(හර්ෂණ තුෂාර සිල්වා සහ නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.
හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරකු වන ඔහු තිස් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රමුඛ දායකත්වයක් සැපයීය.
හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මවුපියන්ට දාව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 1949 ජූනි 20 වැනිදා මාතර, පාලටුවේදී සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබීය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා 1971 අප්‍රේල් මාසයේ දී ආධුනික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. 1972 දී උප ලුතිනන්වරයකු ලෙස රාජකාරි ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා යන රෙජිමේන්තුවලට අනුයුක්තව සේවය කර ඇත.
1992 දී ලුතිනන් කර්නල් නිලයට උසස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ් හා ත්‍රිවිධ බලය’ යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගී වී ඇත.
මවුබිමට ඉටුකළ සේවය වෙනුවෙන් ඔහු රණ වික්‍රම හා රණ ශූර පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.
1992දී ස්වකැමැත්තෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය ලබාගත්තේය.අයෝමා රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඔහු එක්දරු පියෙකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරාසි(චෙන්නායි) විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත.
2005 වසරේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබිණ.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ආරම්භ කළ මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හෙතෙම 2006 දෙසැම්බර් මාසයේදී එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.
යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ද පත්වූ ඔහු කොළඹ නගරය අලංකරණය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළේය.
කොළඹ නරගයේ ප්‍රසිද්ධ ස්ථානවල තිබූ තාප්ප ඉවත් කර නගරාලංකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙතෙම බත්තරමුල්ල දියත උයන, ආකේඩ් චතුරශ්‍රය, කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල් සංකීර්ණය ආදිය ඉදිකරමින් කොළඹ ආකර්ෂණීය නගරයක් බවට පත් කළේය.
ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ අමාත්‍යාංශ කොළඹ නගරයෙන් පිටතට ගෙනගොස් නගරයේ තදබදය අඩු කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද ඔහු පියවර ගත්තේය.
මෑතකදි විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී සැලසුම් කළ එකකි.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නොහැකි බැවින් ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ඉකුත් අගෝස්තු මස 11 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ද ඉවත් කරගත් බව ගෝඨාභයගේ නීතිඥවරු පවසති.
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු
RAJ Monday, 18 November 2019 06:48 AM
ජයෙන් ජයම වේවා..!
Deepal Nirosh Monday, 18 November 2019 07:22 AM
ඔබටත් රටටත් සියළු රටවැසියන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් හා පිහිටෙන් සුභ අනාගතයක්!
kanchana Monday, 18 November 2019 07:34 AM
සිංහල ජාතියත්, බෞද්ධ ආගමත්, සිංහල දේශයත් මතු පරපුරට රැක දෙන්න.
Chanak los angeles Tuesday, 19 November 2019 06:05 AM
හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු..... අධිකරණයේ පවතින නොවිසඳුණු නඩු ගොන්නක චුදිතයෙකි.
වික්‍රම Wednesday, 20 November 2019 04:02 AM
ඒ නඩු කාගේ උවමනාවට කවුරු පවරන ලද ඒවාදැයි, යහපාලන ආණ්ඩුවේ සිටි නියෝජ්‍ය නීතිපතිතුමාත්, අල්ලස් සහ දුෂණ දෙපාර්තමේන්තුවේ අධිපතිතුමියත් මනාව පැහැදිලි කරන ලදී.
නුවන් වික්‍රමසිංහ Saturday, 23 November 2019 06:16 PM
අවුරුදු පහකට ආසන්න යහපාලන ආණ්ඩුව විසින් ඔහුට කරනා ලද අනේකවිද අභූත චෝදනා වලට ජනතාව මනා ලෙස පිලිතුරු දී ඇති මෙවන් පසුබිමක ඔබගේ ප්‍රතිචාර තවදුරටත් වලංගු නොවේ. දෑස් හැර, පාට කණ්නාඩි ගලවා පිබිදී එන නව ශ්‍රීලංකාව දිහා බලා සතුටු වෙන්න.
ranjan Sunday, 24 November 2019 01:54 AM
රටේ තිබුන අනාරක්ෂිත බව නිසා ජනතාව පැවති රජය අන්ත පරාජයකට පත්කර අපේක්ෂා කරේ යහපත් දේශයක්. සමහරු මරණ දඩුවමට නියම උන මිනීමරුවෝ නිදහස් කරගැනීම වෙනි දේවල් බලපොපොත්තු වෙනවා. අධිකරණය උතුම් නිසා එවැනි දේවල් මේ යහපත් රජයෙන් කරගැනීමට ගොස් මේ ජයග්‍රහණය බාල්දු කරන්න එපා. ජනාධිපතිතුමා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් නිසා තමා මේ ජය ලැබුවේ. ජයෙන් ජයම වේවා..!
සත්‍යා Wednesday, 27 November 2019 12:30 AM
ශ්‍රී ලංකාවේ සිටින ගෝත්‍රිකයින් ජනාධිපති පත්කරගනී. ඉන් පසු ජනාධිපති තම ගෝලයෝ ටික පත්කරගනී. ඒ අය රට කති.