ආර්ථික බංකොලොත්භාවයකට පත්ව සිටි ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට පැමිණ ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් අනුව දියුණුවකට හරවාගත හැකිවනු ඇත. මෙම වසරේ තුන්වැනි කාර්තුවේ දී ආර්ථික වර්ධනය සියයට 5.5 කි. 2019 වසරට පසු ඉහළම අගය බව දැක්වේ. මහජනතාවගේ මිල දී ගැනීමේ ක්‍රය ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වන අතර මෙම ස්වභාවය සමග ඉල්ලුම ඉහළ යනු ඇත. වෙළෙඳපොළ හැසිරවීම තීරණාත්මක සාධකයකි.
වර්ධනය අවකාශය දිගුකාලීන පැවැත්මක් දක්වා හරවා ගැනීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ මෙම මොහොතේ දී රටට අවශ්‍යය. අත්පත් කරගෙන ඇති තාවකාලික වාසිය බෙදාගැනීම වෙනුවට නැවත ආයෝජනය කිරීම සුදුසුය. අලුතින් බලයට පත් ආණ්ඩුව, තමන්ගේ ජනප්‍රියතාව ඉලක්ක කර තවත් සහන ප්‍රකාශයට පත් කළහොත් අවදානමක් ඇති විය හැකිය. ආදායම හා වියදම පාලනය කරගන්නා අතර සංවර්ධනය සඳහා රජයේ කොටස ඉහළ නැංවිය යුතු වේ. රටේ ආර්ථික ප්‍රසාරණයක් සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කළ යුතු වේ. අධිෂ්ඨානශීලී සහ අලුත් ආරම්භයක් සඳහා ‘ගැඹුරු හුස්මක් ගැනීම’ ලබන වසරේ දී අනිවාර්ය වේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක්
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට මානව හිමිකම් සඳහා වගවීමට සිදුවිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සලකා බලමින් සිටී. 2025 පෙබරවාරියේ සිට අප්‍රේල් දක්වා ජිනීවාහිදී පැවැත්වෙන 59 වැනි සැසිවාරය තීරණාත්මකය. මෙතෙක් සලකා බලමින් සිටි සිද්ධිවලට අමතරව දකුණේ සිද්ධි ද ඇතුළුවිය හැකි බව ප්‍රකාශ වේ. උතුරේ සිද්ධි සමනය කරන අරමුණු ඇතිව 2023 වසරේ දී සංහිඳියා කාර්යාලයක් කොළඹ පිහිටුවීය. මානව හිමිකම් ආරක්ෂා කර ජාතීන් අතර විශ්වාසය දිනාගැනීම සඳහා අරමුණු වී තිබුණි. මානව හිමිකම් සම්බන්ධ මෙම ප්‍රවේශය එසේ තිබිය දී ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සඳහා කාර්යාලයක් ස්ථාපිත කරන්නට ආණ්ඩුව තීරණය කර ඇත.
ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ලවන චෝදනාවලට උත්තර වශයෙන් මානව සත්‍ය හඳුනාගැනීම අරමුණු කරන ලද අතර දේශීය වශයෙන් එල්ල වී ඇති ණය අර්බුදය අරමුණු කරගෙන ණය කළමනාකරණය අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් හඳුනාගෙන ඇති බව පෙනේ. එක පැත්තකින් මානව හිමිකම් සම්බන්ධයෙන් වගවන අතර අනෙක් පැත්තකින් රජයේ ණය සම්බන්ධයෙන් වග වන ආකෘතිය බරපතළ භාරධුර කර්තව්‍යයකි.
ආදායම ගොඩනගාගැනීමේ සැලැස්මක් සඳහා
ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති අවබෝධතාව ඉදිරියට ගෙනයන තීරණයට වත්මන් ආණ්ඩුව ඇතුළු වී තිබේ. දේශපාලන වේදිකාවේදී කරන ලද ප්‍රකාශ කෙසේ වෙතත් අවබෝධතාවකින් තීන්දු ගැනීමට තීරණය කිරීම වැදගත්ය. තිබුණ ආණ්ඩුවක සැලසුම් අලුත් ආණ්ඩුවකින් අහෝසි කරන පසු ඇති වන ගැටලු සංකීර්ණය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අනුගමනය කරන මාස හතළිස් අටක සැලැස්ම වෙනස් කරන හා ජාත්‍යන්තර ණය සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන ප්‍රතිව්‍යුහගතකරණය ආපසු හරවන උත්සාහ කළොත් අනතුරක් ඇතිවිය හැකි බව ආණ්ඩුව නිගමනය කර තිබීම වාසිදායක තත්වයකි.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි දැඩි අනුකූලභාවයකින් ක්‍රියාත්මක කළේය. තාවකාලික ස්ථාවරභාවය එහි ප්‍රතිඵලයකි. දේශීය ණය හා විදේශීය ණය සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන එකඟතා අද පවතින ප්‍රවේශයට හේතු වී තිබේ. මහ බැංකුවේ ස්වාධීනතාව, මිල සූත්‍ර, සහනාධාර ක්‍රම, ණය පාලනය, අලුත් බදු ක්‍රම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් ස්ථාවරභාවයට පදනමක් වී ඇත.
ආර්ථික වර්ධනයක් ඇති කරන ආයෝජන සඳහා ඉඩ දෙන අතර රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ තීරණ ගැනීම ඉතිරි වී තිබේ. පාඩු ලබන ව්‍යාපාර සඳහා තීන්දුව පහසුය. ලාභ උපයන නමුත් ඊළඟ තලය සඳහා ආයෝජන ශක්තිය රහිත ව්‍යවසායවලින් පලක් නැත. ටෙලිකොම් ඇතුළු අංශ එයට උදාහරණයකි. ඩිජිටල් ආර්ථිකයක් හැදීම ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයකි. එය ඉතාම වැදගත්ය. එම අරමුණ කරා ගමන් කිරීමේදී පස්වැනි පරම්පරාවේ සන්නිවේදන ජාලා අවශ්‍යය. රටපුරා ඇති කරන දියුණු සන්නිවේදන පහසුව සඳහා ආයෝජනය කළ නොහැකි ස්ථානයක පසුවන අතර තාක්ෂණය හා ධනය ගෙන එන බාහිර ජවය නොසලකා සිටීමෙන් ඩිජිටල් ආර්ථිකය ප්‍රමාද වේ.
ණය ආපසු ගෙවන ආකාරය ගැන අදහස්
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ප්‍රවණතා සම්බන්ධයෙන් අලුත් වාර්තාවක් නිකුත් කොට තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 12.55 ක ණය බැඳුම්කර අලුත් මුහුණුවරකින් නිකුත් කරන අවසන් එකඟතාව සමග ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන ඇත. ශ්‍රී ලංකාව නැවත පුරුදු රිද්මයට ඇතුළුවන අතර බංකොලොත්භාවය මඟහැරගෙන ඇති බව එයින් තීන්දු වේ. ණය ආපසු ගෙවීමේ දී ගෙවන්නට සිදුවන ඉහළ පොලිය ගැන විවේචන තිබේ. ණය කපාහරින ප්‍රතිශතය ප්‍රමාණවත් නැති බව ප්‍රකාශ වේ. අභ්‍යන්තර විවේචන වශයෙන් මේවා දේශපාලන සාධක වන අතර ජාත්‍යන්තර තත්වය සමග සසඳන පසු ශ්‍රී ලංකාව උපයාගෙන ඇති වාසිය ජාතික ජනබලවේගය ආණ්ඩුවෙන් අපේක්ෂා කරන ලද ප්‍රතිශතයට වඩා දියුණු තැනක තිබීම ප්‍රශංසා කටයුතුය.
ඉන්දීය සංචාරය අවසානයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඒකාබද්ධ ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට පත්විය. චීනය සමග සහයෝගීතාවකට ඇතුළුවීමට දරන ප්‍රයත්නය ද ධනාත්මකව සලකන බව නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය පහසුව ඇතිකර ගැනීම හා ආයෝජන අවස්ථා ලබාගැනීම ඉදිරියේ මෙම පැති උපායමාර්ගික වශයෙන් සලකා බැලෙනු ඇත.
ණය ආපසු ගෙවීම සඳහා විදේශ විනිමය උත්පාදනය කරගත යුතු වේ. සංචාරක අංශයෙහි දියුණුවක් තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන ප්‍රේෂණ සැලකිය යුතු මටට්මක නැත. රුපියලේ අගය ශක්තිමත් වීම තුළ විගමනික ප්‍රේෂණ පමණක් නොව අපනයනකරුවන්ගේ ධනය ද සම්පූර්ණයෙන් රටට එන්නේ නැත. විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 6.4 කි. තමන්ගේ රටේ මහ බැංකුව පලක් නැති අතර එය අහෝසි කරන බව දක්වා ආර්ජන්ටිනාවේ ජනාධිපති ජාහවියර් මිලේ මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදුණේය. එවකට එරට ආර්ථික අර්බුදයක පසු වූ අතර සැලකිය යුතු ජාතික සම්පත් ප්‍රමාණයක් කළමනාකරණය කරගත නොහැකිව තිබුණි. අවුරුද්දක් ඇතුළත හෙතෙම අයවැය හිඟය තුරන් කර ධනාත්මක තැනකට කැඳවා තිබේ. ආර්ථිකයේ හා රාජ්‍ය සේවයේ තද ප්‍රතිසංස්කරණ තුළින් ලබාගත හැකි වාසිය ගැන ආජන්ටිනාව උදාහරණයකි.
ව්‍යාපාර සඳහා සූදානම් නැති ප්‍රජාවක්
ලෝක බැංකුව අලුතින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව කාලගුණ විපත් ලෝක ආර්ථිකයේ ප්‍රධාන බාධාවකි. සංවර්ධනය ඉදිරියේ ස්ත්‍රී පුරුෂ සමාන සමාජභාවය වැදගත් වේ. කොවිඩ්-19 වසංගතය හේතු කොටගෙන ඇති වූ විපත් ණය අර්බුදය ඉතාම තීරණාත්මකය. දුප්පත් හා මැදි ආදායම් රටවල ණය ප්‍රමාණය 2020 ට වඩා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8.8 කින් හෙවත් සියයට අටකින් ඉහළට ගොස් තිබේ. සංවර්ධනය වන රටවල ආර්ථික වර්ධනය තවමත් පහත තැනෙක පසුවේ. කොවිඩ් කාලයට වඩා ආහාර මිල ගණන් ඉහළය. රටවල් විශාල ගණනක් අලුත් ව්‍යාපාර සඳහා ප්‍රවේශයට තවමත් සූදානම් නැති බව ද දක්වන ප්‍රධාන කරුණකි.
මෙම අදහස් සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකාව ද මෙම රාමුව තුළ පසුවේ. පසුගියදා ඇතිවූ විසම කාලගුණය බරපතළ පීඩා ඇති කළේය. ලබන වසරේ දිග නියඟයක් ඇතිවිය හැකි බව කියැවේ. අධ්‍යාපන, නීති හා නිෂ්පාදන අංශවල කාන්තා නියෝජනය පවතින නමුත් තවදුරටත් වෙනස්කම් ඇතිවිය යුතුය. ණය අර්බුදය සම්බන්ධයෙන් විශාල අපහසුතාවක පසුවේ. හුදෙකලා සටනකට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව තැනකට පැමිණ ඇති නමුත් ණයකරුවන් සමග ජගත් ප්‍රජාව සාකච්ඡාවකට ඇතුළුවීම අවශ්‍යය. දුප්පත් හා මැදි ආදායම් රටවල ආර්ථිකය වනසන්නට හේතු වී ඇති තරම ගැන මානුෂික දැනුම්වත්භාවය ඇති කිරීම අවශ්‍ය කෙරේ. ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය සියයට තුනක පමණ වර්ධනයක විය හැකි බව පුරෝකථනය වේ. මෙම වසරේ තුන්වැනි කාර්තුවේ වර්ධනය දිගටම පවත්වාගැනීම පහසු නැත. ආහාර මිල ගණන් ගැන ලෝක බැංකුව කියන පර්‌යේෂණ තොරතුරු වෙළඳපොළේ දී අත්විඳිය හැකි වේ. ආහාර මිල ගණන් පාලනය සඳහා ආණ්ඩුව සටන් කරන බව පෙනෙන නමුත් එය සාර්ථක කරගැනීම දුෂ්කරය. අලුත් ව්‍යාපාර සඳහා සූදානමක් රහිත තත්වය ඉතාම බරපතළය. ශ්‍රී ලංකාව පවා එය ඉහළම උවමනාවක් සේ සැලකීම වටී.
ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම
ලෝකයේ ප්‍රධාන රටවල් පනහක් ව්‍යාපාර සඳහා ඉඩ දෙන, අලුත් ව්‍යවසායකත්ව ඇති කරන ප්‍රවණතා ඉදිරියේ අඩු ශ්‍රේණිගත කිරීමක පසුවේ. ශ්‍රී ලංකාව පහතට වැටුණු රටක් වශයෙන් නැවත නැගී සිටීම සඳහා කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශ දියුණු කරගත යුතු වේ. ලෝකයේ අනෙක් රටවලින් ඇදෙන විදේශ සම්පත් ආකර්ශනය කරගැනීම අවශ්‍යය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අලුත් පනත් සම්මත කර ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති බලය ඇති ඒකකයක් පිහිටුවා තිබේ. අනෙක් අතට දූෂණය අවම කරන හා කාර්යක්ෂම රාමුවක් ඇති කිරීමෙන් ව්‍යවසාය දියුණු කරන අරමුණකට රට යොමුකරන ප්‍රයත්නයක පසුවන බව පෙනේ. ආණ්ඩුව ගත් තීරණ අනුව ණය ආපසු ගෙවීමේ ප්‍රශ්න මතු වී තිබෙන අංශ හඳුනාගෙන ඒවාට සහන ප්‍රකාශයට පත් කර ඇත. පොලී සහන නිර්දේශ කර ඇත. දේශීය ව්‍යවසායකයන් මෙම අවස්ථා ප්‍රයෝජනයට ගත යුතුය.
මෙහිදී විදේශ ආයෝජන ආර්ථිකයට වඩාත් වැඩදායකය. ලෝකයේ අනෙක් රටවල් තීරණ ගැනීමට කලින් ශ්‍රී ලංකාව ආයෝජන පහසුව ඇති කළ යුතු වේ. ව්‍යාපාර අවස්ථා, බදු සහන, කම්කරු නීති, ජාත්‍යන්තර ගිවිසුම්වලින් ලබාගත හැකි අවස්ථා ජාත්‍යන්තරයට හුවා දැක්වීම අවශ්‍යය.
2025 වසරේ අයවැය මගින් පුළුල් දැක්මක් සහිත තීරණ අවශ්‍යය. ණය ගෙවන තීන්දුව, ජාත්‍යන්තරයේ ශ්‍රේණිගත කිරීම, අලුත් ආණ්ඩුවක ප්‍රතිපත්ති සහ මෙරටින් නිර්මාණය කළ හැකි අවස්ථා ශ්‍රී ලංකාව ඔසවා තබත තීන්දු වශයෙන් සැලකිය හැකි වේ. ආර්ථිකය ප්‍රසාරණය කරන තීරණ ගැනීමට ආණ්ඩුවට ධෛර්යයක් තිබිය යුතුය. ප්‍රසාරණය හේතු කොටගෙන ජන ජීවිතය ඉහළට එසැවිය හැකි බව සමාජය හමුවේ ඔප්පු කරන්නට ආණ්ඩුව යුහුසුලු විය යුතුවේ. වචනවලට සීමා නොවන සැලැස්මක් එහිදී ඉතාම වැදගත් වේ.
(***සාරා කන්දෙගොඩ)
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් හා මුඩීස් යන ආයතන ශ්‍රී ලංකාව තරමක් ඉහළ මට්ටමකට පසුගිය 20 වැනිදා හා 23 වැනිදා ශ්‍රේණිගත කළේය.
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට වසර 160 ක් සපිරෙයි. කොළඹ සිට අඹේපුස්ස තෙක් පළමු දුම්රිය ධාවනය වූයේ 1864 දෙසැම්බර් 27 වැනි දා ය. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ දුම්රිය සේ
සහල් ප්‍රශ්නය තාම විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමෙන් කියා පාන්නේ තමන්ට කොතරම් විසිල් පුළුවන් වුවද බල්ටි නම් බැරි බවයි. පසුගිය දා පෞද්ගලික රූපවාහිනි ව
නත්තල යනු ජේසුස් වහන්සේගේ මොලොව ජනිත වීම සිහිපත් කරන අසිරිමත් අවස්ථාවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මීට අවුරුදු දෙදාහස් ගණනකට පෙර බෙත්ලෙහෙම් නුවර ගවල
ආර්ථික බංකොලොත්භාවයකට පත්ව සිටි ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට පැමිණ ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් අනුව දියුණුවකට හරවාගත හ
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආණ්ඩුව- සහනද? ආර්ථිකයද?