ළමුන් අතිශය සොඳුරුය. මල් වැනිය. එවන් වූ සොඳුරු මල් කැකුළු මෑත කාලීනව මේ ධර්මද්වීපයේ මිනිස්කමට නිගාදෙන නරුමයන් විසින් තළා පෙළා දැමූ හද කකියවන පුවත් සමාජය තුළ ඇති කළේ සුවිශාල කම්පනයකි. එවන් අපරාධ මෙරට මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය තුළින් සමාජයට නිරාවරණය වුවද ළමුන් විසින් සමාජය තුළ සිදු කරනු ලැබූ අපරාධ සමාජයට නිරාවරණය වූයේ අල්ප වශයෙනි. මේ ඒ ගැන සොයා බැලීමකි.
ළමුන් ගැන කතා කරද්දී ‘‘ළමයා’’ යන්න පොදු සමාජයේ අර්ථකථනය වන්නේ කිහිප ආකාරයකටය. දණ්ඩ නීති සංග‍්‍රහයේ එක් ආකාරයකටත්, ළමා හා යෞවන ආඥා පනතේ තවත් ආකාරයකටත්, ගෘහ සේවක පනතේ තවත් ආකාරයකටත්, එක් එක් පනත්වල එක් එක් ආකාරයකට අර්ථකථනය වූ අතර ‘‘ළමයා’’ යන්නට පොදු අර්ථකථනයක් තිබුණේ නැත. නමුත් ළමුන් සම්බන්ධයෙන් 1924 ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප‍්‍රකාශනයත්, 1959 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනයත් සම්මත කර ගැනීමෙන් අනතුරුව 1989 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැුස්වී ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය යනුවෙන් ගිවිසුමක් අත්සන් කරගනු ලැබුවේ රටවල් 193 ක සහභාගීත්වයෙනි. එයින් රටවල් 191ක්ම මෙම ගිවිසුමට එකඟ විය. එහි වගන්ති 54 කි. ඊට අනුව උපතේ සිට අවුරුදු 18 දක්වා වයසේ පසුවන්නන් ළමුන් සේ සැලකේ. ළමයා ගැන වත්මන් පොදු නිර්වචනය එයයි.
මෑත කාලීනව පොලිස් අත්අඩංගුවට පත්වූ නුගේගොඩ ප‍්‍රදේශයේ වයස අවුරුදු 16 හා 17ක් පමණ වූ ළමුන් හතර දෙනෙකු බන්ධනාගාරගත වූයේ ලැප්ටොප් පරිගණක 12ක් පමණ සොරකම් කිරීම හේතුවෙනි. එක් ළමයකු පසුපස අනෙක් තිදෙනා ක‍්‍රියාත්මක වී තිබූ අතර නගරාසන්න වෙළෙඳසැල්වලින් හා නිවෙස්වලින් මේවා සොරකම් කර තිබුණේ ආසාවටය. ටික දිනක් ළඟ තබාගෙන ඒවා විකුණා මෙම සිවුදෙනාම මුදල් ලබාගත්තේ මත්පෙති හා හෙරොයින් මිලදී ගැනීමටය. ඔවුහු සියල්ලෝම තදින් මතට ඇබ්බැහිවූවෝය. එක් මත්පෙත්තක් රුපියල් 2500ක් වන අතර මත්කුඩු සඳහා ද මුදල් අවශ්‍ය වන නිසා කොහුවල, මිරිහාන, මහරගම, බොරලැස්ගමුව හා බම්බලපිටිය වැනි ප‍්‍රදේශවල වෙළෙඳ සැල් බිඳ පරිගණක සොරකම් කර තිබුණි.
මෙම දරුවන්ගේ පවුල් පසුබිම සලකාබැලූ කල අපරාධය මෙහෙය වූ දරුවාගේ මව විදේශගතය. පියා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර දරුවා දැනට නිවසේ හුදකලාවේය. අනෙක් දරුවකුගේ මව සහ පියා දික්කසාද වීම නිසා පවුලේ එකම දරුවා වූ ඔහු ගැන සොයා බලන්නට කිසිවකු නැති බැවින් මෙවැනි දේට පෙළඹී ඇත. ඔවුන්ගේ තොරතුරු මත අත්අඩංගුවට ගත් තවත් දරුවකුගේ ඉරණමද බෙහෙවින් ඛේදජනකය. මව සහ පියා වෙනත් විවාහයන් කරගෙන වෙන්වීම නිසා හුදකලා වූ එම දරුවා දවසින් වැඩි කාලයක් බොරැුල්ල ප‍්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක ගතකරන්නට පෙළඹුණේ එහි හිමිකරු සමග මිතුරුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. එම හිමිකරු සමලිංගික සේවනයට තදින් ඇබ්බැහිවූවකු වූ අතර මේ දරුවාද අවසානයේ ඊට නැඹුරු වී තිබිණි. කලක් ගතවද්දී හිමිකරු සමග වූ අමනාපයක් හේතුවෙන් ඔහුට පහරදී මෙම දරුවා එම අලෙවිසල කොල්ලකෑම නිසා බන්ධනාගාරගත වුවද ඊට පෙරද විවිධ අපරාධවලට නීතියේ රැුහැණට අසුවූවෙක්ය. මේ දරුවන් බොහොමයකට බලපා තිබුණේ බිඳුණු පවුල් පසුබිමය.
බොරලැස්ගමුව පොලිස් වසමේ එක් ජංගම දුරකථන හා උපාංග අලෙවි සැලක් බිඳ රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කර තිබුණේ ද වයස අවුරුදු 18 නොඉක්මවූ දරුවන් තිදෙනෙකි. ඔවුහු මෝටර් රථයකින් එහි පැමිණ තිබූ අතර රියැදුරු මොරටුව ප‍්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙක්. එම ළමුන් තිදෙනාම තදින්ම හෙරෝයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ය.
මෙවැනි අපරාධවලට පෙළඹෙන බාලවයස්කරුවන් අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහයේ 17 වැනි වගන්තියට අනුව අධිකරණයෙන් පළමු වරට අවවාද කර මුදාහැරියද ඔවුන් දිගින් දිගටම එසේ වැරැුදිවල යෙදේ නම් සහතික කළ පාසල් හෝ පුනරුත්ථාපන ආයතනවලට යොමු කිරීම සිදුකෙරේ. නමුත් සමහර අවස්ථාවල එසේ යොමු කළ දරුවන්ට පුනරුත්ථාපන ආයතනවල බන්ධනාගාර තුළ දී පවා අපයෝජනයන්ට ලක්වූ අවස්ථා කොතෙකුත් තිබේ. ඒ නිසා එවැනි ස්ථානවල මෙවැනි දරුවන් වෙන් කර තැබීමේ ගැටලූ පවතී.
ලිංගික අපරාධ ගැන සලකා බැලූවිට 1995 අංක 22 සංශෝධනය මගින් ලිංගික වැරැුදි එහි 345 වගන්්තිය යටතේ සංශෝධනය වී යම් යම් ප‍්‍රතිපාදන ලැබි ඇති අතර වයස අවුරුදු 16ට අඩු දරුවකු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික සංසර්ගයක යෙදුණද එය ¥ෂණය කිරීමක් ලෙස පිළිගැනේ. නමුත් අවුරුදු 16ට දවසක් හෝ වැඩි ගැහැණු දරුවකු විවාහකයකු එවැනි දේකට රැුගෙන ගියහොත් එය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයක් ලෙස සැලකේ. ඒ නිසා එවැනි අවස්ථාවක නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූ මතුවේ.
ලිංගික අපරාධවල අප හඳුනාගත යුතු කරුණු ගණනාවක් ඇත. සමහර අවස්ථාවල අපයෝජනයට ලක්වූ දරුවා අපයෝජකයාට ඇති බිය නිසා එය වැඩිහිටියන්ට කීමට නොපෙළඹේ. එසේම අපයෝජකයාගෙන් දරුවාට ලැබෙන ප‍්‍රතිලාභ මතද දරුවා මේවා සඟවයි. අපයෝජකයා ඊට පෙරාතුව නොදැකපු අයෙක් වේ නම් එවිටද දරුවා ඒ ගැන කීමට මැළිවෙයි.
නුවර ප‍්‍රදේශයේ රෝහලක හෙද සහායිකාවක ලෙස සේවය කළ එක්තරා කාන්තාවක් සැමියා ඇගෙන් වෙන් වී වසර 15ක් ගෙවුණු තැන දෙවැනි විවාහයට තමන් දැන හඳුනාගත් තවත් පුද්ගලයකුට ඇගේ නිවෙසට ගෙන්වා ගත්තාය. ඇගේ වසර 8ක් වයසැති දියණිය සීයාගේ හා මිත්තණියගේ බාරයේ තබා රෝහල් සේවයට ගිය දහවල් කාලයේ ඉහත කී පුද්ගලයා නිතර නිතර නිවෙසට පැමිණියේය. පසුව ඔහු සූක්ෂම ලෙස දැරිය පූර්ණ ලෙස ලිංගික අපචාරවලට පොළඹවා ගත් අතර ඔහු එම දර්ශන තම ජංගම දුරකථනයෙ වීඩියෝ කර ගෙන තිබුණි. එම දර්ශන ඔහු සේවය කරන ආයතනයේ මිතරෙකුට පෙන්වීමෙන් අනතුරුව මිතුරා ඒ ගැන ළමාරක්ෂක අධිකාරියට හෙළිකිරීමෙන් පසු අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්විණි. එය පොලිසියට සාමාන්‍ය තොරතුරකට වඩා විශේෂ දෙයකි.
එබැවින් අන්තර්ජලාය හා මුහුණු පොතේ සැරිසරන්නන් එවැනි දර්ශනයක් දුටු විට එය නොපමාව පොලිසිය දැනුවත් කිරීම ඔවුන්ගේ යුතුකමකි. එයින් ඊට සම්බන්ධ දරුවන්ට විශාල සාධාරණයක් ඉටුවේ. එසේම මෑත කාලීනව ආබාධිත, හා මන්දමානසික දරුවන්ද මෙවැනි අපරාධවලට විශාල වශයෙන් පත්වූ අවස්ථා මාධ්‍ය තුළ වාර්තා වූ අතර ඊට ප‍්‍රධාන හේතුව එම දරුවන් පිළිබඳව වැඩිහිටි අවධානය අල්ප වීමය. වර්තමානයේ ළමුන් පිළිබඳව විශාල අවධානයකින් කටයුතු කාරන ළමාරක්ෂක අධිකාරියේ සහ ළමා හා කන්තා කාර්යාංශයේ උප ඒකකයක් පොලිසි තුළ ක‍්‍රියාත්මක කරන්නේද දරුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වීමටය. පසුගිය කාලයේ වර්තා වූ සේයා සදෙව්මි දැරියගේ හා අතුරුගිරියේ පිරිමි දරුවකු කපාකොටා ඝාතනය කිරීමේ සිදුවීම් වලින් පෙනී යන්නේද දෙමාපියන් මෙන්ම අසල්වැසියන්ද දරුවන් කෙරෙහි දක්වන අවධානය කොතරම් දුර්වලද යන්නය.
එසේම කුඩා දරු දැරියන් ලිංගික අපයෝජනයන්ට ලක්වන්නේ දෙමාපිය අවධානය අඩු, පාළු ස්ථානවලදී යැයි යමෙක් අර්ථකථනය කළද පාසල, මිතුරන්ගේ නිවෙස්, උපකාරක පංති තුළ දී නෑදැයන්ගේ, අසල්වාසීන්ගේ නිවෙස් තුළ දී , පුනරුත්ථාපන ආයතනවලදී, පූජනීය ස්ථානවලදී, බෝඩිංවල, බස් රියේදී විනෝද චාරිකා තුළදී, හා ක‍්‍රීඩා උත්සව පැවැත්වෙන අවස්ථා වැනි ස්ථානවලදී මෙවැනි අපචාර සිදුවූ අවස්ථා ඕනෑ තරම් තිබේ.
අනෙක් අතට අපරාධ විද්‍යාවේදී හැඳින්වෙන ‘‘ලේබල් න්‍යායද’’ අපරාධ වැඩි වීමට එක් හේතුවකි. සමහර ළමුන් දිගින් දිගටම අපරාධවලට පෙළඹී ඇත්තේ මුල් අවස්ථාවේ එක් වරදක් කළ පසු සමාජය විසින් එම දරුවා අපරාධකරුවෙක්ය යන ලේබලය ඇලවීම නිසා එම ලේබලයෙන් මිදීමට අපොහොසත් වන දරුවා එකක් කළත් තමා දැන් අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසී අවසන් යැයි සිතා දිගින් දිගටම ඔවුහු අපරාධවලට පෙළඹෙති. වර්තමානය වන විට ලෝකයේ ළමා ගණිකාවන්ගෙන් පිරිමි ළමා ගණිකා වෘත්තියට වඩාත් නැඹුරුතාවක් දක්වන රට බවට ලංකාව ප‍්‍රසිද්ධ වීම වඩාත්ම බැ?රුම් කාරණාවකි.
මෙනයින් බැලූ කල සමාජයේ ළමා අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ මැදිහත්වීම ඉතා වැදගත්ය. විශේෂයෙන් ඔවුන් මේ වෙනුවෙන් තම දරුවන් ගැන මෙන්ම තමන්ගේ ප‍්‍රදේශයේ අසල්වාසී දරුවන්ගේ හැසිරීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම ඉතා වැදගත්ය. මෙවන් අපරාධ තුළින් වැනසෙන්නේ හෙට දවසේ අනාගතය බාර ගන්නා අපේම දරු පරම්පරාව නොවේද? අප ඊට ඉඩ හරිමුද?
(මිරිහාන නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.එල්.ඒ. නයනජීත් මහතාට විශේෂ ස්තූතිය)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමයින්ට සිදුවන අපරාධ අතරේ ළමයින් සිදුකරන අපරාධ...
සංජිව Monday, 23 November 2015 05:47 AM
ඉතාමත් හොඳයි (ම)