අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.
තමා විසින් පාපකර්මයක් නොකළද අනුන් ලවා කරවීමත්, පාප කර්මයන්ට අනුබල දීමත් එම පාප කර්මයේම කොටස් ලෙස දහමේ සඳහන් වේ. කිසිවෙකුට නොදැනෙන්නට හෝ නොපෙනෙන්නට හෝ පව් කළද ඒවාද කවරදා නමුත් පලදෙන බව සමහරු නොදනිති. තමා සුදනකු ලෙස සිතා තමාම රවටාගන්නා එවැනි පුද්ගලයෝ අද සමාජයේද එමට සිටිති. මා කියන්නට යන්නේද ලෝකයට හොඳ ප්‍රතිරූපයක් පෙන්වමින් රහසේ පව්කළ අවසානයේදී දරුණු ලෙස ඒවායේ විපාක විඳි අයකු පිළිබඳ කතාවකි. ඔහු “පියසේන” නමින් හඳුන්වමි.
පියසේන රජරට පළාතේ නගරයට ආසන්න ගමක විසූ පුද්ගලයෙකි. ඔහුට ගමේ සිල්ලර වෙළෙඳ සැලක්ද, වඩු මඩුවක්ද විය. හොරෙන් කපා ගන්නා ලී වලින් සෑදෙන ගෘහභාණ්ඩ නගරයේ වෙළෙඳ සැල්වලට විකිණීම ඔහු ප්‍රසිද්ධියේ කළ ව්‍යාපාරය විය. එහෙත් වැඩිදෙනකු නොදත් ඔහුගේ සමීපතම කිහිපදෙනෙකු පමණක් දැන සිටි රහස් ව්‍යාපාරයක්ද ඔහුකරගෙන ගියේය. ඒ නගරයේ මස්කඩ මුදලාලි කෙනෙකුට මස් සැපයීමයි. මෙම මස්කඩ මුදලාලි ප්‍රදේශයේ හමුදා කඳවුරු, නේවාසිකාගාර හා ප්‍රධාන හෝටල්වලට හරක් මස් සැපයුම්කරුවා ලෙස තෝරාගෙන සිටි නිසා ඔහුට දිනපතා විශාල ලෙස හරක්මස් අවශ්‍ය විය. පියසේන මුදලාලිද ඔහු තම ව්‍යාපාරයට හවුල්කරගත්f0ත්ය.
හැටේ හැත්තෑවේ දශකවල අද මෙන් වාහන බහුල නොවූ නිසා මහපාරවල් වල රාත්‍රියට හරකුන් ලැගුම්ගන්නා සිරිතක් විය. පියසේන මුදලාලි කළේ එසේ පාරවල්වල සිටින හරකුන් හොරෙන් මරා ඔහුගේම වත්තේදී මස්කර එම මස් නගරයට යැවීමයි. ගෝලයන් හතර දෙනෙකු සමග මධ්‍යම රාත්‍රියේ නගරයෙන් ඈත පාරකට ගොස් තම කාර්යය ආරම්භ කරයි. එක් අයකු මසට තෝරාගන්නා හරකාගේ ගෙලට මන්දක් දමයි. තවෙකෙකු පොරොවකින් හරකාගේ හිසට වේගවත් පහර කීපයක් එල්ල කරයි. ඉන්පසු යකඩ පොලුවලින් ගසා හරකා නිසල කරගනී. අනතුරුව වෑන් රියට පටවා ගන්නා අහිංසක සතා මුදලාලි සතු වත්තකදී මස් කරනු ලබයි. ඉන්පසු හරක් මස් නගරයේ මුදලාලි වෙත යැවේ.
පියසේන මුදලාලිගේ මෙම රහසිගත ව්‍යාපාරය ගැන දැන සිටියේ ඔහුගේ ගෝලයන් කිහිපදෙනා පමණි. මුදලාලි දෙන හොර මත් වතුර බෝතලයටත් ගතමනාවටත් වහ වැටී සිටි ඔවුන්ද මේ රහස එසේම රැකගත්හ. එකල බොහෝ හරක් හිමියන් තම හරකුන් ගැන සෙවීමක් නොකළ නිසා පියසේන මුදලාලි වසර කිහිපයක්ම මෙම ජාවාරම කරගෙන ගියේය. ඔහු ගෙව්වේද එකලට අනුව ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයෙකි.
දිනක් පියසේන මුදලාලි අලුතෙන්ම ගත් මෝටර් රථයෙන් පවුලේ අයත් සමග කතරගම යාමට පිටත් විය. එහෙත් ඔහුට වැඩිදුර යාමට නොහැකි විය. මෝටර් රථය ගසක හැපී රියදුරු අසුන ළඟම සිටි මුදලාලිට බරපතළ තුවාලත් පවුලේ අනෙක් අයට සුළු තුවාලත් සිදු කරමින් ගමන අතරමග නතර විය. මුදලාලි ප්‍රදේශයේ ප්‍රධාන රෝහලට ඇතුළත් කරන ලදී. හිසට බරපතළ ලෙස තුවාල සිදු වී ඇති නිසා ශල්‍යකර්ම කිරීම නිෂ්ඵල බව වෛද්‍යවරුන්ගේ තීරණය විය. රෝහල් සයනය මත සේලයින් හා ඔක්සිජන් ප්‍රතිකාර ලබමින් සිටි පියසේන මුදලාලි පැය කිහිපයකින් මෙලොව හැර ගියේය.
පියවි සිහිය නොතිබුණද ඔහුගේ විඤ්ඤාණය ඔහුට ඔහු කළ සියල්ල මතක් කරදෙන්නට ඇත. වසර ගණනාවක් හරකුන් මැරූ ලෙස ඔහුටද මරු වැළඳ ගැනීමට සිදුවිය. කතරගම දෙවියන් පාපකාරයා තමා හමුවට ඒම වැළක්වූ බව ගැමියෝ කතා වූහ.
අලව්වේ රාගල සේනාරත්න ගම්ලත් මහතා ලියා එවූ කතාවක් මෙසේය.
රැකියාවක් නැතිව රස්තියාදුවේ ගිය ධනපාලට කුකුළු ගොවිපළක රැකියාවක් ලැබිණ. ලොකු පුනීලයක් වැනි දේකට කුකුළා ඔබා පහළින් උගේ බෙල්ල මතු වූ විට චරස් ගා කපා දැමීම ඔහුට මහ දෙයක් නොවීය.
එපමණක් නොව දින තිස් පහකින් පමණ කුකුළා පෝරකයට නංවන දිනය තෙක් ඌට හුළං පිරෙව්වාක් මෙන් පොහොනි වන්නට අවශ්‍ය හෝමෝන වර්ග පමණක් නොව ලාභයට සපයාගත හැකි උපත්පාලන පෙති ආදිය ගැනද මනා දැනුමක් ලබා ගන්නට හැකිවිය. කුකුළන් ශුද්ධ කිරීම, බර වැඩිවන අයුරින් කුකුළු බොඩිය එම්බාම් කොට සති ගණනාවක් ශීතකරණයේ ලා තබා ගැනීමට හැකියාව ලබා දීම ආදී ගුරුමුෂ්ටි රහස්ද ඔහුට අසුවිය. දැන් ඔහු හොඳ කුකුළු ගොවියෙකි. තරමක මූල ධනයක් අතට ආ පසු ඔහු තමන්ගේම කියා පොඩියට කොටුවක් පටන් ගත්තේය. කොටුවද බලා සිටියදීම අළු ගසා නැගිට්ටේ බ්‍රොයිලර් කුකුළකු තටු ගසා දමා නැගෙන්නාක් මෙනි. දැන් ඔහු සත්ගුණවත් ධනසූරිය මුදලාලිය. ප්‍රධාන පාර අයිනේ මස් හා බිත්තර ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කළෙන් මුදල් ගලා එන්නට වූයේ වතුර ගලන්නාක් මෙනි.
ඒ අතරේ ධනසූරියගේද කුකුල් ගති උත්සන්න වන්නට පටන්ගත්තේ ඔහු කාමභෝගී කුඩාරාජා කෙනෙකු බවට පත් කරවමිනි. ඔහුගේ පවුල් දිවියේ පැටළුම්වලට අලුතින්ම එකතු වූයේ රූමත් ටෙලි නාට්‍ය නිළියකි. ඔහු රැයක් දවාලක් නැතිව රඟපාන්න විය. දිනක් ඔහු හෙණගහන අපරාධයක් කළේය. ඔහුගේ කුකුළු කොටු සංකීර්ණයට කලවැද්දන් හෝතඹුවන් මෙන්ම බල්ලන්ගෙන්ද හානි සිදුවන්නට විය. දිනක් ඔහු කල්යල් බලා කුකුළු මසට ලොබ බැඳි බල්ලකු කාණුවකට කොටුකර ගත්තේය. ඌට පැනයන්නට තිබුණු තැන් අවුරා දමා ඌ පැට්‍රල්වලින් නැහැවීය. ඊළඟට බල්ලාට ගිනි දල්වන ලද්දේය. අසරණ සතා පැය ගණනක් මර හඬ දී වේදනා ලතෝනි දී අඟුරු බවට පත්ව ගියේය.
මේ සිද්ධියෙන් වැඩි දවසක් ගියේ නැත. දිනක් උදයේ ගොවිපළ භූමියේ ලන්දක් තුළ තිබී සේවකයන්ට හමුවූයේ පරාකූරියෙකු මෙන් පෙති පෙති ගසා දමන ලද ධනසූරියගේ මළ සිරුරයි.
මේ සිදුවීමෙන්ද හෙළිවන්නේ බුදුන් වහන්සේ විසින් පුද්ගලයකුට අකැප කොට වදාළ ජීවන කර්මාන්තයක් වන මස් පිණිස සතුන් ඇතිකිරීම, වෙළඳාම හා සත්ව ඝාතනය යන පාපකර්මවලට හැමදා නියං එකදා වැහි වළාවේ කීවාක් මෙන් මේ අත්බවේදීම ලැබෙන විපාක ඉතා දරුණු බව නොවේද?
උහුමීය ගුණතිලක මැටියඟනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.
එක්තරා පිටිසර ගමක පැරණි නිවෙසක් දෙකට බෙදාගෙන පවුල් දෙකක් ජීවත් වූහ. එක් අයෙකු සහෝදරයෙකු නොවූ හදාවඩාගත් දරුවකු වූ හෙයින් නිවෙසේ හා ඉඩමේ ඔහුට ලබාදී තිබූ අයිතිය කුඩාය. එහෙත් කුඩා කලසිට එකට හැදුණු හෙයින් මේ ගෘහාධිපතිවරුන් දෙදෙනා අතර මත භේද ඇති නොවීය.
නිවසෙහි කුඩා කොටසේ ජීවත් වූ පුද්ගලයාගේ මෝඩ පහේ තරුණ පුතෙක් වැඩිකොටසේ ජීවත් වූ අනෙක් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නටත්, ද්වේෂ කරන්නටත් පටන් ගත්තේය. ඒ පවුලට ඊර්ෂ්‍යා කළ ගමේ තවත් දෙදෙනෙක්ද ඊර්ෂ්‍යාව පා කරන්නට සුදුසුම අවස්ථාව මේ යැයි සිතා මෝඩ පුතාට එකතු වූහ. සම්පූර්ණ ගෙයම හා අනෙකුත් දේපළත් ලබා ගත හැක්කේ ඒ පවුල විනාශ කිරීමෙන් පමණක් යැයි කියා ඒ සඳහා උපායක් මෝඩ පුතාට යහළුවවෝ දෙදෙනා කියා දුන්හ. ඒ පවුල විනාශ කළ හැක්කේ රහසින් වස ආහාරයකට දැමීමෙනි.
එකල වස තිබූ බවට සැක කරන ගෙවල්ද ප්‍රසිද්ධ වී තිබුණි. එම ගෙවල්වලින් දිය බිඳක් බීමට පවා ගම්මු බියක් දැක්වූහ.
කතිකාකරගත් පරිදි කොලුවා විනාශ කළ යුතු පවුලේ උදේ පාන්දර ඉදෙන බත් හැළියට වස දැමීය. එම පවුලේ කුඩා දරුවාට කෑම දීමට මව සූදානම් විය.
සාමාන්‍යයෙන් එකලත් මෙකලත් කුඩා දරුවන්ට කෑම කවන්නේ දරුවාට දීමට පෙර මව ඒ ආහාර කටේ ගා බැලීමෙනි. මේ මවද ඒ ආහාර කටේ ගා බැලීමේදී දැඩි තිත්ත රසක් හා පාටෙහි වෙනසක් දුටුහෙයින් බත් පිඟාන පසෙක තබා කුමක් වී දැයි සිතන්නට වූවාය. නිවස තුළ ගැටලුවකි. කලබලකාරී ස්වරූපයකි. ඒ වන විට කොලුවා ගෙදරින් පිටවී ගොසිනි.
කොලුවාගේ පිටවීම ගැන සැක සිතූ පවුල් දෙකේම උදවිය ඔහු සොයා ගියහ. ඈත ගමක ඥාති නිවසක සිටි ඔහුගෙන් ප්‍රශ්න කළවිට තමා වස දැමූ බවත්, ගමේ දෙදෙනකු වස ලබාදුන් බවත් ඔහු පාපෝච්චාරණය කළේය. කොලුවාගේ පියා අනෙක් පියා සමග කීවේ තමා මේ කිසිවක් නොදන්නා බවයි. එසේම මෙතෙක් සොයුරන් මෙන් සිටි හෙයින්ද, මෙයින් කරදරයට පත්වන්නේ තමා හෙයින්ද කියා අනුකම්පාකර නීතිමය පියවරක් නොගන්නා ලෙස ඉල්ලා සිටියේය.
තවදුරටත් ඔහු කියා සිටියේ කොලුවා මේ නිවසට නැවත නොගන්නා බවත්, හැකි ඉක්මනින් තම පවුල මේ නිවසින් පිටවී යන බවත්ය.
ටික කලකින් ඒ පවුල මේ නිවසින් පිටවී ගියේය. අනෙක් පවුලේ පියා (කුඩා) නිවසක් සාදාගැනීමට උදව් කළේය.
ගතවූයේ සුළු කාලයකි. පව් පලදීම ආරම්භ විය. වස සපයා දුන් එක් පුද්ගලයෙක් ඔහුගේ පවුල තුළ සණ්ඩු සරුවල් වී පොලු පහරවල් වැදී හිසේ ඇති වූ තුවාලයක් කුණුවී දුක් විඳ මරණයට පත්විය.
වස දැමීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා අධික බීමත් කමෙන් ශරීරය තුළ ඉන්ද්‍රියන් තැම්බී දියවී දුක්විඳ මරණයට පත්විය.
වස දැමූ කොලුවා නිවසද, තිබුණු දේද විකුණා වැරහැලි එල්ලාගෙන මහ මග ඇවිදිමින් සිටිනු දැනට දසක පහකට පමණ පෙර ගම්මුන් දැක ඇත. මෙලොවදීම පව් පලදුන් සත්‍ය සිද්ධියකි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරෙන් කළත් පව පල දේ
එච්.ජී.අයේෂා සාලිකා Monday, 25 July 2016 09:50 AM
බුදුබණ සත්‍යයි කළකම් ඵල දෙනවාමයි. (බ)