තරිඳු ජයවර්ධන
පසුගිය කාලයේ හලාල් සහතිකය ගැන ලොකු කතාබහක් ඇතිවිය. හලාල් සහතිකය නිකුත් කිරීමට අය කරන මුදලින් සහරාන්ලාට කොටසක් ගිය බව සමාජ්‍ය මාධ්‍යවල සහරු කීහ. හලාල් සහතිකය නිකුත් කරන්නේ උලමාවරුන්ගේ සංවිධානයේ කීමට බව තවත් සමහරු කීහ. ලංකාව මුස්ලිම් බහුතරයක් වෙසෙන රටික් නොවුණ නිසා හලාල් සහතිකයක් අවශ්‍ය වන්නේ ඇයිදැයි ඇතැමෙක් ප්‍රශ්න කළේය.
මේ සියලු චෝදනා පිළිබඳ ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ආයතනය වන එච්ඒසී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අලි ෆතාරලි මහතාගෙන් විමසීමක් කළෙමු.
ප්‍රශ්නය - හලාල් කියන්නේ මොකක්ද?
පිළිතුර - හලාල් කියන අරාබි වචනයේ අදහස තමයි ඉස්ලාම් ධර්මය අනුව අනුමැතිය ලද කියන අර්ථය. හරාම් අනුමැතිය නැති කියන අදහසයි.
ප්‍රශ්නය - ලංකාවේ මේ සහතිකය දෙන්න ගත්තේ මොන අවුරුද්දේ සිටද?
පිළිතුර - 2013 වසරේ සිට
ප්‍රශ්නය - ඉතින් ඊට කලින් ලංකාවේ හලාල් සහතික නැතිව මුස්ලිම් ජනතාව කෑම කෑවානේ?
පිළිතුර - තමන් ගන්නා ආහාරය ගැන ඔවුන්ගේ දැනුම සහ විශ්වාසය මත තීරණය කරන්න පුළුවන් කනවද නැද්ද කියලා. එම තීරණයට එළඹෙන්න හලාල් සහතිකය තිබීමෙන් වඩාත් පහසු වෙනවා.
ප්‍රශ්නය - ආහාර හලාල් සහ හරාම් වෙන්නේ කොහොමද?
පිළිතුර - ඛාණ්ඩ අටක් යටතේ හැර අනිත් ඕනෑම දෙයක් හලාල්. ඌරන් සහ එමගින් නිෂ්පාදනය කරන නිෂ්පාදන, මධ්‍යසාරපාන සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, කලින් මැරුණු සතුන් සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, රුධිරය සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, මිනිස් අවයව සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, උරගයන්, කෘමීන් සහ එමගින් නිෂ්පාදනය කරන දේවල්, විෂ සහිත සහ මිනිසාට හානි කරන ද්‍රව්‍යයන්, මාංශභක්ෂක සිව්පාවන් සහ මාංශ භක්ෂක පක්ෂීන් තමයි කෑමට නුසුදුසු හරාම් දේවල්. නිෂ්පාදනයේ දී මේ දේවල් යොදා ගන්නවද නැද්ද කියලා බලලයි හලාල් සහතිකය දෙන්නේ.
ප්‍රශ්නය - ලංකාවේ බහුතරයක් ඉන්නේ මුස්ලිම් නොවන ප්‍රජාවක්. මුස්ලිම් නොවන ප්‍රජාවකට හලාල් දේවල් කවන්න අවශ්‍ය නෑ කියා චෝදනාවක් තිබෙනවා?
පිළිතුර - මුස්ලිම් නොවන පාරිභෝගිකයන්ට හලාල් අදාළ වෙන්නේ නෑ. හලාල් ආහාර සුරක්ෂිතතාවයි, පිරිසිදු බවයි මත පදනම්වෙලා නිෂ්පාදනය කරන නිසා එය පරිහරණය කිරීම ඕනෑම කෙනකුට සෞඛ්‍යට හිතකරයි. වෙනත් ජාතිකයෙක් හලාල් ආහාර ගත්තා කියලා කිසිම හානියක් වෙන්නේ නෑ. කැමති නම් හලාල් ආහාර ගන්න පුළුවන්. නැතිනම් නොගෙන ඉන්න පුළුවන්.
ප්‍රශ්නය - ඔබේ ආයතනයට හලාල් සහතිකය නිකුත් කරන්න තිබෙන සුදුසුකම මොකක්ද?
පිළිතුර - අපි සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු ආයතනයක්. ලෝක හලාල් ආහාර කවුන්සිලය ඇතුළු ආයතනවල පිළිගැනීම අපට තිබෙනවා. ඒ නිසා අපේ ආයතනයට අන්තර් ජාතික පිළිගැනීම් තිබෙනවා. අපේ ආයතනයේ ඒ සඳහා විශේඥයන් ඉන්නවා.
ප්‍රශ්නය - ලංකාවේ නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන සහතික දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්. එම ආයතනයෙන් ප්‍රමිති සහතිකයක් දෙද්දී ඇයි ඔබ ආයතනයෙන් හලාල් සහතිකයක්?
පිළිතුර - එම සහතිකය දෙද්දී අපි කලින් කිව්වා කාරණා 8 බලන්නේ නෑ. ඒ සඳහා ඔවුන්ට පහසුකම් නෑ. ඒ නිසා තමයි අපි ඒක බලලා හලාල් සහතිකය ලබා දෙන්නේ.
ප්‍රශ්නය - හලාල් සහතික ලබා ගන්නා ආයතන පරීක්ෂාවට ලක් කරන්න ඔබ ආයතනයට පහසුකම් තිබෙනවද?
පිළිතුර - ඔව්. අපිට පහසුකම් තිබෙනවා. ඒ සඳහා විශේෂඥයනුත් ඉන්නවා.
ප්‍රශ්නය - ඔබේ ආයතනයෙන් මුස්ලිම් නොවන ව්‍යාපාරිකයනුත් හලාල් සහතිකය අරගෙන තිබෙනවද?
පිළිතුර - ඔව්. අපේ හලාල් සහතිකය අරගත්තු 80% කටත් වැඩි නිෂ්පාදකයන් මුස්ලිම් නොවෙයි.
ප්‍රශ්නය - මුස්ලිම් නොවන අය ඇයි ඔබෙන් හලාල් සහතිකය ගන්නේ?
පිළිතුර - හලාල් සහතිකය කියන්නේ ව්‍යාපාරික සහතිකයක්. හලාල් සහතිකය තිබුණොත් අන්තර් ජාතික පිළිගැනීමක් තියෙනවා. ව්‍යාපාරිකරයන් තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න, තමන්ගේ අලෙවිය වැඩිකර ගන්න හලාල් සහතිකය ලබා ගන්නවා. මුස්ලිම් නොවන ව්‍යාපාරිකයන් රැසක් ලංකාවේ නිෂ්පාදන අපනයනය කරනවා. හලාල් සහතිකය තිබෙනවා කියන්නේ ඔවුන්ට ආදායම් ලබන්න පහසුයි. හලාල්වලට විරෝධය දක්වන පිරිස් මේ බව දන්නේ නෑ. දේශීය නිෂ්පාදකයන්ට තමන්ගේ භාණ්ඩ වැඩි වශයෙන් අපනයනය කරන්න නම්, විදේශීය වෙළඳපොළට පිවිසෙන්න අවශ්‍ය නම් හලාල් සහතික ලබා ගැනීම වැදගත්.
ප්‍රශ්නය - ලංකාවෙන් අපනයනය කරන ආහාර ද්‍රව්‍ය සියල්ලටම ඔබ ආයතනයෙන් හලාල් සහතිකය අරගෙන තිබෙනවද?
පිළිතුර - 65% කට වැඩි නිෂ්පාදන සංඛ්‍යාවකට හලාල් සහතිකය අරගෙන තිබෙනවා.
ප්‍රශ්නය - ලෝකයේ මුස්ලිම් නොවන වෙනත් රටවල්වලත් හලාල් සහතිකය තිබෙනවද?
පිළිතුර - හලාල් සහතිකය තිබෙන මුස්ලිම් නොවන රටවල් 52ක් සමඟ අපි ගනුදෙනු කරනවා. තායිලන්තය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවලත් හලාල් සහතිකය තිබෙනවා.
ප්‍රශ්නය - හලාල් සහතිකය ලබා දෙන්න අරගන්න මුදලින් සහරාන්ලට සල්ලි ගියා කියලත් පසුගිය කාලේ චෝදනා එල්ල වුණා. සමාජ මාධ්‍යවල පළවුණා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලයටත් සල්ලි දුන්නා කියලා?
පිළිතුර - අපි කිසිම ආයතනයකට කිසිම දෙයක් දීලා නෑ. අපේ අධ්‍යක්ෂ මණ්ඩලය වැටුප් ගන්නේ නෑ. මේකේ වැඩ කරන සේවකයන් වැටුප් ගන්නවා. සහරාන්ලා විතරක් නෙමෙයි කිසිම සංවිධානයකට අපි මුදල් දීලා නෑ. අපේ ගිණුම් ප්‍රසිද්ධ විගණන සමාගමක් ලවා විගණනය කරවනවා. ඒ වාර්තා අවශ්‍ය කෙනකුට බලාගන්න පුළුවන්. අපි වැඩ කරන්නේ විනිවිභාවයෙන්.
ප්‍රශ්නය - හලාල් සහතික දෙන්නේ සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ කීමට කියලත් චෝදනාවක් තිබෙනවා.
පිළිතුර - නෑ. ඒ සංවිධානය හා මේ ආයතනය අතර කිසිම සම්බන්ධයක් නෑ.
ප්‍රශ්නය - හලාල් සහතිකය දෙන්න කොපමණ මුදල් අය කරනවද?
පිළිතුර - වාර්ෂිකව රුපියල් 60,000 සිට 250,000 දක්වා මුදලක් අය කරනවා.
ප්‍රශ්නය - මේ සල්ලිවලින් කිසිම ආයතනයකට අනුග්‍රහය දැක්වුවේ නැත්නම් එකතුවෙන සල්ලිවලට මොකද වෙන්නේ?
පිළිතුර - පළපුරුදු ආහාර විද්‍යාවේදීන් ඇතුළුව මේ ආයතනයේ ස්ථිර සේවකයින් 40ක් ඉන්නවා. අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අයිඑස්ඕ 9001 සහතිකය සහ ප්‍රශ්යේ බියුරෝ වෙරිටාස් ආයතනයේ අයිඑස් ඕ 27001 සහතිකය ලබාගෙන තිබෙනවා. ඒ වගේම ලෝක හලාල් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. අපේ ආදායම් අපි ඉහත දේවල්වලට යොදවනවා. අපි කාටවත් අරමුදල් දෙන්නේ නෑ.
ප්‍රශ්නය - ඇතිවී තිබෙන හලාල් විරෝධයත් එක්ක ඔබේ ආයතනයෙන් සහතික ලබා ගැනීම සිංහල ව්‍යාපාරිකයන් නවත්වලා තිබෙනවද?
පිළිතුර - නිෂ්පාදකයන් දෙදෙනක් පමණක් අරගත්තේ නෑ. ඔවුනුත් පසුව ගනියි කියලා අපි හිතනවා. මොකද එහෙම නොගත්තොත් ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ වෙළඳාම අඩුවෙලා ආදායම් අඩුවේවි.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හලාල් සහතිකය ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් සියයට 80 ක් මුස්ලිම් නෙමෙයි
Nuwan Monday, 08 July 2019 09:59 AM
මසට ගන්න සතෙක් උගේ බෙල්ලේ කපපු කුඩා හිලකින් ලේ ගලාගෙන ගිහින් අධික වේදනාවකින් පැය ගණන් මැරෙන්න ඇරලා තමයි ඔය හලාල් මස් කියලා එන්නේ...
NuwannuMonday, 08 July 2019 11:36 AM
හලාල් පෙරේතයෝ මට ඩිස්ලයික්ස් දාලා වගේ...
BamunuarachchiMonday, 08 July 2019 02:37 PM
ඩිස්ලයික් දාන්නේ කවුද කියලා දන්නවානේ? අර අර කට්ටිය.
Upul Monday, 08 July 2019 09:59 AM
අපි නම් ඔය හලාල් බඩු ගන්නේ නැහැ.
ධනුෂ්කWednesday, 10 July 2019 12:39 AM
මට මේ හරාම් කියන දේවල් අට දකිද්දි මතක් වුනේ. විචාරවත් මනසක් අැති අය පරන තෙස්තමේන්තුව පොඩ්ඩක් කියවලා බලන්නකෝ. එතකොට ඔබට වැටහේවි මොවුන් මේ දෙවියන් දේශනා කරා කියලා වෙනම අාගමික දර්ශනයක් විදියට පවත්වාගෙන යන්නේ වෙන කිසිවක් නොව වෙනස් කරන ලද මෝසස්ගේ දසපනත. අනිකුත් අාගම්වලත් වෙනම නිකායන් තියෙන්නේ. අතීතයේ අන්න ඒ වගේ නිකායක් වගේ එකක් වෙනම අාගමක් බවට පත්වෙලා මේ තියෙන්නේ. හැබැයි ඒක ඉතාම රණකාමිව. නැතහොත් කඩුවේ බලයෙන් ඉතාම සංවිධානාත්මක වූ දෙයක්.
PrasadThursday, 11 July 2019 07:47 AM
ප්‍රධාන ආගම තුනක්, යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කියන්නේ ඒ සැවොම ඒබ්‍රහම්ගෙන් අරම්භවුණු ආගම විදිහට...
Bamunuarachchi Monday, 08 July 2019 02:32 PM
මෙරටේ සියයට 75 සිංහල බෞද්දයෝ 15% ක්‍රිස්ත්යානි සහ හින්දු අය අපි මොන බම්බුවකටද හලාල් බඩු ගන්නේ . හලාල් බඩු ප්‍රසිද්දියේ ප්‍රතික්ෂේප කරමු.
ඉක්බාල් Tuesday, 09 July 2019 05:22 PM
හලාල් ගත්තේ නැහැ කියලා අපිට ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ. අපිත් ඒ ලේබල් බලන්නේ නැහැ. මම ඉස්ලාම් කෙනෙක්. නමුත් මගේ පව්ලේ කිසිකෙනෙක් ත්‍රස්තවාදී අදහස් දරන අය නොවෙයි. අපි සුෆි මුස්ලිම් වරු. මේ රටේ ඕනෑම කෙනෙකුට තමන් විශ්වාස කරන ආගම ඇදහීමට නිදහස තිබීම වාසනාවක්. සිංහල ඔබතුමන්ලා මුස්ලිම් පව්ලක උපන්නා නම් ඔබත් මුස්ලිම්. මම සිංහල පව්ලක උපන්නානම් මම අද බුද්ධාගමේ කෙනෙක්. අපෙන් අහන්නේ නැතිව දෙමව්පියන් අපිට දෙන දෙයක් තමයි ආගම කියන්නේ. ඉතින් ඒ ආගම මුල්කරගෙන ඇයි අපි අපිටම වෛර කරන්නේ.
upali Monday, 08 July 2019 04:39 PM
හලාල් සහතිකය අවශ්‍ය මුස්ලිම් රටවලට අපනයනයට විතරයි. අනික් අය රටකට හලාල් නැතිව අපනයනය කරන්න පුළුවන්. බොරු කියන්න එපා...
Bamunuarachchi Monday, 08 July 2019 11:43 PM
අපි හලාල් ලේබලය ඇති භාණ්ඩ වර්ජනය කරමු. හලාල් ලාංඡනය අපිට බලාගැනීමට ප්‍රසිද්ධ කලාට ස්තූති. ලංකාව තුළවත් මේ හලාල් මගඩිය නැතිව භාණ්ඩ වෙළඳ පොලට එවන්න. සිංහල අපි හලාල් විරෝදීන්ය. මේ රටතුල භාණ්ඩ විකිණීමට මේ ලාංඡනය ඕනෙද?
NuwanTuesday, 09 July 2019 08:23 AM
වැලි ගොඩවල් උඩ තියාගෙන කාපු මිනිස්සු පිගානක් දැකල මේ විදිහටය් කන්නේ කියල හොයාගත්තු ක්‍රමයක් ඕක.ලංකාවට ඕනේ නැහැ කාන්තාරේ මුරුග සන්නි!
chandima Tuesday, 09 July 2019 02:02 PM
එහෙනම් ඉතින් කජ්ජක්ද? අර ඒ ගොල්ලෝ කෑමට කලවම් කරන්න ගෙනාවා කියලා ගැලුම් ගණන් අහුවුණු බේහෙතේ නම හොයාගෙන ඇදලා අරින එකනේ ඇත්තේ...!!!
LS Wednesday, 10 July 2019 12:02 AM
කරුණාකරලා හලාල් සහතිකය ඉවත් කරගත් සමාගම් දෙකේ නම් ප්‍රකාශ කරන්න.
Gamini Wednesday, 10 July 2019 05:20 AM
ප්‍රයෝගික වන්න බොරු අදහස් වලින් මිදෙන්න තමාට තම මිස කිසිම දෙවියෙ කුට පිහිට විය නොහැක
Chamila Wednesday, 10 July 2019 08:03 AM
මිනිස් රුධිරයත් හලාල්ද ?
Ashen Wednesday, 10 July 2019 10:11 AM
Bamunuarachchi, කියන්නේ ඔන්ලයින් ජාතිවාදයේ පියා...
Nuwan Wednesday, 10 July 2019 10:37 AM
අශේන්, සංහිඳියාව තමා පාස්කු ඉරිදා රටටම දුන්නේ... අනාගත අනතුර මොකක්ද කියලා රටට, ලෝකෙට කියන එක ජාතිවාදය විදිහට ලේබල් ගහන්නේ කල්ලතෝනි...
Siri Wednesday, 10 July 2019 02:41 PM
ඇයි මෙම හලාල් සහතිකය හෝ අපනයන තත්ත්ව සහතිකය දීම රජයේ ආයතනයකින් කරන්න බැරි? එමගින් රජයටත් ආදායමක් එනවා... ජනතා විරෝධයත් අඩු වෙනවා. ලංකාවේ ජීවත් වෙනවා නම් දැන හෝ නොදැන හලාල් භාණ්ඩ ගන්නම වෙනවා. උදාහරණයක් ලෙස බිස්කට් නිපදවන ප්‍රධාන ආයතන දෙකේම සියලු නිෂ්පාදන හලාල්. උයන්න ගන්නා තෙල් වැඩි හරියක්ම හලාල්. ඒවාට ආදේශක හොයන්න හරි අමාරුයි. අප කළ යුත්තේ මෙම කාර්යය රජය යටතට ගන්නා ලෙස බල කිරීමයි.
Sarath Hemachandra De Silva Friday, 12 July 2019 03:18 AM
හලාල් සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය ආයතනයක් යටතේ යාවත්කාලීන නිරීක්ෂණයක් කිරීම හා මෙම හලාල් සහතිකය නිකුත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳව තොරතුරු මහජනතාව දැනුවත් කළ යුතුයි. එමෙන්ම මෙම හලාල් සහතිකය නිකුත් කිරීමේදී නිරන්තරයෙන් යුක්ති සාධාරණව විනිවිද භාවයකින් ශ්‍රී ලාංකිකයන් සැමට ගැලපෙන ලෙස උසස් තත්වයේ හලාල් සහතිකයක් නිකුත් කිරීමට වගබලා ගන්නේ නම් මෙන්ම හලාල් සහතිකය නිකුත් කරන නිලධාරීන්ගේ අධ්‍යාපනය සුදුසුකම් හා සේවා පලපුරුදු ආදිය ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම වටී...
Farhan Sana Monday, 15 July 2019 06:12 AM
කරුණු දෙකක් මත මුස්ලිම්වරු හලාල් දේවල් සොයා යන්නේය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ එය අලාහ්ගේ නියෝගයක් වීමයි. අනෙක් කරුණ වන්නේ හලාල් දේවල් නිරෝගී ජිවිතයක් සඳහා අත්‍යවශ්‍යය සාදකයක් වීමය. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් හලාල් නොවන එනම් හරාම් අහාර ගැන දැනුම් දී ඇත. ෂරියා නීතියෙන් තහනම් කල දේවල් හැරුණු විට අනෙක් සියළුම දේවල් මුස්ලිම්වරුන් සඳහා අනුමතය. “ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත)” (කුරානය 5:3). ඉහත ලේඛනයට අමතරව තවත් බොහෝ සත්වයින් නබිතුමා විසින් තහනම් කොට ඇත. ඒ අනුව මාංශ බක්ෂක සතුන් ඇතුළු රාජාලියන් වැනි ඇතැම් පක්ෂීන්ද ඊට අයත් වේ. බුරුවා මාංශ බක්ෂක නොවුනත් එය නබිතුමා විසින් තහනම් කොට ඇත. ෂරියාවෙන් තහනම් කොට ඇති සියළුම දේවල් මිනිස් ශරීරයට අහිතර ය. ඒවා අනුභව කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකිය. විශේෂයෙන්ම ජිවියෙකුගේ ශරීරයේ වැඩියෙන්ම ශුද්‍ර ජීවින් තිබෙන්නේ
ඔසන් සලාම් Monday, 15 July 2019 03:33 PM
හලාල් ප්‍රමිතියේ ආහාර අර කට්ටියට පමණක් නොව මේ කට්ටියත් ශරීර සෞඛ්‍යයට ඉතා යහපත්ය..