැබේවි යැයි මං කවදාවත් හිතුවේ නැහැ. මට මං හැම දේටම වඩා ආදරය කළ මිනිසා ආයෙත් හමුවුණා. අපට එක්ව ජීවත් වීමට ඇත්තේ තව ටික කාලයක් පමණයි. අපේ ජීවිතයේ සුන්දරම අවධිය නිකරුණේ ගෙවිල ගියා. ඔහු එක්ක තවදුරටත් වාද කරමින් කාලය නාස්ති කරනවාට වඩා ඔහු හා විවාහ වෙලා ජීවිතේ ඉතිරි කාලෙ සතුටින් ඉන්න එක වැදගත් කියල මට හිතුණා.” යනුවෙන් විවාහයෙන් පසු ඇනා පවසා තිබිණි. “ඇනා පිළිබඳ කිසිම තොරතුරක් නොමැති වූ නිසයි මා විවාහයක් කර ගන්න හිතුවෙ. එහෙත් ඇනා පිළිබඳ මගේ සිතේ තිබුණු ප්‍රේමය කවදාවත් වෙනස් වුණේ නැහැ. හැම මොහොතකම මා ඇය පිළිබඳ සිතමින් හිටියා. මීට වසර හැටකට ඉහත අප මුලින්ම හමුවූ දවසේ සුන්දර මතක ආයෙත් මට ලැබුණා.” බොරිස් පවසා තිබිණි. අයෝමය කඩතුරාවෙන් වැසී තිබූ සෝවියට් දේශයේ රුදුරු පාලනයේ ගොදුරක් බවට පත් පෙම්වතුන් යුවළක් මුහුණ පෑ ඛේදවාචකය 60 වසරකට පසු අවසන් වූයේ ඒ අයුරිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැට වසරකට පසු යළි හමුවූ අඹු සැමියෝ
අජිත් Wednesday, 01 June 2016 12:34 PM
ආයු රක්ඛන්තු ආවඩා...... දීර්ඝායුෂ ලැබේවා! (නි)
ටිකිරි Wednesday, 01 June 2016 07:21 PM
හරිම සංවේදී කතාවක් (නි)
නුවන් Thursday, 02 June 2016 08:38 AM
මිනිසුන්ට වැළදෙන්න පුළුවන් භයානකම ලෙඩේ ජාතිආලේ ,දේශානුරාගේ , මේවයේ අවසන් ප්‍රතිපල මේ වගේ ආදරණිය මිනිසුන් විඳවන එක (ම)
නෙමේන් Thursday, 02 June 2016 11:07 AM
හරිම දුකයි මෙවන් මිනිසුන් වාසනාවන් (ම)
ජයසිරි Friday, 03 June 2016 12:58 PM
මම මේ ලිපිය කියෙවේ නෑ තාම, පටක අදහස් ටික කියවලා, මට කදුළු අාවා , දැන් මන් දන්නවා මේ ක හරීම සංවේදී ලිපියක් බව, (හේ)
ගාමිණී දිසානායක Saturday, 04 June 2016 03:13 PM
මීටපෙර මා කියවා ඇති සොවියට් රුසියා කතා සහ ආදර කතා හරිම ආදරණීයයි (නි)
රූපවතී Saturday, 04 June 2016 06:18 PM
මේ ලිපිය කියවා ඉවර වෙද්දී කිසිවක් නොපෙනී දෑස බොඳවෙලා කදුළු ගඟක් ගලාගෙන ගිය. හරිම සංවේදී ලිපියක්. දීර්ඝායු වේවා ඔබ දෙදෙනාට...! (නි)