IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හූල්ගේ හුටපට

රට ක්‍රමක්‍රමයෙන් විවෘත වෙමින් තිබේ. ලබන සතිය පමණ වන විට රටපුරා පොදු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. සමාජයෙන් කොරෝනා රෝගීන් හමුනොවන වාතාවරණයක් යටතේ ආණ්ඩුව මහමැතිවරණය පැවැත්වීම කෙරෙහි සුබවාදී දෑස් දල්වා තිබේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් බදාදා නිල වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ජූනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවය. ප්‍රායෝගික හේතු මත මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට බාධා ඇති වන බවද සෞඛ්‍ය අංශවල දැනුම්දීම මත තීන්දුවක් ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෞද්ගලික නීතිඥයන් දෙදෙනකු පෙනී සිටීමද විශේෂත්වයකි. සභාපති මහින්ද දේශප්‍රිය සහ සාමාජික නලින් අබේසේකර  වෙනුවෙන් එක් නීතිඥයකු  ද මහාචාර්ය රත්නජීවන්  හූල් වෙනුවෙන් තවත් පෞද්ගලික නීතිඥයකු වශයෙන් නීතිඥයන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිති. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා වෙනුවෙන්  නීතිඥයන් දෙදෙනකු පෙනී සිටීම පිළිබඳව ද දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම විද්වත්  සමාජයෙන් ප්‍රබල ලෙස විවේචන  එල්ල වෙමින් තිබේ.

‘‘මැතිවරණ කොමිෂන්  සභාව ස්වාධීන ආයතනයක් විය  යුතුයි. එම ආයතනයට පොදු මතයක්  තියෙන්න ඕනේ. මත දෙකක් තිබෙන්න බැහැ.   මැතිවරණ කොමිසම  එක මතයක නැති බව හැම අවස්ථාවකම පෙන්නුම් කළා’’ යැයි ඔවුහු කියා සිටිති.

මේ අතර ඉකුත් අඟහරුවාදා මහාචාර්ය හූල්ට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු වූයේය. ඔහුගේ දියණිය සහ පුත්‍රයා  දෙදෙනාම විදෙස් රටවල වාසය කරති. පුත්‍රයා ලංකාවට පැමිණ මාස කීපයක් ගතවී තිබෙන අතර දියණිය එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණියේ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම හටගත් පසුවය. ඒ අනුව මහාචාර්ය හූල්ගේ දියණිය ලංකාවට පැමිණ මීගමුවේ සංචාරක හෝටලයක දින දාහතරක් නිරෝධායනයට භාජන වූවාය. ඇයගේ නිරෝධායන කාලය ඉකුත් සඳුදා  දිනයෙන් අවසන් වූ අතර මහාචාර්යවරයා පුත්‍රයාද සමග මීගමුවේ හෝටලයට ගොස් දියණිය සිය රථයට නංවා ගත්තේය. ඔවුන්ට නැවත යාමට තිබුණේ යාපනයටය. යාපනයේ නල්ලූර්හි  පිහිටි චෙම්මිනි පාරේ මහාචාර්යවරයාගේ  නිවස පිහිටා තිබේ. මීගමුවේ හෝටලයේ සිට පැමිණි මහාචාර්ය හූල් රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයටද ගියේය.

ඔහු සිය දියණිය හා පුත්‍රයාද එම කාර්යාලයට කැඳවාගෙන ගියේය. ඒ ඉකුත් සඳුදා දිනයේය.  මේ අතර පසු දින අඟහරුවාදා දිනයේ ද මේ තිදෙනාම නැවත මැතිවරණ  කාර්යාලයට පැමිණියෝය. ඒ යාපනය බලා පිටත්ව යන අතරවාරයේදීය. සඳුදා දිනයේ සිය දියණිය කැටුව කාර්යාලයට පැමිණීම, අඟහරුවාදා දිනයේත් ඒ දෙයම කිරීම පිළිබඳව කොමිසමේ කාර්ය මණ්ඩලය අතර කසුකුසුවක්  හට ගත්තේය. විදේශගතව පැමිණි දියණිය සම්බන්ධයෙන් එහි සේවකයෝ කලබලයට පත්වූහ. විරෝධය දැක්වූ  සේවක සේවිකාවෝ සභාපතිවරයාටත් තවත් නිලධාරීන්ටත් ගතු කියන්නට වූහ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට ද ඊට මැදිහත්වන්නට සිදුවිය. කෙසේ හෝ කොමිසමේ සේවක සේවිකාවන්ගේ හා හූ මැද මහාචාර්ය හූල් දියණිය සහ පුත්‍රයා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගියහ. ඔවුන් පිටව ගිය පසුව ඇතුළේ  සිටින විට පැනනැගි විරෝධයට වඩා වැඩි විරෝධයක් ඇති වන්නට විය. මෙතෙක් වේලා කසුකුසු ගාමින් තැනින් තැන විරෝධය දැක්වූ  පිරිස ප්‍රසිද්ධියේම හූල්ට විවේචන එල්ල කරන්නට පටන් ගත්තෝය. අවසානයේ කොමිසමේ  සභාපති මහින්ද  දේශප්‍රියගේ මැදිහත්වීමෙන්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් සිද්ධිය දැන්වීය. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පැමිණ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය විෂබීජහරණයට ලක් කළෝය. එපමණකින් නොනැවතුන මැතිවරණ කොමිසමේ බලධාරීහු  පසු දින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමට නොපැමිණෙන ලෙසද මහාචාර්ය හූල්ගෙන් ඉල්ලා සිටියෝය.

බදාදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම පැවැත්විණි. ඒ වනවිටත් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පෙර දින සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කර තිබුණේය. හූල්ගේ සිදුවීම උණුසුම් පුවතක් ලෙස පැතිර යද්දී කොමිසමේ අනෙක් සාමාජිකයා ජනාධිපති නීතිඥ නලින් අබේසේකර  රැස්වීමට පැමිණීමට අදිමදි කළේය. රැස්වීම කල්දාමු යැයි ඔහු යෝජනා කළේය. මහාචාර්යවරයාගේ දියණිය කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණීම නිසා නලින් අබේසේකර එහි යෑමට අකමැත්ත පළ කළේය. කෙසේ වෙතත් පසුව සභාපතිවරයාගේ  කරුණු පැහැදිලි කිරීම මත නලින් අබේසේකර රැස්වීමට පැමිණියේය.  

බදාදා  පෙරවරු 10.30 ට පමණ කොමිෂන් සභාවේ රැස්වීම ආරම්භ කෙරිණි. සභාපති දේශප්‍රිය සහ නලින් අබේසේකරත් අනෙකුත් නිලධාරීනුත් මීටරයක පතරතරය තබාගෙන සාකච්ඡාවට එක්වූහ.  යාපනයේ නල්ලුර්හි සිට මහාචාර්ය රත්නජීවන්  හූල් වීඩියෝ තාක්ෂණය  ඔස්සේ සාකච්ඡාවට එක්විය. වෙනදා මෙන්ම මැතිවරණ කොමිසමේ රැස්වීම එදින උත්සන්න වූයේ නැත. වෙනදාට සභාපතිවරයා සහ හූල් අතර උණුසුම් වාද විවාද ඇතිවේ. එහෙත් හූල් යාපනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වීම නිසා මත ගැටුම්  වාද විවාද හෝ උණුසුම් වචන  හුවමාරු වී තිබුණේ නැත. මහ මැතිවරණය ගැන එදින සාකච්ඡා වූයේද නැත.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් එම සාකච්ඡා කල් තැබීමට කොමිසම කල්තියාම තීන්දු කර තිබූ හෙයිනි. මැතිවරණ කොමිසමේ  රැස්වීම පැයක පමණ කාලයක් ඇතුළත නිමාවට පත්විය.  ‘‘කොමිෂන් සභාවේ රැස්වීමත් ඉතා සාමකාමීව නිමවුණා. එහෙම  සාමකාමීව රැස්වීමක්  නිමවූයේ කාලයකින්’’ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වෙමින් තිබේ. අදහස් දක්වන පිරිස් අතර වැඩි දෙනා මහාචාර්ය හූල්ට සහාය පළ කිරීමද විශේෂත්වයකි. ‘‘මහාචාර්ය හූල්ගේ දියණිය නීත්‍යානුකූලව නිරෝධායනය වුණා. දින 14ක නිරෝධායන කාලයකින් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ කොවිඩ් 19 ක්‍රියාන්විතයේ බලධාරියා වන යුද හමුදාපතිවරයා අත්සන් කළ සහතිකයක් ලබා දුන්නා. පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොවිඩ් වයිරසය වැළඳී නැති බව තහවුරු වුණා. එසේ නම් ඇයට සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජයේ කටයුතු කළ නොහැකිද? ඊට බාධාවක්  තිබිය  හැකිද? මේක මහාචාර්ය හූල්ගෙන් පලිගන්න කළ වැඩක්’’ ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක්කර තිබේ. ‘‘මහාචාර්ය හූල් හා තවත් නිලධාරීන් අතර පවතින සීතල ගැටුම මෙතනින් එළියට ආවා’’ ආදී ලෙසද සමාජ මාධ්‍ය සභාපති මහින්ද දේශප්‍රිය විවේචනයට ලක්කර තිබේ.

මේ අතර මහ මැතිවරණයේ දිනය පිළිබඳව නැවත වතාවක් නිශ්චය කර ගැනීමේ ගැටලුවක්  මතුවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව මුලින්ම ප්‍රකාශ කළේ මැතිවරණ පැවැත්වීමට කොළ ලයිට් දෙකක් අවශ්‍ය බවය. සෞඛ්‍ය අංශයේ කොළ එළිය සහ මැතිවරණ නිලධාරීන්ගේ කොළ එළිය යන දෙකම අවශ්‍ය බව මහින්ද  දේශප්‍රිය ප්‍රකාශ කළේය.

ඔහු එම තීරණය එලෙසම තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ කොළ එළිය ලැබී මාස දෙකකට වැඩි කාලයක් ඡන්ද විමසීමට අවශ්‍ය බවය. ඒ අනුව මැතිවරණය අගෝස්තු මාසය දක්වාවත් කල්යනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

මේ අතර තවත් විචාරකයන්  පිරිසක් අලුත් තර්කයක් මතු කරති. මැතිවරණය ප්‍රකාශයට පත්කර  තිබෙන නිසා මේ වනවිට මැතිවරණ කාලයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ඒත් මැතිවරණ කාලය නියම වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ මනාප අංක ගැසට්ටුව නිකුත් කළාට පසුවයි. එම ගැසට්ටුව නිකුත් නොකර මැතිවරණ කාලයක් ලෙස ආණ්ඩුවේ කටයුතුවලට සහ රටේ සාමාන්‍ය  කටයුතුවලට බාධා කිරීම, තහංචි දැමීමට මැතිවරණ කොමිසම ක්‍රියා නොකළ යුතු බව එම පිරිසගේ මතය වී තිබේ.

ආණ්ඩුව ගම දැනුවත් කිරීමේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබේ. නව වැඩපිළවෙළ යටතේ සෑම මැතිවරණ ආසනයකම ජනතාව දැනුවත් කිරීමට නියමිතය. ‘ගම දැනුවත් කරමු, අපි නැගිටිමු’ මැයෙන් එම වැඩපිළිවෙළ නම් කර තිබේ. ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතය. ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ ගෙයින් ගෙට ගොස් එම දැනුවත් කිරීම සිදු කිරීමටය.

රාජිත සේනාරත්න හිටපු  මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටීමට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටී. සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල පියවර ගන්නා බවය. ‘‘ආණ්ඩුව විපක්ෂයේ  ප්‍රබලයන්ගෙන් පළිගන්න හදනවා. ඒකට ඉඩ තියන්න බැහැ. රාජිත  වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල පියවර අපි ගන්නවා’’ යැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

මංගල සමරවීර හිටපු අමැතිවරයා යළිත් වතාවක්  භික්ෂූන් වහන්සේ විවේචනය කිරීමට පටන් ගෙන තිබේ. නැගෙනහිර පළා​ෙත් ඡන්දදායකයන් පිරිසක් ඡන්ද පොළ වෙත ප්‍රවාහනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මංගල සමරවීරට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ භික්ෂූන් වහන්සේලා දෙනමකි. මංගල සමරවීර නැවත වතාවක් භික්ෂූන් වහන්සේ සමග මත ගැටුමකට මැදිවී ඇති අතර ආණ්ඩුවේ දේශපානඥයෝද ඊට මැදිව මංගලට වාග් ප්‍රහාර එල්ල කරන්නට  පටන් ගෙන ඇත.

මංගල මීට කලිනුත්  භික්ෂූන් වහන්සේලා එක්ක මත ගැටුමකට ගියා. භික්ෂූන් වහන්සේලා විවේචනය කළා. ඒක  ඡන්දයට බලපෑවා. මහ මැතිවරණයක්  අත ළඟ තියාගෙන නැවතත් මංගල ඒ  දෙයම කරනවා යැයි ද සමගි ජල බලවේගයේ දේශපාලනඥයෙක් කීවේය.


(*** කස්තුරි)



අදහස් (15)

හූල්ගේ හුටපට

rana Friday, 22 May 2020 09:46 AM

අඩුම වශයෙන් පැහැදිලි කිරීමක් ලෙස මෙය පලකල ලංකාදීප පුවත්පතේ උත්සාහයට තුති...

:       2       80

vinivida Friday, 22 May 2020 02:09 PM

අති බහුතරයක් සිල්වත් වැදගත් භික්ෂූන් වහන්සේලා අතර පන්සිල්පදපහවත් නිවැරදිව පිළිනොපදින භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සිවුරට මුවාවී දේශපාලනය කිරීමට පටන් ගෙන තිබේ. එ් පිළිබඳව සියලු රටවැසියාට හොඳ අවබෝධයක් තිබේ. එක උදාහරණයක් නම් පාර්ලිමේන්තුවේදී වරක් භික්ෂූන් අතර සහ මන්ත්‍රීවරුන් අතර ගැටුම මාධ්‍ය මගින් ලොවපුරා සිටින සියලු ශ්‍රී ලාංකිකයන් දැකබලා ගත්තේය. එම ගැටුමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටි කිසිම භික්ෂූවක් බෞද්ධයින්ගෙන් සහ රටේ සමස්ත ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ නැත. නායක භික්ෂූන් එදා එම ගැටුම පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ අසුන්වල සිට සජීවීව නැරඹීය. ඒ එදාය. අද තත්වය නම් ඒවාට කැමති සීමිත භික්ෂූන් කණ්ඩායමක් මාධ්‍ය නාලිකා මගින් බුදුදහම විනාශ කරමින් සිටියි. මංගල සමරවීර කතා කරන්නේ එම භික්ෂූන් වහන්සේලා ගැන මිස බහුතර ධර්මානුකූල ජීවිත ගතකරන සියලු භික්ෂූන් පිළිබඳව නොවේ. වෙසක් පොසොන් දිනවලදී ධාතු කරඬුව හිස මත තබාගෙන රුපියල් කෝටි ගණන් වියදම් කර මහ පින්කම් කරන නාලිකාවල ප්‍රධානීන් සැබෑ බෞද්ධයන් මෙන් පෙනී සිට ක්‍රමානුකූලව බුදුදහම විනාශකරමින් සිටියි. මේ අතරවාරයේ සැබෑ බුදුදහමද, ලංකාවේ මතුවී තිබේ.

:       377       50

samaraveera Tuesday, 26 May 2020 04:40 PM

සැබෑ බුදුදහම ලංකාවේ මතුවී තිබෙන බව අපටත් දැනගන්නට ඇත. නිවැරදි සහ සත්‍ය ත්‍රිපිටකයේ කොටසක් මේ වනවිට මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ගෙන්වා ඇතිබව දැන ගන්නටද ඇත...

:       0       0

ලියනගේ Friday, 22 May 2020 02:33 PM

මහාචාර්ය හූල් සහ ඔහුගේ දියණිය රජය සමග සිටියේ නම් මෙවැනි විවේචන ඔහුට නැත... විවේචනය කරනවා හැර රජයට වෙනත් මගක් නැත. මෙම මැතිවරණය පිළිබඳ තීන්දුව අධිකරණයෙන් ලැබෙනුයේ තව බොහෝ කල් ගොසින් බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත් මැතිවරණය ලබන වසරේ පලවන කාර්තුවට හෝ පසුවට සිදුවීමට ඉඩ ඇතිබව පෙනෙන්නට තිබේ. covid-19 දෙවන රැල්ල මේ වනවිට සමහර රටවල පටන් ගෙන ඇත. එන්නතක් සොයා ගන්නා තුරු මැතිවරණයක් නිසා රටේ ජනතව අනතුරට දැමීමට කිසිසේත්ම සිදුනොවිය යුතුවේ. ලංකාවේ පරීක්ෂණ සිදුවන්නේ ඉතාම සිමිතව නිසා කොතරම් පිරිසකට රෝගය වැළඳී ඇතිද කියා සොයාගත නොහැකිය. මේ වනවිට ලංකාවේ ආර්ථිකය ඇත්තේ 70 - 77 යුගයට අසන්නවයි. ලෝකයේ ධනවත් රටවල පවා මේ වනවිට ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇත. විරැකියාවට, ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට රජය මේ වනවිට සැලසුම් සකස්කර තිබේද කියා සැකයක් ජනතවට මතුව ඇත. එයට හේතුව නම් රටේ වැඩකරන ජනතාවගේ මාසික පඩිය රටේ පාලකයන් විසින් ඉල්ලා සිටීමයි. ජනතාවගේ මාසික පඩියෙන් රටක් ගොඩගත හැකිබව රජයේ ඉහළම කණ්ඩායම සිතන්නේ නම් රටේ අාර්ථිකය පිළිබඳව ඔවුන්ගේ සැලසුම් ගැන ජනතාවට වෙනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත...

:       80       106

සිසිරTuesday, 26 May 2020 11:39 PM

ලියනගේ මහතා, ඉස්සෙල්ලා හූල් මහතාගේ දුව දින 14 ස්වයන් නිරෝධානය නොවීය.. තාත්තයි, දුවයි රවුම් ගහන එක හරිද කියන්න..? කෝ කරපු වැරැද්ද වහන්නේ නැතුව. මුන් කරන වැරද්ද හංග හංග රටේ කොරොනා අයින් කරන්න බෑ කියලා තප්පුලනවා...

:       0       0

vinividaWednesday, 27 May 2020 01:47 PM

{ඒ අනුව මහාචාර්ය හූල්ගේ දියණිය ලංකාවට පැමිණ මීගමුවේ සංචාරක හෝටලයක දින 14ක් නිරෝධායනයට භාජන වූවාය} සිසිර, 1. පළකර තිබෙන ප්‍රවෘත්තිය හොඳින් කියවා බලන්න. 2. රජය මත්පැන්හල් විවෘත කළ පසු පෝලිම්වල නොමැතිව පොරකමින් සිටි පිරිස පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

:       0       0

Don Friday, 22 May 2020 03:14 PM

මේ විදියට කිසිම ආයතනයකට ඇතුල් වෙනවා නම් COVID සහතිකය අරගෙන ගිහිල්ලත් වැඩක් කරගන්න බැරිවේවි. බල්ලා දන්නේ නෑ. බූරුවා කරන්න ඕනදේ. බල්ලා වෙනුවෙන් කතාකරන්නේ බූරුවෝ. බූරුවා වෙනුවෙන් කතා කරන්නේ බල්ලන්...

:       31       41

ලසන්තMonday, 25 May 2020 01:31 AM

දොන් ගේ අදහස ඉතාමත්ම නිවැරදියි.

:       1       10

VINIVIDA Friday, 22 May 2020 03:20 PM

මහමැතිවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවීමක් සිදු කෙරෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් පිටව වෙනත් පක්ෂයක් සාදාගත් පිරිස නැවත සිරිකොතට ගෙන්වා ගැනීමට එජාපට කිසිසේත්ම අවශ්‍ය නැත. නවීන් දිසානායක සහ ඔහුගේ සහෝදරයා මයන්ත සිටින්නේ පැති දෙකකයි. කෙටියෙන් කියතොත් දෙන්නා සිටින්නේ වාසියට දෙපැත්තම අල්ලා ගෙනයි. නවීන් දිසානායකත් එක්සත් ජාතික පක්ෂය, නායකයා සහ පාක්ෂිකය වෙන්කිරීමට මුලිකවම කටයුතු කල කෙනෙකි. එක්සත් ජාතික පක්ෂය කැඩී නැත. සිදුව ඇත්තේ පක්ෂය පිරිසිදුවීම පමණකි. පිරිසිදු වූ පක්ෂය නිරවුල්ව ඉදිරියට ගෙනයනවා හැර පක්ෂය හැරහියවුන් ගෙන්වාගෙන නැවත ඉදිරියට යාම බාධාවක් කර ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත. ගම මට්ටම, බිම් මට්ටම පමණක් නොව රට ඉල්ලන නායකයන් නියම වෙලාවට එජාපය ඉදිරි පත් කෙරෙනු ඇත. වැඩ කිරීමට හැකියාව ඇත්තේ කාටද කියා ජනතව මේ වනවිට තේරුම් ගෙන ඇත. චම්පිකලාට, ෆොන්සේකලාට කිසිම පක්ෂයක දුර ගමන් කිරීමට නොහැක්කේ ඔවුන් කළ දුටුකළ වල ඉහගන්නා අවස්ථාවාදී පටු දේශපාලකයන් නිසා බව අප දනිමු. වාසියට, තනතුරුවලට ඕනෑම අවස්ථාවක රියදුරුට පහරදී බසයෙන් බැසයාම ඔවුන්ගේ සිරිතයි. මොවුන්ව ගැමි සමාජයේ හඳුන්වන්නේ දේශපාලන හිඟන්නන් කියායි.

:       0       49

දයාවතී Tuesday, 26 May 2020 12:41 AM

සරත් පොන්සේකා යනු ලංකාවේ වසර 30ක යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ හමුදාපතිවරයා වේ. ඔහු දේශපාලනයට නොපැමිණ සිටියා නම් ඔහුට රටවැසියාගෙන් ලැබෙන්නා වූ පිළිගැනීම කොපමණද කියා ඔහුවත් නොදනී. නොදන්නා දේශපාලනයකට පැමිණි ඔහු අද වනවිට ජනතාවගෙන් තිබූ පිළිගනිම පවා නැතිවෙමින් තිබේ. චම්පික රණවක යනු බස්රටවලට නගිනා විරිදු කියන්නෙකු සේය. එක බසයකින් බැස ගන්නා ඔහු වෙනත් බසයක් තෝරාගනී. බසයට නැගීමට පෙර බසයේ ඉතිහාසය, වටිනාකම, ගුණාත්මක බව ඉහලින්ම වර්ණනා කරනු ලැබේ. ඉන්පසු බසයට නැගගන්නා මොහු රියදුරුට දෙන්නේ ඉහළම වර්ණනාවකි. මොහුගේ මෙම කපටි වර්ණනාවට බොහෝ රියදුරෝ මෙන්ම මගීන්ද වශීවේ. සෙමෙන් සෙමෙන් බසයේ ගමනාන්තය කිට්ටු වනවිට මොහුට බසයේ දෝෂ පෙනෙන්නට පටන් ගනී. මේ වනවිට ඔහුගේ ගාන කපාගෙන හමාරය. රියදුරුගේ ක්‍රියාකලාපය සහ සියල්ල මොහුට පෙනෙන්නේ උඩුකුරු යටිකුරුවය. සියල්ල විවේචනය කිරීමට පටන් ගනී. පළපුරුදු රියදුරෝ මොහු අාවේ කොහෙන්ද?, යන්නේ කොහෙද? කියා පමණක් නොව මොහුගේ ක්‍රියා කලාපය ඔහුටත් වඩා හොඳින් දන්නා නිසා කිසිවක් නොකියා සිටියි. නමුත් වැඩි දිනක් යාමට පෙර කවුරුන් හෝ මොහුව බසයෙන් එළියට තල්ලු කරනු ඇතිබව ටවුමේ රාවයක් පැතිර ඇත...

:       0       8

vinivida Saturday, 23 May 2020 05:11 PM

හූල්ගේ දියණිය ලංකාවට පැමිණ දින 14ක් නිරෝධායනයට භාජන වූවාය. ඇයගේ නිරෝධායන කාලය ඉකුත් සඳුදා දිනයෙන් අවසන් වූ පසු මීගමුවේ හෝටලයේ සිට පැමිණි මහාචාර්ය හූල් ඔවුන් සමග රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයටද ගියේය... විදේශගතව පැමිණි දියණිය සම්බන්ධයෙන් එහි සේවකයෝ කලබලයට පත්වූහ. විරෝධය දැක්වූ සේවක සේවිකාවෝ සභාපතිවරයාටත් තවත් නිලධාරීන්ටත් ගතු කියන්නට වූහ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට ද ඊට මැදිහත්වන්නට සිදුවිය. කෙසේ හෝ කොමිසමේ සේවක සේවිකාවන්ගේ හා හූ මැද මහාචාර්ය හූල් දියණිය සහ පුත්‍රයා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගියහ. පසුව පිරිස ප්‍රසිද්ධියේම හූල්ට විවේචන එල්ල කරන්නට පටන් ගත්තෝය. අවසානයේ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් සිද්ධිය දන්වා පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පැමිණ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය විෂබීජහරණයට ලක් කළෝය... {"මේ සියල්ලෙන්ම පෙනියනුයේ ජනතාව covid-19 වෛරසයට දක්වන්නේ අසීමිත බිය වේ . නමුත් සියලු වීරෝධ නොතකා රජය මැතිවරණයක් පවත්වා ජනතා බිල්ලට දෙන්නට සූදානම් වන්නේ කුමන පදනමකින්ද?" }

:       4       115

සමරවික්‍රම Saturday, 23 May 2020 10:10 PM

දේශපාලන උවමනාවට පත් කරපු වැඩ බැරි පුද්ගලයන් ඉවත් නොකර කොටියා කෑවා කෑවා කියා කියා ඉන්නේ ඇයි? තට්ටු මාරු දේශපාලනය නිසා රටවල් විනාශ වන බවට හොදම නිදසුනක් තමයි ලංකාව.

:       0       79

චන්ද්‍රගුප්ත Sunday, 24 May 2020 01:53 AM

අසරණ මිනිසෙක් නැති බැරි කමට කොරෝනා නීති කැඩුවොත් අල්ලාගන ගිහින් හිරෙත් දමනවා? මෙහෙමද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා? අද ලංකාව කොරෝනා මර්ධනයෙන් ලෝකයේම පැසසුමට ලක්ව ඇත්තේ නීතිය හරියට ක්‍රියාත්මක කළ නිසාය.

:       1       197

Lelwala Monday, 25 May 2020 02:07 AM

මෙහි ස්වාධීන කියලා මහජනයාට විශ්වාස නොමැත. මොවුන් ඉවත් කර රටේ නායකයාට තීරණ ගැනීම පෙර පරිදි නැවත ස්ථාපනය කළ යුතුව ඇත...

:       4       0

Nilantha Tuesday, 26 May 2020 04:39 AM

මහාචාර්ය හූල්ගේ දියණිය ලංකාවට පැමිණ කොරෝනා නැතිව වුවත් දින 14ක් නිරෝධායනයට භාජන වූවාය. නිරෝගී ඇයගේ නිරෝධායන කාලය ඉකුත් වූ පසුව සාමාන්‍ය ලෙස මේ රටේ ඉන්න බැරිද? එහෙනම් කොරෝනා හැදිලා හොඳ වූ අයට මේ සේවකයෝ කොහොම සළකයිද ? අවසානයේ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් සිද්ධිය දන්වා පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පැමිණ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය විෂබීජහරණයට ලක් කළෝය. මෙතන තියෙන්නේ මහාචාර්ය හූල්ට එරෙහි ප්ලෑන් එකක්. මැතිවරණ කොමිෂන් සභාවේ සේවකයෝ තරම් පක්ෂ වලට කඩේ යන අය අනෙක් ආයතනවල නැහැ. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ට කොරෝනා හැදුනා නම් කොමිසමේ සේවක සේවිකාවන්ගේ හූ කියා කොමිෂන් සභා පරිශ්‍රයෙන් එලවා පසුව පිරිස ප්‍රසිද්ධියේම විවේචන එල්ල කරයිද? එංගලන්ත අගමැතිට කව්රුත් එහෙම කළාද? අපේ රටේ කොරෝනා හොඳ වූ අයට කාගේ සරණද ?

:       26       37

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 74 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1420 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 661 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 208 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4666 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12999 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site