IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


20 සංශෝධනය දේශපාලන දුම් බෝම්බයක්

ඒකාබද්ධ සිහින බොඳවෙලාද? ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි වූණේ ඇයි? ඒකාබද්ධයත්  කල්ලි බෙදිලාද? 20 වැනි සංශෝධනය, ජනාධිපති අපේක්‍ෂකත්වය ගැටලුවක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස.  පර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන්  මෙසේ එළිදක්වමු.
 
ප්‍රශ්නය:- ඒකාබද්ධය ගොඩනැගූ සිහින එකින් එක බිඳවැටෙමින්  යනවා නේද?
 
පිළිතුර:- දෘෂ්‍යාබාධ සහිත කෙනකුට නම් එහෙම පේන්න පුළුවන්. අපි සිහින දකින්නන් මෙන්ම සිහින හඹාගෙන යන්නෝ. අපි සිහින සැබෑ කරන මිනිස්සු. අපේ කිසිම දෙයක් මේ දක්වා බිඳවැටිලා නැහැ. හැබැයි ආණ්ඩුවේ සිහින බිඳැවැටී තිබෙන බව මුළු රටම දන්න කාරණාවක්. 
 
ප්‍රශ්නය:- සිහින බිඳ වැටුණා කිව්වට ආණ්ඩුව හොඳට යනවා නේද?
 
පිළිතුර:- ආණ්ඩුව යන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ තිබෙන බලයත් එක්කයි. පාර්ලිමේන්තුව ඇතුළේ තිබූ තුනෙන් දෙකේ බලයත් දැන් අහිමි වෙලා. දියවන්නාව ඇතුළේ ආණ්ඩුවට යම් බහුතර ඡන්ද සංඛ්‍යාවක් තිබුණත් දියවන්නාවෙන් එළියෙදී ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙලා. විශ්වාසභංගය පාර්ලිමේන්තුව ඇතුළේ ජයගත්තත් ජනතාවගේ විශ්වාසය මුළුමනින්ම භංගවෙලා.
 
ප්‍රශ්නය:-  එහෙම කියන්නේ ඇයි?
 
පිළිතුර:- පළාත් පාලන ඡන්දයේදී මුළු ඡන්දදායකයන් ගෙන් සියයට අසූවක් ඡන්දපොළට ඇවිත් ආණ්ඩුවට ඇති ප්‍රසාදය හෝ අප්‍රසාදය පැහැදිලිව පෙන්වා තිබෙනවා. ඕනම කෙනෙක් සමග කතා කළොත් මේ කරුණ තේරුම් ගන්න පුළුවන්. ඒක ප්‍රහේලිකාවක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් සහිත කණ්ඩායමකට කෙටි කාලයකදී එහෙම දඬුවමක් දීපු ඉතිහාසයක් ලෝකයේ නැතුව ඇති.
 
 ප්‍රශ්නය:- මහා ජයක් බලාපොරොත්තුවෙන් ඔබලා විශ්වාසභංගය ගෙනාවත් මොන මතය රටේ තිබුණත් එය ජයගන්න ඔබලාට බැරිවුණා නේද?
 
පිළිතුර:- ශ්‍රී.ල.නි.ප. කණ්ඩායමක බරපතළ පාවාදීමක් නිසා  විශ්වාසභංගය සංඛ්‍යාත්මකව පරාජයට පත්වුණා. එහෙම පරාජය වුවත් එය ජයග්‍රහණ රාශියක් ප්‍රසූත කළ පරාජයක්. ජයග්‍රහණ රාශියක්  ගැබ්බර කරපු පරාජයක්. විශ්වාසභංගය පරාජය වූ දිනයේ පටන් ආණ්ඩුවේ ස්ථාවරභාවය දවසින් දවස පැයෙන් පැය  ගිලිහී යනවා. ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක ඇතුළේ බරපතළ ගැටලු නිර්මාණය වූ ආකාරය බලන්න.  මේ පක්‍ෂ දෙකේම නායකත්වයට එරෙහිව කැරැලි නිර්මාණය වූ ආකාරය බලන්න. මේවා විශ්වාසභංගයේ ප්‍රතිඵල. 1994 දී 113කින් බොහොම අමාරුවෙන් ආණ්ඩුවක් පිහිටුවලත් පාර්ලිමේන්තුව ඇතුළේ අද වගේ ව්‍යාකූලභාවයක් තිබුණේ නැහැ. මම මේ බලය ගත්තේ පිස්තෝලෙ පෙන්නලා කියා රාජ්‍ය ඇමැතිවරයෙක් කියනවා. තව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව ඇතුළේ භූමිතෙල්වලින් ගිනි තියා ගන්න හදනවා. තව මන්ත්‍රීවරයෙක් මහපාරේ නිදා ගන්නවා. මේ සියලු දෙනා ආණ්ඩුවේ අය. මේකෙන් පේන්නේ ස්ථාවරභාවයද? අස්ථාවරභාවයද? ආරක්‍ෂාවද? අනාරක්‍ෂාවද? නියත බවද? අනියත බවද? කාරණය බොහොම පැහැදිලියි.
 
 ප්‍රශ්නය:- ආණ්ඩුවේ අය එළියේ මොන මත දැරුවත් කිසි ප්‍රශ්නයක් නැහැ නේද?
 
පිළිතුර:- යම් සීමාවකට ඔහොම යාවි. දැන් හැම දවසෙම ආණ්ඩුවේ පතුරුගැලවෙනවා. තව මහ පතුරු දෙකයි ගැලවෙන්න තියෙන්නේ. ආණ්ඩුවේ තුනෙන් දෙක සෙලවීමත් සමග ආණ්ඩුවේ වැඩ සටහන මුළුමනින්ම ලොස් වෙලා. ඒක ඕනෑම පහළ කෙනෙකුට පේන දෙයක්. ආණ්ඩුවේ සැලසුම් සියල්ල අකර්මණ්‍ය වෙලා. විපක්‍ෂයේ වාඩි වෙන්න ඕන කියා එ.ජා.ප පසුපෙළ මන්ත්‍රිවරුන් ඉල්ලනවා. එ.ජ.නි.ස. ඡන්දය ඉල්ලූ අයගෙන් ජාතික ලැයිස්තුවෙන් ආපු අය ඉවත් කළොත් දැන් ආණ්ඩුවත් එක්ක ඉන්නේ 15යි. මේවායෙන් පේන්නේ මොකක්ද? ආණ්ඩුව ක්‍රමයෙන් දේශපාලන සුසානය කරා ළංවෙමින් තිබෙනවා. ආණ්ඩුවේ තිබූ කාහළ නාදය දැන් සිහින් කෙඳිරිල්ලක් බවට පත්වෙලා.
 
ප්‍රශ්නය:- ඒ වුණාට ඔබලා කිව්වේ අර පෝයට මේ පෝයට ආණ්ඩුව වෙනස් කරනවා කියලා නේද? ඒකට මොකද වුණේ.?
 
පිළිතුර:-  ඒක තාර්කිකව බලන්න ඕනෑ කාරණාවක්. ආණ්ඩුවට එරෙහිව එළියේ මහජන මතයක් නිර්මාණය වෙලා ඉවරයි. මේ ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනැ කියා සිහිබුද්ධිය ඇති කවුරුවත් කියාවි කියා මම නම් හිතන්නේ නැහැ. මේ ආණ්ඩුව රැඳෙන්නේ සහ  රැඳුනේ  පාර්ලිමේන්තුවේ අත උස්සන්න සූදානම් පිරිසකගේ සහායෙන්. අපි සියලු පීඩන එල්ල කළේ ඒ අයට. ඒ පීඩනය දරාගන්න බැරිව දහසය දෙනෙක් එළියට ඇවිත් තිබෙනවා. එ.ජා.ප. කණ්ඩායමකුත් එළියට එන්න හදනවා. විශ්වාසභංගයේදී මේ ආණ්ඩුව රැකුණේ කවුරු නිසාද? විපක්‍ෂය නිසයි. ඒ 122න් දෙමළ සන්ධානයේ දහසය අඩු කළා නම් වෙන්නේ මොකක්ද? විපක්‍ෂයක් නිසා ආණ්ඩුව රැකීම දේශපාලන හාස්‍යයට කරුණක්. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුව රැකගැනීම විශ්වාසභංගය වනවිට අවසන් වුණා. ආණ්ඩුව ඇතුළෙන් ආණ්ඩුව රැකගන්න බැහැ. ආණ්ඩුව විසින් පත්කළ විපක්‍ෂ නායකයා විසින් ආණ්ඩුව රැකීම ආරම්භ වෙලා. ඒක අපට තවත් අභියෝගයක්. ජනතාවගෙන් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප වෙලා ඉවරයි. ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුව ප්‍රතික්‍ෂේප වෙලා ඉවරයි. දැන් ආණ්ඩුව රැකෙන්නේ විපක්‍ෂයේ කිහිලිකරුවලින්.
 
 ප්‍රශ්නය:- දැන් ඒකාබද්ධයෙත් කල්ලි බෙදිලා නේද? ශ්‍රී.ල.නි.ප. දහසය පිළිගන්න ඔබලා සූදානම්ද?
 
පිළිතුර:- ඔවුන් එන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නෙමෙයි. දැනට විපක්‍ෂයේ කණ්ඩායම් කීපයක් සිටිනවා. ඒ වගේ විපක්‍ෂ කණ්ඩායමක් හැටියට ශ්‍රී.ල.නි.ප. මේ දහසය එකතු වී සිටිනවා. විපක්‍ෂ මතවාදයේදී පාර්ලිමේන්තුව ඇතුළේ අපි එකට කටයුතු කරනවා.
 
 ප්‍රශ්නය:- ඉදිරියේදී ඔබලා කණ්ඩායම් දෙකේ එකතුවීමක් නැද්ද?
 
පිළිතුර:- ඒ ගැන අනාවැකි කියන්න දැන්ම ඉක්මන් වැඩියි. න්‍යාය ටොන් එකකට වඩා භාවිතාව අවුන්සයක් වටිනවා කියනවනේ. ඒ නිසා අපි භාවිතාව දිහා බලාගෙන ඉන්නවා. ඒකාබද්ධ විපක්‍ෂයට කවුරුන් හෝ එකතු වෙනවා නම් චකිතයකින් තොරව එහි නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බව පිළිගන්නට ඕනැ. ඒ අය අපේ ප්‍රතිපත්ති සමග එකතු වෙන්නට ඕනැ.
 
 ප්‍රශ්නය:- ජ.වි.පෙ. 20 වැනි සංශෝධනය බාරදී තිබෙනවා. මේ එන්නේ විධායක ජනාධිපති ධුරය  අහෝසි කරන තැනකට. මේක ඔබලාට අනාගතයට ප්‍රශ්නයක් නෙමෙයිද?
 
පිළිතුර:- පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් රටේ නීතියක් වෙනස් වෙන්නේ නැහැ. නීතියක් බවට පත්වෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරන දෙයක් පමණයි. ඒනිසා මේක දේශපාලන වශයෙන් පොඩි මල් වෙඩිල්ලක්.  වසර දෙකක් තිස්සේ කෝටි සංඛ්‍යාත මුදලක් වියදම් කර ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් හදා රැස්වීම් දෙතුන් සියයක් රට වටේ පවත්වා විශාල අභ්‍යාසයක් කළා. ඒ මහා අභ්‍යාසය ඇතුළෙන් එක අන්ඩක් විතරක් එළියට ගේන්න තියෙන වුවමනාව මොකක්ද? මේකෙ තියෙන දේශපාලන අභිරහස මොකක්ද? ඒ නිසා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට රටේ නීතියක් වෙනස් කරගන්න බැහැ. මේකට තුනෙන් දෙකක් අවශ්‍යයි. මේක දේශපාලන දුම් බෝම්බයක් විතරයි. ඒනිසා මේ දුම් බෝම්බයෙන් ඇස්වල කඳුළු පුරෝගන්න එපා කියලයි අපි ඉල්ලන්නේ.
ප්‍රශ්නය:- එහෙම කිව්වාට ආණ්ඩුව මේක ඉදිරියට ගන්න කටයුතු කළොත් වෙන්නේ මොකද්ද?
පිළිතුර:- මොකුත් වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණ වූ තවත් අංගෝපාංග තිබෙනවා. සමානුපාතික නියෝජන ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමයේ පැවැත්මත් සමග නිර්මාණය වූවක්. 13 වැනි සංශෝධනය තවත් එකක්. විධායක ජනපති ක්‍රමය වෙනස් කිරීම කියන්නේ මේ සමස්තයේ වෙනසක්. ගෙදර වෙනස් කිරීමේදී මුදුන් පරාලය පමණක් වෙනස් කළොත් මුළු ගේම කඩා වැටෙනවා. එනිසා අවශ්‍ය සමස්ත ගෘහයේ වෙනසක්. නූතන දේශපාලන අවශ්‍යතා අනුව ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නම් අපි ඒක වෙනම සාකච්ඡා කරමු. මේක ආණ්ඩුවේත් ආශිර්වාදය නැති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පමණයි.
 
ප්‍රශ්නය:- සැමගේ ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණයයි. මෙතැනදී ඒකාබද්ධ ස්ථාවරය මොකද්ද?
 
පිළිතුර:- කරුණු දෙකක් කියන්න ඕන. ජනාධිපතිවරණයට තව දින 539ක් තිබෙනවා. හැබැයි දින 240කින් මැතිවරණ කල්දාලා. පළාත් සභා මැතිවරණ තුනක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා පළාත් සභා කල්දාන්න බැහැ කියා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. ඒත් ආණ්ඩුව ඡන්දය කල් දාලා. මේක ජනතාවගෙන් සඟවන්න ජනාධිපතිවරණ මාතෘකාවක් එළියට දාලා. එනිසා කරුණාකරලා මේ වැලේ එල්ලෙන්න එපා. පළාත් සභා තුනක් කල්දාලා දින 242ක් ගෙවිලා. තවත් පළාත් සභා තුනක් ඉදිරි දින 120 ඇතුළේ ඈවර වෙනවා. මේ ගැන කිසිදු සාකච්ඡාවක් සමාජයේ නැහැ. ඒ වෙනුවට තව දින 539 කින් පවත්වන මැතිවරණයේ අපේක්‍ෂකයා කියන මාතෘකාවක් සමාජයට දී තිබෙනවා. එනිසා මේ ආණ්ඩුව දිගු කරන වැලේ ඔබේ පාඨකයා එල්ලන්න එපා. ජනාධිපතිවරණය සම්බන්ධව අපට කිසි ගැටලුවක් නැහැ. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම අපේ ඉලක්කයයි. එහෙම නැතුව එන්නේ ජනාධිපතිවරණය නම් අපි ඒකට ලෑස්තියි. අපට නායකයන්ගේ හිඟයක් නැහැ.  මහින්ද ජනාධිපතිතුමාට නෛතික බාධාවක් තිබේ නම් ඒ වෙනුවට ඕනැ තරම් නායකයන් අපට ඉන්නවා.
 
ප්‍රශ්නය:- ශ්‍රීලනිප ඉතිරි අයත් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව දහසය දෙනා කියනවා. මේ ගැන ඒකාබද්ධයේ ස්ථාවරය මොකක්ද?
 
පිළිතුර:- ඒ ගැන අලුත් ස්ථාවරයක් ඕනැ නැහැ. ශ්‍රීලනිපය ට අලුතින් ගන්න ස්ථාවරයක් නැහැ. මේ ඉන්නේ අනාගතයට සහතිකයක් කියන මැතිවරණ ප්‍රකාශය හරහා ආපු මන්ත්‍රීවරු අපි ජාතික ආණ්ඩුවට එක් වෙන්නේ නැහැ කියා ඒ මැතිවරණ ප්‍රකාශයේ කියනවා. ඒ නිසා මේ ගැන අලුත් ස්ථාවර ඕනැ නැහැ. මේ අය මැතිවරණ ප්‍රකාශය උල්ලංඝනය කරනවා. ශ්‍රීලනිපය පාවා දෙනවා. දැන් තිබෙන්නේ ශ්‍රීලනිපය ඇත්තටම ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් හඳුන්වන්න පුළුවන්.
 
ප්‍රශ්නය:- ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධ ගැටලුවක් නැහැ කියා ඔබ කිව්වත් අපේක්ෂකයා වීමට රාජපක්‍ෂවරුන් අතරේ ලොකු බල අරගලයක් නිර්මාණය වෙලා නේද?
 
පිළිතුර:- පාර්ලිමේන්තුවේ ඉන්න අපේ කණ්ඩායමෙන් රාජපක්‍ෂ සහෝදරයන් පිළිබඳව වැඩිම අවබෝධයක් තිබෙන කෙනා මමයි. බණ්ඩාරනායක පවුල වගේ රාජපක්‍ෂ පවුල කඩල, බිඳල විසුරුවන්න පුළුවන් පවුලක් නෙමෙයි. ඒක මම වගකීමෙන් කියනවා. මේ පවුල හරිම සමගි සම්පන්න පවුලක්. ඒ නිසා ඒ පවුල ඔය කරුණු ගැන තීන්දුවක් අරගෙනයි ඉන්නේ. අවශ්‍ය වෙලාවට ඒක ප්‍රකාශයට පත් කරාවි. ඒ නිසා ආණ්ඩුව ඔය මොන සෙල්ලම් දැම්මත් රාජපක්‍ෂ පවුලේ සමගිය කඩන්න බැහැ. කවුරු හෝ ඒකට උත්සාහ කරනවා නම් ඒක බොළඳ උත්සාහයක්. ඒ උත්සාහයට කාලය නාස්ති කරන්න එපා කියා ඒ සඳහා වෙහෙසෙන ඕනැ කෙනෙකුට කියන්න කැමතියි.
 
ප්‍රශ්නය:- රටේ ණය ගැන විවාදයකට එන්න කියා මංගල ඇමැතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කළත් ඒක මග හැරියා නේද?
 
පිළිතුර:- මංගල ඇමැතිතුමා මගේ පැරැණි මිත්‍රයෙක්. එතුමා ගැන මම හොඳට දන්නවා. එතුමා හදාරලා තියෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය පමණයි. එනිසා ඉන්දියානු හෝ සිංහල සාහිත්‍යය ගැන එතුමාට අවබෝධය අඩුයි. මේ නිසාම පංචතන්ත්‍රය කියවන්න කියා මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. සිංහයා විවාදයක් මග හැර ගිය අවස්ථාවක් එහි සඳහන් වෙනවා. එක්තරා සූකරයෙක් සිංහයාට අභියෝගයක් කරනවා ඒ අවස්ථාවේ සිංහයා විවාදය මගහැර යනවා. ඒ නිසා මේ කතා වස්තුව කියවන්න කියා මම එතුමාට කරුණාකර කියනවා. එතකොට කතාව තේරෙයි. පුළුවන් නම් ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයෙන් ලෝකයට කියන්න කියන ඉල්ලීමත් එතුමාගෙන් කරනවා.
 
ප්‍රශ්නය:- ඒකාබද්ධ බහුතරය කියන්නේ ගෝඨාභය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවයි. හැබැයි එහෙම වුවොත් රට යළි භීතිය පිරි ඒකාධිපති ඝාතන සංස්කෘතියකට තල්ලුවන බවට නැගෙන චෝදනාව ගැන මොකද කියන්නේ?
 
පිළිතුර:- ඔවැනි චෝදනාවක් කළේ මංගල ඇමැතිතුමා.
එතුමාගේ ශෛලිය, භාවිතාව තේරුම් ගන්න ඕන. ඉතිහාසය අධ්‍යයනය කරන්න. එතුමා තමන්ගේ නායකයා වසයෙන් යම් කෙනකු පිළිගන්න සූදානම් නම් පළමුවෙන් කරන්නේ ඔහුට පහරදීමයි. ඒක තමයි ඔහුගේ උපක්‍රමය. ඒක තමයි මහින්ද මහත්තයට කළේ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයට කළේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් කළේ ඒ ටිකමයි. මේක හොඳට සොයා බලන්න. මේක තමයි ඔහුගේ උපක්‍රමය. මේ අර්ථයෙන් ගත්තම ගෝඨාභය මහත්තයට සතුටු වෙන්න පුළුවන්.
 
සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ



අදහස් (1)

20 සංශෝධනය දේශපාලන දුම් බෝම්බයක්

Chanak Los angeles Tuesday, 29 May 2018 03:19 AM

කොට මිනිසුන් උප්පරවැට්ටි කාරයෝ කියලයි මම අහලා තිබෙන්නේ .

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 105 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 68 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 419 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 519 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 464 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 12268 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 548 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site