‘‘ගමේ ගොඬේ පුංචි මිනිස්සුත් එක්ක එක්කහු වෙලා, ඒ මිනිස්සුත් එක්ක බණ්ඩාරනායක ඇයි හොඳයිකම් පවත්වන එක ගැන සර් ජෝන් කියන්නෙ මොකක්ද කියලා, අමරෙ උඹට පුළුවන්ද සර් ජෝන් හම්බවෙලා අහල දැනගෙන එංඩ’’ මීට වසර 60කට පමණ පෙර දිනකදී එවක ‘‘සිළුමිණ’’ කර්තෘවරයාව සිටි මීමන පේ‍්‍රමතිලක එම පත‍්‍රයේ වාර්තාකරුවකු වූ ඇම්.ඇස්. අමරසිංහගෙන් විමසුවේය. ‘‘අපෝ..... සර් ජෝන් හරි සැර මනුස්සයෙක් නේද? ’’යි ඒ අවස්ථාවේ අමරසිංහ මැසිවිල්ලක් නැගූ විට ‘‘බයවෙන්ඩ කිසිම දෙයක් නෑ. උඹ ගිහිං ඒ කතාව අහගෙන වරෙංකො. උඹට පොඩි ඩි‍්‍රන්ක් එකක් දෙංඩත් බැරිකමක් නෑ’’යි මීමන සිනාසෙමින් ප‍්‍රකාශ කළේය.
ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ ඇඳුම පරිද්දෙන්, අමරසිංහද සුදු පැහැති ජාතික ඇඳුම ඇන්ද කෙනකු වූ අතර මීමන කියූ ආකාරයට අන්තිමේදී හෙතෙම සර් ජෝන් මුණගැසෙන්න රත්මලානේ කඳවල වලව්වට ගොසිනි. පොඩි මිනිසුන් හා සමග බණ්ඩාරනායක කුළුපගව සිටීම ගැන කොතලාවල එතරම් කැමැත්තක් දක්වා නැත. ‘‘ඔය වැඩෙං බණ්ඩා කවදහරි හොඳ පාඩමක් ඉගෙන ගංඩ ඉඩ තියෙනව’’යි හෙතෙම පවසා ඇත්තේ ඒ නිසාය.
සර් ජෝන්, වලව්කාරකම හිතට අරගෙන සිටි කෙනෙක් විය. බණ්ඩාරනායකද වලව්කාරයකු වුවත් එයින් හිත උදුම්මා නොගෙන ගමේ ගොඬේ අහිංසක අසරණ මිනිසුන් සහ සමග කුළුපගතාවකින් යුතුව කටයුතු කරන්න නිතරම උත්සාහ දැරීය. කොතලාවල ඇසුරු කළේ ඉහළ පෙළේ ලොකු ලොක්කන්ය. බණ්ඩාරනායක සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය හා සමගය.
සර් ජෝන් එදා කියූ දෙය, එතරම් කලක් ගත වන්නට කලින්, අන්තිමේදී, හරියටම හරි ගියේය. දෙවන එළිසබත් මහා රැජිනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවනල අගමැතිවරයාව සිටියදීය. ඒ අවස්ථාවේ, රාජකීය යුවළ සීගිරිය නරඹන්නද ගිය අතර සීගිරි නගිද්දී තද සුළඟකින් රැජිනගේ ගවුම ඉහළට එසවුණු විටක අසල සිටි සර්, ජෝන් එය දැක‘ගනු යකෝ ගනු ෂොට් එකක් (පිංතූරයක්) යි පුවත්පත් ඡායාරූප ශිල්පියකුට කෑ ගසා කීවේය.
රාජකීය යුවළ වෙනුවෙන් හෙතෙම සිය කඳවල වලව්වේදී පි‍්‍රය සම්භාෂණයක් පැවැත්වූ අවස්ථාවේ සිදුවූ සිද්ධියක් ගැන දිනක මට කීවේ ඊට සහභාගිවූ පත‍්‍රකලා වේදීන්ගෙ න් කෙනෙකි. පසු කලෙක ‘‘ඔබ්සර්වර්’’හා ‘‘ඬේලි නිව්ස්’’ පත‍්‍රවල කතුවරයා බවට පත් මා මිත‍්‍ර ක්ලැරන්ස් ප‍්‍රනාන්දු ඔහුය. කොතලාවලද එහිදී මීවිත තොල ගා ඇති සෙයකි. උන්හිටිහැටියේම වාගේ ඔහුට පිලිප් කුමරු සමග යමක් කතා කරන්න අවශ්‍යව කුමරු සිටින තැනක් සොයා ගන්න තැත දරා ඇතත්, සොයා ගත නොහැකිව ඇවිස්සුණු ගතියකින් සිට ඇත. සෑහෙන වේලාවක් ගත වුණාට පසුව, කුමරු මුණගැසුණ විට, හෙතෙම කේන්ති ගතියකින් ඔහුය කතා කරනු ක්ලැරන්ස්ට ඇසී ඇත.
පසු අවස්ථාවක කඳවල වලව්වේ පැවති සාදයකට මාද සහභාගි වූ අතර ඉහත සිද්ධිය ගැන එහිදී මට කීවේ, රාජකීය යුවළ වෙනුවෙන් වලව්වේ පැවති යට කී සාදයට මෙන්ම එම සාදයටද සහභාගිවූ මා හිතවත් ක්ලැරන්ස්මය.
‘‘ලංකාදීප’’ පත‍්‍රයට අගමැති සර් ජෝන් දැඩි ඇල්මක් දැක්වූ නිසා එහි කර්තෘ මණ්ඩල සාමාජිකයන් සඳහා කඳවල වලව්වේදී මාස්පතා සාදයක් පවත්වන්න හෙතෙම පෙළඹී සිටියේය. එක්තරා දිනක පැවති එවැනි සුහද හමුවකදී සිදුවූයේ ඇඟ කිලිපොලා යන සිද්ධියකි. එම සිද්ධිය ලංකාදීපයට ‘‘වගතුග ’’ තීරු ලිපි පෙළ ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මධුවිත තොල ගා උන්හිටි හැටියේම ඔහු සිටි මේසය මතට නැග වලව්ව පැත්තට හැරී කොතලාවලට දිගට හරහට දොස් නැගීමය. මානවසිංහ සර් ජෝන් කෙරෙහි එතරම් ප‍්‍රසාදයක් ඔහු තුළ පැවතුණේ නැත.
හෙතෙම එහිදී සන්සුන් කරගෙන ඇත්තේ, දැඩි පරිශ‍්‍රමයකිනි ’’ සුප‍්‍රකට ගායකයන් දෙදෙනකු වූ එච්.ආර්. ජෝතිපාල හා මිල්ටන් පෙරේරාද ගාලූ පාරේදී කෙල්ලක දුන් දිරච්ච ලණුවක් ගිල ඇය හමුවීම සඳහා කඳවල වලව්වට යාමද, සිනා ඇති කරවන සිද්ධියකි. ගායකයන් දෙදෙනා තුරුණු වියේදී ගාලූ පාර දිගේ පයින් ගමන් කරමින් සිටි විටක සිත් ඇදගන්නා තරුණ ගැහැනු ළමයෙක් මුණගැසී, ඇය හා සමග වචනයක් දෙකක් කතා බස් කොට ලිපිනය කුමක්දැයි ඇයගෙන් විමසා ඇත. එවිට ඇය කර ඇත්තේ කොළ කැබැල්ලක ඇයගේ ‘‘ලිපිනය’’ ලියා ඔවුන් අතට දීමය. එම ලිපිනය කඳවල වලව්වේ ලිපිනය විය. අදාළ දින හෝ පසු දිනක හෝ ජෝතිපාල හා මිල්ටන්ද ඇය බලන්නට වලව්වට ගොස් ඇත්තේ ඇය වලව්කාරියකැයි සිතාගෙනය. සර් ජෝන් ඒ කාලයේ වලව්ව අබියස භූමියේ කූඩුවල නොයෙකුත් සතුන් විනෝදාංශයක් වශයෙන් ඇති දැඩි කළ අතර ඔවුන් දෙදෙනාද එම කූඩු අසලට ගොස් ඒ ඒ සතුන් නරඹන්නට මුලින්ම පටන්ගෙන ඇත.
ඒ අවස්ථාවේ කොතලාවල ‘‘ ඕයි තමුසෙල කවුද? තමුසෙල මොනවද ඔය කරන්නෙ’’යි කේන්ති ගතියකින් මෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කොට ඇති අතර ඒ ගොරෝසු කටහඬ ඇසී තක්කුබුක්කුව ඔවුන් දෙදෙනා ආපසු යද්දී ‘‘ඒ තමා සර් ජෝන් කොතලාවල උන්නැහැ’’යි කෙනකු කියා සිටි විට දෙදෙනා තක්බිර් වූ බව කියති. ධනවාදී ප‍්‍රතිපත්තියට වැඩි ඇල්මක් දැක්වූ ඔහුට කොමියුනිස්ට් වාදය අරහං විය. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියා හැටියට සැලකෙන බොරළුගොඩ සිංහයා, එනම්, පිලිප් ගුණවර්ධනත්, ඔහුත් අතර මැතිසබේදී දිනක ගුටිබැට හුවමාරුවක් සිදුවූ බවද එහිදී පිලිප් ඔහුට තද පහරක් දෙකක් එල්ල කළ බවද දැනගන්නට ඇත.
සර් ජෝන්, අගමැතිකම දරද්දී මහනුවර ප‍්‍රදේශයේ කෘෂිකර්මික ප‍්‍රදර්ශනයක් පැවති අවස්ථාවක සිදුවූ රසවත් සිද්ධියක් ගැනද මෙහිදී සඳහන් කළ හැකිය. ප‍්‍රදර්ශනය විවෘත කළ අගමැතිවරයා එය නරඹමින් යම් යම් ස්ථානවලට යද්දී එක්තරා ස්ථානයක තරුණ ගෙවිළියන් දෙතුන් දෙනකු කේප්ප හරකකුට කන්න බොන්න දෙමින් හරකා අතපත ගානු දැක.‘‘ෂා..... ආනන්ද මාත් කේප්ප හරකෙක් උනානං කොච්චර හොඳද?’’යි ඔහු අසල සිටි ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වූ ආනන්ද තිස්ස ද අල්විස්ට විහිළුවට මෙන් ප‍්‍රකාශ කර ඇත. ඔවුන්ට කිට්ටුවෙන් සිටි ‘‘ලංකාදීප’’ මාධ්‍යවේදියා එය ඇසී ‘‘ලංකාදීප’’ කන්තෝරුවට අවුත් එහි කර්තෘ ඞී.බී. ධනපාලට එම සිද්ධිය පිළිබඳව සැල කළ විට ඔහු කර ඇත්තේ ජී.ඇස්. ප‍්‍රනාන්දු කාටුන් චිත‍්‍ර ශිල්පියා ලවා ඊට අදාළ කාටුනයක් අන්දවා පසුදින පත‍්‍රයේ පළ කිරීමය. එදින උදෑසන පත‍්‍රය අතට ගත් සර් ජෝන් එම කාටුනය දැක වහාම ලංකාදීපයට දුරකථනයෙන් කතා කොට පසුදින තමන් මුණගැසෙන්න වලව්වට එන ලෙස ජී.ඇස්ට දන්වා ඇත. ඒ අනුව තක්කුබුක්කු ගතියකින් යුතුව ජී.ඇස්. වලව්වට ගිය අවස්ථාවේ කොතලාවල ඔහුත් සමග එකට එකම තේ මේසයේ තේ පානය කොට එවැනි කාටුන් තවත් දෙක තුනක් තමන්ට ඇඳ දෙන ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් විශාල ගණනක සාමාජිකත්වය දරන නොබැඳි සංවිධානයට මඟ හෙළිකෙරුණු අවස්ථාව ඉන්දුනීසියාවේ බැංඩුං නුවර පැවැති බැංඩුං සමුළුව වූ අතර එම සමුළුවට ලංකාවෙන් සහභාගි වූයේද සර් ජෝන්ය. කඳවල වලව්වද ඇතුළු තමන්ගේ දේපළ හෙතෙම අන්තිමේදී රජයට පවරාදුන්නේය. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය දැන් පිහිටුවා තිබෙන්නේ එහිය.
ම්ලේච්ඡ කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා සර් ජෝන්ගේ කාලයේදී ආරම්භ වූයේ නම් යුද හමුදාව හා ඔහුද අතර සබැඳියාවක් පැවති හෙයින් ත‍්‍රස්තයන්ට කළ යුතු දේ නොපැකිලිව කරන්න ඔහු ඉදිරිපත් වනවාට කිසිදු සැකයක් නැත.
සටහන - විමල් වීරසේකර
සහල් හිඟය හා උතුරේ මහවිරු සැමරුම් උත්සවත් දකුණේ ඒ සම්බන්ධව වර්තාවූ තැන් පසුගිය සතියේ කරළිය මත දිස්වුණු කාරණාය. නව රජය මැතිවරණ පොරොන්දුවලින් පාලනයේ යථ
2025 ලැබූ නව වසර මෙරට ජනතාව ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රවල කිසියම් සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් පසුවන වසරකි. විශේෂයෙන්ම ආර්ථික ද
“අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කුඹුරු කරනවා වගේම කජු, ඉරිඟු, කුරක්කන්, මුංඇට වගේ ධාන්‍යත්, කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වර්ගත්, එළවළු වර්ගත්, බතල, මඤ
රටට සෞභාග්‍යයත්, මහජනතාවට සමෘද්ධියත් අත්වන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආර්ථික අර්බුදය රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී ඇති අවස්ථාවක උදා වන
ශ්රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් හා මුඩීස් යන ආයතන ශ්‍රී ලංකාව තරමක් ඉහළ මට්ටමකට පසුගිය 20 වැනිදා හා 23 වැනිදා ශ්‍රේණිගත කළේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
හරියටම හරි ගිය සර් ජොන්ගේ අනාවැකිය
kumar (galf) Thursday, 08 June 2017 12:41 PM
මේ තමා ලංකාවට සුදුසුම නායකයා.
kumar (galf) Sunday, 11 June 2017 08:55 AM
අද අපේ රාජ්‍ය නායකයෝ ඉන්දියාවේ නායකයන්ගේ පස්සෙන් යනවා. එදා ඉන්දීය අගමැති නේරු දිල්ලියේ පැවැතී කොලම්බු ප්ලෑන් සමළුවේදී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න යෝජනා කරන්න හදනකොට කොතලාවල මහතා තමා කියලා තියෙන්නේ තමාගේ වැඩක් බලාගෙන ඉන්න කියලා....