IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිරේදී කොණ්ඩා කටු ගිල මැරෙන්න හැදූ කෝටිපති දියණිය

  wegs

 

ඇය කෝටිපතියකුගේ දියණියකි. ඒනිසා ඇයට සැපසම්පත්වලින් කිසිම අඩුවක් පාඩුවක් නොවුනි. ගමන් බිමන් පවා ගියේ සිය පියාට අයත් බෙන්ස් රථයෙනි. අතට පයට ගෙදර වැඩකාරයින් සිට ඇත.

කෝටිපතියකුගේ දියණියක් වී බොහෝ සැප සම්පත් ඇතිව හැදුණු වැඩුණු දුකක් කියා දෙයක් හඳුනන්නේවත් නොමැතිව සිටි ඇය වසර 52 ක සිර දඬුවමක් අධිකරණයෙන් නියමවී වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි ගමන්මග ඇත්තෙන්ම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය.


වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී ඇයගේ ජීවිත ඉරණම ද විසඳී ඇත.
බිත්ති හතරකට මැදිවී ගෙවන ජීවිතය එපාවී ඇය කිහිපවරක්ම ජීවිතය නැතිකර ගැනීමට උත්සාහකර ඇතත් බන්ධනාගාර නිලධාරිනියන්ගේ මැදහත්වීම නිසා ඒ සෑම අවස්ථාවකදීම ඇයට ජීවත්වීමට වාසනාව උදාවී තිබිණි.

erhrh
කෝටිපතියකුගේ දියණියකවී සිටියත් සහෝදර සහෝදරියන් සිටියත් මියගිය පසු ඇයගේ සිරුර බාරගැනීමට ඒ කිසිම කෙනෙක් පැමිණ නැත.
ඇයගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ රජයේ වියදමිනි.


දුක, වේදනාව, සුසුම, කඳුළ කුමක්දැයි කියා නොදැන රෝස මල් යහනාවක ජීවිතය ගෙවමින් සිටි ඇයට බිත්ති හතරකට මැදිවී ගෙවන ජීවිතය කිසිසේත් ඔරොත්තු නොදෙන්නට ඇතිවා නිසැකය.සියලූම සැප සම්පත් විඳිමින් සිට සිපිරි ගෙයකට සපැමිණි ඇයගේ දුක්බර ශෝචනීය කතාව කියන්නට යන්නේ විශ‍්‍රාමික බන්ධනාගාර ජේලර්වරියක් වන කාන්ති පැස්කුවල් මහත්මිය වන්නීය.


වැලිකඩ බන්ධනාගාරයේ එවකට සේවය කරමින් සිටි කාන්ති පැස්කුවල් මහත්මිය සමග ඇයට අත්වූ ශෝචනීය ඉරණම ගැන කියා ඇත්තේ ඇයගේ හිතේ කාලයක් තිස්සේ සිට තෙරපෙමින් වද දුන් කතාව කියා හිත සැහැල්ලූ කරගැනීමේ අරමුණින් විය යුතුය.


අපේ මේ කතාවේ එන කථා නායිකාවගේ තාත්තා කෝටිපතියෙක්. ඔහුට තවත් දරුවන් ඉන්නවා. තාත්තා මියයාමට කලින් ඇයට සෑහෙන දේපොළක්ද ලියාදී තිබෙනවා. කුඩා කාලයේ ඉඳලම ඇය ගත කර තිබෙන්නේ සියලූ සැප සම්පත්වලින් පිරි ජීවිතයක්. ඇය විදේශීය රැුකියා නියෝජිත ආයතනයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා යැයි විශ‍්‍රාමික ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය කෝටිපතියකුගේ දියණියකට සිදුවූ අවාසනාවන්ත ඉරණමේ ශෝචනීය කතාවට මුලපුරමින් පැවසුවාය.


ඇය මියයාමට කලින් කී කතා යළි ආවර්ජනය කරමින් විශ‍්‍රාමික ජේලර්වරිය මෙසේද කීවාය.


විදේශීය රැුකියා නියෝජිත ආයතනයක හිමිකාරියක් වන ඇය එම ව්‍යාපාරය බොහොම හොඳට ලොකුවටම කරගෙන ගිහින් තිබෙනවා. ඔහොම ඉන්නා අතරවාරයේ මෙයා පවත්වපු සම්බන්ධතාවක ප‍්‍රතිඵලයක් විදිහට ගැබ්ගෙන තිබෙනවා. ඇය මේ බව පවුලේ කිසිම කෙනකුට ඥාති මිත‍්‍රාදියකුටවත් හාංකවිසියක්වත් දැනගැනීමට තියලා නැහැ. ඒ තරමටම ඇය මේ බව රහසක් වශයෙන් තබාගෙන ඉඳලා. දරු ගැබ මෝරාගෙන එන්න කලියෙන් ඇය යුරෝපීය රටකට ගොස් තිබෙනවා. ඇය එතෙක් කල් කරගෙන ආ විදේශ රැුකියා නියෝජිත ආයතනය ඥාතියකුට පවරා තමා රට ගොස් තිබෙන්නේ.

මෙච්චර සල්ලි තියෙද්දිත් ඇය හදිසියේ රට යාම කාටත් ලොකු ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒත් ඇයට මෙහෙම දෙයක් වෙලා කියා කිසිම කෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ජීවිතයේ කිසියම් වෙනසකටත් එක්ක යනවා කියා තමා ඇය රට ගිහින් තියෙන්නේ.


රට ගියාට පස්සේ එහිදී ඇය දරුවකු ප‍්‍රසූත කරලා ඒ දරුවා හොඳින් හදාවඩාගෙන ලොකු මහත් කරලා තිබෙනවා. ඇයගේ පුතා ඒ රටේ පාසලකට යවලා හොඳ අධ්‍යාපනයක් පවා ලබාදී ඇති බව ඇය මා එක්ක කිව්වා. අවුරුදු ගාණකට පස්සේ ඇය පමණක් කෙටි නිවාඩුවක් ගත කිරීමට ලංකාවට ඇවිත් තිබෙනවා. ලංකාවට ආවට පස්සේ තමාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව ඇය මා සමග පැවසුවා.


ඇයගේ නමින් ලියාපදිංචිකර තිබූ විදේශ රැුකියා නියෝජිත ආයතනය ඇය රට ගිහින් සිටි කාලයේ කරගෙන ගිය ඥාතියා මිනිස්සු ගැහැනු රට යවනවා කියා ලක්ෂ ගණනින් මුදල් වංචා කරලා. ගොඩක් දෙනෙකුගෙන් මේ විදිහට මුදල් වංචා කරලා. ඇයගේ නමට ලියාපදිංචිකර තිබූ නිසා මේ වංචාවට ඇය පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව තමා ඇය මාත් එක්ක කියා තිබුණේ. මේ සම්බන්ධව ඇයට අධිකරණයේ නඩු විභාග කරලා දඬුවම් නියම කර තිබෙනවා.


ඇය තවත් අපූරු කතාවක් මාත් එක්ක කියා තිබෙනවා. නඩු විභාගය අවසානයේ තීන්දුව මුඞ්ලියර් විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අවුරුදු පනස් දෙකක සිර දඬුවමක් තමාට අධිකරණය විසින් නියම කර ඇති බව කියා තිබෙනවා. නමුත් තමාට ඇසුණේ අවුරුදු දෙකක සිරදඬුවමක් ලැබුණු බවයි. ඇය එහෙම හිතාගෙන තමා හිර ගෙදරට ඇවිත් තිබෙන්නේ.


අවුරුදු දෙකක හිර දඬුවම අවසන්වීමට ටික කාලයක් තියෙද්දී තමා ඇය දැනගෙන තිබෙන්නේ තමා අවුරුදු පනස් දෙකක සිර දඬුවමක් ලබා සිටින තැනැත්තියක් බව. මේ බව දැනගත්තාම ඇය හරියට ඇඬුවා. ඇය පුදුම වේදනාවකින් හිටියේ. මිස් මම අවුරුදු දෙකකින් නිදහස් වෙලා පුතා ඉන්න රටට යන්න හිතාගෙන හිටියා. දැන් ඒක සිහිනයක් වුණා. රට ඉන්න පුතා ගැන සිහිකරමින් ඇය පුදුම විදිහට ඇඬුවා.


ඇය හිරගෙදරට ආපු මුල් අවදියේ පැවසූ ඇතැම් කරුණු අනුව මේ සම්බන්ධව රට ඉන්න පුතාට කියා ලංකාවට ගෙන්වාගෙන ඇපිල් එකක් දාන්න කියා උපදෙස් දුන්නා. මේ ගැන පුතාට දැනගන්න තියන්න හොඳ නැහැ. අවුරුදු 2 කාලය ගෙවා දමා මම ආයෙත් රට යනවා කියා කිව්වා. ඇය බන්ධනාගාරයේ ඉඳගෙන පුතාට ලියුම් යැවීමට පටන්ගත්තේ අවුරුදු 52 ක හිර දඬුවමක් ලැබූ බව දැනගත්තට පස්සේ. එතකොට මේ ගැහැනු කෙනාගේ පුතාගේ වයස අවුරුදු 20 ක් විතර වෙනවා යැයි පැස්කුවල් මහත්මිය පවසන්නීය.


විශ‍්‍රාමික ජේලර් පැස්කුවල් මහත්මිය මෙසේද කීවාය.


මේ කාන්තාව මැහුම් ගෙතුම් රෙදි පින්තාරු කිරීම හා මල් සැකසුම් කිරීම ගැන ඉගෙන ගැනීමට යොමුකළා. ඒ සඳහා ඇයට අවශ්‍ය මගපෙන්වීම නිරන්තරයෙන් ලබාදුන්නේ එවකට බන්ධනාගාර නියාමකවරියක්ව සිටි තුෂාරි එදිරිසිංහ මහත්මියයි. තුෂාරි දැන් විශ‍්‍රාම ගොස් සිටිනවා. කාන්තාව මැහුම් ගෙතුම් රෙදි පින්තාරු කිරීම හා මල් සකස්කිරීම හොඳට ඉගෙන ගත්තා. ඇයට හරිම ලස්සනට සිත්ගන්නාසුළු ආකාරයට මල් කළඹ සකස්කරන්න පුදුම හැකියාවක් තිබුණා මට හොඳට මතකයි.


හිරේට නියම වෙලා බන්ධනාගාරයට ආපු මුල් කාලයේ ඥාතියෙක් ඇය බලන්න හිරගෙදරට ආවා. මේ ඥාතියා ඇවිත් තියෙන්නේ බෙන්ස් රථයකින්. උඹ තමා මාව මේ තත්ත්වයට පත්කරලා මගේ ජීවිතය නැති කළේ කියා ඇය ඒ ඥාතියාට බැනලා පන්නාගෙන තිබෙනවා. එදායින් පස්සේ ඒ ඥාතියා තියා පවුලේ කිසිම කෙනෙක් ඇය බලන්න ආවේ නැහැ. ඒ ගැන ඇයට කිසිම දුකක් වේදනාවක් තිබුණේ නැහැ.


තමාගේ හිර දඬුවම අවුරුදු පනස් දෙකක් බව දැනගත්තු දවසේ ඉඳලා තමා ඇය හරිම වේදනාවකට පත්වුණේ. හරිම හිත් කලකිරීමකින් හිටියේ. ඇය දෙතුන්වරක්ම සියදිවිනසා ගැනීමට තැත්කළා යැයි පැවසූ විශ‍්‍රාමික ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය ඒ ගැනද තොරතුරු හෙළි කළාය.


එක දවසක් මෙයා කොණ්ඩයට ගහන කටුවගයක් ගිල දමා සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. තවත් වරක් බෙල්ලෙ වැල දමාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. සබන් වතුර හා අළු එකට මිශ‍්‍ර කර පානය කිරීමටත් තැත් කළා. ඒ සෑම අවස්ථාවකදීම බන්ධනාගාර නිලධාරිනියන් මැදිහත්වී ඇය ගලවාගෙන රෝහල්ගත කර වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදී ජීවිතය බේරාගත්තා. ඇයි මිස් මම වගේ කාලකන්නි ගැහැනියකගේ ජීවිතය බේරාගත්තේ කියා ඇය විමසුවා.


බන්ධනාගාර නිලධාරිනියක් හා නියාමකවරියක් කරුණු කාරණා පහදාදී ඇයගේ හිත හැදුවා. ඇයගේ පවුලට ලොකු දේශපාලන සම්බන්ධයක් තිබෙන බවත් බොහොම වැදගත් පවුල් පෙළපතකින් තමා පැවත එන බවත් ඇය නිතරම කිව්වා. ඇය ඒ ගැන බොහොම ආඩම්බරයෙන් කතා කළ බව මට මතකයි.
සිර දඬුවම් විඳිමින් සිටි ඇයට අත්වූ ඉරණම ගැන විශ‍්‍රාමික ජේලර්වරිය පැවසුවේ මෙවැනි කතාවකි.


මේ කාන්තාව අධික රුධිර පීඩනයට වෛද්‍ය ප‍්‍රතිකාර කාලයක ඉඳලා ලබාගත්තා. ඇයගේ රෝග තත්ත්වය උත්සන්නවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගනිමින් සිටි අතරවාරයේ ඇය මියගියා. සිරුර භාර ගන්නවත් ඇයගේ පවුලේ කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ නිසා අන්තිමේදී රජයේ වියදමින් ඇයගේ අවසන් කටයුතු කළ බව විශ‍්‍රාමික ජේලර්වරිය අවසාන වශයෙන් පැවසුවාය.


මිහිපිට සිටි දෙවඟනක් ලෙස සියලූ සැප සම්පත් මැද ජීවත්වූ ඇය අවසානයේ සිපිරිගෙය තුළ කටුක ජීවිතයක් ගත කර මහපොළොවට යටවූයේ කාත්කවුරුත් නොමැති අසරණියක් ලෙසය.


m



අදහස් (0)

හිරේදී කොණ්ඩා කටු ගිල මැරෙන්න හැදූ කෝටිපති දියණිය

දිලීප Thursday, 11 December 2014 05:55 AM

පව් කියනවා ඇරෙන්න කියන්න දයක් නෑ වෙන

:       0       0

සරසි Thursday, 11 December 2014 06:20 AM

ලංකාවේ මින්නිසුන්ගේ තියන හණමිටි අදහස් හින්දා මේ වගේ අපරාදේ ජිවිත නාස්ති වෙනවා හැම දෙයටම සමතය අසම්මතය කියල නීති මින්නිසුන්ම හදාගෙන. අපි කව්රුවත් සදාකාලිකව ජීවත් වෙන්න්නේ නෑ. ඒ නිසා ඉන්න ටික කාලය තමන්ගේ හිතට එකඟව සතුටින් ජීවත් වුණා නම් ඇති. (දිල්)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 06:13 PM

දිනේස්, මාද ඔබ සමග එකගයි. එයාව ඒ තත්වෙට පත් කල නොමිනිසුන්ට කර්මය සලකාවි.(නදී)

:       0       0

ප්‍රසන්න බංඩාර Saturday, 13 December 2014 01:48 AM

නඩු අසන්නේ නැතිවද හිරේ දැම්මේ. (නදී)

:       0       0

ෂෆ්නි Friday, 12 December 2014 07:12 AM

මේ ලෝකය පුදුමාකාර ලෝකයක්. (නි)

:       0       0

ඉන්දික Wednesday, 10 December 2014 10:43 PM

ධම්ම වගේ හණමිටිකාරයින් නිසා තමයි මේ වගේ දේවල් සිද්ධවෙන්නේ (නි)

:       0       0

සමන් Friday, 12 December 2014 02:22 PM

අනේ පව්. මේක මහා අසාධාරණයක් මේ වගේ අසාධාරණ කම් නම් ලංකාවේ තව කොච්චර නම් සිදුවෙලා නම් ඇත්ද (අ)

:       0       0

භාරත Saturday, 13 December 2014 04:23 AM

මේවට වග කියන්න ඕනේ ලංකාවේ පොලිසිය. කිසි වරදක් නොකරපු මේ වගේ කි දෙනෙක් සිරගෙය තුල ඉන්නවද ? ඇයි මේවා කාටවත් පේන්නේ නැත්තේ ? මෙවන් කරදර බොහෝවිට වෙන්නේ දුප්පත් මිනිසුන්ට අනිත් අයටත් නොවෙනවා නොවේ. දුප්පත් පුද්ගලයකුට නීතියේ ඉඩ ගොඩක් අඩු වෙලා තියනවා. (නදී)

:       0       0

සරසි Friday, 12 December 2014 08:41 AM

ලංකාව වගේ රටවල වැරැද්ද මේක තමා. (නි)

:       0       0

ශිරන්ති Monday, 15 December 2014 11:12 AM

නීතියෙන් තමුන්ගේ නමට තියෙන දේවල් අනුන්ට පවරන එකේ භයානකකම පේනවා නේද ?(හේ)

:       0       0

දිනේෂ් Thursday, 11 December 2014 01:48 PM

කවූරු කොහොම කිවූවත් මේ රත්තරන් අම්මා කෙනෙක්. මොකද ඔයතරම් සල්ලි තිබිලත් දරුවා නැතිකරේ නැහැනේ. ව්‍යපාර ඔක්කොම දාල රට ගියේ දරුවා හදාගන්නනේ. (ර)

:       0       0

කුමාර Thursday, 18 December 2014 01:38 AM

ඕක තමයි මෙහේ නීතිය. හරිම අසාධාරණයි. පවු දරුවා! (නි)

:       0       0

කුමාර Thursday, 18 December 2014 01:39 AM

ඇත්තටම ගොඩක් දුකයි (නි)

:       0       0

රොෂාන් Monday, 15 December 2014 07:00 AM

කැකිල්ලේ නඩු නේ මේවා .වෙන කෙනෙක් හොර කළාම මේ අහිංසක මනුස්සයා අවු 52 කට හිරේ ගිහින්.නඩු කාරයට නඩු දාන්න ඕන වැඩ මේවා.(හේ)

:       0       0

අනිස ඛාන් Tuesday, 16 December 2014 01:59 AM

ඇත්තටම පව් ඒත් මෙච්චර ලොකු දඩුවමක් වරදක් නොකර මට නම් හිතා ගන්න බැහැ (දී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 10 December 2014 12:37 PM

අර දුරු රටක ඉන්න දරු පැටියා. අනේ පව් නේද? (නදී)

:       0       0

ප්‍රබූ. Tuesday, 16 December 2014 05:28 PM

මගෙ අම්මට වඩා දහස් වාරයක් මේ අම්ම හොදයි.අපේ අම්ම මායි මල්ලියි දාල යනකොට මට අවුරුදු 3යි ලු.මල්ලිට මාස 6යි.අපි දෙන්න සමාජයෙන් විදපු ගැහැට දන්නේ අපි දෙන්න විතරයි.මම නම් එහෙම අම්මල කියන නමටත් වෛර කරනව.මේ අම්ම මොනවා කරන්නද වෙන කෙනෙක් කරපු අපරාදයකට.මොන වේදනාවක් විදින්න ඇත්ද දරුවා ගැන හිතල. (අ)

:       0       0

අවාන් Friday, 12 December 2014 09:53 AM

පව්,! හරිම දුක හිතෙනවා නේද.? (ර)

:       0       0

තාරක Friday, 12 December 2014 03:55 AM

ඔන්න ‍ඕක තමයි ලංකාවේ නීතිය.වරදක් නොකර ඇය සිරබත් කෑවා.හරිම අසාධාරණයි (නි)

:       0       0

කණිෂ්ක Thursday, 11 December 2014 07:37 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සුජාන් Friday, 12 December 2014 04:44 AM

අපේ රටේ නීතිය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇතිවෙනවා. විදේශ රැකියා ආයතනය ඇගේ නමට ලියාපදිංචිකර තිබුනත් වංචාවකර තිබුනේ වෙනත් කෙනෙක්. නියම වැරදිකරු පරීක්ෂණ මඟින් තහවුරු කරගෙන දඬුවම් කරන්න තිබුනා. ආයතන බලපත්‍රය තහනම් කරලා ඇයට දඩයක් ගහන්න තිබුනා. මේක ඛේදවාචකයක්. වැරැද්ද කළ කෙනා එළියේ නිදැල්ලේ. ඒ වරදම ආයෙත් කරයි. (නි)

:       0       0

ධම්ම Wednesday, 10 December 2014 01:05 PM

අවිවාහක කාන්තාවක් ගැබ්ගැනීම ලංකාවේ අසම්මතයක්. අසම්මත දේ කරන අයට ජීවිතය වරදින්න තියෙන සම්භාවිතාව හරි වැඩියි. මේ එක් අවස්තාවක් පමණයි. මේවා කාට කාටත් හොඳ පාඩම්. (නදී)

:       0       0

අසංක Saturday, 13 December 2014 11:53 AM

රටේ නීතිය නිසා අහිංසක තවත් ජීවිතයක් නැති වුනා.(හේ්)

:       0       0

අාසීර Saturday, 13 December 2014 11:54 AM

මේ කතාව බලනකොට දුක්බර කතාවක්.(හේ)

:       0       0

කුමාර් Monday, 15 December 2014 02:47 PM

දිනේෂ් මාද ඔබ සමග එකයි. නමුත් දිනේෂ් කර්මයේ අකුසල ඉතා ප්‍රබල දෙයක්. (නදී)

:       0       0

උපුල් Saturday, 13 December 2014 01:25 PM

ඇත්තටම පව් තමයි. ඒත් ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නේ එ් කාන්තාවම තමයි නේද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4822 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 648 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1225 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 110 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 194 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 259 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site