අසෙනි වරුසාව කෙළවර හාත්පස පාරිශුද්ධ වූ ජීවයකින් ඔප වැටී තිබුණි. හේබාව ගොස් තිබූ තුරු මත පවා අලූත් නිල්වන් දළු රිකිලි දළුලන නැකැත් පැමිණෙමින් තිබුණි. පොහොට්ටු මත ගුලිවී සිටි මල් පෙති දිග හැරෙමින් පිපෙන්නට පෙර මග බලා සිටියේය. වැස්ස මේ තරම් අසිරිමත් ද?
ඒ වැස්ස ජීවිතය වැනි යැයි සිතුන තවත් මොහොතක් නික්ම ගියේය. වැස්සක් මෙන්ම ජීවිතය සුන්දර යැයි සිතෙන, තවත් මොහොතක් නික්ම ගියේය. ජීවිතයට ආදරය කළ හැකි නම් ලබා ගත නොහැක්කේ කුමක් ද?
ලංකාවේ ප‍්‍රථම දිසාපතිනිය වීමේ ගෞරවයට හිමිකම් කියන ඇගේ ජීවිතය පෙළින් පෙළ කියවද්දී ජීවිතය කොතෙක් නම් ආශිර්වාදාත්මක දැයි යන හැඟීම යළිත් මා සිත් මඬලට පිවිසියේය.
1939.12.26 වැනි දින කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්මඩල නම් ගම්මානයේ උපත ලද බිළිඳිය කන්ද පහළ ගෙදර රන්මැණිකේ නම් වූවාය.
ගොවිතැන ජීවිකාව කරගත් පියකුට දාව ගැමි මාතාවකගේ කුස මඬල යහනත කොට ගනිමින් පවුලේ දෙවැනි දරුවා ලෙස උත්පත්තිය ලද රන්මැණිකේ මවගේත් පියාගේත් ආදරය රැකවරණය මැද හැදී වැඩුනාය. දරුවන් අට දෙනකුට ජීවිතය දෙන්නට තරම් පින්සාර වූ ඒ අම්මාත් තාත්තාත් දරුවන්ගේ ජීවිත අකුරු සාස්තරයෙන් කලඑළි වීමේ සිහිනය සැබෑවක් කර ගන්නට වෙහෙසුනාය.
අස්මඩල යනු බෙහෙවින්ම දුෂ්කර ගම්මානයකි. සැබැවින්ම ඒ ගම්මානය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වූ ගම්මානයකි. සතර දිසාවෙන් වඩින සංඝයා වෙනුවෙන් ලෙන් ලිපි පූජා කළ ඉතිහාස සාක්‍ෂි සහිත ඉපැරැණි ගම්මානයකි. තමා උපත ලද ඒ ගම්මානයේ අතීත ශ්‍රී විභූතිය මේ ගොවි පියා රන්මැණිකේ දියණියට කියා දුන්නේ ඇය කුඩා සන්දියේදීමය.
‘‘මගේ තාත්තාට මම කතා කරන්න පුරුදු වෙලා හිටියේ පප්පා කියලා. පප්පා අටේ පන්තියට වෙනකම් ඉගෙන ගෙන තිබුණා. අම්මා ඉගෙන ගෙන තිබුණේ හයේ පන්තියට. ඒත් පප්පා ඉගෙනීමේ වටිනාකම හොඳින් දැන හිටියා. පුංචි කාලේ අපේ ගමේ ඓතිහාසික වටිනාකම මට කියලා දුන්නෙත් මගේ පප්පා.’’
අද ජීවිතයේ හැත්තෑ හතර වැනි ජීවන පරිච්ඡේදයේ අකුරු කියවන රන්මැණිකේ ගුණතිලක මහත්මිය එදා මතකය යළි සිහිපත් කළාය.
පහේ පන්තිය සමත් වෙන තුරු ඈ අකුරු උගනින්නට ගියේ ගමේ පාඨශාලාවටය. කෑගල්ල ගුරුබැවිල ප‍්‍රාථමික විද්‍යාලය ලෙස හැඳින්වූයේ එම පාඨශාලාවයි. සෑම දවසකම පොත් මිටියක් ළයට තුරුළු කරගෙන ඇය සැතපුම් දෙකක් දුර පාඨශාලාව වෙත පයින් ගියාය. ගමේ ගොඬේ පුංචි පැංචියන් ඒ පාසල් ගමනේ තනි නොතනියට රන් මැණිකේ හා එක් වූවාය.
පාසලට ඇන්දේ පාට පාට චීත්ත ගවුම්ය. සපත්තු තබා මිරිවැඬි සඟලක්වත් ඒ පුංචි පා පොඩි මත නොරැදුණේය. නිරාවරණ දෙපතුල් මහ පොළව මත තබා අනෝරා වැසි වසින තත්පරයක දී වුවත්, ගිනි ගහන අව් කාටකේ වුවත් ඒ පාසල් ගමන යන්නට රන් මැණිකේගේ සිත නොපැකිලූනාය.
ඇළ, දොළ කඳු හෙල් පල්ලම් අතරින් වැටුණු අඩි පාරක් දිගේ ඇය ජීවිතයට මහ’රැත් සපයනු පිණිස සාර සිප් සොයා ගියාය.
ශිෂ්‍යත්ව විභාගය ලියන්නට එදා හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයට ඈ ගියේ සැතපුම් හත හමාරක් දුර ගෙවාය. සැතපුම් හත හමාරක දුර පයින් ගිය ඇයට විභාග ශාලාවට ගොඩ වෙද්දීත් මහන්සිය නොදැනුණා නොවේ. එහෙත් ඇය ශිෂ්‍යත්වයේ කඩඉම ජය ගත්තේ අස්මඬල ගම්මානයෙන් ගමේ පාසලට ගොස් ශිෂ්‍යත්වය සමත් වුණු පළමු දැරිවිය වීමේ ගෞරවය ද හිමි කර ගනිිමිනි.
ශිෂ්‍යත්වය ජයගත් රන් මැණිකේ කෑගල්ල අරණායක මාවතගොඩ මධ්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්නට වරම් ලද්දාය. අද මාවතගොඩ රිවිසඳ මධ්‍ය විද්‍යාලය ලෙස හඳුන්වන්නේ ඒ පාසලය.
ඒ පාසලට ගිය දා පටන් අපට ඉගැන්නුවේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. පාසලේ නේවාසිකාගාර තිබුණා. පිරිමි ගෑනු නේවාසිකාගාර වෙන වෙනම තිබුණා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ආරම්භ කළ මුල්ම පාසල් 54න් එක පාසලක් තමා එය.
මා ඉගෙන ගන්න දක්‍ෂයි. පාසලේ දී ක‍්‍රීඩා කටයුතුත් කළා. නෙට්බෝල්, බැඞ්මින්ටන්, කැරම් වගේ ක‍්‍රීඩා කළා. ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව බවටත් පත් වුණා. බාලිකා ශිෂ්‍ය නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. නිවාස නායිකාව ලෙසත් කටයුතු කරලා තියෙනවා. පාසලේ දී නැටුම් ඉගෙන ගත්තා. රෙදි විවීමත් ඒ කාලයේ විෂයයක්.
අපට නැටුම් ඉගැන්නුවේ බුදවත්තේ පුංචි ගුරු මහත්තයා, කුලසිරි බුදවත්ත මහත්තයාගේ පියා. මට හයේ පන්තියේ ඉඳන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය දක්වාම ඉගැන්වූ ගුරුවරයකුත් හිටියා. ඒ ගුරුතුමා අවසානයේ විදුහල්පතිවරයෙක් වුණා. ඒ ගුරුතුමා දැන් ජීවතුන් අතර නෑ. ඔහුගේ නම සෝමනාත් මහලියන.
ඒ ගුරුතුමාගේ බිරියත් ගුරුවරියක්. ඇගේ නම සෝමා මහලියන. මා ඒ ගුරුතුමියගෙනුත් ඉගෙන ගත්තා. ඒ ගුරුතුමිය අදටත් ඉන්නවා. අදටත් එදා ගුරුවරු දුන්න ශිල්පය වෙනුවෙන් මගේ හිතේ ගුරු ගෞරවය තිබෙනවා. ඒ නිසාම ඒ ගුරුවරු බලන්න මා අදටත් යනවා. මට පහේ ශිෂ්‍යත්වයේ දී උගන්වපු ගුරුවරයාත් තාම ඉන්නවා. ඒ ගුරුවරයාගේ නම සෙනෙවිරත්න. පානගමුව තමා ඒ ගුරුතුමාගේ ගම. ඒ වගේම ගමේ පාසල අරම්භ කරන්න මුල් වුණු පානගමුවේ ජිනරතන හාමුදුරුවෝත් අද අපවත්ව සිටියත් මම ගෞරවයෙන් මතක් කරනවා.
ලද සිප්සතරේ මහිමයෙන් 1959 දී ඇය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය.
පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ මා 1959-1962 කාලයේ දී ඉගෙන ගත්තා. මා සරසවියට තේරුණා. සෝමනාත් මහලියන ගුරුතුමා මගේ මව්පියන්ට කීවා දරුවා ඉගෙන ගන්න දක්‍ෂයි, සරසවියට යවන්න කියලා. අම්මාත් පප්පාත් ඒකට එකඟ වුණා. අපේ පවුලේ අප හතර දෙනෙක්ම සරසවි උපාධි ලබා ගත්තා. එදා සරසවිය දැනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අපි හුඟක් වෙලාවට ඇන්දේ සාරිය හෝ ඔසරිය. සාය හැට්ටත් ඇන්දා.
මම සරසවියට යන්න පෙර ගුරු විද්‍යාල ප‍්‍රවේශය සමත් වෙලා ගුරුවරියක් ලෙස පුහුණුවටත් ගියා. ඒත් සරසවි ප‍්‍රතිඵල ආවාම එය අත් හැරලා ආපහු ආවා. මා හිටියේ හිල්ඩා ඔබේසේකර සරසවි නේවාසිකාගාරයේ. මහාචාර්ය කුසුමා කරුණාරත්න එදා මට පසු වසරේ ශිෂ්‍යාවක්. සරසවි නේවාසිකාගාරයේ දී අපි යාළුවෝ වගේ හිටියා. එයා එදා ඉඳන්ම හරිම චාම් කෙනෙක්.
අද ප‍්‍රවීණ ලේඛිකාවක් වන අනුල ද සිල්වා මහත්මියත් මට පසු වසරේ ශිෂ්‍යාවක්. ඒ වගේම මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිය කුසුම් දිසානායක මහත්මියත් සරසවියේ මගේ වසරේ ශිෂ්‍යාවක්.
මම ශාස්ත‍්‍රවේදී සාමාන්‍ය උපාධිය කළේ. විශේෂ උපාධියක් නොකළේ මව්පියන්ට බරක් නොවී ඉක්මනින් රැකියාවකට එන්න ඕනෑ වුණ නිසා. මා ඉගෙන ගත්තේ සිංහල, භුගෝල විද්‍යාව හා පෙරදිග ඉතිහාසය යන විෂයයන්.
දෙවැනි පන්තියේ සාමාර්ථයක් මට හිමි වුණා. ඒ කාලේ අද වගේ සරසවි වර්ජන නෑ. අප හොඳට ඉගෙන ගත්තා. එදා උපකුලපතිතුමා වුණේ සර් නිකුලස් ආටිගල. ශිෂ්‍ය සංගමයේ සභාපති වුණේ සරත් අමුණුගම. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය රන්මන්ඬල, මහාචාර්ය හෙට්ටිආරච්චි, මහාචාර්ය කුලරත්නම් වගේ දක්‍ෂ සරසවි ඇදුරන්ගෙන් එදා අපි ශිල්ප ලැබුවා. ඒ ජීවිතයේ ඉතාමත්ම වටිනා කාලයක්. පේ‍්‍රමය කරණ කොටගෙන රන්මැණිකේ විවාහ වූයේ ඥාතියෙක් ද වූ ගුරු තරුණයෙකු සමගය. ඔහු එල්.එම්. ගුණතිලකය.
එයා අද ජීවතුන් අතර නෑ. රෝගාතුර වී 1977 දී මිය ගියා. මා විවාහ වූයේ 1964 දී. මට ඉන්නේ පුතයි දුවයි. දුව සහකාර අධ්‍යක්‍ෂවරියක්. පුතා දේපළ රැුක බලා ගෙන කෘෂිකාර්මික කටයුතු කරනවා. අද මම මුණුපුරෙක් සහ මිණිපිරියක් ඉන්න ආත්තම්මා කෙනෙක්.
ඒ ආත්තම්මාගේ ජීවිත යටගියාවේ තවත් කඩඉම් සොයා යන්නට අපට වුවමනාය.
එදා අද වගේ නෙවෙයි සරසවියෙන් පිට වෙද්දිම රැුකියාවක් ලැබෙනවා. පත්වීම ගෙදරටම එනවා. පත්වීම් ලිපි ප‍්‍රදාන නෑ.
ඇය 1962 දී උප ගුරුවරියක ලෙස කෑගල්ල තුල්හිරිය මහා විද්‍යාලයෙන් තම වෘත්තීය ජීවිතය ඇරැුඹුවාය. 1964.05.17 වැනි දින දක්වා ඒ පාසලේ සේවය කළ ඇය 1964.05.18 වැනි දින සිට 1967.09.30 දක්වා කෑගල්ල අල්ගම මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කළාය.
ශ්‍රී ලංකා පරිපාලන සේවය ආධුනික සේවයට ඇය අනුයුක්ත වන්නේ 1967.10.01 වැනි දින සිට 1968.05.30 වැනි දින දක්වාය. ඉනික්බිති 1968.06.01 වැනි දින සිට 1973.03.07 වැනි දින දක්වා ඇය ගම්පහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරිනිය ලෙස කටයුතු කළාය.
1963 දී තමා පරිපාලන සේවයට පළමුවෙන් කාන්තාවන් ගත්තේ. මම එතකොට එයට අයැදුම් කළේ නෑ. ඒ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියන් සමග එහෙම තරග කරන්න මට පුළුවන් වෙයිද කියලා සැක හිතුන නිසා. ඒත් දෙවැනි වතාවේ අල්ගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාත්, මගේ මහත්තයාත් මාව උනන්දු කළා ඒ විභාගයට ඉල්ලූම් කරන්න කියලා.
ඒ කාලයේ විවාහක නම් ඒ විභාගය ලියන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ අවසරයක් ඕනෑ. මම ඒ අවසරය අරන් විභාගය ලිව්වා. විභාගයට යද්දී මම ගර්භනී කාන්තාවක්. මගේ පළමු දරුවා ලැබෙන්න හිටියේ.
ඒ විභාගයේ ප‍්‍රතිඵල ඇවිත් මම සම්මුඛ පරීක්‍ෂණයට යද්දී මට දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නවා. මම කීවා මට දරුවකුත් ලැබෙන්න ඉන්න නිසා වැඩක් වෙන එකක් නෑ, ඊට නොගිහින් ඉන්නම් කියලා. ඒත් අනිත් අයගේ උනන්දු කිරීම නිසා මා ඊට ගියා.
සම්මුඛ පරීක්‍ෂණයේ දී ප‍්‍රශ්න ඇහුවේ ඉංග‍්‍රීසියෙන්. මිශ‍්‍ර අධ්‍යාපන ක‍්‍රමය ලංකාවට ගැලපෙනවද ඇහුවා. කෘෂිකර්මය ගැන ඇහුවා. හොඳින් උත්තර දුන්නා.
දවසක් මට කවුදෝ කතා කරලා සුබ පැතුවා. මා ඇහුවා ඇයි මට සුබ පතන්නේ කියලා. ඇයි දන්නේ නැද්ද ඉංග‍්‍රීසි පත්තරේ ප‍්‍රතිඵල දාලා කියලා එයා කිව්වා. එත කොට තමා දන්නේ මම එය සමත් වෙලා කියලා. ගමේ ඉංගී‍්‍රසි පත්තරේ ගන්නෙ නෑනේ. ඉතින් කවුදෝ කියන කම් මා ඒ බව දන්නේ නෑ.
මම පුහුණුවට ගියේ බම්බලපිටියේ තිබුණු පරිපාලන අභ්‍යාස ආයතනයට. නිවෙසක තමා එදා එය පිහිටුවා තිබුණේ. මාස 6යි පුහුණුව. කච්චේරිවලට අනුයුක්ත කරලා විධිමත් පුහුණුවක් දෙනවා. දිස්ත‍්‍රික් පරිපාලන කටයුතුවල හැම දෙපාර්තමේන්තුවකටම අනුයුක්ත කරලා පුහුණුව දුන්නා. නැවත පරිපාලන අභ්‍යාස ආයතනයේ මසක පුහුණුවක් දෙනවා.
ඒ කාලයේ පරිපාලන සේවයට කාන්තාවක් ගත්තේ සීයට දහයක සීමා කිරීමක් යටතේ. අප කාන්තාවෝ 17ක් එදා හිටියා. එයින් දෙදෙනෙක් විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුර එහෙම ලැබිලා මුලින්ම සේවයෙන් ඉවත් වුණා.
මට පත්වීම ලැබුණේ ගම්පහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. හැබැයි ඉහළට යද්දී කාන්තාවන්ට විවිධ අභියෝග එනවා. කකුලෙන් ඇදලා පහළට දාන්න හදන අය ඉන්නවා. මටත් එහෙම අත්දැකීම් තියෙනවා.
මා සේවයට ගනිද්දිත් ඒ ආයතනයේ සමහරුන්ගෙන් විරෝධයක් ආවා. ඒත් මගේ ප‍්‍රධානියා වුණේ පළපුරුදු වයෝවෘද්ධ කෙනෙක්. ඔහු කීවා ඒ වගේ තරග විභාගයක් සමත් වුණේ ඇය දක්‍ෂ නිසා. ඇය මගේ යටතේ වැඩ කරන්න එන නිලධාරිනියක් කියලා.
ඔහුගෙන් මට විශාල සහයක් හා දිරියක් ලැබුණා. එදා අපූරු සිදු වීමක් වුණා. මගේ විදුහල්පතිවරයෙක් මම ගම්පහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගිය දවසේ එහි ආවා. ඒ විදුහල්පතිතුමාගේ මිතුරෙක් වුණු මගේ ආයතන ප‍්‍රධානියා හමු වෙන්න. මම විදුහල්පතිතුමාට දන ගහල වැන්දා. විදුහල්පති තුමා මම දක්‍ෂ කෙනෙක් විදියට හඳුන්වා දීලා මට සුබ පැතුවා. එය මට සතුටක් වගේම මානසික ශක්තියක් වුණා. ඇගේ වෘත්තීය ජීවිතයේ තවත් සුවිශේෂි කඩඉම් බොහෝ වෙයි.
1973.03.08 වැනි දින සිට 1975.01.31 වැනි දින දක්වා මාතලේ සමාජ සේවා සහකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ ඇය 1975.02.01 වැනි දින සිට 1977.01.09 වැනි දින දක්වා කෑගල්ල සමාජ සේවා සහකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළාය.
1977.01.10 වැනි දින සිට 1979.08.07 වැනි දින දක්වා ඇය කටයුතු කළේ කෑගල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත (සහකාර දිසාපති* ලෙසය. පසුව ඇය කෑගල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ අතිරේක ආණ්ඩුවේ ඒජන්ත හෙවත් අතිරේක දිසාපති ලෙස කටයුතු කළාය. ඒ 1979.08.08 වැනි දින සිට 1991.05.16 වැනි දින දක්වාය.
එල්.යූ.සී කුරුප්පු දිසාපතිතුමා විශ‍්‍රාම යද්දී ඒ ධුරය සඳහා ඊළගට මා සුදුසු බවට රජයට නිර්දේශ කළා. කරුණු පෙන්නුවා. ඒ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලය. ජනාධිපතිතුමා කීවා හොඳින් වැඩ කරනව නම් කාට වුණත් තැන දෙන්න ඕනෑ. ස්ත‍්‍රී, පුරුෂ භේදයක් අවශ්‍ය නෑ කියලා. අවසානයේ මගේ පත්වීම අනුමත වුණා.
ගැහැනියක් ලෙස ඉදිරියට යද්දී ඒ මග අවුරන්නට පැමිණි බාධක වෙත් නම් ඒ සියල්ල මැඩගෙන ඇය ඉදිරියටම ගියාය. ශ්‍රී ලංකාවේ පළමු දිසාපතිනිය ලෙස ඇය ලද පත්වීම ඒ ගමන් මගේ රිදී රේඛාවයි.
1991.05.17 වැනි දින ඇය කෑගල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත (මහ දිසාපති) ලෙස වැඩ බාර ගත්තාය. 1992.12.31 දක්වා ඇය එම ධුරයේ කටයුතු කළාය.
1993.01.01 සිට 1995.09.30 වැනි දින දක්වා මා කෑගල්ල පරිපාලන දිස්ති‍්‍රක්කයේ දිස්ත‍්‍රික් ලේකම් ලෙස කටයුතු කළා. 1995.10.01 වැනි දින සිට 1997.09.14 වැනි දින දක්වා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප‍්‍රාදේශීය පරිපාලන) ලෙසත් 1997.09.15 වැනි දින සිට 1997.09.30 වැනි දින දක්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙසත් කටයුතු කළා.
එසේ තානාන්තර රැසක් හෙබවූ ඇය රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙනි. 1997.10.01 වැනි දින සිට 1999.12.26 වැනි දින දක්වා ඇය එම ධුරය දැරුවාය.
ඊට අමතරව මා කෑගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්‍ෂවරියක ලෙසත් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අධ්‍යක්‍ෂවරියක ලෙසත් සේවය කළා. 1982 දී මා ඉන්දියාවට ගියා. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කාන්තා පුහුණු කරවන්නියන්ගේ වැඩමුළුවකට. 1985 දී මම ඒකාබද්ධ ග‍්‍රාමීය සමීක්‍ෂණ පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකට නෙදර්ලන්තයට ගියා. ඒ මට ලැබුණු ශිෂ්‍යත්වයක්.
1989 මම ඵලදායිතාකම පිළිබඳ වැඩමුළුවකට සිංගප්පූරුවටත් කාන්තා ශ‍්‍රම වෙළෙඳපොළ වෙනස් වීම පිළිබඳ සම්මන්ත‍්‍රණයකට වියට්නාමයටත් ගියා.
සැබැවින්ම කාන්තාවක් ලෙස ඇය පැමිණි ගමන පිළිබඳ අද ඇය හදවතින්ම සතුටු වන්නීය. බිරියක, මවක ලෙස තම යුතුකම් වගකීම දෙවුර දරමින් ඇය ආදර්ශවත් කාන්තාවක් ලෙස කටයුතු කළාය. ජීවිතයේ දුෂ්කරතා හමුවේ අමා වැස්සක්ව ආශිර්වාදයෙන් ඈ සිත සැනසූ මිනිසුන් මෙන්ම ඈ යන ගමන වළක්වන්නට කොටු පවුරු බඳින්නට සැරසුණු මිනිසුන් ද ඈ පැමිණි ගමන් මගේ දී ඇයට හමු විය.
එහෙත් නොනිමි අදිටන හා ගැහැනියක සතු උත්පත්ති උරුමයක් වූ දිරිය ශක්තිය ඇය ඉහළ තැනක ඔසවා තැබුවාය. ලංකාවේ පළමු මහා දිසාපතිතුමිය දක්වා ඈ පැමිණි ගමන් මගේ එක් රහසක් වූයේ එයයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිතවතෙක් සුබ පතනකම් මා විභාගය සමත් බව දැන සිටියේ නෑ
රුමී Monday, 25 March 2013 11:41 AM
හැම සතියකම මෙවැනි දිරිය මිනිසුන් ගැන පළවෙනවා නම් හොදයි. (නි)
ගාමිණී Friday, 29 March 2013 09:37 PM
කෑගල්ලේ උපන් අපිටත් ලොකු ආඩම්බරයක්. සතුටක්. (නි)
ප්‍රසන්න Saturday, 30 March 2013 08:03 PM
මෙන්න දරුවනේ ආදර්ශෙට ගන්න. ලොව ජයගන්න.(නදී)
දීපාල් Sunday, 24 March 2013 05:11 PM
ඔබ තුමියගේ උත්සාහයෙන් ගත් ජයග්‍රහණයට මගේ උනුසුම් ස්‍රභපැතුම් හා තවත් බොහෝ කාලයක් ජීවත්වීමට වාසනාව උදාවේවා!(නදී)
අනුෂා Sunday, 24 March 2013 07:32 PM
ඔබ තුමියගේ ගමන් මග මුළු රටටම ආදර්ශයක්. ඔබ කුමියට දීර්ඝායු වේවා!(නදී)
දුමින්ද Monday, 25 March 2013 09:42 AM
ලංකාදිපයට ස්තූතියි මෙම ලිපිය පළකිරීම ගැන. (නි)
මලින්ද Tuesday, 09 April 2013 08:06 PM
කෑගල්ලේ උපන් අපිටත් ලොකු ආඩම්බරයක්. සතුටක් (අ)
දුමින්ද Friday, 29 March 2013 12:14 PM
සාර්ථක ලෙස ජීවිතය ජයගන්න කැමති අයට මෙම ලිපිය ඉතාම ප්‍රයෝජනවත්. (නි)
ශ්‍රීකාන්ත Friday, 29 March 2013 12:04 AM
ඔබතුමා දකිද්දිම පෙනෙනවා ඔබ නිරහංකාර, අවංක කෙනෙක් බව. (නි)