IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


​තඹ - පිත්තල සමාගමේ බැර ලෝහ කැලණි ගඟේ?

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට මේ වෙන විට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එක් කරන බවට චෝදනාවක් එල්ල වෙයි. කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම තඹ සහ පිත්තල නිස්සාරණ සමාගම විද්‍යුත් විච්ඡේදන ක්‍රමවේදයක් තුළින් තඹ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් අරඹා ඇත.

එම විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය මගින් පරිසරයට සල්ෆර් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, කාබන්ඩයොක්සයිඩ් වැනි වායු කැලණි ගඟට මෙන්ම විෂ වායු කවුළු දමා හිස් අවකාශයට මුදාහැරෙන බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. හිස් අවකාශයට විෂ වායු මුදාහැරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතාද ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම කර්මාන්ත ශාලාවේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට යොදා ගන්නා කොපර් සල්ෆේට් සහ සල්ෆියුරික් අම්ලය භූගත ජලයට පසට මෙන්ම කැලණි ගඟට එක් වන බවට කැලණිය පෙතියාගොඩ ජනතාව පෙන්වා දෙති.

මෙම තඹ සහ පිත්තල නිස්සාරණ සහ නිෂ්පාදිත ක්‍රියාවලිය සිදුකරන කර්මාන්ත ශාලව සහ කැලණි ගඟ අතර ඇත්තේ මීටර 30-40ක පමණ දුරකි. එහෙයින් කැලණි ගඟට මෙම විෂ රසායනික සහ අවශේෂ බැර ලෝහ වැඩි වැඩියෙන් එකතුවීමේ ඉඩක් ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම පානීය ජල පෝෂක කලාපයක් නිසාත් මෙම බැර ලෝහ ජලය සමඟ මිශ්‍ර වූ විට ඉන් සිදුවන බලපෑම ගැනත් වගකීමක් ගැනීමට කෙනකු නැතිවීමද බරපතළ ගැටලු‍වක් වී තිබේ. වගකීමක් ගැනීමට ආයතනයක් නොමැති වීමද තවත් බරපතළ ගැටලු‍වකි.

1980 අංක 44 දරන ජාතික පාරිසරික පනතේ විධි විධාන හා 2008-02-02 දිනැති අංක 1534/18 දරන ගැසට් නිවේදනය මෙන්ම 2022-01-27 දිනැති 2264/18 දරන අති විශේෂ මගින් පෙන්වා දෙන්නේ පරිසර දූෂණයට හේතු වෙන මහ පරිමාණ දූෂ්‍යකාරක පරිසරයට මුදාහැරීම තැන්පත් කිරීම දූෂණයට හේතුවන කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු බවය. එහෙත් කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ ඇති තඹ හා පිත්තල නිස්සාරණය සහ නිෂ්පාදනය කරන සමාගමට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දී ඇත්තේ කුමන පාරිසරික සාධක මත දැයි ගැටලු‍වකි.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසින් අරඹා ඇති බව කියැවෙන මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ කර්මාන්ත පුරවරයක නොවේ. අනාදිමත් කාලයක සිට ජනාවාස වී ඇති කැලණිය පෙතියාගොඩ නම් සුන්දර ගම්මානයකය. කැලණිය පෙතියාගොඩ කැලණි ගං නිම්නය අනාදිමත් කාලයක් පුරා ජනතාව නිවී සැනසිල්ලේ ජීවත් වූ සුන්දර වටපිටාවක් සහිත ජනාවාස ප්‍රදේශයකි. මෙම ගම කේන්ද්‍ර කර ගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ වී තිබුණේ ලෑලි කර්මාන්ත ශාලාවකි. එම කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ඉවත් කර ගත් පසු මෙම තඹ කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇත. තඹ කර්මාන්ත ශාලාව ද ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසින් පෙන්වමින් ආරම්භ කොට ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අංකA 16969(R2)  යටතේ ලබා ගෙන තිබුණේ 2023-01-18 දිනය. එම බලපත්‍රය 2023-11-01 දින කල් ඉකුත් වී ඇත.

ජාතික පාරිසරික පනතේ විධි විධාන අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් කල් ඉකුත් වීමට මාස තුනකට පූර්වයෙන් හා කර්මාන්තය සඳහා කිසියම් නවීකරණයක් හෝ වැඩි දියුණු කිරීමක් හඳුන්වා දීමට පෙර මාසයකට පෙර මධ්‍යම පරිසර අධිකාරියට අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එහෙත් අදාළ කර්මාන්ත ශාලාව මගින් එවැනි අයදුම්පතක් ඉදිරිපත් කර නැත. මෙම තඹ සහ පිත්තල නිෂ්පාදනය සඳහා විද්‍යුත් විච්ඡේදන මගින් මහ පරිමාණ පරිසර හානියක් කැලණි ගඟට සිදුවන බව කියමින් ප්‍රදේශවාසීන්ද මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කළේ එහෙයිනි.

මෙම ප්‍රදේශයෙන් ගලා බසින කැලණි නදිය කොළඹ හා තදාසන්න ප්‍රදේශ සඳහා පානීය ජලය ලබා දෙනු ලබන ලබුගම හා කලටුවාව ජලාශ සඳහා ප්‍රධාන ජල මූලාශ්‍රය වේ. ඉඳහිට පැමිණෙන ගංවතුර නිසා සිදුවන පීඩා විඳීම හැර ප්‍රදේශවාසීන්ට මේ දක්වා වෙනත් පරිසරික ගැටලු‍වක් තිබුණේ නැත. කෙසේ නමුත් දැනට වසර කිහිපයකට පෙර කැලණි නදිය අසබඩ ස්ථාපිත කළ ඉහත කී තඹ හා පිත්තල නිස්සාරණය හා නිෂ්පාදනය මෙන්ම විද්‍යුත් විච්ඡේදන ක්‍රමවේදයෙන් තඹ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයකින්  ඇතිව ඇති පාරිසරික දූෂණය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

මෙම  කර්මාන්ත ක්‍රියාවලියෙන් පරිසරය වෙත මුදාහැරෙන සල්ෆර් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් වැනි විෂ වායු පරිසරයට මුදා හැරෙන්නේ අපරීක්ෂාකාරීවය. එහෙයින් කර්මාන්තයෙන් ජනනය වන සහ එම ක්‍රියාවලියට ආධාර කරගන්නා විවිධ රසායන ද්‍රව්‍යය වන කොපර් සල්ෆේට්, සල්ෆියුරික් අම්ලය කැලණි ගඟේ ජලයට සහ පසට මිශ්‍ර වෙයි. එමෙන්ම මිනිස් ශරීරයට ඉතා අහිතකර අන්තරායකාරී විෂ රසායන පානීය ජල මූලාශ්‍රවලට හා පසට එක්වීමෙන් ජනාවාස ප්‍රදේශයක් හා අධි සංවේදී පරිසර කලාපයක් තුළ ජීවත් වන ජනතාවගේ ජීවත්වීමේ අයිතියට සිදු කරනුයේ දැඩි බලපැමකි. මේ හෙයින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවත්වීමේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ජනතාව පෙන්වා දෙති.

පරිසර පද්ධතියට සහ ජනතාවට සිදුවන හානිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට කොතෙක් දැනුම්වත් කළද ඊට නිසි ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැත. ඒ එම නිලධාරින්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා යැයි  ජනතාව පෙන්වා දෙති. පරිසර පද්ධතියට හා ජනතාවගේ සෞඛ්‍යයට පිරිමැසිය නොහැකි හානියක් සිදුවෙද්දී මේ සම්බන්ධයෙන් සෘජු තීරණ ගැනීමට මැළිකමක් දක්වන්නේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු දේශපාලකයකුගේ අතපෙවීමක් නිසාවෙනි. ඒ මෙම කර්මාන්ත ශාලාවේ ඉඩමේ අයිතිය අදාළ දේශපාලකයාගේ ඥාතියකුටද හිමි වී ඇති හෙයිනි. දැන් එවැනි දේශපාලන බලයක් නැති බව පෙන්නුවද එම දේශපාලකයා ක්‍රියකාරි දේශපාලනයේ නැති වුවද නිලධාරිවාදය හමුවේ දේශපාලන ඥාතීත්වය කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරිත්වයට විරුද්ධ වන අයට බලපෑම් කරන බව ජනතාව පෙන්වා දෙති. 

1980 අංක 44 දරණ ජාතික පාරිසරික පනතේ ඇතුලත් විධිවිධාන හා 2008.02.02 දිනැති අංක 1534/18 දරණ අති විශේෂ ගැසට් පත්‍රය හා 2022.01.27 දිනැති අංක 2264/18 දරණ අති විශේෂ ගැසට් පත්‍ර මගින් පනවා ඇති රෙගුලාසි අනුව පාරිසරික දූෂණයට හේතුවන මහා පරිමාණ දූෂ්‍ය කාරක පරිසරයට මුදා හැරීම, තැන්පත් කිරීම හා දූෂණයට හේතුවන කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතුව ඇත. එහෙත් කැලණි නදියට මායිම්ම පෙතියාගොඩ ප්‍රදේශයේ ස්ථානගත කර ඇති අදාළ කර්මාන්ත ශාලාවට එම නීති වලංගු නැත. නීත්‍යනුකූල නොවන අයුරින් හා සත්‍ය තොරතුරු වසන් කරමින් පරිසරයට ඉතා හානිකර කිසිදු බාධාවකින් තොරව මෙම කර්මාන්ත ශාලාව තවමත් පවත්වා ගෙන යන්නේ එහෙයිනි.

එසේම මෙම කර්මාන්ත ශාලාවේ වැඩිදියුණු කිරීමක් වශයෙන් විද්‍යුත් විච්ඡේදනය මගින් තඹ නිෂ්පාදනය කිරීමද මේ වන විට සිදුකරනු ලබයි. ඒ අතර අබලි ද්‍රව්‍ය ආශ්‍රයෙන් තඹ හා පිත්තල නිස්සාරණය කිරීම හා නිෂ්පාදනය සඳහා අදාළ බලපත්‍ර අධිකාරීන් ලබා ගෙන ඇත්තේ සත්‍ය වසන් කරමින් යැයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති. 2023 වර්ෂය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් මෙම සමාගම ලබාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද අංකA 16969 (R2) හා 2023.01.18  දිනැති බලපත්‍රයක් අදාළ ආයතන විසින් ලබා ගෙන ඇතත් එය 2023.11.01 දිනෙන් කල් ඉකුත් වී ඇත.

ජාතික පාරිසරික පනතේ විධි විධාන අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් කල් ඉකුත් වීමට මාස තුනකට පෙර හා කර්මාන්තය සඳහා කිසියම් නවීකරණයක් හෝ වැඩිදියුණු කිරීමක් හඳුන්වා දීමට මසකට පෙර අදාළ බලපත්‍රය අලු‍ත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුවේ. එහෙත් කර්මාන්ත කළමනාකාරිත්වය විසින් එසේ කිරීමට අපොහොසත් වී ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. එහිදී ඇතිවූ මහජන විරෝධතා මත පරිසර ආරක්ෂණ බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කල් ගතව හෝ ඉදිරිපත් කර ඇති අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මහජන පීඩාකාරී ලෙස රාත්‍රී මෙහෙයුම් කටයුතු සිදුකිරීම, නියමිත ප්‍රමිති උපමානවලින් තොරව අධික වායු දූෂණයක් ඇතිවන ලෙස කර්මාන්තය ක්‍රියාත්මක වීම, නිසි පූර්ව අනුමැතියකින් තොරව නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම් හා මහා පරිමාණ දූෂ්‍යකාරක කර්මාන්තයක් වන මෙම කර්මාන්තය මෙම ස්ථානයේ ස්ථානගත කිරීම සඳහා පාරිසරික නිර්දේශ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබාගෙන නොමැති වීම වැනි සාධක හා ජනාවාස ප්‍රදේශයක කර්මාන්තයේ ස්ථාපිත කිරීමෙන් සිදුවන මහජන පීඩාව ගැන මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමු වුණි. කැලණි ගඟ සහ ජල මූලාශ්‍රවලට එමඟින් සිදුවන හානි පිළිබඳ කල්පසුවී හෝ මධ්‍යම පරිසර අධිකාරියට තේරුම් යාම ප්‍රසාදයට කරුණකි.

කෙසේ වෙතත් අදාළ තීරණ පිළිබඳ සෑහීමට පත් නොවූ කර්මාන්ත කළමනාකාරීත්වය විසින් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූණි. අදාළ අභියාචනා විභාගය 2024.05.20 දින අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත් වුණි. ප්‍රදේශවාසීහු ඊට විරෝධතාද ගොනු කළහ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර ක්ෂේත්‍ර  නිරීක්ෂණයක් පැවැත්වීමට නියම කෙරුණි. එහෙත් කර්මාන්ත කළමනාකාරීත්වය ප්‍රදේශයේ ජනතාවට ඒ සඳහා සහභාගිවීම අවහිර  කළ බවට ප්‍රදේශවාසිහු පවසති.

මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන්ද මේ පිළිබඳ නිසි පියවර නොගැනීම පිළිබඳ ප්‍රදේශවාසීහු දැඩි කනස්සල්ලෙන් පසු වෙති. මෙහිදී නීත්‍යනුකූලව විරෝධතා ගොනුකළ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව පිණිස පොලිසියේ සහාය පැතීමට ද සිදු වූයේ ඒ අනුවය. එවන් පසුබිමක් තුළ  අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණය අමාත්‍යාංශ නිලධාරීන්ගේ හා අදාළ කර්මාන්ත කළමනාකාරීත්වයේ පමණක් සහභාගිත්වයෙන් විනිවිදභාවයකින් තොරව ඒකපාර්ශ්වීය ලෙස සිදුකළ බවට ජනතාව චෝදනා කරති.

මෙවන් පසුබිමක් තුළ එම කර්මාන්තයට නැවත පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීමට කොන්දේසි ලබා දී තිබුණි. පරිසර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද අංක 02/08/EPL/07/2024 දරන අභියාචනයක් මගිනි. මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය පරිසර අමාත්‍යාංශ ලේකම් විසින් 2024.08.29 දිනැතිව නිකුත් කර ඇත. එහිදී කර්මාන්තය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කරන අමාත්‍යාංශ ලේකම්වරයා කර්මාන්තයේ වත්මන් ක්‍රියාකාරීත්වය මත පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කර්මාන්ත කළමනාකාරිත්වය විසින් නව අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත. ඒ සිදුවෙන පාරිසරික හානිය ගැන කිසිදු සොයා බැලීමකින් තොරවය. පරිසර අමාත්‍යංශය මගින් මධ්‍යම පරිසර අධිකාරියට බලපත්‍රය ලබා දීම ගැන සලකා බැලිය හැකි බවද නිර්දේශයක් ද නිකුත් කොට ඇත. පරිසර අමාත්‍යාංශයේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්දැයි පෙතියාගොඩ ජනතාව ප්‍රශ්න කරති.

2022.01.27 දිනැතිව නිකුත් කරන ලද අංක 2264/18 දරණ  ගැසට් නිවේදනය අනුව “ආ”‍ කාණ්ඩයට අයත් වන (A19) මහා පරිමාණ දූෂක කාරක කර්මාන්තයක් වන මෙම කර්මාන්තය මෙම ස්ථානයේ ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය පාරිසරික නිර්දේශ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබාගෙන නොමැති බවද වාර්තා වෙයි. කර්මාන්ත ක්‍රියාත්මක කිරීමේදී උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා බලපත්‍රයක්ද මේ සඳහා ලබා නොගෙන කිසිදු බාධාවකින් තොරව කර්මාන්තය මේ දක්වා පවත්වාගෙන යනු ලබන බවටද ජනතාව චෝදනා කරති. එසේම මෙම විද්‍යුත් විච්ඡේදන ක්‍රමයෙන් තඹ ලබා ගැනීමේ ක්‍රියාවලියට යොදා ගන්නා කොපර් සල්ෆේට් හා සල්ෆියුරික් අම්ලය දීර්ඝ කාලයක් භාවිතයෙන් පසු ඉවත් කළ යුතු අතර එම ද්‍රාවණවල ඝන  බැරලෝහ අඩංගු වන බැවින් භාවිතයට ගන්නා එම රසායනයක ඇසුරුම් ගබඩා කිරීම හා බැහැර කිරීම කැලණි ගඟ අද්දරම සිදු වෙයි.

මේ වනවිට අදාළ කර්මාන්තය පෙරටත් වඩා තම ධාරිතාව පුළුල් කරමින් හා නවීකරණය සිදුකරමින් තවදුරටත් මහජන පීඩාකාරී ලෙස ක්‍රියාත්මක වෙන බවද දැන ගන්නට තිබේ. කර්මාන්තයේ කටයුතු පාලනය කිරීමට හෝ නියාමනය කිරීමට මේ වන විට කිසිවකුත් ඉදිරිපත් නොවීම ද බරපතළ ගැටලු‍වකි. මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කළද එම පැමිණිලි විභාග නොවන තත්වයකට පත්ව ඇත. පරිසර අමාත්‍යාංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූ පසුබිමක මධ්‍යම පරිසර අධිකාරිය ද ඒ සම්බන්ධයෙන් නිහඬ වී ඇතැයි ජනතාව කියති. පරිසර අමාත්‍යාංශය වෙත මෙම තත්වය දැනුවත් කළද  අභියාචනය සහ විමර්ශන කටයුතු සඳහා පාදක වන්නේ අදාළ දිනට පැවති තත්වය විනා වර්තමාන තත්වය නොවන බව පරිසර අමාත්‍යාංශයේ බලධාරීන්ගේ මතය වී තිබෙන බව ජනතාවගේ අදහසය.

කර්මාන්ත පුරයක ස්ථාපිත කළ යුතු මෙවන් කර්මාන්තයන් අසත්‍ය තොරතුරු හුවා දක්වමින් ජනාවාස ප්‍රදේශයක ස්ථාපිත කිරීමට අවසර  ලබා දුන්නේ කවර පදනමකින් දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති. කැලණි නදියට මීටර් 30-40 ක සීමාවක අධිසංවේදී පාරිසරික කලාපයක් තුළ පානීය ජල මූලාශ්‍ර බහුල මෙම ප්‍රදේශය තුළ මෙවන් කර්මාන්ත ස්ථාපිත කිරීමට හා පවත්වා ගැනීමට බලය ලබාදිය හැක්කේ කවර පදනමකින්ද යන්න සොයා බැලිය යුතු වේ.

එක් පසකින් කැලණි නදියට මායිම්වත් අනික් පසින් වාරිමාර්ග රක්ෂිතයක් වන ගංවතුර පාලන වේල්ලට මායිම්ව එම වේල්ලටද හානි වන ලෙස ඉදිකිරීම් කරමින් කර්මාන්තය මේ වන විට සංවර්ධනය හා පුළුල් කිරීමේ කටයුතු කරමින් පවතී. එසේම කැලණිය ප්‍රාදේශීය සභාව විසින් කර්මාන්තය සඳහා වෙළෙද බලපත්‍රයක්ද මීට ලබා දී ඇත. 2008 වර්ෂයේදී අනුමත කළ ගොඩනැගිලි සැලසුමක් මත වර්තමානයේ කිසිදු අධිකාරි බලයක් නොමැතිව සිදුකරන අනවසර ඉඳිකිරීම මෙම කර්මාන්ත ශාලාව තුළ සිදුවන බවට ජනතාව පෙන්වා දෙති.

කර්මාන්ත ක්‍රියාවලිය සඳහා භාවිත වන සහ එහි අතුරුඵල ලෙස ජනනය වන සල්ෆියුරික් අම්ලය, කොපර් සල්ෆේට් වැනි පරිසරයට හානි දායක රසායන ද්‍රව්‍ය බැහැර කරන තෙක් ඉතා ආරක්ෂිතව ගබඩා කළ යුතු අතර ප්‍රවාහනයේදී ද නිසි ආරක්ෂිත ක්‍රමවේද ඒ සඳහා අනුගමනය කළ යුතුවේ.

එහෙත් පසුගිය කාලයේ අනාරක්ෂිතව ප්‍රවාහනය කරන ලද අන්තරායකාරී රසායන ද්‍රව්‍ය ඇතුළත් බහාලු‍මක් පෙරළී යාමෙන් මාර්ගය පුරා විසිරී ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය දැනුවත් කළද ඒ සඳහා සාධනීය ප්‍රතිචාර දැක්වීමක් තවමත් සිදුකර නොමැත. පෙර පැවැති පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව කර්මාන්තය ක්‍රියාත්මක විය හැක්කේ උදෑසන හයේ සිට පස්වරු හය දක්වා පමණි. කෙසේ නමුත් මෙම කර්මාන්ත ශාලාව තම අභිමතය පරිදි සිතු සිතූ වේලාවට ක්‍රියාත්මක කෙරේ. අලු‍යම 4.30-5.00 කර්මාන්තයේ කටයුතු ආරම්භ කරන අතර  එය අවට ජනතාවගේ නින්දටද බාධාකාරී බව කියැවෙයි. කර්මාන්තයෙන් ජනනය වන විෂ වායු විමෝචනය සඳහා බටයක් සවිකර තිබුණද බොහෝවිට විෂදුමාරය කර්මාන්ත පරිශ්‍රයේ වෙනත් ස්ථාන වලින්ද වායුගෝලයට හා අවට පරිසරයට මුසුවේ. සුළඟේ වේගය හා සුළං ධාරාවේ දිශානතිය මත මෙම විෂ වායු අවට පරිසරයට පහසුවෙන් මුසු වන අතර දැන හෝ නොදැන ප්‍රදේශවාසීන් විසින් ආඝ්‍රහණය කෙරෙනුයේ මෙම දූෂිත වායුය. දැනටමත් මේ අවට සිටින ප්‍රදේශවාසීන් ඇදුම, හතිය හා විවිධ ස්වසන ආබාධ වලට නිරතුරු ලක් වෙන බවද වාර්තා වෙයි.

ප්‍රදේශයේ ජනතාවට ගැටලු‍වක් වී ඇත්තේ මෙම කර්මාන්තය සම්බන්ධයෙන් නොව කර්මාන්තය ස්ථානගත කර ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් පමණි. එබැවින් ප්‍රදේශවාසී ජනතාවගේ එකම ඉල්ලීම වනුයේ මෙම කර්මාන්තය සුදුසු වෙනත් ස්ථානයක හෝ කර්මාන්ත පුරයක ස්ථානගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි. පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම තත්වය තේරුම් ගෙන තිබුණද අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ඔවුන්  මෙහෙයවනු ලබන බවද වර්තා වෙයි. එබැවින් මේ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ලබාදීමට පසුබට වන බවට ජනතාව චෝදනා නගති. වර්තමානය වන විට පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වු කරුණු ගැන පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා මෙලෙස දක්වා තිබුණි. කර්මාන්ත ශාලාවේ ශබ්ද මිනුම් වාර්තාවක් සමඟ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා  කර්මාන්ත කළමනාකාරීත්වයට හැකියාවක් පවතියි. එලෙස නව  අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ විට ජාතික පාරිසරික පනතේ ප්‍රමිති හා උපමාණවලට අනුකූලව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයන් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකියාව පවතින බවද ලේකම්වරයා තම තීරණයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. එය ආශිර්වාදයක් කර ගනිමින් කර්මාන්ත කළමනාකාරීත්වය දේශපාලන බලය යොදා ගනිමින් විශාල පාරිසරික හානියක් කරන බවට ජනතාව පෙන්වා දෙති. මේ ගැන පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයාට දැනුම් දුන්නද ඊටද යහපත් ප්‍රතිචාර නැති බව ජනතාව පෙන්වා දෙති.

 

අපි වැඩ කරන්නේ සියලු‍ අනුමැතින් සමඟයි

- සමාගමේ අධ්‍යක්ෂ
ශ්‍යම් එස්. ජෝබන්පුත්‍ර

අප මේ සම්බන්ධව අදාළ සමාගමේ අධ්‍යක්ෂ ශ්‍යාම් එස්. ජෝබන්පුත්‍ර මහතා ගෙන්ද විමසූ විට ඔහු ප්‍රකාශ කළේ සියලු‍ පාරිසරික සහතික නිශ්කාරණ සහතික තම කර්මාන්ත ශාලවට ඇති බවය. ගමේ බොහෝ දෙනා මෙහි රැකියාව කරන බවත් කිහිප දෙනකු පමණක් මෙම කර්මාන්ත ශාලාවට විරුද්ධ බවද ජෝබන්පුත්‍ර මහතා පැවසීය. කැලණි ගඟේ සිට මීටර 150ක දුරින් කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ. කිසිම රසායනිකයක් ගඟට යන්නේ නෑ. කිසිම වායුවක් වායුගෝලයට මුදා හරින්නේ නෑ. අපි පරිසර ආරක්ෂණ ක්‍රමයකට හරි විදියට සියලු‍ දේ සිදුකරන බවද ජෝබන්පුත්‍ර මහතා පැවසීය.

මේ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ පත්මසිරි මූණමලේ මහතාගෙන් විමසූවත් සම්බන්ධ කර ගත නොහැකි විය. එහෙත් ලේකම්වරයාගේ කාර්යාලයෙන් තහවුරු කළේ මේ සිද්ධිය ගැන කිසිදු පමිණිල්ලක් ලැබී නැති බවය. කෙසේ වෙතත් මේ ගැන ලේකම්වරයාට අදහස් දැක්වීමේ අයිතිය තවමත් විවෘතව පවතියි.

 

මේ ගැන අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ ලේකම් කේ. ආර්. උඩුවාවල  මහතාගෙන් විමසූ විට පැවසුවේ මෙවැන්නකි. මේ කියන ආකාරයෙන් පාරිසරික හානියක් වෙන අයුරින් මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික උපමාන සහ නීතී රීතිවලට පටහැණිව බලපත්‍ර නිකුත් කරලා ද සොයා බලනවා. එම ක්‍රමවේදයන්ට පිටින් බලපත්‍ර නිකුත් කරලා තිබේ නම් ඉන් මහජනයාට පීඩනයක් සිදු වෙනවා නම් ඊට නීතිමය පියවර ගෙන අදාළ බලපත්‍ර අහෝසි කිරිමට අපි කටයුතු කරනවා. එනිසා මේ ගැන මම සොයා බලා ඉක්මන් තීන්දුවක් ගන්නවා යැයි පත්මසිරි මූණමලේ මහතා පැවසුවේය.

(***)

ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ



අදහස් (0)

​තඹ - පිත්තල සමාගමේ බැර ලෝහ කැලණි ගඟේ?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විදේශ සේවාවත් ක්ලීන් කරමුද?
2025 පෙබරවාරි මස 27 64 0

විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය


​තඹ - පිත්තල සමාගමේ බැර ලෝහ කැලණි ගඟේ?
2025 පෙබරවාරි මස 27 75 0

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට මේ වෙන විට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එක් කරන බවට චෝදනාවක් එල්ල වෙයි. කැලණිය පෙතියාගොඩ ප්‍


පාතාලය වර්ධනය වුණේ ඇයි?
2025 පෙබරවාරි මස 27 110 0

මේ වනවිට සමස්ත සමාජය කතාකරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ‘අපරාධ’ ය. පොදු සමාජය අතර එතරම් ජනප්‍රිය මාතෘකාවක් බවට මෙය පත් වූයේ ඇයි? මෙරට ඉතිහාසය ප


සිව දෙවි මහිමයෙන් මුක්තිය ලැබෙන සිව රාත්‍රිය
2025 පෙබරවාරි මස 26 237 0

හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය අදට (26) යෙදී ඇත. ඒ නිමිති කරගෙන පහත ලිපිය පළ වේ.


එජාප - සජබ එකමුතුවක් ඇතිවේද?
2025 පෙබරවාරි මස 26 590 0

දෙදහස් විසිපහ වර්ෂයට අදාළ අයවැය ලේඛනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හා දිනෙන් දින වර්ධනය වන මිනිමැරීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ සමහර විව


ශ්‍රී.ල.නි.ප.ය ගොඩනැගූ රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක
2025 පෙබරවාරි මස 26 161 0

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැඟූ රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 71 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 33 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 333 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 475 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site