ඉකුත් දිනෙක මාධ්‍යවල පළව තිබූ ප‍්‍රවෘත්තියක සඳහන් වී තිබුණේ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට රජය තීරණය කර තිබෙන බවය. එම පුවතෙහි අභ්‍යන්තරයෙහි සඳහන්ව තිබුණේ ඉකුත් 17 වැනි දින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නීති කොමිසන් සභාවේ නිලධාරින් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී එම නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ ෆේස්බුක් සමාජ ජාලය තුළ විවිධ ප‍්‍රභූ පුද්ගලයන්ට අපහාස වන අයුරින් සිදුකරන අසත්‍ය ප‍්‍රකාශ හා අශෝභන කි‍්‍රයා පාලනය කිරීම සඳහා නව නීති ගෙන එන ලෙසයි.
එම ප‍්‍රවෘත්ති වාර්තාවල වැඩි දුරටත් සඳහන්ව තිබුණේ ඇතැම් සමාජ ජාල වෙබ් අඩවිවල කිසිදු වගකීමකින් තොරව පුද්ගල කීර්ති නාමයන්ට අපහාස වන පරිදි සිදුකරන විවේචන අපරාධමය නීති ගණයට යටත්වෙන බැවින් ඒ යටතේ කි‍්‍රයා කිරීමට හැකිවන පරිදි නීති සම්පාදනය කළ යුතු බවය. ඊට අදාළ නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තුවන බවට එහිදී අධිකරණ අමාත්‍යවරයා එම නිලධාරීන්ට පොරොන්දුවී ඇති බව ද මාධ්‍ය වාර්තාවල දැක්විණි.
මේ සමඟම බොහෝ දෙනකු විමසිල්ලෙන් සිටින්නේ අලූත් ආණ්ඩුව ඒ ආකාරයට සමාජ ජාල වෙබ් අඩවි අවහිර කරන ආකාරයේ නව නීති ගෙන එන්නේද යන්න පිළිබඳවය. ඒ මගින් මාධ්‍ය නිදහස වාරණයකට ලක්වීම ගැන තවත් පිරිසක් කතා කරති. මේ ඒ සියලූ කාරණා පිළිබඳව මාධ්‍ය කි‍්‍රයාකාරිකයන් දෙදෙනකු පළ කරන අදහස්ය.
ඕෂල හේරත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ
සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාවගේ හඬ තමයි සමාජ ජාල වෙබ් අඩවිවල නැෙඟන්නේ කවුරු හරි සමාජ ජාල වෙබ් අඩවි මර්දනය කරන්න හදනවා කියන්නෙ ඒක මාධ්‍ය මර්ධනයටත් එහා ගිය එකක්. සමාජ ජාල වෙබ් අඩවිවල දේශපාලනඥයින්ගෙම පිටු තියෙනවා ලක්ෂ ගණන්. ඒ අයගෙ මතයක් අදහසක් ඒ මගින් ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. සමාජ ජාලයක් කියන්නෙ අන්තර්ජාලයෙම තියෙන තවත් එක ජාලයක්.
හොරකම්, දූෂණ කරන කෙනෙකුට සමාජ ජාල වෙබ් අඩවි තියෙනකන් ඒ දේ කරන්න බැරි වෙනවා.
අද අපි දකිනවා සමාජයේ වෙන ඇතැම් වැරැදි පටිගත කරලා සමාජ ජාල වෙබ් අඩවිවල දැම්මම ඒවා සඳහා නීතියෙන් කි‍්‍රයාමාර්ග ගැනෙනවා. ඒවගේම ඒ වැරදි කෙරෙන එක නවතිනවා. ඒවා නවතින එක අඩපණ කිරීමේ අවශ්‍යතාවක් රජයට තියෙනව කියන සැකය මේත් සමඟ අපිට ඇති වෙනවා.
සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන කෙනෙක් හැටියට මේක එච්චර හොඳ දෙයක් කියලා මම හිතන්නෙ නෑ. මේ ක‍්‍රමය ගෙනාවොත් වෙන්නෙ මිනිස්සු එළිපිට කතා කරන එක නැතිවෙන එක විතරයි. ඕකෙන් කිසිම මර්දනයක් වෙන්නෙ නෑ. මාධ්‍ය නිදහස අඩුවෙන් තිබුණු පහුගිය කාලෙදි පවා අපි දැක්ක දෙයක් තමයි මිනිස්සු පිටරට ඉඳන් සමාජ ජාල වෙබ් අඩවිවලින් කතා කරනවා වගේම එහෙ ඉඳන් වෙබ් අඩවි පවත්වාගෙන යනවත් අපි දැක්කා. ඒත් රජයට ඒවා පාලනය කරන්න බැරුව ගියා.
මේ හදන්නෙ ලංකාවේ ඉන්න මිනිස්සු කතා කරන එක නවත්තන්නද කියන එක මට තේරෙන්නෙ නෑ. මේක බියගුළුකමට කරන්න හදන දෙයක් විදිහට තමයි මට හැෙඟන්නෙ. මේ හදන්නෙ මිනිස්සු තමන්ට හැකි ආකාරයෙන් දූෂණ, වංචා එළියට දාන එක වළක්වන්න හදන එකයි.
කාටහරි සමාජ ජාල වෙබ් අඩවිවලින් අපහාස කරනවා නම් ඒ කෙනාට අපහාස නීතිය යටතේ සිවිල් නඩුවක් දාලා අපහාස වන්දියක් ගත්තත් කමක් නෑ. හැබැයි ඒවා අපරාධ නීතිය යටතට ගේනවා කියන්නෙ මිනිස්සු බය වෙනවා. මොකද ඒ ගැන තීන්දුවක් දෙන්න කලින් මිනිහෙක් අත්අඩංගුවට අරන් රිමාන්ඞ් කරන්න පුළුවන්. තීන්දුවෙන් ඒ මනුස්සයා නිදහස් වුණත් ඒ වෙනකොට වෙන්න ඕනෑ හරිය වෙලා තියෙන්න පුළුවන්. මේක අපරාධ නීතිය යටතට ගේන්න හදන්නෙ යම් මර්දනයක් කරන්න. එතකොට සමාජ ජාල වෙබ් අඩවිවල යම් දෙයක් දැම්මට ඒකට විරුද්ධව අත්අඩංගුවට අරගෙන රිමාන්ඞ් කරලා තියන්න පුළුවන්.
දේශපාලනඥයන් ඇතුළු ප‍්‍රභූන්ට සමාජ ජාල වෙබ් අඩවිවලින් එල්ල කරන මඩ ගැසීම් නිසා ඒවා පාලනය කරන්න මේ නීති ගේනවා කියන එකෙන් එවැනි දේශපාලනඥයන්ව ආරක්ෂා කරන්න හදන උත්සාහයක් හැටියටත් සමහරු මේක හඳුන්වනවා. ඒක නිවැරැුදියි. මම අහන්නෙ සමාජ ජාල වෙබ් අඩවි නැතුව මාධ්‍යවලින් දේශපාලනඥයන්ගෙ, ප‍්‍රභූන්ගෙ විස්තර එළියට එන්නෙ නැද්ද? එකම දේ මෙතැන වෙන්නෙ වඩාත් කාර්යක්ෂම විදිහට ඒ තොරතුරු මේ ජනතාව අතරට යන එක විතරයි. දේශපාලනඥයෙක් හැන්දෑවෙ කාටහරි ගැහුවොත් මාධ්‍යවල පළවෙන්න ගොඩක් වෙලා යනවා. සමහර ඒවා දේශපාලන බලපෑම් හින්දා පළ නොකරන වෙලාවලූත් තියෙනවා. නමුත් සමාජ ජාල වෙබ් අඩවිවල ඒවා ඒ වෙලාවෙම මිනිස්සු පොටෝ ගහලා දානවා. ඒ මගින් දේශපාලනඥයන්ට සිද්ධ වෙනවා වගකීමෙන් වැඩ කරන්න. ඒ නැති වෙච්ච නිදහස ලබාගන්න තමයි මේ නීති ගේන්න හදන්නෙ.
ලංකාවේ මිලියන තුන හමාරක විතර පිරිසක් ඉන්නවා සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන. ඒ ගොල්ලන්ව සමාජ ජාලවලින් මර්දනය කරන්න ගියොත් ඒ අය කටවහගෙන ඉඳියි කියලා හිතන්න බෑ. නොවැම්බර් 21ට පෙර මිනිස්සු සමාජ ජාල වෙබ් අඩවිවල කමෙන්ට් එකක් පවා දාන්න බයෙන් හිටියෙ. රජයට බය නිසා වෙන වෙන නම්වලින් දැම්මෙ. ඒත් 21 වෙනිදායින් පස්සෙ මේ තත්ත්වය වෙනස් වුණා. ඒ හොඳ අතට හැරුණු තත්ත්වය තමයි මේ නවත්තන්න හදන්නෙ. මේ නීති ගෙන ඒම මගින් වෙන්නෙ සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චියෙහි වර්ධනය අඩුවීමක් නෙවෙයි විප්ලවයක් ඇතිවීමයි.
පුරවැසිබලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ
මම මේකට කොහෙත්ම එකඟ වෙන්නෙ නෑ. ඔය වාරණය කියන එක සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මොනම විදියෙ ප‍්‍රකාශන මාධ්‍යයක් සම්බන්ධයෙන් වුනත් අදාළ කරගත යුතු නැති දෙයක්. එහෙම නීති ගේන්නත් බෑ. අනික් එක තමයි ඒකෙ ස්වභාවය අනුවම සමාජ ජාල වෙබ් අඩවි කියන්නෙ තවත් පාලනයකට නතු කිරීමට අමාරු එකක්. උදාහරණයක් විදිහට යම්කිසි මුද්‍රිත පුවත් පතක් වාරණයට ලක් කරන විදිහට සමාජ ජාල වෙබ් අඩවියක් පාලනයට ලක් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ඒක ලංකාවේ පෙනෙන එක වළක්වන එක. එච්චරයි කරන්න පුළුවන්. ඒ නිසා මේ නීති ගෙන ඒම ප‍්‍රායෝගික වශයෙන් සුදුසු කටයුත්තක් නෙවෙයි.
සමාජ ජාල වෙබ් අඩවි කියන්නෙ සම්මත අදහස් ප‍්‍රකාශ කිරීමේ වේදිකාවන්වලට ප‍්‍රවේශවීමේ පහසුකම් හැකියාව හා අවසරය නැති නමුත් අදහස් බොහොමයක් තියෙන අයට තමුන්ගෙ ඒ අදහස් ප‍්‍රකාශ කරන්න තියෙන මාධ්‍යයක්. එහෙම නීති ගේන්න වෙනවා කියන්නෙ වඩාත් පුළුල් සමාජ කොට්ඨාසයක අදහස් වාරණය කරන්න උත්සාහ ගන්නවා කියන එකයි.
පාලකයො කියන්න පුළුවන් මේ නීති ගෙන එන්නෙ අදහස් වාරණය කරන්න නෙවෙයි යම් විදිහක ප‍්‍රමිතියක් ඇති කරන්නයි කියලා. නමුත් හැම පාලකයෙක්ම කියන්නෙ එහෙම තමයි. නමුත් ඒවා ගෙනාවට පස්සෙ පාවිච්චි කරන්නෙ ඒ සඳහා නොවෙයි. තමන්ට හිතකර නොවන අදහස් පළවීම වැළැක්වීම සඳහා ඒවා පාවිච්චි කරනවා. ලෝකෙ කොහෙ කළත් ඒක එහෙම තමයි. ඒකනිසා එවැනි නීති රීති ගෙන ඒම අපි සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතුයි.
දේශපාලන ප‍්‍රභූන්ට සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා කියලා කියනවා. බන්දුල ගුණවර්ධන පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී රවී කරුණානායකගෙ නමට දෙමළ කෑල්ලක් ඈඳලා කියනවා. ඒ නම වැරැුදියි නම් තමන් ඉල්ලා අස් වෙනවා කියලා එයා කියනවා. ඒක බොරුවක් බව පාර්ලිමේන්තුවේදි ඊට පහුවෙනිදම ඔප්පු වුණා. අර දෙමළ කෑල්ල ඈඳා ගත්තෙම එක පැත්තකින් පටු ජාතිවාදී කුණු කන්දල් ඔළුවෙ තියෙන නිසා එයා හිතුවා ඒක පාවිචිච් කරන්න පුළුවන් කියලා.
අනිත් පැත්තෙන් රවි කරුණානායක දෙමළ කිරීම තුළ අවනම්බු කරන්න හිතුවා. ඒවත් මඩ තමයි. බන්දුල ගුණවර්ධන ඉල්ලා අස්වෙනවා කිව්වට එයා ඉල්ලා අස්වෙන්නෙත් නෑ. එයාට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්නෙත් නෑනෙ. දේශපාලනඥයන් ඕනෑ කෙනෙකුට පාර්ලිමේන්තුව ඇතුළෙ සහ පිට ඉඳගෙන ඕනෑ කෙනෙකුට මඩ ගහන්න පුළුවන්. ඒවට නීති කි‍්‍රයාත්මක වෙන්නෙත් නෑ. නමුත් දේශපාලනඥයන්ට පිට මිනිස්සු මඩ ගහනකොට දේශපාලනඥයො එනවා මේ නීති දාන්න. සමාජ ජාල වෙබ් අඩවිවල ඉන්න වැදගත් දේශපාලනඥයන්ට කවදාවත් මඩ ගහලා හෝ වැරැුදි පුවත් පළ කරලා හෝ තියෙන අවස්ථාවක් මම දැකලා නෑ.
ඔය මඩ කියන ඒවා එන්නෙම වැඩවලට සුදුසුකම් තියෙන මිනිස්සුන්ට විතරයි. මඩ ගැසීම සමාජ ජාල වෙබ් අඩවිවලින් කළත් වෙනත් සාම්ප‍්‍රදායික මාධ්‍යවලින් කළත් වැරැදියි. නමුත් මෙතනදි යම්කිසි ප‍්‍රභූ වරප‍්‍රසාදයක් මුල්කරගෙන නීතියක් ගේන්නට යන්නෙ පස්සෙ කාලෙකදි වෙනත් පරමාර්ථ සඳහා පාවිච්චි කිරීමේ අරමුණෙන්.
මේ වගේ දේවල් චීනය වගේ රටවල් කරලා තියෙනවා. චීනයෙ මාධ්‍ය වාරණය තදටම තියෙනවා. අපි දන්නවා චීනය කියන්නෙ 1949 ඉඳලා තනි පක්ෂයක් මගින් රට පාලනය කරන අධිකාරවාදී පාලනයක් ගෙනියන රටක් කියලා. හැබැයි දියුණු රටවල මේ විදිහෙ මාධ්‍ය වාරණයක් නෑ. බටහිර යුරෝපයේ විතරක් දහස් ගාණක් තියෙනවා වෙබ් අඩවි. බ්ලොක් තියෙනවා ලක්ෂ ගානක්. ඒ වගේම තමයි මේවට ඒ රටවල්වල තියෙන වැදගත්කම අපේ රටේ වගේ ලොකු එකක් නෙවෙයි. හේතුව තමයි ඒ රටවල සාම්ප‍්‍රදායික මාධ්‍ය හරහා අදහස් ප‍්‍රකාශ කිරීමේ වැඩි ඉඩ කඩක් සියලූම ජනතාවට තියෙනවා. ඒක තනි තනි පුද්ගලයන් වශයෙන් නොවුණත් යම් කිසි කණ්ඩායමක්, ප‍්‍රජාවක්, පක්ෂයක් විදිහට හරි තියෙනවා.
ලංකාව වගේ රටවල අර ඉඩකඩ සාම්ප‍්‍රදායික මාධ්‍යවල ප‍්‍රමාණවත් පරිදි නොමැතිකම නිසා මිනිස්සු වෙනත් මාර්ග හොයනවා. වෙබ් ජාලයට මිනිස්සු එතකොට යනවා. මා දැක්කා එක් පුවත්පතක් හිටපු ඇමැතිවරයෙක් ඥාති සංග‍්‍රහ කර තිබෙන විදිහ වාර්තා කරලා තිබුණා. නමුත් ඒ වාර්තාවෙ කිසි තැනක නෑ මේ හිටපු ඇමැතිවරයගෙ නම. දැන් එතකොට අපි මේ නම කොහෙන්ද දැන ගන්නෙ? මේ නම හොයාගන්න මම යනවා වෙබ් ජාලයකට. ඒ වෙබ් ජාලයේ මේ නම තියෙනවා. ඒ නිසයි මම කියන්නෙ සමාජ ජාල වෙබ් අඩවි වාරණය කිරීම මොන විදියකින්වත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කටයුත්තක් නෙවෙයි කියලා. වෙබ් අඩවි මාධ්‍යවලට එරෙහිව ගේන්න යන මේ නීතිවලට එරෙහිව සාම්ප‍්‍රදායික මාධ්‍යවලිනුත් හඬක් නැගිය යුතුයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆේස්බුක් සමාජ ජාල අවහිර කරන්න අලූත් නීති
ටියුඩර් Tuesday, 27 October 2015 06:24 AM
සමාජ ජාල වෙබ් අඩවි හොඳට පාවිච්චි කළොත් හොඳයි, නැත්නම් නරකයි (නි)
බුද්ධික Sunday, 22 November 2015 04:28 AM
මේ අදහස් ගැන අපි දුක්වෙමු (නි)