IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


​කොවුලිඳු ඇමතූ කෙවිලිය බක්මහට පෙරම යන්න ගිහින්

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා අමිතා වැදිසිංහ කලාශිල්පිනයගේ අවසන් කටයුතු  හෙට (25) සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා

1969 දෙසැම්බරයේ තිරගත වූ බක්මහ දීගේ චිත්‍රපටයේ දී අප දුටු මේ අපූරු ගීතය දශක ගණනාවක් පුරා අප හදවත ගී මතකයෙන් ඈත්ව නොයන ගීතයක් ලෙස මා දකින්නේ චිත්‍රපට ජවනිකාව හා බද්ධ වූ රූපාවලිය මෙන්ම ගීත ගායනාවෙහි මාධුර්යය ද නිසාය. බක්මහ දීගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා මේ ගේය කාව්‍ය රචකයා වූ දයානන්ද ගුණවර්ධන අද අප අතර නොවේ.චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළ සෝමදාස ඇල්විටිගල සංගීතවේදියා ද අප හැර ගොසිනි. ගායන මිහිර අප සිත්හි තැන්පත් කළ කෙවිලියගේ ස්වරය ද අද නිහඬය. කොහෝ හඬ අසන්නට අප සමග සිටින්නී බක්මහ දීගේ සිනමාපටයේ මෙම ජවනිකාවෙහි රඟ පෑ යෞවනිය අනුලා කරුණාතිලක පමණි. බක්මහ අබියස අප හැරදා ගොස් ඇත්තී අප ළය සැනහූ ගී ගැයූ අමිතා වැදිසිංහයි, ඇගේ ගායන ජීවිතය දශක පහක් ඉක්මවයි. ඈ පසුබිමින් ගී ගැයූ චිත්‍රපට කිහිපයකි. හරියන කොට ඔහොම තමයි හා Doctor සුසන්තා ඒ අතර වේ. එහෙත් අමිතාගේ ගායන මධුරතාව අප මතකයෙන් ඈත් නොවන ගී අතර බක්මහ කොවුලා ඇමතූ ඉහත ගීතය හැරුණු කල 1965 දී තිරගත වූ ආදරයයි කරුණාවයි.

එකල සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ ආනන්ද ජයරත්නගේ ප්‍රථම හා එකම චිත්‍රපටයෙහි අමිතා ගායනා කළ ගීත කිහිපයක්ම වේ. ගේය කාව්‍ය රචනයෙහි විශිෂ්ටයා වූ මහගම සේකර හා පණ්ඩිත් අමරදේව සුසංයෝගයෙන් බිහි වූ අමිතාගේ හඬින් ගැයුණු ගී කිහිපය අප මතකයෙහි නිංනාද දෙමින් අප ළය සනහන බව කිව යුතුය. ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ - මිලින මලේ පිනි කඳුළයි ආදරේ, අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ - රන් තැටියේ සිනා පෙරා පුතුට අරන් වරෝ වැනි ගීත වෙසෙසි කොට දක්වන්නේ අමිතා වැදිසිංහ මිහිරි සරයෙහි මිහිර අප සිත්, සවන් අත් හැර නොගොස් ඇති බව සිහිපත් කරමිනි.

බක්මහ දීගේ, ආදරයයි කරුණාවයි වැනි චිත්‍රපට ගී මිහිරෙහි හිමිකාරිය වූ අමිතා දශක හයකට ආසන්න ඇගේ ගායනා අරඹන්නී මෙරට ගායක ගායිකාවන් රැසකටම ඔවුන්ගේ ගායන හැකියාවන් හඳුනාගැනීමට, ඔප්නංවා ගැනීමට ලොවට යාමට දොරටු විවර කොට දුන් ගුවන් විදුලියෙනි. ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙනි.

1943 මාර්තු මස කොළඹ දී උපන් අමිතා කිරුළපන සද්ධර්මෝදය හා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඈ තම සංගීත විශාරද පරීක්ෂණය සමත්වන්නී රජයේ සංගීත විද්‍යාලයේ දී සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපනය හමාර කරමිනි. 1954 දී ගුවන්විදුලි ආධුනික වැඩසටහනකට අමිතා සහභාගීවන්නී ගුවන්විදුලි ළමා පිටියට යන්නට පෙරය.ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ සොයුරු බර්ටි සමරකෝන් ජ්‍යෙෂ්ඨයාගේ මග පෙන්වීමෙන් අමිතා ගායන ලොව සැරිසැරීම පටන් ගන්නීය. රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙනුම හමාර කරන විශාරද අමිතා කලක් සංගීත ගුරුවරියක ලෙස කටයුතු කොට ඇත්තීය.ගුරු වෘත්තියෙන් ඈත්වී ගායනය වෙනුවෙන් තම කාලය වෙන් කොට ගත් අමිතා විසින් ඇගේ ගායන ජීවිත කාලය පුරා මෙරට සංගීත ලෝලී ශ්‍රාවකයන් වෙනුවෙන් දායාද කොට ඇති ඉතා මිහිරි ගී රැසකි.

රන්දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල්නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා

මිහිරි සමීරෙකී
මාගෙ උදානයේ
සීතල යා මැකී
සිහින විමානයේ

වදන් අරුතින් ඔබ්බට ගිය ශ්‍රවණ මාධූර්යයක් ශ්‍රාවක හදට ළං කරන්නේ අමිතා ගේ ළයාන්විත ස්වරයයි. එක මොහොතක් ඔබ සෙවණේ සිටින්නට තරම් (මර්වින් පෙරේරා සමග), බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද (පියසිරි විජේරත්න සමග) වැනි ගීත අපට ගෙනෙන සංගීත මිහිර හිමිකාරිය අප හැර ගොස් ඇතැයි සිතන්නට අපට ඉඩ නොදෙයි. සෙංකඩගල පුර දළදා බුදු රැස්, පින්න මල් පිපී පින්නේ වැනි අමිතාගේ ගායනා යුග යුග අප රට ශ්‍රාවක මතකයෙහි රැඳී ජීවත්වන බව ඒකාන්තය. අමිතාගේ සරල ගී මුතුහර සරසන එරන්දතිය ගීතය පමණක් වුව අප සිත්හි ඈ සදා කල් ජීවත් කරවීමට සමත් යයි සිතමි. විශාරද අමරදේව, සුනිල් සරත් පෙරේරා හා අමිතා සුසංයෝගය මෙරට සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කොට ඇත්තේ කිසිදින නොමියෙන අපූරු ගීත නිර්මාණයක් බව නොබියව පවසමි.

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

සිතක උපන් දොළ සංසිඳුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුලු‍ වෙනවා
එරන්දතිය එනවා.....

බක්මහ දීගේ චිත්‍රපටයේ කොවුලා පමා කිමදැයි ඇසූ කෙවිලිය බක්මහ එන්නටත් පෙර අප හැර ගොස් ඇත්තී අප නෙත කඳුළක් රඳවමිනි. ලෝක නියාමය අනුව ඔබට, ඔබේ මධුර හඬට ආදරය කරන රසික සමූහයාට ආයුබෝවන් කියා සමු ගොසිනි. එහෙත් ඔබට ආදරය කළ රසික සමූහයා ඔබට සමු දෙන්නේ නැත. ඔබේ මධුර ස්වරය ඊට ඉඩ නොදෙන බැවින් ඔවුහු සදාකල්හිම ඔබගේ ගී මිහිර සමග ජීවත් වෙති. ඔබට සුබ ගමන්...

(***)
බුද්ධදාස ගලප්පත්ති
ඡායාරූපය- දයාන් විතාරණ



අදහස් (0)

​කොවුලිඳු ඇමතූ කෙවිලිය බක්මහට පෙරම යන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

මෙරට පුවත්පත් වංශ කතාවේ අමරණීය නාමය ඩී.ආර්. විජයවර්ධන
2025 පෙබරවාරි මස 24 12 0

සැබෑ දේශප්‍රේමියකු වූ ඩී.ආර්. විජයවර්ධන මහතා ජීවත්ව සිටියදී, කොතෙකුත් ජාතික සහ සමාජමය කටයුතුවල නියළුණේ, හුදෙක් චිරප්‍රසිද්ධිය පිණිස නොව, තමා තුළ වූ සැ


​කොවුලිඳු ඇමතූ කෙවිලිය බක්මහට පෙරම යන්න ගිහින්
2025 පෙබරවාරි මස 24 77 0

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා අමිතා වැදිසිංහ කලාශිල්පිනයගේ අවසන් කටයුතු හෙට (25) සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 155 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1617 10

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 716 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 643 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 180 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 409 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site