පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඉතිහාසයට එක්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඡායාරූපයක් අවසන් වරට ගත් ඡායාරූප ශිල්පියා ලෙස හා රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු හමුදා සෙබළකු ලෙසය. ලේ කඳුළු හා මරණය පිරීගත් ශාපලත් භීෂණ යුගයක මෙරට තරුණ පරපුර අත්විඳි වේදනාබර අත්දැකීම් ඉන්ද්‍රානන්දගේ මතක ශේෂපත්‍රය වේ. මේ ඒ කතාවයි.
ප්‍රශ්නය : ඔබ කිව්වා ජගත් ගොළුවෙක් බිහිරෙක් වශයෙන් රඟපෑවා කියලා?
පිළිතුර : ඔව් ඒක නම් විශිෂ්ට රංගනයක්. පක්ෂයේ රහස් රැක ගන්න කරපු ඓතිහාසික කැපකිරීමක්.
ප්‍රශ්නය : එතකොට ඒක එළිවෙන්නේ කොහොමද?
පිළිතුර : අපිව බාරව හිටියේ සාජන් මේජර් කෙනෙක්. එයා හරිම ආගමට දහමට ළැදි නිලධාරියෙක්. එයා ජගත්ට හරියට කරුණාවන්ත වුණා.
ප්‍රශ්නය : ඒ ඇයි?
පිළිතුර : ජගත් ගොළුවෙක් වුණේ බිහිරෙක් වුණේ උතුරේ ක්‍රියාන්විතයේදිනේ. එහෙම වෙලා ඔහුට ගෙදර යන්න බෑ. ගල් පල්ලියේ ඉන්නේ. ඉතින් සාජන් මේජර් ජගත්ට බෞද්ධ පතපොත ගෙනත් දෙනවා. දීලා කියනවා -මේ පොත්පත් බලන්න. ඔයා පුළුවන් තරමින් ආගම දහමට යොමු වෙන්න. එතකොට ඔය කර්ම ශක්තිය නැතිවෙලා ඔයාට කතා කරන්න ශක්තිය ලැබෙයි. ඔයාගේ කන් ඇහෙයි කියලා.
ප්‍රශ්නය : ජගත් ඒ පතපොත කියවනවා.
පිළිතුර : ඔව් වෙන කරන්න වැඩකුත් නෑනේ.
ප්‍රශ්නය : ඊට පස්සේ.
පිළිතුර : ඔය අතරේ ජගත් ලේන් පැටියෙක් හදනවා. ජගත් හරිම ආදරෙයි ලේන් පැටියට. ඔය අතරේ එක දවසක් මාර වැඩක් වුණේ.
ප්‍රශ්නය : ඒ මොකක්ද?
පිළිතුර : ජගත්ගේ අතේ හිටපු ලේන් පැටියා එක පාරටම අතින් පැනලා ළඟ තිබුණ ගහකට නැග්ගා. ජගත්ට අමතක වුණා එයා ගොළුවෙක් විදියට රඟපාමින් ඉන්නේ කියලා. ලේනට තිබුණ ආදරේ වැඩිකමට ජගත් -ලේනෝ ලේනෝ” කියලා කෑගහගහ ලේනා පස්සේ පන්නන්න පටන් ගත්තා.
ප්‍රශ්නය : ඊට පස්සේ මොකද වුණේ?
පිළිතුර : ඔය වෙලාවේ එතැන හිටිය සාජන්ට් මේජර් එයාට හරි සතුටුයි. එයා සිතුවේ එයා ගෙනත් දුන්න බෞද්ධ පතපොත බලලා තමයි ජගත්ට කතා කරන්න පුළුවන් වුණේ කියලා. ජගතුත් ඒ විදියටම රඟපෑවා.
ප්‍රශ්නය : දැන් ජගත්ට කතා කරන්න පුළුවන්.
පිළිතුර : ඔව්, කතා කරන්න පුළුවන්. ඒත් තාම කන් ඇහෙන්නේ නෑ. හැබැයි අන්තිමට ඒකත් අපිට අහුවුණා.
ප්‍රශ්නය : ඒ කොහොමද?
පිළිතුර : ඔය කාලේ එඞ්වඞ් ජයකොඩිගේ අලුත්ම සිංදුවක් ආවා. ඕක නිතරම ටීවි එකේ යනවා. -මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා... නැති බැරිකම් හතර වටේ... පාවෙනවා සුළඟ වගේ” කියන සිංදුව. අපිත් ඔය සිංදුව හරිම ආශාවෙන් අසාගෙන ඉන්නවා. ඇහුණේ නැති වුණත් ජගතුත් බලාගෙන ඉන්නවා.
ප්‍රශ්නය : ඊට පස්සේ?
පිළිතුර : දවසක් අපි කන්න යනවා. මට ඉස්සරහින් ජගත් යනවා. ජගත් මේ සිංදුව මුමුණනවා. මට හරි පුදුමයි.
ප්‍රශ්නය : ඇයි ඒ?
පිළිතුර : මේ සිංදුව ආවා විතරයි. කොච්චර බලාගෙන හිටියත් කන් ඇහෙන්නේ නැති හින්දා.
ඒ ජගත්ට මතක හිටින්න විදියක් නෑනේ. නමුත් දැන් ජගත් සිංදුව මුමුණනවා. මට ලොකු සැකයක් ඇතිවුණා.
ප්‍රශ්නය : මොකක්ද සැකය?
පිළිතුර : ජගත් ඔත්තුකාරයෙක් කියලා කන් ඇහෙන්නේ නැති හින්දා කතා කරන්න බැරි හින්දා අපි වුණත් ඕනෑම දෙයක් බය නැතිව කතා කරනවනේ. ඒ තොරතුරු ගන්න තමයි මේ ඇවිත් ඉන්නේ කියලා.
ප්‍රශ්නය : ඊට පස්සේ ඔබ මොකද කළේ?
පිළිතුර : මම කැප්ටන් නිශ්ශංකට මේක කිව්වා
ප්‍රශ්නය : කැප්ටන් නිශ්ශංක මොකද කිව්වේ?
පිළිතුර : ඔහුට ඇති වුණෙත් මට ඇතිවුණ සැකයමයි. අපි දෙන්නම තීරණය කළා ජගත්ට හොඳට කන් ඇහෙනවා. මෙයා කරන්නේ රඟපෑමක් මෙයා ඔත්තුකාරයෙක් කියලා.
ප්‍රශ්නය : මීට පෙර ඔබලාට එහෙම සැකයක් ඇතිවුණේ නැද්ද?
පිළිතුර : ඇත්තටම ඒක පුදුමයක්. අපට කිසිම සැකයක් කිසිම මොහොතක ඇති වුණේ නෑ. සමහර වෙලාවට අපිටත් අමතක වෙලා ජගත් පොඞ්ඩක් ඉඩ දියන් කියලා කිව්වත් කිසිම ප්‍රතිචාරයක් නෑ. මම ඒකයි කිව්වේ ඒක පුදුම රඟපෑමක් කියලා.
ප්‍රශ්නය : ඊට පස්සේ
පිළිතුර : ඊට පස්සේ දවසක අපි ජගත්ව අපේ ෂෙල් එකට ගෙනාවා. අපි කිව්වා ඇත්ත කියපං කියලා.
ප්‍රශ්නය : ඔහු ඇත්ත කිව්වා?
පිළිතුර : මොන, ඔළුව වනනවා විතරයි. කිසිම දෙයක් ඇහෙන්නේ නැති විදියට ඉන්නවා.
ප්‍රශ්නය : ඊට පස්සේ
පිළිතුර : අපි පොඩි තගක් දැම්මා. ඊට පස්සේ ඇත්ත කිව්වා. ජගත් ගැන හරිම අවබෝධය අපට ලැබුණේ ඒ කතාබහෙන් පස්සේ. ඊට පස්සේ අපි හොඳ සහෝදරවරු බවට පත්වුණා. ඒ විතරක් නොවෙයි අපට ජගත්ගෙන් ලොකු ප්‍රයෝජනයක් වුණා.
ප්‍රශ්නය : ඒ මොනවද?
පිළිතුර : මාත් එක්කම යුද හමුදා පොලිසියේ තව හත් දෙනෙක් අත්අඩංගුවට ගත්තනේ. ඒ හත් දෙනාගෙන් සමහරු රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න යනවා කියලා අපිට ආරංචි වුණා. ඒත් ඒ අය කවුද කියල අපි හරියටම දන්නේ නෑ.
ප්‍රශ්නය : ඊට පස්සේ?
පිළිතුර : ජගත්ගේ කන් ඇහෙනවා කියලා දැන් දන්නේ ජගත්, කැප්ටන් නිශ්ශංක හා මම විතරයි. ඉතින් ජගත් අනික් අයගේ ෂෙල්වලට ගිහින් ඔහේ බලාගෙන ඉන්නවා. මෙයාගේ කන් ඇහෙන්නේ නැති නිසා ඒ අයත් බය නැතිව කතා කරනවා. ඇත්තම කිව්වොත් එදා ගල් පල්ලියේ හිටපු යුද හමුදා පොලිසියේ අය මේ ආර්ටිකල් එක කියවනවා නම් අද තමයි ඒ අය දැන ගන්නේ ජගත් ඒ ෂෙල්වලට ආවේ ඇයි කියලා.
ප්‍රශ්නය : දැන් ජගත් කෝ?
පිළිතුර : ඇත්තම කියනවා නම් පසු කාලයේදී අපේ සම්බන්ධතා බිඳ වැටුණා.
ප්‍රශ්නය : ඔබ කිව්වා මේ වෙනකොට සෝමවංශ අමරසිංහ බීබීසීයේ කතා කරනවා කියලයි.
පිළිතුර : ඇත්තටම අහම්බෙන් දිවි ගලවාගත් කෙනෙක් හැටියට ඒ ආරංචිය මටත් කැප්ටන් නිශ්ශංකටත් ශුභාරංචියක්ම වුණා. පක්ෂය නැවත ගොඩ නැගෙනවානම් ඒ දවස වෙනකම් ජීවත් වුණත් ඇති කියලයි මම නම් හිතුවේ.
ප්‍රශ්නය : ඊට පස්සේ?
පිළිතුර : අපිට සෝමවංශ සහෝදරයගේ කතා අහන්න විදියක් නැතිව ඉන්නකොට ජගත් කිව්වා අපි රේඩියෝවක් හදමු කියලා.
ප්‍රශ්නය : කොහොමද රේඩියෝවක් හදන්නේ?
පිළිතුර : අපිට කෑම දෙන යකඩ පෙට්ටියක් තිබුණා. ඒකෙන් හදමු කියලා තමයි ජගත් කිව්වේ.
ප්‍රශ්නය : අනික් උපකරණ?
පිළිතුර : පිටින් ගෙන්න ගත්තා
ප්‍රශ්නය : ඒ කොහොමද?
පිළිතුර : කැප්ටන් නිශ්ශංකගේ නෝනා හරහා
ප්‍රශ්නය : එයා කොහොමද ඒවා ගල්පල්ලියට ගේන්නේ?
පිළිතුර : කැප්ටන් නිශ්ශංකට ගෙදරින් කෑම ගේන්න පුළුවන්. එයා නිලධාරියෙක් හින්ද. වැඩිය චෙක් කරන්නෙත් නෑ. අවශ්‍ය උපකරණ ජගත් ලියල දෙනවා. කැප්ටන් නිශ්ශංකගේ නෝනා ඒවා කෑම පෙට්ටිය අස්සේ දාගෙන අරගෙන එනවා.
ප්‍රශ්නය : කොච්චර කාලයක් ගියාද?
පිළිතුර : මාසයක් යනකොට රේඩියෝ එක හදලා ඉවරයි.
ප්‍රශ්නය : සෝමවංශ අමරසිංහගේ කතා ඇහුවා?
පිළිතුර : ඔව් ජගත් හදපු රේඩියෝව කෝච්චර බල සම්පන්නද කියනවා නම් යුද හමුදාවේ සියලුම වෝකි ටෝකි පණිවිඩවලට පවා ඒකෙන් සවන් දෙන්න පුළුවන්.
ප්‍රශ්නය : රේඩියෝ එක අහුවුණේ නැද්ද?
පිළිතුර : අහුවුණානේ.
ප්‍රශ්නය : කොච්චර කාලයකට පස්සෙද?
පිළිතුර : මාස තුනකට විතර පස්සේ තමයි අහුවුණේ.
ප්‍රශ්නය : කොහොමද අහුවුණේ
පිළිතුර : සෝමවංශ සහෝදරයාගේ කතා යන්නේ රෑ නවයයි කාලට විතර. අපි ඉතින් හවස ඉඳලම ටීවි බලනවානේ. හරියටම රෑ නවයයි කාල වෙනකොට අපි ටීවී බැලිල්ල නතර කරලා ෂෙල් එක ඇතුළට යනවා.
ප්‍රශ්නය : අපි කිව්වේ?
පිළිතුර : මම, කැප්ටන් නිශ්ශංක, ජගත්
ප්‍රශ්නය : අහුවුණේ කොහොමද?
පිළිතුර : අපි තුන් දෙනා හැමදාම එකම වෙලාවට ඇතුළට යන්නේ ඇයි කියලා සැකයක් ඇති වුණා.
ප්‍රශ්නය : කාටද?
පිළිතුර : අපිත් එක්ක හිටපු අනික් අයට
ප්‍රශ්නය : ඇයි හැමදාම එකම වෙලාවට තුන් දෙනාම ඇතුළට ගියේ?
පිළිතුර : සෝමවංශ සහෝදරයා කතා කරන්නේ කවදද කියලා අපි හරියටම දන්නේ නෑ. ඒ නිසා හැමදාම රෑ නවයයි කාලට බීබීසී අහන්න ගියා.
ප්‍රශ්නය : ඊට පස්සේ?
පිළිතුර : එක දවසක් උදේ පාන්දරම යුද හමුදා පොලිසියේ කණ්ඩායමක් අපේ ෂෙල් පරීක්ෂා කරන්න පටන් ගත්තා.
ප්‍රශ්නය : කී දෙනෙක් විතර ආවද?
පිළිතුර : පහළොවක් විතර ආවා.
ප්‍රශ්නය : රේඩියෝ එක අහුවුණා?
පිළිතුර : ඔව්. රේඩියෝ එකයි මම ලියමින් හිටපු විස්තරයකුයි දෙකම අහුවුණා.
ප්‍රශ්නය : මොකක්ද ඔබ ලියමින් හිටපු විස්තරය?
පිළිතුර : සෝමවංශ සහෝදරයා ලන්ඩන්වල ඉඳලා කැප්ටන් නිශ්ශංකගේ ගෙදරට පණිවිඩයක් එවලා තිබුණා රෝහණ සහෝදරයා ඝාතනය කරපු ආකාරය සම්පූර්ණයෙන්ම ලියල එවන්න කියලා. ඒ විස්තරය ලියලා එවන්න ලන්ඩන්වල ලිපිනයකුත් එවලා තිබුණා.
ප්‍රශ්නය : ඔබ ඒ විස්තරය ලිව්වා?
පිළිතුර : ඔව් කොළ 15ක් විතර ලිව්වා. ඒකත් අහුවුණා.
ප්‍රශ්නය : ඊට පස්සේ මොකද වුණේ?
පිළිතුර : මාව ගෙනිච්චා සීඕ ළඟට
ප්‍රශ්නය : මේජර් තෝරදෙණිය ළඟට?
පිළිතුර : ඔව්
ප්‍රශ්නය : ඊට පස්සේ?
පිළිතුර : මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ රේඩියෝ එකට කෑලි ගෙනාවේ කොහොමද කියලයි. මොකද සීඕට ලොකු සැකයක් ඇතිවෙලා තිබුණා.
ප්‍රශ්නය : මොකක්ද සැකය?
පිළිතුර : රේඩියෝ එක හදාගන්න යුද හමුදා පොලිසිය ඇතුළෙන් මට සපෝට් එකක් ලැබුණ කියලා.
ප්‍රශ්නය : ඔබ මොකද කිව්වේ?
පිළිතුර : මම නෑම කිව්වා
ප්‍රශ්නය : බඩු ගෙනාවේ කැප්ටන් නිශ්ශංකගේ නෝනා?
පිළිතුර : ඔව් නමුත් ඒ කතාව කියන්න බැහැනේ. මම කිව්වා මගේ ගෙදරින් හා යාළුවන්ගෙන් ගෙන්න ගත්තේ කියලා.
ප්‍රශ්නය : සීඕ මොකද කිව්වේ?
පිළිතුර : මට හොඳටම බැන්නා. -උඹේ ජීවිතය බේරලා දුන්නේ බොහොම අමාරුවෙන්. දැන්වත් හොඳින් හිටපං කියලා” කිව්වා.
ප්‍රශ්නය : වෙන දඬුවමක් නෑ.
පිළිතුර : ගල් පල්ලියේ හිටපු සියලු දෙනාටම පොදුවේ බලපාන පරිදි අමුත්තන් පැමිණීම තහනම් කළා.
ප්‍රශ්නය : ඔබේ විතරක් නොවෙයි?
පිළිතුර : ඔව්, ඔක්කොගෙම. මාස හතරක් විතර ඒ තහනම තිබුණා. ඒ නිසා සමහරු මගෙත් එක්ක අමනාපත් වුණා.
ප්‍රශ්නය : ජගත්ට ප්‍රශ්නයක් වුණේ නෑ.
පිළිතුර : නෑ එයා දිගටම කන ඇහෙන්නේ නැති කෙනෙක් විදියට රඟපෑවා. ඒ නිසාම ගෙදර යන්නත් පුළුවන් වුණා.
ප්‍රශ්නය : ඒ කොහොමද?
පිළිතුර : ජගත්ව පරීක්ෂා කරන්න ආවේ ලේඩි ඩොක්ටර් කෙනෙක්. ඒ ඩොක්ටර්ගේ නම මේජර් වරුෂවිතාන. එයාට ජගත් ගැන පුංචි සැකයක් තිබුණා. කන ඇහෙන්නේ නැති විදියට රඟපානවා කියලා. එයා කරපු දේ ජගත්ව පරීක්ෂා කරන ගමන් රුපියල් දෙකේ කාසියක් බිමට දානවා.
ප්‍රශ්නය : ඇයි ඒ?
පිළිතුර : ඒ සද්දේ ඇහෙනවද බලන්න.
ප්‍රශ්නය : ජගත් බලන්නේ නෑ?
පිළිතුර : ඔව්නේ. ජගත්ගේ රඟපෑම අතිවිශිෂ්ටයි. ඒ නිසා ඩොක්ටර් නිර්දේශ කරනවා ජගත් ආබාධිත සෙබළෙක් කියලා.
ප්‍රශ්නය : ඒ නිසා ජගත් නිදහස් වෙනවා.
ඒ විතරක් නොවෙයි ජගත්ට නඩු පවරන්නෙත් නෑ. මං මෙතැන දී පුංචි කාරුණික ඉල්ලීමක් කරන්න තියෙනවා.
ප්‍රශ්නය : ඒ මොකක්ද?
පිළිතුර : ජගත් සහෝදරයගේ සම්බන්ධතා පස්සේ කාලයක දී ගිලිහෙනවා. ඔහු මේක කියවනවා නම් ඉරිදා ලංකාදීප පත්තරයට හරි කතා කරලා මාව අමතන්න කියලා සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා.
තවත් කතා ලබන සතියට.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිරේ සිටි සෙබළෙක් හදපු රේඩියෝවකින් අපි සෝමවංශගේ කතා ඇහුවා