2007 වසරේ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ හොලිවුඞ් ක්‍රියාදාම චිත්‍රපටය ලොව පුරා තිරගත වෙද්දී, එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ සරාගී සුරූපිනිය, මේගන් ෆොක්ස් එක රැුයින් කාගේත් අවධානයට ලක් වූවාය. කුඩා කළ සිටම රංගනයට ඇලූම් කළ ඇය නිරූපිකාවක ද වන්නීය.
මේගන් ඩෙනිස් ෆොක්ස් උපන්නේ 1986 වසරේ මැයි 16 වැනිදා ය. ඇය උපන්නේ ටෙනිසී ජනපදයේ මෙම්ප්හිස් නුවර ඕක් රිජ් පළාතේය. ඇගේ මව ග්ලෝරියා ඩාර්ලීන් ය. පියා ෆ්රැන්ක්ලින් තෝමස් ෆොක්ස් ය.
මේගන්, අයර්ලන්ත, ප්‍රංශ සම්භවයක් ඇත්තියකි. මේගන්ගේ මවත් පියාත් ආගමට නැඹුරු අය වූහ. එහෙයින් දැඩි නීතිරීති මැද අවුරුදු 12 වන තෙක් මේගන් අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකය.
වයස අවුරුදු පහේ පමණ සිට මේගන් ගායන, නර්තන සහ රංගනය හදාරන්නට වූවාය. මේගන්ගේ මවත් පියාත් දික්කසාද වීමෙන් පසු, ඇය ඇගේ මව සමඟ ෆ්්ලොරීඩා ජනපදයේ ශාන්ත පිට්ස්බර්ග් නුවරට පදිංචියට ගියාය.
මේගන්ගේ මව යළි විවාහ වූ අතර, එම විවාහයෙන් ඇයට බාල සොහොයුරියක ද සිටී. මේගන්ගේ සුළුපියා ටෝනි ටොනෑසියෝ ‘නීතිකාරයකු’ වූ අතර, මේගන්ට යහළු යෙහෙළියන් ඇසුරු කිරීමට හෝ පාසල් යෑමට හැර නිවසින් පිටවීමට හෝ අවසර නොලැබිණි. සුළුපියාගේ තහංචි කොතරම් තිබුණ ද තම ගායන, නර්තන සහ රංගන කටයුතුවල නියැලීමට මේගන් සමත් වූවාය.
වයස අවුරුදු 16 සිට නව යොවුන් සුරූපිනියක වූ මේගන් නිරූපිකාවක ලෙස මෝස්තර නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වූවාය. ඇය කාගේත් අවධානයට ලක් වූයේ ඒ අනුවය. ‘ඇමෙරිකන් මොඩලින් ඇන්ඞ් ටැලන්ට් කොන්වෙන්ෂන්’ සංගමය, ඇමෙරිකා නිරූපිකාවන්ගේ දස්කම් ඇගයීම වෙනුවෙන් පවත්වන තරගාවලියේදී ඇය විශේෂ සම්මාන රැසක් දිනා ගත්තාය. ඒ 1999 වසරේදීය.
ජනපි‍්‍රයතාවය පසුපස හඹා යෑම නිසා මේගන්ගේ උසස් පාසල් කටයුතු අතරමඟ නැවැතිණ. ඊට වසර දෙකකට පසු, එනම් වයස අවුරුදු 19 වෙද්දී, ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචියට ගියාය.
රංගන හැකියාවක් තිබීම නිසා, හොලිවුඞ්පුරය සමඟ එක් වීමට මේගන්ට හැකිවුණේ ඒ අනුවය. 2001 වසරේ දී මේගන්ට ‘හොලිඬේ ඉන් ද සන්’ චිත්‍රපටයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණි. කෙසේ නමුත් ඇගේ රංගනය විචාරකයන්ගේ පැසැසුමට ලක් නොවිණි. ඒ ඇය රංගනයට ආධුනික වූ නිසාම නොවේ.
‘හොලිඬේ ඉන් ද සන්’ ප්‍රහසන චිත්‍රපටයක් විය. මේගන් රඟපෑමෙන් දායක වූයේ එහි අතුරු චරිතයකටය. එම චිත්‍රපටය මහා පරිමාණයේ සිනමා නිර්මාණයක් ද නොවිණි.
හොලිවුඞ් සුපිරි තාරකාවක ලෙස මේගන් ලෝ පුරා ජනපි‍්‍රය වූයේ 2007 වසරේ තිරගත වූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපටය හරහාය. ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටය සුපිරි හොලිවුඞ් අධ්යක්ෂ මයිකල් බේගේ අධ්‍යක්ෂණයක් වූ අතර එය නිෂ්පාදනය කළේ ස්ටීවන් ස්පීල්බර්ග්ය.
මේගන් මෙම චිත්‍රපටයේ රඟපෑවේ හොලිවුඩයේ ජනපි‍්‍රය නළුවකු වන ෂියා ලෙබෝෆ් සමඟය. ෂියා ලෙබෝෆ් චිත්‍රපටයේ පණ පෙව්වේ සෑම් නමැති නව යොවුන් වියේ තරුණයකුටය. ඔහුගේ පෙම්වතිය මිකේලා බේන්ස් ලෙස රඟපෑවේ මේගන් ෆොක්ස් ය. ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටය වෙනුවෙන් 2008 වසරේ එම්.ටී.වී සිනමා සම්මාන උළෙලේදී වසරේ නැගී එන නිළිය ලෙස මේගන් ෆොක්ස් සම්මානයට පාත්‍ර වූවාය.
ට්‍රාන්ස්ෆෝමර්ස් ජනපි‍්‍රයත්වයත් සමඟ 2009 වසරේ දී මේගන් ‘හවුටු ලූස් ෆ්‍රෙන්ඞ්ස් ඇන්ඞ් ඒලියනේට් පීලප්’ නමැති ප්‍රහසන කතා මාලාවට සම්බන්ධ වූවාය. එම කතා මාලාව ජනපි‍්‍රය විය. ඒ, ඇමෙරිකාවේ නොව බි්රතාන්යයේය. ඊට හේතු වූයේ බි්රතාන්ය විකට නළු සයිමන් පෙග් ඊට සම්බන්ධ වූ නිසාය.
2009 වසරේ දී මේගන් දෙවැනි ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයට සම්බන්ධ වූවාය. පළමු චිත්‍රපටය තරම් එම චිත්‍රපටය සාර්ථක නොවිණි.
ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයෙන් ලැබූ අති විශාල ජනපි‍්‍රයත්වයෙන් පසු, 2009 වසරේ දී මේගන් ‘ජෙනිෆර්ස් බොඞී’ නමැති චිත්‍රපටයේ තවත් සරාගී චරිතයකට පණ පෙව්වාය. මේගන්ගේ සරාගී අඩ නිරුවත් දසුන් කිහිපයක් ද මෙම චිත්‍රපටයට ඇතුළත් වූ අතර මෙම චිත්‍රපටයේ කතාව වූයේ ජෙනිෆර් නමැති යුවතියගේ සිරුරට ආරූඪ වන නපුරු ආත්මයක් ගැන කතාවකි. අවාසනාවකට මෙම චිත්‍රපටය සාර්ථක නොවිණි.
2010 දී ඞී.සී. චිත්‍රකතා සමාගමේ ගොපලූ චිත්‍රකතා වීරයකු වන ජොනා හෙක්ස්ගේ චරිතය ඇසුරින් නිර්මාණය වූ ‘ජොනා හෙක්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට මේගන්ට අවස්ථාවක් උදා විය. ‘ජොනා හෙක්ස්’ චිත්‍රපටය ‘ජෙනිෆර්ස් බොඞී’ තරම්වත් සාර්ථක නොවිණි.
මේ වනවිට අධ්යක්ෂ මයිකල් බේ සහ ස්ටීවන් ස්පීල්බර්ග් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ තෙවැනි කොටස, ‘ට්‍රාන්ස්ෆෝමර්ස් 3: ද ඩාක් ඔෆ් ද මූන්’ චිත්‍රපටය නිර්මාණයට ලක ලෑස්ති වෙමින් සිටියහ.
මයිකල් බේ සමඟ බහින් බස් වීමක් හේතු කොට ගෙන, ට්‍රාන්ස්ෆෝමර්ස් 1 සහ 2 චිත්‍රපටවල මිකෙලාගේ චරිතය චිත්‍රපටයෙන් කපා හැරීමටත් මේගන් ඊට සම්බන්ධ නොකර ගැනීමටත් මයිකල් බේ තීරණය කළේය.
ඒ අනුව, ‘ට්රාන්ෆෝමර්ස් ද ඩාක් ඔෆ් ද මූන්’ චිත්‍රපටයේ සෑම්ගේ පෙම්වතිය වූයේ කාර්ලි ස්පෙන්සර් නමැති තරුණියයි. එම චරිතය නිරූපණය කළේ හොලිවුඞ් සිනමාවට නවක නිළියකි. ජනපි‍්‍රය නිරූපණ ශිල්පිනියක වන ඇය රෝසි හන්ටින්ටන් විට්ලී ය.
2012 වසරේ දී මේගන්, ‘දිස් ඊස් ෆෝටි’ යන චිත්‍රපටයේ රංගනයට එක් වූවාය. දැන් ඇය 2014 වසරේ දී තිරගත වීමට නියමිත ‘ටීනේජ් මියුටන්ට්ස් නින්ජා ටර්ටල්ස්’ චිත්‍රපටයට සම්බන්ධ වී සිටින්නීය.
ලෝ සුපතල ‘එෆ්.එච්.එම්’ සඟරාව මෙන්ම රුසියාවේ ‘මැක්සියම්’ සඟරාව ද 2009 වසරේ දී ලොව සරාගී නිළියන් 25 දෙනා ගැන ඡුායාරූප පෙළක් පළ කළ අතර ඒවායේ ඉදිරියෙන් සිටියේ මේගන් ෆොක්ස්ය. ‘මූවිෆෝන්’ සඟරාව විසින් නම් කළ නැගී එන නවක තාරකාවෝ ලැයිස්තුවේ මුල්තැන ගැනීමට ද මේගන් එම වසරේ දීම සමත් වූවාය.
2010 වසරේ දී බ්‍රයන් ඔස්ටින් ගී්රන් සමඟ මේගන් විවාහ වූවාය. තරුණ නැගී එන නළුවකු ද වන බ්‍රයන් ඔස්ටින් ගී්රන් යොවුන් රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට සමත් ව සිටියේ ‘බෙවර්ලි හිල්ස් 90210’ නවතම රූපවාහිනී කතා මාලාව හරහාය. බ්‍රයන් මීට පෙර විවාහ වී සිටි අයෙකි. එම විවාහයෙන් ඔහුට දරුවෙක් ද සිටී.
මොවුන් දෙදෙනා විවාහ වූයේ ආදර වන්තයන් ලෙස වසර දෙකක් ළඟින් ඇසුරු කිරීමෙන් පසුවය. මේගන් සහ බ්‍රයන්ගේ විවාහය සිදුවුණේ හවායි දුපත්වලදීය. හවායි සිටිද්දී මේගන්ට ඇබැද්දියක් සිදුවිය. ඒ, මංගල දිනය දා බ්‍රයන් ඇයට දුන් කැරට් දෙකක් වටිනා දියමන්ති මුදුව හවායි වෙරළේ දී අතුරුදන් වීමය. ඕපාදුප සඟරාවල එම සිදුවීම ලොකු අකුරින් පළ විය.
ඒ ගැන දෙස් විදෙස් ප්‍රසිද්ධියක් ද ලැබුණි. මේගන් ෆොක්ස් ගැන කාගේත් වැඩි උනන්දුවක් යොමු වුණේ 2012 දීය. ඒ ඇය ගැබිනියක යන පුවත ප්‍රසිද්ධියට පත් වීමය. ගැබිනියක ව සිටි මේගන් සහ බ්‍රයන්ගේ ඡායාරූප ද ඕපාදුප සඟරාවල පළ විය. 2012 සැප්තැම්බර් 7 වැනිදා මේගන් පුතකු බිහි කළාය. ඔහු නෝවා ෂැනොන් ගී්රන්ය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස් - ලොව වසඟ කළ සුරූපිණියෝ
කුමාර් Wednesday, 31 July 2013 08:31 AM
අනේ අපිට පිස්සු නැහැ! (නි)
ප්‍රසන්න Thursday, 01 August 2013 05:27 AM
අනේ අපේ රටට තව මොනවද ඕනෑ? (නි)
සඳරුවන් Wednesday, 31 July 2013 08:37 PM
මේවා දැක්කම උතුර දකුණ මාරු වෙනවා? (අ)
සෙනරත් Sunday, 28 July 2013 10:10 PM
අපෝ මෙය තමයි කවදාහරි ඇන්ජලීනා ජොවෙල් ගේ තැනට එන්නේ. මුහුණ සහ ඇඟ පත දැක්කම හිතෙනවා (නි)
අෂිනි Tuesday, 30 July 2013 03:14 PM
කව්ද සෙනරත් ඇන්ජලීනා ජොවෙල්? (අ)
සපුමල් Friday, 02 August 2013 11:25 AM
86 දී ඉපදිලා, 99 දී කොහොමද වයස 19 ක් වෙන්නේ? (නි)
අසේල Monday, 05 August 2013 06:15 AM
අම්මෝ! (නි)
ලාරා Wednesday, 31 July 2013 02:25 AM
මේවා දැක්කම අපේ ගෑනුන්ට ගගහ එලවන්න හිතෙනවා? (අ)
ජයා Wednesday, 31 July 2013 01:29 PM
මටත් මොකක්ද මොකක්ද වගේ දැනුනා (නි)