IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය හැකි පුවතක් අසන්නට ලැබෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දෙස බලන්නාක් මෙනි. නිරතුරුව අසන්නට දකින්නට ලැබෙන්නේ සිත දොම්නසින් පුරවන අපගේ ජීවිතවල හෙට දවස සම්බන්ධයෙන් භීතිය උපදවන සුළු පුවත්ය. එබඳු පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවීම කිසි ලෙසකින්  හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.

ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් නිරෝගී බව පරම ලාභයකැයි බුදු බණෙහි සඳහන්ය. ඒකාන්ත සත්‍යයකි. එහෙත් අප රටෙහි ජනයාට ඒ භාග්‍යය අහිමිව බොහෝ කල්ය. එක් අතකින් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකි. තියෙන ඖෂධ ගිනි ගණන්ය. වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල රට හැර ගොසින්ය. වෛද්‍ය උපකරණවල හිඟය අතිමහත්ය. තියෙන උපකරණ අබලන්ය. ඒ අතරවාරයේ බාල ඖෂධ ජාවාරම ඉහළ සිට පහළට සිදු කෙරේ. මෙහෙව් රටක නිරෝගී බව සැබැවින්ම පරම භාග්‍යයකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උපුටා දක්වමින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතකින් කියැවුණේ රට පුරා විවිධ ප්‍රදේශවල වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයන් හතළිස් දහසක් පමණ සිටින බව සමීක්ෂණවල දී හෙළිදරව්වී ඇති බවය.

වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින මෙම පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා රෝගී ජනතාවගේ ජීවිත පවා අවදානමට ලක්වී ඇතැයි ද ගබ්සා සහ බරපතළ සංකූලතා සහිත  රෝගී තත්ව ආදියට පවා මෙම වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයන් ප්‍රතිකාර කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

අත්උදව්කරු ඉතා කෙටි කලකින් ‘බාස්’ බවට පත්වේ. කොන්දොස්තර  තැන ඉතා ඉක්මනින් රියැදුරු බවට පත්වේ. ඩිස්පැන්සරියක සුළු සුළු වැඩ සඳහා ගිය අයකුට එම වැඩ අල්ලාගත් පසු ඉතා පහසුවෙන් වෛද්‍යවරයකු බවට පත්විය හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෙද නළාවක් සොයා ගැනීම පමණි. විචාර බුද්ධිය එයට හිමි මාත්‍රාවෙන් නොගන්නා පුරවැසියෝ තම ජීවිතවලට මාරක අනතුරු ළංකර ගනිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ දරිද්‍රතාව හමුවේ අසරණ රෝගී ජනතාව ද මෙම ව්‍යාජ ලෙස පෙනී සිටින දොස්තරලා වෙත යොමුවීම ඉහළ යමින් තිබෙන බවය. එමෙන්ම මෙම පිරිස් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලපාන පනත් කිහිපයක් පැවතිය ද ඒ සියල්ලේම ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම නිසා තත්වය බරපතළ වී ඇති බවය.

ව්‍යාජ වෛද්‍යවරුන් වැටළීමේ දී සෞඛ්‍ය අංශ පමණක් නොව ශ්‍රී ලංකා පොලිසිය ද සම්බන්ධ විය යුතු අතර ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිසා මෙම වැටලීම් සාර්ථක සහ සැලසුම්සහගතව ක්‍රියාත්මක නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අනාවරණය කළ කරුණු සරලව ගෙන බැහැර නොකළ යුතුය. මේ වූ කලී අප රටේ පුරවැසියන් හා ජීවත්වීමේ අයිතිය සමඟ ඍජුවම හා තීරණාත්මක ලෙස ගැට ගැසුණු තත්වයකි. එහෙයින් ප්‍රශ්නයේ බරපතළකම තේරුම්ගෙන අවශ්‍ය අවධානය යොමු කර කළ - මනා කටයුතු පමාවකින් තොරව සිදු කිරීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (5)

හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?

nimal Monday, 26 February 2024 03:54 PM

ඔය කියන දොස්තරලාට වඩා GMOA එක රටට විනාශයක් කරමින් සිටිනවා සහ කළා...

:       6       13

chandima Wednesday, 28 February 2024 10:50 AM

හොර ජනාධිපතිලත් ඉද්දි හොර දොස්තරලා කජ්ජක්ද?

:       0       2

SUMEDA Saturday, 02 March 2024 11:36 AM

දොස්තරලා එකතුවෙලා හොර බෙහෙත් ගෙනැල්ලා ජනතාව විනාශ කරන මේ ඔක්කොම හොරු...

:       0       2

Saman Monday, 04 March 2024 05:07 AM

හැම ෆාමසි එකක්ම ලින්ක් කරන්න වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රාර් එකටත් එක්ක. වෛද්‍යවරු සියලු දෙනාට තම ලියාපදිංචි අංකයෙන් බෙහෙත් තුණ්ඩු දෙන්න කියන්න. සැරින් සැරේ ෆාමසි චෙක් කරන්න ගත්තු බෙහෙත් සහ විකුණපුවා ලිස්ට් එකත් එක්ක. ඩිස්පෙන්සරි කඩ දාගෙන ඉන්න දොස්තරලා කැමැති නැහැ මොනවද ලියලා දෙන්නේ කියලා ලියලා දෙන්න.. මොකද ඕන ලෙඩකට බොරුවට බෙහෙත් 3-4 දෙනවා. වත්ත වටේ බුරලා වැඩක් නෑ..ඔන්න පුළුවන් නම් කරන්න. උත්තරේ ඔතන..

:       0       2

Perera Friday, 08 March 2024 06:15 AM

ලංකාව කියන්නේ උඩ ඉඳලා පහළට ඔක්කොම හොරු ඉන්න ලෝකයේ ලොකුම හොරගුහාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1092 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4566 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 413 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site