මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ට හිටපු ජනාධිපතිවරුන් ලෙස ලබා දී ඇති නිල නිවාසවලින් ඔවුන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයයි.
මහින්ද රාජපක්ෂ මහතා දැනට භාවිත කරන නිල නිවෙසේ මාසික කුලිය රුපියල් 4,600,000/-ක් වන බව ද, එය ඔහු විසින් රජයට ගෙවිය යුතු බව ද, එසේ නොමැති නම් රුපියල් 30,000/-ක නිවාස කුලියක් ඔහුට ගෙවිය හැකි බව ද රජය ප්‍රකාශ කරයි. චන්ද්‍රිකා මැතිනියගේ හා මෛත්‍රීපාල මහතාගේ නිවාස තක්සේරු කර නැති බවත්, තක්සේරු කිරීමෙන් පසු ඒවායේ මිල ගණන් සහ වටිනාකම ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රකාශ කර තිබුණි.
නව රජය විසින් ජනාධිපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ආදිය අහෝසි කරන බව ද ප්‍රකාශ කළේය. ඒ සඳහා නීතිමය අණපනත් ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බව ද රජයේ ප්‍රධානින් විසින් දේශපාලන රැස්වීම්වලදී ප්‍රකාශ කර ඇත. දැනට සිටින ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ පැරැණි මැති ඇමැතිවරුන් රටේ ජනතාවට අහිමි ඉහළ වරප්‍රසාද භුක්ති විඳින බව ද, මහජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් ඔවුන්ට හිමි නොවිය යුතු බව ද, ජාතික ජන බලවේගයේ නායකයන්ගේ අදහස වී තිබේ. කෙසේ වුව ද, එම පිරිස් විසින් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන බව සඳහන් කරමින් මහා වෛරී තත්වයක් මහජනතාව තුළ ගොඩනගා මේ කරන්නට යන්නේ ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට අතිශයින්ම හානිකර ක්‍රියාවක් බව පෙන්වා දිය යුතුව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වන්නෝ මහා ධන කුවේරයෝ නොවෙති. පොඩි මිනිසුන් එම ධුර සඳහා පත්වන විට ඔවුන්ට තමන්ට පැවැරී ඇති වගකීම ස්වාධීනව ඉටු කිරීම සඳහා අවම වශයෙන් හෝ පහසුකම් සැපැයිය යුතුව ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී ඡන්ද බලයෙන් පත් වූ මහජන නියෝජිතයන්ට දීමනාවක් ගෙවීම ආරම්භ විය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලින් පසු ඇති කරන ලද ව්‍යවස්ථාදායක සභාවේ නායකයා වශයෙන් කටයුතු කළ සර් ඩී.බී. ජයතිලක මහතාට චෝදනාවක් එල්ල විය. ඒ, ව්‍යවස්ථාදායක සභාවේ වැටුපත්, සිංහල විශ්වකෝෂයේ කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස ලැබූ වැටුපත් වශයෙන් වැටුප් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙනි. එමගින් පැහැදිලි වන්නේ, මන්ත්‍රීවරුන්ට වැටුප් ආදිය ලබාදීම බ්‍රිතාන්‍ය යුගයේ සිටම ආරම්භව ඇති බවයි.
මැති ඇමැතිවරුන් විශ්‍රාම ගිය පසු වෙනත් ආදායමක් නොමැති නම්, ඔවුහු අසරණභාවයට පත්වෙති. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා තම ජීවිතයේ අවසන් භාගයේදී කිසිදු ආදායමක් නොමැතිව අසරණව සිටි අතර, රජය ඔහුට රුපියල් 1,000/-ක මුදලක් ලබා දීමට කටයුතු කළේය. මුල් කාලයේදී මැති ඇමැතිවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපැයීමක් හෝ වාහන ලබා දීමක් සිදු නොවුණ ද, ඔවුන්ට රට පුරා ගමන් කිරීම සඳහා දුම්රිය හා බස් සේවා වෙනුවෙන් නිදහස් ප්‍රවේශපත්‍ර ලබා දුන්නේය. එකල ජනතාව තමන් විසින් පත් කරනු ලබන මන්ත්‍රීවරුන්ට වාහනයක් නොමැතිව රාජකාරි පවත්වාගෙන යෑම අපහසු බව දැනගෙන ඇතැම් අවස්ථාවලදී මුදල් එකතු කර වාහන මිලදීගෙන මන්ත්‍රීවරුන්ට ලබා දුන් අවස්ථා ද පැවැතුණි.
කෙසේ වුව ද, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නව පාර්ලිමේන්තු ක්‍රමයක් බිහි වීමෙන් පසු මුල් අවධියේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයගෙන් බොහෝ දෙනකු වත් පොහොසත්කම් ඇති පිරිස් අතරින් පත් වූ අතර, සාමාන්‍ය පන්තියේ පිරිස්වලින් පාර්ලිමේන්තු නියෝජිතයන් වශයෙන් පත් වූයේ ඉතා කලාතුරකිනි. එසේ වුව ද, 1956 මහ මැතිවරණයෙන් පසු සාමාන්‍ය ජනතාව නියෝජනය කරන අතිවිශාල පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, ඉන් පසු අඛණ්ඩවම සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පිරිස් පාර්ලිමේන්තුවට පැමිණීමට පටන්ගත්හ. සාමාන්‍ය පන්තියේ පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වීම සහතික කිරීම සඳහාත්, ඔවුන් ස්වාධීනව තම අදහස්, යෝජනා සහ මතවාද ඉදිරිපත් කරමින් කටයුතු කිරීම සහතික කිරීම සඳහාත්, පාර්ලිමේන්තු නියෝජිතයන් වෙනුවෙන් පහසුකම් සැලසීමට සිදු විය.
පසුගිය කාලය තුළ එවැනි පහසුකම් ලබාදීම පිළිබඳව කොතරම් විවේචන පැවැතිය ද යම් යම් පහසුකම් ඔවුන්ට ලබා දීමට කටයුතු කිරීමට සිදු වූයේ එම තත්වය තහවුරු කිරීම සඳහාය. සෑම රටකම පාහේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට එවැනි පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව පෙනේ. දේශපාලනයේ නියැළෙන මහජනතාවගේ සේවා වෙනුවෙන් කැප වන එවැනි බොහෝ අයට තම යුතුකම් ඉටු කිරීමේදී තමන් පිළිබඳව ද තම පවුල පිළිබඳව ද අවධානය යොමු කිරීම සඳහා අවස්ථාවක් නොලැබේ. 225ම දූෂිතයන් ලෙස හන්වඩු ගසා ඔවුන් පිළිබඳව වෛරයක් වැපිරීම හේතුකොටගෙන බලයට පත්වීම එකම අරමුණ කරගත් දේශපාලන පක්ෂ වසර ගණනාවක් තිස්සේ එසේ ක්‍රියා කිරීමෙන් මහජනතාව තුළ එවැනි වරප්‍රසාද ලබා දීම පිළිබඳව ද්වේශයක් ඇති කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම පසුගිය කාලපරිච්ඡේදය තුළ දැඩි විවේචනයට ලක්වූවක් විය. ඒ අතරම බලපත්‍ර විකිණීම වැනි අකටයුතු ද සිදු වූ බව නොරහසකි. එසේ වුව ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබාදීම අත්‍යවශ්‍ය වී ඇත්තේ දිස්ත්‍රික් මනාප ක්‍රමය තුළ අති විශාල ප්රදේශයකටත්, අති විශාල ජනතාවකටත් තම සේවාව ලබා දීමට සිදුව ඇති නිසාය. බලපත්‍ර යටතේ වාහන ලබාගත් මන්ත්‍රීවරු ඒවා තමන්ගේ මුදලින් මිලදීගෙන තමාම නඩත්තු කරගනිමින් රජයෙන් ලැබෙන ඉන්ධන පමණක් ප්‍රයෝජනයට ගත්හ. නව රජය මන්ත්‍රීවරුන්ට වාහන නොදෙන බව මුලදී ප්‍රකාශ කළ ද, දැන් සියලු දෙනාටම රජයේ වියදමින් වාහනයක් ලබා දී එය ඔහුගේ මන්ත්‍රීකම අවසන් වූ පසුව ද ඔහුටම ලබාගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මන්ත්‍රීකමෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඒ ආකාරයටම මෝටර් රථයක් ලබා දීමටද කටයුතු කරන නව රජය මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අනවශ්‍ය වරප්‍රසාදයක් ලෙස සලකා කපා හැරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
ජනධිපති ධුරය රටේ ඉහළම තනතුරයි. අගමැති තනතුර එයට දෙවැනි වේ. එම තනතුරුවල කටයුතු කරන කාලපරිච්ඡේදවලදී අපරාධ මැඩීමට, මත්ද්‍රව්‍ය මැඩීමට, රටට විරුද්ධව කටයුතු කරන අභ්‍යන්තර බලවේග මැඩපැවැත්වීමට සහ රටට එල්ල වන විදේශීය විවිධ බලවේගවලට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට සිදු වේ. එසේම, රට තුළ ජනපති ධුරය දක්වා පත්ව, ලබන ලද සම්බන්ධතා හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වාගෙන යෑමට ද සිදු වේ. එවැනි තනතුරුවලට පත් වන බොහෝ පුද්ගලයන් ඒ වෙනුවෙන් දිගු කලක් බොහෝ දේ කැප කර ඇති අතර, පෞද්ගලික වශයෙන් විශාල කැප කිරීම් ද කර තිබේ. ඔවුන්ගේ විශ්‍රාම දිවියේදී ඔවුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට පහසුකම් සැපැයීම රජයේ මෙන්ම මහජනතාවගේ ද වගකීමකි. මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු, අගමැතිවරයකු සහ ජනාධිපතිවරයකු ලෙස මුළු ජීවිත කාලයම කැප කළේය. ලොව දරුණුම ත්‍රස්තවාදි සංවිධානය පරාජය කර රට නිදහස් කරගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඒ ආකාරයටම ඉතා දිගු කලක් රටට සේවය කළේය. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධුරය ෙහාබවද්දී ත්‍රස්තවාදය හේතුවෙන් සිය ඇසක් අහිමි කරගත්තාය. එක එක පුද්ගලයන් වපුරන වෛරය පදනම් කරගෙන මේ අයට දැනට ලබා දී ඇති පහසුකම් අහිමි කර නිවාසවලින් පන්නා දැමීම වැනි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ ද?
සෑම රටකම පාහේ විශ්‍රාමික ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් වෙනුවෙන් විශ්‍රාම ලැබීමෙන් පසු යම් යම් පහසුකම් සපයා තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් එක වාරයක් ජනාධිපති ධුරය දැරීමෙන් පසු ඩොලර් 226,300ක විශ්‍රාම වැටුපක් හිමි වේ. මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාට ද, යුරෝපා රටවල බොහෝ විශ්‍රාමික නායකයන්ට ද එවැනි විශ්‍රාම වැටුප් සහ කාර්යාල, කාර්යමණ්ඩල පහසුකම් ආදිය සපයා තිබේ. බොහෝ දෙනකු සිතන්නේ ශ්‍රී ලංකාවේ විශ්‍රාමික දේශපාලනඥයන්ට පමණක් එවැනි පහසුකම් සපයා ඇති බවකි. මහජනතාව පීඩාවට පත්ව සිටියදී ඔවුන්ට එවැනි පහසුකම් සැපැයිය යුත්තේ කුමක් නිසා දැයි ප්‍රශ්න කරති. අප ආසන්නයේ ඇති මාලදිවයිනේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ඩොලර් 4,867ක මාසික විශ්‍රාම වැටුපක් හිමි වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 1,460,100ක මුදලකි. ඒ ඇරෙන්නට ඔවුන් සඳහා නිවාස පහසුකම් ද, කාර්යාල පහසුකම් ද සපයා තිබේ. ලොකු කුඩා සෑම රටකම විශ්‍රාමික රාජ්‍ය නායකයන් රැක ගැනීම සඳහා එවැනි පහසුකම් සපයා තිබේ.
නව රජය බලයට පත් වී මාස කිහිපයක් ගත වී ඇතද, මහජනතාවට ප්‍රතිඥා දුන් ඉන්ධන මිල අඩු කිරීම, බඩු මිල අඩු කිරීම ආදි පොරොන්දු කිසිවක් ඉටු කර නැති අතර, පොල් හිඟය, සහල් හිඟය, ලුණු හිඟය වැනි ප්‍රශ්නවලට ද විසඳුම් ලබා දීමට හැකියාවක් ලැබී නැත. එම තත්වය යටතේ රජයට එරෙහිව නැගි නව මහජන විරෝධතාව වෙනතකට යොමු කිරීම සඳහා උත්සාහ ගෙන ඇති බව පෙනේ. නිවාසවලින් ඉවත් කිරීම, නඩු පැවැරීම, සිරගත කිරීම වැනි පළිගැනීම් ක්‍රියාත්මක කර ඇතත්, ඒවා කිසියම් අවස්ථාවක රජයට එරෙහිව නැගී එන මහජන බලවේගවලට ශක්තිය සපයන බව ද අවබෝධ කරගත යුතුය. සෝම හිමි එක්තරා අවස්ථාවක විශාල මහජන කැමැත්තකට පාත්‍ර වී සිටියද, දේශපාලනයට යොමු වීම, තරග කිරීම ආදි හේතු නිසා පසු කාලයේදී එම ජනප්‍රියතාව අඩු විය. එසේ වුව ද, උන්වහන්සේ අපවත් වීමෙන් පසු එය අන්‍යාගමිකයන් විසින් කරන ලද ඝාතනයක් යැයි මත ප්‍රචාරය වීමත් සමග දහස් ගණන් ජනතාව උන්වහන්සේ වෙනුවෙන් පෙළ ගැසුණහ.
එය කෙළවර වූයේ භික්ෂුන් වහන්සේ 9 නමක් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙනි. 1970 මහ මැතිවරණයේදී අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ දරුණුම පරාජය හිමි විය. එසේ වුව ද, බණ්ඩාරනායක මැතිනියගේ පාලන යුගයේදී ආහාර හිඟය ආදිය උග්‍ර වීමත් සමගම හාල් සේරුවක් නොමිලේ දුන් ඩඩ්ලි සේනානායක මහතා ‘බත් දුන් පියා’ ලෙස ඉහළම ජනප්‍රියතාවට පත් වූ අතර, ඔහු හදිසියේම අභාවප්‍රාප්ත වීම නිසා මෙරට ඉතිහාසයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගි වූ අවසන් ගෞරව දැක්වීමත් ඔහුට හිමි විය. එම රැල්ලෙන් ඊළඟට රටේ නායකයා බවට පත්වීමට ජේ.ආර්. ජයවර්ධනට හැකි විය.
මහින්ද මහතා මේ රටේ ජීවත්ව සිටින පොදු ජනතාවගේ වැඩියෙන්ම ආදරයට පත් වූ පුද්ගලයාය. ඔහු 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූයේ උතුර නැගෙනහිර ප්‍රදේශවල ජනතාව ඔහුට ඡන්දය ලබා නොදීම නිසා මිස ජනතාව විසින් පරාජය කිරීම නිසා නොවේ. ඔහුට ඡන්දය දුන්, ඔහු විසින් නිර්මාණය කළ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් බොහෝ දෙනකු මෙවර ඡන්දය පාවිච්චි කළේ අනුර කුමාර දිසානායක මහතාටය. එයට හේතුව, එම මැතිවරණයෙන් මහින්ද මහතා නැවත බලයට ගෙන ඒමක් සිදු නොවන නිසාය. 2019 දී සිදු වූවාක් මෙන් මහින්ද මහතා ආරක්ෂා කිරීම සඳහා අනුරගෙන් ඉවත් වීමට ඔවුන්ට වැඩි කාලයක් අවශ්‍ය නොවන බව වටහාගෙන කටයුතු කිරීම නව රජයට ගුණදායක බව පෙන්වා දිය යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය. “අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.” කල්‍යාණ මිත්‍ර ලක්ෂ්
වෙළෙඳපොළෙහි වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්වයන් සමාජයේ තවමත් සාකච්ජා වෙමින් පවතින බව පෙනෙන අතරම, ගොවියා එක් පැත්තකින් ද පාරිභෝගිකයා
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ට
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
කොටි ත්රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිටපු ජනපතින් ආරක්ෂාවේ කතිකාව
randil dunuwille Wednesday, 29 January 2025 05:10 PM
මහින්ද මහත්තයා ආරක්ෂා කරන එකද දැන් රටේ ජනතාවගේ ලොකුම යුතුකම වෙන්නේ... ඵලක් ඇති දෙයක් වෙනුවෙන් කාලය මිඩංගු කරන්න ඕනේ.
dileepa1986 Thursday, 30 January 2025 10:53 AM
එක පරිච්ඡේදයක් කියවපු ගමන් කවුද ලිව්වේ කියලා හිතාගන්න පුලුවන් තරමට මහාචාර්යතුමා කඩේ යනවා අප්පා
ජනරළ Thursday, 30 January 2025 02:44 PM
මන්ත්‍රී වරුන්ට දෙන වාහන යනකොට ආපහු දීලා යන්න ඕනෑ කියලා ජනපති පැහැදිලිවම කිව්වා. මෙයා මේ ගෙදර ගෙනියන කතාවක් කියනවා. සෝම හාමුදුරුවෝ ඡන්දේ ඉල්ලුවේ නැහැනේ... දැන් ඉන්න මන්ත්‍රීවරු තම ධුරය කාලේදී ගෙවල් නෙමෙයි හදා ගත්තේ මහා මන්දිර. හැමෝම මොනවා හරි කෙලියක් දාලා හොඳ පොහොසත්තු වෙලා ඉන්නවා. වාහන නඩත්තු කර ගත්තේ සොච්චම් වැටුපෙන්ලු. මේ මිනිස්සු ඒකාලේ නිවාඩුවට ගියේ පිට රට. දැනුත් යන්නේ රට තමයි. මහින්දට මැදමුලන වලව්ව මදිද? ඔය විජේරාම මන්දිරේ හදා ගත්තේ වටේ තිබුණු විශාල මන්දිර 4කුත් යා කරගෙනලු. ඒ වැඩේටම විතරක් කෝටි 100ක් විතර ගිහින් තියෙනවා. රටේ මිනිස්සුන්ට කොච්චර අමාරුකම් තියෙනවාද? ඇයි මැදමුලනට ගිහින් ඉන්න බැරි...? කොළඹ මහා මන්දිරයකම ඉන්න ඕනෑද? ඩි.බි. විජේතුංග මැතිතුමා කෙලින්ම ගියේ යටි නුවර තමන්ගේ ගෙදරටනේ? අන්න මිනිස්සු. දැන් බලන්න ඔයාම වුණත් අර රනිල්ගේ උපදේශක කමක් කියාලා ප්‍රෝඩාවක් කරලා මිනිස්සුන්ගේ සල්ලි කොච්චර කාලා දැම්මද කියලා? හරි කැතයි හොඳේ? එන ආත්මේ ගෙවන්න වෙයි...