”හොඳම දේ ළමයින්ට” යන තේමාව පෙරදැරි කර ගනිමින් තවත් එක් ජාත්‍යන්තර ළමා දිනයක් ඉකුත් දා නිමාවට පත් විය. බලන බලන අත මල් පොඩි කර දමන්නාක් මෙන් ළමයින්ට අකටයුතුකම්, අපරාධ සහ පළිගැනීම් වන අවධියක ලෝක ළමා දිනයට පමණක් ළමයින් සතුටින් තැබීම, ළමයින් ගැන කතා කිරීම ප‍්‍රමාණවත් වන්නේද? රටක ජාතික සම්පත් අතර ප‍්‍රමුඛ වන්නේ දරුවෝය. එම උත්තරීතර ප‍්‍රාණය බඳු දරුවන්ට අද වනවිට අත් වී ඇති ඉරණම මහපොලොව විටෙක නුහුලන තරම්ය.
සේයා සදෙව්මි දියණිය අවාසනාවන්ත ලෙස මියයාමේ සිද්ධිය සමඟ සමාජයේ බොහෝ කතිකාවන් ගොඩ නැගී තිබුනේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවය.
ළමා අනතුරු, ළමා අපචාර සිදුවන්නේ මවුපිය නොසැලකිල්ලෙන්ද? බාල අපචාර වළක්වා ගැනීමට රටේ නීතිය ක‍්‍රියා කළ යුත්තේ කෙසේද? අපි සොයා බැලීමට උත්සාහ ගත්තෙමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අපරාධ විද්‍යා සම්බන්ධ (දර්ශනපති) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ජීවා නිරිඇල්ල මහත්මියගෙන් විමසා සිටියෙමු.
කුඩා දරුවකු නීතිය ඉදිරියේ පිළිගනු ලබන්නේ දෙමාපිය, වැඩිහිටියන්ගේ රැුකවරණය ලැබිය යුතු සමාජ කාණ්ඩායමක් ලෙසට. කුඩා දරුවන්ට ආදරය, සෙනෙහස, පෝෂණය වාගේම රැුකවරණය ද වයසට ගැලපෙන පරිදි නොඅඩුව ලබා දිය යුත්තකි.
වර්තමානයේ සිදු වූ බොහෝ ළමා අපචාරවලට හේතුවී ඇති බවට හඳුනාගෙන තිබෙන්නේ දරුවන්ට ලබාදෙන රැුකවරණයේ අඩුපාඩු. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා සිදු වූ අපචාරවලදී, දක්නට තිබෙන්නේ දෙමාපියන්ගෙන් සිදුවන අතපසු වීම්, දරුවන් අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ දෙන්නට සිදුවන බවය.
නෛසර්ගිකව දෙමාපියන් යනු වැඩිහිටි පිරිසක් බව දෙමාපිය වැඩිහිටියන් තේරුම් ගත යුතුය. ඔබ ඔබේ දරුවාට ප‍්‍රාණයට දෙවැනිකොට ආදරය බව සැබෑවකි. නමුදු වැඩිහිටියන් ලෙසට ”ළමයා” නැමැති සමාජ කණ්ඩායමට පුංචි හෝ අතපසු වීමකින් ”හානියක්” සිදු විය හැකි බව තේරුම් ගත යුතුය. නිවසේදී, නිවසෙන් පිටත දී, පාසලේදී තමන්ගේ අවධානය කෙසේ දරුවාට ලබා දිය යුතු ද යන්න දෙමාපිය වැඩිහිටියන් ස්ථීර සාර තීරණයක් ගෙන තිබීම ඉතාම වැදගත්ය.
දෙමාපිය නොසැලකිලිමත් භාවයට අමතරව සමාජයේ ජීවත්වෙන මිනිසුන්ගේ සාරධර්ම කඩා වැටීමද, ළමා අපචාර ලිංගික හිංසනය, ස්ත‍්‍රී දූෂණ ආදිය වර්තමානයේදී ඉහළ යන්නට හේතු වී තිබේ.
මීට වසර ගණනාවකට පෙර දරුවන් රැුක බලා ගන්නා ලෙසට දෙමාපියන්ට මතක් කිරීමට අවශ්‍ය නොවූවත්, අද වෙනවිට පුන පුනා තම දරුවන්ට නිසි රැුකවරණයක් ලබාදෙන්නට කියා හඬක් නැගීමට සිදුව ඇත්තේ අපරාධ රැුල්ල නොසිතනා අයුරින් ඔඩු දුවනා බැවිනි. පෙරට සාපේක්ෂව තරගකාරී ජීවන රටාවක ජීවත්වෙන අප සැම මුදල් පසුපස හඹාගෙන යන වට පිටාවකදී දරුවන් රැුක බලා ගැනීම කිරීමට සිදුව ඇත්තේ රැුකියාවල්වල නිරත වෙන ගමන්මය.
මෙම කරුණ නිසාත් අද වනවිට දරුවන් මග හැරීයාම සිද්ධ වෙන බව මතකය අවදි කළ යුතු කරුණක් බවට පත්ව තිබේ.
බාල අපරාධ වැඩිවීම
අපරාධයක් යනු සාමාන්‍ය සමාජයේ මිනිසුන් දකින, වටිනාකම්, සමාජ සාරධර්ම, ආගම ධර්ම, සංස්කෘතිය සමග කාලීනව වැඩුණු දේවල්වලට පටහැනිව කටයුතු කරනා අවස්ථාවකි.
සදාචාරයට පටහැනි වැරදි පමණක් නොව නීතියට පටහැනි අවස්ථාවන්ද අපරාධ ලෙස සැලකේ.
අපරාධ විද්‍යාවට අනුව මිනිසුන් හුදෙක් අපරාධ කිරීමට පෙළැඹෙන්නේ විවිධ හේතු මුල් කොටගෙනය.
යම් මිනිසෙකු අපරාධ කිරීමට පෙළඹෙන්නේ පවුල් ප‍්‍රශ්න, ආර්ථික ප‍්‍රශ්න, සමාජ ප‍්‍රශ්න හෝ දේශපාලන හේතු නිසාය.
ළමා අපචාර හෝ ඕනෑම අපචාරයක් සිදුවීමට බලපාන හේතු ගණනාවකි.
දරුවකුට සිදු කරනා ශාරීරික, මානසික හෝ ලිංගික අතවරයක්, හිංසනයක් බාල අපචාරයක් ලෙසට ගැනේ.
දරුවකුට මානසිකව දරා ගත නොහැකි පරිදි බැණ වැදීම, පහරදීම, කොන් කිරීම, ශාරීරික වේදනාවන්ට පත් කිරීම ලිංගික වශයෙන් ස්පර්ෂ කිරීමේ සිට දරුවන්ට සිදුවන හිරිහැර බාල අපචාර ලෙසට නීතියේ සැලකේ.
මේ සියලූ කරුණු පිළිබඳ දෙමාපිය වැඩිහිටියන් සේම දරුවන් දැනුවත් වී සිටීම ද ඉතාම වැදගත්ය.
මක්නිසාද දරුවන් වයසින් වැඩෙත්ම මවුපියන්ට ඔවුන්ගේ ළඟම නොසිටිය හැකි බැවිනි.
එම නිසාම ඕනෑම වයසක පසුවෙන ඕනෑම දරුවකුට, ඕනෑම වෙලාවකදි අනතුරක්, අවදානමක් ඇතිවිය හැකි බව දෙමාපියන් සහ වැඩිහිටියන් මතකයේ තබා ගත යුතුයි. ළමා අපරාධ කෙරෙහි අවධානය යොමුවන විට අපයෝජනවලට ද ප‍්‍රධාන තැනක් යොමුවේ. ඒ අනුව ළමයාගේ වර්ධනයට, සෞඛ්‍යයට, සෘජු ලෙසම හෝ ව්‍යංගිකව හානිකර හෝ හානි වීමට ඉඩ සලසන හෝ ළමයා වධ වේදනාවලට ලක් කරන ක‍්‍රියාවක් කිරීම හෝ ළමයාගේ උපරිම යහපත සඳහා පාදක වන ක‍්‍රියාවක් නොකර හැරීම වේ.
මෙම අපයෝජනයන් ලිංගිකව, ශාරීරිකව, පෝෂණය නොසලකා හැරීම, චිත්තාවේගාත්මක ළමුන් වෙළෙඳාම, සේවයේ යෙදවීම, කෲරත්වයට පත් කිරීම සහ අතහැර දැමීම ආදී විවිධ ස්වරූපයෙන් විය හැකිය. මෙයින් වර්තමානයේ ප‍්‍රමුඛත්වය ගෙන ඇත්තේ ලිංගික අපයෝජනය බොහෝවිට සිදු වන්නේ මනුෂ්‍යයා තුළ පවතින දර්ශනකාමිත්වය, ප‍්‍රදර්ශනකාමිත්වය, පරිපීඩක කාමුකත්වය සහ සමලිංගිකත්වය කියනා සමාජ මනෝ විද්‍යාත්මක සංකල්පනා හේතුවෙනි.
නිවසේදී දෙමාපිය, වැඩිහිටියන්ගේ රැකවරණය සේම පාසලක පන්ති කාමරයේදී දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් වගකීම බාරගත යුත්තේ ගුරුවරුය. කෙසේ නමුත් රටේ සිදුවන අපචාර, දූෂණ, ලිංගික, හිංසාවන් ආදියෙහි ස්වභාවය පිළිබඳ දරුවා නිරතුරුවම දැනුම්වත් කළ යුතුය.
යමක් කමක් තේරෙන වයසට පත්වෙන දරුවාට නොදන්නා අයගේ ඇසුරට යෑම, හඳුනන්නේ නැති අයකු යමක් දුන් විට නොගෙන සිටිනා ලෙසට දෙමාපියන්ගෙන් දරුවන් දැනුම්වත් කර තිබීම ඉතාම වැදගත්ය.
පාසල් අධ්‍යාපනය හදාරණ දරුවාට හය ශ්‍රේණියේ (6 ශ්‍රේනිය) සිට සරලව තේරුම් ගත හැකි පහසු බසකින් ළමා අපචාර යනු මොනවාද? යම් දූෂණයක් අපචාරයක් සිදු වූවහොත් කළ යුත්තේ කුමක්ද? ළමා අයිතිවාසිකම්, දරුවන්ගේ වගකීම, ළමා කාලයේ වැදගත්කම, ලිංගික අධ්‍යාපනය සහ දරුවකුට අවශ්‍යවන නීතිය ගැන විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ඉතාම වැදගත් සහ කාලීන කරුණක් බවට හඳුනාගෙන තිබේ.
6 ශ්‍රේණියේ සිට වසරින් වසර දැනුම වැඩිවන ආකාරයට දරුවන්ට ලබාදීමෙන් දරුවන්ගේ දැනුම්වත්භාවය වර්ධනය වන්නාසේම දරුවන්ට පාඩම් කටයුතු කියා දෙන නිවසේ මව්පියන්ට ද ඔවුන් ගැඹුරින් නොදන්නා විෂයයන් ගැන පහසුවෙන් දැන ගත හැකි වේ.
අවාසනාවකට අප රටේ නීතියේ පවතින දුර්වලතා නිසාම රටේ අපරාධ කිරීමට ඇති බිය නැතිවීගොස් නැත.
දණ්ඩ නීති සංග‍්‍රහයේ විධිවිධානයන්ට අනුව අපරාධයක් කළ අවස්ථාවක් වාර්තා වූ විට නඩු අසා, අපරාධය කළ තැනැත්තාට අපරාධයේ ප‍්‍රමාණයට තීන්දු ලබදීම මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් ලබාදීම ද කළ යුත්තකි. නමුත් අප රට තුළ එවැනි ඉක්මන් ක‍්‍රමවේදයක් තවමත් සිදුවන්නේ නැත.
නීතියේ කාර්ය පටිපාටි ක‍්‍රියාත්මක කිරීමේදී විශාල වශයෙන් සිදුවන අඩුපාඩු වේ. ඒ නිසාම වරදක්, අපරාධයක්, අපචාරයක් වූ විට නීතියෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවාට වඩා කළ යුත්තේ දරුවන් කෙරෙහි විශාල රැුකවරණයක් ලබා දීමට ක‍්‍රියාකිරීමය.
වර්තමානයේ කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා රට තුළ අපරාධ රැුල්ල වැඩි වීමට පරිගණක, ජංගම දුරකථන භාවිතය, අන්තර්ජාලය භාවිත කිරීම හේතුවී ඇති බව.
ලෝකයේ දියුණුවත් සමඟ පුද්ගලයා අතට පත් වුණූ මෙවලමකින් පුද්ගලයකු වරදට පත්වෙනවා කිවහොත් එය පිළිගත නොහැකි සත්‍යතාවකි. ඕනෑම දෙයක හොඳ හෝ නරක හෝ යනුවෙන් පැති දෙකක් තිබෙනවා. හොඳින් නරක වෙන් කරගෙන කටයුතු කිරීමයි කළ යුත්තේ. නරක පැත්තක් තිබීම නිසාම, අන්තර්ජාලය හෝ සමාජ වෙබ් අඩවි හෝ තහනම් කළ යුතු ද යන්න ගැටලූවක් මතුවෙනවා.
අන්තර්ජාලය ප‍්‍රයෝජනයට ගෙන තමන්ගේ ජිවිත සකස් කර ගත් ඕනෑතරම් පුද්ගලයන් ලෝකයේ සිටිනවා. දැනුම ලබා ගන්න, රට රටවල තොරතුරු ලබා ගන්න, විවිධ පුද්ගලයන් හඳුනා ගන්න. අන්තර්ජාලය විශාල රුකුලක්.
උදාහරණයක් ලෙසට මා අන්තර්ජාලය බහුලව භාවිත කරන්නෙකි. මා අන්තර්ජාලය භාවිත කරන්නේ පර්යේෂණ සිදු කිරීමට, සම්මන්ත‍්‍රණ සමුළුවලට සහභාගි වීමට, අපරාධ විෂය සම්බන්ධ ලෝකයේ තත්ත්වයන් දැන ගැනීමට, විෂයට අදාළ ප‍්‍රවීණයන් හඳුනා ගැනීමට, සහ නොයෙකුත් රාජකාරීමය අවශ්‍යතා සඳහා එසේ නොමැතිව මුහුණු පොතට ඇතුළත් වී නොදන්නා අයකු සමඟ සාකච්ඡුා පවත්වා කාලය නාස්ති කර ගැනීම හෝ සමාජ වෙබ් අඩවියකට පිවිස දර්ශන නැරඹීම පමණක් නොවේ. අන්තර්ජාලයෙන් ගත හැකි ප‍්‍රයෝජන, මා විශ්වාස කරනවා මනසින් උසස් මිනිසුන් ලෙසට අපට සෑම විටම ස්වයං වාරණයක් තිබීම අතවශ්‍යයයි කියා. එසේ වන්නේ නම් පුද්ගලයකු වශයෙන් සිදුවන වැරදි අඩුපාඩු බොහෝමයක් පාලනය කර ගත හැකිය. මෙහිදී මතක් කළ යුතු කරුණක් තිබෙනවා. භාවිත කරන මෙවලමක් වෙනස් කරනවාට වඩා කළ යුත්තේ හොඳින් නරක වෙන්කර ගැනීමට ඇති හැකියාව පුද්ගලයා තුළ දියුණු කර ගැනීමය.
ලෝකයේ දියුණුව යනු අලූත් අලූත් දේවල් හඳුනා ගැනීමය. එහෙයින් දරුවන්ව දැනුවත් කළ යුත්තේ මෙවලම් භාවිත කරන්නේ නම් එය කළ යුත්තේ කෙසේද? ඒවායෙහි ඇති අයහපත් ප‍්‍රතිඵල මොනවාද යහපත් ප‍්‍රතිඵල කවරේද යන්න තෝරාබේරා ගැනීමට පෙළඹවීම ය.
දරුවකුට පරිගණකයක් භාවිත කිරීමට දීමේදී, ආරක්ෂිත ක‍්‍රමවේදයක් සකස් මෘදුකාංග භාවිත කර ලබා දිය හැකි නම් එය දරුවාගේ ආරක්ෂාවට ද යහපතක් වනු නොඅනුමානය.
කෙසේ නමුත් රටේ නීතියට අනුව අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම, ඒවා නැරඹීම, බෙදාහැරීම, මිතුරන් සමග බෙදා ගැනීම ආදිය දඬුවම් ලැබිය හැකි, වාරණයක් පැනවිය හැකි වරදකි. නමුත් ඔබත් මමත් දන්නවා මේ දේවල් භාවිත වෙන බව. එම නිසා නීති පැනවීම හෝ වාරණ පැනවීමට වඩා රටක සිදු විය යුත්තේ ඒවා කොතරම් දුරට ක‍්‍රියාත්මකවේද යන්න සොයා බැලීමය.
නීතියෙන් වැරදකරුවකු වන පුද්ගලයකු දඬුවම් කිරීම අත්‍යශ්‍ය දෙයක්. දඬුවමක් නොමැතිව නීතියක් පැනවීම, නීතියක් නොමැතිව තිබෙනවාට වඩා භයානකය.
ගණිකා වෘත්තිය නීතිගත කිරිමෙන් බාල අපචාර හෝ ස්ත‍්‍රී දූෂණ ඇතිවීම වළක්වා ගත හැකි වෙනවාද?
රටේ පවත්නා අපරාධ රැුල්ල මැඩ පවත්වා ගැනීමට එකම සහ හොඳම විසඳුම ගණිකා වෘත්තිය නීතිගත කිරීම වන්නේ නැහැ.
බටහිර රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ පමණින් ළමා අපචාර හෝ ස්ත‍්‍රී දූෂණ නැත්තටම නැතිවී නැත.
බටහිර සංස්කෘතියේදි ලිංගිකත්වය දකින්නේ අවශ්‍යතාවක් ලෙසට පමණි. සාරධර්ම, සංස්කෘතිය, වටිනාකම් සමඟ නිරතුරුව බැඳුණු ආසියානු රටක් ලෙසට අප රටේ ලිංගිකත්වය දකින්නේ ඊට වඩා වෙනස් විදිහටය.
අප රට තුළ ලිංගිකත්වය අවශතාවක් ලෙසට නොසැලකේ. ශ්‍රී ලාංකික සංස්කෘතියේදී අප දකින්නේ විවාහයක් තුළ ලිංගික සම්බන්ධතාවක් පැවතිය යුතුය යන්නය. එක් අයකු සමඟ පමණක් විවාහ වීමේ වටිනාකම නිසා සංස්කෘතියට යම් වටිනාකමක් එකතු කළ හැකි බව බැහැර කළ නොහැක.
බටහිර රටවල දරුවන්ට වයස අවුරුදු 13 වූ විට තනියම ජිවත්විය හැක. ලිංගිකත්වය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට රටෙන්, සමාජ පරිසරයෙන් පමණක් නොව නිවසෙන් ද ඉඩ ප‍්‍රස්ථාව ලැබෙන අතර ලිංගික ආරක්ෂකයන් සඳහා උපකරණ ලබා ගැනීමේ පහසුකම් ද සලසා තිබේ.
ලොව බොහෝ රටවල් බටහිර පවතින නිදහස් ලිංගික අත්දැකීම් ලැබීම දකින්නේ ”එය එසේ වීම තුළ රටේ සමාජ ප‍්‍රශ්න අවම වී ඇති බවය. නමුත් එම රටවල ජීවත් වන්නන්ට ළමා වයසේදීම දරුවන්ට නිදහස ලබාදීමේ ආදීනව දැන් දැන් වැටහීගොස් තිබේ.
එහි ඇති බරපතළම සමාජ ව්‍යසනයක් වී ඇත්තේ දරුවන් අඩු වයසින් ඒඞ්ස් ඇතුළු භයානක සමාජ රෝග රැුසකට ගොදුරු වීමය.
ඊට අමතරව අධ්‍යාපනය අතරමග නතර කරන්නට සිදුවීම.
කුඩා අවධියේදීම ගැහැණු දරුවන් ගැබ්ගැනීම, දික්කසාදවීම් ඉහළ යෑම ආදී ගැටලූ රාශියක් එම රටවල මතුව තිබෙන බව බොහෝ පිරිසක් නොදකින දෙයකි.
පවුලක් ලෙසට ජීවත් වීමත්, විවාහය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දැරීමත් යන කරුණු රටක පැවැත්මට ඉහළ අගයක් ලැබී තිබීම අගය කළ යුතු කරුණකි.
එම නිසා පවතින තත්ත්වයන් මැඩ පවත්වා ගැනීමට ගණිකා වෘත්තිය නීතිගත කිරීම අප රටේ සංස්කෘතිය, සදාචාරය සමඟ ගැළපීම සාර්ථක විසඳුමක් වන්නේ නැත.
ගණිකා වෘත්තිය සමාජ ගත කිරීමෙන් පැන නැගිය හැකි නෛතික ගැටලූ ද රාශියකි.
එම නිසා හිසරදයට කොට්ටය මාරු නොකර කළ යුතු වන්නේ දරුවන් රැුක බලා ගැනීමට ස්ථීර සාර විසඳුමක් සොයා ගතයුතු වීමය.
දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවර
සමාජයේ ජීවත්වෙන සැවොම ‘‘තමන්ගේ දරුවා වාගේමයි, අනෙක් දරුවොත්’’ යන බව සිතිය යුතුය.
කිතුනු පල්ලියක දේව මෙහෙයෙන් පසු මුස්ලිම් භක්තිකයන් බහුතරයක් සහභාගි වෙන දේව මෙහෙයකින් පසුව යම් වේලාවක් වෙන්කර දරුවන්ව ආරක්ෂා කර ගැනීමට ඔබෙන් විය යුතු වැඩ කොටස කවරේද යන්න, දරුවන්ට රැුකවරණය සැලැසීමට කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කළ හැකියි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමා අපරාධ සහ දඬුවම
සදා Friday, 09 October 2015 06:36 AM
අපි පාරේ යනකොට පොඩි දරුවන් සමග හිගමනේ යන දෙමාපියන් වගේම දරුවන් සමග වෙළදාමේ යෙදෙන දෙමාපියන් හමුවනවා . ඒ වගේම පැල්පත් වල හරියට හිසට සෙවනක් නැති කුණු ජරාව පිරුන වටපිටාවක ජීවත් වෙන දරුවන් දකිනවා. මේ දරුවන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත ගතයුතු නේද? (බ)
ශ්‍යාමලී ද සිල්වා Monday, 12 October 2015 03:05 AM
ඉතාමත්ම වටිනා ලිපියකි. බටහිර සමාජය අඩුවයසේදී ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ගැන සතුටින් කතා කරන බටහිර දේ සරණ ගිය උගතුන් මෙය කියවත්වා.......(ස)
wgdlakmal [email protected] Friday, 01 December 2023 07:57 AM
ඉතා වටිනා ලිපියක්.