රුහුණේ තිස්සමහාරාමය ඔහු උපන්න ගම් පළාත වේ. පස්දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නාය. දෙබරවැව සේනානායක විදුහලින් අධ්‍යාපනය ලැබූ ඔහු සාමාන්‍ය පෙළ වාණිජ අංශයෙන් සමත් විය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ජීවිතය පටන් ගත්තේ ශිෂ්‍ය උප ගුරුවරයෙකු ලෙසිනි. නමුත් ඒ වෘත්තියට කණ කොකා හැඬුවේ දේශපාලන කෙණහිලිකම් නිසාය. ඉන්පසුව තිස්සයාකඩ සමුපකාරයේ සහකාර කළමනාකරු ලෙස රැුකියාවට අවතීර්ණ විය. එතැන සිද්ධ වූ හොර වැඩ නිසාත් ඒ හොරකම්වලට තදින්ම විරුද්ධ වූ නිසාත් ඔහු ඒ රස්සාවෙන් ඉවත් විය. තම පියා සතු වූ ඉඩම් සමූහයෙන් කොටසක් ඉල්ලා ගෙන එතැන් සිට ගොවිතැනට බැස්සේය. කන්න හතරක් ගොවිතැන කළත් සාර්ථක කර ගත හැකිවූයේ කන්න දෙකක් පමණි. එනිසා ඒ වැඬේ ද අත්හැර දැමූ හේ සිය අත්තම්මාගේ නිවෙස තිබූ තැන පුංචියට වෙළෙඳ ව්‍යාපාරයක් පටන් ගත්තේය.
ගමේ බොහෝ දෙනෙකු සුරාවට සූදුවට නතුව සිටි අතර ඔහු ඒවාට තදින්ම විරුද්ධ වූවේය. මතට ඇබ්බැහිවූවන් ඔහු සමග වෛර බැඳ සිටි අතර දිනෙක මේ පුංචි වෙළෙඳ සැල කඩා බිඳ දැමීමට තරම් ඔවුහු සාහසික වූහ. ඒ සිදුවීම නිසා ඔහු දැඩි සේ කනගාටුවට පත්වුණි. නමුත් සතුරන් සමග කිසි විටෙකත් ගැටුම් ඇති කර ගත්තේ නැත.
මගේ හිත හොඳයි. හොඳ හිත නිසානෙ මෙහෙම වුණේ කියා ඔහු හිත හදාගත්තේය. ගෙදර අය ඔහුට කීවේ සුදු මහත්තයා කියාය. ගම්මු කීවේ සුදු මල්ලී කියාය. නමුත් ඔහුගේ සැබෑ නාමය වන්නේ මානව තිලක වර්ෂාහැන්නදිගේ ය. නමුත් එදා හිත හොඳ වූ නිසා හැමෝම ඔහුට කතා කරන්නට පටන් ගත්තේ හොඳ හිත කියාය. ඒ අනුව ඔහුගේ වෙළඳාමට හොඳහිත නාමය ලැබිණි. පුංචියට පටන්ගත් ඒ හොඳහිත වෙළඳාම මහා ව්‍යාපාරයක් බවට පත්වී සමූහ ව්‍යාපාරයක් ලෙස වර්ධනය වී ‘‘හොඳහිත’’ සමූහය බවට පත්විණි. දැන් හැමෝම ඔහුට කතා කරන්නේ හොඳහිත මහත්මයා යන නමිනි. මේ හොඳහිත මහත්මයා කවුද යන්න විටෙක ශ්‍රී ලාංකීය ජනතාවට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. සැබෑ ලෙසම ජීවිතය ජයගත් ඒ මිනිසාගේ කතාවයි මේ.
‘‘හොඳහිත මහත්මයා” ඔබ ඒ නමට කැමති ද?
අපේ ජීවිතයේ සෑම හොඳ සහ නරක වැඩකට මුල් වන්නෙ සිතයි. බුදු දහමේ හර පද්ධතිය වන්නේ යහපත් සිතිවිලි දාමයයි. මම නිතරම අනුගමනය කරන්නෙ යහපත් සිතිවිලි. ඒ නිසා ඒ ආමන්ත‍්‍රණයට ළෙංගතුයි.
මහණ වෙන්න හිතාගෙන. ඒත් අපේ ආත්අම්මා ‘‘බුදු පුතේ මහණ වෙන්න එපා. ජීවිත කාලයම මාව බලාගන්න කියලා කිව්වා’’ අපවත් වී වදාළ මාවැල්ලේ ධම්ම විසුද්ධි මහානායක හිමි ආත්තම්මගෙ ලොකු පුතා. ඒ ආභාෂය නිසා තමයි මහණ වීමට සිත තිබුණෙ. නමුත් ආත්තම්මාට මා දැක්වූ සෙනෙහස නිසාම ඇයගෙ වදනට සවන් දුන්නා. මහණ නොවූවත් බුදු දහම නිතරම ජීවිතයේ හර පද්ධතිය කර ගත්තා.
ඔබගෙ කේන්දරයෙ මොන වගේ දෙයක් ද ලියැවිලා තිබුණෙ?
කුඩා කාලයේ දී මගේ කේන්දරය බැලූවේ විජයසූරිය බාප්පා. මගේ කේන්දරය බැලූ ඔහු බෝසත් පුතෙක් හම්බවෙලා ඉන්නෙ කියලා අම්මාට සහ තාත්තාට කියූ හැටි මම අහගෙන හිටියා. ඉතින් ඒ මොහොතේ සිට ඒ අරුතට අනුව ජීවිතය ගත කළ යුතු බව තරයේම හිතා ගත්තා.
කුඩා කාලය ගැන ඔබට ඉතා හොඳ මතකයක් තිබෙනව නේද?
වයස අවුරුදු දෙකේ සිට මට මගේ ජීවිතයෙ සිදුවූ විශේෂ දේ ගැන මතකය තිබෙනවා. 1957 මැයි 31 මම උපන්නෙ. මම අවුරුදු දෙක සම්පූර්ණ වූ දින තමයි අපේ නංගි උපන්නෙ. එදා හරි පුදුම වැඩක් වුණා. පැළවිනි ඇට කිරි රහයි. මට ඒ ඇට කෑවා. ටික වේලාවකින් නොනවත්වාම වමනය යන්න පටන් ගත්තා. තාත්තා මාව කරේ තියාගෙන රෝහලට ගෙන ගියා. නංගීව හම්බ වෙන්න අම්මා රෝහලට ඇතුළත් කරලා තිබුණෙ. මට ප‍්‍රතිකාර කරලා ඔයාට දැන් දරුවෝ දෙන්නම ගෙන යන්න පුළුවන් කියා දොස්තර මහත්මයා කිව්වා. ඒ විදියට බොහෝ මතකයන් මා සතුයි.
ඇත්තම කිව්වොත් අපේ තාත්තාගේ ඇස් අන්ධවීම නිසා ගෙදර සියලූ බර මගේ කරපිටට ගන්න සිදුවුණා. ලොකු අයියා ගුණදාසත් විවාහ වෙලා හිටියෙ. පොල් ඉඩම්, කුඹුරු ආදිය බදු දි දී තාත්තගේ ඇස් සුවපත් කරගන්න උපරිම උත්සාහ දැරුවා. මාස 6 ක් විතර කොළඹ ඇස්වාට්ටුවේ නතර වී තාත්තා රැුක බලා ගත්තෙ මමයි. ඒ මාස හයටම මම ඇන්දේ එක කමිසයයි. ගමේ ඇවිත් ලොකු කොස් ගහ විකුණුවා. එයින් රුපියල් 100 ක් ලැබුණා. ඒ ප‍්‍රාග්ධනය තමයි මේ දක්වා ව්‍යාප්ත වුණේ.
එතකොට සබන් කැටයක් ශත 10 යි. මට ලෑලි පෙට්ටි ඕනෑ කරලා තිබුණා. පෙට්ටි නිකං ලැබුණෙ නැහැ. ඒ නිසා කැට හය බැගින් පෙට්ටි සමග ගත්තා. ඊට පස්සෙ රාක්ක විදියට ඒ පෙට්ටි තියලා පුංචියට ව්‍යාපාරය පටන් ගත්තා.
තාත්තාගෙන් ලද දිරච්ච බයිසිකලය මට ලොකු වාහනයක් වුණා. මුලදි ගමේ කිරිහට්ටි කෙසෙල් වගේ දේ විකිණීම කළා. විජයානන්ද අයියට හරක් හිටියා. කුඹුරු සහ හරක් ඇති අයට කිව්වෙ ගම්භාරයා කියායි. විජයානන්ද ගම්භාරයාගෙන් එදා කිරි ගත්තා. ශත 30 ට ගත්ත කිරි හට්ටිය ශත 50 ට නගරයේ විකිණීමට කටයුතු කළා. සීජීආර් එකේ මාතරට ගිය ලොරියෙ රියැදුරු මා දැන සිටියා. එයා අතේ මාතර ප‍්‍රධාන අලෙවිසැලකට කිරි හට්ටි යොමු කළා. දවසින් දවස ඒ විදියට එය ව්‍යාප්ත කර ගත්තා.
මුලින්ම පටන් ගත්තෙ අත්තම්මාගෙ මහගෙදර තැනක. ටිකෙන් ටික ව්‍යාපාරය ගොඩනගාගෙන යද්දී රුපියල් 12,000 ක් දීලා කුබෝටා ට‍්‍රැක්ටරයක් මිලදී ගත්තා. මහජන බැංකුවෙන් ඊට ණය මුදලක් ලැබුණා. 12,000 ට අරගෙන 11,500 ට එය විකුණුවා. ෆර්ගියුසන් ට‍්‍රැක්ටරයක් ගන්න මට ඕනෑ වුණා. ඒ විදියට ට‍්‍රැක්ටර් එක දෙක තුන වී පහක් දක්වා වර්ධනය වුණා. හන්ටර් සහ රැුලේ බයිසිකල් ඒජන්සිය වගේම පත්තර ඒජන්සියත් ලැබුණා. ගමේ ධෛර්යවන්ත තරුණයින්ට කිසිම ඇප මුදලක් හෝ නොමැතිව රුපියල් 10 ට බයිසිකල් ලබා දුන්නේ ඉතිරිය ගෙවීමේ ක‍්‍රමයට අනුවයි. සල්ලි දෙන්න බැරි අය බයිසිකලයේ මුළු වටිනාකම අනුව (රුපියල් 1750) දර මිටි සහ කිරි ගෙනැත් දුන්නා. ඒවා මාතර ටවුමට විකිණීමට ඉඩ සැලසුවා. ඒ අතරේ කිරි ව්‍යාපාරය දියුණු කරන්න උත්සාහ ගත්තා.
තරුණකමේ හැටි එහෙමනේ. විශේෂයෙන්ම අපේ ඥාතියකු වෙතින් එදා මගේ ගුරුපත්වීමට සිදුවූ අසාධාරණය ගැන මට කලකිරීමක් තිබුණෙ. නමුත් 1977 මම දේශපාලනයට උදව් කරන්න ආවේ ඒ නිසා පළිගන්න හිතාගෙන නෙවෙයි. පොකට් රැුස්වීම් 40 ක විතර මම කතා කළා. මහින්ද රාජපක්ෂ, වාසුදේව යන දේශපාලනඥයින්ගෙ වාමාංශික ප‍්‍රගතිශීලී කඳවුරට තමයි සහයෝගය දැක්වූවේ. නමුත් කාටවත් ගැති වුණේ නැහැ. පක්ෂ විපක්ෂ හැමෝම අදටත් මගේ හිතවතුන්. මිත‍්‍රයින් සහ සමීපතමයින්. ඒ හැර ගැති වෙන්න ගියේ නැහැ.
ඇත්තම කිව්වොත් දේශපාලනය යනු නිෂ්ඵල දෙයක් බව මට හැඟුණා. මම කරලා තිබුණෙ හිතවතුන්ට උදව්වීම පමණයි. 1987 රජිව් ගාන්ධි ගිවිසුම එක්ක පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රටට ආදරය කළ විශාල තරුණ පිරිසක් හිටියා. ඒ වන විට ව්‍යාපාරය දියුණුව ලබමින් මහල් තුනකින් යුතු ගොඩනැගිල්ලක් ලෙස ව්‍යාප්තව තිබුණා. එදා තිස්ස තිබුණු පළමු තට්ටු තුනේ බිල්ඩිම එයයි.
භීෂණ සමය නිසා පත්තර විකුණූ එක් ඒජන්සිකරුවෙක් මරා දමා තිබුණා. සමහර දේශපේ‍්‍රමී යැයි කියූ ළමයි හිතුවෙ මම ධනවාදයට උදව් කරනවා කියලයි. මොකද එයාලගෙ තරුණයින් දෙදෙනෙක් ඇවිත් ෆොටෝකොපි ගහගෙන ගියා. එදාම සවස වීරවිල අපේ ගොවිපළේ තිබුණු ට‍්‍රැක්ටරයක් පුච්චා තිබුණා. මේ සියල්ල මගේ පුංචි වීඩියෝ කැමරාවෙන් වීඩියෝ කරගත්තා. කොහොම වුණත් මේ දේ නිසා ජීවිත තර්ජන ගැන බියක් තිබුණෙ. අපි මොන හොඳ දේ කළත් අපට අනාරක්ෂිත දේ සිද්ධ වෙනවා.
වී මෝල ලක්ෂ 10ක විතර වී සහ අනෙකුත් සියල්ල අතහැරලා ජීවිතය බේරා ගැනීමේ අරමුණ ඇතිව කොළඹට ආවා. ඇවිත් අපේ හිතාදර පේ‍්‍රමසර ඈපාසිංහ ශූරීන්ගේ විජේරාම නිවසේ තැනෙක මාස හයක් විතර නවාතැන් ගෙන සිටියා. ඒ එතුමාගේ ගුණය ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ.
විවාහ වෙලා හිටියෙ. ලොකු පුතා ඉපදිලා හිටියෙ. දෙවැනියා හම්බ වෙන්න හිටියෙ. ඈපාසිංහ ශූරීන් එදා අපට ඉහළින් සංග‍්‍රහ කළා. මාස හයකට විතර පස්සෙ ගමේ ගියා. බොහෝ දේ ගිනිබත් කොට තිබුණා. පසුව නුගේගොඩ බංගලා හංදියෙ 600 ඒ කඩ කාමරය කුලියට අරගෙන කිරි සහ හාල් වෙළඳාම මෙහි පටන් ගත්තා. ගමෙන් නගරයට සේන්දු වුණේ එදා ඒ විදියටයි.
පල්ලෙමුල්ලෙ තැපැල් මහතාගේ දුව තමයි එයා. මම බිරිඳ ලෙස තෝරා ගත්ත කෙනා වෙතින් ලකුණු 100 බැලූවා. ජයන්තිට ලකුණු 96 ක් විතර තිබුණා. ජයන්තිත් සංසාර පුරුද්දට මට ලැබුණු දායාදයක්. ඇය එවකට තැපැල් ස්ථානාධිපතිනියක වුණා. අපි විවාහ වුණේ 1981 දීයි. මම නිරෝගීවත් මානසිකවත් සුවයෙන් සිටින්නෙ ඇය නිසයි. පුතාලා තිදෙනෙක් අපට ඉන්නවා.
අපේ මහා සූපවේදී පබිලිස් මහතා ව්‍යාංජන හැඳිගාන්නෙ ශරීර සෞඛ්‍ය නිරෝගී වෙන්න කියලයි. ඒක එතුමාගෙ ක‍්‍රමයයි. අපේ ක‍්‍රමයේ දී මම සිත මුල්කරගෙනයි ක‍්‍රියා කරන්නෙ. වෙළෙඳාම කියන්නෙ මුදල්ම නොවෙයි. ඒ හැරත් කෑමක් යනු සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. කිරි යනු ගත සුවපත් කරවන මහඟු ඖෂධයක්. සෙනෙහස, දයාව, කරුණාව, ආදරය සහිත ලේ තමයි කිරට හැරවෙන්නෙ. එය මිනිසාගෙ විතරක් නෙවෙයි, සතාටත් පොදු දහමක්. සතා කිරි දෙන්නෙ කැමැත්තෙන්. නමුත් මාංශ දෙන්නෙ අකමැත්තෙන්. අපි කිරි කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යය යොදා ගන්නෙ නැහැ. අද කිරි අදට විතරයි පරිභෝජනය සඳහා අලෙවි කරන්නෙ. අද කිරි හෙටට අලෙවි කරන්නෙ නැහැ. ඒකයි ඒ රස ගුණය දැනෙන්නෙ. අනෙක අපි ලොකු ලාභයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. වැය වෙන මුදලට වඩා බොහොම සුළු ලාභයක් ලැබෙන පරිදි තමයි අලෙවි කරන්නෙ. මොන විදියට යහපත් සිතින් කළත් වංචනික වෙළෙන්දොත් සිටිනවා.
අපේ හොඳහිත නමින් රටේ සමහර අය සමහර තැන්වල කිරි විකුණනවා. නමුත් අපේ කිරි තියෙන්නෙ නුගේගොඩ, පාගොඩ, පිටකෝට්ටෙ හංදියෙ සහ මෑතක දී විවෘත කළ කොහුවල කීල්ස් සාප්පුවෙ විතරයි. අපිම කිරි නිෂ්පාදනය කරලා. අපේම ලොරිවලින් අපේම ස්ථානවලට විතරයි බෙදා හරින්නෙ. කවුරු වික්කත් මී කිරි හොඳයි. නමුත් අපි ඒ ජීව පදාර්ථයේ ගුණය නොමරා එය කළ යුතුයි.
නොකඩවා මා එය කරනවා. ඉඳ හිටලා මෙතැනට මැති ඇමැති හෝ නමගිය චරිත ආ විටත් ඒ අය එක්ක කිරි කනවා. මම කොහොමටත් නිර්මාංශිකයි. මම හිතන්නෙ මම නිරෝගියි. කයින් විතරක් නෙවෙයි සිතිනුත් නිරෝගියි.
අල්පේච්ඡු ජීවිතය. පළමුව බලපාන්නෙ අපේ පැවැත්මයි. භාණ්ඩ භාවිතය අඩුයි. මට තියෙන්නෙ සූට් හයක් විතරයි. රාත‍්‍රියට අඳින්න වෙනම ඇඳුමක් තියෙනවා. සූට් හයට තරමක් කහ පාට දෙකක් සහ සුදු පාට හතරක් ඇතුළත්. එක රැුක් එකයි. සෙරෙප්පු දෙකයි හරිම සරලයි.
අරපිරිමැස්ම කිසිසේත්ම ලෝභකමක් නෙවෙයි. හැබැයි පුරාජේරුවට කරන දේ සමාජයේදී අපි දකිනවා. ලොකු රන්දම්වැලක් දාගෙන බලවතා කියලා පෙන්වන්න හදන විදිහ. ඒක එක් අතකට උද්දච්චකමක්. බුදුදහම එක්ක ජීවිතය ගත කරන කෙනෙකුට ඒවා රසදේ නෙවෙයි.
එයාලා මෙහි අධ්‍යාපනය ලබා එංගලන්තයට ගිහින් උසස් අධ්‍යාපනය ලැබූ අයයි. ඉතින් ඒ නිසා ඇඳුම් පැළඳුම් මා වගේ එයාලා පරිහරණය නොකරන්න පුළුවනි. නමුත් මුල්තැන දෙන්නෙ අපේ ක‍්‍රමයටයි. බෞද්ධ දර්ශනය තරම් මිනිසා සුවපත් කරවන දෙයක් තවත් නැහැ.
පරිභෝජන ණය නොගෙන තමුන්ගේ ක‍්‍රමයට, තමුන්ට පුළුවන් විදියට පුළුවන් ප‍්‍රමාණයට කරගෙන යන්න. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට ව්‍යාපාරික ණය ගත්තාට කමක් නැහැ.
මුලින්ම කිව යුත්තේ මම මුදලාලි සංකල්පයේ හිටපු කෙනෙක් නෙවෙයි. ඒක මගේ හදවත දන්නවා. මට කවුරුවත් මුදලාලි කියලා කියලත් නැහැ. මගේ බීජය ධර්මානුකූල බීජයක්. වැරැුද්දට නොයන සිතක් මට තියෙන්නෙ. ඒක සංසාර පුරුද්දක් වෙන්න ඇති. ලැබෙන තරමට අපි අත්හරින්න පුරුදු වෙන්න ඕනෑ. මම මේ දක්වා අනුගමනය කළේ එයයි.
විඳීම සහ විඳවීම දෙකම ඇතුළත්. උවමනාවෙන් විඳින්න ගිහින් මිනිස්සු විඳවනවා. මුළු ලෝකයම මුල් වෙලා තියෙන්නෙ සිත මතයි. නිවැරදි දේ අවබෝධ කර ගැනීම වැදගත්. චීවරයට ගරු කිරීමේදී පවා බුදුන් සිහිකර බුදුන්ට ගෞරව කිරීම ජීවිත දර්ශනය කරගත යුතුයි. නිවන කියන දේ මා විශ්වාස කරන විදියට මරණින් පසු නොව ජීවත්වන කාලයේදීම ලබා ගත හැකියි. තම සිතට අවංක වුණොත් සහ පාලනය කර ගත හැකි නම් ඒ අවබෝධය දැනේවි හැෙඟ්වි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඳ හිත නිසා ජීවිතය ජයගත් ‘‘හොඳහිත මහත්මයා’’
ඉන්දික Saturday, 28 November 2015 09:41 AM
හිත හොඳ මහතාට දීර්ඝායු ලැබේවා! වටිනා ලිපියක්. (නි)
ශ්‍රී ලාල් Thursday, 26 November 2015 07:41 PM
මා වෘතිකයෙක්, "හොදහිත් මහත්මය" අද කල තරුණයන්ට වඩාත් ආදර්ශවත් චරිතයක්. ලංකාවට ආවිට හමුවීමට වාසනාව ලැබේවා. (අ)
කරුණාරත්න Thursday, 26 November 2015 10:32 PM
විශාල සතුටකින් කියවිය හැකි ලිපියක් එලොව මෙලොව දෙකම දිනුවෙක් තව තවත් සිත දියුණු වේවායි ප්‍රාර්තනය කරමි. (අ)
පිටිගල මිලානෝ Thursday, 26 November 2015 11:02 PM
මේ දෙබස් නිකන් දෙමල චිත්‍රපට වල හරයක් නැති වීර කතා වගෙයි. ඉගෙන ගන්නා ළමයි මේ කතා අනුගමනය නොකර හැකි උත්සාහයක් දරා නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගන්න. පිටරට ආපු අපි තමයි දන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම. නොමිලේ ලැබෙන මෙම උපාධිය අතට අරන් ඉවර වෙලා වෙනත් පලදායි ආර්ථික මාපක ගැන හිතන්න පටන් ගන්න (අ)
රන්ජිත් Monday, 30 November 2015 03:48 PM
ඔබතුමා වැනි උතුම් මිනිසුන් සිරිලකට තවත් බිහිවේවා!!! (නි)
ගාමිණී Saturday, 28 November 2015 05:55 AM
මම මේ මහතාගේ පාගොඩ පිහිටි ව්‍යාපාරික ස්ථානයෙන් කිරි හා වෙනත් පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්නෙක්මි. ඒවා සෑම එකක්ම ඉස්තරම්ය. එහි සේවක පිරිසද අවංක, ක්‍රියාශීලීය. ඔහුගේ මෙම ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා! (නි)
අනුර Monday, 30 November 2015 12:14 PM
හිත හොඳ නම් පත කුඩාද කියලා කියමනක් තියෙනවා නේද? මෙතුමා සඳහන් කෙරුව සියල්ල හරි. අපිටත් කිරි පැණි දීල තියෙනවා. (ර)