IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හිමිවරුන්ට අද දඹදිව ගිහින් බුද්ධගයාව වැඳලා සරම් ඇඳගෙන එන්න වෙලා

තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගෙන් ශ‍්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට සහ බැතිමතුන්ට ඇතිවන වදහිංසා දිනෙන් දින වර්ධනය වන බවක් පෙනී යයි.  තමිල්නාඩුවේ පැතිරී ඇති  ශ‍්‍රී ලංකා විරෝධී රැල්ලේ අතුරු ඵලයක් ලෙස හිරිහැර  සිදුවන්නට ඇති බව එරට පොලිසිය කියයි. මේ සම්බන්ධව විශාල ප‍්‍රචාරයක් ඉන්දීය පුවත්පත් සහ වෙබ් අඩවි මගින් ලබාදී තිබුණි.
දඹදිව වන්දනා චාරිකාවේ ගිය ශ‍්‍රී ලාංකික බැතිමතුන්ට  තමිල්නාඩුවේදී සිදුවූ කරදර රැුසක් පිළිබඳ පසුගිය කාල සීමාවේදී අපට අසන්නට මෙන්ම දකින්නට ද ලැබුණි.
වඩාත් බරපතල සිද්ධීන් ලෙස වාර්තා වූයේ පසුගිය වසරේ අගභාගයේදී ඉන්දියාවේ වෙලක්කන්නි පල්ලිය වන්දනා මාන කිරීමට ගිය කතෝලික බැතිමතුන් 184 දෙනකු ගමන් ගත් බස්රථ කිහිපයකට ගල්මුල් ප‍්‍රහාර එල්ල වීමයි.
එය නාම් තමිල් නොහොත් අපි දෙමළ සංවිධානයේ කොටි හිතවාදීන් පිිරිසක්  විසින් කරන ලද ක‍්‍රියාවක් බව පසුව දැනගන්නට ලැබුණි. අවසානයේ එම වන්දනා නඩය රැුගෙන ඒම සඳහා විශේෂ ගුවන්යානයක් යැවීමටද සිදුවූ අතර ඔවුන්ට කිසිදු සිද්ධස්ථානයන් වැඳ පුදා නොගෙනම ආපසු ලංකාවට ඒමට සිදුවිය. කුඩා ළමයින් බොහෝ බියපත්ව සිටි අතර වීදුරු කටු ඇනී තුවාල ලද්දෝ ද ඒ අතර  වූහ.
පසුගිය මාසයේ වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් පෙරලීම නිසා එම බසයේ ගමන් ගත් සියලූ ශ‍්‍රී ලාංකිකයෝත් බරපතල තුවාල ලැබූහ. එම අනතුරින් අතක් අහිමි වූ කාන්තාවක් ද සිටි අතර දරුණු තුවාල ලැබූවෝ ද රැසක් සිටියහ. රියදුරු වෙනුවට ගෝලයා බස්රථය පැදවීම නිසා අනතුර සිදුවූ බවත් එය හිිතා මතා කළ ක‍්‍රියාවක්දැයි යන්න සැක සහිත බවත් අනතුරින්  තුවාල ලැබූවෝ කීහ. වන්දනා චාරිකා සංවිධායකවරයා මෙම පිරිසෙන් කිසිවකුටවත් රක්ෂණ ආවරණයක් ලබා ගෙන නොතිබූ බවද පසුව දැනගන්නට ලැබුණි. අවසානයේ ඔවුනට ද සිදුවූයේ කිසිදු සිද්ධිස්ථානයක් වැද පුදා නොගෙනම ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත්ව  නැවත ඒමට සිදුවිය.
මීට ආසන්නතම සිද්ධි ලෙස  ගතවූ  සතිය ඇතුළත භික්ෂූන් වහන්සේලා දෙනමකට අනපේක්ෂිත ලෙස  තමිල්නාඩු කොටි හිතවාදීන්ගෙන් පහර කෑමට සිදුවිය. නවදිල්ලි නුවර පුරාවිද්‍යා පශ්චාත් උපාධිය හදාරන පත්බේරියේ ඥානාලෝක හිමියන්   සිය අධ්‍යයන කණ්ඩායමේ සිසුන් 19 ක් සමග තමිල්නාඩුවේ තන්ජූර්හි බි‍්‍රහාදීශ්වර මහා දේවාලයට  පුරාවිද්‍යා තොරතුරු එක් රැස් කිරීමේ අරමුණින් වැඩම කර සිටියදී මෙම ප‍්‍රහාරයට ලක් විය.
මේ අතර පසුගිය 18 වැනිදා උදෑසන හික්්දවුල උඩගම්පිටියේ පුරාණ විහාරාධිපති වතුපොල වංගීස හිමියන් ඇතුළු ශ‍්‍රී ලාංකික වන්දනා නඩයක්  දඹදිව වන්දනාමාන කරමින් සිටියදී චෙන්නායි නුවර මධ්‍යම දුම්රියපොළේදී කොටි හිතවාදීන්ගේ පහරදීම්වලට ලක්වූහ. වංගීස හිමියන් අතුළු පිරිස දඹදිව වන්දනා චාරිකාවට ගොස්  දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප‍්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ දුම්රිය මැදිරියේ සිටියදී කොටි හිතවාදී පිරිසක් මෙම භික්ෂූන් වහන්සේට පහර දී තිබූණි. පසුව  තමිල්නාඩු පොලිස් ආරක්ෂාව මැද ඒ හිමියන් සහ එම වන්දනා නඩයට ද පෙරළා ශ‍්‍රී ලංකාවට පැමිණීමට සිදුවිය.
පෙරළා දිවයිනට පැමිණි වංගීස හිමියන් අපට කටුනායක ජාත්‍යන්තර

වතුපොල වංගීස හිමි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අයුරු

ගුවන්තොටුපොළේදී හමුවී කතා බහක යෙදීමට  හැකිවිය.  ඉතා නිවුන තැන්පත් ලීලාවෙන් දිවයිනට පැමිණි වංගීස හිමියන්ගේ මුහුණෙහි සිහින් සිනහවක් මිස කිසිවෙකින් සැළුනු බවක් නම් පෙනුනේ නැත.
උන්වහන්සේ සමග  දඹදිව වන්දනාමාන කිරීමට ගිය ශ‍්‍රී ලාංකික නඩයේ  19 දෙනෙක් ද ඊයේ දිවයිනට පැමිණියහ,  මේ අතර වැඩිහිටි කාන්තාවෝ  14 දෙනෙක් සිටි අතර වැඩිහිටි පිරිමි 5 දෙනෙක් ද වූහ.වාසනාවට මෙන් උන්වහන්සේට සීරීම් තුවාලයක් පවා නොතිබීම පුදුමයකි. බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අතුළු භික්ෂූන් වහන්සේලා රැසක් වංගීස හිමියන්ගේ සුව දුක් බැලීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩමවා සිටියහ.
වංගීස හිමියෝ  තමන්ට සිදුවූ හිරිහැර පිළිබඳව මෙසේ  පැවසූහ. අපි ඉන්දියාවට යන්නේ  බුදුරජාණන් වහන්සේගේ උපන් දේශය බලලා උන්වහන්සේ වැඩසිටි තැන් බලලා වැඳ පුදාගෙන පින් රැස් කර ගෙන ඒමටයි.
නමුත්    අද  බුද්ධ පුත‍්‍රයන්  වහන්සේලාට දඹදිව වැඳලා සිවුරු ගලවල සරම් ඇඳගෙන මහා බෝධියට එන තත්වයකට  පත් වී තිබෙනවා. අද උදෙත් මම දැක්කා කෝච්චියෙන් ආපු අපේ ස්වාමීන්වහන්සේලා චෙන්නායි මහබෝධි සමාගමට ආවේ සරම් ඇඳගෙන, කමිස ඇඳගෙන, ටී සර්ට් ඇඳගෙන. උන්වහන්සේලා එහෙම ආවේ දඹදිව වන්දනාමාන කරලා පණ බේරාගෙන මහාබෝධියට එන්නයි. මාත් උන්වහන්සේලා එක්ක කතා බහ කළා.
මට ගුටිකන්න වුණේ සිවුරු ඇරලා සරමක් ඇඳගෙන එන  තත්වයට පත් වුණේ නැති නිසයි.  මම තීරණයක් අරගෙන තිබුණේ සිවුරේ  මැරුණත්  සිවුර ශරීරයෙන් ඉවත් කරන්නේ නැහැ කියලා.  මම ඒ අදහසින් ආව නිසයි මට මේ වගේ දේකට මුහුණ දෙන්න වුණේ. එදා 18 වැනිදා උදේ චෙන්නායිවලින් කෝච්චියෙන් බැහැලා අපේ නඩයේ අයගේ තව මොනවා හරි බඩු කෝච්චි පෙට්ටිවල අමතක වෙලා තියෙනවද කියල බලන්න මෙම කෝච්චියට නැවතත් නැග්ගා. බණ්ඩාර මහත්තයත් මා එක්ක හිටියා.
එතකොට මා දැක්කා දෙන්නෙක් කලබලයෙන් වගේ කෝච්චි පෙටිටියට නැග්ගා. එක් කෙනෙක් අත කැමරාවක් තිබුණා.  එයා නිහඬව ගිහින් කැමරාව කරේ තියාගෙන හදාගෙන රෙඞී කියලා කිව්වා.
ඉන්පස්සේ අනෙක් ඇත්තා ශ‍්‍රී ලංකාවෙද කියලා අහමින්  මට ගහන්න පටන් ගත්තා. මා තල්ලූ කළා. ඉන්පසු මා සීට් එකක් උඩට වැටුණා. නඩයේ සියලූ දෙනාගේ ගුවන්ගමන් බලපත‍්‍ර තිබුණේ මා ළඟ. පසුව මා ඒ ටිකත් අරගෙන කෝච්චි පෙට්ටියෙන් ඉක්මනින් එළියට බැස්සා.  බැහැලා ඉවරවෙලා එහාට මෙහාට දුවලා පහරවල් මෙල්ල කරන්න හැදුවා.
සමහර මාධ්‍යවල මා දැක්කා මට සුළු තුවාල තියෙනවා කියලා. මට කිසිම තුවාලයක් සිදුවුණේ නැහැ. අඩුම තරමේ සිද්ඬාලේප ටිකක් වත් මා තවම ගෑවේ නැහැ.
ඒ ඇත්තෝ මට පහර දුන්නේ වේගයෙන් අත අරගෙන ඇවිත් අත මගේ ශරීරය ළඟට එනකොට සැර බාල කරලා බොහොම හිමිහිටයි පහර දුන්නේ.
මා හිතන්නේ ඒ ඇත්තන්ට  ඕනෑ වුණේ ඔය නින්දිත වැඬේ කරලා අපේ ලංකා වාසී භික්ෂූන් වහන්සේලාට උන් තාඩන පීඩන කරනවාය කියන එක මුළු ලෝකේටම පෙන්නන්නයි.  ඒක තමයි මගේ හැඟීම. ඒ ඇත්තන් මට පහර දෙනකොට අපේ  උපාසක අම්මලයි, එතන හිටපු බඩු මුට්ටු උස්සන අයයි කෑකෝ ගැහුවා ඔය සිවුර ටිකක් වෙනස් කරන්න කියලා. නැත්නම් තව වතාවක් උන් පහරදෙන්න එයි කියලා.
මේ අම්මලා කෑගහන නිසා මම ෂීට් එකක් ඇඳගෙන, සීතලට අඳින ඇඳුමකුත් ඇඳගෙන තොප්පියකුත් දාගෙන තමයි එළියට ආවේ. එහෙම ආවේ මට ගහපු ඒ ඇත්තන්ට බයේ එහෙම නෙමෙයි. අම්මලා කෑ කෝ ගහනවා, අඬනවා. ඊළගට වෙන විපතක් වුණොත් අපේ නඩයේ ඇත්තන් අතරමං වෙනවා කියන හැඟීම මට ඇති වුණා.  ඒ නිසයි මම ඒ විදියට සිවුර වෙනස් කර ගත්තේ. විශේෂයෙන් අද ඇවිත් ඉන්න මාධ්‍යවලට මම ස්තුතිවන්ත වෙනවා. මාධ්‍යයෙන් මේවා ප‍්‍රචාරය  කරනවා වගේම මේ වගේ දේවල් නැවත සිද්ධ නොවෙන ආකාරයට වගකිවයුතු අපේ ජනාධිපතිතුමා, ඇකමැති තුමා, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සියලූ දෙනා දේශපාලන මතිමතාන්තරවලට මේවා ගාවාගන්නේ නැතිව මේවා නිමාවට පත්වෙන ආකාරයට කටයුතු කළොත් ඉතාමත් වැදගත් කියන එක මගේ අදහසයි.
 අපේ ස්වාමීන් වහන්සේලාට සික්ෂා පද ආරක්ෂා කරගෙන සිවුරට හානියක් නොවන ආකාරයට   දඹදිව ඒ පුදබිම් වැඳගෙන නැවත ලංකාවට ඒමේ පරිසරය සකස් කර දෙන්න කියලා රටවැසි හැමදෙනාගෙන් මා ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අපේ මහාබෝධී සමාගමේ කලවානේ මහානාම හාමුදුරුවෝ අප කෙරෙහි දැඩි අවධානය කරලා ඇප  උපස්ථාන කළා. උන්වහන්සේට අප මේ අවස්ථාවේ පින් ලබා දෙන්න  ඕනේ.
ඒ වගේම ඉන්දියාවේ පොලිස් නිලධාරී මහත්තුරුත් අපට ආරක්ෂාව  සලසලා සහයෝගය ලබා දුන්නා.
මා බොහෝම සතුටට පත්වෙනවා මට ඔය ප‍්‍රහාරය එල්ල වූවායින් පසුව දඹදිව වන්දනාවේ යන සියලූ දෙනාට ගුවන්තොටුපොළේ සිට මහබෝධියට ගෙනයාමත් දුම්රිය පොළට ගෙන යාමත් යළි ගුවන්තොටුපොළට ගෙන ඒමත් පොලිස් නිලධාරී මහතුන්ගේ දැඩි ආරක්ෂාව යටතේ සිදුවෙනවා.පොලිස් නිලධාරීන් 50ක් 60ක් ඒ ඒ ස්ථානවලට යොදවා තියෙනවා.
 මා ගුටි කෑවේ ශ‍්‍රී ලංකා වාසී සියලූ දෙනා  වෙනුවෙන් කියලා මා ඉතා  සතුටට පත් වෙනවා. මෙම වන්දනා නඩයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ  ඩබ්ලිව්.එම්.කේ බංඩාර මහතා තම අත්දැකීම් මෙසේ විස්තර කළේය.
මමයි අපේ හාමුදුරුවොයි අපේ කණ්ඩායමේ 19 දෙනකුයි හිටියා. මම හතළිස් වතාවක් පමණ ඉන්දියාවට බැතිමතුන් අරගෙන ගිහින් තියෙනවා. මේක කරන්නේ ව්‍යාපාරයක් ලෙස නෙමෙයි. මගේ හිතවත් අය රැගෙන යාම කරන්නේ පින් රැස් කරගැනීමට සහ මගේ කාලය අර්ථවත් ලෙස ගත කිරීමටයි. ඒ නිසා ගොඩක් අය මාත් එක්ක වන්දනාවේ යන්න කැමතියි. අපි එහෙදි බණ භාවනා කරන්න  ඕන නිසා ස්වාමීන් වහන්සේ කෙනකුත් සමග තමයි හැමදාම යන්නේ.


මා දැක්කා කෝච්චියේ උඩ තට්ටුවේ ඉඳලා දෙන්නෙක් අපේ දිහා බලාගෙන ඉන්නවා. මට පොඩි සැකයකුත් ඇති වුණා. හාමුදුරුවොයි මමයි අමතක වුණ බඩු මොනවද කියලා බල බලා හිටියේ. එක පාරටම කැමරාවක් අතින් ගත් කෙනෙකුයි තව කෙනෙකුයි ආවා. කැමරාව ඉස්සරහට අල්ලනවත් එක්ක හාමුදුරුවන්ගේ හිස පිටුපසට ගැහුවා. ඉන්පස්සේ ගහගෙන ගහගෙන ගියා. හාමුදුරුවන්ගේ බඩු සේරම බිමට වැටුණා.
ඉන්පසු හාමුදුරුවෝ ඉස්සරහ දොරෙන් බැස්සා. මම ඊළඟ දොරෙන් බැස්සා. ඉන්පස්සේ මා රේල් පීලි උඩින් දුවල දුවලා ගිහින්  පොලිසියට  විස්තරය කිව්වා.
මගේ සාක්කුවේ ඉන්දියන් රුපියල් තිස්දහසකුත් හාමුදුරුවන් ළඟ තිබූ ඉන්දියන් රුපියල් දහදාහකුත් මේ සිද්ධියෙදී නැති වුණා.  සමහර විට උන් ඒවා මංකොල්ල කන්න ඇති.
පොලිසියේ අය අපට ගොඩක් උදව් කළා. කෑම බීම දීලා සංග‍්‍රහ කරලා බස් රථයකින් ආරක්ෂාව මැද මහබෝධියට එක්ක ගෙන ආවා. වංගීස හිමියෝ බේරාගැනීමට උත්සාහ කළ අයි.එම්. පුංචි මැණිකා මහත්මිය ද අපිට හමුවිය.  ඇය  පවසන්නේ පුළුවන් තරමින් වංගීස හිමියන් බේරාගැනීමට උත්සාහ කළ බවත් නඩයේ වැඩි පිරිසක් කාන්තාවන් බැවින් ඔවුන් සියලූ දෙනා කරකියා ගත හැකි කිසිවක් නැතිව ඇඬූ බවත්ය.

 

ගුවන්තොටුපොළ - දීපා අදිකාරි

 

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අතුළු භික්ෂූන් වහන්සේලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ වංගීස හිමියන්ගේ සුවදුක් විමසන අයුරු

 



අදහස් (0)

හිමිවරුන්ට අද දඹදිව ගිහින් බුද්ධගයාව වැඳලා සරම් ඇඳගෙන එන්න වෙලා

උපාලි Sunday, 24 March 2013 09:33 PM

මොන එහෙකට ඔය පැතිවලට යනවද මන්දා? අපි අමනුෂ්‍යයින් සිටින ඉසවු මගහැරිය යුතුයි. (නි)

:       0       0

සුරේන්ද්‍ර Sunday, 24 March 2013 02:55 PM

මෙහෙම කරන්න වෙලා තියෙන්නේ මිලේච්ච ප්‍රහාර අලින් ගැලවිලා වන්දනා මාන කර ගෙන එන්න (දී)

:       0       0

දිනේෂ් Monday, 25 March 2013 02:55 PM

මහා කනගාටු දායක තත්වයක් තමයි ඒක (දී)

:       0       0

සෙන්තිල් Saturday, 30 March 2013 11:43 PM

උපාලිටම තමයි ඒක අනෙක් පැත්තට කියන්න වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 218 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 85 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 173 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 225 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 870 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site